එක් පසෙකින් හරිත පැහැයෙන් බබලන ගොඩබිම තීරය දිස්වෙයි. තවත් පසෙකින් දිස්වන්නේ ඉමක් නොපෙනෙන ඉන්දියන් සාගරයයි. දැවැන්ත නෞකාවේ ජෙට් එන්ජින් දෙක හේතුවෙන් මහ සයුරේ රටා මැවෙමින් තිබේ. වේලාව උදෑසන අටට ආසන්නය. සිහින් සුළං රැළත් සමග සීතල ගත වෙලා ගනිද්දී හිටිවනම වතුර විදින ශබ්දයක් ඇසේ ඒ සමගම අපට පෙනෙන්නේ සුවිසල් ජල කඳක් වතුර මලක් මෙන් සයුරෙන් ඉහළට එසවෙන ආකාරයයි. අති දැවැන්ත වූ මත්ස්‍යයා ජල කඳ විසුරුවා හරිමින් යළි දියයට නොපෙනී යයි. මොහොතකින් තවත් මත්ස්‍යයකු මතුවෙයි. මේ මිරිස්ස ආසන්න මහ මුහුදේ තල්මසුන් රග දෙන ආකාරයයි. අප ඉදිරියෙන් මුහුදේ ඒ මේ අත පිහිනා යන්නේ Bryde's whale හෙවත් බ්රයිඩිගේ තල්මසා නමින් හඳුන්වනු ලබන තල්මසුන් සමූහයකි. ඔවුන් බැල්නොප්ටෙරා එඞ්නි ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කැර ඇති අතර මෙම වර්ගයේ හොඳින් වැඩුණු සත්ත්වයකු මීටර 14 ක් පමණ උපරිම දිගකින් යුක්ත වේ. මෙම විශේෂය සාමාන්‍යයෙන් වෙරළ ආසන්නයේ ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් මිරිස්ස මුහුදේ දී නිතර දැකිය හැකිය. ලෝකයේ වාර්තාවී ඇති තල්මසුන් විශේෂ දහසයක් අතරින් විශේෂ නමයක් ශී‍්‍ර ලංකාව අවට ඉන්දියන් සාගරයේ දක්නට ලැබේ. ඒ තල්මසුන් අතර මිහිතලයේ දැවැන්තම සත්ත්ව විශේෂය වන බැලනොප්ටෙරා මුස්කුලස් ලෙස විද්‍යාත්මකව හඳුන්වන නිල් තල්මසා ද සිටීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් මීටර 30 ක් පමණ දිගැති මේ මත්ස්‍ය විශේෂය 125 සිට 160 දක්වා බරකින් යුක්තය. උපදින අවස්ථාවේ පැටවකු මීටර හතක් පමණ දිගැතිය එමෙන්ම ටොන් දෙකක් හෝ තුනක් පමණ බරැතිය. ජලයේ පාවෙන කුඩා සත්ත්ව හා ශාක ප්ලවාංග ආහාරයට ගන්නා මොවුන්ට දිනකට ටොන් අටක් පමණ ආහාර අවශ්‍යවේ. ශී‍්‍ර ලංකාව අවට මුහුදේ නිල් තල්මසුන්ට අමතරව මොල්ලි තල්මසා, මන්දා තල්මසා, කුරුමන්දා තල්මසා, මිටි මන්දා තල්මසා, පුහුලොලූ තල්මසා, කුරු මිනීමරු තල්මසා, ව්‍යාජ මිනීමරු තල්මසා සහ කෙටි වරල් නියමු තල්මසා යන විශේෂ දැකිය හැකිවේ. ඔවුන් ශරීර හැඩයෙන්, ප්‍රමාණයෙන්, පිහිනා යන විලාසයෙන් මෙන්ම ඉහළට වතුර විදින ආකාරයෙන් ද එකිනෙක වෙනස් වේ. මතුපිටට පැමිණ ආපසු දිය යටට යද්දී පිටුපස වරළ ඉහළට ඔසවන තල්මසුන් විශේෂ කිහිපයක්ද එසේ නොකරන තල්මස් විශේෂ කිහිපයක් ද ශී‍්‍ර ලංකාව අවට මුහුදේ දක්නට ලැබේ. ලෝකයේ තල්මසුන් නැරඹීමට