IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දැවැන්ත වන අලියෙක් සියඹලා දේවාලයට යන මග අවුරයි

හැන්දෑ කළුවර ගලා එමින් පැවතිනි. කෑම සොයා දිවාකල සැරිසැරූ විහගුන් කැදැලිකරා ඉක්මනින් පියඹායයි. කුඹුකන්ඔය ඉවුර වෙනදාට වඩා ජනාකිර්ණය. පිරිමින් පමණක් පැමිණි මෙතැන දැන් කාන්තාවන්ගෙන්ද අඩුවක් නැත. සමහර කාන්තාවන් ඇද සිටියේ බටහිර පන්නයේ කොට කලිසම්ය.  එතැන සිටි වැඩිදෙනාගේ මුහුණු වලින් දිස් වූයේ භක්තියට වඩා විනෝදය පිරි ස්වභාවයකි. මීට මාස කිහිපයකට පෙර මෙතැන තිබු නිසසලබව, නිහඩබව අද නැත. පන්සියයක් පමණවූ පිරිස පැමිණි වාහන තැන තැනය. ඉඩක් ඇති තැනක ඇටවු කූඩාරම්ය. පුජා භූමියක ඇති ස්වරූපයක් එහි නැත. දේවාල පොළක තාවකාලික කඩවල් ඇති තැනක ස්වරුපයකැයි කීම නිවැරදිය. හැන්දෑවේ දිය නෑම නිසා තෙත්වූ කොණ්ඩය පිසදාන කාන්තාවෝ තැන තැනය. ඉදිරියට නෙරා ආ කුස ටී ෂර්ටයකින් වසාගත් පිරිමින් වැඩි දෙනෙකුගේ යටිකය වැසි ඇත්තේ බාච්චු කොට කලිසම්වලිනි. සමහර කාන්තාවන්ද ඒ ස්වරූපයෙන්ම පෙනේ. කොක් හඩලා සිනාසෙන පිරිස් වනයේ ඇති නිහඩ බව බිද දමති. මෙවන් ඛේදඡුනක ඉරණමක් කතරගම දෙවියන් වැඩ වසන කුමණ කැලේ ‘‘මහකැබිලිත්ත දේවාලය’’ අවට සිදුවෙතැයි එහි නිතර යනෙන භක්තිවන්තයෝ කිසිදා නොසිතූහ. හිරු බැසයාමත් සමගම අදුර කෙමෙන් කෙමෙන් වනාන්තරය ගිලගත් බවක් පෙනේ. කුඹුකන් ඔයේ එගොඩ ඉවුරේ තැන තැන පන්දම් එළි දල්වා තිබේ. මෙගොඩ ඉවුරේද සිටි අතිවිශාල පිරිස අතරින් අ`දුර මකාගන්නට ජෙනරේටර් පණගැන්විණි. දැන්නම් මහකැබිලිත්ත යැයි මහා හාස්කම් තිබු පින්බිම නොව එකම මගුල් සක්වළකි. අඩ අදුරේ තැනින් තැන ගෑවි නොගෑවී කතාබස් කරන ගැහැණු පිරිමිය. තව තැනක දැල්වු ලිපක් මත ඉදෙන බතකි. තවතැනක වෑංජනයකි. තව තැනක ලිපමත වතුර මුට්ටියකි. ලන්තැරූම් එළියෙන් යන්තමට අ`දුර මකාගත් අතීතයකට උරුමකම් කී මහකැබිලිත්තේ කුඹුකන්ඔය ඉවුර අදවන විට එහි පැමිණි පිරිස් ගෙනා ජෙනරේටර් වල එළියෙන් ඒකාලෝකවී ඇත. කොහේසිට පැමිණියත් අනෙකා ගැන හිතන පිරිස් අතීතයේ සිටියත් දැන් එහි යන්නෝ ආත්මාර්ථකාමයෙන් පිරීගියවුන්ය. දෙවියන් බුදුන් ගැන අල්ප මාත‍්‍රයකවත් ගෞරවයක් නැත්තෝ දැන් එහි වැඩිපුරම යන්නට පටන්ගෙන ඇති බව පෙනේ. අඩුමකුඩුම ගෙනයන පොලිතින් කවර, ප්ලාස්ටික්  බෝතල, පෝරකවර, වැනි දිරා නොයන දේවල්ද තැඹිලි කෝම්බ ආදියද හැමතැනකම ගොඩගසා ඇත. සමහරු ඒවා කුඹුකන්ඔයේ පාකර හරිති. ‘‘කතරගම දෙවියෝ දැන් මහකැබිලිත්තේ නෑ. ඉන්නවනම් මේ වගේ නොසණ්ඩාලයන්ට එන්න ඉඩතියන එකක් නෑ.’’ වසර ගණනක් තිස්සේ මෙහි යන එන කතරගම දෙවියන්ට පින් අනුමෝදනා කරන භක්තිවන්තයෝ තම තමන්ටම කියා ගනිති. ‘‘අනේ අපොයි මහ කැබිලිත්තට ගිය කලක්.’’ වෙනදාට සුදු ඇදුමක් නැතුව කුඹුකන්ඔයෙන් කිසිවෙකුත් එගොඩ නොයති. නමුත් අද සංකර ඇදුම් ඇ`දගෙන යන කාන්තාවන්ද මේ බිමේ සැරිසරන්නේ නිවාඩුවක් ගතකරන්නට පැමිණියවුන් ලෙසය. මාස දෙකතුනක් ඇතුළත මහකැබිලිත්තේ හාස්කම් නැත්තේ කතරගම දෙවියන් වෙනත් පෙදෙසකට වැඩම කරවීම නිසා බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. කාලාන්තරයක් තිස්සේ මහකැබිලිත්ත සියඹලා දේවාලය  අසලට වනඅලි මෙන්ම වෙනත් සිවුපාවුන්ද ආගිය අවස්ථා දැක ඇති බැතිමත්හු සිටියහ. වනයේ නිහඩබව හැමවිටම අගය කළ මේ වනසතුන් බෝධිපූජා පවත්වද්දී ඒ දෙස නෙත් යොමා නොසෙල්වී සිටි අයුරු දුටු බැතිමතුන් අප අතර කොතෙකුත් සිටී. නමුත් අද මේ කලබලකාරී පරිසරය වනසතුන්ටද ගෙනදෙන්නේ හිසරදයකි. නොනවත්වා නැගෙන ජෙනරේටර්වල හ`ඩත්, කොක්හ`ඩලා සිනාසීමත්, එකෙකුට එකෙක් නොපරදින අල්ලාප සල්ලාපයත්, වනසතුන්ගේ චර්යාවන් ද වෙනසකට ලක් කර ඇත. කුඹුකන්ඔයේ ඉවරේ වු තොරතෝංචියක් නැති මේ කන්දොස්කිරියාව අභිභවමින් අඳුරේම මහා සද්දයක් නගමින් දැවැන්ත වනඅලියෙක් කුඹුකන්ඔයේ මෙගොඩ ඉවුරේ ජෙනරේටර් සහ වාහන අතරට කඩා වැදුනේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවු ලෙසකිනි. මෙතෙක් වෙලා නොතිබුණු නිහ`ඩබවක් මොහෙතක් තුළ ඇතිවිණි. දහයකට ආසන්න ජෙනරේටර් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මකවෙමින් තිබුණද වනඅලියාගේ පැමිණීමෙන් ඒවා වහවහා ක‍්‍රියා විරහිත කෙරිණි. එය කෙසේ වුවාදැයි කියන්නට කාටවත් මතක නැත. වනඅලියා කෑගසමින් එනු තැන්තැන්වල වු ගිනිමැලවල එළියෙන් පෙනේ. ගස්යට උන් අය ආගිය අතක් නැත. කොක්හඩලා සිනාසුණු ගෑණු පිරිමි මර