IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දේශපාලන කෝන්තරයකින් බිහිවූ පුංචි කෝච්චිය

 


 

පුංචි කෝච්චිය අනූව දශකය තුළත් අපට දැකගත හැකිවූ සුන්දර ප‍්‍රවාහන සේවාවකි. ඒ පුංචි කෝච්චියේ නිල නාමය කැලණිවැලි දුම්රියි. ”කල්‍යාණි ද්‍රෝණී දුම රථය” ලෙසද එය එවකට හඳුන්වා ඇත. එහෙත් මෙහි ආරම්භය සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමාගේ යුගය තෙක් දිවයයි. ආණ්ඩුකාරතුමා මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය” ලෙසය. එංගලන්තයේ රාජ්‍ය ලේකම්වරයා විසින් 1898 අපේ‍්‍රල් මස 27 වැනි දින ලංකාවේ ආණ්ඩුකාරවරයාට විදුලි පුවතකින් දන්වා ඒවා ඇත්තේ මෙම දුම්රිය මග ඉදිකිරීමට තම අනුමැතිය ලබාදෙන බවය. 1899 ජූලි 25 වැනි දින එංගලන්තයේ යටත් විජිත භාර ලේකම්වරයා වෙත ලංකාවේ ප‍්‍රධාන නේවාසික ඉංජිනේරු පී.ආර්. මැකින්ටොෂ් විසින් යවන ලද වාර්තාවක කැලණිවැලි දුම්රිය මඟ ඉදිකළ යුතු ආකාරය ගැන රජයේ ස්ථාවරය පැහැදිලිව දක්වා ඇත.

ලංකාවේ දුම්රිය ධාවන ඉතිහාසයට වසර 155 ක ඉතිහාසයක් තිබේ. 1858 අගෝස්තු 3 වැනි දින දෙමටගොඩදී පවත්වා ඇති මහා උත්සවයකදී ප‍්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේ ආණ්ඩුකාර හෙන්රි වෝඞ් විසින් බව ඉතිහාසයේ සඳහන්ය. රිදීයෙන් තැනූ උදැල්ලකින් ප‍්‍රථම පස් පිඩැල්ල කපා ඇරඹූ ලංකාවේ ප‍්‍රථම දුම්රිය සේවය ආරම්භ වන්නට ඉදිකිරීම් කටයුතු සඳහා වසර හයක කාලයක් ගතවී ඇත. කොළඹ සිට අඹේපුස්සට තනන ලද ප‍්‍රථම දුම්රිය මාර්ගයේ මංගල ගමන සිදුවී ඇත්තේ 1864 දෙසැම්බර් 27 වැනිදාය. එහෙත් මෙහි පොදු ජනතාව වෙනුවෙන් කැපවූ සේවාවක් ලෙස නම් නොවේ. එම මංගල ගමන මුළුමනින්ම කැප වූයේ ලංකාවට සැපැත් බෙල්ජියමේ ඔටුන්න හිමි කුමාරයා අඹේපුස්ස දක්වා කැඳවාගෙන ගොස් නැවත කොළඹට කැඳවාගෙන ඒම දුම්රිය ගමනේ එකම අරමුණ විය. පොදු ජනතාව වෙත කැපවුණු දුම්රිය සේවාවක් ඇරඹෙන්නේ ඊටත් මාස දහයකට පසු 1865 ඔක්තෝබර් දෙවැනිදාය. ඔටුන්න හිමි කුමාරයා ගිය මගේම අඹේපුස්ස යාමට පොදු ජනතාවටද හැකිවූ ඓතිහාසික දිනය එදාය.

