IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බිරියන් 13ක් එක්ක පවුල් කන ස්වාසිලන්තයේ ජාතියේ රජ්ජුරුවෝ

ස්වාසිලන්ත රාජධානිය පිහිටා තිබෙන්නේ දකුණු අප‍්‍රිකාව සහ මොසැම්බික් රාජ්‍යය අතරය. එම කලාපයේ පිහිටා ඇති අවසාන සහ එකම අධිරාජ්‍යය ස්වාසිලන්තයය. පසුගියදා පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි 3 වෙනි මිස්වානි රජු එරට වත්මන් පාලකයාය. ඔහු උපත ලද්දේ 1968 අපේ‍්‍රල් 19 දාය. මිස්වානේ උපත් නාමය මැක්හොසෙටිවේය. එහි තේරුම ජාතියේ රජු යන්නය. ඒ වන විට ස්වාසිලන්තය බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව තිබිණි. එය නිදහස ලැබුවේ ඔහුගේ උපතින් සිව් මසකට පසුවය. මිස්වානි ගේ පියා දෙවැනි සොබුසා රජුය. ඔහුට බිරියන් 70 දෙනෙකු සහ දරුවන් 210 ක් සිටි අතර 1982 දී ඔහු මිය යද්දී මුනුබුරු මිනිබිරියන් 1000 කට අධික සංඛ්‍යාවක් සිටියේය. රජු මියගියාට පසුව එවකට 14 හැවිරිදිව සිටි මැක්හොසෙටිවේ කුමරු ඊළඟ රජු ලෙස මහා රාජ සභාව විසින් නම් කරනු ලැබිණි. ඔහු එංගලන්තයට ගොස් අධ්‍යාපන කටයුතු හමාර කොට එනතුරු රජයේ වැඩ බැලීම කරනු ලැබුවේ දෙවැනි සොබුසා රජුගේ බිසවුන් දෙදෙනෙකු විසිනි. ඞ්සෙලිවේ ෂොංග්වේ 1982-1983 දක්වාත්, කුමරු ගේ මව න්ටොම්බි ට්ප්වාලා 1983-1986 දක්වාද රාජ්‍ය පාලනය ගෙන ගියාය. න්ටොම්බි බිසවට සිටි එකම දරුවා ඔටුන්න හිමි කුමාරයාය. 1986 අපේ‍්‍රල් 25 දා 3 වැනි මිස්වානි නමින් ඔහු කිරුළු පැළැන්දේය. එවකට ඔහුගේ වයස අවුරුදු 18 දින 6 කි. දැනට පවතින රාජධානිවල කිරුළු පලන් ලාබාලම තැනැත්තා ලෙස ඔහු ඉතිහාසයට එක් වූයේය. එය වෙනස් වූයේ 2006 දෙසැම්බර් මාසයේදී භූතානයේ 14 හැවිරිදි කුමරෙකු රජ බවට පත් වූවාට පසුවය. අගමැති සහ අනෙක් ප‍්‍රධාන තනතුරුද ප‍්‍රධාන සාම්ප‍්‍රදායික තනතුරු ද තේරීමේ බලතල ඇත්තේ රජුටය. එහෙත් මව් රැජිනගේ සහ රාජ්‍ය සභාවේ උපදෙස් අනුව ක‍්‍රියා කරන්නට ඔහුට සිදු වෙයි. ඒ මව් රැජිනත් ඔහුත් හවුලේ රට පාලනය කළ නිසාය. ඔහුගේ පියා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබ තිබුණේ රජුගේ බලතල රැක ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් මිස්වානි පාර්ලිමේන්තුව නැවත පිහිටෙව්වේය. 2004 දී ඔහු ජනතාවගේ කතා කිරීමේ හා රැස්වීමේ නිදහස රැකෙන පරිදි ව්‍යවස්ථාවද වෙනස් කළේය. ස්වාසිලන්තයේ 40% ක්ම එච්.අයි.