IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


පුතා කිරි ටිකේ ණය ගෙවයි

මරණය පෙනි පෙනී සිට තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙකු වෙතොත් ඒ ආශ්චර්යයකි. එබඳු ආශ්චර්යයකින් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් 60 හැවිරිදි එක්දරු මවක් ගලේවෙල ගලපාමුල ගම්මානයේ සිටී. ඇය නමින් ඇම්.ඞී. කරුණාවතීය. ඇගේ එකම දරුවා සුසන්ත අමරසිංහ නම් වූ 26 හැවිරිදි තරුණයාය. සුසන්ත කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ උපාධිධරයෙකි. අදටත් සිය මවගේ සියලූ උවටැන් කටයුතු කරන්නේ මේ දරුවාය. කරුණාවතී මෑණියන්ගේ මුහුණේ එක් ඇසක් එක් කනක් හා නාසයෙන් අර්ධයක් ඇයට අහිමිය. ශල්‍යකර්ම ගණනාවකින් පසුව ඇය තව දුරටත් ජීවත්වීමේ වරම් හිමිකරගෙන සිටී. ඇයට තවත් ශල්‍ය කර්මයක් සිදුකළ යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත. කරුණාවතී මාතාවට වැළඳී ඇත්තේ ලොව ඉතාමත් දුර්ලභ ගනයේ රෝගයකි. මේ වන විටත් හමුවී ඇත්තේ මෙබඳු රෝගීන් 6 දෙනෙකු බවද වෛද්‍ය විශේෂඥයෝ පවසති. ඇයගේ මුහුණේ එක් අර්ධයක මස් සියල්ල දියවී යාම මෙම රෝග තත්ත්වයයි. තම මවගේ රෝගය හා මුහුණ දුන් ඒ දුක්මුසු පුවත සුසන්ත අමරසිංහගෙන් විමසුවෙමු. මගේ තාත්තාගේ රැකියාව කුලී වැඩ. අම්මාත් කුලී වැඩ කරලා මට කන්න බොන්න දුන්නා. ඉගැන්නුවා. උපාධියක් ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණේ ඒ-2 බී-1 යි 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයට ඇතුළු වුණා. 2008 අවුරුද්දේ දී තාත්තා මිය ගියා. 2010 සැප්තැම්බර් 8 වැනිදා මගේ අවසාන විභාගය. අම්මා අසනීප වෙලා රෝහල් ගත කළා. විභාගය ඉවරවුණු ගමන් මම කුරුණෑගල රෝහලට ගියා. අම්මා දැඩි වේදනාවකින් කෑ ගැසුවා. වේදනා නාශක දුන්නත් වැඩක් නැහැ. දවස් දෙකක් ගතවෙද්දී අම්මාගේ මුහුණේ එක පැත්තක් ඉදිමුණා. නිල් පැහැ ගැන්වුණා. අම්මා කොළඹ මහ රෝහලට යැව්වා. අම්මාගේ මුහුණේ එක් පැත්තක මස් දිය වුණා. කටේ තියෙන දත් පෙනුණා. කොළඹ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් කළා. අන්තිමේදී ටිකට් කපලා ගෙදර එව්වා. වෛද්‍යවරු නොකියා කිව්වා අම්මා ජීවත් වෙන්නේ තව දවස් කීපයක් කියලා. අම්මා ගෙදර ගෙනාපු මම අම්මට උපස්ථාන කළා. අන්තිමේදී අම්මාගේ තුවාලෙට ඉහඳයෝ (පණුවෝ) ආවා. දඹුල්ල රෝහලට ගෙන ගියා. එහිදී නැවත ශල්‍යාගාරයට ගෙනිහිල්ලා අම්මාගේ තුවාලයට බෙහෙත් දැම්මා. අපි ඉන්න අසරණ තත්ත්වය දැකලා දින කීපයකට බෙහෙත් දුන්නා. මේ අතර දවසක් මගේ යහළුවෙක් අපේ ගෙදර ආවා. මමත් අම්මාත් විඳින දුක දැක්කා. එයා අපි විඳින දුක එයාගේ යාළුවෙකුට කියලා. ඒ යාළුවා කොහුවල විහාරයේ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ට කියලා තියෙනවා. ජිනරතන හාමුදුරුවෝ දවසක් හදිසියේම අපේ ගෙදර ආවා. තොරතුරු ඇහුවා. දවස් කීපයකට පස්සේ මේසන් බාස්වරුන් කට්ටියක් එක්ක ඇවිත් ගේ හදලා දුන්නා. ගිලන් රථයක් ගෙනැල්ලා අම්මා කෙළඹ ජාතික රෝහලට අරගෙන ගියා. ප්ලාස්ටික් සැත්කම් ඒකකයට ඇතුළත් කළා. වෛද්‍ය දිලීප් පෙරේරා මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අපිට උපරිම සහාය දුන්නා. මරණය පෙනි පෙනී හිටපු අම්මා නැවත ජීවත් කළා. මගේ අම්මාගේ ජීවිතය බේරා දෙන්න ජිනරතන හාමුදුරුවෝ අති විශාල මුදලක් වැය කළා. අපි උන්වහන්සේට සදා ණය ගැතියි. මගේ අම්මාට පැය 14 ක ශල්‍ය කර්මයක් කළා. අම්මාගේ බඬේ හමෙන් කෑල්ලක් අරගෙන මුහුණට බද්ධ කළා. තවත් මාස 6 කින් තවත් ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. තමාට නැවත ජීවත්වීමේ වරම ලබාදීම පිළිබඳව කරුණාවතී මාතාව ජිනරතන හිමියන්ට පින්දෙයි. දුර්ලභ ගණයේ පරිත්‍යාගයක් කරමින් තමාට උවටැන් කළ තම පුතණුවන් තමා ලද නිල් මැණිකක් යැයි අම්මා අප සමග පැවසුවාය.

