IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


’බන්ධනයට ලක් වු දැරිය මමයි’

මේ දිනවල කාගේත් කතාබහට ලක්වී තිබෙන චිත‍්‍රපටයක් ලෙස උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘බන්ධනය’ චිත‍්‍රපටය හඳුන්වන්න පුළුවනි. අද්භූත කතා තේමාවක් රැගත් මේ චිත‍්‍රපටයේ වඩාත්ම අවධානයට හසුවී තිබෙන්නේ එහි බන්ධනයට ලක්වූ සුමනා දැරිය පිළිබඳවය. තවමත් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන මේ කුඩා දැරියගේ ප‍්‍රථම චිත‍්‍රපට රංගනය ‘බන්ධනය’ වුවද, ඇය කැමරාවට ආගන්තුකයෙක් නොවූවාය.

මීට පෙර ටෙලිනාට්‍ය හා වෙළෙඳ දැන්වීම්වලින් කාගේත් සිත් දිනාගත් මේ කුඩා දැරිය නමින් සහේලි සදිත්මා සතරසිංහ ය. කොළඹ 10, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සහේලි, ‘බන්ධනය’ චිත‍්‍රපටයේ රඟපා ඇත්තේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන අවධියේය.

මේ කුඩා දැරිය වයස අවුරුදු දෙකහමාරේදී සිරස රූපවාහිනියේ ‘සුජාතා’ ටෙලිනාට්‍යයේ රඟපාමින් රංගනයේ අත්පොත් තැබූ අතර එතැන් සිට ඇයට වෙළෙඳ දැන්වීම් ගලා එන්නට වූවාය. ටෙලිනාට්‍ය කිහිපයකම කුඩා අවධියේම රඟපෑමට තරම් ඇය දක්ෂ වූවාය.

සහේලිගේ ප‍්‍රථම චිත‍්‍රපට රංගනයට අවස්ථාව ලැබුණු අයුරු පැහැදිලි කළේ ඇයගේ අම්මා වන ඉමානි කළුආරච්චිය. ”සහේලි දුව ආනන්ද අබේනායක මහතාගේ ‘තාරා’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. එහි සුජාතා පේ‍්‍රමරත්නත් රඟපෑවා. ඒ දවස්වල සුජාතා ඇන්ටිට උදයකාන්ත කියලා තිබුණා, දක්ෂ ළමයෙක් ඉන්නවා නම් කියන්න කියලා. ඇන්ටි මගේ දියණිය ගැන උදය අයියාට කියලා. එතකොට උදය අයියාත් ඒ ටෙලිනාට්‍ය බලලා තිබෙනවා. පස්සේ උදය අයියා අපට ඔහුගේ ගෙදරට එන්න කිව්වා. මායි සහේලි දුවයි, අනෙක් චූටි දුවයි සැමියයි ඔහුගේ ගෙදරට ගියා. දුවට අසනීප වූ අයෙක් විදිහට පොඩි ඇක්ට් එකක් කරන්න කිව්වා.

තව නටන්නත් කිව්වා. ඒවා ඔහු ෆෝන් එකෙන් වීඩියෝ කරගත්තා. පස්සේ දියණිය ගැන ආසා හිතිලා අපට ස්ක‍්‍රිප්ට් එක එව්වා බලන්න. දුව එතකොට පොඩියි. උදය අයියා කිව්වේ පොඩි වුණාට, ඇය මේ චරිතයට හොඳයි කියලා. අපි පිටපත බැලූවාම මෙය ළමා චරිතයක් නොවෙයි, හොල්මනක් වැහෙන වෙනස්ම විදිහේ චරිතයක් බව වැටහුණා. අපි කැමති වුණා. නමුත් මුලින් චකිතයක් ආවා. ඒත් දුවගේ දක්ෂතා පෙන්වන්න මේක හොඳ අවස්ථාවක් කියලා අපට තේරුණු හින්දා කැමති වුණා. ඔය විදිහට තමයි ‘බන්ධනය’ චිත‍්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ.”

