IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජයටම කෙරෙන ‘ෆේස් බුක්’ කප්පම් ජාවාරම

  ytry

 

තාක්ෂණය දිනෙන් දින, ගෙවෙන සෑම තත්ත්පරයකම පාහේ වේගයෙන් දියුණු වන හා වෙනස් වන අංශයකි. එකී තාක්ෂණය ගෝලීයකරණයට ලක් වූ ප්‍රබලම මාධ්‍යය අන්තර්ජාලයයි. කිලෝමීටර් ලක්ෂ ගණනක දුර පරිගණක තිරය දක්වා ළං කරවීමට සමත් එම ජාලගත තාක්ෂණය මඟින් ඉපදුණ සමාජ ක්‍රම බොහෝමයක් වේ. එම සමාජ ක්‍රම විසි එක් වන සියවස ආරම්භයේ සිට ජන ජීවිතවලට සමීප වෙමින් පවතින අතර වත්මන් නව යොවුන් ජීවිතවල පැවැත්මට පවා ඍජු බලපෑම් එල්ල කිරීමට තරම් ඒවා ප්‍රබල වී ඇත. උදෑසන අවදි වීමේ සිට රාත්‍රී නින්දට යන තුරු තම ජීවන තොරතුරු සමස්ත ලෝකය සමග බෙදා ගනිමින් තම පෞද්ගලිකත්වය ප්‍රසිද්ධියට පත් කිරීමට තරම් නවීකරණය වූ තරුණ පරපුරක් අද වන විට සමාජයට බිහි වී හමාරය. තවද එම සමාජ ක්‍රමය අද සංස්කෘතිය ලෙස හැඳින්වීමට තරම් තාක්ෂණය බලවත් වී ඇත.


පරිගණක තාක්ෂණය තුළ බිහිවුණු දැවැන්තම සමාජ ජාලය නැතහොත් විශාලම සමාජගත එල්බ වීම නම් මුහුණුපොත (Facebook) බව කාටත් නොරහසකි. වයස අවුරුදු 10 සිට හැත්තෑව අසූව වයස් කාණ්ඩවල දෙපාර්ශ්වයම අද මුහුණුපොතට අනුගත වී හමාරයි. විශේෂයෙන්ම නාගරීකරණය තුළ සමාජ පැළැන්තියෙන් ඉදිරියට යාමට ප්‍රයත්න දරන බොහෝ දෙනෙකුගේ ප්‍රසිද්ධියේ හා සමාජ තත්ත්වයේ වැදගත් අංගයක් වන්නේ මුහුණුපොතයි. පවුල යන සංකල්පය තුළ අද ඈත්ව යන එකමුතු බව හා ආදරය වෙනුවට මුහුණුපොත කරළියට එන්නේ වැඩි වශයෙන්ම අයහපත පමණක් රැගෙනය. නමුත් එම මුහුණුපොතේ නිර්මාණකරුවන්ට අනුව සැබැවින්ම එහි තිබෙන පහසුව සබඳතා ගොඩනගා ගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට යාමට ඉතා රුකුලක් වන නමුත් අවාසනාවකට මෙන් අපේ දේශයට එය අනුගත වී තිබෙන්නේ පවතින සමීප සබඳතා බිඳ දමා නොදන්නා සබඳතාවලට මුල්තැන දීමටයි. මෙම සබඳතාවල හොඳ නරක පිළිබඳව පිටු සිය ගණනක් පුරා ලිවිය හැකි නමුත් අද අනාවරණය නම් තාක්ෂණය සහ සබඳතා ගොනුව යොදා ගනිමින් තම මූල්‍ය හා මූල්‍ය නොවන අවශ්‍යතා සපුරා ගන්නා අපූරු හොර කණ්ඩායම් පිළිබඳවයි. තාක්ෂණය යොදා ගනිමින් හොරකමේ යෙදෙන හොරුන් සහ සබඳතා නිසා ජනප්‍රියත්වය පසුපස හඹා යන තරුණ පරපුරේ මුහුණුපොත් ගිණුම් නිසා අමාරුවේ වැටෙන ජාවාරම් වර්ග පිළිබඳව ප්‍රායෝගිකව සොයාගත් සිද්ධීන් පිළිබඳ විස්තර අප ඔබට ගෙනෙන්නෙමු.


හුරුබුහුටි ජංගම දුරකතන සහ පරිගණක භාවිත කරන තරුණ පරපුරෙන් 80%ක් පමණ පරිගණක තාක්ෂණය හා ජංගම දුරකතන තාක්ෂණය පිළිබඳව අල්ප මාත්‍රයක්වත් දන්නේ නැති අතර ඔවුන් සක්සුදක් සේ දන්නා එකම තාක්ෂණික අංගය නම් මුහුණුපොත පමණි. කොටින්ම ඔවුන් මුහුණුපොතේ ආරක්ෂිත සැකැස්ම (Security) සහ රහස්‍ය බව (Privacy) පිළිබඳවත් දන්නේ නැත. එම නිසාම දිනෙන් දින එන විවිධ ක්‍රියාකාරකම් සහ යෙදවුම් (Privacy) හරහා සබැඳෙන්නේ එහි ආදීනව විය හැකි දේ නොදැනගෙනය.