ගලේවෙල මහින්දසිරි පේ‍්‍රමලාල් සහ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස



අදහස් (0)

පුතා කිරි ටිකේ ණය ගෙවයි

සුසන්තචන්දන Saturday, 14 July 2012 06:22 AM

අම්මාට ඉක්මන් සුවය ලැබේවා... අම්ම ගොඩක් වාසනාවන්තයි , පුතා ගොඩක් පින් වන්තයි... බුදු සරණයි!

:       0       0

දුලීප් Tuesday, 10 July 2012 12:50 PM

රත්තරක් පුතේ....නුඹේ නමට දෙවියොත් වඳී......

:       0       0

මධුසංඛ Monday, 09 July 2012 05:12 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

:       0       0

දිලූප Tuesday, 10 July 2012 01:28 PM

රත්තරන් පුතේ ඔයාගේ නමට දෙවියොත් වඳී.....

:       0       0

කාන්ති Monday, 09 July 2012 11:33 AM

පුත, ඔබ ජාතියටම ආඩම්බරයකි.ඔබට ජය සහ සතුට!

:       0       0

ප්‍රභාත් ප්‍රසන්න Saturday, 21 July 2012 10:28 AM

ඔහොම තමා ජීවිතේ අපිටත් මොනවා වෙයිද කියලා හිතාගන්ඩ බෑ (නු)

:       0       0

පුෂ්පික Monday, 06 August 2012 07:09 AM

ඔබ නම් රත්තරම් පුතෙක්. ඔබේ ජීවිතයට ජය වේවා. (ත)

:       0       0

ගැමුණු Friday, 13 July 2012 02:46 PM

බුදු සරණයි ඔය දෙන්නට....

:       0       0

මොනික් ප්‍රසාද් Sunday, 15 July 2012 03:21 AM

ඔබ පෙරුම් පුරන බුදුකෙනෙක් ...

:       0       0

දිලූප Tuesday, 10 July 2012 08:45 AM

ලෝකේ ඉන්න හොඳම මනුස්සයෙක් තමයි ඔයා‍...ආඩම්බරයි...

:       0       0

ෆසාල් කුල් Saturday, 14 July 2012 07:27 AM

එක්මනටම සුවවෙව ....

:       0       0

දේවිකා Monday, 09 July 2012 05:44 PM

ආදර අම්මෙක්ගේ හොද පුතෙක්.දෙදෙනාටම දිගාසිරි!

:       0       0

රුවන් Wednesday, 11 July 2012 11:38 AM

මතු බුදු වෙන්නට මේ පින හොදටෝම ඇති.කරුණාකර ලිපිනය සදහන් කරන්න

:       0       0

අචිනි Sunday, 08 July 2012 02:12 PM

සොහොයුරනෙනේ ඔබවන් පුතුන් ලොවටම ආදර්ශයකි .ධීර්ගයු ... ඔබට යෝධ බල ලැබේව ..!

:       0       0

වාසල Monday, 09 July 2012 01:14 AM

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

:       0       0

සමීර Tuesday, 10 July 2012 06:27 PM

ඇත්තමයි අයියේ ඔයා පාරමිතා පුරන්න ඔයාට බුදුබව ලබාගන්න පුළුවං තරම් පිනක් කරල තියෙන්නෙ.. මට මේ පුවත කියව්ද්දි ඇස් දෙකට කදුළු ආවා.. ඔබ උතුම් පුතෙක්.. බදුසරණයි..!!

:       0       0

එන්.ඩි.හෙට්ටිආරච්චි Sunday, 15 July 2012 06:15 AM

සුසන්ත පුතා ඔබ වත්මන් තරුණ පරපුරට ආදර්ශයකි.ඒ වගේම මේ සදහා මුලික වී කටයුතු කළ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන් වහන්සේද වත්මන් තරුණ භික්ෂු පරපුරට ගෞරවයකි. ඔබ දෙදෙනාම සෑබෑ බෞද්ධ කමට නිදර්ශනයන්ය. අපගේ ගෞරවය.... එන්.ඩි.හෙට්ටිආරච්චි- ලන්ඩන් නගරය

:       0       0

ඉන්දු Thursday, 19 July 2012 10:26 AM

ඔබ මේ රටේ තරුණ පරපුරට ලබා දුන්නේ හොද ආදර්ශයක්.ඔබට ජය!

