IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිල බලය නිවී ගිය මොහොත

 තරිඳු ජයවර්ධන

ලංකාවේ පොලිස් ඉතිහාසයේ සේවයේ  යෙදී සිටිය දී අපරාධ චෝදනාවකට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨම නිලධාරියා ලලිත් ජයසිංහ මහතා බව පොලිස් ආරංචි මාර්ග කියයි. ඔහු ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රී ලංකා පොලිසියේ සිව් වැනියා ය.

යාපනය පුංකුඩුතිව්හි ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණයදීම සහ පළායාමට ආධාර අනුබල දීමට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත්  එස් සබේෂන් මහතා අද උදේ නියෝග කළේය.

මරණීය දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදක් සිදු කළ සැකකරුවකු බව දැන දැනත්  මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් නම් සැකකරු නීත්‍යනුකූල දඬුවමෙන් ආවරණය කර ගැනීමේ අදහසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට රැකවරණ දුන් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය වැඩබලන මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවන ලෙස ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ. රහස් පොලිසියට ඊට විරෝධය පළ නොකළ අතර ඒ අනුව සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සේවයේ සිටිය දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව පොලිසිය කියයි.   

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට කළ දැනුම් දීමක් මත ඊයේ (15) උදේ 9.30ට ට පමණ ඒ මහතා රහස් පොලිසියට පැමිණියේය.   මෙම සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහ මහතා රහස් පොලිසියට කැඳවූ     තුන් වැනි අවස්ථාව මෙයයි. රහස් පොලිසිය මීට පෙර දෙවතාවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

රහස් පොලිසියේ පෙනී සිටි ලලිත් ඒ ජයසිංහ මහතාගෙන් එහි  සමූහ මංකොල්ල විමර්ශන අංශය පැය හතර හමාරක්  පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.   ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට නොගෙන සිටීමට තවදුරටත් කරුණු ඇත්දැයි රහස් පොලිසිය සොයා බැලීය.  ප්‍රශ්නකිරීම්වලින් පසුව  ස්විස් කුමාර් නම් සැකකරු ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ බවට දැන දැනම සහ ඔහු ඊට සම්බන්ධ බවට විශ්වාස කිරීමට තරම් කරුණු තිබිය දී නීත්‍යනුකූල දඬුවමෙන් ආවරණය කර ගැනීමේ අදහසින් ඔහුට රැකවරණය දීම සහ උපකාර කිරීම යන චෝදනාව  කියා දී රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි එම් බී තිසේරා මහතා විසින් සවස 2.30ට පමණ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඉන් පසු සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැගෙන කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය බලා පිටත් විය. අතරමගදී රහස් පොලිසියේ ගිය ඛෙන්ස්   රිය අනතුරකට ලක්වීම නිසා සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා   කයිට්ස් මහේස්ත්‍රාත්ගේ නිල නිවසට ළඟා වන විට අද (16) අලූයම හය පමණ වී තිබිණි. ඒ වන විට මහේස්ත්‍රාත්වරයා නොසිටි අතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු පත් කර තිබිණි. පසුව රහස් පොලිසිය සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩබලන මහේස්ත්‍රාත්වරයා  හමුවට ඉදිරිපත් කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලු වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ලබන 25 වැනි දා තෙක් සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් නීතීඥවරු තිදෙනෙක් ඉදිරිපත්වී සිටියහ.

2015 මැයි 13 වැනි දා ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කරනු ලැබීය.  ඒ සමඟ පරීක්ෂණ පැවැත්වූ කයිට්ස් පොලිසිය සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් අතර සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කමාර් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපහොසත් විය. ඊට දින කිහිපයකට පසු ස්විස්කුමාර් ගම්වාසීන් විසින් අල්ලා ගස්බදිනු ලැබීය. මොහු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව තමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දුන් බවත්,  ඉන් පසු උප පොලිස් පරීක්ෂකවරයකුගේ ඉල්ලීම අනුව තම වාහනයේම සැකකාර ස්විස්කුමාර් යාපනය මූලස්ථාන පොලිසියට ගෙනැවිත් බාර දුන් බවත්, ඔහු මුදා හැරියේ ඇයිදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් විමසූ විට සාක්කි නැති නිසා මුදා හැරි බව ප්‍රකාශ කළ බවත් කොළඹ සරසවියේ නීති පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය තමිල් මාරන් මහතා මහාධිකරණයේ සාක්කි දෙමින් පැවසීය.

සැකකාර ස්විස් කුමාර් මුදාහැරීමත් සමග උරණ වූ ප්‍රදේශවාසීහු අධිකරණයට පවා ගල් ගසමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු අතර එම සිද්ධියට සැකපිට 200ක් පමණ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබූහ.

