IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පිටසක්වලින් උපදෙස් ගත් ”මායා” ශිෂ්ටාචාරය

අද ලෝකයේ කොතැනකවත් මායාවරුන් ගැන නොදන්නා අය නැතිතරම්ය. විශේෂයෙන්ම මෙම වසරේ මායාවරුන් පිළිබඳ මුළු ලොවම ආන්දෝලනයට පත්කළේ ඔවුන්ගේ දිනදර්ශනයේ නිමාව මෙම වසරේ යෙදී තිබුණ බැවිනි. ඇත්තවශයෙන්ම මායාවරුන් පිළිබඳ අලූතෙන් දෙයක් ඉදිරිපත් කිරීමට නැති තරමට ඔවුන් ගැන ගවේශණයකොට සියලූම කරුණු දැනටමත් හෙළිවී හමාරය.

ලෝක විනාශයක් නැහැ: දින දසුන අවසන් වීමක් පමණයි

මායා යනු මධ්‍යම ඇමෙරිකාවේ දියුණු ශිෂ්ටාචාරයකි. මෙය කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර ඉතා ඉහළ මට්ටමේ අක්‍ෂර විඥානය තිබූ ශිෂ්ටාචාරයකි. ක‍්‍රි.පූ. 2600 දී පමණ ආරම්භ වූ මෙම ශිෂ්ටාචාරය කි‍්‍ර.ව. 250-900 කාලපරිච්ඡේදයේදී ඉතාම උච්ච මට්ටමේ තිබී ඇති අතර 15 වැනි සියවසේ මැද බාගය වන විට විනාශයට පත්වී ඇත. මෙම මායා ජාතීන්, ලෝකය තාක්‍ෂණ අතින් නොදියුණු යුගයක ගණිතය, අක්‍ෂරවිඥානය, චිත‍්‍ර හා මූර්තිකලාව, තාරකාවිද්‍යාව සහ වාස්තුවිද්‍යාව යන අංශවල අද විද්වතුන් මවිතයට පත්වන අන්දමට දියුණුවී සිටි බව හෙළිවී ඇත. ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්ප දැනුම ඉතාමත්ම ඉහළ මට්ටමේ තිබූ බවට හොඳම සාක්‍ෂිය ඔවුන්ගේ අහස උසට තනා ඇති පිරමීඩයමෙන් විශාල වූ සහ ඉතා සියුම් කලාත්මක භාවයෙන් යුත් ගොඩනැගිලිය. ඇමෙරිකාවේ මධ්‍යම ප‍්‍රදේශයේ වසර 1000 කට පෙර ඉතා ආශ්චර්යමත් පුදුමසහගත ශිෂ්ටාචාරයක් සැඟවී තිබූ බව මෑතක වනතුරු කිසිකෙනෙක් නොදැන සිටීමද මායාවකි. 1939 දී අමෙරිකාවේ ලේඛකයකු වන ජෝන් ලොයිඞ් ස්ටීපන් (Jhon Loyd Stephan) මහතා මුලින්ම මායා වරුන්ගේ දක්‍ෂතාව ලෝකයාට හෙළි කළේය. බොහෝ කලක් ඝන වනාන්තරයෙන් සහ මහා ගස්වලින් වසාගෙන තිබූ ඉතා ශ්‍රේෂ්ට විෂ්මජනක ශිෂ්ටාචාරය ලෝකයාට ඔහු විසින් හෙළිකරන ලදී. එයින් මුළු ලොවම මවිතයට පත්විය. එහෙත් මෙම වසරේ මායාවරුන් ලෝකයේ අස්සක් මුල්ලක් නොහැර කතාබහට ලක්වී ඇත්තේ ඔවුන්ගේ විශ්මජනක දින දර්ශනය නිසායි. ඔවුන් දෙවියන්ට යාඥා කර ඇත්තේද යම් කාලක‍්‍රමානුකූලව බව ඔවුන්ගේ එම