IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දේශපාලනයේ තුන්කල් දක්නා රනිල්

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
 
ශ්‍රී ලංකාවේ පස් වරක් අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලන වංශ කථාවේ ලංකාවේ මෙතෙක් බිහි වූ ළාබාල අගමැතිවරයා වන්නේය. ඔහු අගමැති වශයෙන් ප්‍රථමයෙන් දිවුරුම් දෙන විට 44 වැනි වියේ පසු විය. වික්‍රමසිංහවරුන්ගේ දේශපාලනය ඇරඹෙන්නේ දකුණු සිරිලක ගාලු‍ පුරවරයෙනි. රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජන්ම ලාබය ලැබුවද ඔහුගේ පිය පරපුර ගාලු‍ දිසාවේ බද්දේගම නම් සුන්දර ප්‍රදේශයෙන් කොළඹ, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත වූ ශක්තිමත් ආර්ථිකයක් තිබූ පවුල් පරම්පරාවකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පිය පරපුරේ මුල්ම දේශපාලන පුරුක වන්නේ සී.එල්. වික්‍රමසිංහ මහතාය. ලංකා නිදහස් සටනට ජීවය දුන් ලංකා ජාතික සංගමය බිහි වීමටත් පෙර දකුණු පළාත මුල් කරගෙන ගාල්ලෙන් ඇරැඹි දේශපාලන සංවිධානය වනුයේ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා විසින් පිහිටුවන ලද ගාලු‍ ජාතික සංගමයයි. කන්නන්ගර මහතා මෙම සංගමය පිහිටුවන විට ඔහු සමග ක්‍රියා කළ දෙවෙනියා සී.එල්. වික්‍රමසිංහ මහතාය. 1923 වසරේ කන්නන්ගර මහතා ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයා වූ විට ගාලු‍ ජාතික සංගමයේ ඔහු දැරූ ලේකම් පදවිය හිමි වූයේ සී.එල්. වික්‍රමසිංහ මහතාටය. සී.එල්. වික්‍රමසිංහ මහතා යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන්ගේ පියාය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මව්පස දේශපාලනය ඇරැඹෙන්නේ සබරගමුව පළාතේ කෑගල්ලෙනි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන් වූ නාලනී විජේවර්ධන මාතාවගේ මෑණියන්ගේ පියා වූ ජෝන් හෙන්රි මීදෙණිය මහතා ශ්‍රී වික්‍රමසිංහ රජුගේ දිසාවේ තනතුරක් හෙබවූ හුම්බැද්ද දිසාවගේ මුණුබුරෙක් විය. ජෝන් හෙන්රි මීදෙණිය දිසාව 1921 දී ව්‍යවස්ථා දායක සභාවට නිල නොලත් මන්ත්‍රීවරයකු ලෙස පත්ව ආවේ ආණ්ඩුකාරවරයා විසින් යෝජනා කිරීමෙනි. ඔහු උඩරට සිංහල ජනතාව නියෝජනය කරන ප්‍රථම මන්ත්‍රීවරයා ලෙසද පත් වූ අතර, 1931 දක්වා දේශපාලනයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රුවන්වැල්ල කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් පත් වී මාස කිහිපයකින් අභාවප්‍රාප්ත විය. මෙම පුරප්පාඩුව පිරවීම සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ජයගෙන මැති සභා ඉතිහාසයේ ප්‍රථම කාන්තා නියෝජනය සිදු කළේ මීදෙණිය මන්ත්‍රීවරයාගේ දියණිය වූ ඇඩ්ලින් මොලමුරේ මැතිණියයි.