‘බන්ධනය’ චිත‍්‍රපටයේ රූපගත කිරීම් හොරණ හා ආනමඩුව යන ප‍්‍රදේශවල සිදුකර තිබේ. ඇය ඒ සඳහා එක්කරගෙන ගිහින් තිබුණේ පියා වන වසන්ත සතරසිංහය. උදයකාන්ත ස්ක‍්‍රිප්ට් එක සහේලි දුවට නොපෙන්වා කතාව පමණක් ඇයට කියාදෙන ලෙසට මවුපියන්ට උපදෙස් දී තිබුණි. ඔහු ඇයගේ දක්ෂතා උපරිමයෙන් ලබාගත්තේ ඒ නිසාවෙන් බව පැහැදිලිය. චිත‍්‍රපටයේ මංගල දර්ශනය දා සහේලිට උණුසුම් ප‍්‍රතිචාර හිමිවුණි.

ඒ ගැන මේ කුඩා දැරිය පැවසුවේ මෙවන් වූ අදහසකි. ”ඇත්තෙන්ම ලොකු සතුටක් දැනුණා. මාමලා නැන්දලා මට ගොඩක් හොඳ කිව්වා. මම ගෙදරදී වැඩිය දඟලන කෙනෙක් නොවෙයි. ඉතිං අම්මයි තාත්තයි පුදුම වුණා මේ මමම ද රඟපෑවේ කියලා. අපේ ඉස්කෝලේ විදුහල්පතිනි තුෂාරි මැඩම් එදා චිත‍්‍රපටය බලලා මට ගොඩක් හොඳ කිව්වා. මට හරිම සතුටුයි.

ලොකු අන්කල්ලා ඇන්ටිලා මාව දැක්කාම මේ අර හොල්මන වැහිච්ච ළමයා නේද කියලා අහනවා.” සහේලි දැරියට ලැබෙන ප‍්‍රතිචාර නම් ඉතා ඉහළය. සමහරු ඇයගේ ඒ රංගනය දැක බියට පත්වූ අවස්ථා ද තිබේ. ඒ තරමට ඇය බන්ධනයට ලක්වූ චරිතය හොඳින් රඟපා තිබෙන්නීය. චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පට (ටේ‍්‍රලර්) යන අවධියේ පවා ප‍්‍රතිචාර ගලා එන්නට වූයේ ඒ නිසාවෙනි.

පාසලේ හැම කලා කටයුත්තකටම දායකවෙන සහේලි නාට්‍ය හා රංගන කලා විෂය බාහිර විෂයයක් ලෙස හදාරන්නට වූවාය.

ඇය පසුගිය කාලයේ ප‍්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ ‘දේදුනු ආකාසේ’ චිත‍්‍රපටයේ ද හේමාල් රණසිංහගේ දියණිය ලෙස රඟපෑවාය. ‘බන්ධනය’ චිත‍්‍රපටයේ ද ඇය හේමාල්ගේ දියණිය වූවාය. මේ දිනවල නෙත්ත්‍ඵ ගුවන් විදුලියේ ප‍්‍රචාරය වන ‘සත්‍යා’ ගුවන් විදුලි නාට්‍යයේ සත්‍යාට හඬ කවන්නේ සහේලිය. ඉදිරියේ දී ඩොනල්ඞ් ජයන්තගේ අලූත් චිත‍්‍රපටයේ රඟපෑමට බලාපොරොත්තු වන ඇයට වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබ තිබෙන්නීය. එමෙන්ම ජැක්සන් ඇන්තනීගේ ‘සී රජ’ ටෙලිනාට්‍යයේ ඇය කළ රඟපෑම ප‍්‍රවීණයන්ගේ ප‍්‍රශංසාවට ලක්වූවාය.

”රංගනයෙන් ඉදිරියට යන්න මම ආසයි. ඒ වගේම ඉගෙන ගන්නත් ආසයි. අම්මයි තාත්තයි මට හොඳ නරක කියලා දෙනවා. ඉතිං ඒ විදිහට වැඩ කරනවා. මාමලා නැන්දලා ගොඩාක් හොඳ දේවල් මට කියා දෙනවා. ඉතිං ඒ අය මට ගොඩක් ආදරෙයි. ඒ හැමෝටම මම කියන්නේ ‘බන්ධනය’ චිත‍්‍රපටය බලන්න කියලයි. පාසලේ ගුරුවරුත් මම ආදරෙයි.

