IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැඳුම්කරේට මෙන්ඩිස් ඈදුණ පටලැවිල්ල

නිර්මලා කන්නන්ගර 
විසින් Daily Mirror 2018 ඔක්තෝබර් 18 වැනිදා පුවත්පත රචිත Twists and Turns in W.M. MENDIS AND COMPANY Investigation යන මැයෙන් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය. 
සමන් පුෂ්ප ලියනගේ  

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් බැඳුම්කර විමර්ශනවලදී සෘජුවම භාජනය වූ සමාගමක් නොවුවද බැඳුම්කර සැකකාර අර්ජුන් ඇලෝසියස් හට එහි ඇති හිමිකාරකම් සැලකිල්ලට ගෙන සහ සැකකාර පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමේ සංකීර්ණ මූල්‍යමය ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් මැදිහත්වීම නිසාත් එම සමාගම දැඩි ලෙස විමර්ශනවලට භාජනය වූයේය.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට එරෙහිව නැගුණු දෝෂාරෝපණය වූයේ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගම විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් ඔවුන් වෙත මාරු කිරීම සහ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකුට ප්‍රතිඋපකාර කරමින් ගෙවීම් කිරීම වැනි නීති විරෝධී කටයුතුවලට එම මුදල් භාවිතා කිරීමත්ය. 

2018 ජූලි මසදී ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් හිටපු අමාත්‍ය රවි කරුණානායකට  අයත්ව තිබූ සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියකු වූ බ්‍රයන් සින්නයියාට  රුපියල් මිලියන පහක මුදලක් ගෙවා ඇත්තේය යන චෝදනාවට ඉවහල් සාක්ෂියක් සහිත ප්‍රකාශයක්  පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

මෙම ගනුදෙනුව නා අනෙකුත් කරුණුත් මතුව සීඅයිඩීය පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් හා අනෙකුත්  අනුබද්ධිත සමාගම් වලත් මූල්‍ය කටයුතු අතිශය සියුම් විමර්ශනයට භාජනය කරමින් 2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවෙන් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් කොතැනට ගොස් නැවතී ඇත්තේදැයි පැහැදිලි ලෙස දැක ගන්නට උත්සාහ කරන අවස්ථාවේදීය. 
බ්‍රයන් සින්නයියා මැදිහත් කර ගනිමින් කුමන අරමුණක් සඳහා ඔහුට ගෙවීම් කළේ ද යන්න ඇතුළුව ඇතැම් මුල්‍යමය ගනුදෙනු කෙසේ සිදුවූයේ ද යන්න හොඳින් අවබෝධ කර ගැනීමට සීඅයිඩියේ රහස් පරීක්ෂකවරු ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ගෙවීම් වවුචර සහ ගිනුම් පරීක්ෂා කර බැලූ නමුත් මිලියන 5ක් සින්නයියාට ගෙවූ වවුචරය ඇතුළු ඇතැම් ගෙවීම්වලට අදාළ වවුචර අස්ථාන ගතවී ඇති බව දැන ගත්හ. 

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශන කොමිසම චෝදනා නගා තිබුණේ 2018 ජනවාරි නිකුත් කළ වාර්තාවෙන් පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ නිලධාරීන් කිහිප දෙනකු බැඳුම්කර නිකුතුවට අදාළ පටිගත කළ හඬ පටවල් ඇතැම් සාක්ෂි විනාශ කිරීමට පියවර ගෙන ඇති බවය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මින් පෙර කිහිප වතාවක් සහ 2018 අගෝස්තු 31 වැනිදා සිකුරාදා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ජ්‍යෙෂ්ඨ සේවකයන් 4 දෙනෙකු කැඳවා ප්‍රශ්න කර ඇත්තේ මේ සම්බන්ධයෙනි.