දිනදර්ශනය අධ්‍යයනය කළ විද්වතුන් පවසයි. ඔවුන්ගේ දිනදර්ශන ඛාණ්ඩ තුනකින් සමන්විතයි. වසරකට දින 365 කින් යුත් චෝලැබි  (chol-ab) යනුවෙන්ද අනෙක වසරකට දින 260 කින්යුත් චෝල්කිගි (chol-qigi) යනුවෙන්ද මෙම දෙක එකතුවී තව එකක් චෝල් ටන් (chol-ton) යනුවෙන්ද තිබී ඇති අතර ඔවුන්ගේ මතය අනුව පෘථවියේ පැවැත්ම වසර 26500 වේ. මෙය ඔවුන් ඛාණ්ඩ 5 කට බෙදා ඇති අතර අප දැන් ජීවත් වෙන්නේ පස්වැනි ඛාණ්ඩයේ (අවසන් ඛාණ්ඩය) අවසන් මාසයේය. එනම් ඔවුන්ගේ දිනදර්ශනය 2012.12.21 වන දිනෙන් අවසන්වේ. මෙය උපුටාගෙන සමහර අය එදින හෝ එදිනෙන් පසු ලෝක විනාශය හෝ ලෝකයට යම් දැවැන්ත බලපෑමක් ඇතිවන බව ප‍්‍රකාශකර ඇත. ඇත්තවශයෙන්ම මායාවරුන් කිසිතැනක මෙම දිනයේ ලෝක විනාශවන බව පවසා නොමැත. සිදුවන්නේ එදිනට ඔවුන්ගේ දිනදර්ශනය අවසන්වීම පමණි. තාක්‍ෂණ අතින් ඉතාම ඉහළ මට්ටමේ සිටින (අඟහරුලොවේ ජීවත්වීමට යන්න උත්සාහ කරන) මෙම යුගයේ, තාක්‍ෂණ අතින් නොදියුණු යුගයක ගණිතය, අක්‍ෂරවිඥානය. චිත‍්‍ර හා මූර්තිකලාව, තාරකාවිද්‍යාව සහ වාස්තුවිද්‍යාව යන අංශවල අද විද්වතුන් මවිතයට පත්වන අන්දමට මායාවරුන් දියුණුව ලබාගත්තේ කෙසේද? දැනුම ලැබුණේ කාගෙන්ද? යන ප‍්‍රශ්න අප සිත තුළ මතුවීම සාධාරණයි. ඔවුන් තිත් සහ ඉරි පමණක් යොදාගෙන (හයිරොචිලිප්ස් Hieroglyphs) ගණිත අක්‍ෂර 20 ක් භාවිතාකර ඇති බව සොයාගෙන ඇත. මෙම අක්‍ෂරයේ දක්වා ඇති පණිවුඩය කියවා තේරුම් ගැනීමේ ක‍්‍රමය සොයාගනු ලැබුවේද 1960-1970 කාලපරිචයේදීය. ඔවුන් විසින් ග‍්‍රහ චලනය සහ අජටාකාශ සිද්ධීන් සම්බන්ධ ඉතා සියුම්ලෙස ගණනයකොට සටහන්කර ඇති බව දැනගත් විද්වතුන් පුදුමයට පත්විය. පෘථිවියට විනාශය ගෙනෙන නිබිරු යන ග‍්‍රහයා සම්බන්ධ විස්තර සමග තාරකා පිහිටීම සම්බන්ධ සවිස්තර සටහන් කර තිබිණි. ඔවුන් විසින් තනන ලද පිරමිඩය හැඩයෙන් යුත් පඩිපෙල සහිත ගොඩනැගිල්ල සහ එහි මුදුනේ පිහිටි දේවාල දෙවියන්ට බිලි පූජාකර ඇත. දෙවියන් රැඳීසිටින්නේ ආකාශයේ බවට ඔවුන් විශ්වාස කරන ලද බැවින් මෙම දේවාල අහස උසට තනා තිබුණි. ඔවුන්ගේ නගර නිර්මාණය ඉතා උසස් මට්ටමේ තිබී ඇත. ඩිගෝල්, පෙලෙන්ක්, කෝබන්, කලක්මුල්, ඩොල්ප්ලාස්, උවක්සන්කුඩාන්, යුගටාන් යන