IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තිස් වසක් සිරිපා අඩවියේ බවුන් වඩන යෝගී හාමුදුරුවෝ

සීත මීදුම් සළු දවටා ගත් සමනොළ අඩවියේ කඳු පන්තිය අපූර්ව සිත්තමකි. මීදුමින් හා වලාකුළින් බරවූ කඳු මුදුන් අපට නොපෙනේ. වන අඩවිය පිස හමන මඳ සුළඟ ගතට සිසිලක් ගෙනේ. මහ පොළොවේ සිට අහස සිපගත් කඳු පන්තිය දෙස අපි බොහෝ වේලා බලා සිටියෙමු. ඇති නොවන තරමේ දර්ශනයකි. කඳු පන්ති කිහිපයක් අතරේ පෙනෙන ශ්‍රී පාදය පූජනීය හැඟුම් ජනිත කරවයි. මළුවේ සිට පහතට විහිදෙන ලයිට් එලිය අලූයම නිසා තවම එළිය විහිදුවයි. සිරිපා කරුණා කරන බැතිමත්හු අප සිිටින මානයට පැහැදිලිව පෙනේ. ‘සිරිපා කරුණා කළ හැකිනම්’ යන හැඟීමක් සිත පහළ කළත් මේ ඊට අවස්ථාව නොවේ.


අද අපේ ගමන සිරිපා අඩවියේම වෙනත් කථාන්දරයකි. සිරිපා අඩවියේ වැඩ සිටින යෝගී හිමිනමක් පිළිබඳ ආරංචිය අපට අසන්නට ලැබුණේ කලකට පෙරදීය. අද උන්වහන්සේ මුණ ගැසෙන පින්වන්ත චාරිකාවයි.


1980 වර්ෂයේ පැවිදි වී 1982 වසරේ සිරිපා අඩවියේ වනගත වූ උන්වහන්සේ තවමත් මේ ගන කැලයේ බවුන් වඩති. ලාභ, ප‍්‍රසංශා, සැප සොයා දුවන ලෝකයෙන් මිදී උන්වහන්සේ මහා පාරමී දහමක් පුරති. මිනිස් වාසයෙන් කිලෝමීටර් හත අටකට එහා රූස්ස කැලයේ ගල් ලෙනක හුදෙකලාවී උන්වහන්සේ සසර විමුක්තිය සොයති. ධර්ම ඥානය අතින් ස්වාමින් වහන්සේ ස්ථිර වශයෙන්ම ඉහළ තැනෙක සිටින බව දෙවරක් නොසිතාම අපට හැඟේ.


අලි, කොටි, වලසුන් ගහන කැලයක අල, ගෙඩි, කොළ වළඳමින් තිස් වසක් තිස්සේ කරන මේ උත්තරීතර වෑයම අපට නම් පුදුමයකි. එහෙත් මේ ඇත්තකි. මාසයේ පෝදිනට පමණක් වනඅඩිවියට නුදුරු ගමේ පන්සලට පැමිණ ධර්ම දේශනයක් පැවැත්වීම උන්වහන්සේගේ සිරිතයි. යළි එදිනම වනගත වීමටද උන්වහන්සේ වග බලා ගනී.


සිරිපා අඩවියේ වෙසෙන යෝගී භික්ෂුව අප හමුවන්නේ ලොවුතුරු සද්ධර්මයෙන් බිඳක් ඔබට ලබාදීමේ බලාපොරොත්තුවෙනි. නම්, ගම්, ස්ථාන කිසිවක් සටහන් නොකිරීමේ වගකීමක් අපට පැවරී තිබේ. එසේ හෙළි කිරීම අපට බාධාවක් නොවුණත් මේ යෝගාවචර භික්ෂූන් වහන්සේට බාධාවකි. උන්වහන්සේ ඔබ උදෙසා දේශනා කරන ධර්මය පමණක් ඔබට ගෙන එමු. මේ කාර්යය වෙනුවෙන් අපට අවස්ථාව දුන් ගමේ විහාරාධිපති හිමියන්ට ගෞරවය පුද කරමු.
බණ අසන හෝ ඇසූ පමණට කෙනෙක් ධර්මය පිළිපදින බවක් නොපෙනේ. එසේ වී නම් ධර්මකාමී පරිසරයක් රටේ සාමාජයේ ස්ථාපිත වීම අරුමයක් නොවන්නකි. ධ්‍යාන, මාර්ගඵල බොහෝ දුරට සමාජයේ වැසී පවතී. අධර්මිකයන් මතුවී ධාර්මිකයන් යටපත්වී තිබේ. සමහරු තුළ ධර්ම මාර්ගයක් පිළිබඳ උනන්දුවක් තිබුණත් ඒවා වැඩිවශයෙන් ආමිසයට පමණක් සීමා වී තිබේ. ධර්ම මාර්ගයක් අපේක්‍ෂා කරන්නකු තුළ තිබිය යුතු ගුණාංග කවරේද, යන්න පිළිබඳව සිරිපා අඩවියේ යෝගී හිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි.