එසේ කැඳවා ඇති නිලධාරීන් හතර දෙනා වන්නේ තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශයේ ප්‍රධානි (ෂක්‍ඔ ප්‍රධානි) ඉසුරු ජයකොඩි තොරතුරු සන්නිවේදන තාක්ෂණික අංශයේ (ෂක්‍ඔ) සහකාර කළමනාකාර රැන්ඩල් සේනතුංග, විගණන නිලධාරී  හේමන්ත කුමාර සහ මුල්‍ය කළමනාකාර සුජිත් අල්විස් යන අයයි. 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමේ නීතිඥවරුන් යන දෙපාර්ශ්වයම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කොට ඇති වාර්තා අනුව 2017 නොවැම්බරයේ  එක් රාත්‍රියක පසු යාමයේ තමන්ගේ කාර්යාලයේ මේ හතර දෙනා රැස්වී පසු කාලයක දී විමර්ශනවලට හෝ පරීක්ෂාවට ලක්වේ යැයි විශ්වාස කරන වවුචර පත් විනාශ කිරීමෙන් අලුතෙන් සකස් කොට ඇමිණීමෙහි නියැලුණු බවට කරන පාපෝච්චාරණවලට හතර දෙනාම අත්සන් කර ඇත. සාක්ෂිකරුවන් හතර දෙනාගේ ප්‍රකාශවලින් තවදුරටත් චෝදනා කර තිබුණේ නීතිඥ චන්දන පෙරේරා ග්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේ හමුවී සීඅයිඩියේ කටයුතු පටන් ගන්නට පෙර 2017 නොවැම්බරයේ සාක්ෂි විනාශ කිරීමේ සිද්ධියට අදාළ කිසිවක් නොකියා ඒවා යටපත් කරගෙන සීඅයිඩියට බොරු කියන ලෙස උපදෙස් දුන් බවයි. දැන් මෙම සාක්ෂිකරුවන් ගෙන් තිදෙනකු වන ජයකොඩි, සේනතුංග හා කුමාර දැන් චෝදනා මුඛයෙන් කියා සිටින්නේ මෙම ප්‍රකාශ සාවද්‍ය (අසත්‍ය) ඒවා බවත් ඒවා තමන්ගෙන් සීඅයිඩිය විසින් බිය වැද්දීමෙන් තර්ජනය කිරීමෙන් හා නිරාහාරව වතුර හෝ නොදී බලෙන් ලබාගත් ඒවා බවයි. එහෙත් නීතිඥ පෙරේරා තමා වරදක් කර නොමැති බව කියමින් 2018 සැප්තැම්බර් 15 දා තමින් දිවුරුම් ප්‍රකාශයක් සහ ලිඛිත පැමිණිල්ලක් 2018 සැප්තැම්බර් 23 වැනිදා පොලිසියට  යවා ඇත. 

2018 සැප්තැම්බර් 23 වැනිදා චන්දන පෙරේරා පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ  සීඅයිඩියේ අගෝස්තු  31 වැනිදා ප්‍රකාශය වාර්තා කර ගැනීමෙන් අනතුරුව ඔහු පෞද්ගලිකව ජයකොඩි සහ සේතුංගව ප.ව. 9.00ට පමණ සීඅයිඩීයෙන් ඉවතට ආරක්ෂා සහිතව එක්කර ගෙන ගිය බවය. එවේලේ ඔවුන් දෙදෙනා පැය 12ක් පමණ වේලාවක් හරි හැටි විවේකයක් හෝ කෑමක් හෝ බීමක් නොදී රඳවා තබාගත් බවත් ඉන්පසුව රාත්‍රියේදී පළමුව  ඔවුන් දුන් ප්‍රකාශයට පරස්පර බව පළ වෙන ලෙස බලයෙන්  තමන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවට තමන් දැනුවත් කර ඇති බවත්ය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම වැරදි සහගත ක්‍රියා කලාපයෙන් වැරදි සහගත සාක්ෂියක් බව දැන දැනම වැරදි සහගත දඬුවමක් පැමිණවීම උදෙසා පුද්ගලයකුට හානියක් කිරීමේ චේතනාවෙන් අහිංසකයකුට විරුද්ධව බොරු චෝදනා ගොනු කිරීමෙන් අපරාධ විධි විධාන සංග්‍රහය යටතේ බරපතළ චෝදනා  එල්ල කළ හැකි බවත් එම පැමිණිල්ලේ තවදුරටත් ප්‍රකාශ කොට තිබේ. 