ලෝකයේ ඇති අනිකුත් දුම්රිය මාර්ගවලට සපුරා වෙනස් දුම්රිය මාර්ගයක් නම් පැරණි කැලණිවැලි දුම්රිය මාර්ගයයි. ලොකු කෝච්චි ධාවනයවන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage)ලෙස වන අතර පීලි දෙක අතර පරතරය අඟල් 60 කි. නමුත් පුංචි කෝච්චියේ පටු දුම්රිය මාර්ගය (Narrow Guage ) පීලි දෙක අතර පරතරය අඟල් 30කි. දුම්රිය මාර්ගය පටු නිසා එන්ජිම මෙන්ම පෙට්ටිද පුංචි වූ නිසා පොදු ජනතාව මෙය ”පුංචි කෝච්චිය” යන නම පට බඳින්නට ඇත.

ලංකාවේත් ලෝකයේත් අනෙක් රටවලත් ලොකු කෝච්චි දුවද්දී කැලණිවැලි මාර්ගයේ පමණක් ”පොඩි කෝච්චියක්” දිව්වේ කෙසේදැයි ප‍්‍රශ්නයක්ද පැන නඟින්නේ නිතැතිනි.

මේ පුංචි කෝච්චියේ උත්පත්තිය ගැන රසවත් කතාවක්ද ඇත. බි‍්‍රතාන්‍යය යටත් විජිතවාදීන් ඇත්තටම මෙම දුම්රිය සැලසුම් කර ඇත්තේ දකුණු අප‍්‍රිකානුවන්ටය. එහෙත් ඒ රටේ ආණ්ඩුකාරවරයා මේ ”හුංඩු” කෝච්චිය දැක එය ප‍්‍රතික්ෂේප කොට ලොකු කෝච්චියක්ම ඉල්ලා සිටින්නට විය. නිපදවන ලද කෝච්චියට කරගත හැකි දෙයක් නොමැතිව සිටි යටත් විජිත ලේකම්වරයා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් වෙස්ට් රිජ්වේ කැමතිකරවාගෙන මේ ”හුංඩු” කෝච්චිය ලංකාවේ ඇෙඟ් ගසා ඇඟ බේරා ගත්තේය. නිකං දෙනවනං මළබද්ධය වුවත් ගන්නට සිංහල අපට සුද්දා පුරුදු කළේ  ඕං ඔහොමය.

කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදාය. එහි මුල් අදියර ලෙස 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා ගමන් ඇරඹූ ”පුංචි කෝච්චිය” 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩකටයුතු නිම කොට ඇත. රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1912 අපේ‍්‍රල් මස 18 වැනිදාය. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුව ඇත.

1919 මැයි මස දෙවැනි දින  ඕපනායක දක්වා දුම්රියේ ගමනාන්තය දික්විය. මෙම දුම්රිය මග රුහුණ දක්වා දික් කිරීමට ”කැලණිවැලි රේල්වේ කොමිටි” නම්වු ආණ්ඩුකාර තැන පත් කළ කොමිටියට වැවිලිකරුවන්, දිසාපතිවරුන් යෝජනා ඉදිරිපත් කළද එය පළ දැරුවේ නැත.

කොළඹ කොටුවෙන් පටන්ගෙන කැලණි ගං මිටියාවත ඔස්සේ කිසිඳු කලබලයක් නැතිව නිවීහැනහිල්ලේ  ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක් (87) ක් විය. ”කැලණිවැලි රේල්වේ කෝච්චියට” රුහුණ දක්වා පුංචි කෝච්චිය දිගු කිරීමට යෝජනා කළද සිදුවූයේ ඉදිකළ දුම්රිය මාර්ගය ටිකෙන් ටික ගලවාගෙන යෑමයි. මෙම දුම්රිය මාර්ගයේ අසුබදායකම ආරම්භය වන්නේ 1940 සිට 1948 වකවානුව බැව් ලේඛණ පිරික්සීමේදී පෙනේ.
අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා මාර්ගය මුලින්ම වසා දමා ඇත්තේ මේ යුගයේදීය.  ඕපනායකට යනතුරු මනස්කාන්ත පාලම් ගණනාවක්ම මෙම දුම්රිය මාර්ගයේ ගොඩනගා තිබූ බව අතීත ලේඛනවල දක්වා ඇත. සිරිපා අඩවියට යන විට කුරුගඟ හරහා ඉදිකළ අඩි 150 ක් දිග දුම්රිය පාලම මින් එකකි. 1919 දී ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් 72,496/= ක් බව ලේඛනවල දැක්වේ. තවත් දුම්රිය පාලමක් ඉදිකොට තිබී ඇත්තේ රත්නපුරට සැතපුම් තුනක් පමණ එපිට කළු ගඟ හරහාය. අඩි 100ක් වූ එම දුම්රිය පාලම ගොඩ නැඟීමට එකල රු. 165,700 ක් වැය වූ බවට ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය.

