IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නයි ආක‍්‍රමණය කළ ගමක්

නාගයින්ට බියේ ගැහෙමින් දවස ගත කරන ගැමියන් පිරිසක් ජීවත්වන ගම්මානයක් තිබෙනවා යැයි කියා කෙනෙක් කිව්වොත් ඔබ පුදුමයට පත්වනවා නොඅනුමානය. ඒ කතාව ඔබ එක්වරම විශ්වාස කරන්නේ ද නැත. ඔබ විශ්වාස නොකළත් නාාගයන්ට බියේ පසුවන ගම්මානයක් සබරගමු පළාතේ පිහිටා ඇත.

 


28-Page-01-S2--(1)මේ ගම්මානය ගැන අපට මුලින්ම ආරංචිය දුන්නේ විශ‍්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් වන ආනන්ද සමරසේකර මහතාය.


ගොඩකවෙල, මැද්දේගම, යහලවෙල කියන ගම්මානයට දවස් ගාණක ඉඳලා නාගයන් වරින් වර පැමිණීම නිසා ගමේ මිනිස්සු හරිම බයෙන් ඉන්නවා.

ගමනක් බිමනක් යන්නෙත් ලොකු බයකින්. ප‍්‍රදේශයේ පන්සල් වත්තක හිටිය නාගයෙක්ව ගමේ කෙනෙක් මරලා  ඊට පස්සේ තමා මේ විදිහට නාගයන් ගමට එන්නේ කියාත් කතාවක් විශ්වාසයක් ඒ ගමේ සමහරුන් අතර තිබෙන බවත් මට දැන ගැනීමට ලැබුණා යැයි මාගේ හිතවතෙක් වන විශ‍්‍රාමික සහකාර පොලිස් අධිකාරි ආනන්ද සමරසේකර මහතා දැනුම් දුන්නේ මේ ගැන සොයා බලන ලෙස ද ඉල්ලීමක් කරමිනි.


විශ‍්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පදිංචිව සිටින්නේ රත්නපුර ප‍්‍රදේශයේය. නාග විමනක් බවට පත්ව ඇතැයි කියන යහලවෙල ගම්මානයේ ඇත්තෙන්ම සිදුවන්නේ කුමක්දැයි කියා සහකාර පොලිස් අධිකාරිවරයාගේ මේ කතාවෙන් පසු සොයා බැලීමට කුහුලක් මට ඇතිවිය.


මේ කතාව ඒ සොයා බැලීමේ ප‍්‍රතිඵලයකි.


මැද්දේගම යහලවෙල ගම්මානයේ අල්ලාගත් නාගයන් ගෙනවිත් මුදාහැර ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයට බව දැනගත් පසු එහි වනජීවී අඩවි සහකාර සරත් විජේතුංග මහතාට කතා කළෙමි. නාගයන් අල්ලාගෙන ඇවිත් තම කාර්යාලයට ගෙනවිත් බාර දුන්නේ එස්. එච්. චමින්ද නැමැති තරුණයෙකු බව අපට දැන ගැනීමට හැකිවිය. චමින්ද මහතාගේ පදිංචිය පල්ලෙබැද්ද ගම්මානයේය.


‘නාගයින් වරින් වර මතුවීම නිසා යහලවෙල ගමේ මිනිස්සු හුඟ දෙනෙක් ඉන්නේ හොඳටම බයවෙලා. ගමනක් බිමනක් යන්නත් සමහරු  බයයි නාගයන් දෂ්ඨ කරයි කියා. ගොඩකවෙල පොලිසියේ සේවය කරන උපපොලිස් පරීක්‍ෂක රත්නායක සර් තමා මට කතා කරලා කිව්වේ යහලවෙල ගමට නයි එනවා. ගමේ මිනිස්සු මේ හින්දා බය වෙලා ඉන්නේ... ඒ නාගයින් අල්ලන්න කියා’ යැයි  පවසමින් චමින්ද කතා බහට මුල පිරුවේ එහෙම කියමිනි.


‘මේ වෙdhfනකොට කොච්චර නාගයින් යහලවෙල ගම්මානයෙන් අල්ලගෙන තියෙනවාද?’ මම චමින්දගෙන් විමසුවෙමි.