:       0       0

අනුර Sunday, 08 July 2012 03:01 PM

ඔය වගේ හැම පුතෙක්ම මේ වගේ අම්මට සලකනවානම් කොයිතරම් හොඳද ,ඔය ගෙන ආඩම්බරයි සුසන්ත , මමත් මගේ අම්මට පන වගේ ආදරෙයි .

:       0       0

මොනිකා Monday, 09 July 2012 01:44 AM

පුතේ, ඔබ මතු බුදු වේවි!

:       0       0

පසිඳු Sunday, 15 July 2012 06:36 AM

ඔබ බෝසත් පුතෙක්

:       0       0

රන්ජිත් Sunday, 08 July 2012 02:26 PM

හොද පුතෙක්

:       0       0

දුශ්‍යන්ති නවාංජලි Monday, 09 July 2012 12:07 PM

ඔබ මතු බුදු වේවි!

:       0       0

නලින් Wednesday, 11 July 2012 06:28 PM

මිහිපිට ජීවත් වෙන දෙවියෙක්

:       0       0

තමින්ද Monday, 09 July 2012 02:27 AM

ඔබවැනි පුතෙක් ලද මවක් කොතරම් වාසනාවන්ත ඇද්ද?

:       0       0

හර්ෂි Monday, 09 July 2012 12:11 PM

දීර්ඝායු ලැබේවා! නමෝ බුද්ධාය!

:       0       0

Harshi Monday, 09 July 2012 12:51 PM

ඔබ ගැන අපිට ගොඩාක් අඩම්බරයි. දීර්ඝායු ලැබේවා. නමෝ බුද්ධාය

:       0       0

ෂෙරීෆ් Monday, 09 July 2012 02:34 AM

බීපු කරට මේ පුතා ණය නැතේ. සොයුර, ඔබ අපට ආඩම්බරයකි

:       0       0

මාතර මල්ලි Monday, 09 July 2012 01:56 AM

ලොවේ උතුම් පුතෙක් ඔබට සදා ජය!

:       0       0

Asha- melbourne Monday, 09 July 2012 12:53 PM

සොයුර ඔබටත් ඔබේ මෑණියන්ටත් දීර්ඝායුෂ, මේ පින්කම ඔබට පාරමිතාවක්ම වේවා. තෙරුවන් සරණයි.

:       0       0

ධනුෂ්ක Tuesday, 10 July 2012 01:41 PM

වචන නෑ පුතේ කියන්න නියමයි..............

:       0       0

ජගත් Sunday, 08 July 2012 02:48 PM

ඔබ කල මේ පිනම ඇති නිවන් දකින්න .

:       0       0

සමිත Wednesday, 11 July 2012 04:08 AM

වාසනාවන්ත මවක් සහ ගුණබර පුතෙක්

:       0       0

නිරංජලා Sunday, 08 July 2012 03:43 PM

ඔයා නියම කොල්ලෙක්....

:       0       0

ගාල්ලෙ ඇතීනා, Wednesday, 11 July 2012 04:08 AM

සොයුර, ඔබ ගුණ දහම් පිරිහුණ සමාජයට ආදර්ශයක්.පින්බර පුතෙක්...වාසනාවන්ත මවක්.මවට ඉක්මන් සුවය.. පුතුට ශක්තිය.ධෛරිය,ජය,සතුට,සදා සැප.

:       0       0

සඳමාලි Saturday, 28 July 2012 08:55 AM

ඇත්තටම අදහන්න වටින පුතෙක් ඔයාට කවදාවත් වරදින් නෑ අම්මට දීර්ඝායු අත්වේවා ... (ස)

:       0       0

ප්‍රදීප් Friday, 13 July 2012 04:18 PM

ඔබ අපේ රටට ආඩම්බරයක්...

:       0       0

ප්‍රියා Wednesday, 11 July 2012 11:47 AM

මල්ලි, ඔයා වගේ අය තමයි මතු බුදු වෙන්න.උදවු කරන්න ලිපිනය දෙන්න

:       0       0

තරිදු කොස්තා Wednesday, 11 July 2012 04:20 AM

මල්ලි ඔයාට බුදු සරණයි.. තමන්ගෙ අම්මා වෙනුවෙන් කරපු දේට.. ඔයාට ගොඩක් පිං...

:       0       0

සුජිව Thursday, 12 July 2012 10:45 AM

අම්මට ඉක්මන් සුවය ලැබේවා. සොයුරානෙණි ඔබට හයපතක්ම වේවා.

:       0       0

අබ්‍දුල් කටාර් Tuesday, 10 July 2012 07:36 PM

දරුවා සුසන්ත අමරසිංහ,මේ උතුම් සත්කාරය මම අගය කරනවා, අද වදපු අම්ම/තාත්තාව බලාගන් නැතුව මහලු මඩමට එලවා දමන සල්ලිකාර උදවියට ඔබ හොද අාදර්ශයක්.ඔබ උතුම් පුතෙක්.. දෙවියන් ඔබට ආශිර්වාද කරාවි.

