IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාතාල භීෂණය සුළුකොට නොතකනු

පාතාල ක්‍රියාකාරකම්වල වර්ධනය බලවත් සමාජ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබේ. පසුගිය වසර කිහිපයක් තිස්සේම වාර්තා වූ පාතාලය මැර ක්‍රියා මාර්ගයෙන් රට තුළ නිල නොවන භීෂණයක් පතුරුවමින් සිටී. කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, මනුෂ්‍ය ඝාතන ආදී සුලභ අපරාධ සිදුවීම් අතර හුදෙකලා සාමාන්‍ය අපරාධ රැසක්ද වාර්තා වෙමින් පවතී.

අප දන්නා පරිදි පාතාලයේ වඩාත් භයානක තත්ත්වය වන්නේ ඔවුන් විසින් කරනු ලබන සැලසුම් සහගත සහ සංවිධානාත්මක අපරාධයි. පාතාල ක්‍රියාකාරකම් බහුල වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ පාතාල මර්දන පොලිසිය අපරාධකරුවන් හඹා යයි. එවිට ඔවුන් කරන්නේ කවර හෝ උප්පරවැට්ටියක් දමා විදේශ රටකට පැනගැනීමයි.

ලැබෙන නවතම වාර්තා අනුව පාතාලයේ නායකයෝ රැසක්ම දැන් මැදපෙරදිග සිය වාසස්ථානය කරගෙන සිටිති. කලකට පෙර මාකඳුරේ මධූෂ්, වෙලේ සුදා වැන්නන් සිය ආධිපත්‍යය පැතිරවූයේ මැදපෙරදිග ඩුබායි රාජ්‍යයේ සිටය. කිඹුලාඇලේ ගුණා නමැත්තා සිටියේ ඉන්දියාවේ ය.

මධූෂ්ලාගෙන් පසුව අපරාධ ලෝකයේ නම් දැරුවකු වන චින්තන වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා සිය අපරාධ අධිරාජ්‍ය මැදපෙරදිග සිට මැඩගස්කරය දක්වා පුළුල් කරන්නට යාමේදී මැඩගස්කර පොලිසිය මගින් අත්අඩගුවට පත් පුවත වාර්තා වූයේ නොබෝදා ය. ඔහු සමඟ ඔහුගේ අනියම් බිරිය බව කියන මැලේසියානු ජාතික කාන්තාවක ද තවත් ප්‍රබල පාතාල කෙරුමකු වන සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු නමැත්තා ද ඔවුන්ගේ අපරාධ සහායකයන් කිහිප දෙනකු ද අත්අඩංගුවට පත්ව ඇතැයි මැඩගස්කර මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම පාතාල අපරාධකරුවන්ගේ ප්‍රබලත්වය කොතෙක්දැයි කියතොත් මෙම පිරිස අත්අඩංගුවට පත්වන විට හරක් කටාගේ අනියම් බිරිය සතුව රුපියල් මිලියන 38ක්ද තවත් රුපියල් තුන්කෝටි අසූ ලක්ෂයක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එසේම මෙකී පාතාල නායකයන් මැදපෙරදිග සිට මැඩගස්කරයට පැමිණ ඇත්තේ කුලියට ගත් පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් බවද සඳහන්ය. මෙම පුවත ඇසූ දුටු අපට නිතැතින්ම සිහි වන්නේ අමෙරිකාවේ චිකාගෝ අපරාධ කල්ලියයි. ගුවන් යානා, හෙලිකොප්ටර් ආදිය ද එහි ගෝඩ් ෆාදර්ලා සතුය. ඔවුන් වෙනම අධිරාජ්‍යයක් ගොඩනගාගෙන ඇත්තේ තමන් සතු මහා ධනය, ආණ්ඩුවේ බලය හා මැරකම උපයෝගී කරගෙනය.

මේ ආකාරයේ පාතාල නායකයන් රැසක් විදේශගතව සිටින බැවින් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔවුන් කොටුකර ගැනීමට දැනටමත් රතු නිවේදන 150ක් පමණ නිකුත් කර තිබේ. මෙම රතු වරෙන්තුකරුවන් පිළිබඳව නිසි ලෙස ඔත්තු ලැබුණත් මාකඳුරේ මධූෂ් මැදපෙරදිග දී අත්අඩංගුවට ගත් ආකාරයට ශ්‍රී ලංකා පොලිසියට ක්‍රියාත්මක විය හැකිය.

එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ විධිමත් ලෙස ඔත්තු ලබාගැනීමය. මෙහිදී තවත් සඳහන් කළ යුත්තක් තිබේ. පොලිසිය බරපතළ ආරක්ෂක මෙහෙයුම් දියත් කර අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් නීතියද නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. මෙවැනි බල අපරාධකරුවන්ට නීතියෙන් රිංගා යාමට වරමක් නොදීම නීති සම්පාදකයන්ගේ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේද වගකීමයි.

මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් නීතියේ රැහැනින් මිදී පලා යාම සම්බන්ධයෙන් මෑතකාලීන උදාහරණ ගණනක් සැපයිය හැකිය. කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයා අත්අඩංගුවට පත් විය. ඔහුට එරෙහිව නඩුවක් ද පැවරුණි. නඩුව මධ්‍යයේ දැඩි ඇප කොන්දේසි මත ඔහු ඇප පිට නිදහස ලැබීය. ගමන් බලපත්‍රද අධිකරණයට භාරයට ගැනුණි. එහෙත් ඉන් දින කිහිපයකට පසු වාර්තා වූයේ කංජිපානි ඉම්රාන් නීතියේ ඇසට වැලි ගසා රටින් පැන ගිය පුවතයි.

ඉතා මෑතකදී තවත් මෙවැනි පාතාල අපරාධකරුවකු වන බූරු මුහුණා නමැත්තා කටුනායක ගුවන් තොටුපොළින් පැන යන්නට තැත් කරන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත් විය. එහෙත් සුළු වෙලාවකින් චීවරධාරින් පිරිසකගේද සහාය ඇතිව ඔහු අත්අඩංගුවෙන් මිදී පලා ගියේය. කංජිපානි ඉම්රාන් සහ බූරු මුහුණා වැනි තවත් සිදුවීම් ඕනෑ තරම් උදාහරණ ලෙස දැක්විය හැකිය. මේවායින් පැහැදිලි වන්නේ පාතාලයේ ප්‍රබලත්වය හා නීතියේ දුබලත්වය යැයි කෙනෙකුට තර්ක කරන්නට පුළුවන.

පාතාලකරුවන් අල්ලා කොටුකර ගන්නවා සේම ඔවුන්ට එරෙහිව විධිමත් ලෙස දැඩි නීති රීති ක්‍රියාත්මක වීමද අත්‍යවශ්‍යය.  ඉන්දියාවේදී නොබෝදා අත්අඩංගුවට පත්වූවා යැයි කියූ කිඹුලාඇලේ ගුණා නමැත්තා ලංකාවට ගෙන්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කළේ ඒ කාලයේමය. එහෙත් ඉන් පසුව ඒ ගැන සිදුවූ කිසිවක් ගැන වාර්තා නොවීය. පාතාලය යනු ආණ්ඩුවක් තුළ පවත්නා ආණ්ඩුවක් මෙන් ප්‍රබල සංවිධානයකි. එයට අනුග්‍රාහකයෝ කොතෙකුත්ය. පාතාලය නමැති බූවල්ලාගේ අඬුපඬු විහිදී ඇති ක්ෂේත්‍ර රටේ හැම ඉසව්වකින්ම වාර්තා වන බව කිව හැකිය.

එබැවින් පාතාලය දැඩි ලෙස මර්දනයට ලක් කළ යුතුය. පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම එකිනෙක බැඳී ඇති ක්‍රියාදාමයක් වී තිබේ. අනාගත පරපුරට විනාශය කැඳවන මත්ද්‍රව්‍ය දැන් පාසල්වලට පවා ගෙවැදී හමාරය. එනිසා පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ කටයුතු පොලිසියට පමණක් බාර නොදී සමස්ත සමාජයම ඊට සහාය විය යුතු බව සඳහන් කරනු වටී.

(***)



අදහස් (0)

පාතාල භීෂණය සුළුකොට නොතකනු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 99 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 98 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 290 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 527 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 588 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 96 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site