IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බටුවත්තේ මාරක අනතුර

ගෙවුණු නිදහස් දිනය දා රාගම බටුවත්ත පමණක් නොව මුළු රටම ශෝකයෙන් වෙලී ගියේ සිව් දෙනකුට මරු කැදවූ රිය අනතුරක් නිසාය.


රාජ්කුලතුංග ධර්මසිරි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. පදිංචිය මීගමුව වෑහුලූපිටිය නුගෙවල පාරේ ය. මුලින්ම ත‍්‍රීරෝද රියක් ගත් ඔහු ඉන් කුලී ගමන් ගොස් දිවි සරිකර ගත්තේය.

 

2

 

අනතුරට මුහුණදුන් ධර්මසිරි මහතා බිරිය සහ දරුවන් සිවුදෙනා සමග විවාහ මංගල්‍යයකදී ගත් ඡායාරූපයක්


ඉන්පසු වෑන් රියක් ගෙන ගුවන්තොටුපොළේ සිට කුලී ගමන් ගියේය. දිනක් නුවරට කුලී ගමණක් ගොස් නැවත එද්දී වාහනය අඩි සියයක පමණ ප‍්‍රපාතයකට පෙරළුණු අතර අනූ නවයෙන් ඔහුගේ දිවි බේරුණේය.


ඒ අනතුරත් සමඟ කරන කියන සියලූ කටයුතු ඉතා පරිස්සමෙන් හා පරීක්ෂා කාරීව කිරීමට පුරුදුවූ ඔහු නැවත ත‍්‍රීරෝද රථය ධාවනය කරන්නට විය.  ඒ කලින් අනතුරින් වෑන්රියට දැඩි ලෙස හානි වූ නිසාය.


ඉන් පසු  ජපානයට ගොස් එහි රැකියාවක් කළේය. නැවත ආවේ මීට වසරකට එක හමාරකට පමණ පෙරය. ජපානයේ සිට පැමිණි ධර්මසිරි සිය නිවෙස අසළ වෙළෙඳ සලක් ආරම්භ කළේය. ටික දිනකින් කැබ් රියක් ද   ගත්තේය.


ඔහු පුතුන් දෙදෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ පියෙකි.


ධර්මසිරිගේ දිවියේ අවාසනාවන්තම දිනය උදා වූයේ පසුගිය පෙබරවාරි හතර වැනි දාය. නිදහස් දවසේ දරුවන්ට ද පාසල් නිවාඩු නිසා කිරුළපොණ හිත මිතුරකුගේ නිවෙසකට යෑමට ඔවුහු තීරණය කළහ. ඒ යන අතරතුර බටුවත්තේ තම ඥාතියකුගේ නිවෙසට යෑමට ද අමතක නොකළේය.


ඒ අනුව ධර්මසිරි, බිරිය සහ දරු සිව් දෙනා නිවසින් පිටත් වූයේ බටුවත්තට ගොස් කිරුළපොණ යන අටියෙනි. ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව පමණක් නොව සියලූ බලා පොරොත්තු සුනු විසිනු වූයේ බටුවත්තේ දීය.


බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොතිබිණි. තිබුණේ සංඥා පද්ධතියක් පමණි. ධර්මසිරි කැබ්රියේ එද්දී ගම්පහ පැත්තේ සිට කොළඹ දෙසට දුම්රියක් ධාවනය විය. එය ධාවනය වනවාත් සමඟම ඔහු සිය කැබ් රිය පාර හරහා දැමුවේය. එකෙනෙහිම මහා විශාල ශබ්දයකින් බටුවත්ත තිගැස්සී ගියේය. අවට සිටි පිරිස් ඒ වටා රොක්වන්නට වූහ.


කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැුජිනී දුම්රියේ හැපුණු ධර්මසිරිගේ කැබ්රිය කුඩු පට්ටම් විය. අවසානයේ දිවි බේරුණේ  බිරියගේ සහ බාල දියණියගේ පමණි.

07-Page-3-M-head
රාජ් කුලතුංග ධර්මසිරි (43) (පියා), රාජ්කුලතුංග හර්ෂ තරිඳු (19) (පුතා) , රාජ් කුලතුංග ලහිරු සාලිංග (14) (පුතා) සහ රාජ්කුලතුංග අංජලී ප‍්‍රබුද්ධි (21) (දියණිය)  සිද්ධිය වූ තැනම මිය ගියහ.