සද්ධර්ම මාර්ගයේ ඉදිරියටයන්න නම් මුලින්ම ඇති කර ගත යුතු දේ තමයි ශ‍්‍රද්ධාව. ශ‍්‍රද්ධාව ධනයක්. ධනය නැතිව මොකුත් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ කෙරෙහි ඉතාමත් පැහැදීමෙන් යුතුව උන්වහන්සේ ගුරු උපදේශ රහිතව දේශනා කළ ධර්මය කෙරෙහි දැඩි විශ්වාසය ඇතිකර ගත යුතුයි.


ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් ඒ ධර්මය කෙරෙහි මහත්වූ ශ‍්‍රද්ධාවක් ඇතිකර ගත යුතුයි.
ඒ ඇතිකරගත් ශ‍්‍රද්ධාවෙන් යුතුව ධර්මය ඉගෙන ගැනීමට විශාල කැමැත්තක් තිබිය යුතුයි.
ධර්මය කෙරෙහි කැමැත්තෙන් යුතුව අසා දැනගත යුතුයි. කියවා තේරුම් ගත යුතුයි.
අසා දැනගත් ධර්මය, කියවා තේරුම් ගත් ධර්මය පිළිබඳව නුවණින් විමසිය යුතුයි.
නුවණින් විමසන ධර්මය තමන්ට ගළපා ගෙන ප‍්‍රායෝගිකව අත්දැකීමට උත්සාහකළ යුතුයි.


ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් මේ කාරණා මුලින්ම ඇතිකරගන්න  ඕනෑ. මේ සඳහා අවශ්‍ය කරන්නේ ප‍්‍රඥාවමයි. වීර්යයෙන් යුතුව සිහිය දියුණු කරගන්න  ඕනෑ. වීර්යයයි, නුවණයි, සිහියයි තියෙනවා නම් එයා දිගටම ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා.


ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට ප‍්‍රඥාව අවශ්‍ය බව උන්වහන්සේ පවසයි. ආර්ය මාර්ගයේ ප‍්‍රඥාව වර්ධනය වන ආකාරය යෝගී හිමියෝ මෙසේ සඳහන් කරති.
ආර්ය මාර්ගයට බැහැලා, ඒ අනුව ජීවිතය සකස් කර ගන්න කොට තමන්ට ඒ පිළිබඳව නිවැරදි දර්ශනය ගැන වැටහෙන ස්වභාවය, ඒකට තමයි ප‍්‍රඥාව වර්ධනය වෙනවා කියන්නේ. ප‍්‍රඥාව  ඕනෑම පුද්ගලයකුට තියෙනවා. තියෙන දේ දියුණු කර ගන්නයි  ඕනෑ. මූලික වශයෙන් දියුණු වන මාර්ගය තමයි,
යහපත් දේවල නිරත වෙමින් ඒ කුසල කටයුතු කිරීම තුළ වර්ධනය වෙනවා.


ධර්මය ඇසීම, ධර්මය කියවීම මගින් වර්ධනය වෙනවා.
මාර්ගය වැඞීම මගින් සම්පූර්ණ ප‍්‍රඥාව වර්ධනය වෙනවා.


කෙනෙක් ප‍්‍රඥාව ලැබෙන්නැයි ප‍්‍රාර්ථනා කරති. ප‍්‍රාර්ථනාවෙන් ලැබෙන ප‍්‍රඥාවක් ඇත්ද?
ප‍්‍රාර්ථනා කිරීම මත ප‍්‍රඥාව ලබන්න බෑ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා කියන්නෙ නිවන් අවබෝධ කිරීම. අරහත්වයට පත්වෙන්න නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා, අවිද්‍යාව, තණ්හාව දුරුකළ යුතුමයි. ප‍්‍රාර්ථනා කිරීම කියන්නේ ඉච්ඡුාව, ඉච්ඡුාවෙන් ලබන්න පුළුවන් දෙයක් නෑ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න නම් මාර්ගය වැඩිය යුතුයි.  මාර්ගය නොවඩා නම් කිසිවක් දකින්න ලැබෙන්නෙ නැහැ.