බයේ වාහන යටය. අසුවන දේවල් එහෙට මෙහෙට විසිකළ වනඅලියා කුඹුකන්ඔයේ මෙගොඩ බෝධිය දෙසට ගමන් කරනු යන්තම් පෙනුනේ දැල්වු පහන් එළිවලිනි. ඒ වනවිටත් බෝධිය අසල විශාල පිරිසක් කණ්ඩායම් වශයෙන් වෙන වෙනම බෝධිපුජා පවත්වති. ඒ හඩ ආ දෙසට කන්යොමා සිටි මේ දැවැන්ත වනඅලියා බෝධිය කිට්ටුවට වන්නට නවතා තිබු ජිප් රථයක් පිටුපසට ගොස් හිටගනු කිහිප දෙනෙක්ම යන්තම් අදුර අතරින් දිටීය. බෝධින් වහන්සේට මෙතරම් ආසන්නයෙන් වාහන නවත්වන්නේ නැත. බෝධි සිමාවේ නවතා තිබු ජීප්රිය පිටුපසට ගිය වනඅලියා එය ඉදිරියට තල්ලූකළේය. ගියර් දමා නවතා තිබු ජීප්රිය තල්ලූකරද්දී රෝද කැරකුනේ නැත. අඩි විස්සක් තරම් දුරට එය තල්ලූකළ වනඅලියා කුඹුකන්ඔයෙන් එගොඩවූයේය. ඒ වන විටත් රාත‍්‍රී පුජාවන් පැවැත්වීමට යන්නට සුදානමින් සිටි පිරිස් කුඹුකන්ඔය ඉවුරේවිය. මහකැබිලිත්ත සියඹලා දේවාලයට මීටර් එකසිය පනහක් පමණ කූඹුකන්ඔය දෙසට වන්නට පිහිටි බෝධිය දෙසින් බෝධිපුජා හ`ඩ අබිබවමින් පිරිත් සඡ්ඡායනා හඩක් ඇසෙන්නට විය. අම්බලන්තොට පැත්තෙන් ගිය හිමිනමක් බෝධිපුජාව පැවැත්වීමෙන් පසු පිරිත් කියන හඩ මෙසේ ඇසුණි. පිරුවානා පොත් වහන්සේ පිරුවටයක ඔතාගෙන බොහොම සර්දාවෙන් යුතුව මේ හිමියන් මහකැබිලිත්තට වැඩියේ බෝධිය අසල පිරිත් කියන්ට වු සිත් ඇතිවූ නිසාය. වේලාව රාත‍්‍රී හතහමාර පමණවිය. කුඹුකන්ඔය ඉවුරෙන්  එගොඩ පිහිටි බෝධින් වහන්සේ අසල බෝධිපුජාවක් තබන්නටවත් ඉඩක් නැත. ඒ තරමට ම මහකැබිලිත්තට පැමිණි පිරිස්ය. ඔවුහු බෝධිය අසල වෙන වෙනම තැන්වල ඇතිරිලි එලා වාඩිවී බෝධිපුජා පවත්වති. බෝධිය අසල ඉඩකඩක් ඉතිරිව තිබුනේ කැලෑව පැත්තට වන්නටවූ කොටසේ පමණි. මේ හිමියන් එතැන අසුන් ගෙන බෝධිපුජාව මුලින්ම තැබීය. උන්වහන්සේ සමග පැමිණි කිහිප දෙනාට අමතරව තවත් නඩයක් උන්වහන්සේගේ බෝධිපුජාවට එක්වුයේ එය අසා සිටීමෙන් ඇතිවු ශ‍්‍රද්ධාව නිසාමය. මේ බෝධිය අසල අ`දුර මකන්නේ බෝධියට දැල්වු පොල්තෙල් පහන්වල ආලෝකයෙනි. තව ටික දිනක් යනවිට මේ යන එන විවිධාකාර පිරිස් එතැනටද ජෙනරේටර් ගෙන නොයනු  ඇතියි සිතිය නොහැකිය. බෝධිපූජාව අවසන් කළ භික්‍ෂුන් වහන්සේ තමන් වහන්සේ වැඩමාගෙන ආ පිරුවානා පොත්වහන්සේ දිගහැර තුන් සුත‍්‍රයෙන් පිරිත් කියන්නට ආරම්භ කළහ. ක‍්‍රමයෙන් පිරිත් කියාගෙන යද්දී කැලේ දෙසින් කොළඅතු බිදින හඩක් ඇසෙන්නට විය. මොහොතකින් ඒ හඩ ප‍්‍රදේශය දෙවනත් කරමින් මහා ඝෝෂාවක් නැගෙන්නක් විය. කැලේ දෙසින් අඩි නවයක්, නවය හමාරක් උසැති සද්දන්ත වනඅලියෙක් මතුවනු බෝධිය වටේවූ පහන් එළියෙන් පෙනිණි. ඒ දසුන දුටු බෝධිය වටේ තැනින් තැන පූජාවන් පවත්වමින් සිටි පිරිස් අ`දුරේම හිස් ලූ ලූ අත දිවයන්නට වූහ. පිරිත් කියන හිමියෝ මේ කිසිදෙයක් ගැන අවධානය යොමු නොකර පිරිත් සඡ්ඡුායනය කරති. ඉදිරියට එන මේ වනඅලියා උන්වහන්සේට කරදරයක් කරාවියැයි ඉතිරිවූ කිහිපදෙනා විමතියෙන් පසුවූහ. පිරිත් සඡ්ඡායනය කරන හිමියන්ට අඩි දොළහක් පහළොවක් තියා මේ සද්ධන්තයා නැවතුණි. හාවක් හුවක් නැතිව ටිකවේලාවක් රැදි සිටි මේ අලියා ඉදිරියට නොපැමිණ වෙනත් පැත්තකට හැරී වනය තුළින් නොපෙනී ගියේය. අලියා ගිය බව දැනුනු සැඟවී සිටි පිරිසද යළි බෝධිය ළගට පැමිණියහ. මේ අතර බෝධිපුජාවන් පවත්වා පසුව මහකැබිලිත්තේ සියඹලා දේවාලයට පුජාවන් පැවැත්වීම සිරිත නිසා නඩ කිහිපයක්ම සියඹලා දේවාලයට යන්නට පිටත්වුයේ පන්දම් හෝ විදුලිපන්දම් එළි ආධාරයෙනි. නමුත් කිසිදා නොසිදුවූ සිද්ධියක් එදින විය. කුඹුකන්ඔය එගොඩ ඉවුරේ බෝධියේ සිට කුඩා සියඹලාව දේවාලයට මීටර් එකසිය පනහක් පමණ ඇත. එතනට යන්නට ඇති පාර හරස්කරමින් මහ අලියෙක්ය. ඒ එගොඩදී කලබල කර ජෙනරේටර්ද නිවා දමා ජිප් රථයක්ද ඉදිරියට තල්ලූකර පසුව මෙගොඩ බෝධිය අසල පිරිත් කියන හිමියන් අසලට පැමිණි සද්දන්තයාම බව කාටත් අවබෝධ විය. එදින රාත‍්‍රියේ කිසිම කෙනෙකුට කුඩා සියඹලාවට යන්නට නොදී පැය ගණනාවක්ම පාර හරස්කරගෙන මේ සද්ධන්තයා හිටියේ මහකැබිලිත්ත සියඹලා දේවාලයට අවේලාවේ නොඑන්නැයි නොකියා කියමිනි. අතීතයේ මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශයේ, වනඅලි, වළසුන්, දිවියන් වැනි වනසතුන් රාත‍්‍රීකාලයේ නිතර ගැවසුනේය. නමුත් එතැන ජනාකිර්ණ වීමත් සමග වනසතුන් එතැනට පැමිණීම අඩුවිය. විශේෂයෙන් වේලාවක් අවේලාවක් නැතිව දවල් රෑ දෙකේම සියඹලා දේවාලයට පුජාවන් තැබීමට එහි පැමිණි මිනිසුන් පුරුදු විය. මෙය ඒ අවට වනසතුන්ගේ චර්යාවන්ටද යම් බලපෑමක් එල්ල විය. ඊටත් අමතරව පූජාවට්ටි වලින් ඉවතලන පළතුරු ආදිය ඉවක්බවක් නැතිව දේවාලය අවට දැමීම නිසා ඒවායේ සුව`දට වනඅලි පැමිණෙන්නට පටන්ගෙන තිබේ. පුජාවට්ටි රැගෙන යන අයට වනඅලියා බාධාකළේ සමහරවිට ඒවායේ සුවද නිසා විය හැකියැයි සමහරු විශ්වාස කරති. වනජිවී දෙපාර්තමේන්තුවේ කලක් සේවයකර ඉන් ඉවත්වු තිස්මහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා පවසන්නේ කලකට පෙර බොහෝම භක්තියකින් මහකැබිලිත්තට ජනතාව පැමිණියද අද විනෝදයට පිරිස් එහි ඒම නිසා නොයෙකුත් අපල උපද්‍රව පැමිණෙන බවයි. එක වනඅලියෙක් මෙලෙස දැන් පැමිණුනත් ඉදිරියේදි වනඅලි රංචු වශයෙන් කුඹුකන්ඔය සීිමාවට පැමිණීමට ඉඩඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසා ඉදිරියේ දී මේ වනඅලින්ගෙන් විශාල අනතුරු පවා සිදුවන්නට ඉඩ ඇති බවද කලක සිට මහ කැබිලිත්තට යනඑන බැතිමත්හු සැක පහළ කරති. ‘‘කූඹුකන්ඔය ළගදි මේ වගේ සිදුවීමක් මීට පෙර සිදුවු බවට අහලා නෑ.’’ මේ විදියට නොයෙක් ආකාරයේ මිනිස්සු මෙහෙම එන්න ගත්තොත් අපිරිසිදුව එන ගෑණුන්ට පිරිමින්ට මොනවගේ අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙයිද කිව නොහැකි බව මහකැබිලිත්ත ගැන භක්තියෙන් පසුවන්නෝ කියති. සමහරවිට එය ජිවිතයක දෙකක බිල්ලකින් අවසන් වන්නටත් පුලූවන් බව ඔවුන්ගේ අදහසයි. දෙසතියකට පමණ පෙර මහකැබිලිත්තේදී සිදුවූ ඉහත සිදුවීම මහා අනතුරක මුලාරම්භයක් විය නොහැකිද? යන්නන් වාලෙ මහකැබිලිත්තට යන පිරිස් එය අවබෝධ කරගත යුතුවනු ඇත. කතරගම දෙවියන්ගේ හාස්කම් අනූන මේ පුදබිම කෙලෙසන්නන් එහි හාස්කම්ද නැතිකරති. මහා අනතුරුවලට අත වනාගනිති. එදා ජෙනරේටර් නිවා දමන තැනට කලබලකර, වනාන්තරයේ නිහඩබව බිදිමින් හැසිරුණ මහජනයා රාත‍්‍රියක් මුලූල්ලේ නිහඩ කළේද කිසියම් හාස්කමකින් විය නොහැකිද? සමහරු විමසති.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කුඹුකන්ඔය කතරගම දෙවියන් වෙනුවෙන් අද කාවඩි නටන්නේද මෙවැනි ඇදුම් ඇදගෙනය මහකැබිලිත්තේ සියඹලා දේවාලය අසල ඇති බෝධීන් වහන්සේ (මෙයට එගොඩ බෝධිය යැයි ද කියති) අලියා රැක සිටියේ මේ ස්ථානයේය



