IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පළාත් සභා ඡන්දයට තවත් පොල්ලක්

පළාත් සභා මැතිවරණය තවත් මාස හයකින් පමණ පැවැත්විය හැකි යැයි ආණ්ඩුව විශ්වාසය පළ කරයි. ඒ අනුව පළාත් සභා මැතිවරණය මේ වසරේ අගභාගයේදී පමණ පැවැත්වෙනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඡන්ද ක්‍රමය ගැනද ආණ්ඩුව ස්ථිර තීන්දුවක් ගෙන ඇති හෙයින් ඒ සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද එය ප්‍රමාද නොකරන බවද ආණ්ඩුවේ ප්‍රධානීහු පවසති.

එහෙත් භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම පළාත් සභා නොපැවැත්විය යුතු බවට රජයට කරුණු කියති. භික්ෂූන් වහන්සේලා සඳහන් කරන්නේ පළාත් සභා අනවශ්‍ය වියදමක් බවය. භික්ෂූන් වහන්සේ පිරිසක් ඉකුත් බදාදා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පළාත් සභා නොපැවැත්විය යුතු බව අවධාරණය කළහ. ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් ඡන්ද පොරොන්දුවක් වසරක් ගතවීමටත් පෙරාතුව අමතක කිරීම පිළිබඳව උන්වහන්සේලා ආණ්ඩුවට දොස් තබති. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇත්තේ පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් ක්‍රමයක් අවශ්‍ය බවය. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දිස්ත්‍රික් මට්ටමින් බලය බෙදීම බවද ශ්‍රීලනිපයේ අදහස වී ඇත. ශ්‍රීලනිපයේ මෙම යෝජනා ඇතුළත් ලියවිල්ල ඉකුත්දා ශ්‍රීලනිප නායකයෝ මහ නාහිමිවරුන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් අරම්භ කළහ.

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීමේ චෝදනාව හිටපු ජනාධිපතිවරයා වෙත  එල්ලවී තිබේ. පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ජනාධිපති කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාවෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ලවී ඇතැයි ඇතැම් පිරිස් පවසති. එම කතාව ඉකුත්දා කොළඹ අගරදගුරුතුමාද පැවසූහ. එහෙත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර කීවේ එම වාර්තාවේ එවැන්නක් නොමැති බවය. ඒ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකයෝ ඉකුත්දා රැස්වී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. ශ්‍රීලනිපය කඩා බිඳදැමීමේ දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ පවසති. ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයෝද හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළහ. එහෙත් මෑතක සිට එවැනි චෝදනා කිරීම් නතරවී තිබේ.

ආණ්ඩුවේ ඇමැතිවරුන් කියන්නේ වරදකරුවන් පිළිබඳව සොයාබැලීම හා නඩු පැවරීම ආණ්ඩුවේ කටයුත්තක් නොව නීති අංශවල කටයුත්තක් බවය. ඉදිරියේදී යම් තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස ඊට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානය යොමුවී තිබේ. හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නීති අංශවලින් කරුණු පැහැදිලි කර ගැනීමට අපේක්ෂා කරන බවද පක්ෂ ආරංචිමාර්ග කියයි.

ඉකුත් සතියේ දේශපාලන කරළියේ සිදුවූ ප්‍රධානතම සිද්ධිය වූයේ රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහිමි වීමය. රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහිමි වීම ආණ්ඩුව හිතාමතාම කළ දෙයකැයි ද එය දේශපාලන පළිගැනීමකැයි ද විපක්ෂය දිගින් දිගටම චෝදනා කරන්නේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් කතානායකගෙන් කරුණු විමසීය. සජිත් ප්‍රේමදාස කතානායකගෙන් ඉල්ලා සිටියේ රන්ජන්ට පාර්ලිමේන්තුවට ඒමට අවසර දෙන ලෙසය. එහෙත් කතානායකවරයා එය ප්‍රතික්ෂේප කරමින් හේතු කාරණා දැක්විය. සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් අරගල කළද රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය රැක ගැනීමට ලැබුණේ නැත. ‘රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහෝසිවීම ගැන විපක්ෂය නගන චෝදනා වැරදියි. විපක්ෂය වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ ගන්නවා. රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහෝසි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) වගන්තිය අනුවයි’ යැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසුව මැතිවරණ කාලයේදී ක්‍රියාත්මක වන මාධ්‍ය උපමාන නැවත සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ සඳහා අදහස් හා යෝජනා ලබාගැනීමටද මැතිවරණ කොමිසම කටයුතු කරමින් තිබේ. දැනටමත් මැතිවරණ කොමිසම සතුව මාධ්‍ය උපමාන තිබෙන අතර ඒවා නැවත සකස් කිරීම සඳහා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටද නියමිත බව මැතිවරණ කොමිසම කියයි.