යාළුවෝත් සපෝට් කරනවා. හැමෝටම ස්තූති කරනවා.” පුංචි සහේලි දැරිය කතා කළේ හරිම හුරතල් විදිහටය. ඇයගේ මේ චිත‍්‍රපට රංගනය වෙනුවෙන් උදයකාන්ත වර්ණසූරිය, ඩොනල්ඞ් ජයන්ත, සුජාතා පේ‍්‍රමරත්න, විදුහල්පතිනි තුෂාරි ද සිල්වා යන මහත්ම මහත්මීන්ට තුති පුදකරන්න අමතක කළේ නම් නැත. පුංචි සහේලි හෙට දිනයේ මෙරට කලා ක්ෂේත‍්‍රයේ පෙරැළිකාර රංගනශිල්පිනියක් වෙන බවට නම් නොඅනුමානය. ඇය මෙරට දක්ෂතම නිළිය වන බවට ‘බන්ධනය’ චිත‍්‍රපටයෙන්ම පෙන්නුම් කර තිබෙන්නීය. සහේලි දියණියෙනි, ‘රසවින්දන’ සුබපැතුම් එක්කරන්නේ හදපිරි සතුටකිනි. මේ පුංචි තාරකාව හෙට දින කලා ලොව දීප්තිමත් කරනු දැකීම අපගේ ද පැතුමයි.

(සටහන - සමන්ත යහම්පත්)



අදහස් (5)

’බන්ධනයට ලක් වු දැරිය මමයි’

Marikkar Friday, 21 April 2017 11:24 AM

මේක Exorcism නමැති හොලිවුඩ් චිත්‍රපටියේ කොපියක්. හරියට සරිගම චිත්‍රපටයේ කොපියක් වගේ...

:       0       77

පුෂ්පා Friday, 21 April 2017 11:23 PM

1973 දි නිකුත් කළ ද එක්සොෂිස්ට් (The Exorcist ) නැමති චිත්‍රපටයේ සමහර දර්ශන මගේ සිහියට ආවා. නමුත් මෙය එම ඉංග්‍රිසි චිත්‍රපටයේ කොපියක් ලෙස මට කිසිසේත් සිතුනේ නැහැ. බොහෝ කරුණු අතින් (විශේෂයෙන්ම දැරියගේ රංගනය) මෙම සිංහල චිත්‍රපටය ඉංග්‍රිසි චිත්‍රපටයට වඩා ඉහළ මට්ටමක තිබෙනවාද යන්න ප්‍රේක්ෂකයෙක් වශයෙන් මගේ අදහසයි.

:       0       0

siri Saturday, 22 April 2017 10:09 AM

දුවේ ඔයාට තෙරුවන් සරණින් සුබ අනාගතයක් වේවා !!!

:       0       1

Sarath Prematilake Monday, 24 April 2017 02:03 AM

තේමාව 1973 දි නිකුත් කළ ද එක්සොෂිස්ට් (The Exorcist ) නැමති චිත්‍රපටයේ.

:       0       0

sopi Monday, 24 April 2017 05:14 AM

පුංචි දුවේ ,ඉහළ අධ්‍යාපනයකුත් සමගින්ම රංගනය ඉදිරියට ගෙනයන්න. උගත්කමක් නැතිව මොන ක්ෂේත්‍රයට ගියත් තමුන්ගේ ආත්ම ගරුත්වය තියාගන්න අමාරුයි .අයිරාංගනී සේරසිංහ ,ට්‍රිලිෂියා ගුණවර්ධන මහත්මීන් වගේ ප්‍රවීණ චරිත ආදර්ශයට ගන්න .ලොකු වෙලා බාගෙට ඇඳුම් ඇඳගෙන පත්තර පිටු සරසන්න නම් යන්න එපා ..අනාගතයට සුබ පතනවා .....!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3723 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10983 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1861 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site