සුදුසුම ස්ථානයක් ලෙස ශී‍්‍ර ලංකාව දිනෙන් දින ජනපි‍්‍රය වෙමින් තිබීම මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට මහත් රුකුලක් වී තිබේ. මැයි සිට ඔක්තෝබර් දක්වා කාලයේ ති‍්‍රකුණාමලය ආසන්න මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමත් නොවැම්බර් සිට අපේ‍්‍රල් දක්වා කාලයේ මිරිස්ස ආසන්න වෙරළ තීරයේ තල්මසුන් නැරඹීමත් මේ වනවිට ජනපි‍්‍රය වී ඇත. තල්මසුන් නැරඹීම සඳහා බෝට්ටු සේවා පවත්වාගෙන යන අතර ශී‍්‍ර ලංකා නාවුක හමුදාව යුද සමයේ හමුදා සෙබළු ප්‍රවාහනය සඳහා යොදාගත් ඒ 543 නැමැති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව උපයෝගීකැර ගනිමින් තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කැර තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කැරුණු මෙම ව්‍යාපෘතිය මේ දිනවල ගාල්ල වරායේ සිට කි‍්‍රයාත්මක වේ. බදාදා සහ සෙනසුරාදා දිනයන්හි ගාල්ල වරායෙන් උදෑසන හතට ගමන් ආරම්භ කරන මෙම නෞකාව විනාඩි 45 ක පමණ ගමනකින් මිරිස්ස ආසන්න මුහුදට සේන්දු වේ. මිරිස්ස යනු ඉන්දියන් සාගරයේ ජීවත්වන තල්මසුන්ගේ අභිජනන ස්ථානයකි. ඔවුහු තම වර්ගයා බෝකැර ගැනීමේ අවශ්‍යතා සඳහා මිරිස්ස ආසන්න මුහුදු වෙරළට පැමිණ බොහෝ විට යුගල වශයෙන් සැරිසරයි. මේ කාලය තල්මසුන් නැරඹීමට පහසුම අවධියයි. නාවුක හමුදාවේ තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතියේදී ඔවුහු තම නෞකාව මිරිස්ස ආසන්න මුහුදේ පැය තුනක පමණ කාලයක් නවතා තබා ගනී. නැවේ ගමන්කරන සංචාරකයන්ට තම සිතැගි පරිදි තල්මසුන් නැරඹීමේ අවස්ථාව එයින් උදාවේ. මෙම ගමන සඳහා එක් දේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල රුපියල් 3500 කි. අවුරුදු 6-12 ත් අතර ළමයකුගෙන් රුපියල් 2000 ක් අයකරන අතර විදේශිකයකුගේ ඇමරිකන් ඩොලර් 100 ක් අයකරයි. සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කැර ඇති නෞකාවේ කාර්ය මණ්ඩලය හතළිහක් සහ නිලධාරීන් හයදෙනකු සේවය කරන අතර එහි වෛද්‍ය කණ්ඩායමක් සහ ජීවිත ආරක්ෂක කණ්ඩායමක් ද සිටීම විශේෂත්වයකි. නැවේ ගමන් ගන්නා සෑම අයකුටම ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලයක් ලැබෙන අතර උදය ආහාරය ද නෞකාවෙන් සැපයේ. මහල් දෙකකින් යුතු නෞකාවේ මගීන් 300 ක් සඳහා ගමන් පහසුව ඇතත් මෙහි එක් වරකට ගෙනයන්නේ සංචාරකයන් 75 ත් 200 ත් අතර ප්රමාණයකි. නෞකාවේ අණභාර නිලධාරී කෝසල විජේසූරිය මහතා පවසන්නේ මේ වනවිට ඒ 543 නෞකාවේ සංචාරයේ යෙදී තල්මසුන් නැරඹීම විදේශිකයන් අතර මෙන්ම ලාංකිකයන් අතර ද බෙහෙවින් ජනපි‍්‍රය වෙමින් තිබෙන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය. අපේ නෞකාවේ ගමන ඉතාමත්ම චමත්කාරජනක අත්දැකීමක්. නෞකාවකින් මුහුද තරණය කිරීම වගේම නෞකාවේ තට්ටුව මතට වී තල්මසුන් නැරඹීමත් සුන්දර අත්දැකීමක්. අපි ඕනෑම කෙනෙකුට කැමරා ඇතුළු ආම්පන්න රැගෙන යාමට අවස්ථාව ලබාදෙනවා. ඒ නිසා මේ ගමන සුන්දර සිහිවටන වලින් සමන්විත වේවි. මෙවර තල්මසුන් නැරඹීමේ සංචාරය ගාල්ල වරායෙන් පසුගිය 12 වැනිදා ආරම්භ කරන ලදී. ඒ ගමනට එක්වූ දර්ශනී වටවල මහත්මිය මෙසේ කීවාය. අපි මේ නැවපිළිබඳ තොරතුරු දැනගත්තේ අන්තර්ජාලයෙන්. වෙන රටවල මේ වගේ දේවල් තිබුණත් ලංකාවේ මේ වගේ සංචාරයක් තිබෙනවා කියා දැනගත් පළමු අවස්ථාවේම අපි මේ සංචාරයේ යෙදෙන්න තීරණය කළා. ඉතාමත් විනෝදජනක ගමනක යෙදුණා. අපූරු අත්දැකීමක්. තල්මස්සු හයදෙනෙක් විතර හොඳට දැක්කා. හරිම සතුටුයි. සමන්ති කාරියවසම් මෙනවිය මෙසේ කීවාය. ඉතා හොඳ අත්දැකීමක්. පොඩි බෝට්ටුවලින් තල්මසුන් බලන්න යන බවනම් දැනගෙන සිටියා. ඒත් ඒ බෝට්ටුවල යන්න ලොකු බයක් හිතේ තිබුණා. මේ නැවේ ගමනනම් කිසිම භයක් වෙන්න දෙයක් නැහැ. අපිට සියළු පහසුකම් තිබෙනවා. භය නැතිව සංචාරය ගිහින් ආවා. ඉතාමත් හොඳයි. ඕනෑම තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මුදල් ගෙවා මේ නෞකාවේ සංචාරයක් ලබාගැනීමේ හැකියාව ඇති අතර සාමාන්‍ය මගියකු ලෙස ද ගමනට එක්වීමේ හැකියාව තිබේ ඒ සඳහා අවශ්‍ය තොරතුරු 0777323050 දුරකථනයට ඇමතීමෙන් හෝ www.whalewatching.navy.lk වෙබ් අඩවියෙන් ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෙම්කෙළින තල්මසුන් බලන්නට සුවපහසු නැවකින් මිරිස්සට ගමනක්
ලක්මාලි Wednesday, 17 April 2013 03:17 PM
ලස්සන පින්තූර ටික.(නදී)
ඉන්දික Wednesday, 23 November 2011 10:07 PM
හොද වැඩක්...
විජේකෝන් Tuesday, 22 November 2011 01:38 PM
ඒක විනොද ගනමක් වේවි
සොනාලි Thursday, 24 November 2011 02:48 PM
ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවෙත් මෙවැනි දේ තිබීම ගැන. මගේ පවුලත් ගොඩක් ආඩම්බර වෙනවා. ලංකාවට සුභ අනාගතයක්!
K.M.Godawaththa Sunday, 05 December 2021 11:41 AM
සුන්දර අත්දැකීමක්... හරිම සතුටුයි...