නගර ඉතා ක‍්‍රමානුකූලව සකස්කරන ලද නගරවල් වේ. පෙලෙන්ක් නගරය පෙකාල් රජතුමාගේ බලයේ තිබී ඇත. ඔහු විසින් එහි අතිවිශාල රජමාලිගාවක්ද පිරවීඩ හැඩයෙන් යුත් දේවාල හතක්ද නිර්මාණ කරනු ලැබ ඇත. මෙය හැර චිත‍්‍ර සහ මූර්ති කලාවේද එය ගවේෂණය කරන විද්වතුන් මවිතයට පත්වන අන්දමේ ඉහළ මට්ටමේ ඇත. මෙය ඔවුන්ගේ විශ්මජනක ක‍්‍රියාවලින් කීපයකි. මේ සම්බන්ධව පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මෙය සාමාන්‍ය මිනිසුන්ගේ වැඩක් විය නොහැකි බවයි. එහෙත් මෙය සුරංගනා කතාවක් හෝ මනඃකල්පිත දෙයක් හෝ මිථ්‍යාවක් හෝ බොරුවක් නොව අදටත් දැකබලාගත හැකිය. එනම් මෙය යම් විශේෂ බලවේගයක් මගින් සිදුවූ දෙයක් විය යුතුය. ඔවුන් පවසන්නේ මෙය පිටසක්වලින් පැමිණි ජීවීන්ගේ වැඩක් විය හැකි බවත්, සමහරවිට මෙය පිටසක්වලින් පැමිණි ජීවින් විසින්ම ඍජුව කරන ලද දෙයක් එසේත් නැත්නම් ඔවුන්ගේ උපකාරමත කරනු  ලැබූවක්. පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණෙන අවස්ථාවේ නැවතීමට ඔවුන් වෙනුවෙන්ම නවාතැන් ගොඩනැගිලිි සාදා දුන් බවටද මතයක් ඇත. විද්වතුන්ගේ මෙම ප‍්‍රකාශවලින් පැහැදිලි වෙන්නේ මිනිසුන්ට කළ නොහැකි මෙවැනි දේ අනිවාර්යයෙන්ම යම් විශේෂ බලවේගයක් මගින් කර ඇති බවයි. ඒ අනුව මාගේ අදහස වනුයේ මෙය මායාවරු ජීන්වරුන්ගේ උදව්මත කළ දෙයක් බවයි. මෙය සමහර අය පවසන අන්දමට පිටසක්වලින් පැමිණි ජීවින්ගේ සම්බන්ධයක් ඇත්නම් මෙතෙක් මේ ප‍්‍රදේශයේ කර ඇති කැණීම්වලදී  යම් සුළු හෝඩුවාවක් හෝ තිබිය යුතුය. එවැනි දෙයක් හමුවු බවට ආරංචි නොමැත. මෙය ජින් වරුන්ගේ උදව්මත කළ දෙයක් විය යුතුය. මා මෙසේ පවසන්නේ පසුගියා කාලය තුළ මා විසින් ජින්වරුන් පිළිබඳ කරන ලද ගවේශණය ඔස්සේ සොයාගත් කරුණු කීපයක් මතයි. ජින්වරුන් කියන්නේ අප සමග මෙම ලොවේම ජීවත්වෙන ජීවියෙකි. ඔවුන් අපට අපගේ පියවි ඇසට නොපෙනේ. එහෙත් ඔවුන්ට අපිව පෙනේ. ඔවුන්ගේ මට්ටම අනුව දේව, ආත්මා, හොල්මන්, යක්‍ෂ, කුම්භාණ්ඩ, භූත, පේ‍්‍රත ලෙස හැඳින්වේ. පොදුවේ ජින් ලෙස ආමන්ත‍්‍රණ කෙරේ. ඔවුන් මිනිසුන්ට කළ නොහැකි දැවැන්ත දේ පවා කළහැකි