IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දළදා පෙරහරේ හාස්කම්

වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි. එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා ප‍්‍රදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය. ඒ අනුව කි‍්‍රයාත්මක වූ ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්, මහා සංඝර ත්නයේත් උඩරට ප‍්‍රධානීන්ගේත් මඟ පෙන්වීම යටතේ මහ මළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකර චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ට මුල්තැන දෙමින් පූජනීයත්වයෙන් ඉහළ මහ පෙරහැරක් පැවැත්විණි. අනතුරුව ශ්‍රී දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළහ. පොළොව ඉරිතලා, කොළ දලූවක් නැතිවන තරමට අකලට පෑයූ නියඟය නිමාව දළදා පෙරහැරත් දළදා ප‍්‍රදර්ශනය පැවැත්වීම ආරම්භ වීමත් සමග සියලූ රටවැසියන් මවිත වන අයුරින් ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි ඇද හැළුණේය. මෙම ප‍්‍රාතිහාර්යය එදා සුදු ජාතිකයන් පමණක් නොව මුළු රට වැසියන්ටම අදහාගත නොහැකි කරුණක් විය. එතැන් සිට දළදා හාමුදුරුවන් වැඩමවන අවස්ථාවේදීත්, පෙරහර කරඬුව වඩමවන අවස්ථාවේදීත්, දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරනා අවධියේදීත් සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳ ජන විශ්වාස බොහොමයක් ගොඩ නැගී තිබේ. කි‍්‍ර.ව. 367 වසරේදී අනුරාධපුරයේ රජකළ පළමුවැනි උපතිස්ස රජුගේ කාලයේදී ද මෙවැනි ප‍්‍රාතිහාර්යන් සිදුව තිබේ. රජුගේ ප‍්‍රධානත්වයෙන් වෙනදා මෙන්ම මහත් උත්සව ශ්‍රීයෙන් දළදා පෙරහර පැවැති ඇති අතර එහිදී මහා වර්ෂාවක් ඇද හැළී ඇත. මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව රාජධානිය පාලනය කළ පළමුවැනි පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ දී ශ්‍රී දළදා පෙරහර සිදු වූ අවස්ථාවකදී පෙරහර ගමන් කළ මාර්ගයේ හැර සියලූ ප‍්‍රදේශවලට වර්ෂාව ඇද හැලී ඇළ දොළ, ගංගා පිරී ඉතිරී ගිය බව ද සඳහන්ය. ඒ අනුව ඉතිහාසය පුරාවටම ශ්‍රී දළදා පෙරහර හා බැඳුනු එක් කතා පුවතක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කලට වැසි ලැබී නියං දුරු වී රටේ සංශ්‍රීකත්වය සෞභාග්‍ය ලබා දීමට හැකි වූ බවය. කිත්සිරිමෙවන් රජ දවසත්, දෙවැනි පරාක‍්‍රමබාහු රජ දවසේදීත් ශ්‍රී දළදා වහන්සේ හා බැඳුණු තවත් ප‍්‍රාතිහාර්ය ජනක කත පුවතක් වනුයේ දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙන අවස්ථාවකදී දළදා වහන්සේ අහසට පැන නැඟ, ශ්වේත වර්ණ බුදුරැුස් මාලාවකින් ප‍්‍රතිහාර්ය පෑ බවය. මෙම ඓතිහාසික කරුණු පිළිබඳ දළදා පූජාවලියේත්, දාඨා වංශයේත් සටහන්ව ඇත. දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරණ අවස්ථාවක දී කෙනෙකුට සිතීමටවත් නොහැකි ප‍්‍රාතිහාර්යයක් වී ඇත්තේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පුරාවට නැවුම් මල් සුවඳක් විහිදීමය. අදට ද දළදා මාලිගාවට