:       0       0

කසුන් Sunday, 15 July 2012 10:05 AM

ඒ මහා පින් කමට උපකාර කල ඒ ස්වාමින් වහන්සේටත් ඒ පුතාටත් ඒ මවටත් නිවන් දකින තුරා නිරෝගේමත්ව සිටීමට ලැබේව වහ වහා ධර්මවභෝදය ලැබේව ..ශ්‍රී බුද්ධ වචන ඇසේව ...සංසර දුක නිවේවා ...

:       0       0

ශශිකලා Thursday, 12 July 2012 10:17 AM

අධ්‍යාපනයේ නියම වටිනාකම මෙයයි. මේ අම්මා ගොඩක් වාසනාවන්තයි

:       0       0

මිධවී Monday, 09 July 2012 01:19 PM

ඔයාගේ ජීවිතකාලේ පුරාවටම මේ පින ඔයාට හේතුවෙයි , වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවොත් බුදුන් දැක නිවන් දකීවා

:       0       0

ප්‍රියංගි Monday, 09 July 2012 05:18 AM

ඔබ උසස් පුතෙක්

:       0       0

දැඩිගම Sunday, 08 July 2012 04:32 PM

මතු බුදු වීමට නියත විවරණ ලැබීමට සුදුසු පුතෙක්

:       0       0

සසර Thursday, 12 July 2012 10:41 AM

කෝටි ගනන් වල වාහන ගන්නා ඇමති පුතුනි, මෙවන් රුවන් පුතුන් ද මේ ලක්බිමේ ඇති බව වටහා ගනු මැනවි. මේ කිසිවක් නොව අවශ්‍ය සිතේ ශක්තියයි . පුතේ නූඹට සසර වසනතුරු මේ පින් මහිමය උපකාර වේවා

:       0       0

ජා Saturday, 14 July 2012 10:09 AM

ඔය වගේ 1000ක් හිටියොත් මහළු මඩම් 100ක් වැසේවි. ඔබට බුදු සරණයි!

:       0       0

ජයසිංහ-KSA Monday, 09 July 2012 01:38 PM

මල්ලි, ඔබට බුදු සරණයි, දෙවි පිහිටයි!

:       0       0

සුසන්ති Monday, 16 July 2012 12:11 AM

බුදුන් දැක නිවන් ලැබේවා. !(ස)

:       0       0

චතුරංග හෙට්ටිගේ Wednesday, 25 July 2012 08:58 AM

ඔබත් බුදු පුතෙකි පුතුනේ මෙලොව උපන්! (දී)

:       0       0

අභිලාශිනී Tuesday, 10 July 2012 10:02 AM

මේක දැකල මගේ ඇස්වලට කඳුළු පිරුණා .ඔයා මේ ලෝකයටම ආඩම්බරයක්...

:       0       0

අසංක Thursday, 12 July 2012 11:31 AM

නුඹ රටම වාසනාවක්....

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 01:14 PM

අයියේ, ඔබට නම් කවදාවත් වරදින්නේ නෑ

:       0       0

මනොජ් Tuesday, 10 July 2012 09:26 AM

දුකට පිහිට වුණු අපේ හාමුදුරුවන්ට පින්....

:       0       0

කමල් Wednesday, 11 July 2012 12:33 PM

ඇස්වලට කඳුළු ආවා මේක දැක්කම මේ අම්මටයි මල්ලිටයි දෙවි පිහිටයි....

:       0       0

මද්දුමගේ Monday, 09 July 2012 08:57 PM

හොඳ ආදර්ශයක්. තරුණයන්ට මේවා දකින්න සලස්වන්න ඕ පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

:       0       0

රිෂාන් Monday, 09 July 2012 08:18 PM

දෙවියන් ඔබට ආශිර්වාද කරාවි

:       0       0

වෙබ්සයිට් Wednesday, 11 July 2012 12:36 PM

http://www.helpkarunawathi.org/

:       0       0

ශෂිනි Tuesday, 10 July 2012 10:18 AM

ඔයා වටින පුතෙක් . ඇත්තටම අම්මේ ඔයා වාසනාවන්තයි .ඔයාට ගොඩක් පින් .නමෝ බුද්ධාය

:       0       0

දීපාල් Wednesday, 11 July 2012 08:30 AM

මතු බුදු වීමට නියත පුතෙක්.......... ඔබට බුදු බව ලැබේවා...........

:       0       0

සබීතා Friday, 13 July 2012 05:04 PM

අයියේ,අම්මාව ඇහැක් වගේ රැකගන්න.එයා හැමදාම සතුටින් ජීවත් වෙයි

:       0       0

මේනක Wednesday, 11 July 2012 09:02 PM

උතුම් පුතෙක් වගේම වාසනාවන්ත අම්ම කෙනෙක් .හාමුදුරුවනේ ඔබවහන්සේට බුදු බවම ලැබෙන්න ඕනේ මේ කරපු පිනට .