ඉතා බලසම්පන්න අයවේ. ඒවාගේම ඔවුන් අතර ඉතා දුර්වල අයද සිටී. ඔවුන් මිනිසුන්ට උදව් උපකාර කිරීමට ඉතා කැමැත්තෙන් සිටී. ජින් යනු අරාබි වචනයෙකි. සිංහලෙන් සැඟවීම සඟවා තැබීම යන අර්ථය වෙයි. මුලින්ම මායාවරුන්ගේ ගොඩනැගිලි ගැන බලන විට එය ඉතාම විශාල ඒවා වේ. මෙයට යොදා ඇති ගල් ඉතා විශාලවන අතර එය ජින්වරුන්ට මිසක් මිනිසුන්ට පරිහරණය කළ හැකි එකක් නොවේ. මෙම ගොඩනැගිලි බොහෝදුරට ඊජිප්තුවේ ඇති පිරමිඩයට සමානතාවක් දැක්වේ. පිරමිඩයට යොදා ඇති ගල්කැටයක බර සාමාන්‍යයෙන් ටොන් 2-5 අතරවේ. පිරමිඩයේ උස අඩි 450 ක් පමණ වන අතර ගල්කැට 2300000 ක් යොදා ඇත. එතරම් බර ගල් තාක්‍ෂණ අතින් නොදියුණු යුගයක මෙතරම් උසට ගෙනගියේ කෙසේද? තවද එතරම් විශාල ප‍්‍රමාණයක්. මෙය මිනිසුන් විසින් කරනු ලැබුවේ යැයි කිසිසේත් අනුමාන කළ නොහැක. පිරමිඩය ජින්වරුන් විසින් කරන ලද බව සමහර විද්වතුන්ගේ මතයවේ. තවද ජින්වරුන් අතර ඉතා දක්‍ෂ ගොඩනැගිලි නිර්මාතෘන් සිටිය බව සහ අල් අක්සා මස්ජිදය තනන ලද්දේ ජින්වරුන් විසින් බවට ශුද්ධවූ අල්කුරානයේ සටහන්වේ. ඊජීප්තුවේ ඇති පිරමිඩයට සමාන සැලැස්ම මායාවරුන්ට මුහුදු ගමන් බිමන් පහසුකම් නොමැති යුගයේ එතරම් දුරට ගෙනත් දෙන ලද්දේ කා විසින්ද? එපමණක් නොව ජින්වරුන් විසින් කරන ලද යම් යම් ක‍්‍රියාකාරකම් පිළිබඳ ගවේෂණයෙහි යෙදුනු උගතුන් අතර ගුප්තලෝකය පිළිබඳ පර්යේෂණාත්මකව කටයුතු කොට මනා අත්දැකීම් සහිත ඉහළ අවබෝධයක් ඇති අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ හිමියන්ගේ අදහස වනුයේ ජින්වරුන් (දෙව, ආග්මා, හොල්මන්, යක්‍ෂ, කුම්භාණ්ඩ, භූත, පේ‍්‍රත) අතර ඉතා බලවත් අය සිටින බවත් ඔවුන්ට මනුෂ්‍යයන්ට කළ නොහැකි දේ කළ හැකි බවත් ඔවුන් මනුෂ්‍යයින්ට උදව් උපකාර කිරීමට ඉතා කැමැත්තෙන් සිටින බවත්ය. එහෙත් ඔවුන්ගෙන් උදව් උපකාර ලබාගැනීම ඉතා අවදානම් බවත් පොඞ්ඩ වැරදුනාම ඔවුන් පළිගන්නා බවත් පවසා ඇත.  