‘පසුගිය 16 වැනිදා විතරක් නාගයන් 7 දෙනෙක් ඇල්ලූවා. අල්ලපු ඒ නාගයන්ගෙන් 7 දෙනෙකුම අඩි 9 අගල් 7ක් විතර දිගයි. නයි හත් දෙනාගේම බර කිරලා බැලූවා. කිලෝ 49ක් විතර බරයි. ආයෙත් පහුවැනිදා (17) නාගයින් දෙන්්නෙක් අල්ලගත්තා. උන් දෙන්නා අඩි 7 1/2ක් විතර දිගයි. යහලවෙල හතරමං හන්දිය ළඟ තියන ගෙයක් ළඟ ඉඳලා තමා මුලින්ම නාගයන් හත්දෙනා අල්ලා ගත්තේ. ඒ ගෙට එහායින් තියෙන තවත් ගෙයක් ළඟ ඉඳලා අනෙක් නාගයින් දෙන්නා අල්ලා ගත්තා.’


ඒ චමින්දගෙන් ලැබුණු පිළිතුරයි.


යහලවෙල ගමේ තැන් තැන්වල තවත් නාගයින් ඉන්නවා ගමේ සමහරුන් දැක තිබෙනවා. ඒ බව ඔවුන් මම ගමට නාගයන් අල්ලන්න ගිය අවස්ථාවේ කිවුවා. පණිවිඩය ආව ගමන් මම උන්වත් අල්ලා ගන්න යනවා. නාගයන් මේ විදියට ගමට ඒම සාපයක් නිසා සිදුවෙන දෙයක් බවයි  ගමේ සමහර අයගේ විශ්වාසය. ඒ බව ඔවුන්ගේ කතා බහෙන් මම දැන ගත්තා.


‘ගමේ සමහරුන් ඇයි මේක නාග ශාපයක් නිසා සිදුවන දෙයක් විදියට විශ්වාස කරන්නේ?’ මම චමින්දගේ කතාවට බාධා කරමින් විමසුවෙමි.


‘ඒ පැත්තේ පන්සලක (පන්සලේ නම කියයි) වත්තේ ලොකු සුදු නාගයෙක් ඉඳලා තියෙනවා. මේ නාගයා පන්සල් වත්තෙන් එළියට ආපු වෙලාවක ගමේ කෙනෙක් ඌව මරලා දාලා. මේ නාගයා මරලා තියෙන්නේ මීට මාසයකට විතර කළින්. පන්සල් වත්තේ හිටිය නයා මරලා දැම්මාට පස්සේ තමා මේ විදියට නාගයන් ගමට එන්න පටන්ගෙන තියෙන්නේ කියා ගමට නයි අල්ලන්න ගිය අවස්ථාවේ මට ගමේ සමහරු කිව්වා. මරා දැමූ නාගයාගේ ශාපය ගමට බලපා තිබෙන බව ගම්මුන් හුඟදෙනෙක් කතා වෙනවා.


ගමේ අයගේ බිය දෙගුන තෙගුන කිරීමට හේතු වූ සිද්ධියක් ගැනද චමින්ද මහතාට ඒ ගමට ගිය වෙලාවේ දැන ගැනීමට ලැබී ඇත. අවුරුදු 80ක විතර ආච්චි කෙනෙක් ගෙයි දොරකඩ ළඟට වෙලා ඉඳලා තියෙනවා. ඒ ගේ ළඟ තවත් කට්ටියක් ඉඳලා තිබෙනවා. ඔන්න එක පාරටම එතෙන්ට ලොකු නාගයෙක් ඇවිත්. මේ නාගයා අර වයසක ආච්චිට පෙනේ පුප්පලා පියඹා යන්න ගිහින්. මේ සිද්ධියෙන් පස්සේ ගමේ අය තවත් බයවෙලා. වයසක ආච්චිත් මෙයින් හොඳටම බයවෙලා. හැබැයි කිසිම කෙනෙක් නයාට ගහලා මරන්න ගිහින් නැහැ.


කඩගමුව විහාරය ළඟත් නාගයන් දෙන්නෙක්, මනතුංග මහත්තයාගේ හාඞ්වෙයාර් එක ළඟත් නාගයන් දෙන්නෙක්, කාලිංග මහත්තයාගේ ගෙවත්තේ නාගයෙක් සහ කපිල මහත්තයාගේ ගෙදරත් නාගයෙක් ද මීට කලින් මං අල්ලා ගත්තා, යැයි චමින්ද මහතා පවසයි.


මේ විදිහට අසමාන්‍ය ලෙස නාගයින් මතුවීම ගැන චමින්ද මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.


‘අපේ අය වගා කරන්න කෘමිනාශක ගහන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ හින්දා ගෙම්බෝ වගේ සත්තු පවා වඳවෙලා ගිහින්. ඉතිං නාගයින්ට කන්න සත්තු නැහැ. මේ කරුණු නිසා නාගයන් කෑම හොයාගෙන ගම්වලට එනවා. කැලෑ අනවශ්‍ය විදිහට එළිපෙහෙළි කරලා නාගයන් ගම්වලට එන්න එයත් හේතුවක් කියා තමා මට හිතෙන්නේ. කැලෑ එළිකරපුවම වල් අලි ගම්වලට එනවා වගේ.’