ඊළඟ දින කිහිපයේදී සීඅයිඩියේ නිලධාරීහු ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්  සමාගමේ සේවකයන් හතර දෙනා ඔවුනට කී අගෝස්තු 31 වැනිදා හමුව විමර්ශන කරන්නට පියවර ගනිමින් සිව් දෙනාගෙන් බලෙන් ලබාගත් ප්‍රකාශයේ නීතිඥ පෙරේරා ගැන කී චෝදනාත්මක කරුණ තහවුරු කර ගන්නට කටයුතු කළහ. ඒ අතර සීඅයිඩිය ග්‍රෑන්ඞ් ඔරියන්ටල්  හෝටලයෙන් ඒ අය එකිනෙකා හෝටලයට පැමිණි දර්ශනත් ආහාර ගන්නා දර්ශනත් හෝටලයෙන් පිටත යන දර්ශනත් සහිත සීසීටීවී කැමරාවල සටහන් ලබාගෙන තිබිණි. එසේම ඔවුන් උදය ආහාරයට බිල ගෙවූ බිල්පතත් ආපසු ගෙන හෝටලයේ සේවකයන්ගෙන්ද ප්‍රකාශ වාර්තා කරගෙන තිබිණි. 

ඒ අතර 2018 සැප්තැම්බර් 12  වැනිදා චන්දන පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීම හමාර කළ විගසම තම ජංගම දුරකතනය පරීක්ෂා කළ විට ඔහු දන්නා හඳුනන රජයේ නීතිඥවරයකු වෙතින් මග හැරුණු ඇමතුම් (මිස්කෝල්) කීපයක් ලැබී ඇති බව  දැන ගත්තේය. එම රජයේ නීතිඥවරයා භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළු ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී සිටි අයෙකි. පෙරේරා එම රජයේ නීතිඥවරයාගේ ඇමතුම්වලට ප්‍රතිචාර ලෙස ඇමතුමක් දුන් විට ඔහුට කීවේ එම ඇමතුම් අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ වෙනුවෙන්  පෙරේරාගේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් දුන් එකක් බවයි. 

දිවුරුම් ප්‍රකාශයේ තවදුරටත් සඳහන්ව තිබුණේ අතිරේක සොලිසිටර් ජෙනරාල් කෝදාගොඩ නීතිපති දෙපාර්තමේන්තුවේ තමන්ගේ කාර්යාල කාමරයට එන ලෙස පෙරේරාට දැනුම් දුන් බවකි. පෙරේරා ප.ව. 4.30ට කෝදාගොඩ හමුවට එන්නට එකඟවී තිබුණු අතර ඔහු එසැනින්ම තම ජ්‍යෙෂ්ඨ නීතිඥ කෝලිත ධර්මවර්ධන අපේක්ෂිත  රැස්වීම  ගැන දැනුවත් කර තිබුණේ දිවුරුම් ප්‍රකාශයට අනුව  ඔවුන්ගේ සේවා දායකය ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ කටයුතුවලට අදාළ ඔහු අතිරේක සොලිසිටර් ජෙරනාල් විසින් කැඳවීමට හේතුවූ කාරණා ඔහු දැන සිටි නිසාය. අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩගේ කාර්යාල කුටියේ ඔහු එනතුරු පෙරේරා බලා ඉන්නා වේලේ නීතිපති දෙපාර්තමේන්තුවේ බැඳුම්කර විමර්ශනවලට මැදිහත් නිලධාරීන් කෝදාගොඩගේ කුටියට එනවා පෙරේරාගේ අවධානයට නතුවී තිබේ. ඒ එන නිලධාරීන් අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම ද සිටියහ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයසුන්දර කුටියට එත්ම ඇය ඹීඊ ඡෑභ ෘඍෂඪෑඍ එක අතිරේක සොලිසිටර් ජෙනරාල් කෝදාගොඩගේ පරිගණකයට ඇතුළත් කර තිබේ. සියලු නිලධාරීන් එකට රැස්වූ විට අති. සොලිස්ටර් ජනරාල් කෝදාගොඩ තමාගේ මේසය එහා පැත්තට එන ලෙස පෙරේරාට කියා තිබේ. ඉන්පසු කෝදාගොඩ පරිගණකයේ මොනිටරය පෙරේරා දෙසට හරවා ඔහුට ග්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයෙන් ලබාගත් වීඩියෝ රූ දර්ශන පෙන්වා ඇත. 