වී. ආසාදිතයන්ය. ඒඞ්ස් වසංගතය රටේ පැතිර යාම වැළැක්වීම පිණිස රජු ඔහුගේ සාම්ප‍්‍රදායික බලය පාවිච්චිකොට බ‍්‍රහ්මචාරී චාරිත‍්‍රය ස්ථාපිත කළේය. මේ චාරිත‍්‍රය අනුව කාන්තාවන් අවුරුදු 5 ක් කායික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය. අවුරුදු 18 ට අඩු කාන්තාවන් 2001 සැප්තැම්බර් 9 දා සිට 2005 අගෝස්තු 19 දක්වා මෙම චාරිත‍්‍රය පිළිපැදිය යුතු බවට නීති පැනවූ රජු ඉන් මාස දෙකක් ගත වෙද්දී එය බිඳ හැරියේය. ඒ සිය 13 වැනි බිරිඳ ලෙස 17 හැවිරිදි යුවතියක සරණ පාවා ගැනීමෙනි. රට දිළිඳුකමේ අගාධයට ඇද වැටෙද්දී බහු භාර්යා සේවනය සහ අධි සුඛෝපභෝගී ජීවන රටාව නිසා රටවැසියන්ගේ විවේචනයට බඳුන් වී සිටින මිස්වානි රජුට දැනට බිරියන් 13 දෙනෙක් සහ දරුවෝ 27 දෙනෙක් වෙති. තවත් බිරියන් කිහිපදෙනෙකු ලබාගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි. සම්ප‍්‍රදායට අනුව ස්වාසි රජෙකුට පළමු බිරියන් දෙදෙනා තෝරා දෙනු ලබන්නේ ජාතික උපදේශකයන් විසිනි. ඔහුට ඔහුගේ පෙම්වතිය විවාහ කරගත හැක්කේ ඒ බිරියන් දෙදෙනා ගැබිණි බවට පත්වූවාට පසුවය. එතෙක් ඔවුහු මනාලියන් ලෙසින්ම හැඳින්වෙති. මිස්වාති රජු සිය 13 වෙනි බිරිඳ තෝරා ගැනීම සඳහා තෝරා ගත්තේ ”බට නැටුම” යනුවෙන් හැඳින්වෙන සම්ප‍්‍රදායික උත්සව අවස්ථාවය. මෙයට කන්‍යාවන් 50,000 ක් සහභාගි වූහ. සාම්ප‍්‍රදායික උත්සවවලට ඔවුන් සහභාගි වන්නේ උඩුකය නිරුවත්ව ඇට වර්ගවලින් සාදන ලද කෙටි සායවලින් යටි කය වසාගෙනය. ඔහුගේ 12 වැනි බිරිඳ 23 හැවිරිදි ඩියුබ්ට ඔහු විසින් දඬුවම් පමුණුවන ලද්දේ ඇය ඔහුගේ මිතුරෙකුද වන නීතිය පිළිබඳ ඇමතිවරයා සමග සම්බන්ධයක් පැවැත්වූ බව කියමිනි. ඇයට සැමියා දකින්නටවත්, මාලිගාවෙන් පිටතට යන්නටවත් ඉඩ නොදී නිවාස අඩස්සියේ තබනු ලැබිණි. ඇමතිවරයා තනතුරින් පහකොට පිටුවහල් කෙරිණි. අවුරුද්දක් පමණ කාලයක් සිරවී සිටි ඇය අවසානයේදී ආරක්ෂක නිලධාරියාගේ ඇස්වලට ගම්මිරිස් කුඩු ගසා පලා ගියාය. ඉන් පසුව තමාට විඳින්නට සිදුවූ දුක් ගැහැට ලෝකයටම හෙළිදරව් කළාය. ඔහුගේ හය වෙනි බිරිඳද ඔහු හැර දමා ගියේ කායික හා මානසික වද හිංසා පිළිබඳව පැමිණිලි කරමිනි. සිය දෙමව්පියන් බලන්නට යන මුවාවෙන් මාලිගාවෙන් පිට වී ගිය ඇය ඉනික්බිතිව ආගිය තැනක් නැතිව අතුරුදන් වූවාය. ඇය අප‍්‍රිකානු රටකට පලා යන්නට ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් ඔහුගේ අන්තඃපුරයට එක්වීමට කැමති කාන්තාවන් ගේ අඩුවක් ඇත්තේද නැත.