චමින්ද මහතා දැන් වයස අවුරුදු 35ක් පමණ වන අතර ඔහු නාගයන් ඇල්ලීම කරගෙන එන්නේ 1994 වසරේ පමණ සිටය.


‘1994 වසරේ ඉඳලා මේ වෙනකොට මම  නාගයන් 3000 කට වැඩි සංඛ්‍යාවක් අල්ලා වනෝද්‍යානවලට මුදාහැරීමට කටයුතු කරලා තිබෙනවා. මම මස්මාංශ කන්නේ නැහැ. භාවනා කරනවා. මේ වෙනකම් මට නාගයෙක් දෂ්ඨ කරලා නැහැ. කොච්චර අවදානම් වුණත් මේ වැඬේ කරගෙන යනවා. අපි දුප්පත්. අම්මා තාත්තා මැරිලා අවුරුදු 10ක් විතර වෙනවා. මම කුලීවැඩ කරලා ජීවත්වෙන්නේ. නංගී කෙනෙකුයි මල්ලී කෙනෙකුයි මට ඉන්නවා. මල්ලී උසස් පෙළ කරලා රැුකියාවක් බලාපොරොත්තුව ඉන්නවා. ඒ දෙන්නාම ජීවත් කරවන්නේ මමයි. දුප්පත් මිනිස්සු වුණාට මම කවදාවත් ප‍්‍රතිපත්තියක් විදිහට නාගයන් අල්ලා ශත පහක දෙයක් කගෙන්වත් මේ වෙනකම් අරගෙන නැහැ. ඉදිරියටත් එහෙමයි.’ චමින්ද මහතා කියාගෙන ගියේය.


‘නාගයන් ඇල්ලූවාට පස්සේ යහලවෙල ගමේ මිනිස්සු එකතුවෙලා මට රුපියල් 14,000ක මුදලක් දුන්නා. මම ඒක ඔවුන්ට ආපසු දුන්නා. බාරගත්තේ නැහැ. ඒක මගේ ප‍්‍රතිපත්තිය. මගේ මල්ලීට රස්සාවක් හොයලා දුන්නොත් ලොකු පිනක්’ යැයි චමින්ද මහතා අවසාන වශයෙන් කීය.


කැමතිනම් චමින්දගේ 072 8556098 යන දුරකතන අංකයට ඔබටත් කතා කළ හැකිය.


මෙරට සිටින ප‍්‍රකට උරග හා සත්ව විද්‍යාඥයකු වන ඇන්සලම් ද සිල්වා මහතාට ද කතා කළේ අසාමාන්‍ය ලෙස නාගයන් පැමිණීම බලපාන හේතු කවරේදැයි යන්න දැන ගැනීමටය. ‘සෑම වසරකම පෙබරවාරි සහ මාර්තු කියන මාසවල තමා නාගයින් සංසර්ගයේ යෙදන කාල වකවානුව. මේ කාලයට හැපින්නන්ගෙන් හෝමෝනයක් නිකුත් වෙනවා. හැපින්න නිපදවන මෙම හෝමෝනයේ සුවඳට නාගයා, හැපින්න සොයාගෙන එනවා. ඔය කියන ගමට නයි එන්න බලපා තියෙන්නේ ඔය කියන සාධකයි. විදා්‍යාත්මත හේතුව  ඕක තමා. නැතුව නාග ශාපයක් නිසා නොවේ. අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ.

හෝමෝනයේ සුවඳට නාගයා, හැපින්න සොයාගෙන ඇවිත් සංසර්ගයේ යෙදෙනවා. නාග ශාපයක් කියා දෙයක් නැහැ. ඒවා මිත්‍යා විශ්වාස පමණයි.
මා නාගයන් 500ක් පමණ දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අත්දැකීම් ලබා තිබෙනවා. අතීත කාලයේ ඉඳලම නාගයන් මනුෂ්‍ය වාසයට කැමති සත්තු ජාතියක්.’


උරග හා සත්ව විද්‍යාඥ ඇන්සලම් ද සිල්වා මහතා පැවසූ තවත් කරුණක් ඔබේ දැන ගැනීම සඳහා අපි කියන්නෙමු. නාගයින් දෙන්නෙක් හෝ ගැරඬි දෙන්නෙක් එකට වෙළෙමින් උඩට ඉස්සෙමින් දඟලන අන්දම ඔබ  ඕනෑතරම් දැකලා ඇති. හුඟ දෙනෙක් හිතන්නේ ගැහැණු සතයි පිරිමි සතයි සංසර්ගයේ යෙදනවා කියායි.  මෙය පිරිමි සතුන් දෙදෙනෙක් අතර සිද්ධ වෙන සටනක්. මේ ද්වන්ධ සටනින් පැරදුනු සතා බිම ඇදගෙන වැටුණාට පස්සේ ජයග‍්‍රහණය කරපු සතා ගැහැණු සතා හොයාගෙන ගොස් සංසර්ගයේ යෙදෙනවා. ගැහැණු සතා බෙදාගන්න තමා මේ විදියට සටන් කළේ.’ යැයි ඇන්සලම් ද සිල්වා මහතා  පෙන්වා දුන්නේය.


