IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ත‍්‍රස්තවාදය අවසන් කර වසර 4යි

කොටි සංවිධානය ඔවුන්ගේ බල ප‍්‍රදේශවල පොලිස් ස්ථාන පිහිටවනු ලැබුවේ 1991 වසරේදීය. කොටි පොලිසියේ ලොක්කා වූයේ කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරයකුව සිටි නඬේෂන්ය. ඔහුගේ බිරිඳ වූයේද ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරියක් ලෙස සේවය කළ විනීතා නමැති දකුණේ සිංහල කාන්තාවකි. 

 

 

සින්න පොඩියන් පුලේන්ද්‍රන් යාපනය කිලිනොච්චියේ පදිංචි අයෙකු වන අතර ඔහු කොටි පොලිසියට බැඳී ඇත්තේ 1992 වසරේ අගෝස්තු මස 15 වැනිදාය. ඒ කොටි පොලිසියේ කොස්තාපල්වරයෙකු වශයෙනි.

කොටි පොලිසියට කොස්තාපල්වරයෙක් ලෙස එක්වූ පුලේන්ද්‍රන් යාපනයේදී මාස 09 ක පමණ කාලයක් පුහුණුවීම් ලබා ඇත.
පුලේන්ද්‍රන් සමග තවත් 400 දෙනෙක් පමණ කොටි පොලිස් කොස්තාපල්වරුන් ලෙස පුහුණුවීම ලබා ඇති අතර ඔවුනට අවි පුහුණුවීම් සරඹ ඇතුළු පුහුණුවීම් ලබාදී ඇත්තේ කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ සැරයන්වරයකු ලෙස රාජකාරි කරමින් සිටි අතරවාරයේ කොටි පොලිසියට එක්ව සිටි රාජරත්නම් නමැත්තෙකි. 

කොටින්ගේ ඊලාම් සිහින රාජ්‍යයේ අගනුවර වශයෙන් ඔවුන් සැළකූ කිලිනොච්චිය නගරයේ ඒ වනවිටත් කොටි පොලිස් ස්ථානයක් ස්ථාපිත කර තිබුණ අතර පුලේන්ද්‍රන් එම පොලිසියේ සේවයට එක්වී තිබේ.

කොටි පොලිසියේ කොස්තාපල්වරයෙක් ලෙස බැඳුණු පුලේන්ද්‍රන් උප පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලබා මාන්කුලම් කොටි පොලිසියේ ස්ථානාධිපති තනතුරද දරා 2009 වසරේ මැයි මස 11 වැනිදා කොටිනායක ප‍්‍රභාකරන් නන්දිකඩාල් කළපු වගුරුබිමේ රණවිරුවන් අතින් මැරුම්කන තෙක්ම කොටි පොලිස් කාරයකු ලෙස සේවය කර ඇත.

පුලේන්ද්‍රන් අවසන් වරට සේවය කරමින් සිට ඇත්තේ කිලිනොච්චිය කොටි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසය. ඔහු 94 වසරේ සිට 2009 වසර දක්වාම මේ තනතුර දරා ඇත.

පුලේන්ද්‍රන් බිරිඳ හා දරුවන් 4 දෙනා සමග කිලිනොච්චියේ විනයාගපුරම් ගම්මානයේ නිදහසේ සැනසිල්ලේ ජීවත්වෙති.

කොටි පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් අපරාධ විමර්ශන අංශයක් භාර ලොක්කාද වී සිටි පුලේන්ද්‍රන් අද අඹු දරුවන් රකින්නේ රා මැදීමෙනි. 

කිලිනොච්චිය කොටි පොලිසියේ ක‍්‍රයිම්  ඕඅයිසී ලෙස එදා එල්.ටී.ටී.ඊයෙන් පත්කර සිටි පුලේන්ද්‍රන් අප ඉදිරියේ දැන් සිටින්නේ පසුගිය කාලයේ කළ කී දෑ ගැන කතාබහ කිරීමටය.

කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ද අප සමග එක්ව සිටි අතර පුලේන්ද්‍රන් සමග කතාබහ කිරීමේදී භාෂා පරිවර්තනයෙන් සහාය වූයේ කොස්තාපල් මහින්ද කුලසිංහ (44430) මහතාය.

කොටි පොලිස් ස්ථාන හා කොටි අධිකරණ පිහිටුවන්න පෙර ස්තී‍්‍ර දුෂකයින්, මිනීමරුවන් ගැන කොටි නායකයින්ට පැමිණිලි කළාම ඒ වගේ උන්ව අල්ලාගෙන ඇවිත් ප‍්‍රසිද්ධියේම ඔළුවට වෙඩි තියලා මරනවා. කොටි සංවිධානයේ කෙනෙක් මේ වගේ දෙයක් කරලා අහු වුණොත් එහෙම දරුණු වධ හිංසා දීලා අප‍්‍රසිද්ධියේ මරා දමනවා. කොටි පොලිසි, කොටි අධිකරණ පිහිටුවූවාට පසු ඒවා ගැන නිසි පරීක්ෂණ විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කර නඩු විභාග කරල තමා දඬුවම් දෙන්නේ යැයි කතාබහට මුල පුරමින් පුලේන්ද්‍රන් කීවේය.

