IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දේවාලයට පඬුරු දැමු පසු මහ වැස්ස නතරවෙයි

හැන්දෑවේ ඇරඹුණු පොද වැස්ස අදුරත් සමග වැඩිවෙන්නට විය. කතරගම වැදපුදා ගැනීමට පැමිණ සිටි බොහෝ නඩ විශ‍්‍රාමශාලා සහ ලැගුම්හල් වල සිට වැස්ස පායන තුරු බලා සිටිති. ඒ අතර කිහිප දෙනෙක් මහ වැසි නොතකා කිරිවෙහෙර වැද අෂ්ඨඵල බෝධියත් පහන් දල්වා වැද කතරගම දේවලයට යන්නට සුදානම් වෙති. පයාගල පැත්තෙන් පැමිණ ධනුෂ්ක සරත්කුමාර තරුණයෙකි. ඔහු කතරගම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාස වන්තයෙක් විය. අද ආගම දහමට තරුණයන් යොමුවී සිටිනු දැකීම දුබලය. නමුත් එවැන්නෝ නැත්තේ නොවේ. ධනුෂ්කද එවැන්නෙකි. ඒනිසා ඔහු සමග මේ ගමනට පැමිණ සිටි දස දෙනාද ඔහුමෙන් ආගම දහමට ලැදිවූවෝ වූහ. මේ අද කතරගම ගමනට පෙර සිට සුදානම් වුවෝ වූහ. බුදුන් පුදන්නට තෙල් සිදගත්තේ වත්තේ පොල් වලිනි. හදුන්කූරු කපුරු පහන් ආදිය මිලදී ගත්තත් පහන් තිර අඹරාගත්තේ ප‍්‍රයෝජනයට ගත නොහැකිවු කඩමාලූ රෙද්දක් පිරිසිදු කර වේලාගෙනය. ඊට අමරතව සුවද කුඩු ද නිවසේදීම සදා ගැනීමට ධනුෂ්ක කටයුතු කළේ කතරගමට පැමිණෙන්නේ පුජාවට නිසා ඊට සුදනමින් ඒම කළයුතු බව සෙසු අයටද දන්වමිනි. අදුර වැටී හෝරාවකටත් වැඩිය. වැස්ස තුරල්කරන බවත් පෙනෙන්ට නැත. ලැගුම්හල් වල සිටි බොහෝ නඩ දේවාලය වැදීමට යන ගමන පසුදාට කල් තැබු බව පෙනෙන්නට විය. නමුත් ධනුෂ්ක ඇතුළු පිරිස ගමන් ආවේ කතරගම වන්දනා කරනන්නට නිසා වැස්සේ වුවද එහි යාමට තීරණය කළේය. ගෙනා පූජා භාණ්ඩ කවර කිහිපයකට දමාගෙන මේ දහදෙනා කුඩ ඉහළාගෙන පූජා බිමට පාතමන්නට මුල් පියවර තැබුවේ කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පතමිනි. අදුර දසත පැතිර තිබුණද විදුලි ආලෝකයේ එළියෙන් වටපිටාව මැනවින් පැහැදිලිය. මැණික් ගෙගන් එගොඩවී ඉදිරියට එද්දී දේවාල බිමට ඇතුළුව මහ තොරණ ඈතට දිස්වූයේ වැහි බිදුකපා යන විදුලි එළියෙනි. තොරනින් ඇතුලූවු පිරිස කිරිවෙහෙර පැත්තට යන්නට අනෙක් තොරණින් එළියට පිවිසියේ කිරිවෙහෙර මුලින් වන්දනා කිරීම බෞද්ධයන්ගේ සිරිතක් නිසාය. ඒවන විටත් වැහි ගැන අමතක කළ පිරිස් කිහිපයක්ම දේවාල බිමේ සිටින පිරිසට දැකගත හැකිවිය. පියවරෙන් පියවර කිරිවෙරෙ වෙත ළගා වෙද්දී වැස්සද අඩු වෙන්නට විය. හිදගෙන ආ තෙල්වලින් පහනක් පත්තු කරන්නට ඇත්නම් කොතරම් අගේ දැයි පිරිසේ හැම දෙනෙක්ම තමතමන්ට කියා ගත්තේය. ශ්වේත වර්ණ කිරි වෙහෙර විදුලි ආලෝකයට තවත් ලස්සනය. චෛත්‍ය මළුවට පිවිසෙන විට වැස්ස හොදටම අඩුවී ගොසිනි. ගෙනා පහන්වලට තිර දමා පොල්තෙල් දැල්වීමට කිහිප දෙනෙක් මුල්විය. අතරමගදි රුපියල් හතළිහක් දී ගත් මල්ගොටු දෙකේවු මල්වලට පැන් ඉස පූජා කරන්නට මල් කිහිපයට බැගින් සැම දෙනාටම ලැබිණි. ඉහලා සිටි කුඩ අකුලාගෙන මේ පුණ්‍ය කටයුතුවල නිරත වෙන්නට හැකිවීම කාටත් සතුටක් ගෙනාවේය. චෛත්‍යය මළුවේ නැගෙනහිර දෙරටුව පැත්තේන් වු තෙත සිදුනු තැනක වාඩිවී පිරස් වන්දනා කරන්නට වුහ. වන්දනා කටයුතු අවසානයේ ධනුෂ්ක තමන් අත තිබු පිර්ත් පොත ගෙන තුන් සුත‍්‍රය කියවන්නට පටන් ගත්විට නඩයේ සෙසු අයද එය අනුගමනය කළහ. හෝරාවක පමණ කාලය කිරිවෙහෙර මළුවේ වන්දනා කළ පිරිස ආපසු මහදේවාල බිමට එන්නට පිටත්වූයේ අෂ්ඨඵල බෝධිය