IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නොපෑහෙන දීගයේ තිත්ත ඇත්ත ගැන කතා

ආර්ථික වියවුලෙන් රට ගොඩට ගැනීමට සහ ජනතාව පෙළමින් සිටින බරපතල ගැටලුවලට පිළියම් යෙදීමට මහා පරිමානයේ භාරකාර සන්ධානයක් තනාගැනීම අරබයා ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පසුගිය බදාදා පැවැත්විණ. මෙම සාකච්ඡා සාර්ථක අවසානයක් දුටුවහොත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හිස් කෙරෙනු ඇති අගමැති පුටුව හිමිවනු ඇත්තේ මහින්ද රාජපක්ෂටය. කෙසේවුවද, ඒ දක්වා දිගු ගමනක් යෑමට ඇත. 

දෙපාර්ශවය දරන මතවාදයන් සම්බන්ධයෙන් මෙම පළමු සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු වූ අතර, පුළුල් සන්ධානයක් ඇති කරගැනීමට නම් ස්ථාපිත කළ යුතුව තිබෙන පරාමිතීන් පිළිබදව ද සාකච්ඡා කෙරිණ. එය සාර්ථක වනු ඇති බවට පෙර ලකුණු දැනටමත් පෙනෙන්නට ඇත.

ජනපති සිරිසේන තනිව පැමිණ සිටියේ වුවද, බැසිල් රාජපක්ෂද සාකච්ඡාවට එක්ව සිටීම එයට වැඩි වැදගත්කමක් ආරූඪ කළේය. ලොස් ඇන්ජලිස් නුවර සිට කොළඹ බලා පැමිණ සිටි ඔහු, මෛත්‍රී හා මහින්ද අතර පැවැති හමුවට එක්ව සිටීම පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  මහින්ද පාර්ශවයට අතදිගු කරන ලද පෙර අවස්ථාවලදී දැඩිව විරෝධය දැක්වූ අයෙකි. 

පැරණි තත්ත්වය එසේ වුවත් මෙවර දෙදෙන අතර සාකච්ඡාවට ඔහුද දායකත්වය සැපයීම ඉතාම වැදගත් විය. ඒ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වන ජනපති සිරිසේන මහතා ඉදිරියේ නැගී තිබූ මහා බාධකයක් අවසානයේ ඉවත් විය. සිය දේශපාලන කියැවීම සහ මූලෝපායිකව කටයුතු කිරීමේ කුසලතාවය නිසාම ඇගයීමට ලක්ව සිටින බැසිල් රාජපක්ෂ මහතා යෝජිත වැඩබලන සන්ධානයේ පුලුල් භූමිකාවක කටයුතු කිරීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අරබයා සකස් විය යුතුව තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

යෝජිත සන්ධානයේ ස්වාධීන සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරනු ඇති බවත්, සන්ධානයට එක්වන ලෙස අනෙක් පාර්ශවයන්ට ආරාධනා කළ හැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නැවත අත්වැල් බැඳගැනීමක් සිදුනොවන බව ඔහුගේ අදහස් දැක්වීමෙන් මනාව පැහැදිලි වූ නමුත්, වැදගත් ගැටළු අරභයා ඇතිකරගන්නා එකඟතාවයන් මත මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව පෙනී ගියේය. වැඩබලන මහා සන්ධානයේ සාමාජික පක්ෂවලට ඉදිරියේ එන ජනපතිවරණයට සහ පාර්ලිමෙන්තු මැතිවරණයට ස්වාධීනව තරග කිරීමටද හැකියාව තිබෙන බව බැසිල් පැවසුවේ ය.

ජනපති සිරිසේන මහතා සහ රාජපක්ෂ දෙසොහොයුරන් අතර සාකච්ඡාව පැවැත්වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයන් 15 දෙනාගෙන් අයකු වන හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාට අයත් අංක 1070-2 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල, යන ලිපිනයේ පිහිටි නිවසේදීය. සාකච්ඡාව අතරතුර දී වරින් වර ජනපති හා රාජපක්ෂවරුන් අතරට පැමිණියද දිසානායක මහතා මුලු සාකච්ඡාවටම සහභාගීවූයේ නැත. 
දිසානායක මහතා සති කිහිපයකට ඉහත ඔහු හිටපු ජනපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයටද ලක්විය. නොසැළකිලිමත් ලෙස අදහස් දක්වමින් දිසානායක හැසිරෙන්නේ යැයි ඔහු විපක්ෂයේ තම හිතවතුන් කිහිපදෙනෙක් හමුවේ කෝපාන්විතව අදහස් දක්වා තිබිණ. එවක් පටන් දිසානායක මහතා නැවත වරක් තැරුව්කරුවාගේ භූමිකාව රඟ දැක්වීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නට ඇත. 

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමයේදීද දිසානායක මහතා කටයුතු කළේ මේ අයුරින්මය.

ජනපතිවරයා දැඩි දේශපාලනික තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බවත්, කැබිනට් සංශෝධනයක් ද සිදුවීමට ඉඩ තිබෙන බවත්, පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් මුල් පිටුවෙන් අනාවරණය කෙරිණ. මේ අරබයා ජනපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව හිමිවන්නේ ඉහළ ප්‍රමුඛතාවයකි. 