ඒ අනුව බලන විට මායාවරුන්ද සමහරවිට ජින්වරුන්ගේ උදව් උපකාර ලබාගෙන ඇති අතර ඔවුන්ගේ විනාශයටත් ජින්වරුන්ම හේතුවූවා විය හැක. ඔවුන් බොහෝවිට භාවිත කරන්නේ රවුම් හැඩ ලක්‍ෂණයම වේ. ඔවුන්ගේ කරමාලයේ පෙන්ඩනය, ඔවුන්ගේ ඇඳුම්වල දමා ඇති මෝස්තරවල, ඔවුන්ගේ සේසත වැනි දේ රවුම් හැඩයෙන් යුක්තවූ අතර ඒ මැදට තවත් රවුම් කීපයක්ම සටහන් වී ඇත. ඔවුන්ගේ දිනදර්ශන දිහා බලනවිට රවුම් හැඩයෙන් යුක්තවේ. එය මැද තවත් කුඩා රවුම් හැඩයක් දකින්නට ඇති අතර කෝණ හයකින් යුත් තරු ලක්‍ෂණයද ඇත. ඉහළ කෙළවරේ කොමා වැනි අක්‍ෂර දෙකකි. එක ළඟ පිහිටා ඇත. මෙය ජින්වරුන්ගේ රූපයට ඉතා සමීප සම්බන්ධයක් ඇත. මා විසින් ගන්නා ලද ජින්වරුන්ගේ ඡායාරූප අතර ඉතා සමීපව ගන්නා ලද ඡායාරූපයේ (මීටර් දෙකක් පමණ දුරෙන්) ඇති අංග ලක්‍ෂණවලට මෙය සමානතාවක් පෙන්නුම් කරයි. මේ සමග අමුනා ඇති මායාවරුන්ගේ දින දර්ශනයයි (රූප අංක 01) සහ මා විසින් ගන්නා ලද ජින්ගේ ඡායාරූපයේ ඇති ලක්‍ෂණයයි (රූප අංක 02) සසඳා බලන විට ඔබටද මේ පැහැදිලිවේ. ඔවුන්ගේ ක‍්‍රියාකලාපය දිහා බලන විට එයද ජින්වරුන් සතුටුකරන ඒවා බව පෙනේ. ඇත්ත වශයෙන්ම ජින්වරුන්ගෙන් වැඩක් කරගන්නවා නම් ඔවුන් ඉල්ලන දේ දිය යුතුය. ජින්වරුන් ඔවුන්ගේ මට්ටම අනුව අවශ්‍යතාවද එනම් ඔවුන් ඉල්ලන දේවල්ද වෙනස් වේ. ඉහළ මට්ටමේ ජින්වරුන් ඉල්ලන්නේ මීපැණි කළුදුරු, සම්සම්ජලය, කුංකුම, බිත්තර, බුලත්, මල්, දෙහි වැනි දේය. එහෙත් පහත් මට්ටමේ ජින්වරුන් ඉල්ලන්නේ ලේ, රා, අරක්කු, කන්සා. අබිං, ගින්දර, ශබ්ද, බැදපු මාළු හෝ මස් බිල්ලක් (බොහෝදුරට රතු කුකුලෙක්), කැවිලි (පුළුටු) එළවළු, සුරුට්ටු වැනි දේවල්ය. මායාවරුන්ගේ ගතිපැවතුම අතර නර බිලි විශේෂ තැනක් දරා ඇත. ඒ සඳහා අනාථයන් සහ සිරකරුවන් යොදා ඇති බව පවසයි. මීපැණිවලටද ඔවුන් මුල් තැන දී ඇත. තවද ඔවුන් දේවමෙහෙයට ගින්දර, ශබ්ද (උපකරණය මගින් හෝ ගායනා කිරීමෙන්) භාවිතකර ඇති බවද පවසයි. ස්පාඤ්ඤ ජාතික ඩියුගෝ ද ලන්ඩා (Diego de Landa) නමැත්තා 1449 දී පමණ මායාවරුන් ජීවත්වූ යුගටාන් ප‍්‍රදේශයට ගොඩවී ස්පා හමුදාවේ උපකාර ඇතිව මායාවරුන්ගේ වටිනා සටහන් සියල්ල පුලූස්සා විනාශකර ඇත. ඔහුගේ ඇසට නොගැටී ඉතිරිවූ සටහන් සතරකින් මෙතරම් විස්තර ලබාගැනීමට හැකිවී ඇත. ජාතියක් විනාශ කිරීමට නම් ඔවුන්ගේ භාෂාව විනාශ කිරීම ප‍්‍රමාණවත්ය. යම් භාෂාවක් විනාශ කිරීමට