අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය හා ඉසුරුමුණිය අතර කුරුණෑගල පාරේ දකුණු පසට වන්නට දක්ෂිණ ථූපය පිහිටා ඇත. මෙය එළාර සොහොන ලෙස ප්‍රසිද්ධ වී ඇතත් එච්.සී.පී බෙල් මහතා කරුණු දැක්වූයේ මෙය දක්ෂිණ විහාරයේ දාගබ විය යුතු බවටයි. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා කළ කැණීම්වලදී හමුවූ ශිලා ලේඛණයක සඳහන් වූයේ මෙය දක්ෂිණ විහාරයේ චෛත්‍ය බවයි. බෙල් මහතාගේ අදහස එයින් තහවුරු විය. ආචාර්ය පරණවිතාන මහතා කළ වැඩිදුර පරීක්ෂණ වලින් පසුව ඔහුගේ විශ්වාසය වූයේ දක්ෂිණ ථූපය දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ ඉදිකරන ලද්දක් බව සහ ඒ අනුව එය දුටුගැමුණ සොහොන මිස ප්‍රාදේශීය ජනප්රවාදයේ ලෙස එළාර සොහොන නොවන බවයි. (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තා 1948, 67 සහ 68 පිටු). ඇත්ත වශයෙන්ම අද වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සකස් කළ නාම පුවරුවේ මෙම ස්ථානය දැක්වෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය වශයෙනි. මෙම මතය තහවුරු කිරීම සඳහා පරණවිතාන මහතා ඉදිරිපත් කළ සාක්ෂි වන්නේ (I) දක්ෂිණ ථූපය ආදාහනයක් කළ ස්ථානයක බොහෝවිට දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකොට ඇතිබව දැක්වෙන සාක්ෂි සහ (II) දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය හා දක්ෂිණ ථූපය ඇති ස්ථානය එකක් බව ලිපි ලේඛන මගින් හඳුනාගැනීමයි.
විවාදය |
සාක්ෂි |
මැටි ගැන |
අඟුරු ගැන |
සිහිවටනය |
සීමා |
පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ආර්.එච්.ඞී.සිල්වා |
වින්සන්ට් සුබසිංහයන්ගේ 118 වැනි ජන්ම දිනය අද 29 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. “සමුපකාර ව්‍යාපාරයේ පියා” ලෙස විරුදාවලීලත් මෙරට සමුපකාර ඉතිහාසයේ එක
ලොව පුරා වෙසෙන කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරන ජේසුස් වහන්සේගේ කුරුස පත්වීම හෙවත් මහ සිකුරාදා අදට (29) යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.
“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොව
ප්රවෘත්ති සම්බන්ධ එක් නිර්වචනයක් වනුයේ ‘‘ඇස් උඩ යන දේ ප්රවෘත්ති’’ යන්න ය. එබඳු ඇස් උඩයන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. එම ප්‍රවෘත්ත
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දක්ෂිණ ථූපය දුටුගැමුණු සොහොන නොවේ
නිශ්ශංක Sunday, 16 September 2012 08:11 PM
මම මෙම ලිපිය ඉතා ආසාවෙන් කියෙවුවෙමි. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
රත්නායක Thursday, 18 October 2012 10:38 AM
කුමක් උනත් අපි රැක ගනිමු
ශේන් Tuesday, 18 September 2012 08:28 AM
මේකෙ ඇත්ත නැත්ත කියන්න මම දන්නෙ නැහැ. ඒත් ශ්‍රි ලංකාවට ඉමහත් සේවයක් කළ සෙනරත් පරණවිතාන මහතාගේ අදහස්,සොයා ගැනීම් අසත්‍යයි වැරදියි කියලා පෙන්නන්න විශාල උත්සහයක් දරා ඇති බව නම් ඉතාමත් පැහැදිලියි. එතුමා එදා කරපු කියපු දේවල් කාටද කරන්න පුලුවන්? ඔය කියන විවාදයට පරණවිතාන මහතාත් සහභාගි වුණා නම්, සාධාරණ ලෙස පිළිගන්න තිබුණා. (නි)
සමන් රන්වල Sunday, 16 September 2012 09:40 PM
දක්ෂිණ සෑය ඉදිකොට තිබෙන්නේ දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානයේ බව පිළිගැනීම සඳහා ප්‍රමාණවත් ඓතිහාසික සාක්ෂි නොමැත.මුලින්ම දැම්මනම් ඉතාම හොදයි නේද?...(නු)