යන්නකුට හේවිසි මණ්ඩපය ඉදිරිපිට සිටගෙන සිටියදී, වචනයෙන් විස්තර කළ නොහැකි සැනසිලිදායක සුවයක් සිතට දැනෙන්නෙත්, ඒ තුළින් හමා යන සිසිල් සුළඟ ශරීරයට සුවදායක බවක් ගෙන දෙන්නෙත් ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයේ පිහිටෙන් විය හැකි බව ද විශ්වාස කෙරේ. කිත්සිරිමෙවන් රජුගේ අවදියේදී ආරම්භ කළ  ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහරට දීර්ඝ ඉතිහාසයක් ඇත. මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය ප‍්‍රථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවස කි‍්‍ර.ව. 310 දීය. වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහපෙරහරින් වැඩමවා දින අනුවක් තිස්සේ මහජනතාවට ප‍්‍රදර්ශනය කළ බව ද ඉතිහාසගතය. කහවනු නවලක්ෂයක් වැයකොට පැවැත් වූ මෙම පෙරහර මංගල්‍ය නොකඩවා පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජු නියෝගයක් ද පනවා ඇත. මෙම සෙංකඩගල ඇසළ පෙරහර සඳහා එදා මහා සංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහුද විවිධ තරාතිරමේ ඉංග‍්‍රීසි නිලධාරීහුද සහභාගි වූහ. පැරැණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්‍ය සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ඇතුවය. සෙංකඩගලපුර රාජධානියට ආවේණික ඇසළ පෙරහර මංගල්‍යය කි‍්‍ර.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජුගේ අවදියේදී දෙවියන්ට සිදුකරනා පූජාවක් ලෙස සලකා ‘‘දේව පෙරහරක්ද’’ පෙරහරට එක්කර තිබේ. වර්තමානයෙහි පවත්වන ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආරම්භ වූයේ සියම් දේශයෙන් වැඩම කළ ප‍්‍රවර උපාලි තෙරුන් වහන්සේගේ හා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව කි‍්‍ර.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසය. එතැන් පටන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත‍්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්‍යයකි. මෙම පෙරහර මංගල්‍යය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් ජනයා රැුස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර විධි අදටත් එලෙසම පැවැත්වෙන ලොව එකම පෙරහර මංගල්‍යය නිසා විය හැක. වර්තමානයෙහි ක‍්‍රියාත්මක වන බොහෝ දළදා චාරිත‍්‍ර විධි කුරුණෑගල සිව්වැනි පරාක‍්‍රමබාහු රාජ්‍ය සමයෙහි ලියැවුනු ‘‘දාඨා ධාතු චරිනිත’’ නම් වූ දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන් 38 හි පෙරහර මංගල්‍යයක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් වේ. ශ්‍රී දළදා පෙරහරට සහභාගිවන සියලූ දෙනා මසකට දෙකකට පෙරාතුව පේවීම සිදුවේ. පුළුටු ආහාර නොගෙන (මස්, මාළු, බිත්තර, බැදුම්) අපිරිසිදු කිලිවලට නොගොස් ඥාතියෙකුගේ වුවද මරණයක් සිදු වුවහොත් එයට සහභාගි නොවී දියනා පිරිසිදු වී පුද්ගල වශයෙන් පෙරහරට සූදානම් වේ. භෞතිකමය වශයෙන් දින දහයකට පෙර දළදා වහන්සේ වැඩ සිටිනා මාලිගාව සෝදා පවිත‍්‍රකර, කොඩි සේසත් දමා