විද්‍යා ඝාතනය සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය බාර ගත් පසු ප්‍රධාන සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන්   විමර්ශන උදෘත නීතිපති වෙත යවා තිබුණු අතර නීතිපති උපදෙස් නොලැබීම නිසා සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාධ වූ බව පොලිස් ආරංචිි කියයි.  ඉන් පසු විද්‍යා දැරිය ඝාතනයේ නඩු විභාගය යාපනය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරුමඩුල්ලක් හමුවේ ආරම්භ විය. සාක්කි විභාගයේ දී ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියෙන් මුදා හැර ඇතැයි යලි අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් පසුගිය ඉරිදා ජනමාධ්‍ය වාර්තා කිරීමත් සම`ග ජාතික පොලිස් කොමිසම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට චෝදනාපත්‍රයක් ලබා දුන්නේය.  ඉන් පසු සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තියෙන් දඩුවම් කළ හැකි අපරාධ වරධක් සිදු කර ඇතැයි නීතිපතිවරයා පසුගිය සිකුරාදා (15) රහස් පොලිසියට දැන්වීය.

අත්අඩංගුවට පත් වන විට ලලිත් ජයසිංහ මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මෙන්ම ඌව පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද කටයුතු කරමින් සිටියේය. ඒ මහතා ලබන සති අන්තයේ නිවාඩු ඉල්ලා තිබුණු බව ද පොලිස් ආරංචි කියයි. විද්‍යා ඝාතන නඩුව යලි ලබන 18 වැනි දා බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ සහකාර පොලිස් අධිකාරී එන් බී තිසේරා මහතාගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු පිරිසක් විද්‍යා ඝාතන සිද්ධියේ විමර්ශන පැවැත්වූහ.  



අදහස් (9)

නිල බලය නිවී ගිය මොහොත

Chanak Los angeles Sunday, 16 July 2017 06:08 PM

මොහුට උපරීම දඬුවම් ලබා දීම නීති අංශයේ වගකීමයි ... අපේ රට ලෝකයේ අප්‍රසාදයට පත්වී තිබෙන්නේ මෙවන් අපරාධකරුවන් රාජ්‍ය බලයෙන් බේරා ආරක්ෂා කිරීමෙනි .

:       1       61

vijitha Monday, 17 July 2017 01:15 AM

මම හිතන්නේ, ඉස්සෙල්ලම හිර බාරයට පත් උන නියෝජ්‍ය පොලිස්පති වැස්ස උන්නැහේ කියල.

:       67       43

ලුම්බිණි Monday, 17 July 2017 02:28 AM

නීතිය හරිය ක්‍රියාත්මක වෙනවා නම් එච්චරයි ඕන.

:       0       20

sachith Monday, 17 July 2017 02:54 AM

මේක හොද ආදර්ශයක්. අනිත් දේවල් ගැනත් මේ වගේ තරාතිරම නොබලා නීතිය එකම විදිහට ක්‍රියාත්මක කරනවනම් හොදයි.

:       0       15

Perakum Monday, 17 July 2017 04:27 AM

මෙවැනි දුෂිත පොලිස් ලොක්කන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන්ටත් නිසි දඬුවම් දිය යුතුයි.

:       70       11

samMonday, 17 July 2017 07:15 AM

පැරකුම්, ඕනෑම බරපතල වරදක් කල චුදිතයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට නීතියෙන් අවසර තියනවා . සේවා දායකයෙකු වෙනුවෙන් පෙනී සිටීම නිසා නීතිඥවරුන්ට දඬුවම් ලබා දිය නොහැකියි . නමුත් ආත්ම ගරුත්වයක් , මිනිසත් හදවතක්, (මේ වෘත්තීයේ මෙවැනි අය අඩුයි ) තියන නීතිඥවරු මේවාට ඉදිරිපත් වෙන්නේ නැහැ. පෞද්ගලිකව කිසිම නීතිඥයෙකු ඉදිරිපත් නොවුනොත් රජය මගින් නීතිඥවරයෙකුගේ සේවය ලබා දීම (හෝ ඉල්ලා ලබා ගැනීම) විත්තිකරුට හිමිවන වරප්‍රසාදයක් .

:       0       41

sachithMonday, 17 July 2017 07:57 AM

නීතිඥයන් කියන්නේ දේශපාලකයන්ට වඩා නූගත් කට්ටියක් ( බහුතරයක්). කොහොම හරි මනුස්සයෙක්ව රවට්ටගෙන සල්ලි කඩාගන්නවා, නඩු දින්නත්, පැරදුණත් දෙපැත්තේම නීතිඥයන් දිනුම්....

:       51       118

raveendraMonday, 17 July 2017 02:51 PM

මා ඔබගේ අදහසට එකඟ නොවෙමි. ඕනෑම වෘත්තියක නූගත් අය සිටින බව නම් සත්තය. සාපේක්ෂව බලනවිට දේශපාලකයා හැමවිටම නූගත්ය. උගතා, බුද්ධිමතෙක් නොවේ. බුද්ධිමතා උගතෙක් නොවේ. උගත් සහ බුද්ධිය යන දෙකම ඇති කෙනා නියම මනුස්සයෙකි.

:       0       55

tarik miskin Monday, 17 July 2017 07:30 AM

ලංකාවේ පොලිසිය ලෝකයේ තිබෙන පහළම නීච නිලධාරින් සිටින ආයතනයක් හැටියට ලෝකයේ මාධ්‍ය වාර්තා මා දැක තිබෙනවා. එසේ සිදුවන්නේ මෙවැනි පොලිස් නිලධාරින් නිසාය.

:       6       119

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 97 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 97 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 282 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 518 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 582 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 96 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1633 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site