එවිට අතිරේක සොලිස්ටර් ජනරාල් කෝදාගොඩ ඔවුන් අනුමාන කරන විදිහට (නීතිපති දෙපාර්තමේන්තුව) ඔහු සාක්ෂිකරුවන් හතර දෙනා සමග පැවත්වූ හමුව ගැන සියලු තොරතුරු දන්නා බව කී අයුරු ඔහු සිහිපත් කරයි. 

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සේවා දායකයින් හතර දෙනා ඔහු මුණගැසුණේ සීඅයිඩිය ඉදිරියේ පෙනී සිටීමට පෙර ඔවුන් හමුවී නීත්‍යානුකූලව නීති උපදෙස් දෙන්නට තමන්ට ඇති වරප්‍රසාද අනුව බව පෙරේරා තහවුරු කොට කියා තිබේ. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඒ දක්වා විමර්ශනවලට සහයෝගය දෙමින් සියලු උසාවි නියෝගවලට අවනතවී ඇති බවත් ගරු මහේස්ත්‍රාත්වරිය පවා ඒ බව පිළිගෙන ඇති බවත් ඔහු ස්ථිරව කියා සිටියේය. 

පෙරේරාගේ දිවුරුම් ප්‍රකාශයේ කියා සිටින්නේ අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ ප්‍රතිචාර දැක්වූයේ සීඅයිඩිය ඉදිරියේ ප්‍රකාශ දෙන්නට නොතීසි ලැබූ අයට වැරදි (බොරු) ප්‍රකාශයක් දෙන ලෙසට බල කරමින් එම පුද්ගලයාට උපදෙස් දීමෙන් ඔහු කර ඇත්තේ සිර දඬුවම් විඳිය හැකි බරපතළ වරදක් බව කියමින් බවයි. ඉන් අනතුරුව පෙරේරාගේ කළුකෝට් ගැලවී පෙරේරා සිරභාරයට යා හැකි බවද පෙනී යන බව කී වගද ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ය. කළුකෝට් යනුවෙන් අදහස් කළේ නීතිඥ වෘත්තියේ යෙදීමට ඇති හැකියාව බව ද ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ කියා ඇත. 

අතිරේක සොලිසිටර් ජනරාල්  කෝදාගොඩ තමන්ට පිටව යන්නට අවසර දෙද්දී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජයසුන්දර මෙම මත අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ ඉදිරියේ පුන පුනා කී බව පෙරේරා කියයි. 

පෙරේරාට අභියෝග 

දිවුරුම් ප්‍රකාශය අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙරේරා හට කෙටි අත්සන් යොදා මුලකුරුවලින් හඳුන්වා දී ඇති පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කරන ලෙස පෙරේරාට අභියෝග කර තිබේ. ඉන් අනතුරුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ විනාශ කරන ලද වවුචරවල පිටපත් ඔහු තබාගෙන ඇති බවට චෝදනා කොට ඔහුට විරුද්ධව (පෙරේරාට විරුද්ධව) අපරාධ චෝදනා නොනගා ඉන්නට නම් ඒවා ලබාදී එසේම තම සේවා දායකයන් හමුවී යටත් වන්නට ඔවුනට කියන්නේ නම් අපරාධ චෝදනා එල්ල නොකර ඉන්නා බවත් කියූ බව සඳහන් වේ. තමා දන්නා තරමින් එවැනි වවුචර නොමැති බවත් තමාගේ කිසිම ක්‍රියාවක් නොවූ බවත් අවධාරණය කොට ඇති පෙරේරා තමා කර ඇත්තේ තමාට හිමි වරප්‍රසාද අනුව තම සේවා දායකයන්ට නීති උපදෙස් ලබාදීම බව ද ස්ථිර ලෙස කියා ඇත. 

දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහුව ග්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේ දී මුණ ගැසුණු ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සේවකයන් සිව් දෙනාම පසුව සීඅයිඩියට ප්‍රකාශ දීමේදී ඔහුගේ වැරදි ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයසුන්දර කියා තිබේ. 