අලංකාර කිරීමත් අපිරිසිදු දෑ ඉවත් කර වර්ණවත් කිරීමත් සිදුවේ. ශ්‍රී දළදා පෙරහර ගමන් කරන මාර්ගය ද මෙලෙස කහ දියර ඉස පිරිසිදු කෙරෙන අතර පසුව කොඩි, සේසත්, විදුලි බුබුළු යොදා වීදි අලංකාරය කෙරේ. අතීතයේ සිට අද දක්වා ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් දෛනික තුන්වරු පූජාවක්, සතිපතා බදාදා දිනයන්හිදී නානුමුර මංගලයත්, මාසිකව පුරපසළොස්වක පූජාවත්, දුරුතු පොහොය මුල්කොට පැවැත්වෙන අලූත් සහල් මංගල්‍යයත් නොකඩවා සිදු කෙරේ. බක්මාසයේ දී සිංහල අලූත් අවුරුදු මංගල්‍යයත් ඇසළ පෙරහර මංගල්‍යයත් ඉල් පෝය මුල්කොට යෙදෙන කාර්තික මංගල්‍යයත් ශ්‍රී දළදා මාලිගාවේ අදට ද මහත් භක්තියෙන් සිදු කෙරේ. කිත්සිරිමෙවන් රජු ව්‍යවස්ථා ගත කර ඇති ආකාරයටත් කුරුණෑගල යුගයේ සිව්වැනි පරාක‍්‍රමබාහු රජ දවස ලියැවුණු දළදා සිරිත ග‍්‍රන්ථයේ දැක්වෙන ආකාරයටත් අදට ද දළදා පෙරහර පැවැත්වේ. ඉන් පසුව රට පාලනය කළ සෑම රජ කෙනෙක්ම ඒ අයුරින්ම පෙරහර පවත්වාගෙන ගොස් තිබේ. මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව ආරම්භ කළ ශ්‍රී දළදා පෙරහර 1828 වසර වනතෙක් වීදි සංචාරය කර ප‍්‍රදර්ශනය කෙරුණ ද එම වසරින් පසුව, පෙරහරට සමගාමීව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීම සිදුවී නැත. ඒ ආරක්‍ෂාව හේතුවෙනි. එතැන් පටන් සිදුව ඇත්තේ සාධාතුක ධාතූන් වහන්සේලා අඩංගු පෙරහර කරඬුව වැඩම කර අලංකාර පෙරහර පෙර පරිදිම පවත්වා චාරිත‍්‍ර ඉටුකිරීමය. ශ්‍රී දළදා මාලිගාවේ අදට ද භාවිත කරන පෙරහර කරඬුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1753 දී පූජා කර ඇත. එම පෙරහර කරඬුව අලංකාර ලෙස සරසා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අග බිසවගේ මාල පළඳනාවන්ගෙන්ය. දළදා සිරිතෙහි සඳහන් ආකාරයට දළදා පෙරහර හා බැඳුණු චාරිත‍්‍ර විදි තිස් අටක් පමණ ව්‍යවස්ථා ගතකොට තිබේ. එහි සඳහන් ආකාරයට පෙරහර පැවැත්විය යුතු ආකාරයත්, ශ්‍රී දළදා වහන්සේ පිටතට වැඩම කළයුතු ආකාරයත්, ආපසු නැවත තැන්පත් කළ යුතු ආකාරයත්, කළ යුතු පූජා චාරිත‍්‍ර ආදී චිරානුගත සම්ප‍්‍රදායන් බොහොමයක් සටහන් වී ඇත. ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටින්නාක් මෙන් අතිශය පූජනීයත්වයෙන් ලොව පුරා බැතිමතුන් මහත් භක්තියෙන් වන්දනාමාන කරන ස්ථානයක් ලෙසට මහනුවර දළදා මාළිගාව සැළකේ. මහනුවර දළදා මාලිගාවේ රන් කරඬුවේ වැඩ සිටිමින් පුද සත්කාර ලබන දන්ත ධාතූන් වහන්සේ බුදුන් වහන්සේගේ යටි වම් දළදාව ලෙස සැලකේ. ඉතිහාසය පුරාවටම දළදා විහාරය නොකියා දළදා මාලිගාව යනුවෙන් හඳුන්වා ඇත්තේ දළදා වහන්සේත් රාජ නිවසත් අතර පැවැති සම්බන්ධය නිසා බව ද කියැවේ. (ලිපිය සකස් කිරීමට තොරතුරු ලබාදුන් ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ.මීගහකුඹුර මහතාටත්, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය සහ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක‍්‍රිශාන්ත හිස්වැල්ල මහතාටත් විශේෂ ස්තුතිය)