:       0       0

සම්පත් Sunday, 08 July 2012 05:04 PM

සොයුර ඔබට සම්මා සම්බුදු සරණයි.

:       0       0

හේමන්ත/බණ්ඩාර නුවරඑළිය Tuesday, 10 July 2012 09:45 AM

තරුණ හැමටම ආදර්ශයක් ලබාදෙන ඔබ උතුම් තරුණයෙකි. ඉක්මන් සුවය පතමි!

:       0       0

සබීතා Friday, 13 July 2012 05:05 PM

අයියේ,ඔයා ගොඩක් හොද කෙනෙක්.මම සුභ පතනවා ඔයාට

:       0       0

T.M.T.S. Monday, 09 July 2012 09:14 PM

බෝසත් පුතු නම්

:       0       0

මදුෂාන් Tuesday, 10 July 2012 10:27 AM

අනර්ග පුතෙක්...

:       0       0

මධුශාන් Tuesday, 10 July 2012 09:49 AM

අනර්ග පුතෙක්‍‍....

:       0       0

අයේෂා Tuesday, 10 July 2012 02:49 PM

ඔබ ශ්‍රේෂ්ඨ පුතෙක් අපේ රටේ. ත්‍රිවිධරත්නයේ අශිර්වාදය ඔබට සහ ඔබේ මවට

:       0       0

අයේෂා Tuesday, 10 July 2012 03:28 PM

ඔබ අපේ රටේ ඉන්න ඉතාම උසස් කෙනෙක්.. ත්‍රිවිධ රත්නයේ පිහටයි ඔබට සහ මවට..

:       0       0

සේනා Friday, 13 July 2012 10:48 PM

ඔබට බුදු සරණයි!

:       0       0

විදානපතිරනගේ Sunday, 08 July 2012 06:14 PM

මේ වගේ බෞද්ද රටක මේවගේ කොල්ලෝ ඉන්න එක පුදුමයක් නෙමේ .මගේ ඉල්ලීම මේ පවුලට පුළුවන් උදව්වක් කරමු

:       0       0

නන්දස්රිල් පෙරේරා Wednesday, 11 July 2012 08:52 AM

මම බලාපොරොත්තු වෙනවා උදව් කරන්න ඔබේ මවට

:       0       0

නිශ්ශංක Friday, 13 July 2012 10:49 PM

ගිණුම් අංකයක් දෙන්න පුළුවන් පමණ උදව්කරන්නම්. ඔබට බුදු සරණයි!

:       0       0

අරුණ Tuesday, 10 July 2012 10:31 AM

ඒල කොල්ලෙක්... රත්තරන් පුතෙක්

:       0       0

නන්දසිරි Wednesday, 11 July 2012 08:14 AM

මම ඔබේ මවට උදවු කරන්න කැමතියි

:       0       0

දිල් Friday, 13 July 2012 04:36 PM

කවදා හෝ දිනක ඔබ විවාහ වන කාන්තාව ඉතා වාසනාවන්ත කෙනෙක් වේවි

:       0       0

අයේෂා Tuesday, 10 July 2012 03:32 PM

ඇත්තටම ඔයා ගොඩක් හොද ‍පුතෙක්, මේ වගේ පුංචි රටක ඔය වගේ කෙනෙක් ඉන්න එක ගැන අපට ගොඩක් ආඩම්බරයි..අම්මට කිසිම දෙයක් වෙන්නෙ නැහැ.. උඩ ඉන්න දෙවියන් ඔයාගෙ ආදරණීය අම්මව ආරක්ෂා කරනවා.. අදළා හාමුදුරුවො ඔයාලව රකිනවා.. ඔයාල දෙන්නටම තෙරැවන් සරණයි..

:       0       0

පැට්‍රික් Monday, 09 July 2012 02:48 PM

මට ඇඬෙනවා. අපිට මේ වගේ ලෙන්ගතු මවකගේ ආදරය ලැබුනේ නෑ මල්ලී..ඔයාටත්, හාමුදුරුවන්ටත් ගොඩක් පින්...

:       0       0

මෝහමෙඩ් රිෂාඩ් Monday, 09 July 2012 09:20 AM

අම්මා කෙනෙකුට කරන එම දෙයම තමයි සහෝදරයා ඔයාට මේ ලෝකයේ කරන්න පුළුවන් උපරිම පින් දහම ඔබට ස්වර්ගය පතමි!

:       0       0

ප්‍රිශ් Friday, 13 July 2012 11:30 AM

ඔබ හැම කෙනෙක්ටම ආදර්ශයක්...

:       0       0

දම්මික Wednesday, 18 July 2012 05:45 PM

ඔයා රටට ආඩම්බරයක් මල්ලී...

:       0       0

තරින්ද Monday, 09 July 2012 02:50 PM

වැඩි විස්තර http://www.helpkarunawathi.org/ වෙබ් අඩවියට පිවිස දැනගන්න. මෙවැනි අසරණයන්ට පිහිට වීම මහඟු පිනකි. නමෝ බුද්ධාය!