සැප්තැම්බර් 13 වැනිදා හෙවත් ඊළඟ දිනයේ ප.ව. 1.30ට පෙර රහසිගත වවුචර ඉදිරිපත් නොකළහොත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හා අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරන බවට අවසාන නිවේදන නිකුත් කළ බව දිවුරුම් ප්‍රකාශයේ තවදුරටත් කියවේ. 

පෙරේරාගේ ප්‍රකාශය අනුව ඔහු සමග තිබූ හමුව හමාරවී ඇත්තේ තම සේවාදායකයන්ට වැරදි සහගත ලෙස සාක්ෂි ගොතා කියන්නට අනුබල දීමක් හෝ තම නීතිඥවෘත්තිය ගිලිහී නොයා තබා ගැනීමට වග බලා ගැනීමක් හෝ තම නිදහස නැතිකර ගැනීම හෝ යන එකක් තෝරා ගැනීමට සිදුවීමෙනි. 

මෙය ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කෝලිත ධර්මවර්ධනගේ අවධානයට යොමුකළ විට මෙම කාරණය මහේස්ත්‍රාත් නඩු විභාගයේ දී පර්පෙචුවෙල් ටේ‍රෂරීස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ගේ අවධානයට යොමු කෙරිණි. ඔවුන් දෙදෙනාම පිළිවෙළින් බැඳුම්කර විමර්ශනයේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ පර්පෙචුවෙල් ටේ‍රෂරීස් නියෝජනය කරන නිසා උපුල් ජයසූරිය හට මෙම චෝදනාත්මක සිද්ධිය නීතිපති ජයන්ත ජයසූරියගේ අවධානයට නතු කරන ලෙස උපදෙස් ලැබුණි. මේ පිළිබඳව නීතිපති දැනුවත් කළ විට ඔහු අතිරේක සොලිසිටර් ජනරාල් සමග කතා කළ අවස්ථාවේ ඔහු පෙරේරා සමග හමුවක් පැවැත්වූ බව පිළිගත්තේය. 

අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ සීඅයිඩියේ සියලුම ප්‍රධාන විමර්ශන එනම් සන්ඬේලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම  කලින් රජයේ ආරක්ෂක නිලධාරීන්  දැඩිසේ පරීක්ෂාවට ලක්කොට හමුදා බුද්ධි අංශයේ ඊට අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නීතිමය කටයුතු අධීක්ෂණය කරයි. රජයේ  නිවාස අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ව්‍යාපාරික ටිරාන් අලස්ට එරෙහි චෝදනා ගොනු කිරීමේදීත් ඔහු ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කළේය. 

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ගිරිහාගම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ කීත් නොයාර් පැහැර ගැනීමට හිටපු හමුදා ප්‍රධානියකු සහ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ අත්අඩංගුවට ගැනීම උදෙසා පෙනී සිටීමේ ගෞරවය දිනාගත් පැමිණිල්ල මෙහෙයවන ප්‍රබල නීතිඥවරියකි. 
සීඅයිඩියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව ඇති ප්‍රධාන දෝෂාරෝපණය හා ගැටලුව වන්නේ වැරදිසහගත සිද්ධි සිදුවීම් සහ මහජනයා පැමිණිලි කළ විටදී දීර්ඝ කාලයක්  කටයුතු පමා වීමයි. 

නීතිඥ පෙරේරා තම ප්‍රකාශයේ සඳහන් කර ඇති අගෝස්තු 31 වැනිදා දැනගත් සීඅයිඩියේ ක්‍රියා කලාපය සහ සැප්තැම්බර් 12 දින නීතිපති දෙපාර්තමේන්තුවේදී අත්විඳි තර්ජනය බරපතළ වුවද නීතිපති දෙපාර්තමේන්තුවේත් සීඅයිඩියේත් අයතා ක්‍රියා කලාපය පොලිසියෙත් මහේස්ත්‍රාත් අධිකරණයේත් නීතිපති හෝ සීඅයිඩි ප්‍රධානියාගේත් අවධානයට එම සිදුවීම සිදුවූ විගස යොමු නොකළේ මන්ද යන ප්‍රශ්නය පැන ගනී. 

