ලෝකයේ බොහෝ දෙනකු ලෝකයම මවිත කරවන බොහෝ දේ කර ඇත්තේ තම සිත පාලනය කර ගැනීමෙනි. මෙලෙස තම සිත ඒකාග්ර කර ගෙන විශ්මිත කාර්යයක් කරන්නට එක් පුංචි මිනිසෙකු පසුගියදා සමත් විය. ඔහු මහනුවර උඩහිගුල්වල සියපත්ගම පදිංචි කුලතුංග මුදියන්සේලාගේ හීන්බණ්ඩා නම් 59 හැවිරිදි පුද්ගලයායි. දෙනෝදාහක් ජනතාව බලා සිටිය දී මහ පොළොවේ පැය පහක් පණ පිටින් වැළලී සිට නව වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් විය. ඔහු මේ ආශ්චර්යය කළේ කෙසේ ද? සැමටම ප්රශ්නයකි. අපි ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපය වෙනුවෙන් ඔහුගෙන් විමසුවෙමු. මේ ඔහු අපට එය විස්තර කළ අයුරුයි. මම 1970 සිට මුලින්ම කරාටේ ඉගෙන ගත්තා. කරාටේ ක්‍රීඩාවෙන් සිත පාලනය කර ගැනීම උගන්වනවා. ඒ අතරතුර යෝගී ව්‍යායාම ක්‍රම ප්‍රගුණ කළා. යෝගි ව්‍යායාම මගින් සිත මෙන්ම කයත් පාලනය කරනවා. සිත කය දෙකම නම්‍යශීලී වෙනවා. ඒ නම්‍යශීලීත්වයත් සමග මම විවිධ සංදර්ශන පවත්වන්න 1980 සිට පටන් ගත්තා. ඒ සංදර්ශනවලට පොළොව යට වැළලීමත් එක් කළ නමුත් ඒ දවස්වල පැයක පමණ කාලයකට පමණක් එය සීමා වුණා. පසුව ටික ටික එය වැඩි දියුණු කර ගත්තා. නමුත් අවසන් වරට පැය පහක් වළ තුළ සිටීමට පෙර පසුගිය මැයි මාසයේ දී පැය දෙකහමාරක් පමණ සිටියා. පසුගිය ඉරිදා පස්වරු දෙකට මහනුවර උඩහිගුල්වල සියපත්ගම දී ඔහු පණ පිටින් වැළලූනේ කිසිදු චකිතයකින් තොරවයි. අඩි හයක් දිග අඩි තුනක් පළල හා අඩි තුනක් ගැඹුර වළක් තුළ නිදාගත් මොහු ගේ වළ උඩින් ලෑලි අතුරා ගිනි ගොඩක් ගසනු ලැබීය. ඒ වන විට පොළොව තුළ පණ පිටින් වැළලී සිටි හීන්බණ්ඩා මහතාගේ වළ සැබෑ මිනී වලක ස්වරූපය ගත්තේය. මෙලොව ඉපදුන සියලූ මිනිසුන් කවදා හෝ දිනෙක මේ මහ පොළොව තුළ වැළලීම නිශ්චිත වුවත් ඒ පිළිබඳ අත්දැකීම් ඇත්තේ කිහිප දෙනෙකුට පමණකි. එයින් අද වන විට ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ පුද්ගලයා වනුයේ හීන්බණ්ඩා මහතායි. පොළොව යට පණ පිටින් වැළලී සිටිය දී තමන්ට දැනුණු දේ ඔහු අප සමග ප්‍රකාශ කළේ මෙසේයි. පොළොව යට වැළලීම මට එතරම් අමුත්තක් නෙවෙයි. නමුත් මෙවර මා පොළොව තුළ සිටි කාලය වැඩියි. ඒ නිසා තරමක් කල්පනා කරන්න අවශ්‍ය වුණා. නමුත් මම සංවිධායක මණ්ඩලයට කියල තිබුණා මොන හේතුවක් නිසාවත් පැය පහක් ගතවන්න පෙර වළ හාරන්න එපා කියලා. පැය පහට ආසන්න වෙද්දි වළ තුළ ඔක්සිජන් අඩුවීමක් පෙනුණා. ජංගම දුරකථනය පොළොව තුළට ගෙන ගිය ද ඒ සඳහා කිසිදු සංඥාවක් ලැබුණේ නෑ. අනෙක පොළොව මත සිදු වන කිසිදු ශබ්දයක් වළ තුළට ඇහුණේ නෑ. පස්වරු දෙකට වැළලූ හීන්බණ්ඩාව ගොඩට ගත්තේ රාත්‍රි හතටයි. ඒ වන විට දහස් ගණනක් ජනතාව එම භූමියට රැුස්ව සිටියහ. පොළොව යට සිට පසුගිය ඉරිදා රාත්‍රි හත දක්වා පිහිටුවා තිබූ වාර්තාව පැය තුනයි විනාඩි 39 තත්පර 12ක් ලෙස සටහන්ව තිබේ. එම වාර්තාව බිඳ හෙළීමට හීන්බණ්ඩා සමත් වූයේ පැය පහක් එක දිගටම පොළොව තුළ වැළලී සිටීමෙනි. නව වාර්තාවක් පිහිටවූ හීන්බණ්ඩා මහතාගේ තවත් දස්කම් රැසක් වේ. ඒ අතර ගිනි පෑගීම, යකඩ වළල්ලෙන් රිංගීම, බෝතල් මත ශරීරය සම බර කිරීම, බෙල්ලේ ඉදිරිපස තබා යකඩ කම්බි නැවීම, මිනිසුන් හය දෙනෙකු එකවර එසවීම, යකඩ ඇණ මත නිදාගෙන බර එසවීම, යකඩ වළලූ හතකින් නැගීම සහ බැසීම, පපුව මත වංගෙඩියක් තබා එහි පොල් කෙටීම, පපුව මත කළු ගලක් තබා කුළු ගෙඩියෙන් එය කැඞීම ආදිය මේ අතර ප්‍රධාන වේ. මෙම නව වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව හීන්බණ්ඩා මහතා අප සමග කීවේ තමාගේ මීළ`ග අරමුණ නව ගිනස් වාර්තාවක් පිහිටුවීම බවයි. මේ වන විට ලෝක වාර්තාවේ කාලය කොපමණදැයි තමා නොදන්නා බව ද ඔහු කීය. පොළොව යට පණ පිටින් වැළලීම ත්‍රාසය සහ භීතිය පිරුණු සිදු වීමකි. එය බලා සිටින්නන්ගේ සිත් කම්පා කරවයි. සියපත්ගම හීන්බණ්ඩා මහතා නව වාර්තාව පිහිටුවන අවස්ථාවට විශේෂ අධීක්ෂණ මණ්ඩලය ලෙස ගලගෙදර පොලිසියේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, ප්‍රභූන් ඇතුළු පිරිසක් එක් වූහ. මෙම වාර්තාව පිහිටු වූ හීන්බණ්ඩා මහතා තරුණ පිරිසගෙන් සහ දරුවන්ගෙන් එක් ඉල්ලීමක් කරයි. එනම් පොළොව යට වැළලීම භයානක දෙයක් බැවින් අත්හදා බැලීමට නොයන ලෙස ඔහු තරයේ ඉල්ලයි. හීන්බණ්ඩා මහතා සිය ජීවන වෘත්තිය ලෙස විවිධ දෑ කළ ද මේ වන වි ත්‍රිරෝද රථයකට ඔහුගේ බර භාර දී තිබේ. මේ සියල්ල කළ ඔහු අඩි හතරයි අගල් 11ක් උස පුංචි මිනිසෙකි.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පණපිටින් පොළොව යට වැළලූණු මිනිසෙක්
නිත්‍යා Saturday, 12 January 2013 03:46 PM
ඔබේ දස්කම් අගයනවා.ඒ මහතා කියනවා වගේ කවුරුත් මෙය අනාරක්ෂිතව අත්හදා බලන්න යන්න එපා (ස)