කොළඹ ගොල්ෆ් පිට්ටනි හරහා දිවෙන ”පුංචි කොච්චි” මාර්ගය මනස්කාන්ත දර්ශන සතු වූ එකකි. එකල සිරිපා වන්දනාකරුවන්ගේ ජනප‍්‍රියතම ප‍්‍රවාහන මාර්ගය වී ඇත්තේ ”පුංචි කෝච්චියයි.” එකල සිරිපා සමයට හෝමාගම-යටියන්තොට-රත්නපුර යා කොට රේල් බස් සේවයක්ද පැවැති බව පැරණියන්ගේ මතකයේ ඇත. මීට ඇති හොඳම සාක්ෂිය 1927 දුම්රිය සාමාන්‍යාධිකාරී ටී.ඊ. ඩට්ස්ගේ පරිපාලන වාර්තාවයි.

එංගලන්තයේ සෙන්ටිනල් ස්ටීම් රේල් කාර් මැනුපැක්චර්ස් ආයතනයේ නිශ්පාදිත සෙන්ටිනල් වාෂ්ප රේල් බස් තුනක් හා පැට්‍රෝල් රේල් කාරයක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට යොදවා ඇති බව එහි සඳහන්ය.

ලංකාවේ සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයකුගේ බිරිඳට දරුවකු ප‍්‍රසූත කරන අවස්ථාවදී මහත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දී ඇත. දරුවාගේ කොටසක් ආණ්ඩුකාර බිරියගේ ශරිරයෙන් එළියට ගත නොහැකිව එවකට සිටි ඉහළම තරාතිරමේ දොස්තරවරුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි. ආණ්ඩුකාර බිරිඳ පත්ව ඇති ඉරණම දැනගත් රජ ගෙදර සිටි ආරච්චි කෙනකු දැනගත්  මොහොතේම ආණ්ඩුකාරවරයාට ආරච්චි පවසා ඇත්තේ තම ගම් පළාතවූ පන්නිපිටියේ ”මල්ලූව” නම් වෙද මහතකු මෙවැනි වැඩවලට නම් දැරු පුද්ගලයකු බවය. වහාම ආණ්ඩුකාරයාගේ නියමයෙන් රජගෙදරින් දුතයකු පිටත් කර හැරියේ පන්නිපිටියේ මල්ලූව වෙද මහතා රැගෙන ඒමටය.

රජ ගෙදර තිඹිරිගෙට පොල් තෙල් පානක්ද රැගෙන ඇතුළු වූ වෙද මහතා ආණ්ඩුකාර බිරිඳ හොඳට පරීක්‍ෂා කර බලා තම බෙහෙත් හෙප්පුවේ තිබූ ඉඳිකටුවක් වැනි හින් කූරක් පහනේ දැල්ලෙන් රත්කරන්නට විය. රත් කළ පසු ආණ්ඩුකාර බිරිඳගේ යටි බඩට ගසා නැවත් පහණට ලංකර බලන්නට විය. ගතවූයේ විනාඩියකටත් අඩු කාලයකි. කිරි දරුවා බිහිවිය.

දරුවාගේ දකුණු අතේ තිබුණු සියුම් ලේ බිංඳුවත් ඉඳිකට්ටේ තිබූ ලේ බිංදුවත් සංසන්ධනය කර බැලූ වෙද මහත්තයා හරියටම වැදිලා තියෙනවායි කියූ කතාව ආණ්ඩකාරවරයාටද තේරුම් ගත නොහැකි විය.

”මේ කිිරි දරුව දකුණතින් බඩවැල තදින් අල්ලාගෙන හිටපු නිසා බිහිවුණේ නෑ. නිල බලල දරුවගෙ අතට කටුවෙන් විද්දම බඩවැල අතැරිලා දරුවා

 පුංචි කෝච්චිය යයි හරි   හයියෙන්
 පැයකට සැතපුම් හතරක    වේගයෙන්
 කොල්ලයි කෙල්ලයි නැග්ගම    කොටුවෙන්
 දරුවෙක් බිහිවෙයි     ඕපනායකින්

බිහිවුණා” යයි වෙද මහත්තයා කරුණු පැහැදිලි කරද්දී එවකට සිටි විශේෂඥ වෛද්‍යවරු පවා මවිත වී වෙද මහතාගේ කතාවට සවන් දෙන්නට වූහ.
ආණ්ඩුකාරතුමා තම කුලූඳුල් දරුවා දැක සිටියේ නිම් හිමි නැති ප‍්‍රීතියෙනි. තමාට කළ උපකාරයට ගාස්තුව ලෙස අණ්ඩුකාරතුමා ”මල්ලූව වෙදාට” රත්රන් පවුම් බන්දේසියක් තෑගි කළේය.

වෙද මහතා රන්කාසි ප‍්‍රතික්ෂේප කර ආණ්ඩුකාරයාගෙන් උදව්වක් අවශ්‍ය බව පවසන්නට විය. එකල කැලණිවැලි මාර්ගයේ මහරගමින් පසු නවාතැන වූයේ කොට්ටාව ඉස්ටේසමය. තමන්ට පන්නිපිටිය ඉස්ටේසමක් ලබාදෙන ලෙස මල්ලූව වෙද මහතා ආණ්ඩුකාරයාගෙන් ඉල්ලන්නට විය. වෙද මහතාගේ ඉල්ලීමට ගත් වූයේ දින ගණනකි. පන්නිපිටියේ දුම්රිය නතර කළ අතර ආණ්ඩුකාරයා කෘතගුණ සැලකීමක් ලෙස පන්නිපිටියට ස්ථීර දුම්රිය පලක්ද ගොඩ නගා දුන්නේය.

ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වාගෙන් පසු උපහාස කතා කලාවේ ප‍්‍රවීණයකු වූයේ චන්ද්‍ර අනගිරත්නය. ඔහු කලක් දුම්රිය සහකාර ස්ථානාධිපතිවරයකු ලෙසද කටයුතු කොට ඇත. ඔහු 1966 දී රිවිරැස පුවත්පතට පුංචි කෝච්චිය ගැන උපහාසාත්මක කවි පෙළක් ලියා ඇත. එහි අවසන් කවියේ මෙසේ සඳහන් වෙයි.

 

වජිර ලියනගේ



අදහස් (0)

දේශපාලන කෝන්තරයකින් බිහිවූ පුංචි කෝච්චිය

ඉෂාර Friday, 11 October 2013 12:59 PM

දුම්රිය මග නැවත ඕපනායක දක්වා දීර්ඝ කරන්න පුලුවන් නම් ඒක ලොකු ජයක්. තවමත් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ පුංචි කෝච්චි දුවනවා, ශිම්ලා නගරයට... (නි)

:       0       0

විදුර Monday, 03 June 2013 05:15 PM

සෑම් මහත්මයා වගේ දැනුමක් තියෙන කෙනක් ඉන්න ඕනෑ අපේ රට ගැන පොත් ලියන්න. මේ වගේ මිනිසුන් පිට රටවල් වල ඉන්න එක අපිට හරිම පාඩුවක්. (නි)