:       0       0

ජයලත් Friday, 13 July 2012 10:31 PM

එවැනි පුතෙකුට සහ මෙවැනි මවකට පිහිට වීමට ලැබීමත් නිවනට මගක් වෙයි. ඔබට බුදු සරණයි!

:       0       0

හිරන්ත අවිශ්ක Saturday, 14 July 2012 07:19 PM

අයියේ ඔයා අති උතුම් පූජණීය වස්තුවක්. අම්මට ඉක්මන් සුවය ලැබේවා!!

:       0       0

ඉන්දික - මත්තක Saturday, 14 July 2012 07:20 PM

ඔබ වැනි පුතෙකුගේ ගුණ කීමට වචන වලින් බැරිය

:       0       0

දනිත් Wednesday, 11 July 2012 02:26 PM

ඔ‍බේ අම්මත් ඔබත් මතු සංසාරෙත් මව හා පුතා වී උපදීවා...

:       0       0

චන්ද්‍ර Monday, 09 July 2012 09:47 AM

පුතනුවනි, ඔබට යෝධ බල , යෝධ විර්යය, ලැබේවා, ඔබගේ මවටත් දීර්ඝ කාලයක් ඔබ හා වාසය කිරීමට ලැබේවා.

:       0       0

දිනිත් Saturday, 18 August 2012 02:55 PM

ඔබ නිවන්දකිනවාමයි...ඒක නියතයි..ඔබට ජයෙන් ජය...!!! (ස)

:       0       0

ධනවර්ධන Monday, 09 July 2012 10:19 PM

බෝසක් පුතෙක්.මවට ඉක්මන් සුව!

:       0       0

කවිනු Friday, 13 July 2012 11:54 AM

ඔබ මිනිසුන් අතර සැබෑ මිනිසෙක්

:       0       0

සරත් Monday, 09 July 2012 09:55 AM

අයියා ව‍‍‍‍‍ගේ අය අපට ආඩමිබරයක්........

:       0       0

තරිඳු Friday, 02 November 2012 11:44 PM

ඔබ වැනි දරුවන් අද කාලේ දකින්නට ලැබීමත් වාසනාවක්..(ස)

:       0       0

ශෂිනි Tuesday, 10 July 2012 10:18 AM

ඔයා ගොඩක් වටින පුවතක්.. ඇත්තටම අම්මෙ ඔයා ගොඩක් වාසනාවන්තයි.. ඔයාට ගොඩක් පිං සුසන්ත.. නමෝ බුද්ධාය..

:       0       0

ෂෆීක් Sunday, 08 July 2012 07:21 PM

ඔබ ශ්‍රේෂ්ට නිනිහෙක් සහෝදරයා. දිගුකල් ජීවත්වෙව

:       0       0

ප්‍රභාත් Monday, 09 July 2012 02:51 PM

හොඳ ආදර්ශයක්. තරුණයන්ට මේවා දකින්න සලස්වන්න ඕන...

:       0       0

තලගල Monday, 09 July 2012 10:39 PM

මාතා පිතූ උපට්ඨානං ඒතං මංගල මුත්තමං

:       0       0

නිලූ Sunday, 08 July 2012 07:31 PM

ආදරණීය පුතේ , ඔය මතු බුදු වේවි

:       0       0

හේමන්ත Tuesday, 10 July 2012 10:12 PM

වාසනාවන්ත මවක් සහ පින් ඇති පුතෙක්

:       0       0

දයාවංස හාමුදුරැවෝ Thursday, 12 July 2012 10:15 PM

ලංකාවේ වැඩියෙන් අලෙවි වන මේ පුවත් පතේ හාමුදුරැ‍වෝ කරපු හොද හරියටම දැම්ම නම් හොදයිනේ.ඔහෝම කරන හාමුදුරැව‍න්ගේ ඡායාරැපයක් දැම්ම?නම් කොච්චර අගනේද?

:       0       0

රොහිනී Monday, 09 July 2012 10:10 AM

බුදු බව ලැබීමට නියතවිවරණ ලැබිය යුතු පුතෙක්‍‍‍‍‍‍...

:       0       0

ප්‍රදීප් Saturday, 14 July 2012 11:42 AM

මතු බුදුවෙන සහෝදරයෙක්.ඔබේ මවට ඉක්මන් සුවය පතමි

:       0       0

දයාවංස හාමුදුරැවෝ Thursday, 12 July 2012 09:41 PM

ලංකාවේ වැඩියෙන් අලෙවි වන මේ පුවත් පතේ ඔහොම කරන හාමුදුරුව‍න්ගේ ඡායාරූපයක් දැම්මනම් කෙතරම් අගනේද?

:       0       0

තාරක Tuesday, 10 July 2012 10:43 AM

නියම කොල්ලෙක්, පුළුවන් උදව්වක් කරමු....

:       0       0

සිරිසේන Saturday, 14 July 2012 12:34 PM

ආදර පුතේ,අම්මා යන වදනේ සැබෑ අරුත වටහා ගත් ඔබට බුදු සරණයි!

:       0       0

දමින්ද Tuesday, 10 July 2012 04:22 PM

කොල්ලෙක් හැටියට මමත් සුභපතනවා...!!