නම් පොත්පත් සටහන් විනාශ කළ යුතුය. ඩියුගෝද ලන්ඩා කළේ මෙයයි. මායාවරුන්, තමන්ගේ රටට වඩා ඉතා දියුණු මට්ටමේ සිටි බැවින් ඔහු එම ජාතිය විනාශ කිරීමට මෙලෙස ක‍්‍රියාකර ඇත. මිනිසුන් ම්ලේච්ඡු වැඩකරන්නේ ජින්ගේ බලපෑම මත බව මාගේ අදහස වේ. ඩියුගෝ ද ලන්ඩාට සිදුවී ඇත්තේ මෙවැනි බලපෑමක දෙයක් විය හැක. ඔහුගේ මෙම පහත් මට්ටමේ ක‍්‍රියාවෙන් මායාවරුන්ගේ වසර ගණනාවක පර්යේෂණ මගින් සොයාගැනීම් විනාශ කළේය. ඉහත කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමේදී ලොව වැසියන් මවිතයට පත්කරන තරම් ඉහළම ස්ථානයට මායාවරුන්ව ගෙන ගියේද ජින්වරුන්ය. එමෙන්ම ඔවුන්ගේ විනාශයටද හේතුව වන්නේද ජින්වරුන්මය. මෙය මගේ දැඩි විශ්වාසයයි. දැනට මුළු ලෝකයේම මිනිසුන්ට හසුනොවී මිනිස් සිත තුළට රිංගාගෙන අපි මේ ක‍්‍රියා කරන්නේ ජින්ගේ බලපෑම මත බව අල්පමාත‍්‍රයක්වත් නොදැන ජින්වරුන් කරන අත්භූත දේ දහස්ගණන්, ලක්‍ෂ ගණන් දිනපතා වාර්තාවන නමුත් ඒ ගැන කිසිදු තැකීමක් නැතිව අප කාගේත් දවස දිනෙන් දින ගෙවීයයි. එහෙත් මෙලෙස ගියහොත් අපට අනාගතයේ විසඳාගැනීමට නොහැකි ප‍්‍රශ්නවලට ගොදුරුවීමට සිදුවනු ඇත. එයට එකම විසඳුම ජින්වරුන් අපගේ ශරීරය තුළට රිංගාගැනීමට ඉඩ නොදීමයි. ආරංචි අනුව ඉතා භයානක දේ පවා කර ඇත්තේ අහිංසක ඔහු එහෙම කරන කෙනෙක් නොවැයි යනුවෙන් පවසන අයවේ. ජින්වරුන් අහිංසක අයගේ ශරීරය තුළට රිංගාගෙන දරුණු වැඩකිරීම එන්ඩ එන්ඩම වැඩිවෙමින් පවතින බැවින් අප සියළු දෙනාම මේ සම්බන්ධව තමන්ගේ අවධානය යොමුකළ යුතු කාලය පැමිණ ඇත. ජින්වරුන් අපගේ ශරීරය තුළට රිංගාගැනීමට නොහැකි පරිදි අපගේ ශරීරය වටා චුම්භක වළල්ලක් (Magnetic Aura) ඇති කළ හැකිය. එය පිට අයට කළ නොහැකි තමන් විසින්ම කළ යුතු දෙයක්වේ. එනම් තමන් නිසියාකාරව තමන්ගේ ආගම (තම තමන් අදහන  ඕනෑම ආගම) ඇදහීමෙන්ය. නිසියාකාරව ආගම අදහන අයගේ ශරීරය වඩා චුම්බක වළල්ලක් (Magnetic Aura) ඇති වන බව මෑතකදී කිරිලියන් ඡායාරූප මගින් සොයාගත්තද එය පුරාණ කාලයේ ආගමික අය දැනගෙන සිට ඇත. එම නිසා අපි පමණක් නොව අපගේ දු දරුවන්ටද ආගමානුකූුලව ජීවත්වීමට බල කළ යුතු බව මාගේ අදහසවේ.
දීඝාලි අෆ්වාන්