ස්තී‍්‍ර දුෂකයන්ට හා මිනීමරුවන්ට අනිවාර්යයෙන්ම හිමිවන්නේ මරණ දඬුවමයි. කොටි අධිකරණයක් මගින් යමෙකුට මේ වැරැුදි දෙකම නඩු විභාග කරලා වරදකරු බවට තීන්දු කළායින් පස්සේ එවැනි අයව කොටි බන්ධනාගාරයක විශේෂිත සිර මැදිරියක රඳවා තබනවා. මරණ දඬුවම හිමිවූ අයගේ පවුලේ කිට්ටුම අයට බලන්න පුළුවනි. හැබැයි මරණ දඬුවම දෙන තැනට නම් පවුලේ අයට එන්න තහනම්. මරණ දඬුවම දෙන දවසට කලින් දවසේ ශබ්දවාහිනි යන්ත‍්‍රයක් බැඳගෙන ප‍්‍රදේශය පුරා ඒ ගැන ප‍්‍රචාරය කරනවා. 
මරණ දඬුවම නියමවූ තැනැත්තා අතින් දුෂණයට ලක්වූ කාන්තාව හෝ තරුණිය ගැන, මරණයට පත්වූ තැනැත්තා හෝ තැනැත්තිය ගැන, මරණ දඬුවම ලබාදෙන ස්ථානය හා වේලාව ගැන ප‍්‍රචාරය කරන්නේ කැමැති අයට මරණ දඬුවම දෙන හැටි බලන්න එන්න පුළුවනි. මෙහෙම ප‍්‍රසිද්ධියේ වෙඩි තබලා මරලා දමන්නේ ආයෙත් මේ වගේ දේවල් සිදුවීම වළක්වා ගැනීමටයි. මරණ දඬුවම දෙනවා බලන්න හරියට සෙනඟ එනවා.

 

සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර
කිලිනොච්චි පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිති
සින්න පොඩියන් පුලෙන්ද්‍රන්

 


මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ කොහොමද?

සම්පූර්ණයෙන්ම මුහුණ රෙද්දකින් වහලා කොටි බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යටතේ මරණ දඬුවම හිමිවී සිටින පුද්ගලයා මරණ දඬුවම දෙන තැනට කැඳවාගෙන එනවා. මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන අළුගෝසුවන් කොටි සංවිධානය විසින් පත්කර තිබෙනවා. ඒ අළුගෝසුවත් ඇස් දෙක පමණක් පේන විදිහට මුහුණ ආවරණය කරගෙන එතැනට පැමිණෙණවා. ඔහු එන්නේ කොටි සන්නද්ධ අංශයේ 10-15 එක්ක විතර. පස්සේ අළුගෝසුවා මරණ දඬුවම හිමිවී සිටින පුද්ගලයා සමීපයට ගොස් හිසට පිස්තෝලයකින් වෙඩි තියනවා. කොටි සංවිධානයේ දොස්තර කෙනෙක් ඇවිදින් ඔහු මිය ගිය බවට තහවුරු කරනවා. දණ ගස්සා තබා වෙඩි තියන්නේ.

 

 

මරා දමපු කෙනාගේ සිරුර පවුලේ අයට භාරදීමක් නැත්ද?

පවුලේ උදවිය මළ සිරුර භාර ගන්න කැමැත්ත ප‍්‍රකාශ කළොත් කොටි බන්ධනාගාර නිලධාරින් ගෙදරටම ගිහින් බාර දෙනවා. අකමැතිනම් කොටි බන්ධනාගාර නිලධාරින් සිරුර වළ දමනවා. මරණ දඬුවම ලබාදුන්නු සමහර අයගේ සිරුරු භාර දෙන්න ගියාම කොටි බන්ධනාගාර නිලධාරින්ට සහ කොටි පොලිසියේ අයට පවුලේ අය පහර දුන්නු අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා. පහරකෑමට ලක්වී තුවාල පවා සිදුවී තිබෙනවා. කොටි පොලිසියේ හා කොටි බන්ධනාගාර නිලධාරින්ට පහරදීමෙන් තුවාල වුණාම පහරදීම්වලට සම්බන්ධ අය අත්අඩංගුවට අරන් කොටි උසාවිවලට දාලා සිර දඬුවම් ලබාදෙනවා.

 


ප‍්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමන්නේ ස්තී‍්‍ර දුෂකයන් හා මිනීමරුවන් පමණක්ද?
පුලේන්ද්‍රන්

කොටි සංවිධානය පාවා දෙන අයටත් ප‍්‍රසිද්ධියේ වෙඩිතබා මරනවා. හමුදාවට පොලිසියට ඔත්තු දීලා සාමාන්‍ය අය අහුවුණොත් කොටි උසාවිය ඒකට වරදකරු කළොත් වෙඩි තබා මරා දමනවා. සංවිධානය පාවාදීලා අහුවෙන කොටි සාමාජික සාමාජිකාවන්ට අප‍්‍රසිද්ධියේ

කොටි පොලිස්පතිගේ පහරදීමෙන් ඇතිවූ කැළැල්.

වෙඩිතබා මරා දමනවා. ප‍්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමන්නේ නැහැ. කොටි සංවිධානය පාවා දෙන සාමාන්‍ය වැසියන් විතරයි ප‍්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන්නේ. එහෙම අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙන්නේ නැහැ. ද්‍රෝහීන් හැටියට සළකා වළ දමනවා. සිරුර වළ දැමූ තැන පහනක්වත් පත්තු කරන්න ඥාතීන්ට තහනම්.

මරණ දඬුවම නියමවී සිටින සමහරු වෙඩි තියන තැනට ගෙනාපුවාම වෙව්ලනවා. තවත් සමහරු සිහි නැතිව ඇද වැටෙනවා. සිහිය ආවාට පස්සේ වෙඩි තබා මරා දමනවා. මරණ දඬුවම නියමවුණ කෙනකුට කවමදාවත් නිදහස ලැබිලා නැහැ. මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයාගේ පවුලේ අය ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියත් වැඩක් වන්නේ නැහැ. ප‍්‍රභාකරන් මරණ දඬුවම ලබාදුන් කෙනකුට නිදහස ලබාදී නැහැ.

නය ඒ 9 මාර්ගයේ පරන්තන්  හංදියේ විශාල කොහොඹ ගස් කිහිපයක් පිහිටා ඇති අතර 80-90 දශකවල මිනීමරුවන්, ස්තී‍්‍ර දුෂකයින් හා කොටි සංවිධානය පාවා දෙන්නන් අල්ලාගෙන ඇවිත් මේ කොහොඹ ගස්වල යකඩ දම්වැල්වලින් දින කිහිපයක් එල්ලා තබා වතුර පොදක් හෝ කෑම ටිකක්වත් ලබා නොදී අවසානයේ වෙඩි තබා මරා දමා ඇත.

හන්දිවල ඇති ගස්වල එල්ලා මරා දැමීමට අමතරව විදුලි පහන් කණුවල ගැට ගසා වෙඩි තබා මරා දැමීමද කොටින් විසින් මුල් කාලයේ සිදුකර ඇති බව පුලේන්ද්‍රන් පවසයි.

ඒ 9 මාර්ගය ආසන්නයේ කිලිනොච්චිය මූලස්ථාන පොලිස් ස්ථානය පිහිටා ඇති අතර පොලිස් ස්ථානයට ඇතුළුවන ගේට්ටුව අසළ කොහොඹ ගසක් පිහිටා තිබේ.

පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි මේ කොහොඹ ගසේ අත්තක යකඩ දම්වැලක් ගැට ගසා තිබෙන අයුරු දක්නට ඇත.

කොටි සංවිධානය පාවා දෙන්නන්, ස්තී‍්‍ර දුෂකයින්, මිනීමරුවන් අල්ලාගෙන ඇවිත් මේ කොහොඹ ගසේ එල්ලා ඇති දම්වැලේ එල්ලා වෙඩි තබා ඇති බව දැන ගත්තේ කිලිනොච්චියේදී අපට හමුවූ සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකුගෙනි.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් අපරාදකරුවන් එල්ල තැබීමට යොදාගන්නා ලද කොහොඹ ගසක ගැට ගසා තිබූ දම්වැල් (කිලිනොච්චි පොලිසිය ඉදිරිපිට).

මේ කොහොඹ ගසේ ඇති යකඩ දම්වැලේ මිනිසුන් එල්ලා ඝාතනය කිරීම සිදුකර ඇත්තේ 80-90 තරම් කාලයේය.

කිලිනොච්චිය කොටි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ලොක්කා වන පුලේන්ද්‍රන් කොටි සංවිධානය කළ තවත් මිලේච්ඡු කි‍්‍රයාවක් ගැන තොරතුරු හෙළිකරමින් පැවැසූ කථාවක් මෙසේ ගෙනහැර දක්වමු.

කිලිනොච්චිය නගරය හමුදාව හතර අතින් වටකර ඉදිරියට ඒමට සූදානමින් සිටින බව දැන ගත්තායින් පස්සේ කොටි නායකයන් සාමාන්‍ය ජනතාවත් සමග කිලිනොච්චිය අතහැර මුලතිව්වලට පසුබහින්න තීරණය කළා. වසර ගණනාවක ඉඳලා යුද්ධයෙන් ආබාධිත වුන කොටි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් කොටි පුනරුත්ථාපන කඳවුරුවල සිටියා. ඇවිදගන්න බැරි විදිහට ආබාධිත වෙලා හිටිය කොටි සාමාජික සාමාජිකාවන්ට කිලිනොච්චිය අතහැර පලා යාමට කලින් වෙඩි තියා මරා දමන්න ප‍්‍රභාකරන් ඇතුළු ඉහළ කොටි නායකයන් තීරණය කළා.

මේ තීරණය නියෝගයක් වශයෙන් දැනුම් දුන් පසු කිලිනොච්චියේ කොටි පුනරුත්ථාපන කඳවුරුවල හිටපු ඇවිදගෙනයාමට අපහසු කොටි සාමාජික සාමාජිකාවන් සියලූ දෙනාටම වෙඩිතබා මරා දැම්මා. ඒ විතරක් නොවේ සටන් පෙරමුණට ගිහින් ඇස් දෙකම අන්ධ වෙලා හිටපු කොටි සාමාජික සාමාජිකාවන් වෙඩිතබා මරා දැම්මා. මෙසේ මරා දැමූ අය අතර කොටි නායක නායිකාවන් පවා හිටියා. මේ වගේ අය මුලතිව්වලට රැගෙනයාම අපහසු නිසයි වෙඩි තියා මරා දමන්න ප‍්‍රභාකරන් නියෝග කර ඇත්තේ. මේ බව පසුව අප දැන ගැනීමට ලැබුණා. 

වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් සටන් පැවැති සමයේ වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ පිහිටි කොටින්ගේ තිප්පොළකට හමුදාවේ කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ලවී ඇති බවත් කාලතුවක්කු උණ්ඩ කිහිපයක් පතිතවීමෙන් අඩි 100ක් පමණ දිග කන්ටේනරයක්ද පුපුරා විනාශවී ගිය බව පුලේන්ද්‍රන් පවසයි.

අඩි 100ක් පමණ දිග මෙම කන්ටේනරය ගැන තවදුරටත් අප සමග විස්තර හෙළි කරමින් පුලේන්ද්‍රන් කීවේ මෙවැනි කතාවකි.
කාලතුවක්කු ප‍්‍රහාරයෙන් විනාශවූ ඔය කන්ටේනරයේ සම්පූර්ණයෙන්ම පුරවා තිබුණේ රත්තරන් බඩු. කොටින්ගේ රත්තරන් බඩු පුරවා තිබූ කන්ටේනරයක් විනාශයට පත්වෙලා තිබුණ බව දැනගත් සාමාන්‍ය මිනිස්සු විනාශවූ කොටි තිප්පොළ පිහිටි තැනට ඇවිත් පොර කකා රත්තරන් බඩු එකතු කරගත්තා. රත්තරන් බඩු ගන්න පොරකද්දි කිහිප දෙනෙක් පෑගී මැරුණා. එතකොට මමත් හිටියේ වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ.
 

 

මෙච්චර රත්තරන් තොගයක් කොටින්ට කොහෙන්ද?

කොටි සංවිධානය විදෙස්ගතවීමට යන හා විදෙස්ගතවී එන සාමාන්‍ය වැසියන්ගෙන් කප්පම් වශයෙන් රත්තරන් බඩු කප්පම් වශයෙන් ගත්තා. ඒ විතරක් නොවේ පවුල්වල සිටින ළමයි සංවිධානයට බඳවා ගන්න ඉල්ලූවාම යමක් කමක් ඇති පවුල්වල උදවිය ඔවුන් සතුව තිබෙන රත්තරන් බඩු දීලා ළමයි බේරාගත්තා. ඔය විදිහට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කාලයක් තිස්සේ ඉඳලා උදුරා ගත්තු රත්තරන් බඩු තොගයක් තමා කන්ටේනරයේ දමා තිබුණේ. 

වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් සටන් පැවැති කාලයේ හමුදාව රජයේ පාලන ප‍්‍රදේශවලට සාමාන්‍ය ජනතාවට එන්න කියා දැනුම් දුන් පසු වැලනොකැඞී මිනිස්සු යන්නට පටන් ගත්තා. සාමාන්‍ය ජනතාව රජයේ පාලන ප‍්‍රදේශවලට යාම කොටි නායකයන්ට ලොකු ප‍්‍රශ්නයක් වුණා. ඒ නිසා රජයේ පාලන ප‍්‍රදේශවලට පලායන සාමාන්‍ය ජනතාව දිගට හරහට කොටි වෙඩි තියන්න පටන් ගත්තා. හුඟ දෙනෙක් මැරුම් කෑවා. මැරුම් කාපු සමහර අය පැළඳගෙන හිටපු රත්තරන් බඩු පැහැරගත්තු අය  ඕනෑ තරම් හිටියා. මැරිච්ච අයගේ රන් බඩු ගලවාගෙන ඇවිත් විකුණලා පොහොසත්තු වෙච්ච සාමාන්‍ය පුද්ගලයන් ගණනාවක්  අදටත් කිලිනොච්චියේ ඉන්නවා. මැරුණු අයගේ රන් බඩු ගලවා ගන්නා හැටි ඇස් දෙකෙන්ම දැක්කා. 

 

ධර්මපුරම් පිහිටි කොටි සිර මැදිරි.

 

කොටි පොලිස්පති පී. නඬේෂන් කොටි පොලිස්කාරයින්ට තද නීති රීති මාලාවක් කි‍්‍රයාත්මක කර තිබී ඇති අතර ඒ ගැන තොරතුරු හෙළිකරමින් පුලේන්ද්‍රන් පැවැසුවේ මෙවැනි කතාවකි.

කොටි පොලිසියේ මොනම තරාතිරමක අයකුටවත් සිගරැට්, අරක්කු බීම සපුරා තහනම්. රාජකාරි වේලාවේ විතරක් බුලත් විට කන්න බැහැ. රාජකාරිය හමාර කිරීමෙන් පසු පමණක් බුලත් විටක් කන්න පුළුවනි. රාජකාරි වේලාවේ මේවා කරලා අහුවුණොත් දඬුවම් කරනවා. සමහර අවස්ථාවල දම්වැලකින් පහර දෙනවා. කිසිම සමාවක් නැහැ. 

අල්ලස් අරන් එහෙම අහුවුණොත් වෙඩි තියලා මරා දමනවා. කිසිම නඩු විභාගයක් නැහැ. ඒ හින්දා කොටි පොලිසියේ කිසිම කෙනෙක් අල්ලස් ගත්තේ නැහැ. වෙඩිකාලා මැරෙන්න වෙන නිසා බයට අල්ලස් ගත්තේ නැත්තේ.