රනිල් වික්‍රමසිංහ යනු මෙවන් දේශපාලන පවුල් පරම්පරාවක් තුළින් මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

මෙම දේශපාලන පරපුරු දෙක එක්වූයේ නාලනී විජේවර්ධන මෙනවිය හා අතිනත ගත් එස්මන්ඩ් වික්‍රමසිංහ දෙපළගේ සුසංයෝගයෙනි. මෙම මවුපියන්ට දාව මීට වසර 72 කට පෙර, 1949 මාර්තු මස 24 වැනිදා මෙලොව එළිය දුටු රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පාසල් අධ්‍යාපනය නිමා කර කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති පීඨයට ඇතුළත්ව නීතිය හදාරමින් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වල ද නායකයකු ලෙස ක්‍රියා කළේය. ඒ අනුව නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති පදවියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පදවියත් රනිල් එකවර දැරීය.
නීති අධ්‍යාපනය අවසන් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් දිවුරුම් දී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සොහොයුරු රාජ නීතිඥ එච්.ඩබ්. ජයවර්ධන මහතා යටතේ එම ක්ෂේත්‍රයේ පුහුණුව ලැබුවේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු පක්ෂයේ නායකත්වය ගත් ජේ.ආර්. ජයවර්ධන මහතා පක්ෂය ඉදිරියට ගෙන ගියේ පක්ෂයේ දියුණුවට නව මං විවෘත කරමිනි. පක්ෂය නගා සිටුවීමට එතුමන් නව තරුණ ජවය එක් කරගත්තේය. විවිධ හැකියාවන් තිබෙන ඒ ඒ අංශවල නිපුණයන් පක්ෂයට එකතුකරමින් පක්ෂය ජයග්‍රහණ මාවතට ගෙන ආවේ සියලු‍ බාධක ජයගනිමිනි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ඇරැඹුණු බියගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුර පැවරුණේ නීතිඥයකු වූ තරුණ රනිල් වික්‍රමසිංහ මහතාටය.
1977 වසරේ ජූලි මස පැවැත් වූ මහ මැතිවරණයෙන් රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව ජේ.ආර්. ජයවර්ධන නව රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූයේය. 1978 වසරේ දී යෞවන කටයුතු හා රැකි රක්ෂා අමාත්‍ය පදවිය රනිල්ට හිමි විය.

කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති පදවිය, අධ්‍යාපන ඇමති පදවිය රනිල් දැරූ නව අමාත්‍ය පදවියන්ය. ඔහු විද්‍යාපීඨ ඇතිකර පක්ෂ බේදයෙන් තොරව සුදුසුකම් මත ගුරු පත්වීම් ලබා දී පුහුණු කර රටට නව ගුරු පරපුරක් හඳුන්වා දුන්නේය.

මෙරට දේශපාලනයට නව උගත් පරපුරක් බිහිකළ දේශපාලකයන් අතර ප්‍රමුඛයා වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. දෙවැන්නා රනිල් වික්‍රමසිංහය. ජේ.ආර්. යටතේ සිටි ඔහු බිහි කළ නව දේශපාලන පරපුර කිසිවිටෙක නායකයා ඉක්මවා යන්නට වෙර දැරුවේ නැත. ඔවුන් අතර තරගය තිබුණේ දෙවැන්නා වීමටය. එහෙත් නායකයා වීමට යමෙක් පොර කෑවා නම් ජේ.ආර්. ඒ අය දේශපාලන පොරපිටියෙන් අතු ගා දැම්මේය.

ඇතැම් අය රනිල්ට චෝදනා කරනුයේ පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී රැඳී සිටිනවා යනුවෙනි. එහෙත් ඔවුන් අමතක කරන ඉතිහාසයක් ඇත. 1935 ඇරැඹුණු ලංකා සම සමාජ පක්ෂයේ නායකයා වූ එන්.එම්. පෙරේරා 1979 අගෝස්තු දක්වා මිය යනතුරු වසර 44ක් සම සමාජ නායකයාය. සම සමාජයෙන් බිඳී ගොස් 40 දශකයේ බිහි වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ 1981 මියයනතුරු වසර 40 ක් පමණ කොමියුනිස්ට් පක්ෂයේ නායකයාය. බණ්ඩාරනායක මහතාගේ මරණයෙන් පසු පක්ෂයේ නායකයා වූ. සී.පී. ද සිල්වාට නායකත්වයේ සිටින්නට ඉඩ දුන්නේ මාස 6 කි. 1960 ජූලි මස සිට 2000 වසරේ මිය යනතුරු වසර 40 ක් ශ්‍රී.ල.නි. පක්ෂයේ නායිකාව සිරිමාවෝය. පිලිප්ගෙන් පසු මහජන එක්සත් පෙරමුණේ නායකයා වසර 50 ක් පමණ දිනේෂ්ය. වසර 90ක් වන සම්බන්ධන් දෙමළ ජාතික සංවිධානයේ නායකයාය. රනිල් නායකයා වූයේ 1994 සිටය. ඒ මේ වන විට වසර 26 ක කාලයකි.