මේ මාර්ගය ඇත්තේ කොහිද?
මාර්ගය තියෙන්නේ විදර්ශනාවේ. විදර්ශනාවේ පළවැනි ඥානය උදයව්‍ය ඥානය. සම්මා දිට්ඨියට ආවට පස්සේ එයා ලෝකෝත්තර පැත්තට ගමන් කරනවා. ඔය විදිහට මාර්ගය වඩාගෙන යනකොට සංස්කාර සංසිඳෙනවා. නැවත නැවතත් වඩමින් යනකොට සංස්කාර සන්සිඳෙනකොට උදයව්‍ය ඥානය, භංග ඥානය, භයතු පච්ච ඥානය ආදී විදර්ශනා ඥාන ටික ඔතන ඇතිවෙනවා. වැඩි වැඩියෙන් බිදි බිඳී යන ස්වභාවය භංග ඥානය. මේ බිඳි බිඳී යන ස්වභාවය පේන කොට මේ බිඳී යන ස්වභාවය පවතීද කියල බියක් ඇතිවෙනවා. ඒක භයතුපච්ච ඥානය.

 


ඊළඟට සංස්කාර පිළිබඳව උපේක්ෂාවට පැමිණීම සංස්කාර උපේක්ඛා ඥානය. ඒ කියන්නේ දැන් ඔය දකින දර්ශනය නොපෙනී යනවා. සංස්කාරයන්ගේ දකින උදවිය නොපෙනී යනවා. එය නොපෙනී යෑම නිසා සංස්කාර පිළිබඳ උපේක්ෂාවට එනවා. සංස්කාර උපේක්ෂා ඥානයට පස්සේ ගෝත‍්‍ර භූ ඥානය. ඔය ඥාන ටික ඔතනදී වඩ වඩා යනවා. ගෝත‍්‍ර භූ ඥානය දියුණු කළාට පස්සේ මග්ගා මග්ග ඥානය. මග්ගා මග්ග ඥානයෙන් මාර්ගය අමාර්ගය දෙක තෝරාගෙන මාර්ගයේ ගමන් කළාට පස්සෙ ඥාන දස්සන විසුද්ධිය ඇතිවෙනවා.


ඔය ආකාරයට ඥාන ටික ඇතිවේගෙන ගිහිල්ලා ගෝත‍්‍ර භූ ඥානය ඇති කරගත්තට පස්සේ කිසි බියක් ඇති කර ගන්න දෙයක් නෑ. ගෝත‍්‍ර භූ ඥානය කියන්නේ මේ ගෝත‍්‍රයේ හිටියා, දැන් ආර්ය ගෝත‍්‍රයට පැමිණුනා. මේ පැත්තෙන් එහා පැත්තට තල්ලූවෙන එකයි තියෙන්නේ. පෘථග්ජන ගෝත‍්‍රයෙන් ආර්ය ගෝත‍්‍රයට පිවිසුනා කියන එක. ගෝත‍්‍ර භූ ඥානයට පස්සේ මග්ගා මග්ග ඥානය. ඒ වැඞීගෙන යන්නෙ ලෝකෝත්තර මාර්ගය. ඔය විස්තර කළේ බොහොම කෙටියෙන්. ප‍්‍රායෝගිකව අත්දකින දෙයක් මිස අසා දැනගෙන ප‍්‍රත්‍යක්ෂ අවබෝධයට එන්න බෑ. විදර්ශනා වැඞීමෙන්ම තමයි විදර්ශනා ඥාන ඇතිකරගත හැක්කේ. ඒක අවබෝධයක්. ඒ අවබෝධයට යන්න  ඕනේ ප‍්‍රායෝගිකව යෙදිලයි.


මතු සම්බන්ධයි.


(ප‍්‍රණාමය: විහාරාධිපති සුනන්ද හිමියන්ට, මහින්ද අමුගොඩ හා රංජනී මැතිනියට)

 

සටහන : අසංක ආටිගල

 



අදහස් (0)

තිස් වසක් සිරිපා අඩවියේ බවුන් වඩන යෝගී හාමුදුරුවෝ

වික්‍රමනායක Monday, 25 March 2013 04:20 PM

ඔබ වහන්සේ මේ ආත්මයේම නිවන් දැක අපටත් නිවන් මග පහදා දෙමින් මේ සසරමගින් ගලවා ගැනීමට හැකි වේවා (ස)