මම කොටි පොලිසියේ සේවය කරන කාලේ හොරුන්ට මංකොල්ල කාරයින්ට පාරේ නිකරුණේ රස්තියාදු ගහන අයට බෝක්කු උඩ වාඩිවෙලා ඉන්න අයට හොඳ හැටි පහර දෙනවා. එහෙම පහර දෙන්නේ නැතිව මිනිස්සුන්ව හදන්න බැහැ. පහරදීමක් නොකර අපරාධයක සුලමුල හෙළිකරගන්න බැහැ. ඒ නිසා අපරාධකාරයන්ට හොඳට මතක හිටින්න ගහන්න  ඕනෑ. අදටත් සමහරු මාව දැක්කාම බයයි. මොකද කොටි පොලිසියේ සේවය කරන කාලයේ මා සැර පරුෂ කෙනෙක්. වැරැුදි කරන එවුන්ට හොඳට ගුටි බැට දුන්නු කෙනෙක්. ඒ නිසා හුඟ දෙනෙක් අදටත් බට බයයි. මම කවදාවත් අහිංසක මිනිස්සුන්ට ගහලා නැහැ. පාරෙ යන ගැහැණු ළමයින්ට අනවශ්‍ය විහිළු තහළු කරලා අහුවන අයටත් මම හොඳට ගහනවා. 

කිලිනොච්චිය නගරයේ රස්තියාදු ගහපු කොල්ලෝ කට්ටියක් අල්ලාගෙන පාරේ මැද්දේ තියාගෙන හොඳටම තඩි බෑවා. මේ කොල්ලෝ කට්ටිය කොටි පොලිස්පතිට මේ ගැන පැමිණිලි කරලා නඬේෂන් මාව එයාගේ කාර්යාලයට කැඳවා කොටි පොලිස් කමිසය ගලවන්න කියා අණ කළා. පස්සේ මට චේන් එකකින් පහර දුන්නා. කොටි පොලිසියේ ලොක්කන්ට වුනත් එයා වරදක් කරලා අහුවුනොත් චේන් එකකින් ගහනවා.

පුලේන්ද්‍රන් නමැත්තා තමාට එදා කොටි පොලිස්පති නඬේෂන් චේන් එකකින් ගැසූ පහරවල්වල සළකුණක් ඔහු ඇඳ සිටි කමිසය ගලවා අපට පෙන්නුවේ සිනාසෙමිනි.

ඔහුගේ පිට හරහා වැදුණු චේන් පහරක සළකුණු දක්නට තිබිණි.

කොටි පොලිස්පති පහර දුන්නා කියලා මගේ පහරදීම් නැවතුණේ නම් නැහැ යැයිද පුලේන්ද්‍රන් නමැත්තා පවසන්නේ තරමක උජාරුවකින් බව අපට පෙනී ගිය කරුණකි. 

කොටි පොලිස්පති නඬේෂන්ගේ සිංහල ජාතික බිරිඳ විනීතා නෝනා වැඩිය එළියට යන්න එන්න කැමැති කෙනෙක් නොවන බවත් නිවසට වී කාලය ගත කිරීමට පුරුදුව සිටි අයෙක් බවත් පුලේන්ද්‍රන් නමැත්තා පවසයි.

පුලේන්ද්‍රන් පවසන ආකාරයට විනීතා ගෙදරින් එළියට බැස්සේ උත්සව අවස්ථාවකට පමණයි. ඇය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලූවා මිස කොටි සංවිධානයේ කටයුතු කිසිවකට සමිබන්ධ නොවූ බවද පුලේන්ද්‍රන් පවසයි.    කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන්ට එක වගේ ජීප් රථ 6ක් ගමන් බිමන් යාම සඳහා තිබී ඇත. ඒවා පැජරෝ වර්ගයට අයත් අඳුරු වීදුරු සහිත ජීප් රථයි. ඔහු ගමනක් බිමනක් යනවිට මේ ජීප් රථ තුනක් පමණ යන අතර කොයි ජීප් රියේ ගමන් කරනවාද කියා කිසිවකුට සිතා ගැනීමට නොහැකිය. මේ ඔහුගේ ආරක්ෂාව සඳහා ගන්නා එක් පියවරකි.

කාලවකවානුව ගැන කියන්න තරම් මතකයක් දැන් නැහැ. කොටිනායක ප‍්‍රභාකරන්ගේ දුව විභාගෙට ලියන්න කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට එන දවස්වලට ඉස්කෝලේ වටේ ලොකු ආරක්ෂාවක් දානවා. එයා විභාගෙට ලියලා අවසන් වෙලා ගෙදර යනකම් පිස්තෝලයක් ඉනේ ගහගත්තු කොටි සාමාජිකාවක් එයා ළඟට සමීප වෙලා ඉන්නවා. එද්දි යන වාහනේ නොවේ ආපහු යන්නේ. කොටි දේශපාලන අංශයේ නායකයාව සිටි තමිල් සෙල්වම්ගේ නිවස පිහිටලා තිබුණේ ඉස්කෝලේ ළඟමයි. ප‍්‍රභාකරන්ගේ දුව විභාගෙට ලියලා ඉවරවුණාම ඒ ගෙදරට ගිහින් තමා පස්සේ ප‍්‍රභාකරන් ඉන්න තැනකට යන්නේ. ප‍්‍රභාකරන් එයාගේ දරුවන්ට විතරයි ආදරය කළේ. අනෙක් අයගේ දරුවන් ගැන කිසිම කැක්කුමක් තිබුණේ නැහැ යැයි පුලේන්ද්‍රන් කියා සිටියේය.

