IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මැතිවරණයක් පැවැත්වීමේ අභියෝගය

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස පත්වූයේ එවක ඔහුගේ ළඟම ප්‍රතිවාදියා ලෙස එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි ඡන්ද ලක්ෂ 13 ක් හිමි කරගනිමිනි. ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 69,24,255 ක් දිනාගත් අතර, ඡන්ද 55,64,239 ක් ප්‍රේමදාස මහතා දිනාගත්තේය.

එනයින් ගත් කළ, ගෝඨාභය යනු පැහැදිලි සහ බලවත් ජන වරමකින් පත්ව තිබෙන ජනපතිවරයෙකි. මෙම කාරණය දුර නොබලා ළඟම බලන, විශේෂකොටම විපක්ෂය නියෝජනය කරන සහ ද්වේෂයෙන් හා වෛරයෙන් සියලුම කාරණා සළකන ඇතැමුන්ට අමතකව ගොස් තිබෙන සෙයකි. මෙවන් අවස්ථාවක ලියුම්කරුට සිහිපත් වන්නේ ප්‍රකට ගත්කතුවර මාක් ට්වෙන් වරක් කරන්නට යෙදුණු ප්‍රකාශයකි.

“ඔබ මුග්ධයකු නොවන බවට කරුණු පැහැදිලි කිරීමට වඩා ඔබ මුග්ධයකු බව සිතාගැනීමට හැර කට වසාගෙන සිටීම සුදුසුය”

මාසයක් පුරා, දිනයේ පැය 24 පුරාම පැවැති ඇදිරි නීතියකින් පසුව සියල්ල නැවත යථා තත්ත්වයට පත් කරවීම එහි අර්ථයෙන්ම බරපතල කාරියකි. එක් එක් ක්ෂේත්‍රවලට අදාළව මාර්ගෝපදේශයන් සැපයෙන බව සහ ඒවා අනුගමනය කැරෙන බව වර්තමානයේ පවත්නා ආරක්ෂක ක්‍රියාමාර්ගයන් යටතේ සහතික කැරෙනු ඇත. උදාහරණයක් ලෙස වතු ක්ෂේත්‍රයේ සේවය කරන්නන්ට අනුගමනය කිරීමට සිදුවනු ඇත්තේ කර්මාන්තවල සේවය කරන්නන්ට වඩා වෙනස් මාර්ගෝපදේශයන්ය.

කෝවිඞ්-19 මර්දන ව්‍යාපාරය පියවරෙන් පියවර අවසානය කරා ළගා කරලීමත් සමග ජනපති ගෝඨාභයට මුහුණදෙන්නට සිදුවන විශාලතම අභියෝගය පවතින්නේ ආර්ථික ක්ෂේත්‍රයේය. ඒ අරබයා සකස් කර තිබෙන සැළසුම් බොහෝමයක් මේ වන විට අධ්‍යනය කෙරෙමින් පවතින අතර එම ඇතැම් සැළසුම් මෙම සතිය ඇතුළත ප්‍රසිද්ධ කිරීමටද ඉඩ තිබේ. ඒ කුමන සැළසුමක් වුවද අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ ආනයන සීමා කිරීමට සිදුව තිබීම හමුවේ වඩ වඩාත් පටි තද කරගැනීමට ජනතාවට සිදුවීමය. එය පැවති පාලන මිල ගණන් ඉවත් කර ගැනීමට රජය පියවර ගෙන තිබීම හමුවේය.

මේ සතිය වන විට පරිප්පු කිලෝවක මිල රුපියල් 134 කි. සැමන් ටින් එකක් රුපියල් 192කි.

කුණාටුවක පෙර නිමිති දනවමින් අඳුරු වළාකුලු එක්රැස් වෙමින් පවතින තවත් බරපතල මට්ටමේ අභියෝගයක් වන්නේ ළඟ ළඟම එමින් තිබෙන බවට පෙර ලකුණු පහළව තිබෙන ව්‍යවස්ථා අර්බුදයකි. එය වෙසෙසෙයින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙනි.

