IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දූෂිත - අධික පාඩු ලබන රාජ්‍ය ආයතන කුමටද?

මේ රටේ රාජ්‍ය ආයතන තුළ පවතින දූෂිත තත්ත්වය සහ පාඩු ලැබීම සම්බන්ධයෙන් විශාල හෙළිදරව්වක් කෝප් කමිටු සාමාජික රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් සිදුකර තිබිණි. ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වූයේ රාජ්‍ය ආයතන 420න් 32 ක් අධික දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන වශයන් හඳුනාගෙන තිබෙන බවය. එසේම එම අදාළ ආයතන වසර දෙකකදී රුපියල් කෝටි 46,500 ක පාඩුවක් ලබා ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි.

පාඩුපිට පවත්වාගෙන යන ආයතන නඩත්තුව සඳහා ජනතාවගේ බදු මුදල් වාර්ෂිකව කෝටි ගණනින් පොම්ප කරනවා හැර වෙනත් යමක් කළ නොහැක. සමස්ත පාඩුවෙන් සියයට 40 කට වගකිව යුතු වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම බවත් අධික ලෙස පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන වශයෙන් විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව සහ ලංකා සතොස හඳුනාගෙන ඇති බවත් සඳහන්ය. තවදුරටත් සඳහන් වන්නේ මේ සමහර ආයතන පවත්වා ගෙන යන්නේ සේවකයන් රැක බලාගැනීම සඳහා වීම කනගාටුදායකම කරුණ බවය.

රාජ්‍ය ආයතන පාඩු ලබනවා කියා ඒවා එකවර වසා දැමීම කළ නොහැක. එහෙත් එසේ අධිකව පාඩු ලබන ආයතන තවදුරටත් රටේ ආර්ථිකයට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බැරිකමක් නැත. ආණ්ඩුවක් සහ කැබිනට් මණ්ඩලයක් සිටින්නේ ඒ සඳහාය. ඒ ඒ ආයතන භාරව කටයුතු කරන අමාත්‍යවරයා නිවැරදි දැක්මකින් අවංකව දූෂණයෙන් තොරව තමන්ගේ සේවය ඉටුකරන්නේ නම් පාඩු ලබන ආයතන සම්පූර්ණයෙන් ගොඩදැමීම කෙසේ වෙතත් අවම වශයෙන් පාඩුව හැකිතරම් අඩුකිරීමට වැඩපිළිවෙළක් සැකසිය හැක.

එහෙත් ඒ වෙනුවට කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නේ රටේ අවශ්‍යතා පිළිබඳ නොසලකා තමන්ගේත් තම ගජමිතුරන්ගේත් සාක්කු පිරෙන මෙලෝ වැඩකට නැති ව්‍යාපෘති හඳුන්වා දීමට ඇතැම් ඇමැතිවරුන් සහ ඒ ආයතන භාරව කටයුතු කරන නිලධාරීන් කටයුතු කිරීමය. එවන් ව්‍යාපෘති හරහා සිදුවන්නේ කෝටි ගණනින් මුදල් නාස්ති වීම පමණි.

ආණ්ඩු වෙනස් වූ පමණින් ද පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර පොදු ජනතාවගේ කර මතින් ඉවතට යන්නේ නැත. කෝප් කමිටුවද සිදුකරන්නේ මේ දූෂණ සහ වංචා පිළිබඳ රටට හෙළිදරව් කිරීමත් අදාළ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීමත් පමණි. ඒ පිළිබඳ වාර්තා සකස් කර මාධ්‍ය හරහා අනාවරණය කළත් පාඩු ලබන රාජ්‍ය ආයතන වල කටයුතු නිවැරදි කෙරෙන්නේ නැත.

පාඩු ලබන රාජ්‍ය ආයතන මගින් පසුගිය වසර 03 තුළදී මකර කටට යවා ඇති රුපියල් කෝටි 46,500 ක මුදල් තුනට බෙදුවොත් පෙනී යන්නේ ආසන්නව රුපියල් කෝටි 15,500 ක් එක වර්ෂයකදී පාඩු ලබා තිබෙන බවය. හරියට බැලුවොත් වැඩිකළ විදුලි බිලෙන් සෑහෙන ප්‍රතිශතයක් අඩුකර ගැනීමට තරම් වන මුදලකි. විදුලිබල මණ්ඩලයත් අධික පාඩු ලබන තත්ත්වයක් තුළ මෙය පහසුවෙන් විසඳිය හැකි ගැටලුවක් නොවන බව පැහැදිලි කර ගැනීම අසීරු නැත. එහෙත් ලොකුම ගැටලුව මේ ආයතන තිස් දෙකේ බර තව කොතරම් දුරකට රටේ ආර්ථිකයට දරාගත හැකිවනු ඇති ද යන්නයි.

රටක සියලු ව්‍යවසාය පෞද්ගලික ආයතන මගින් පාලනය විය යුතු නැත. එහෙම කරන රටවල් නොමැති තරම්ය. එසේම දැරිය හැකි තරමට වඩා ව්‍යවසාය රජය මගින් පාලනය කිරීමට යාම ද නොකළ යුතුය. රාජ්‍ය ආයතන නම ඇසූ පමණින් සිහියට නැගෙන්නේ වංචාව, දූෂණය සහ අකර්යක්ෂමතාවයි.

ඇතැම් ආයතන එසේ නොවුව ද කෝප් කමිටු වාර්තා අනුව පෙනී යන්නේ අධික පාඩු ලබන රාජ්‍ය ආයතන බොහොමයක් අන්ත දූෂිත වශයෙන් හඳුනාගෙන තිබෙන බවය. එම දූෂණ නැති කිරීමකින් තොරව එම ආයතන ගොඩදැමිය නොහැකි බව එහි අනෙක් අර්ථයයි. සෑම පාඩු ලබන ආයතනයක්ම පෞද්ගලීකරණය කිරීම ගැටලුවට විසඳුමක් නොවුණද රජයේ භුක්තිය ලිහිල් කෙරෙන තුරු එම ආයතන අධිකව ලබන පාඩු නැති කර දැමීම ද කළ නොහැක.

 තත්ත්වය එසේ වුවද පාඩු ලබන රාජ්‍ය ආයතන වල සියලු බර රටේ බදු ගෙවන ජනතාවගේ කර මත එල්ලන සෙල්ලමට දැන්වත් තිත තැබිය යුතුය. ඒ සඳහා අනුගමනය කරන යාන්ත්‍රණය කුමක්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය. එහෙත් ඒ තීරණ දූෂිත සහ වංචනික පුද්ගලයන් විසින් ගන්නවා නම් එය අධික පාඩු ලබන රාජ්‍ය ආයතන වලට චරිත සහතික ලබා දීමක් පමණි.

(***)



අදහස් (1)

දූෂිත - අධික පාඩු ලබන රාජ්‍ය ආයතන කුමටද?

sisil Thursday, 09 March 2023 05:43 PM

දූෂිත පාඩු ලබන ආයතන සජිත්ගේ රජයක් යටතේ ලාබ ලබන ආයතන බවට පත්කරනවා

:       4       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 194 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 195 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 49 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 292 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 207 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 259 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site