 

 

ප‍්‍රභාකරන්ගේ දරුවන්ට හා බිරියටද ප‍්‍රභාකරන්ට වාගේම ඔවුන් ගමන් බිමන් යන විට ආරක්ෂාවක් සැපයූ බවද පුලේන්ද්‍රන් පවසයි. 
පුලේන්ද්‍රන් අප සමග තවත් එක්තරා ආකාරයක අපූරු කතාවක්ද හෙළි කළේය. මේ ඒ කතාවයි.

අනුරාධපුරයේ සිට 1950 වසරේ තරම් ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් විශ්වමඩු හා ධර්මපුරම් යන ගම්මාන දෙකට පදිංචියට පැමිණ ඇත. මේ ගම පැවත එන්නේ 1950 වසරේදී ආ අයගේ පවුල්වල අයගෙනි.


 

සටහන : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය - ඡායාරූප : මාදම්පේ එස්. හේරත්

 



අදහස් (0)

ත‍්‍රස්තවාදය අවසන් කර වසර 4යි

චමින්ද Sunday, 19 May 2013 12:16 PM

ඈයි මේවා මානව හිමිකමි කවුන්සලයට පෙන්නන්න බැරිද? (නි)

:       0       0

හර්ෂ Tuesday, 14 May 2013 01:38 PM

මෙය ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරලා අර ඉන්දියාවේ බොරුවට බෙරිහන් දෙන අයට පෙන්නුවා නම් හොද නැද්ද? (නි)

:       0       0

ටිකිරි Wednesday, 15 May 2013 08:50 PM

යුද්දයක් ඉවරවුණු රටක් ගැන සේන මහත්තයා මීට කලින් අහල තියනවද . ලංකාවේ දැනට කියන්න තියන එකම දේ ඔය බඩු මිල තමයි. ඒත් දෙවන ලෝක යුද්දෙන් පස්සේ ලංකාවේ ඇතිවුන තත්වය ගැන ටිකක් වැඩිහිටියකුගෙන් අහල බලන්න. අන්තිමට ඉංග්‍රීසින්ට තමන්ගේ යටත් විජිත ටික අත්හැරලා දාන්න උනා. ලංකාවට එහෙම දෙයක් වෙලා නැහැ. ලංකාවේ හැමෝම පොදුවේ හොදින් ජීවත් වෙනවා. බඩු මිල ගැන කතා කරන කට්ටිය ලෝකේ බඩු මිල අඩු දියුණු යයි කියාගන්න රටක් ගැන පොඩ්ඩක් හොයල බලන්නකෝ. ඕනෑම රටක පහසුකම් වැඩි වෙනකොට වියදම වැඩියි. ඒකට අපි කාටවත් බනින එක නවත්වල නිකම්ම කටට වැටේවා කියන ආකල්පයෙන් බැහැරවෙලා වට පිට පොඩ්ඩක් බලන්න ඕනා. ලංකාවේ අද සාධාරණ විදියට මුදල් හොයන්න ක්‍රම ඕන තරම් තියනවා. උදාහරණයක් විදියට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලංකාවේ රැකියා ඕනේ තරම් තියනවා. ප්‍රශ්නය පුහුණු ශ්‍රමිකයන් නැතිකම. ඒක විශාල ප්‍රශ්නයක්. තිස් වසරක් යුද්ධය නිසා අපායක් වෙලා තබුන රටක් එක පාරටම දිවය ලෝකයක් වෙන්නේ නැහැ. ඒකට අපි හැමදෙනාගේම කැපවීම තියෙන්න ඕනා. ඔය කෑගහන අය හිතල බලන්න රට දිව්‍ය ලෝකයක් කරන්න තමන් මොකද්ද කරලා තියන සේවය කියලා. අහල තියනවද ජපානය දැන් තියන තත්වයට රට දියුණු කරන්න සියලු ජපන් ජාතිකයන් කල කැපවීම ගැන. අවංකවම අපි ආණ්ඩුවට බනිනවා මිසක් අපි මොකක් ද කරන්නේ.?(නදී)

:       0       0

දබූ Friday, 17 May 2013 03:28 PM

ජාති බේද නැතිව මෙරට හදාගන්ඩ අපට ඇත්තටම බැරි වෙයිද? මටනම් හරිම දුකයි කරන්න දෙයක් නැහැ. (ස)