 වෙල්ගම ආචාරිලාගේ තුෂාරිකා සිල්වා (35) (මව) සහ  රාජ් කුලතුංග තරුෂි මධුෂාණි (12) (දියණිය)  තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ”එක් මාර්ගයක දුම්රියක් ගියා. ඒ එක්කම බයික් එකක් මාර්ගය හරයා දැම්මා. අපිත් අපේ වාහනය දැම්මා. හරස් මාර්ගය හරහා දානකොටම අනිත් පැත්තෙන් දුම්රියක් එනවා දැක්කා. මට එච්චරයි මතක. ඉන් පස්සේ මතක රෝහලේ ඉන්නවා.” යැයි ධර්මසිරිගේ බිරිය රාගම රෝහලේ දී පොලිසියට කීවාය.
”රේල්පාර මැද්දෙන් වාහනේ දාද්දි කොච්චියක් එනවා දැක්කා. ඒ එක්කම මං ඇස් පියා ගත්තා.” යැයි බාල දියණිය රෝහලේ දී ඥාතීන්ට කියා ඇත. පොලිසිය බ‍්‍රහස්පතින්දා (05) වන විටත් දියණියගේ කටඋත්තරයක් සටහන් කරගෙන නොතිබිණි. ඒ ඇය කම්පනයකින් සිටි බව පෙනුණු නිසාය.


එකම නිවෙසේ හතර දෙනකු මිය ගිය නිසා මුළු මීගමුවම එකම මළගෙයක් විය. අනතුර සිදුවූ රාගම දුම්රිය හරස් මාර්ගය ගැන ද කිව යුතුමය. එය අනාරක්ෂිත මාර්ගයකි. දුම්රිය ගේට්ටු නැත. ඇත්තේ සංඥා පද්ධතියක් පමණි.  පාර වංගු සහිත නිසා දුම්රියක් පැමිණියත් පෙනෙන්නේ නැත. මේ ස්ථානයේ මීට ඉහත දී ද අනතුරු රැසක් සිදු විය. මීට වසර තුනකට පමණ පෙර බස් රථයක් දුම්රියේ හැපී තරුණියක් මිය ගියාය. තවත් කිහිප දෙනකු බරපතළ තුවාල ලදහ.


කෙතරම් අනතුරු වුවත් ගේට්ටුවක් දැමීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වූයේ නැත. ප‍්‍රදේශවාසීන් කියනුයේ තවත් අනතුරක් සිදුවීමට පෙර මෙම ස්ථානයට ගේට්ටුවක් දැමිය යුතු බවයි.

 

M



අදහස් (0)

බටුවත්තේ මාරක අනතුර

ඇසළ Monday, 09 February 2015 12:42 PM

බටුවත්ත දුම්රිය හරස් පාරේ කිසිම වංගුවක් නැහැ. එක පැත්තකින් බුලුගහගොඩ සහ අනිත් පැත්තෙන් වල්පොල දුම්රිය ස්ථානය දක්වා කෙලින් පාර. මෙතන සිදුවෙලා තියෙන්නේ හදිසිය දුම්රිය ගියාට පස්සේ දෙපැත්ත බලල වහනය පැදෙවුව නම් අනතුරක් නැහැ. මියගිය සැමට නිවන් සුව.(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 09 February 2015 12:57 PM

අපිත් අපේ ආරක්ෂාව ගැන මිට වඩා හිතන්න ඕනේ. දෙයක් උනාට පස්සේ කාටවත් ඇගිල්ල දිගුකරන්න කලියෙන් (නදී)

:       0       0

සංගීත් Friday, 13 February 2015 07:53 AM

මේ වසරේ මුලම ඇසූ දුක්බරම කතාව.(හේ)

:       0       0

හර්ෂ Friday, 13 February 2015 02:17 PM

එතන වංගු සහිත ස්ථානයක් නොවේ. මා දන්නා තරමින් මෙම දුම්රිය ස්ථානය සහ ඉදිරියෙන් ඇති දුම්රිය ස්ථානය සහා පසුපසින් ඇති බුළුගහගොඩ යන දුම්රිය ස්ථාන තමයි ශ්‍රී ලංකාවේ එක දුම්රිය ස්ථානයක සිට බැලුවිට එක කෙලින් එක දිගට දුම්රිය ස්ථාන 03ක් පෙනෙන එකම ස්ථානය. රියදුරු මහතාගේ නොදැනුවත්කම නිසාවෙන් මෙම අවාසනාවන්ත සිද්දිය සිදුවුනේ කියා කියන්න පුළුවන්. ඔව්න් සියළු දෙනාට උතුම් නිර්වාන සුවය අත්වේවා, මෙවැනි අකල් මරණ කිසිදු ජාතියක සිදු නොමවෙවා!!!!! (අ)

:       0       0

කපිල Monday, 09 February 2015 04:41 PM

ඇයි සිග්නල් ලයිට් පද්ධතියක් තිබෙන තැන අනාරක්ෂිතයි කියන්නේ? ඒක හොඳට වැඩකරනවානේ. වෙන මොකුත් නෙමෙයි, මේ නොසැළකිල්ල (නි)

:       0       0

තිනුග Monday, 09 February 2015 09:35 AM

ඔය කියන විදියට වංගුවක් තිබෙන තැනක් නම් ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට ඔය ළමයි 4 දෙනාගේ එක ළමයෙක්ව වාහනෙන් බස්සල පාර පැහැදිලිද කියල බලන්න හිතුනේ නැත්තේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 151 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 115 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 200 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 206 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 679 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 937 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site