ගෙවුණු සතියේ තිරය පසුපස අතිශය සක්‍රීය ලෙස සිදුවූ සාකච්ඡා සහ අදහස් දැක්වීම් හා වාර්තාවූ සිදුවීම් හමුවේ මැතිවරණය කල්දැමිය යුතුව ඇතැයි හඩක් නැඟීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටින බව පෙනී ගියේ ය.

“අපි අතර මේ වගේ කොරෝනා වෛරස තත්ත්වයක් පැතිර පවතින අවස්ථාවක අපට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ. කිසිදු බාධාවකින් තොරව මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ” යයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

ඔහු මේ අදහස් පළකළේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායක හමුවක් සහ මාධ්‍ය හමුවක් කැදවීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමෙන් පසුවය. මෙම අවස්ථා දෙක පැවැත්වීම වෙනුවෙන් ඔහු වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව අවසර ඉල්ලා සිටි නමුත් කෝවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කැරිණ. එයින් පසුව අලුත් අවුරුදු පණීවුඩයක් නිකුත් කරමින් ප්‍රේමදාස මහතා මෙසේ සදහන් කළේ ය.

“අපි ප්‍රමුඛත්වය ලබාදිය යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ද, නැතිනම් ජනතාවගේ ජීවිත බේරාගැනීමට ද කියා අප ප්‍රශ්න කළ යුතුයි. මෙවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් කොරෝනා වෛරසය වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි අවදානමක් පැනනගින බව පෙන්වාදුන් ඔහු ආසාදිතයන්ගේ සංඛ්‍යාව පාලිත මට්ටමක පවත්වාගැනීමටත් මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවත්වාගැනීමටත් සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශවල නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සමත්ව තිබෙනවා” යැයි පැවසුවේ ය.

“මැතිවරණයක් පැවැත්වීම යනු මෙම සියලු ජයග්‍රහණයන් පාවාදීමක්. මෙම සන්දර්භය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ අගය කරන සහ මැතිවරණයකට මුහුණදීමට බිය නොවන අප ජනතාවගේ ජීවිත බේරාගැනීමට අවධානය යොමුකළ යුතුව තිබෙන බවත් ඔවුන්ගේ ජීවිත මැතිවරණයක් පැවැත්වීම හරහා අවදානමට ලක් නොකළ යුතු බවත් අවධාරණය කර සිටිනවා. එයින් සිදුවන්නේ ඡන්දය ප්‍රකාශ කරන ජනතාව සහ මැතිවරණ නිලධරයින්ව අනතුරේ හෙලීමක්. දේශපාලන න්‍යාය පත්‍ර මත රටේ ජනතාවගේ ජීවිතවලට එල්ලවී තිබෙන තර්ජනය නොසළකා හරිමින් මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයන් අපි හෙළා දකිනවා” යයිද ඔහු කීවේය.

ජනපති ගෝඨාභය මහතා සහ තමන් අතර පැවැති, එහිදී ජනපතිවරයා තරමක් දැඩි ස්වරයෙන් තමන් අමතන්නට යෙදුණු, දුරකතන සංවාදයක් පිළිබදවද සජිත් ප්‍රේමදාස මහතා සිය සන්ධානයේ සගයින් කිහිපදෙනෙක් හමුවේ ඔහුගේම පැහැදිලි කිරීමක නිරත විය. එහිදී අසත්‍ය ප්‍රකාශයක් කළ ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් තමාට දුරකතන ඇමතුමක් නොලැබුණු බව පැවසුවේය. එසේ නම් එවැන්නක් සිදුවූ බවට පළවන වාර්තා පදනම් විරහිත බව ප්‍රකාශ නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගයේ නායකයෙක් ඔහුගෙන් විමසූ අතර ඔහුට පිළිතුරු දුන් ප්‍රේමදාස මහතා මම ඒවා නොසළකා හරින්න තීරණය කළා යැයි පැවසුවේය.

තමා කිසිදු වැරදි කටයුත්තක නිරතව නොමැති බවත්, ඉදිරියටත් සත්‍ය ප්‍රකාශ කිරීමේ නිරතවන බවත්, ඔහු එම අතරවාරයේම සිය සගයින් හමුවේ කියා සිටියේය. ප්‍රේමදාස මහතා සමග දුරකතන සංවාදයක නිරත වෙමින් ජනපති ගෝඨාභය ඔහුව හදුන්වාදුන්නේ ඒකාධිපතියෙක් ලෙසය. ප්‍රේමදාසට එරෙහිව බරපතල චෝදනා පවතින බවත් ජනපතිවරයා පැවසුවේය. එම චෝදනා සමගි ජන බලවේගයේ නායකයා ප්‍රතික්ෂේප කළේය. ජනපති ගෝඨාභය මහතා, ප්‍රේමදාසට එරෙහිව චෝදනා පවතින බව පැවසූයේ එවක සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ප්‍රේමදාස යටතේ පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කර තිබීමක් සම්බන්ධයෙන් පළව තිබෙන වාර්තාවලට අදාළවය. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් විමසීමක් හෝ මෙම චෝදනා පිළිබදව විමර්ෂණය කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමක් හෝ ප්‍රේමදාස මහතා කර නැත. කෙසේවුවත් අගමැති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත්කළේ ය.

“ජනපතිවරණයෙන් පසුව දුරකතනය ඔස්සේ මා ඇමතූ ඔබ හඬා වැටුණා. දේශපාලනයෙන් විශ්‍රාම යන බව ඔබ කීවා. මම මේ ගැන පියවර ගත්තොත් නැවත ඇඬූ කදුලින් මා ළගට පැමිණෙන්න එපා” යැයි ජනපති ගෝඨාභය ප්‍රේමදාසට පැවසූ බව දෙදෙන අතර සංවාදය පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් සදහන් කළේ ය.

රැස්වීමක් පැවැත්වීමට කළ ඉල්ලීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කළේය. එය මෙසේය.

පවත්නා ව්‍යාකූල සහ දැඩි අවදානම්කාරී තත්ත්වය පිළිබදව අවධානය යොමුකරමින් මේ මොහොතේ මැතිවරණ පැවැත්වීමේ නොහැකියාව ගැන වටහාගෙන මැතිවරණය පැවැත්වීමේ හෝ නොපැවැත්වීමේ හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස අතිගරු ජනපතිවරයා වෙත ඔබතුමන් යොමු කළ ලිපිය පිළිබදව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුදෙනාගේ අවධානයද යොමුවූ බව නොරහසකි.

මැතිවරණය සම්බන්ධයෙන් ඔබතුමන් දරන ස්ථාවරය අපිද අනුමත කරන අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මේ කිසිසේත්ම සුදුසු අවස්ථාව නොවන බව අපි විශ්වාස කරමු.

කොරෝනා උවදුර තවමත් පවත්නා අතර, ඊයේ (14) දිනයේත් ආසාදිතයන් 15 ක් හමුවී තිබේ.

මේ ලිපිය ඔබතුමා වෙත යොමුකරන අවස්ථාව වන විටත් බස්නාහිර පළාත ඇතුලු ප්‍රදේශ රැසකට නැවත දන්වන තුරු ඇදිරි නීතිය පනවා තිබේ.

මැතිවරණය පැවැත්වීමට රජයේ නිලධාරීන් විශාල ප්‍රමාණවත් අවශ්‍ය වන අතර, ඡන්ද ගණන් කිරීමට සහ ප්‍රතිඵල නිකුත් කිරීමට ඊටත් වැඩි පිරිසක් අවශ්‍ය වේ. මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම ඔවුන්ගේ ජීවිතද අවදානමේ හෙළන්නකි. අනෙක් අතට, මැතිවරණයක් පැවැත්වීමට වියදම් කරන අතිවිශාල මුදල් සම්භාරය වසංගතයෙන් අගතියට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට යෙදවිය යුතුව තිබෙන බව බහුතරයකගේ මතයයි.