:       0       0

බන්දුල Friday, 17 May 2013 09:56 PM

යුද්දේ ඉවර උන නිසා අතිවිශාල මුදලක් රජයට ඉතිරිවෙනවා. නමුත් මේ මුදල්වලට සරිලන සංවර්ධනයක් රටේ කෙරෙනවද? හැමතැනම දුෂණය වංචාව රජකරනවා. ඒ මදිවට රජයේ කියන හැමතැනම නාස්තිකාර වියදම්. ජනතාව මත දරාගන්න බැරි බදු බර පටවලා. රජයේ නිලධාරීන් ප්‍රකෝටි ගණන් වලින් කරන හොරකම් වලට කිසිම නීතිමය පියවරක් නැහැ. ප්‍රභූන් යැයි කියාගන්න කීපදෙනෙක් විතරක් මහජනතාවගේ සල්ලිවලින් සුර සැප විදින්නේ. රටේ දිනකට මිනීමැරුම් ස්ත්‍රී දුෂණ වැනි දරුණු අපරාධ කීයක් නම් සිදුවෙනවද. කුඩු වසංගතය රට පුරාම පැතිරිලා, රටේ නීතියක් නැහැ, දවසින් දවස රට විනාශය කර යනවා. දැන් ජනතාව බලා ඉන්නේ මේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ කවදද කියලයි. (නි)

:       0       0

සදුනි Monday, 13 May 2013 07:53 PM

සේන, අපේ ඉස්කෝලේ පන්ති අතර මීටර් 2 විතර පරතරක් තියෙනවා. මේක හොදටම මදි (නි)

:       0       0

ටිකිරි Tuesday, 14 May 2013 02:20 PM

ත්‍රස්තවාදය අවසන්කිරීම පැදුරෙන් බිමට වැටීමක් කියල කවුරුහරි කියනවනම් ඒකා බත් කන බූරුවෙක් නැතිනම් ත්‍රස්තවාදීන්ට උදවුකරලා උන්ගෙන් ජීවත් වුනු අවජාතකයෙක් . අපේ සමහර අය හිතාගෙන ඉන්නේ උන් අතීතය අමතක කරලා හිටියට අනිත් අයත් එහෙම කරයි කියලා. නමුත් ලංකාවේ බොහෝ දෙනෙකුට පසුගිය යුධ කාලේ සහ දකුණේ භීෂණ යුගය අමතක කරන්න අමාරුයි. දැන් රජයට බැණ බැණ යාපනයේ මැයි දින රැලි පවත්වන අයටයි , වැස්ස වහිනව කියලයි , අව්ව පායනවා කියලයි පෙළපාලි යන එක රැකියාව කරගත් අය ටයි ඒවා අමතක නැතිව ඇති. එක එක පාට කන්නාඩි දාගන්නේ නැතිව පියවි ඇසින් බලන්න . ඔය කිඹුල් කඳුලු හෙලන අය කරපු දේවල් සහ කිරීමට සූදානම් වෙන දේවල් ගැන . එතකොට තේරෙයි කට්ටිය මොකාටද එන්න කියල .(නදී)

:       0       0

වාසල Wednesday, 15 May 2013 09:39 PM

එතකොට අර රත්තරන් වලට මොකද වුණේ රත්තරන්? (නි)

:       0       0

බන්දුල Sunday, 19 May 2013 01:14 AM

ටිකිරි, ඇත්තටම ඔයා ඉන්නේ ලංකාවෙද? ලංකාවේ ඉන්න කෙනෙක් නම් රටේ සිදුවෙන දේවල් අහනවා දකිනවා, අපේ රට දියුණු වෙනවා දකින්න හැම කෙනෙක්ම ආසයි. නමුත් රටේ පාලකයෝ රට විනාශ කරනවා නම්, රටේ මිනිස්සු මොන කැපවීම කළත් පලක් තියෙනවද? මුලින්ම කැපවෙන්න ඕනෑ නායකයෝ. ඊට පස්සේ අනිත් අයත් කැපවේවි. ජනාධිපතිතුමාට විතරක් රට දියුණු කරන්න වුවමනාව තිබිලා වැඩක් නැහැ. අනිත් දේශපාලකයෝ වංචාව දුෂණය, භිෂණය නාස්තිය වගේ දේවල් රටේ සිදුකරනවා නම් රටක් දියුණු වෙයිද? එයාලට ඕනෑ කරන්නේ පාලන කාලය ඉවරවෙන්න කලින් පරම්පරා සියයකට විතර ඇතිවෙන්න හම්බකරගන්න. අවංක එඩිතර නායකයෝ හිටියා, නමුත් එයාලව මරලා දැම්මා. නැවතත් ඒවගේ නායකයෝ බිහිවෙන එක සිහිනයක් පමණයි. (නි)

:       0       0

චූලා Friday, 17 May 2013 12:10 PM

ලංකාවේ "ඩිවලප්මන්ට්" "අන්ඩිවලප්මන්ට්" "මිස්ඩිවලප්මන්ට් "කියන වචන වලින් අන්තිම වචනෙට තනි සිංහල තේරුමක් නැහැ මයේ හිතේ.ලංකාවේ සංවර්දනය කියලා වෙන්නේ ඔය තුන් වෙනි වචනෙන් කියවෙන දේ.අපරාදේ සල්ලි. (නි)

:       0       0

සේන Monday, 13 May 2013 09:33 AM

ත්‍රස්තවාදේ අවසන් කර වසර 4 වගේම අපි පැදුරෙන් බිමට වැටිලත් වසර 4යි.උදාහරණ අපරාධ වැඩිවීම,බඩුමිල ඉහළ යාම,පන්ති බේදේ වැඩි වීම,පන්ති වෛරේ වැඩි වීම,වංචා දුෂණ ඉහළ යාම, විරැකියාව, ලිංගික හිංසන,සමාජ අර්බුද,ජාත්‍යන්තර කොන්වීම ඉහළයාම, විපක්ෂයේ දියවීම,බෝට්ටුවලින් පිටරට යාම,දේශපාලන විසදුමක් නැති වීම. (නි)