චමින්ද නාගයින් අල්ලා කරදරයක් නොකර කැලෑවට නිදහස් කිරීම මගින් ඉටුකරන්නේ ලොකු සේවයක්. එය අප අගය කළ යුතුයි. ඒත් ඔහු නාගයින් අල්ලන ක‍්‍රමය හරිම අවදානම් යැයි සත්ව විද්‍යාඥයා අවසාන වශයෙන් කීය.


තොරතුරු සොයා ගැනීමට සහාය වූ ගොඩකවෙල පොලිසියේ සැරයන් කේ. එම්. එච්. සූරිය බණ්ඩාර (41601) මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පිරිනමමු.

 

  m



අදහස් (0)

නයි ආක‍්‍රමණය කළ ගමක්

විමුක්ති Wednesday, 01 April 2015 06:03 PM

රසවත් ලිපියක් (නි)

:       0       0

රූපවතී Saturday, 04 April 2015 04:35 PM

අනේ! මේ අසරණයින්ට වගකිවයුතු කෙනෙක්ගේ අවධානය යොමුවේවා! ලංකාදීපයට ස්තුතියි මෙවැනි දේ අප වෙත යොමුකිරීම ගැන..!! (නි)

:       0       0

නන්දලාල් Friday, 03 April 2015 05:56 PM

අපි නයින් ගැන නොදැන සිටි බොහෝදෙයක් මේ ලිපියෙන් දැනගත්තා. අපි "ලංකාදීපයට" ඒ වෙනුවෙන් ස්තුති කරනවා. චමින්ද කරන්නේ අනතුරුදායක දෙයක් වුණත් ඔහු අනතුරු විශාල ගණනකින් මහජනතාව බේරාගෙන තිබෙනවා, ඔහුගේ කාරුණිකභාවය නිසාම.ගම්වැසියන්ට පිහිටවන ඔහු දෙවියෙක් ! දැන් ඔහුටත්, එයාගේ පවුලේ අයටත් කාගේ හෝ අතදීමක් ඕනෑ වන වෙලාවක් ඇවිල්ලා.... (නි)

:       0       0

රුවන් Tuesday, 07 April 2015 11:37 PM

අගනා ලිපියක්! (නි)

:       0       0

අසෝක Saturday, 04 April 2015 01:35 AM

අපේ දේශපාලකයෝ නම් ජනතාවට නයි අරින්න පටන් අරගෙන ගොඩක් කල්. නයි කියන්නෙත් හරියට බැලුවම ප්‍රාදේශීය සබා කාරයෝ වගේ. (ස)

:       0       0

ලීල් ගුනවර්දන Thursday, 02 April 2015 11:57 AM

වටිනා විස්තරයක්. චමින්දටයි, එයාගේ මල්ලිටයි මේ ලෙසම යහපතක් සිදුවන්නේ නම් අගේය. ලංකාදීපයට මාගේ ස්තුතිය. (ර)

:       0       0

චන්දිම Thursday, 02 April 2015 04:29 AM

මේ නාගයන් අල්ලන චමින්ද මහතා වෙතින් මා දකින්නේ හදවතින් ඉතා ධනවතෙකු මෙන්ම මුදලින්ද මිලියන පතියකු වීමට සුදුසුකම් ඇත්තෙකි. නියම කෙනෙකුගේ මාර්ගයෙන් ඔහුව සර්පයන් ඇල්ලීමේ විද්‍යාත්මක කලාව පුහුණු කිරීමෙන් ජාත්‍යන්තරව සේවය ලබා දිය හැකි දුර්ලභ වෘත්තිකයෙක් බිහි කල හැක. මුදල් ඇති අයෙකුට චමින්ද ඉතා හොඳ ආයෝජනයක් වනවා ඇත. (ස)

:       0       0

වසන්ත ජයසූරිය Sunday, 05 April 2015 04:08 PM

මෙවන් අභීත සමාජ සේවකයන් අගය කළ යුතුයි (බ)

:       0       0

සුපුන් Sunday, 05 April 2015 04:37 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 96 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 96 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 279 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 518 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 580 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 95 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site