:       0       1

සිරානි Friday, 22 March 2013 08:37 AM

ලංකවේ හැමදාමත් ග්‍රාමවාසි හා අරණ්‍යවාසි කියල භික්ෂුන් වහන්සේලා කොටස් දෙකක් හිටියා. ග්‍රන්ථධුර විදර්ශනා ධුර කියලත් බෙදිලා හිටියා. එයින් ග්‍රාමවාසී හාමුදුරුවරු සමාජයත් සමග සිටිමින් බෞද්ධ සමාජය ආරක්ෂා කළා දැනටත් එහෙමයි.සුද්දන්ට විරුද්ධව කැරලි ගහන්න ගියෙත් දැන් අරගල කරන්නෙත් ඒ හාමුදුරුවරු. මේ දෙපක්ෂයම බෞද්ධ සමාජයට අවශ්‍යයි.ගමේ පාංසුකූලයට දානයට පිරිතට වඩින්නෙත් දහම් පාසල් පෙරහරවල් කරන්නෙත් දුප්පත් ළමයින්ට ශිෂ්‍යයත්ව ලබාදෙන්නෙත් හැමෝගෙන්ම බැණුම් අහන ගමේ හාමුදුරුවරු (ස)

:       0       0

දිසා Thursday, 25 April 2013 03:53 PM

.හොදයි.(නදී)

:       0       0

නදීක Tuesday, 19 March 2013 04:23 PM

ඔබ වහන්සේට නිවන් සම්පතම ලැබේවා (දී)

:       0       0

මනො ජයලත් Thursday, 21 March 2013 12:26 PM

සාධු!සාධු!සාධු!මේ පිනැති හිමිනමට මාර්ග ඵල ලබාගැනීමට හැකි වේවා! (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 20 March 2013 01:25 AM

සාධු...සාධු..සාධු..!! (නි)

:       0       0

හේමචන්ද්‍ර Saturday, 23 March 2013 11:07 PM

අපේ ස්වාමීන්වහන්සේලාට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

සෙනරත් Sunday, 17 March 2013 11:55 PM

මේ පිනැති හිමිනමට මාර්ග ඵල ලබාගැනීමට හැකි වේවා! (නි)

:       0       0

දයාන් Friday, 22 March 2013 10:47 AM

සාධු....සාධු....සාධු.... මේ භවයේම ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් අවභෝධ කර ගනිත්වා (දී)

:       0       0

ජයා Monday, 18 March 2013 10:41 AM

සුමුදු, "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ලිපි පෙළ ගැන තවත් පැහැදිලි කළ හැකිද? (නි)

:       0       0

සුමුදු Thursday, 21 March 2013 04:41 AM

මෙහෙම දේවල් අහන්න ලැබීමත් සතුටක් (දී)

:       0       0

සමගි Thursday, 21 March 2013 04:36 AM

ඉතාමත් වටිනා පුවතක් (දී)

:       0       0

සුමුදු Thursday, 21 March 2013 04:36 AM

අපේ ආගම කවදාවත් නොනැසෙන ආගමක් (දී)

:       0       0

කුමාර Monday, 01 July 2013 09:18 PM

නිවන් අවබෝද වේවා, නිදුක් නිරෝගී වේවා!(නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Thursday, 21 March 2013 09:43 PM

ඒවා ඉතාමත් හොදයි (දී)

:       0       0

සෙනරත් Thursday, 21 March 2013 09:46 PM

ඉතාමත් හොදයි....ඉතාමත් හොදයි.... සාධු... සාධු... (දී)

:       0       0

රොන් Sunday, 17 March 2013 04:36 PM

සාධු!සාධු!සාධු! (නි)

:       0       0

සුමුදු Thursday, 21 March 2013 02:51 PM

ඉතාම වටිනා විස්තරයක් (දී)

:       0       0

හේරත් Tuesday, 19 March 2013 01:13 PM

අපේ ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ ගිහි ඇත්තන්ට වඩා ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්නේ. යෝගී හාමුදුරුවන් වහන්සේ දැකගන්නට ලැබුනොත් එය මහත් වාසනාවක් මට (නි)

:       0       0

නාරද Wednesday, 20 March 2013 08:11 AM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි (දී)

:       0       0

ලක්මාල් Monday, 18 March 2013 11:34 AM

සුමුදු, ඔබ පැවසූ දෙය උදාහරණ සහිතව, හේතු සහිතව පැහැදිලි කළ හැකිද? (නි)

:       0       0

ප්‍රභාකර Thursday, 28 March 2013 09:17 PM

ලිපිය ඉතාම වටිනවා (නි)

:       0       0

ආනන්ද Monday, 18 March 2013 02:53 AM

අනේ සාධු...