සටහන : අසුන්තා එදිරිසූරිය
 



අදහස් (0)

දළදා පෙරහරේ හාස්කම්

මදූ Friday, 24 August 2012 03:39 PM

මගේ රටටත් රටේ හැමටත් දළදා සමිදු පිහිටයි..(ස)

:       0       4

dharma Monday, 06 August 2012 09:12 PM

අපේ රටට දළදා සමිඳුන්ගේ පිහිට නිබඳවම ලැබේවා (අ)

:       0       1

ආනන්ද Wednesday, 08 August 2012 01:34 PM

දළදා සමිදු ගේ පිහිටෙන් රට පෙලන නියගය දුරුවේවා! (නි)

:       0       0

නිලන්ත Friday, 10 August 2012 06:07 PM

සාධු සාධු සාධු! මෙම ලිපිය පළ කළ අයටත් දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

සජී Thursday, 09 August 2012 08:57 AM

නමෝ බුද්ධාය !!!(ස)

:       0       0

සුබෝදා Wednesday, 08 August 2012 02:34 PM

‍මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

සමන් Tuesday, 07 August 2012 03:14 AM

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහාන්සේට මාගේ නමස්කාරය! ‍‍‍ සාදු!!!!!!!!!!!!!! සාදු!!!!!!!!!!!!!! සාදු!!!!!!!!!!!!!! (නි)

:       0       2

ලකී Wednesday, 08 August 2012 02:46 PM

නොපමාව කුසල් රැස් කර ගන්න. (නි)

:       0       0

චන්දන Thursday, 09 August 2012 09:43 AM

නමෝ බුද්ධාය !! (ස)

:       0       0

අමරා Tuesday, 07 August 2012 06:26 AM

මගේ රටට දළදා හිමි සරණයි. (ත)

:       0       0

තරිඳු Friday, 02 November 2012 11:19 PM

සාදු සාදු සාදු...ඔබ සැමට දළදා සමිදු පිහිටයි..(ස)

:       0       0

ධම්මික Sunday, 12 August 2012 12:45 PM

කොහොමත් මගේ රටට දළදා හිමිගේ ආරක්ෂාව තිබෙනවා. (නි)

:       0       0

දිලුප් Thursday, 09 August 2012 01:56 PM

සාදු සාදු..!! නමාමි දළදා හිමි සාදු සාදු.. සාදු..!!(නු)

:       0       0

කුමාර Thursday, 10 March 2016 05:29 AM

මගේ ජීවිතයේ මිළ කළ නොහැකි දිනයක් එනවා නම් ඒ දළදා වහන්සේ සියැසින් දකින්නට ලැබෙන දිනයයි. ඒත් ඒ පින මට තිබේදැයි මම නොදනිමි. නමුත් මගේ ආධ්‍යාත්මික දියුණුව තුළින් කවදා හෝ ඒ අවස්ථාව උදාකර ගන්නවාමයි. මාගේ ශාන්තිනායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මාගේ ජීවිතය පා පිස්නයක් කොට පූජා කරමි. (නි)

:       0       0

ජානක Monday, 06 August 2012 05:47 PM

සාදු....සාදු....සාදු....!!! (ත)

:       0       0

අනුරාධ Sunday, 05 August 2012 11:26 PM

සාධූ.. සාධු.. සාධු.. අපේ රටට උතුම් දලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (ත)

:       0       0

දහම් විල Wednesday, 08 August 2012 01:07 PM

නුවන ඇති පින්වන්තයෝ වහ වහා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහාන්සේගේ ආර්ය මාර්ගයේ යත්වා...! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 40 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 83 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 317 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 32 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 464 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 264 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site