අදහස් (0)

පිටසක්වලින් උපදෙස් ගත් ”මායා” ශිෂ්ටාචාරය

ශාන් Tuesday, 18 December 2012 05:52 PM

අපේ රටෙත් මෙහෙම දේවල් තිබුණද නැද්ද කියලා ඉදිරියේදී දැනගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

සනුල් Tuesday, 18 December 2012 01:05 PM

මෙම ලිපිය මගින් ඊනියා භෞතික වාදීන්ට හොද පහරක් එල්ල ව් තිබෙනව. ඉතා හොද ලිපියක්. (ස)

:       0       0

ඉදුනිල් කෞශාල් Monday, 17 December 2012 04:38 PM

මේ යුගය බුද්ධියේ යුගයයි. එබැවින් භෞතිකය ගැන පමණක් සිතා තීරණ නොගතයුතුය. අපට තීරණ කරගත නොහැකි බොහෝ දේ භූතාත්ම වැනි බලවේග මගින් සිදුවන බව හෙලිවී තිබේ. එහෙයින් එකල ද ඉහත ශිෂ්ටාචාරය භූතාත්ම වලින් උදවු ලබාගෙන ගොඩනැගූවක් වියහැකිය. මෙම ලිපිය ඉතා වටිනා අර්ථවත් එකකි. (නි)

:       0       0

තිළිණ Sunday, 23 December 2012 01:22 PM

දන්නෙ නැති ගොඩක් විස්තර හොයාගත්තා. ලංකාදීප, ඔබට ස්තූතියි!

:       0       0

උදයසිරි Monday, 17 December 2012 04:57 PM

අතිතයේ හිටපු දියුණු මිනිස්සු මේ දේවල් විනාශ කළා වෙන්න බැරිද? (නි)

:       0       0

එරංග Thursday, 20 December 2012 07:51 PM

වටිනා ලිපියක්

:       0       0

ධානා Monday, 17 December 2012 01:00 AM

ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප ! (නි)

:       0       0

දනුෂ්ක Tuesday, 08 January 2013 06:02 PM

ඉතාවැදගත් ලිපියක්

:       0       0

ලසන්ත Wednesday, 19 December 2012 03:12 PM

යක්කු බැදගෙන අපේ අය වැඩ කරා වගේ ඔය පිරමීඩත් හදන්න ඇති !! (ස)

:       0       0

දමිත් Wednesday, 19 December 2012 03:13 PM

මේ ලෝකයේ ඇත්තේ බලවේග දෙකකි. එකක් යක්ෂයාගේ බලවේගයයි. අනෙක දෙවියන් වහන්සේගේ බලවේගයයි. (නි)

:       0       0

හිරිපිටිය Thursday, 20 December 2012 10:40 AM

මේ පිළිබදව වැඩිදුර ගවේෂණය කළ යුතුයි. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 19 December 2012 03:15 PM

මෙයාලටනම් හොඳටම පිස්සු (ස)

:       0       0

ලංකාසිරි Monday, 17 December 2012 04:29 AM

අෆ්වාන්, මේක කියවලා මටත් නිකං පිස්සු වගේ. (නි)

:       0       0

ඉෂාන් Monday, 17 December 2012 05:58 PM

මේක නම් නියම ලිපියක්. (නි)

:       0       0

ඩිවු Saturday, 22 December 2012 09:37 PM

නියමයි. කාලීන මාතෘකාවක්. මේ මායාවරුන්ට වඩා දියුණු තාක්ෂණයක් සිංහල ජාතියටත් තිබුණු බව මම අහලා තියෙනවා. "රාවණා" රජතුමා දඩුමොණරේ හදලා අහසෙන් ගියේ ඊටත් කලින්... (නි)

:       0       0

හේමාල් Monday, 17 December 2012 02:11 PM

වටිනා ලිපියක්

:       0       0

අචිනි Thursday, 20 December 2012 04:53 PM

ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)

:       0       0

අසන්ක Tuesday, 18 December 2012 10:16 AM

මම මේවා විශ්වාස කරන්නේ නැහැ. මොකද භෞතික ලෝකයෙන් එහාට වෙන කිසිවක් නැහැ. (නි)

:       0       0

සුදේෂ් Sunday, 16 December 2012 05:17 PM

නියමයි. ඒත් අනේ මන්දා? (නි)

:       0       0

හර්ෂ Wednesday, 19 December 2012 12:01 PM

පිට සක්වල ඔබ විශ්වාස කරනවාද (දී)

:       0       0

නාලක Tuesday, 18 December 2012 11:46 AM

ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප(නු)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 08 January 2013 10:40 PM

ගොඩක් වටින ලිපියක්. (නි)

:       0       0

ලලීන් Sunday, 16 December 2012 06:25 PM

නියම කතාව (දී)

:       0       0

චින්තක Sunday, 16 December 2012 06:59 PM

මම නම් හිත්නේ මිනිස්සු අද සිතන විදිහට මේ සේරම වැඩ විස්මිත ලෙසයි. අද අප ද සිතන විදිහ වෙනස් කළොත් මීට වඩා දේවල් කළ හැකියි යන්නයි මගේ අදහස වන්නේ. අද වෙනස් විදිහට සිතන මිනිසුන් සිටින්නේ ටික දෙනයි. ඔවුන් නිසයි අද අපට අළුත් දේවල් දකින්න අහන්න ලැබෙන්නේ. (නි)

:       0       0

විජය Monday, 17 December 2012 10:08 PM

මම පිට සක්වල විශ්වාස කරන්නේ නැහැ (දී)

:       0       0

සචී Friday, 21 December 2012 07:52 AM

නියමයි. (නි)

:       0       0

අර්ජුන් Monday, 17 December 2012 04:04 PM

වටිනා ලිපියක්

:       0       0

සංකල්ප Friday, 21 December 2012 03:14 PM

ජින්වරු ගැන ඔබ කියන මතය තවම ඔප්පු නොවූ මිත්‍යාවක් පමණි. මායාවරුන් තමන්ගේ ගණිත දැනුම උපයෝගී කරගෙන මේ වගේ දැවැන්ත නිර්මාණ කරන්න ඇති. නමුත් ඒ කාලේ තිබුණු ක්‍රමය අනුව දැනුම ඇති සීමිත පිරිසක් අනික් අයට නොදී පරිහරණය කලා. එකයි මායාවරුන්ගේ වැඩි විස්තර හොයාගන්න අමාරු. මායාවරුන්ගෙන් පැවත එන ජනයා අදටත් ඉන්නවා දකුණු ඇමෙරිකාවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 40 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 218 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 161 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 221 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 229 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 762 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site