හැකි ඉක්මනින් නව අගවිනිසුරුවරයකු පත්කිරීමද ජනපතිවරයා අපේක්‍ෂාකරන වෙනස්කම් ලැයිස්තුවේ ඉහළින්ම තිබේ. ආගාධයට ගොස් තිබෙන රටේ නීතිය හා සාමයේ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහුගේ දැඩි අවධානය යොමුව ඇත. 

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ වෘත්තිකයකුට නුසුදුසු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කණස්සල්ලට පත්ව සිටින ජනපති සිරිසේන මහතා ඔහු වෙනුවට වෙනත් පොලිස්පතිවරයකු පත්කිරීම විමසුමට ලක්කරමින් සිටී. ඒ සදහා සුදුස්සෙකු ඔහු දැනටමත් ලකුණු කරගෙන සිටින බව දැනගැනීමට ඇත. 

ජනපතිවරයාගේ වුවමනාව එය වුවද, එක්සත් ජාතික පක්ෂයේ එක්තරා කණ්ඩායමක වුවමනාව වන්නේ වත්මන් පොලිස්පතිවරයාව එම තනතුරේ දිගටම තබා ගැනීමය. ඒ සදහා හේතුව පැහැදිලි නැත. මෙම ගැටලු ද්විත්වය මුල් කරගෙන ඇතැම් අමාත්‍යවරු ජනපති සිරිසේනට මහතාට එරෙහිව ව්‍යංගාර්ථව යුද ප්‍රකාශ කර තිබෙන අතර, ඒ පිළිබදව වැඩිදුර තොරතුරු ඉදිරියට හෙළි කෙරෙනු ඇත.

අගමැති වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීම තමාට අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්වෙමින් තිබෙන බව කියමින් ජනපති සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාව ආරම්භ කළේය. කණස්සලු ස්වභාවයක් ඔහුගේ මුහුණේ රැඳී තිබිණ. 

තමන් ගන්නා උත්සාහයන් එතැනම ලොප් කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කියා සිටි ජනපතිවරයා ආර්ථිකය කඩා වැටීමට සහ දැනටමත් අධික බරක් උසුලමින් සිටින ජනතාව තවත් පීඩාවට ලක්වීමට පෙර, වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් විය යුතුව තිබෙන බවද පැවසුවේ අදිටන් සහගතවය. 

පවත්නා තත්ත්වය පැහැදිලි කිරීම සදහා ඔහු උදාහරණ ගණනාවක් ද ගෙන හැර දැක්වූයේය. 

ගෙවී ගිය සති කිහිපය සැළකීමේ දී ජනපති සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා අතර සබදතාවය ඉතාම දරුණු ලෙස පරිහානියට පත්වීමට තුඩුදුන් අවස්ථා කිහිපයක්ම සනිටුහන් වූ බව සියලු දෙනාම හොදින් දනිති. කොටින්ම, පසුගිය මස පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවේදී, ගෙවී ගිය වසර 3 ක කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති සබඳතාවය විවරණයට ලක්කිරීම සදහා උප කමිටුවක්ද පත් කෙරිණ. 
බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් ඇමතූ එස්. බී. දිසානායක මහතා වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත්විය යුතුව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වැඩබලන රජයක් තනාගැනීම සදහා යොමුවිය යුතුයැයි ඔවුන් නිර්දේශ කරන බවද පැවසුවේය. මැතිවරණක් පැවැත්වෙන තෙක් එවන් එකඟතාවයකට සහාය දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා පවා සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කිවේය.

නෝර්වේ සහ බි්‍රතාන්‍යයේ නිල සංචාරයක් සදහා අගමැති වික්‍රමසිංහ මහතා අඟහරවාදා රාත්‍රියේ දිවයිනෙන් බැහැර විය. නෝර්වේහි ගතකිරීමට යන දින 3 ක කාලයේ ඔහු එරට ප්‍රමුඛපෙලේ නිෂ්පාදන සමාගමක් යටතේ ක්‍රියාත්මක කෙරෙන පරිගණක ගතකර උසස්ම තත්ත්වයෙන් පවත්වා ගැනෙන ගබඩා පහසුකම් නිරීක්ෂණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ මිතුරියක ලෙස සැළකෙන නෝර්වේ අගමැතිනී එමා සෝල්බර්ග් හමුවීමටත් නියමිතය. මෑතක දී ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ දේශනය කරමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාව තමන් ඇදබැඳ තබාගෙන සිටින බවය. 
අගමැති වික්‍රමසිංහ මහතා සිය බි්‍රතාන්‍ය සංචාරයේ දී ඔක්ස්ෆර්ඞ් සංසදය අමතමින් ඉන්දියා සාගර කලාපයේ භූදේශපාලනය මැයෙන් දේශනයක් පවත්වනු ඇත. එය යෙදී තිබෙන්නේ අද (සඳුදා) ටය. 



අදහස් (1)

නොපෑහෙන දීගයේ තිත්ත ඇත්ත ගැන කතා

max Monday, 08 October 2018 07:37 AM

ඉදිරි පරම්පරාවට විතරක් නෙවෙයි වර්තමාන පරම්පරාවටත් හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 271 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 421 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 242 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 653 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 775 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2879 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site