අදහස් (0)

දැවැන්ත වන අලියෙක් සියඹලා දේවාලයට යන මග අවුරයි

අචිනි Sunday, 08 July 2012 02:21 PM

කතරගම දෙවිදුන්ට පින්සිදුවීව ...!

:       0       0

තිලින Thursday, 19 September 2013 12:00 AM

කතරගම දෙවියන්ගේ පිහිටෙන් ලබන මාසේ මට යන්න අවස්තාවක් උදා වෙලා තියෙනවා..දෙවියන්ගේ පිහිටෙන් ඒ ගමන් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..අවුරුදු 2,3 ක් තිස්සේ හීන දැකපු ගමනක් අහම්බෙන් යන්න ලැබුනෙත් ප්‍රාතිහාර්යකින් වගේ....ඒ ගමන යන්න අවස්තාව ලබා දුන්නු එකෙන් මගේ හිතේ ඇති සතුටෙන් කතරගම දෙවියන්ට පින් අයිති වේවා...!!පේවී,සියලු කටයුතු නිසි පරිදි කිරීමට වාසනාව ලැබේව කියල පතනවා....!! (අ)

:       0       0

ගාල්ලගේ Sunday, 08 July 2012 03:37 PM

මමත් හරිම අසාවෙන් ඉන්නේ කැබිලිත්තේ දේවාලයට යන්න..ඒත් ඉතින් ඒක කවද වෙයි ද දන්නේ නැහැ.හැබැයි මම නම් පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් .කතරගම දෙවියන්ගේ පිහිටෙන් මටත් ඒ අවස්ථාව ලැබේවි

:       0       0

සමන් Tuesday, 10 July 2012 02:04 PM

මම 100% එකඟයි ඉන්දික ඔයා එක්ක..

:       0       0

සුමුදු Tuesday, 10 July 2012 02:52 PM

ආදිකාලේ පටන් අපේ මුතුන්මිත්තන් මහසියඹලාවට ආවගියා පුද පූජා පැවැත්තුවා, ඒ හැම දේකම තිබුනේ එකම අරමුණයි. ඒ තමා මතු බුදුවන්න පෙරුම්පුරන කඳසුරිඳුන්ට පිං පමුණුවන්න. එහෙත් අද බොහෝදෙනාගේ අරමුණ කඳසුරිඳුන්ට පූජාවක් කරලා තමතමන්ගේ හුදෙක් අරමුණු සඵල කර ගැනීම උදෙසා යැදීමයි.

:       0       0

ඉන්දික Monday, 09 July 2012 02:02 PM

අර තරම් පුණ්‍ය භූමියකට මේ තරම් විනාශයක් වුණේ මාධ්‍ය නිසා

:       0       0

කපිල ඉන්දික Tuesday, 10 July 2012 09:55 AM

වෙන්න ඕනම දෙයක් තමයි වෙලා තියෙන්නෙ.. තව තවත් වැඩිවැඩියෙන් දේව හාස්කම් සද්ධ වෙන්න ඕන.. භක්තියක් නැතිව කැබිලිත්තෙ යන අය නවත්තන්න ඕන..

:       0       0

ඩිලාන් Wednesday, 11 July 2012 12:23 AM

මේ ගැන නොදන්න කාලේ මේක හොදට තිබුණා.නමුත් ප්‍රසිද්ධ වුණාම දැන් මිනිස්සු යන්න එන්න පටන් අරන්.එම ස්ථානයේ පරිහානියත් එතනමයි

:       0       0

ලහිරු Tuesday, 28 August 2012 03:56 PM

මටත් කවදා හරි කැබිලිත්තේ දේවාලයට යන්න ලැබෙවා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 187 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 138 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 210 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 221 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 727 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 973 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site