:       0       0

සුමුදු Monday, 18 March 2013 03:26 AM

තව පත්තරයකත් මහරහතුන් වැඩි මග කියලා මෙහෙම ලිපි පෙළක් පටන් ගත්තා. ආරම්භය හොදයි. පස්සේ ලිව්වේ විකාර. මේක එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මය ගැන බොරු ලියනවට වඩා නොලියා ඉදීම මහ පිනක්.(නදී)

:       0       0

සමන් Tuesday, 19 March 2013 01:39 PM

සුමුදු, ඔයාල වගේ අයට තමයි 'බක පණ්ඩිත' කියන්නේ. ඒ "මහ රහතුන් වැඩි මග ඔස්සේ.." ලිපි පෙළෙහි සටහන් මම වගේම තව බොහෝ දෙනෙක් කියවල වටිනා දේවල් ජීවිතයට එකතු කරන තියෙනවා. අවැඩක් වෙන දෙයක් ඒ ලිපි වල අපි කවුරුත් දැකල නැහැ අද වෙනකන්.. නොදන්නා කම එකක්, එත් නොදන්නා පලියට ධර්මයට අපහාස කරන්න ඉදිරිපත් වෙන්න එපා. යහපත් ධර්මයක් කොහේ හෝ මිනිස්සුන්ට ලැබෙනවානම් කොච්චර හොද දෙයක්ද. (ස)

:       0       0

වරුණ Wednesday, 20 March 2013 07:02 PM

ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබේවා (දී)

:       0       0

කරු Tuesday, 19 March 2013 01:46 PM

නිවන් මගට පිවිසීමට සිත දිරිමත් වේවා! (නි)

:       0       0

ගයාන් Friday, 22 March 2013 12:47 AM

සාදු! සාදු! සාදු!(නදී)

:       0       0

කසුන් Tuesday, 19 March 2013 01:55 PM

ලිපියක් (දී)

:       0       0

මාර්ක් Thursday, 21 March 2013 09:03 AM

සාධු සාධු සාධු ! (නි)

:       0       0

අසංක Monday, 18 March 2013 03:58 PM

තම තමන් ගැන හොයනවා වෙනුවට අපේ මිනිස්සු හැමදාමත් අනුන් ගැනනේ හොයන්න කැමති. (නි)

:       0       0

බොතේජු Tuesday, 26 March 2013 01:17 PM

ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය උදාවී දහම් දැනුම තවත් වැඩිකර ගන්න ලැබේවා! (නි)

:       0       0

අනූ Monday, 18 March 2013 12:28 PM

සාදූ සාදූ සාදූ !!! (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 20 March 2013 02:41 PM

සුමුදුගේ කතාව නම් සම්පුර්ණ ඇත්ත.(නදී)

:       0       0

විපස්සි හිමි Thursday, 21 March 2013 05:03 PM

මේ තරම් උත්තරීතර ඇත්තෝ ඉන්න එක පුදුමයක් නොවේ. (නි)

:       0       0

චානක Saturday, 23 March 2013 07:22 PM

සාදු.. සාදු.. සාදු..(නදී)

:       0       0

ගල්කන්ද Sunday, 24 March 2013 12:19 PM

සාදු! සාදූ! සාදූ.(නදී)

:       0       0

දේශානි Thursday, 28 March 2013 09:35 AM

ඉතාම වට්නා ලිපියක්. ඉතා විශාල පිනක්. ගරුතර ස්වාමීන් වහන්සේට වගේම මෙය පලකළ අයට සහ උපකාර කළ අයට වහා වහා නිර්වාණ අවබෝධය ම වේවා. තෙරුවන් සරණයි!(නදී)

:       0       0

ලක්ප්‍රිය Friday, 22 March 2013 06:30 AM

බුද්ධාගම රකින්න වීදි සටන් කරන අය මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ කියලා ඉගෙන ගත්තොත් කොච්චර හොඳද ? (නි)

:       0       0

දීපාල් Sunday, 24 March 2013 12:44 PM

පත්තරවලින් වැඩිය වැඩසිටින තැන පෙන්වා දෙන්න එපා. එය උන්වහන්සේට කරන ද්‍රෝභිකමක් වගේ. මොකද අපේ අය දොලුකන්දෙ ගියාවගේ යන්න පටන් ගන්නවනේ.(නදී)

:       0       0

අනුරුද්ධ Tuesday, 26 March 2013 11:11 PM

ඉතා වටිනා ලිපියක්. ඔබ වහන්සේට සසර දුකින් අත්මිදීමට තුනුරුවන්ගේ ශක්තිය ලැබේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 245 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 213 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site