නදීක Thursday, 20 September 2012 02:38 PM
මෙය වැදගත් පුවතකි. (නි)
සිරිමල් Monday, 17 September 2012 02:56 PM
අතීතය කොහොමද වෙනස් වෙන්නේ
ලාලිත Monday, 24 September 2012 04:56 PM
හුගක් කාලෙකට පසු කියවූ වැදගත් ලිපියක්.ස්තූතියි ලංකාදීප !! (නි)
තරුෂ Friday, 28 September 2012 07:24 AM
මගේ දැනුමේ හැටියට පසු කාලීනව (ජේ. ආර්. ජයවර්ධන මහත්මය ජනාධිපති කාලේ) මේ විසන්වාදය ගැන වැඩි දුර හොයන්න කමිටුවක් පත් කරලා මෙම අගුරු එන්ගලන්තයට යවා කාබන් පරීක්ෂාවකින් කාල නිර්නය කළා. ඔවුන්ගේ නිගමනය වුනේ එම අගුරු දුටුගැමුණු රාජ්‍ය සමය හා සැසදෙන බවයි. ඒ මගින්, මේ අගුරු නිදන් හොරුන් විසින් දැල්වූ ගිනි මැලයකින් හට ගත් බවට 1957දී ආර්. එච්. ඩී. සිල්වා මහත්තයා ඉදිරිපත් කළ තර්කය එහෙම පිටින්ම බිද වැටෙනවා නේද? මේ ගැන වැඩි දුර දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර කරුණු ඉදිරිපත් කරන්න. (නි)
නෙලූ ලියනගේ Wednesday, 19 December 2012 04:52 PM
මාගේ මතකය පිළිබඳ විශ්වාසයෙන් මෙම ලිපිය සඳහා අදහස් ඉදිරිපත් කිරීමට නොඉවසිලිමත් වීමි. තරුෂ : ඔබේ අදහසට එකඟ වෙමි. මෙම ලිපිය මේවනවිට 7000කට වැඩිපිරිසක් කියවා/ නරඹා ඇතිබව දුටිමි. ඒ අතරින් අදහස් දක්වා ඇති ඉතා සුළු පිරිසෙන් එක් අයෙක් හැර අනිත් සියළුදෙනාම ඒ පිළිබඳ කරුණු නොදන්නා අය බව මාහට වැටහුණි. රටක ඉතිහාසයට අදාළ ලිපි පළකිරීමේදී සත්‍ය විකෘති නොවන ආකාරයෙන් ඉදිරිපත්කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් ඉතිහාසය විකෘති කිරීමකට ලක්වී ඇති මෙබඳු කාලයක මෙවැනි දේ ගැන වඩාත් විමසිලිමත් විය යුතු බව මගේ හැඟීම වේ. (නි)
පුබුදු Friday, 21 September 2012 04:57 AM
මෙවැනි දේවල් අපි අගය කරමු. (නි)
තිළිණ Monday, 01 October 2012 04:31 PM
මම 2010 වසරේදී මෙම ස්ථානයේ පර්යේෂණ කැණීමක් සිදු කළා, ස්තුප මළුවේ. මෙම කැණීම් වාර්තාව මේ වෙනකොට එළි දක්වලා තියෙන්නේ. මළුවේ ඉඳන් මීටර් 5ක් යටට යනකල් අවදි 4 ක එහිදී හඳුනා ගන්න පුළුවන් වුණා. මෙහිදී හඳුනා ගන්න පුළුවන් වුණ පැරණිම සංස්කෘතික අවධියේ සාධක ගොඩක් දුරට ක්‍රිස්තු පූර්ව යුගයට යන්න පුළුවන්. මෙම පැරණිම සංස්කෘතික අවධිය ස්තුපය ඉදි කළ යුගයට වැඩිය පැරණි බව හඳුනා ගන්න පුළුවන් වුණා. එම අවධියේ යම් යම් ඉදිකිරීම් මෙම ස්ථානයේ සිදු කරලා තියෙනවා. මෙම ඉදිකිරීම් නිසැක ලෙසම ක්‍රිස්තු පූර්ව යුගයට අයත්. නමුත් මේකෙන් කියන්න බැහැ මෙතන නිසැක ලෙසම දුටු ගැමුණු රජු ආදාහනය කළ තැන කියලා. මම හිතන්නේ මීට වඩා විද්‍යාත්මක ප්රවේශයකින් ස්තුපය අභ්‍යන්තරයට යනකල් කැණීමක් කළ යුතුයි කියලා. (නි)
ෂෙල්ටන් Tuesday, 25 September 2012 12:53 PM
ඉතා වැදගත් ලිපියක් මෙවැනි පෞරාණික වටිනාකම් අගැන, අපගේ ඉතිහාසයේ අභිමානය ගැන ලියවෙන ලිපි හැකි තාක් පලකරන්න ශක්තිය ධෛර්යය ලංකාදීපයට ලැබේවායි මම පතමි..!(නු)
අතුකෝරාල Tuesday, 18 September 2012 06:24 PM
සෙනරත් පරණවිතාන මහත්තයා කිව්වෙ බෙල් මහත්තයගෙ කථා ටිකමයි නෙද? ලොකු ඉතිහසයක් තියෙන අපේ රටට ඉන්දියාවෙන් පිටුවහල් කරපු කෙනෙක්ගෙන් පැවත එනවා කියන එක නෙ කළේ..තර්ක කරල ඔප්පු කරන දෙවල් පිලිගන්න වෙනව.මතයක් නෙමෙයි වැදගත් වෙන්නෙ. අපි කථා කරන්නෙ රටක ඉතිහසෙ ගැනෙ.(නු)