සැප්. 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී වාර්තාව ගොනු කළ විට සීඅයිඩියේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී කියන ක්‍රිය කලාපය පිළිබඳව පැමිණිල්ලක් හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් හෝ ඒ පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමක් හෝ කර නොමැත. 

කලින් දවසේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට චෝදනාඑල්ලවෙන අතිශය සාදාචාර සම්පන්න නොවූ සහ අපරාධයක් ලෙස සැලකිය හැකි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සති දෙකක් ඉක්මගිය විට හෝ පෙර දවසේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් හෝ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගෙන් ඒ පිළිබඳ පැමිණිල්ලක් නඩුව  විමසන  අතරතුර පවා ඉදිරිපත්වී නැත යි එක් තොරතුරු සපයන එක් මූලශ්‍රයකින් කියැවිණි. 

සැප්තැම්බර් 13 වැනිදා සීඅයඩියෙන් ගොනුකළ බී වාර්තාවෙන් අගෝස්තු 31 වැනිදා බී.එම්. මෙන්ඩිස් සමාගමේ සාක්ෂිකරුවන් හතර දෙනා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වරදක් කළ බව සඳහන් සවිස්තරාත්මක ප්‍රකාශයේ සාරාංශ වාර්තාවක් ගෙන ආවේය. පුද්ගලයින් 4 දෙනාම සාක්ෂි විභාග කරමින් කරනු ලැබූ කාර්ය පිළිබඳව පාපොච්චාරණයක් කර ඇති බව එම වාර්තාවේ විශේෂයෙන් සඳහන් වේ. එහි තවදුරටත් එම සාක්ෂිකරුවන්හට නීතිඥ චන්දන පෙරේරාට සීඅයිඩියට බොරු කියන්නට උපදෙස් දුන් බවද චෝදනාත්මක වූ බවද සඳහන් විය. 

පෙරේරා විසින් සීඅයිඩියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව චෝදනා කරමින් ලේඛන ඉදිරිපත් කළ බවට වාර්තාගත වූ පළමු දිනය සැප්තැම්බර් 18 වැනිදාය. එය පෙරේරා දිවුරුම් ප්‍රකාශය කළ දිනයයි. මෙයද පැමිණිල්ලක ස්වරූපයෙන් නීතිපති වෙත යවා ඇත්තේ සැප්තැම්බර් 17 වැනිදාය. මුලින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත්තේ ඊට සතියක් ගතවූ පසුවය ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්හි නීතිඥවරුන් මෙම චෝදනා  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ අවධානයට විවෘත අධිකරණයේ දී ගෙන එන්නේ සැප්තැම්බර් 27 වැනිදාය. 

නීතිඥවරුන්ට කීමට ඇති දේ 

කෙසේ වුවද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම හා චන්දන පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පැමිණිල්ලක් සටහන් කිරීමට කල්ගත වීමේ හේතුව ලෙස කීවේ සැප්තැම්බර් 17 වැනිදා සඳුදා නීතිපති වෙත ජ්‍යෙෂ්ඨ නීතිඥ කෝලිත ධර්මවර්ධන ලිඛිත පැමිණිල්ල යැවූ පසු ඔවුන්ට පියවර කීපයක් අනුගමනය කරන්නට තිබූ බවයි. සැප්තැම්බර් 23 වැනිදා සඳුදා සීඅයිඩියේ පැමිණිල්ල දැමුවා. අපට කඩිමුඩියේ දිවුරුම් ප්‍රකාශය හදා ගන්න ඕනකමක් තිබුණේ නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේත් සීඅයිඩියේත් සිදුවූ හැම සිද්ධියක්ම විස්තර සහිතව වාර්තා කරනව හැරුණු කොට නීතිඥවරු කීහ. 