චන්දි කොඩිකාර
”බට නැටුම” අවස්ථාවට සහභාගීවූ ලලනාවෝ පිරිසක් 3 වෙනි මිස්වානි රජු මිස්වානි රජු ගේ බිරින්දෑවරුන්



අදහස් (0)

බිරියන් 13ක් එක්ක පවුල් කන ස්වාසිලන්තයේ ජාතියේ රජ්ජුරුවෝ

දුලිප් Tuesday, 21 August 2012 04:14 PM

මං හිතන්නේ හදිස්සියෙම ගෙන්නුවෙ ලංකාවෙ අයටත් විස්තර දැනගන්න වෙන්න ඇති..!!(නු)

:       0       0

වෙනූ Wednesday, 22 August 2012 10:05 AM

අන්තඃපුරය පටලවා ගන්න එපා! රජතුමන් ලාගේ අන්ත:පුරවලට ගත් හැම කාන්තාවක්ම බිරිද කර ගත්තේද නැත ඇතැමි අවස්ථාවලදී කාන්තාවන් ව සුදුසු ස්වාමි පුරුෂයන් ට විවාහ කරදුන් බව ද ඉතිහාස කථාවල සදහන් ය. නමුත් මෙම කාරණය ට ඇතැම් අය උපහාසයෙන් සිනා සීමට ද පුලුවන. නමුත් කරුණු කාරණා එලෙසයි.(ස)

:       0       0

රොශාන් Wednesday, 22 August 2012 10:19 AM

සුනිල් සමග මාත් එකඟයි..(ස)

:       0       0

එදිරිසූරිය Monday, 20 August 2012 08:14 AM

අපේ රටේ කී දෙනෙක් ස්වාසිලන්තේ නැටුමට යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

චමින්ද Monday, 20 August 2012 08:34 AM

රජ සැප නේ.....(ස)

:       0       0

ලීසා Sunday, 19 August 2012 04:26 PM

ස්වාසිලන්ත රජතුමා එක්ක අපේ ඇමති මණ්ඩලය ස්වාසිලන්තයට යවන්න පුළුවන් නම් අපේ රටටත් හොඳයි. ඇමති මණ්ඩලයටත් වරදක් වෙන එකක් නැහැ .එයාලට නම් නියමෙටම ගැළපෙන රජතුමා. (නි)

:       0       0

විහඟ Monday, 20 August 2012 09:12 AM

මෙහේ ආවේ අපේ අයවත් අරන් යන්නද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ජයකොඩි Monday, 20 August 2012 09:12 AM

මහා ලොකු ශිශ්ටාචාරයක් තිබ්බයි කියල පම්පොරිගහන ලංකාවෙ රජවරුනුත් තඩි අන්තප්පුර තියා ගත්ත එකෙ මෙක මොකක්ද?ලංකාවෙ ඉතිහාසයෙ කෑතම සිද්දිය තමයි ඔය අන්තප්පුර තබා ගෑනිම.(ස)

:       0       0

චමින්ද Thursday, 23 August 2012 07:27 PM

මටත් යන්න හිතෙනවා. (නි)

:       0       0

නිෂා Monday, 20 August 2012 09:21 AM

නියමයි.(ස)

:       0       0

නදීකා Sunday, 19 August 2012 05:35 PM

ලංකාවෙනුත් විස්සක් විතර යවමුද? (නි)

:       0       0

සනී Thursday, 23 August 2012 07:57 PM

සීමාවක් නැද්ද එතකොට? (නි)