රනිල් පසුගිය කාලයේ තමාට හිමි ජනපතිවරණ අපේක්ෂකත්වය පිරිනැමුවේය. විපක්ෂ නායක ධුරය පිරිනැමුවේය. අගමැති අපේක්ෂකත්වය පිරිනැමුවේය. බලය ඉල්ලන්නට බොහෝ දෙනා දනිති. එහෙත් ඔවුන් ඉල්ලන්නේ රනිල්ගේ හිසය. රනිල් සිරිසඟබෝ කෙනකු නොවන නිසා එසේ ඉල්ලන හිස ලබා ගැනීම අපහසු වී ඇත.

ජනාධිපතිවරණයට තරග වැදී පරාජය වුවද එයින් වසරක් ගෙවෙන්නට පෙර රනිල් චන්ද්‍රිකා මැතිණියගේ රජය ගෙදර යවා නව පෙරළියක් සිදු කළේ වචන හරඹ තුළින් වේදිකා දෙදරවා නොව බුද්ධියේ, ප්‍රඥාවේ, ශික්ෂණයේ අනුහසිනි. එම රජය අතරමගදී විසුරුවා හැරියේ රනිල් වික්‍රමසිංහ තමාගේ පාලන කාලය සම්පූර්ණ කළහොත් ඊළඟ මැතිවරණයේදී ඔහු 5/6 ත් වඩා වැඩි බලයක් හිමි කරගන්නා බව ඔවුන්ට පෙනී ගිය නිසාය. 2005 ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වූයේ ජයග්‍රහණය අතේ තබාගෙනය. රනිල් ඉන් පැරදුනේ ඡන්ද සොච්චමකිනි. උතුරු නැගෙනහිර නොව කොළඹ ඡන්ද හරියට වැටුණා නම් රටේ ජනපති රනිල්ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇතැම් දේශපාලකයන් සිදු කළ කුමන්ත්‍රණ නිසා මෙරට දෙමළ ජාතිකයන්ගේ ඡන්ද රනිල්ට නොලැබී ගියේය. එහෙත් තමා පැරදුණත් මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පැරදවීමට රනිල් අගමැති ධුරය දැරූ සුළු කාලය තුළ අවශ්‍ය සියල්ල සිදු කළේ සාම ගිවිසුම හරහාය. ඔහු ප්‍රභාකරන්ගෙන් කරුණාඅම්මාන්, පිල්ලෙයාන් ගලවා දැම්මේය. මුදුන් මුල දිරූ ගසක් මියයන්නා සේ එල්.ටී.ටී.ය දිරා යන්නට විය. ඒ දිරාගිය ගස පෙරළා දමන්නට බලයට පැමිණි රජයට හැකි නොවුණා නම් පුදුමයකි.

2005 වසරේදී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2015 දක්වා ජය පැන් බිව්වේය. 2017 පැවතිය යුතු ජනාධිපතිවරණය 2015ට ආවේය. මා සමග තරඟ කරන්නට එන අපේක්ෂකයා කවුරුද යනුවෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඇසුවේ ඔච්චමටය. ජනාධිපතිවරණයට දින නියම විය. විපක්ෂයට අපේක්ෂකයෙක් නැති සේය. සියල්ල සංවිධානය වූයේ වේදිකාව මත නොව වේදිකාව යටය. ජනාධිපතිවරයා ඇතුළු බල පිරිස සිටියේ වේදිකාව උඩය. රනිල් ජනාධිපතිවරයාගේ ළඟම සිටි පක්ෂයේ ලේකම්වරයා රහසේම වේදිකාවෙන් බස්සවාගෙන තිබුණි. ජනතාව තුෂ්නිම්භූත කරමින් තරගයට පැමිණියේ ඔහුගේම ළඟ සිටි දෙවැන්නාය. රනිල් චන්ද්‍රිකා රජය 2000 පෙරලු‍වා මෙන් 2015 මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වේය.