වදින්නටය. නමුත් එතැනට ලංවනවිට තරමක් පොද වැස්සය. කිරි වෙහෙර ළගදි කුඩ අකුලාගෙන වන්දනා කළ හැකිවුවත් අෂ්ඨඵල බෝධිය ළගදී කුඩ ඉහලාගෙන වන්දනා කරන්නට ඔවුන්ට සිදුවිය. මේ නිසා වැඩි වේලාවක් වන්දනා කරන්නට අපහසු වූයෙන් දේවාලයට ගොස් පඩුරු දමා ආපසු නවාතැනට එද්දී වැස්ස කෙමෙන් කෙමෙන් වැඩිවන බව පෙනිණි. නවාතැන් පොලේ සිටි අය දේවාලයට ගොස් ආපසු පැමිණි මේ පිරිස දෙස ඉතා  ඕනෑකමින් බැලූවෝය. දැන හැදුනුම්කමක් නැතත් මුවගට සිනහවක් නැංවුයෙන් වචන කිහිපයක් පිරිස අතර හුවමාරු  විය. ‘‘ආයෙත් වැසි පටන් ගත්තනේ. දේවාලෙන් මෙහාට එනකොට වැස්ස වැඩිවුණේ.’’ ධනුෂ්ක සිය කටහඩ අවදි කළේය. ‘‘මෙහාටනම් වැස්ස අඩුවුණේම නෑ. හවස පටන්ගත්තු විදියමයි. අපි මේ එළියට බහින්න බැරුව කම්මැළිකමේ ඉන්නේ.’’ පිරිස අතරින් පිළිතුරක් ලැබිණි. ‘‘අපි කිරිවෙහෙර වදින කොට වැස්ස තිබුණෙම නෑ.’’ ධනුෂ්ක කීවේය. ‘‘ඒකනම් පුදුමයක්, මේ වහින විදියට අපි හිතුවේ දිගටම වහිනවා කියලා.’’ ධනුෂ්කගේ පිළිතුරට ප‍්‍රති පිළිතුරක් ලැබුනේ කවුරුත් පුදුම කරවමිනි. කතරගම බිමේ ඊශ්වර, විෂ්ණු, පත්තින්, කඩවර, සුනියම් සහ ගම්බාර දේවාලද පිහිටා ඇත. බොහෝ දෙනෙක් කතරගම දෙවියන් හමුවේ සතුරන්ට පළිගසන ආකාරයක් පෙනේ. ‘‘කතරගම දෙවියන් කියන්නේ මතු බුදුවන්නට පෙරුම් පුරණ ඇත්තෙක්. සමන් දෙවියොත් එහෙමයි. ඒ අයගෙන් වැරදි පිහිට ඉල්ලන්න හොදනෑ.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 25 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 26 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 27 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 28 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 29 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 30 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 31 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 32 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 33 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 34 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 36 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 37 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 38 කතරගම පුදබිම මුරුතැන් බතක් පිළියෙළ කරමින් මැණික් ගඟ



අදහස් (0)

දේවාලයට පඬුරු දැමු පසු මහ වැස්ස නතරවෙයි

ජලිය Thursday, 29 November 2012 09:58 PM

අනුහස් ....අනුහස් .... (දී)

:       0       0

නිරෝෂණ Saturday, 01 December 2012 05:25 PM

විශිෂ්ට ලිපි පෙළක් (දී)

:       0       0

වසන්ත Thursday, 29 November 2012 03:53 AM

නියමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 143 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 134 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 455 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 707 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 678 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 121 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site