එමෙන්ම කිසිදු අපේක්ෂකයෙකුට සිය මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට හැකියාවක් ඇතිවන්නේ නැත. මැතිවරණය අදාළ කිසිවක් කිරීමේ හැකියාව නොමැති තත්ත්වයක් තුල මැතිවරණයක් පැවැත්වීමට සිතීම විහිලුවකි.

මෙවැනි කාරණා සැළකිල්ලට ගෙන ඔබතුමා විසින් අතිගරු ජනපතිවරයා වෙත යවන ලද ලිපිය සහ ඒ තීන්දුව නිවැරදි බව අප විශ්වාස කරමු. කෙසේවෙතත්, පසුගියදා ජනපති ලේකම්වරයා විසින් ඔබතුමා වෙත එවන ලද ලිපිය ප්‍රකාරව ඔහු පවසන්නේ ඔබතුමා සතු බලතලවලට අනුව ජූනි 2 වැනිදාට පෙර මැතිවරණය පවත්වන ලෙසටය. එය මේ මොහොතේ කිසිසේත්ම කළ නොහැක්කක් වන අතර, මැතිවරණය යනු එක් පාර්ශවයක වුවමනාවට පමණක් කළ යුත්තක් නොවන බව අපි අවධාරණය කරමු.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සදහා සියලුම පක්ෂ නායකයන්ට සහ ලේකම්වරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

සමගි ජනබලවේගයේ ස්ථාවරය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද අනුමත කළෝය. ඒ පාස්කු ඉරිදා සංහාරය අනුස්මරණය කරමින් පවත්වන්නට සංවිධානය කර තිබූ කටයුතු අවලංගු කරන බව නිවේදනය කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකදීය. කෝවිඞ්-19 වසංගතය පාලනය කරගත් පසුව මැතිවරණය පැවැත්වීම බුද්ධිගෝචර බව උන්වහන්සේ කීහ.

එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට කැමැත්ත දක්වන්නේ වුවද ඒ බව ඔවුන් මේ දක්වාම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. මේ අතර, හිටපු කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයෙන් නායකයන් යන දෙපාර්ශවයම පාර්ලිමේන්තු මැතිවරණය අරබයා දරන්නේ එකම මතයක් බව යන්න අවධානයට ගෙන දෙපාර්ශවය එක්සත් කිරීමේ වෑයමකට අතගසා තිබේ. එසේවුවත්, දෙපාර්ශවය අතර අමනාපය එයට නැගිය හැකි ඉහළම ස්ථානයට නැග තිබෙන අවස්ථාවක ඔහුගේ උත්සාහය සාර්ථක වනු ඇතිදැයි යන්න ගැටලුවකි. කෙසේවුවත්, ගෙවුණු අතීතයේ ද, කරූ ජයසූරිය මහතා මේ ආකාරයෙන්ම දෙපාර්ශවය අතර සාමය ඇතිකිරීමට වෑයම් කළේය. ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ජයසූරිය ලබන 23 වැනිදා (බ්‍රහස්පතින්දා) එහි රැස්වීමක මුලසුන හොබවනු ඇත.

ගෙවුණු සෙනසුරාදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සදහන් කළේ ය.

“නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සදහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැදී සිටී. දිනයක් නියම නොකොට මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබදව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යයෙන් පිළිබැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්යභාරය නීතියට අනුකූලව ඉටුකර ඉන් පසුව සාකච්ඡා කළයුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමුවිය යුතුය”

“මැතිවරණය කල්දැමීමට පෙරාතුව වුව ද, එයට අදාළ නෛතික ක්‍රියාවලිය අනුව මැතිවරණ කොමිසම කටයුතු කර නොතිබිණ. එය නම් නාමයෝජනා භාරදුන් අයවලුන්ගේ නම් සහ ඔවුන්ගේ නිල අංකයන් ගැසට් කිරීමයි. කැමැත්ත පරිදි මනාපය ලකුණු කිරීම සදහා ඡන්ද දායකයින් මෙම අංක දැනගෙන සිටීම අවශ්‍ය වේ. මේ නිසාවෙන්ම, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ට පවා කුඩා පරිමානයෙන් හෝ ඔවුනොවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවීමට නොහැකි විය.”

ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ මහලේකම් බැසිල් රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේ ය.

“පාර්ලිමේන්තු මැතිවරණය ගැන අදහස් දක්වන්න මට වුවමනා නැහැ. ඒක මැතිවරණ කොමිසමට අදාළ කාරණයක්. කෙසේවුවත්, පළාත් සභා මැතිවරණය කල්දැමීමට මීට පෙර අවස්ථාවක නීති හදුන්වාදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ අනුගමනය කරමින් සිටින ස්ථාවරය ගැන මම පුදුම වෙනවා.”

“ඔවුන් නැවත නැවතත් පළාත් පාලන ආයතන මැතිවරණයක් කල්දැම්මා. අප සියල්ල නැවත යථා තත්ත්වයට පත්වීමට ඉතා ආසන්න මට්ටමකට ගෙනවිත් තිබෙන බව ඔවුන් දන්නවා. බලන්න දකුණු කොරියාව දිහා. ඔවුන් මැතිවරණය පැවැත්වුවා. ඔවුන් කෝවිඞ්-19 වෛරසයෙන් ඉතා දරුණු ලෙස බැට කෑවත්, මෙවර මැතිවරණයේ මනාප ප්‍රකාශ කිරීමට පැමිණි ප්‍රමාණය ගියවර දකුණු කොරියාවේ පැවති මැතිවරණයට පැමිණි ප්‍රමාණයට වඩා වැඩියි.

පවත්නා තත්ත්වය ඒ අයුරින්ම පවත්වා ගැනෙන තත්ත්වයක් ඇතිවීමට තුඩුදෙන කිසිවක් කිරීමෙන් වළකින ලෙස බැසිල් රාජපක්ෂ පසුගියදාක මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රියට පවසා තිබේ. එවැනි දෙයක් කර එවන් තත්ත්වයක් ඇතිවීමට මුල්වූයේ අපයැයි චෝදනා නොකරන ලෙසද ඔහු දේශප්‍රියට කියා ඇත.

වෙනත් වචනවලින් කියතොත් ජනපතිවරයාගේ විශේෂ දූතයා පවසන්නේ දින නියමයක් නොමැතිව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කරමින් සිටීමෙන් සිදුවන්නේ එවන් මැතිවරණයකින් රජයක් පත්වන තෙක් දින නියමයක් නොමැතිව ජනපතිවරයාට රට පාලනය කිරීමට සිදුවන බවය. පාර්ලිමේන්තුවක් නැති, ව්‍යවස්ථා සංශෝධන කටයුතු වැනි ප්‍රමුඛතා කාරණා ඉෂ්ඨ කරගැනීම තවත් දුෂ්කර වනු ඇති, තත්ත්වයක් උද්ගතවනු ඇත යන්න එහි අදහසයි. දැනට පවත්නා තත්ත්වය ආදර්ශයට ගෙන අදහස් දක්වන ඇතැම් බෞද්ධ හිමිවරුන් පවසමින් සිටින්නේ මැතිවරණය ගැන කරදරවීමකින් තොරව ජනපති ගෝඨාභය රටේ පාලනය ගෙන යා යුතුව තිබෙන බවය.