:       0       0

පාල Thursday, 16 May 2013 01:01 PM

ටිකිරි, බඩු මිල පමණක් නෙවෙයි ප්‍රශ්නේ. නිතිය, දුෂනය, වංචාව,මැරකම වගේ ගොඩක් දේවල්. "නෙපටිසම්"කියන ඉංග්‍රීසි වචනෙට සිංහල වචනයක් නැහැ. අන්න ඒක ලංකාවේ ඔඩු දුවලා. අන්න ඒ වචනෙන් තෙරුන් කරන දේ නිසයි ලංකාව දියුණු නොවෙන්නේ. වෙන දෙයක් නෙවේ.(නදී)

:       0       0

සුභසිංහ Thursday, 16 May 2013 01:06 PM

යුද්දෙන් පස්සේ පමණක් අග මුල නැති මින්ස් ඝතන 5000 උනයි කියනවා. කෝ නිතිය, ඇයි අපරාද වැඩි, කෝ දඩුවම්, ඇයි හැමතැනම වංචා,දුෂණ, ඇයි හැමෝම සංදර්ශන වාදේ ගිලිලා ඉන්නේ, ඇයි නිෂ්පාදන දාරිතාවේ සහ ඒක පුද්ගල අදායම වැඩිනොවෙන්නේ. සුද්ද ගිය දා ඉදන් ගත්ත වගේ 4 ගුණයක් නය අරන් 2005 ඉදන් මේ වෙද්දී ඉපදෙන දරුවොත් ලක්ෂ 3ක් එක්ක ඉපදෙන්නේ. දැන් කියන්න එපා ඇමරිකාවත් නය අගන්නවා කියලා. මොකෝ මෙහෙ නයට ගන්න සල්ලි යන්නේ ලොක්කන්ගේ සාක්කුවලට.(නදී)

:       0       0

රූමි Tuesday, 14 May 2013 03:23 PM

ප්‍රබාකරන් ත්‍රස්ත වාදියෙක් වෙන්න පුළුවන්. ඒ උනාට කොටි පොලිසියේ දඩුවම් නම් නියමයි. අපේ රටට දැන් ඕන කරන්නේ ඒවගේ දධුවම් තමයි. මේ රට හදන්න හදන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දඩුවම් වලින් විතරයි.(ස)

:       0       0

සනත් අබුධාබි Tuesday, 14 May 2013 03:24 PM

අද මට මේ ලිපිය කියවද්දී මගේ අතීතය මතක් වුණා. මේ හැම රූපයක්ම මට මතකයි. මම කාලයක් ඔය කියන හරියේ සිටිය නිසයි ඒ. ස්තුතියි මේ ලිපිය පලකළාට (නි)

:       0       0

යොහාන් Wednesday, 15 May 2013 06:03 PM

ටිකිරි, සමහරුන්ගේ මොලේ තියෙන්නේ පිටිපස්සේ. ඒකට අපි මොනවා කරන්නද? (නි)

:       0       0

සේන Wednesday, 15 May 2013 10:09 AM

ටිකිරි මහත්තයෝ, යුද්දේ දිනීම සහ පැදුරෙන් බිමට වැටුන එකේ වයස අවුරුදු 4 කිවුවා හැර යුද්දේ දිනීම පැදුරෙන් බිමට වැටීමක් කියලා නැහැනේ. මම හිතන්නේ ඔබතුමාගේ මොලේ වර්ධනය බාල වෙලා.අපි ඔක්කොම හිතුවේ යුද්දෙන් පස්සේ ලංකාව නිකන් කේතුමතී පුරයක් හෝ ඉතියෝපියාවක් වෙයි කියලනේ.අන්න එහෙම නොවී අපායක් වේගෙන යන එක ගැනයි මන් ප්‍රශ්න කලේ. (නි)

:       0       0

ජනක Wednesday, 15 May 2013 10:13 AM

පැදුරෙන් බිමට වැටුනම වෙන්නේ තවත් අනාථ වෙන එක.අද බඩු මිල දිහා එහෙම බැලුවම ඒක නෙමෙයිද ඇත්ත. (නි)

:       0       0

රණවීර Monday, 13 May 2013 11:10 AM

දශක ගණනාවක් තිස්සේ සිදු වෙමින් එන නරක දේවල් අවුරුදු කීපයකින් වෙනස් කරන්න බැහැනේ (නි)

:       0       0

රූපා Thursday, 16 May 2013 02:26 PM

ටිකිරිලා වගේ අය කඩේ යන නිසා පෙනෙන්නේ නැතිව ඇති.ලෝක යුද්දෙන් පස්සේ ජර්මනිය කෑවේ තම්බපු ගොවි අස්ප මස්.ජපනෙත් නැත්තට නැති වෙලයි හිටියේ.මේ රටවල් ඔක්කොම කළේ "මාස්ටර් ප්ලෑන්"එකකට වැඩකරපු එක.ඒකයි දියුණු වුණේ.අපට එහෙම ඒවා තියෙනවද. (නි)

:       0       0

චමින්ද Tuesday, 14 May 2013 09:45 PM

සේනගේ කතාව හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 14 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 25 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 309 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 15 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 440 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 259 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site