:       0       0

ධනුෂ්ක Tuesday, 10 July 2012 03:44 PM

කියන්න වචන නැහැ.. මේ වගේ කොල්ලෙක් වදපු අම්ම ගිය ආත්මෙ පිං කරල තියෙනවා.. මම අගය කරනවා මේ උතුම් සත්කාරය ගැන..

:       0       0

දමිත Tuesday, 10 July 2012 03:46 PM

මේ උතුම් ක්‍රියාවට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා!!

:       0       0

පී.ඩී Sunday, 08 July 2012 08:14 PM

ඔබගේ ගිණුම් අංකයක් සඳහන් කරනවානම් අපිට හැක් පමණින් උදව් කල හැකි වේවි.ම‍ගේ ඇස් වලට කඳුළු ආවා මේක දැකල..ඔබට කවදාවත් වරදින්නෑ...

:       0       0

නිල්මා Tuesday, 10 July 2012 11:00 AM

ඔබට බුදු බව ලැබේවා . මෙවැනි පුතෙක් බිහි කිරීමම පිනක්....

:       0       0

ලක්ෂාන්ත - කහපොල Tuesday, 23 October 2012 11:20 PM

මාධ්‍යවලින් විස්තර දැනගත්තම කියා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් දැනුණා. ඔබවන් පුතෙක් ලබන්න ඔබේ මව විශාල පිනක් කර තිබුණත් පෙර කලදී කර ඇති අකුසල කර්මයේ විපාකය බලවත් නිසා ඇය මේ විදිහට දුක්විදනවා ඇති. ඔබගේ අප්‍රමාණ ධෛර්ය ඒ දිනක ඇයව සුවපත් කරනු ඇති. ඔබට සහ මවට දිර්ඝායු. (නි)

:       0       0

සිරිවර්ධන Monday, 09 July 2012 03:37 PM

චණ්ඩි හාමුදුරුවරුනුයි දායකයොයි එකතු වෙලා මේ අයට උදවු කළොත් නරකද?

:       0       0

අජිත් Tuesday, 10 July 2012 12:12 PM

මේ අම්මට ඉක්මන් සුවය ලැබේව ! මිතුර ඔබ අපට ආඩම්බරයකි.......... තෙරුවන් සරණි !

:       0       0

ලක්මාල් Thursday, 12 July 2012 02:30 PM

මෙවන් පුතෙක් බිහිකර මව ඔබ වාසනාවන්තයි....

:       0       0

චරිත් Saturday, 14 July 2012 08:46 PM

ඔබට ගොඩක් පින් .මම හදවතින්ම ගරු කරනවා ඔබට .

:       0       0

මහරගමම මෝරා Wednesday, 11 July 2012 03:14 PM

එ වගේම මේ සදහා මුලික වී කටයුතු කරපු වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ටද මේ ආදර්ශමත් බෝසත් පුතාටද මේකල පින මතු භවයකදි නිවන් අවබෝධය පිණිසම හේතුවාසණා වේවා......

:       0       0

වසන්ත Thursday, 12 July 2012 11:43 PM

ඔබ‍ගේ ගිණුම් අංකයක් සඳහන් කරනවානම් අපිට හැකි පමණින් උදවු කළ හැකි වේ.

:       0       0

නිලංකා ජයෂන් Monday, 09 July 2012 04:24 PM

ආදරණීය මිතුර, ඔබ ගැන ආඩම්බරයි අපට. සුභ පතනවා ඔබට. ඔබ දෙපලට දෙවි පිහිටයි

:       0       0

ලක්මාල් Thursday, 12 July 2012 02:37 PM

සොයුර ඔබට දෙවි පිහිටයි....

:       0       0

වසන්ත Thursday, 12 July 2012 11:50 PM

අම්මාට ඉක්මන් සුවය ලැබේවා....උදව්කර සැමටත් පින්.. අපිත් උදව් කරන්න කැමතියි මල්ලී....

:       0       0

නිලන්ක Monday, 09 July 2012 03:45 PM

මිතුර,ඔබ අපට ආඩම්බරයකි

:       0       0

Prasanna Wednesday, 11 July 2012 09:20 AM

මේ උතුම් ක්‍රියාවට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා!! ඔබ අපේ රටේ ඉන්න ඉතාම උසස් කෙනෙක්.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබට සහ මවට..

:       0       0

විහා Thursday, 12 July 2012 02:39 PM

අම්ම ගොඩක් වාසනාවන්තයි , පුතා ගොඩක් පින් වන්තයි...

:       0       0

කුවේට් නිමාල් Monday, 23 July 2012 03:49 AM

දස මාසයක් කුසේ තබා ඔබ බිහි කළ පින්බර පුතෙක්. ඔබට ඉක්මන් සුවර ප්‍රාර්ථනා කරනවා. (ත)

:       0       0

සන්ක Monday, 09 July 2012 11:29 PM

අපිට දුරකථන අංකයක් දෙනවනම් වඩා හොඳයි......