ඔහු එකවරක් නොව කිහිපවාරයක්ම රනිල්ට පුළුවන් බව රටට පසක් කළේය.
එදා රනිල්ට බෑ කිව් අය රනිල්ට පුළුවන් කියා ඔහු පසු පසින් වාඩි වූයේය. විපක්ෂයෙන් ගෙන ආ රනිල්ට බෑ කියන කොරෝනාව වැලඳුනේ අපේ පක්ෂයේ අයටය.

ජේ.ආර්. මෙරට ජනාධිපති වූයේ වයස අවුරුදු 72 දීය. රනිල්ට උදාවනුයේ එදා ජයග්‍රාහී ජේ.ආර්.ගේ වයසයි. ජේ.ආර්. සෙවණේ දේශපාලනයට පැමිණි රනිල්ට ඒ ශූර බුද්ධිය නැතුවා නොවේ. ජේ.ආර්. ඉවසුවේය. බුදු දහමින් හික්මුණේය. ජේ.ආර්.ට ලොකු කථිකත්වයක් නොතිබුණි. රනිල්ටත් එසේය. දේශපාලකයෙකුට තිබිය යුත්තේ ළඟට වඩා දුර බලනා නුවණකි. රනිල්ට එය ඕනෑවටත් වඩා ඇත. එහෙත් ඔහු ජනප්‍රිය ඉන්ද්‍රජාලිකයකු මෙන් නොවේ. ඔහුට විසිල් දේශපාලනයක් හෝ බල්ටි දේශපාලනයක් නැත. රනිල් දේශපාලකයකුට වඩා රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. දේශපාලකයා බලන්නේ ඊළඟ ඡන්දය දිනන හැටිය. රාජ්‍ය තාන්ත්‍රිකයා බලන්නේ ඊළඟ පරම්පරාව දිනවන හැටිය. ඊළඟ පරම්පරාව දිනවිය හැකි දැක්මක් ඇති දේශපාලකයකු රටේ නැති තරම්ය. දේශපාලනයේ එවැන්නකු සිටිනවා නම් ඒ රනිල්ය. එවන් අයෙකු කිසිම පක්ෂයක පේන තෙක්මානයේ නැති බව අද බොහෝ දෙනා පවසන කරුණකි.

වෙන් වුණ, බිඳුණු, හැප්පුණු සියලු දෙනාම බේද දුරලා යළි එක්විය යුතුව පවතී. ඒ කිසිවකුට ඔටුනු පැලඳවීමට නොව රටට ජාතියට ඔටුනු පැලඳවීමටය. ජේ.ආර්.ට වයස 72 වන විට රට වැටී තිබුණු දුර්භික්ෂ සමය රනිල්ට 72 පිරෙන විට එළඹෙමින් තිබෙන ආකාර පුදුමසහගතය.

මතු වී තිබෙන අඳුරු දසාවත් මතුවෙමින් පවතින මහ අනතුරුත් නිමාකොට, නව ආලෝකයක් ගෙන දෙන්නට පුළුවන් නායකයෙක් වේ නම් ඒ රනිල්ය. සමස්ත දේශයම බේරාගෙන යළිත් සංවර්ධන යුගයකට පා ඔසවන්නට රනිල් වැනි දූරදර්ශී නායකයකු අවශ්‍යව ඇත. එයට අවස්ථාව උදාවෙමින් පවතී. ජනතාවෙනි මේ ඔබට කාලයයි.

නායකතුමනි, ඔබට පතනෙමි චිරං ජීවතු!


(***)
එක්සත් ජාතික පක්ෂ සභාපති,
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය.
වජිර අබේවර්ධන

 



අදහස් (24)

දේශපාලනයේ තුන්කල් දක්නා රනිල්

Pradeep Wednesday, 24 March 2021 12:10 PM

ඉතාමත් විශිෂ්ඨ කඩේ යෑමක්...