:       0       0

නිලක්ෂි Friday, 24 August 2012 10:05 AM

මෙහෙම රජවරු ලෝකෙටම වාසනාවන්! (නි)

:       0       0

m.r. mahinda Friday, 24 August 2012 06:14 PM

බලනකොට, ස්වාසිලන්තෙත් විසිලන්තේ වගේමනේ (අ)

:       0       0

චූලක Sunday, 19 August 2012 05:54 PM

නියම රජෙක්නේ. (නි)

:       0       0

සුජිත් Sunday, 26 August 2012 01:25 PM

අපේ මැති ඇමතිවරුන්වත් යැවුවා නම් තමයි හොද. (නි)

:       0       0

සමීර Tuesday, 21 August 2012 12:29 PM

මම නම් මේවා අනුමත නොකරමි (නි)

:       0       0

ශාන් Sunday, 26 August 2012 01:22 PM

මාර රජ කෙනෙක් නේ

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 04:00 PM

හරිම වාසනාවන්ත රජතුමෙක්. අපිට නැහැනේ එහෙම පිනක්. (නි)

:       0       0

විභූෂ Saturday, 25 August 2012 10:26 AM

අපේ රටෙත් සමහරු ඔහොම කරනවා..හැබැයි හොරෙන්...(ස)

:       0       0

දයාරතන Sunday, 26 August 2012 02:13 PM

පුදුමයි ඒත් ඇත්තයි

:       0       0

චානක Sunday, 19 August 2012 07:22 PM

කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

සංජුල Saturday, 25 August 2012 11:13 AM

අනේ මෙහෙම තන්හාවක්... අනේ මෙහෙම ආසාවක් ....මිනිසුනි ලැබේද මින් සැනසීමක්‍‍‍...(ස)

:       0       0

දිසානායක Saturday, 25 August 2012 11:15 AM

අපේ ප්‍රාදේශීය සභා කට්ටිය ටික කාලෙකට යවලා ගෙන්න ගමු (නි)

:       0       0

පුබුදු Sunday, 19 August 2012 07:59 PM

අතීතයේ අපෙත් රජවරු ඔහොම ඉන්න ඇති

:       0       0

සුනිල් Monday, 20 August 2012 05:10 PM

හ හා හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා.... (නි)

:       0       0

නිරෝධ Sunday, 19 August 2012 08:03 PM

මේ නැටුමට කසාද බැදපු නැති, කසාද බැදලා ළමයින් නැති ඕනෑම කෙනෙකුට නටන්න පුලුවන්. (නි)

:       0       0

කබීර් Wednesday, 22 August 2012 06:00 PM

ඇයි මෙතුමා මෙහේ ආවේ? අපේ රටේ කොල්ලන්ටත් ඒවා උගන්වන්නද? (නි)

:       0       0

සිසිර Monday, 20 August 2012 11:07 AM

ඔහොම කෙනෙක් මෙහෙට අරගෙන ආපු එක හොදයි (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 24 August 2012 11:56 AM

ස්වාසිලන්තයට වීසා ගන්නේ කොහොමද කියන්නකෝ.. (ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Monday, 20 August 2012 11:19 AM

ස්වාසිලන්තේ මොකෝ? පිලිපීනයේ මොකෝ? මෙහෙට ආවත් මොකෝ? මේ ඔක්කොම එකයි‍නේ. (නි)

:       0       0

මදාරා Sunday, 19 August 2012 08:41 PM

අපේ රට අය හැංගිලා කරන දේවල් ඒ රජතුමා ප්‍රසිද්ධියේ කරනවා. එච්චරයි වෙනස. (නි)

:       0       0

ජයසිරි Thursday, 23 August 2012 09:47 AM

ලංකාවේ හිටපු රජවරුත් ඔය වගේනේ .. (ස)