:       0       0

ඉරෝශ් Tuesday, 10 July 2012 04:57 PM

ඔබට බුදු සරණයි..

:       0       0

ලලිත් Saturday, 14 July 2012 01:21 PM

ඔබ වැනි පුතෙකුගේ ගුණ කීමට වචන වලින් බැරිය

:       0       0

ජයේ Monday, 09 July 2012 04:36 PM

ඔය ගෙන හරිම ආඩම්බරයි අයිය .

:       0       0

ජයේ Monday, 09 July 2012 04:44 PM

ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ උන එක අපිට ලොකු ගෞරවයක් අයිය .

:       0       0

නුවන්ප්‍රස්ඩ් Tuesday, 10 July 2012 12:53 AM

ඉක්මන් සුව පතමි

:       0       0

නුවන් Tuesday, 10 July 2012 12:15 AM

ඉක්මන් සුව පතමි

:       0       0

ප්‍රදීප් Tuesday, 10 July 2012 12:00 PM

අම්මට ඉක්මන් සුවය ලැබේවි ගොඩාක් කල් ජීවත්වෙන්න.

:       0       0

ජයන්ත Friday, 13 July 2012 12:49 AM

ඔබ උතුම් පුතෙක්. ඔබ‍ට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!

:       0       0

චන්දන Tuesday, 10 July 2012 12:43 PM

රත්තරං අම්මට ඉක්මන් සුවය ලැබේවා..!! උදව්වක් කරන්න දුරකථන අංකය හෝ ලිපිනය ලබාදෙන්න

:       0       0

ලක්ෂමි Friday, 13 July 2012 01:32 PM

ඔයා ගොඩක් හොඳ පුතෙක්...

:       0       0

ඉන්දික තුෂාර Saturday, 21 July 2012 07:14 PM

මාතුපොසක කතාව මතක් වෙනවා.. ඔයත් බුදු පුතෙක්..(නු)

:       0       0

ජානක Monday, 16 July 2012 10:50 AM

මේ වැනි පුතුන් ගැන හරිම ආඬම්බරයි.

:       0       0

මහේෂ් Friday, 13 July 2012 01:41 PM

ඔයා නියම කොල්ලෙක් මල්ලි.අද ඉන්න සර්ව පිත්තල කොල්ලන්ට ඔයා ආභරණයක්

:       0       0

ජන Wednesday, 11 July 2012 04:29 PM

මෙලොව දෙවියන් ඔබය....

:       0       0

ජගත් Friday, 13 July 2012 01:53 AM

සුපර් ස්ටාර්ලා වෙන්න සිහින දකින කොල්ලෝ ඉන්න රටක ඔබ නියම කොල්ලෙක්

:       0       0

චන්ද්‍රා Sunday, 08 July 2012 10:12 PM

වාසනාවන්ත පුත්‍ර රත්නයක්, මේ මෑණියන්ට දීර්ඝායු ලැබේව !

:       0       0

සුපිත් චන්දන Monday, 16 July 2012 11:29 PM

ඹබගෙ මවට ඉක්මන් සුවය පුර්ඵනා කරමි.මල්ලී ඹබ දෙවි කෙනෙකි. මෙම අකුසල කර්මයෙන් මිදි නිරොගි සුවය අත් වෙවා!

:       0       0

ප්‍රසන්න Monday, 09 July 2012 04:45 PM

උතුම් පුතෙක් ඔබට සදා ජය!

:       0       0

මහේෂ් Sunday, 08 July 2012 11:16 PM

මේ ළමයාගේ දුරකතන අංකය ලබා දෙන්න.අපිට අවශ්‍යයි එයාට කතා කරන්න

:       0       0

අමරා Sunday, 08 July 2012 10:41 PM

පුත, ඔබට සියලු දෙවි කරුණාව ලැබෙනවා

:       0       0

ජනක Tuesday, 10 July 2012 12:33 PM

පුත මේ සසරේදීම නිවන් දකින්නට ඔබට හැකි වේවි...උදව්වක් කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න....

:       0       0

ලක්මාල් Monday, 09 July 2012 11:53 AM

http://www.helpkarunawathi.org මෙම වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැක.

:       0       0

පුංචා Monday, 09 July 2012 11:15 AM

ඔයාට ගොඩ ගොඩක් පින්..

:       0       0

දීපික Tuesday, 17 July 2012 01:19 PM

දුර්ලබ පුතෙක්, ඔබට බුදු සරණයි.

:       0       0

දැන් Wednesday, 18 July 2012 07:17 AM

ඔබ ගැන කියන්න කියන්න වචන නැ

:       0       0

සේනක Monday, 09 July 2012 11:23 AM

උතුම් මිනිසුන් සිටින ලොවක සියළු දෙන මොහුට පිහිට වේවා!

:       0       0

පූර්ණිමා Wednesday, 11 July 2012 10:31 AM

උසස් ශ්‍රේෂ්ඨ පුතෙක්.මෙහෙම දරුවෝ මෙවන් සමාජයක ඉන්නවා කියන එකත් පුදුමයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 274 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 239 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2202 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 206 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 151 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 778 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site