:       9       76

nimalWednesday, 24 March 2021 04:54 PM

කඩේ යාමක් නොවේ. ඔබලා තේරුම් ගන්න ආකාරය නිවැරැදි විය යුතුවේ. වජිර මේ ලිපිය ලියා තිබෙන්නේ මීළඟ රජය පිහිටුවීමට පෙර වස් දොස් තිබේ නම් ඒවා සමනය කිරීම සඳහා වේ.

:       8       3

tdThursday, 25 March 2021 04:51 PM

දේශපාලනයේ තුන්කල් පමණක් නොව ලෝකයේ සිදුවීම් පිළිබඳ මනා අවබෝධයක් සහ ලෝකයා දැකිය හැකි නායකයෙක්..

:       16       7

විජිත් Wednesday, 24 March 2021 02:39 PM

රනිල්ට මේ තරම්ම වන්දනාමාන කරන්න වජිර අබේවර්ධනට සුවිශේෂ වූ අයිතියක් තියෙනවා.. ඒ තමයි රනිල්ගේ ආශිර්වාදය ,බැකප් එක නැතිව වජිර කියන පුද්ගලයෙක් එජාපයේ සිටින්නේ නැතිබව. සොත්ති උපාලිලා ගැන "...එහෙම, ඊළඟ කොටසේදී ලියනු ඇතැයි කියා අපි බලාගෙන ඉන්නවා.

:       13       26

rusiru Wednesday, 24 March 2021 05:49 PM

තුන්කල් දකිනකොට එජාපෙ ආසන 1ට බහිනවා දැක්කද දන්නෑ...

:       2       44

ajith Wednesday, 24 March 2021 06:10 PM

රටේ මිනිසුන් 300කට අධික ගණනක් බෝම්බ වලින් පුපුරා යනවිට, ඔය "දැක්ම" තිබුනේ මොන දිශාවටද?

:       3       50

chandima Wednesday, 24 March 2021 06:32 PM

තවම ඉන්නවා නේද? දැන් වයස කීයද? රටක් පාලනය කරගන්න පුළුවන් වයසකද ඉන්නේ?

:       2       47

CHANDIMA Wednesday, 24 March 2021 08:50 PM

මෙයා තුන් කල් නොවේ... හතර කාලෙම දන්නවා. හීන් නූලෙන් වයිබර් තාක්ෂණයෙන් තමයි අඹරවන්නේ. ඒ කාලේ කියලා තියෙන්නේ මතු සිංහල ජාතියේම ඉපදෙනවා කියලා.

:       3       14

chandima Wednesday, 24 March 2021 09:45 PM

පව්..., තුන්කල් නොදැක උන්නා නම් මෙලහටත් රටේ ජනාධිපති වෙලා. පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැරිලුනේ..

:       1       22

Raveendra Thursday, 25 March 2021 02:06 AM

කුනුවුණු පතෝල කරලක්, කුනුවුණු වට්ටක්කා ගෙඩියක් පිළිබඳව කතා කරයි....

:       3       37

Bamunuarachchi Thursday, 25 March 2021 02:11 AM

තුන්කල් දන්නවා නම් එයට මේ කල යන්නේ නැහැ නේද? එය තවදුරටත් හිටියා නම් අපිට යනකල ගැන හිතන්න.

:       3       45

නිලන්ත පෙරේරා Thursday, 25 March 2021 04:35 AM

සුබ උපන් දිනයක් නායකතුමනි, ඔබතුමා ගැන අනාගතයේ රන් අකුරෙන් ලියවේවි..!!!.

:       42       13

BamunuarachchiFriday, 26 March 2021 05:30 AM

රන් අකුරෙන් ලියවෙන්නේ මොනවා කෙරුවාටද? උතුර ප්‍රභාකරන්ට දෙන්න ගිය නිසාද? මෙහෙම සිංහලයෝත් මේ රටේ ඉන්නවා. ඉතින් රට මුස්ලිම්කරණය වෙන එක අහන්න ඕනෑද?

