පළාත් පාලන ඡන්දය සඳහා 2023 අයවැයෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිකුත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් එකී ඡන්දය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් දැල්විණි. එහෙත් එම බලාපොරොත්තුව යළි බිඳ වැටෙමින් ඡන්දය පැවැත්වීම අවිනිශ්චිතභාවයට ඇද වැටී තිබේ.
එසේ වූයේ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා අඟහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කිරීමෙන් පසුවය. රටේ ආර්ථිකය යහපත් වනතුරු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැති බව අඟවමින් රජයේ ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයන් සහ බලධාරීන් විසින් වරින්වර කරනු ලබන ප්‍රකාශ එම අවිනිශ්චිත බවට හේතුවී තිබේ.
රටේ මැතිවරණ පැවැත්වීම පිළිබඳ සියලු වගකීම ව්‍යවස්ථානුකූලව පැවරී තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව වෙතය. එම කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් අර්ථ ගැන්වෙයි. එසේ නම් ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ කිසිදු අවහිරයකින් හෝ බාධාවකින් තොරව පැවැත්වීමට මැතිවරණ කොමිසමට නිදහස තිබිය යුතුය. එහෙත් පසුගිය මාර්තු 09 වැනිදාට පළාත්පාලන මැතිවරණයේ දින නියම වීමෙන් පසුව එම කාර්යභාරය ඉටුකිරීමට මැතිවරණ කොමිසමට ලැබිය යුතු සහාය වෙනුවෙන් රජයේ බලධාරීන්ගෙන් දිගින් දිගටම එල්ල වූයේ අවහිර සහ බාධා කිරීම්ය. එවැනි බාධා කිරීම් රටේ ප්‍රතිරූප පවා ඇති කරන්නේ බලවත් කැළලක් බව සඳහන් කළ යුතුය.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත් පරමාධිපත්‍යය අත්හළ නොහැකි බවත් පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන බවත්ය. ජනතා පරමාධිපත්‍යයට ඡන්ද බලය අයත්වීම හේතුවෙන් ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට අවහිර සහ බාධා ඇතිකිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට එරෙහි වීමකි. තර්ජන එල්ල කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ සිදුවිය නොහැක. ජනතාව සතු ව්‍යවස්ථානුකූල ඡන්ද බලයට තර්ජන එල්ල වන රටක් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් සැලකිය හැකිද?
ජනතා පරමාධිපත්‍යයට කිසියම් දේශපාලනඥයකු හෝ නිලධාරියකු හෝ බාධා කරන්නේ නම් හෝ එය අහිමි කිරීමට ක්‍රියා කරන්නේ නම් හෝ එය රටේ ව්‍යවස්ථානුකූල පාලනයට පටහැනිව යාමකි. මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් ලැබෙන්නේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පළමු ධුර කාලය තුළදී වයඹ පළාත් සභා මැතිවරණය කල් දැමීමට කිහිපවරක් උත්සාහ දැරූ අවස්ථාවේය. ඊට අදාළ නඩු විභාගයක දී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබුණේ එය කළ හැක්කේ ජනතාවගේ කැමැත්ත මත පමණක් බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියට අනුව ජනතා පරමාධිපත්‍ය බලය හිමි කළ හැක්කේ ජනමත විචාරණයක් මගින් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පදනම එය විය.
පළාත් පාලන මැතිවරණ ප්‍රකාශ කර තිබුණත් ඒ සඳහා අවශ්‍ය මුදල් සහ අනෙකුත් පහුකම් නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට ඉතා දුෂ්කර තත්ත්වයක් මතුව ඇතැයි සඳහන් කරමින් ඒ සඳහා සහන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවේ සඳහන් වන්නේ පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඉල්ලා ඇති සහන ලබාදීමට තීරණය කළ බවය. මේ නඩු විභාගයේ දී පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු අතර ජනතාව සතු සර්වජන ඡන්ද අයිතිය මේ අවස්ථාවේ දී ලබා නුදුන්නොත් කිසිදාක පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් උද්ගතවිය හැකි බවද පෙන්වා දී තිබිණි.
රජය වෙනුවෙන් දැක්වූ කරුණු අතර සර්වජන ඡන්ද බලය රජය ඉතා ඉහළින් පිළිගත්තත් රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී ආර්ථික තත්ත්වය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතා සහිත කාලයක් ගත කිරීම මූල්‍ය ප්‍රමාදයට හේතුවී තිබෙන බවය. ඒ කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව මැතිවරණයට වෙන් කළ මුදල තවදුරටත් රඳවා ගැනීමට අවසරයක් නැත.
ආණ්ඩුවේ කරුණු දැක්වීමේ යම් සත්‍යතාවයක් තිබුණද ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීමේදී පවතින අභියෝග ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. එහි අනෙක් අර්ථය ආණ්ඩුව සහ රාජ්‍ය සේවය කලින් කලට පැවැත්වෙන මැතිවරණ නිසි පරිදි පවත්වමින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවය. ඒ සමඟ පෙන්වාදිය යුත්තේ ආණ්ඩුව රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ සහ ක්‍රියාපිළිවෙළ අතර ප්‍රබල වෙනසක් තිබෙන බවය.
රුපියල් කෝටි ගණන් වියදම් කරමින් රටේ ජනතාවගේ දැඩි විරෝධය මැද නිදහස් උළෙල උජාරුවෙන් පැවැත්වීමත් ජන රජ පෙරහරක් පැවැත්වීමත් එයට හොඳම උදාහරණ දෙකකි. රජය ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු නම් කළ යුත්තේ උත්සව පෙරහර පැවැත්වීම නොව දැනට ද වසරකින් කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගැනීමය.
මේ අතර රටේත් ජනතාවගේත් නිරවුල් පැවැත්ම සඳහා පළාත්පාලන මැතිවරණය නොපමාව පවත්වන්නැයි බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. එම ලිපියේ තවදුරටත් සඳහන් වී ඇත්තේ ඡන්දය නොපැවැත්වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වන අතර මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවත්වන බවට රජය කරන තර්කය පිළිගත නොහැකි බවය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව සහ බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ ඉල්ලීමට පටහැනිව රජය කටයුතු නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.
(****)
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දමනු එපා