:       0       0

සම්පත් Tuesday, 04 June 2013 01:59 PM

බුද්දි ගලනය එයි මොකක්ද හේතුව අපේ ක්‍රමයේ වැරැද්ද.(නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 11 June 2013 09:14 PM

පුංචි කෝච්චිය තියෙන්නේ ලංකාවේ විතරක් නොවෙයි. ඉන්දියාවේ හිමාලය අඩවියෙත් 1980 මැද බාගය වෙන කනුත් පුංචි කෝච්චියක් දිවුවා. දැනටත් දුවනවද දන්නේ නම් නැහැ. 1975 වෙන කම්ම යටියන් තොට දුම්රි මාර්ගය දකින්න ලැබුනා. ඉස්සර රුවන්වැල්ල පැත්තේ වතුර ගලපුවම වාහන ගමනා ගමනයට එම මග පාවිච්චි කලා.(නදී)

:       0       0

සෑම් Monday, 03 June 2013 01:27 PM

මේ කවිය අනගිරත්නගේ " නවීන ගජ්බින්නාලංකාරය" පොතේ කවියක්, දෙවන පදය "පැය හතරට එක සැතපුමේ වේගෙන් " කියල තමා මට මතක. පන්නිපිටිය කියන්නේ ප්‍රධාන දුම්රියපොලක්. ඒක හැදුවේ කොට්ටාවට පෙර. කොට්ටාව කියන්නේ පසුකලෙක හදපු හෝල්ට් එකක්. ඒකට කවුරුවත් ස්ටේසම් කියල කිව්වේ නැහැ. කිව්වේ කොට්ටාව හෝල්ට් කියලා. සිරිමාවෝ 1970 ගණන්වලදී කෝච්චිය නවත්වන්න දින දෙකකට පෙර තාත්තා අපිව ඕපනායකට කෝච්චියෙන් එක්ක ගියා. එතකොටත් ඕපනායක ස්ටේසන් එකට ලයිට් නැහැ තිබුනේ විලක්කු. අපේ ගෙදර පිටුපස වැටට තිබුනේ රේල් පාර. මම අවරුදු 21 සිට ඕස්ට්‍රලියාවේ ජීවත් උනත් කොට්ටාව පන්නිපිටිය සදාකාලිකව මගේ ගම.(නදී)

:       0       0

ලක්ෂාන් Monday, 10 June 2013 09:12 AM

බැරිද ආයෙම කැලණිවැලි දුම්රිය මාර්ගය ඕපනායක වෙනකම්ම ගොඩනගන්න. එහෙම උනොත් ඒක ලොකු ජයග්‍රහණයක්. කව්රුත් අකමැති වෙන එකක් නෑ වැඩේට ,චීනෙන් උනත් කමක් නෑ ආධාර අරන් හදන්න එක ලොකු අනාගත ආයෝජනයක්. ඒත් එහෙම හදනවනම් හරියට හදන්න බොරු වැඩ නැතුව. බලධාරීන්ගේ අවධානය යොමුවේවා!(නදී)

:       0       0

අරුණ Monday, 03 June 2013 02:08 PM

ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)

:       0       0

රන්ජිත් Tuesday, 04 June 2013 10:59 PM

හොද ලිපියක්

:       0       0

ජයන්ත Saturday, 08 June 2013 01:25 PM

වටිනා ලිපියක් අපි මේ කිසි දෙයක් දනන් හිටියේ නැහැනේ (දී)

:       0       0

අසීම් Tuesday, 04 June 2013 05:38 PM

මම කැමති මේ කතාවට (දී)

:       0       0

බංඩාර Wednesday, 12 June 2013 08:24 PM

රේල්පාර ගලවල මයියොක්කා හිටෙව්වා මතකද? අකාලේ මොනතරම් දෙවල් නැති උනාද? අපිට ඉංග්‍රීසි අධ්‍යාපනය නැති වුනා. දැන් ඉතින් අපි නැවත හිතමු. අලුත් රටක් අලුත් මාවතක් දිගේ යමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 105 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 171 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 30 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 284 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 202 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 252 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site