:       0       0

නවීන් Thursday, 23 August 2012 09:51 AM

අපෝ අපේ රජවරු එක්ක හැරෙන්නවත් බෑ මෙයාට... (ස)

:       0       0

සන්ජය Wednesday, 22 August 2012 12:32 PM

මටත් එහේ ඉන්නයි තිබුණේ..(ස)

:       0       0

රොෂාන් Sunday, 26 August 2012 03:04 PM

ලංකාවෙන්ද දන්නේ නැහැ කොපි කළේ? (නි)

:       0       0

රොෂාන් Monday, 20 August 2012 06:24 PM

මටත් මෙයා වගේ වෙන්න තිබුණා නම්... (නි)

:       0       0

කුමුදු Monday, 20 August 2012 11:50 AM

ජයකොඩි, ශිෂ්ටාචාරය සමග අන්තඃපුරය පටලවා ගන්න එපා. පුලුවන් නම් තවත් පාරක් හරි උත්සාහ කරලා හරියට ඉගෙන ගන්න බලන්න. (නි)

:       0       0

හරින් Saturday, 25 August 2012 12:34 PM

අපෙත් ඉන්නවා එක්කෙනෙක් කැළණිය පැත්තේ. එයාවත් යවමු (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 20 August 2012 06:42 PM

අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්... (නි)

:       0       0

රිස්මි Wednesday, 22 August 2012 01:23 PM

අනේ අපේ පවුලටම යන්න පුලුවන්නම්.... (නි)

:       0       0

තිස්ස Tuesday, 21 August 2012 09:05 AM

අකුරැස්සේ එක්කෙනාත් යවමු..(ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 26 August 2012 12:59 AM

ඒඩ්ස් තිබුණත් කමක් නැහැ. රට නම් නියමයි. (නි)

:       0       0

පුෂ්පා Sunday, 19 August 2012 10:23 PM

තංගල්ලේ මන්ත්‍රිලා ටිකත් යවමුද? (නි)

:       0       0

දුෂ්යන්ත Friday, 31 August 2012 09:03 PM

ඔහොම තමයි රජවරුන්ගේ හැටි. (නි)

:       0       0

කෝලිත Tuesday, 21 August 2012 09:30 AM

ජයකොඩි, ශිෂ්ඨාචාරයට එය ඇතුලත්වෙලා නැද්ද? (නු)

:       0       0

ජයන්ත Wednesday, 29 August 2012 09:28 PM

ලංකාවට මේවා ගැළපෙන්නේ නැහැ. (නි)

:       0       0

සුනෙත් Tuesday, 21 August 2012 03:30 PM

අපේ අයටත් ඔහොම අවස්ථාවක් දුන්නොත් 200 ක් උනත් තියාගනීවි...මොනවයින් කියලා අඩු පාඩුවක්ද ?(ස)

:       0       0

අනුර Sunday, 19 August 2012 11:59 PM

මාර මනුස්සයෙක්නේ මෙයා..(ස)

:       0       0

දුමින්ද Monday, 20 August 2012 12:55 PM

අපෝ! හරිම මෝඩ රජතුමෙක්නේ. (නි)

:       0       0

කමල් Friday, 24 August 2012 04:28 AM

ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම ඉවර වෙයිද? (නි)

:       0       0

වසන්ත විජේකොන් Tuesday, 21 August 2012 03:50 PM

අපිටත් බැරිද මොනවා හරි කරන්න..!!(නු)

:       0       0

සුඛිත Monday, 20 August 2012 05:24 AM

මට ඉන්නවා බිරියන් 12ක්. මමත් මේ රජතුමා ව‍ගෙයි නේද? (නි)

:       0       0

සරත් Monday, 20 August 2012 10:37 PM

අපේ කට්ටියත් එක්ක බලද්දි ඕකත් ගාණක්ද? (නි)

:       0       0

ලලන්ත Sunday, 26 August 2012 10:17 AM

මොන පිස්සු රටක්ද මේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 85 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 87 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 261 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 503 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 566 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 93 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site