මේ අතර මෝසමක් මගින් සැප්තැම්බර් 27 වැනිදා සාක්ෂිකරුවන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තා ගොනු කිරීමේදී සෑහෙන තරම් නිරවද්‍ය නොවන කරුණු මගින් අධිකරණය නොමග යවන්නට උත්සාහ ගෙන ඇති බවයි. එසේම සැප්තැම්බර් 12 නීතිපති දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යයි කියන දෝෂ සහගත සිදුවීම ද අධිකරණයේ අවධානය යොමු කෙරිණි. චාචිකව කරුණු ඉදිරිපත් කරමින් ඇතැම් සීඅයිඩී නිලධාරීන් වැරදි සහගත ලෙස කරදර කරමින් අපහාස කරමින් භීතියට පත් කරමින් හා තර්ජන කරමින් සත්‍ය නොවන ප්‍රකාශ ඔවුන් ලවා ලබාගෙන ඒවා අත්සන් කරවා ගත් බවට විත්තියේ නීතිඥවරු අධිකරණයට තොරතුරු සැළ කළහ. 

ඉන්පසු මහේස්ත්‍රාත්වරිය උසාවියට පැමිණ සිටි අතිරේක පොලිසිටර් ජරනාල් කෝදාගොඩගෙන් මේ පිළිබඳව විමසුවාය. පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රතිචාර දක්වමින් ලිඛිත දේශනයක් ලෙස දෙන ලද මෙම චෝදනා වලතියුණු බව නිසා නීතිපති දෙපාර්තමේන්තුව මේ සඳහා ප්‍රතිචාර දැක්වීමට පෙර ඒ පිළිබඳව අධ්‍යනයකොට  ඊළඟ නඩු දිනය වූ ඔක්තෝබර් 11 වැනිදාට ලිඛිතව කරුණු ඉදිරිපත්  කරන බව කියා සිටියේය. 

ඔක්තෝබර්  11 වැනිදා  නඩුව විභාගයට ගත් විට අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ, තම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනකුට එරෙහිව නැගූ චෝදනා සම්බන්ධව නීතිපතිගේ නිරීක්ෂණ  මුද්‍රා තැබූ ලිපි කවරයක බහා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම නිරීක්ෂණ ප්‍රසිද්ධ කරනවාද නැද්ද යන්න මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කළ යුතු බවයි. මෙහිදී විත්තියේ නීතිඥවරයා විරෝධය පෑ හෙයින් මහේස්ත්‍රාත්වරිය මුද්‍රාතැබූ කවරය ඔහුටම නැවත භාරදී එවැනි රහස්‍ය වාර්තවාක් අධිකරණයට බාරගත හැකිද නැතිද යන්න ගැන නීතිමය කරුණු විමසා බලන බව කීවාය. 

නීතිපති ජයන්ත ජයසූරිය සම්බන්ධ කරගෙන මෙම දෝෂ සහගත සිද්ධිය පිළිබඳව ඔහුව දැනුවත් කර ඇතිදැයි විමසාබැලීමේදී ඔහුට මේ පිළිබඳව මතයක් පැවසීමට නොහැකි බව කියා සිටියේය. මට මේ ගැන මාධ්‍ය සමග සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මීට අදාළ නිසි ක්‍රියාමාර්ග මවා ගන්නවා. යනුවෙන් නීතිපතිවරයා පැවසීය. 

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වාගෙන් මේ පිළිබඳව විමසීමේදී මෙම කරුණ අධිකරණය හමුවේ පවතින්නක් නීති නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය නීතිඥ සංගමය විසින් නිරීක්ෂණය කොට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. 

මෙම කාරණය සැලකිල්ලට ගත් අවස්ථාවේ පැන නැගුණු ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට කාලය අවශ්‍ය වුණා. එම නිසා ඊට අදාළ ඊළඟ නඩු දිනයේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව අප බලා සිටිනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කීවේය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සම්බන්ධ කරගෙන මේ පිළිබඳව පොලිසිය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව විමසා බැලීමට ගත් සෑම උත්සහයක්ම ව්‍යර්ථ විය. 

මීළඟ උසාවි දිනය නියමිතව ඇති ඔක්තෝබර් 25 වැනිදාට තවදුරටත් කරුණු අනාවරණය වෙතැයි බලාපොරොත්තු වේ. 



අදහස් (1)

බැඳුම්කරේට මෙන්ඩිස් ඈදුණ පටලැවිල්ල

somapala Thursday, 25 October 2018 03:02 AM

නඩුව අහන එක උසාවියට භාර දෙන්න.............

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 114 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 92 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 186 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 376 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 382 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 120 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site