මෙම කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර ඔහුට ගැනුණු ඇමතුම්වලට සහ යැවුණු පණිවුඩවලටද කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ. දේශප්‍රිය මහතා සිය සගයින් දෙදෙන සමග ශ්‍රී ලංකාවේ වර්තමාන කෝවිඞ්-19 වසංගත තත්ත්වය පිළිබද අදහස් විමසීම සදහා පසුගිය 20 වැනිදා (සඳුදා) සෞඛ්‍ය නිලධෘරීන් සහ පොලිස් නිලධාරීන් හමුවීමට සූදානමින් සිටියේය. එම හමුව මැතිවරණය පැවැත්වීමට පෙර සූදානමකි.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දෙගිඩියාවෙන් සිටීමට හේතුවී තිබෙන්නේ විවිධ ස්ථරයන් නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඒ සදහා සූදානම්ව නොසිටීමය. කෝවිඞ්-19 වසංගත තත්ත්වය මෙම තත්ත්වය නිර්මානය කර තිබෙන අතර බොහෝමයක් රාජ්‍ය නිලධාරීන් වසංගතයට නිරාවරණවීමෙන් වැළකී සිටින්නේය. කොමිසම මැතිවරණ කල්දැමීමට හේතුවූ ප්‍රධාන කාරණය මෙයයි. ඇතැම් ජේ්‍යෂ්ඨ නිලධාරීන් මේ සම්බන්ධයෙන් රජයේ පමණක් නොව විපක්ෂයේ ද, අවධානයට යොමු කළේය. මෙම තත්ත්වය යටතේ, මැතිවරණ කටයුතු සදහා නිලධාරීන් අනුයුක්ත කරගැනීම මෙන්ම ඔවුන්ව පුහුණ කිරීමද මැතිවරණ කොමිසමට අතිශය දුෂ්කර කාර්යයක් වනු ඇත.

ද සන්ඬේ ටයිම්ස් අනුග්‍රහයෙනි

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)



අදහස් (2)

මැතිවරණයක් පැවැත්වීමේ අභියෝගය

විනිවිද Saturday, 25 April 2020 02:52 PM

අමෙරිකා එක්සත් ජනපදය කොරෝනා වෛරසය පිලිබදව කෙලින්ම චෝදනා කරනුයේ චීන රජයට වේ... මේ වනවිට ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර නවතා දැමීය.... මේ අතර "G7" කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, ඔස්ටෙලියාව සහ ප‍්‍රංශය පසුගියදා තිරය පිටුපස කරනලද සාකච්චාවකින් පසු ගත් තීරණයකදී ලෝකයේ කුඩා රටවලට මේ වනවිට ඇතිව තිබෙන වෛරස තත්වය සලකා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර නොනවත්වා පවත්වාගෙන යාමටත් එම ආයතනය ක්‍රියාකාරිත්වය සහ චීනයේ දෙබිඩි පිළිවෙත පිලිබදව ඉදිරියේදී ගැඹුරින් සලකා බැලීමට එකගවී ඇත. මේ වනවිට බ්‍රිතාන්‍ය, ප්‍රංසය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව - චීනය සමග ඇති කරගෙන ඇති " INVESTMENTS" පිලිබදව පසුවිපරමක් කරමින් තිබේ. කොරෝනා වෛරසයේ සත්‍ය තොරතුරු සැගවීමට සහ වෛරසය පිළිබදව ලොවට පළමුව හෙලිකල චීන වෛද්‍යවරයාගේ ඝාතනය සහ අනෙක් පිරිසකගේ අතුරුදන් වීම පිලිබදව ලෝකයේ ප්‍රබල රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ චීනය මේ වනවිට බලවත් පීඩනයක් එල්ල කොට ඇත. ලෝකය සමග සම්බන්ධතා ඇති ලංකාවේ දැන උගත් නායකයන් මේ පිලිබදව සොයාබැලීමක් කොට ලංකාව ඉදිරියේදී වැඩි සම්බන්ධතාවයක් පැවැත්විය යුත්තේ කුමන රටවල් කියා තීරණය කලයුතුවේ.

:       0       0

ranjith Sunday, 26 April 2020 12:51 AM

ජනාධිපතිවරණයෙන් ජනතාව බලය දීලා තියෙනවා රට පාලනය කරන්න. ඒ නිසා කොරෝනා අවසන් වෙන තෙක් ජනාධිපතිතුමාට මේ වැඩේ කරන්න සහයෝගය ලැබෙනවා. හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට එන අයට මේ ගැන කරන්න දෙයක් නැත. පාර්ලිමේන්තුවේ හිටපු කට්ටිය මෙතෙක් කරපු දේවල් අපි දැක්කනේ. ඒ නිසා මෙහෙම යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 34 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 500 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 561 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 235 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 400 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4677 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site