අලුත් අවුරුදු නිවාඩුවට වෙනත් වසරවලදී මැති ඇමැතිවරු විදේශ සංචාරවල නිරත වෙති. එහෙත් කොරෝනා හේතුවෙන් ඉකුත් වසරේ මෙන්ම මේ වසරේදී ද මැති ඇමැතිවරුන්ට විදෙස් සංචාර යෑමට ලැබෙන්නේ නැත. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දේශපාලන රැස්වීම් පැවැත්වීමද ඇතැම් මැති ඇමතිවරුන් නතර කර ඇතැයි ද වාර්තාවේ. අවුරුදු උත්සව ආදියට ආරාධනා ලැබුණද ඒවාට සහභාගී නොවීමටද ඇතැම් මැති ඇමැතිවරුන් තීරණය කර ඇතැයි ද පැවසේ.

ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් උද්ගතවීය. ඒ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙනි. පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේ ඊට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමැතිවරු විරෝධතාවක් දැක්වූහ. එම පනත් කෙටුම්පත සකස් කිරීමට පෙර හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා නොකළ බවට චෝදනා කරමින් ඔවුහු විරෝධය දැක්වූහ. එහිදී වාසුදේව නානායක්කාර ඇමතිවරයා සඳහන් කළේ ‘මේ වගෙ පනතක් හදන්න කලින් සාකච්ඡාවක් අවශ්‍යයි. ආණ්ඩුවේ නායකයන් රැස්වී සාකච්ඡා කරලා පසුව තීන්දු තීරණ ගත යුතුයි’ බවයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීන්දු කළේ හවුල්කාර පක්ෂවල නායකයන් මසකට වරක්වත් රැස්වී විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමටය. එහි ආරම්භක රැස්වීම පළාත් සභා ගැන සාකච්ඡා කිරීමටද එහිදී තීන්දු කෙරිණ. මේ වගේ රැස්වීමක් තියන එක හොඳයි. ඇමතිවරුන් අතර පවතින මත ගැටුම් සාකච්ඡා කරලා ඒවාට විසඳුම් ලබාගන්න අවස්ථාවක්  හිමිවෙනවා’ යැයි කැබිනට් ඇමතිවරයෙක් පැහැදිලි කළේය.

ඇත්තටම ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්න යන ආකාරය ගැන හවුල්කාර පක්ෂවල නායකයන් විරුද්ධයි. ඊට හේතුව අලුත් ඡන්ද ක්‍රමයට එක කොට්ඨාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු බැගින් දාන්න පුළුවන්. එහෙම වුණාම වැඩිම මනාප ගන්න අපේක්ෂකයාට පුටුව හිමි වෙනවා. ඒ පක්ෂයේම අනෙක් අපේක්ෂකයන් දෙන්නා පරාජය වෙනවා. බොහෝ විට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අපේක්ෂකයන් හැලෙන්න ඉඩ තියෙනවා. ඊටත් වඩා එකම පක්ෂය ඇතුළෙ මනාප පොරයකුත් නිර්මාණය වෙනවා’ යැයි විපක්ෂයේ ඇමතිවරයෙක් කීවේය.

එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජනබලවේගයට එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට එක්සත් ජාතික පක්ෂය කරුණු පැහැදිලි කරමින් ලිපියක් යවා තිබේ. එජාප සභාපති වජිර  අබේවර්ධන විසින් යවන ලද එම ලිපියට දිවුරුම් ප්‍රකාශයක්ද එක්කර තිබේ. දැනටමත් එජාපය අතහැර නොමග ගොස් සිටින පක්ෂ ක්‍රියාකාරීන්ට කරුණු පැහැදිලි කරමින් නැවත එජාපයට එක්කර ගැනීම එහි අරමුණ වන අතර සාමදාන විනිශ්චයකාරවරයකු ඉදිරිපිට දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුතු බව සභාපති වජිර අබේවර්ධන එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය මගින් සාමාජිකයන් දස දහසකට ආසන්න පිරිසකට මේ ලිපි හා දිව්රුම් ප්‍රකාශ යවා තිබෙනවා. දැනට පක්ෂයට අනුගත නොවී සිටීනම් ඔවුන්ට යළි එජාපයට එකතු විය හැකියි. ඒ සඳහා අපි පොදු සමා කාලයක්ද ලබාදී තිබෙනවා යැයි වජිර අබේවර්ධන කියන්නේය. එක්සත් ජාතික පක්ෂය සිය හිටපු ක්‍රියාකාරීන්ට යවා ඇති දිව්රුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙතැන් සිට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ප්‍රතිපත්තිය හා ව්‍යවස්ථාව පිළිගනිමින් පක්ෂයේ සාමාජිකයකු සාමාජිකාවක වශයෙන් මා දරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීධුරය හොබවන බවට සහතික වෙමි. එසේම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය හා පැවැත්ම වෙනුවෙන් මා උපරිම හැකි අන්දමින් ක්‍රියා කරන බවටත් පොරොන්දු වෙමි යනුවෙනි.

එජා පක්ෂය යළි ගොඩනැගීම සඳහා දරන උත්සාහය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය එතරම් උනන්දුවකින් ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට නැත. එහෙත් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ එජාපය නැවත අමාරුවේ වැටෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න කිසි කෙනෙක් යළිත් එජාපයට යාවි යැයි අපි හිතන්නේ නැහැ. සිද්ධ විය යුත්තේ මේ කොටස් දෙකම එක්වී ශක්තිමත්ව ආණ්ඩුවට මුහුණ දීමයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යෑමට නියමිතව සිටින අජිත් මාන්නප්පෙරුමට මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙක් දුරකතන ඇමතුමක් දුන්නේය. ‘මන්ත්‍රීතුමා ඔබතුමා හරි වාසනාවන්තයි. දෙවරක්ම පාර්ලිමේන්තුවට ආවේ එක්කෝ මන්ත්‍රීවරයෙක් මිය ගියාට පසුව නැත්නම්  ආසනය අහිමි වුණාට පස්සේ’ යැයි විහිළුවට මෙන් කීවේය. අජිත් මානප්පෙරුම සිනාසී ඊට ප්‍රතිචාර දැක්වීය. මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයා කීවේ ඔබතුමා බෝඩරයට ආවොත් උඩඉන්න අයට අපල කාලයක්’ කියාය. අජිත් මාන්නප්පෙරුම දේශපාලනයට පිවිසෙන්නේ ගම්පහ මහනගර සභාවේ පළමුවැනි නගරාධිපතිවරයා ලෙසය. පසුව ඔහු 2006 වසරේ නැවත ගම්පහ නගරාධිතිවරයා වූයේය.

2010 මහ මැතිවරණයට තරග කළද ඔහුට පාර්ලිමේන්තුවට පත්වීමට හැකිවූයේ නැත. ඔහු එජාප ලැයිස්තුවේ පරාජිතයන් අතර පළමුවැනියාව සිටියේය. හිටපු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මියගිය පසුව 2013 වසරේදී ඔහුට පාර්ලිමේන්තු ඒමට හැකියාව ලැබිණ. ඉන්පසුව 2015 වසරේ අජිත් මානප්පෙරුම ජයග්‍රහණය කළේය. 2020 වසරේදී ඔහු පරාජයට පත්වූ අතර ඔහුට පාර්ලිමේන්තු අසුන හිමිවන්නේ රන්ජන් රාමනායකට මන්ත්‍රීධුරය අහිමිවීමෙන් අනතුරුව වීමද විශේෂත්වයකි.