:       6       32

Sarath Dharmadasa Thursday, 25 March 2021 05:08 AM

ජේ.ආර්. ට සිටි විශිෂ්ඨ දෙවැනි පෙළ දේශපාලකයින් රනිල්ට නොසිටීම ඔහුට බලපෑ විශාලම ප්‍රශ්නයක් විය. ඒ නිසාම ඔහුට වැදගත්ම වගකීම් දෙන්න සිදුවුණේ නුසුදුසු දූෂිත සහ පාවා දෙන අයටය.

:       9       18

sam Thursday, 25 March 2021 06:24 AM

වජිර, දැන් නිකම්ම නිකන් කොටයක් පමණයි. මේ අර ගාලු ක්‍රීඩාංගණයේ විකුණන් කන්න හදපු එකනේ. අපෝ... මතක් කරන්න එපා. නියම යටිකූට්ටුව. පළාතටවත්, රටටවත්, කිසිම වැඩකට නැති එක. දැන් නිකම්ම නිකන් පිනා වගේ ඉන්නේ. ආයිත් නම් ගාලු ජනතාව එයාව පාර්ලිමේන්තු යවන්නේ නැහැ. හැමෝම දන්නවා දෙපත් නයා කියලා.

:       2       41

kamal Koyrala Thursday, 25 March 2021 06:31 AM

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇතැම් දේශපාලකයන් සිදුකළ කුමන්ත්‍රණ නිසා මෙරට දෙමළ ජාතිකයින්ගේ ඡන්ද රනිල්ට නොලැබී ගියේය.

:       6       11

BamunuarachchiFriday, 26 March 2021 05:33 AM

මෙරට දෙමළ ජාතිකයින්ගේ ඡන්ද රනිල්ට ලැබුණා නම් රනිල්ට රටත් දීලා දෙමළුන්ට උතුරත් ලියලා දෙන්න තිබුණා නේද මිත්‍රයා? අනේ හපොයි ඔහෙලා වගේ සිංහලයින්...

:       7       26

hesa Thursday, 25 March 2021 06:58 AM

පවුල් පසුබිම නම් කෙතරම් උසස්ද? ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා!

:       39       6

Ruwan Thursday, 25 March 2021 07:41 PM

මොන රටේ රනිල් ගැනද මේ ලියලා තියෙන්නේ? මම දන්න රනිල් කෙනෙක් ඉන්නවා සියල්ල විකුණන් කාපු , සිංහල බෞද්ධයින් පෙන්නන්න බැරි, ලංකාවට කෙලවන්න තිබුනොත් ඇති කියලා හිතන කෙනෙක්... මේ එයා නෙවෙයි මට හිතෙන්නේ...

:       3       21

Wasantha Gunaratna Friday, 26 March 2021 02:05 PM

විශිෂ්ඨ ලිපියක්... ඔහු බුද්ධිමත් නායකයෙක්...

:       34       5

Bandara Friday, 26 March 2021 05:52 PM

දකින්නේ තුන්වරක්, කෙරුවේ ඔක්කොම ජරා වැඩ... ලංකාවට කෙළවන්නමයි බැලුවේ. මෙයාලගේ තුරුම්පු තවම ඉන්නවා. සමහරු නගරාධිපතිලා. දැන් ඉන්නේ හොඳ ළමයි වෙලා වගේ. ඒත් වෙලාව ආවොත් ඉස්සර චරිත රඟපානවා.

:       0       2

surath Friday, 26 March 2021 10:20 PM

තුන්කල් පේනවා කිව්වේ කොහොම ඉන්නකොටද?

:       2       27

නීල් Friday, 26 March 2021 10:59 PM

තුන් කල් පෙනෙන කෙනාට පහුගිය අන්ත පරාජය පෙනුනේ නැති එකනේ වැඩේ.

:       2       26

beau Saturday, 27 March 2021 11:10 AM

එක පට්ටමක් අඩුයි. අනේ යන්න..!!! 

:       2       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 141 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 112 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 198 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 203 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 667 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 928 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site