රන්ජන් වෙනුවට පාර්ලිමේන්තුවට එන්නේ හිටපු රාජ්‍ය ඇමතිවරයකු වන අජිත් මාන්නප්පෙරුමය. ඔහු යහපාලන ආණ්ඩුවේ පරිසර රාජ්‍ය ඇමැතිවරයාය. 2020 අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයේදී මාන්නප්පෙරුම මහතා ඡන්ද 47,212 ක් ලබා ගත්තේය. ඔහු මනාප ලැයිස්තුවේ පස්වැනියා වූයේය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබල වේගයට හිමිවූයේ මන්ත්‍රීධුර හතරක් පමණි. ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් මන්ත්‍රීධුරය පුරප්පාඩුව ඇති බවත් ඒ සඳහා අජිත් මාන්නප්පෙරුම පත් කරන බවටත් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දිය යුතුය. ඉන් පසුව මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් මගින් ඒ පිළිබඳව නිවේදනය කළ යුතුය. ඉන් පසුව අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණ දිව්රුම් දිය හැකිය. මාන්නප්පෙරුම ලබන පාර්ලිමේන්තු වාරයේ දිව්රුම් දෙනු ඇතැයි ද පක්ෂ ආරංචිමාර්ග කියයි.

- (*** කස්තුරි)

 



අදහස් (1)

පළාත් සභා ඡන්දයට තවත් පොල්ලක්

Nimal Saturday, 10 April 2021 01:16 AM

පළාත් සභා ක්‍රමයෙන් රටට සිදුවූ සෙතක් නැත. රටේ ජනතවගෙන් 99%ක ගේ මතය පළාත් සභා ලංකාවට අනවශ්‍ය බවකි. දසක තුනකට අදික කාලය පවතින්වූ මෙම ක්‍රමයෙන් ඉතාම සීමිත දේශපාලකයන් පිරිසක ගේ නඩත්තුව වෙනුවෙන් කොටිගනනක මුදල් වය වේ. මේ ම අනවශ්‍ය මුදල් රටේ සියලු මහජනයාගේ යහපත වෙනුවෙන් සේවය කරන ජීවන වෘත්තිය ලෙස කැළි කසළ එකතු කරමින් අවු වැසි නොතකා නගරයේ පිරිසුදුකම රකින්නට කැප වන දුප්පත් අහිංසක මිනිසුන් වෙනුවෙන් වැය කලයුතුවේ. ඔවුන්ගේ පහසුකම් වැඩිකළ යුතු මෙන්ම ජිවන රටාව ඉහල දම ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය කටයුතු කල හොත් පළාත් සභා වැනි දුෂිත ආයතනය නඩත්තු කරනවට වඩා වටිනේය. මේ ඔවුන්ගේ කදුළු කථාවය. { ඇඟපත එහෙම රිදෙනවා. මේ කරත්ත හරි බරයි. උස්සගෙන යන්නේ තනිකර ඉඳුල් ඔය. සමහරක් වෙලාවට පනුවෝ ඉන්නවා. හැමදේම තියෙනව. ඉතින් ඒවා තෝරලා ඔක්කොම කරලා තමයි ඔය දාන්නේ. කොරෝනා අපිට හැදිලා තව කෙනෙක්ට බෝ කරන්න ඕනෙත් නැහැ, අපි ගෙදරට බෝ කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා අපි සැරින් සැරේ අතපය හෝදනවා. අපි ගොඩක් ආරක්ෂාව අනුව තමයි රස්සාව කරන්නේ. අපිටම අප්පිරියාවක් තේරෙනවා මොනවා කරන්නද ඉතින් අපේ රැකියාවනේ මේක.} උපුටා ගැනීමකි

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 22 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 37 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 310 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 21 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 443 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 259 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site