වර්තමානයේ මුහුණුපොත තුළ වැඩියෙන්ම හුවමාරු වන අංග කිහිපයක් තිබේ. ඉන් සත්‍ය වශයෙන්ම නිර්මාණශීලී බවට සහ අලෙවිකරණය තුළ සාර්ථක ලෙස මුදල් ඉපයිය හැකි අවස්ථා තිබේ. විශේෂයෙන්ම තම ගිණුමේ පින්තූර මාරු කිරීම (Profile Picture කාලෝචිත සිද්ධීන් මත යෙදවුමක් (App) මාර්ගයෙන් සිදු කිරීම වර්තමානයේ ජනප්‍රිය අංගයකි. මුහුණුපොත පරිශීලකයින්ට එම අවස්ථාව නොමිලයේම ලැබෙන අතර ඉන් අදාළ අංශයට කැමති පිරිසක් නිතැතින් මුහුණුපොත තුළ සකස් කරනු ලබයි. එනම් පාසල් ක්‍රිකට් තරග අතර තම පාසලේ ධජය හා නමට අනුව පින්තූරය සාදා ගන්නා ආකාරය වැනි විවිධ සමාජ සිද්ධීන් තම පින්තූරයට යාවත්කාලීන කරගත හැක. එලෙසම තම ගිණුමේ අතීත දත්ත (History) විශ්ලේෂණය කරමින් විවිධ විනෝදාත්මක හා ප්‍රයෝජනවත් ඉසව් (Event) නිර්මාණය කිරීම ද ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. මෙම අංශ දෙක යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ කප්පම් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පරිශීලක ඔබ දන්නවාදැයි අපි නොදනිමු. ඔබත් එවැනි අංශවලට සම්බන්ධ වීමේදී කොතරම් විමසිලිමත් දැයි සිතා බැලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

 

5

 


නුගේගොඩ පදිංචි කාවින්දි යනු වත්පොහොසත්කම් ඇති පවුලකින් පැවත එන උසස් පෙළ සිසුවියකි. නිරන්තරයෙන් අන්තර්ජාල ගතව සිටින ඇයගේ ලෝකය අත්ල මතට පමණක් සීමා වී තිබේ. දෛනික යාවත්කාලීන කිරීම් සහ විවිධ ඕපාදූප සහ සුකුරුත්තං පිළිබඳව නිබඳවම බෙදා ගනිමින් කල් යැවූ ඇයගේ මිතුරු හවුලේ මිතුරු මිතුරියෝ තුන්දහසකට වඩා සිටියහ. ඉන් 60%ක් පමණ තරුණයන් වූ අතර ඇය කිසිදු සෙවිල්ලකින් තොරව ඇයට පැමිණෙන සෑම මිතුරු ඉල්ලීමක්ම (Friend request) පිළිගනු ලැබීය. ඉන් ඇය අපේක්ෂා කළ වාසිය නම් තම ප්‍රධාන ඡායාරූප සේම ඇගේ ඡායාරූප මුහුණුපොතේ පළකරන විට අධික කැමැත්ත (Like) ලබා ගනු පිණිසය. ඇය සිතූ විලසම ඇයට විශාල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කිරීම් පැමිණුනි. දල වශයෙන් ඇය යාවත්කාලීන කරන ප්‍රධාන පින්තූරයට (Profile Picture) අවම වශයෙන් කැමැත්ත ප්‍රකාශ කිරීම් 1,300කට වඩා තිබිණි. පසුගිය කාල වකවානුවල විවිධ යෙදවුම් මාර්ගයෙන් මුහුණුපොතේ පරිශීලකයන්ගේ සංක්‍ෂිප්ත තොරතුරු සැණින් සොයා දෙන සහ ඒවා මුහුණුපොත හරහා නොමිලයේම ප්‍රදර්ශනය කරන වෙබ් අඩවි බිහිවුණි.


මෙම වෙබ් අඩවිවලින් බොහෝමයක් සත්‍ය වන නමුත් මේවාට ඇතුළුවීමට තම මුහුණුපොතේ මුරපදය (Password) පාවිච්චි කිරීමට සිදුවේ. නැත්නම් එම අඩවිය මඟින් ස්වයංක්‍රීයවම එම තොරතුරු තම ගිණුම හරහා ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදිය යුතුවේ. කාවින්දි ද මීට පෙර එවැනි වෙබ් අඩවි හරහා විවිධ ක්‍රියාකාරකම්වලට අවසර ලබා දී තිබුණ ද ඒවායින් ඇයට කිසිදු හානියක් නොවීය. නිසි සෙවිල්ලකින් තොරව එලෙස තම ගිණුමට ඇතුළුවීමට අවසර ලබා දුන්න ද ඇයට ඉන් හානියක් නොවීමට තරම් වාසනාවක් පැවතුණු නමුත් එක්තරා අඩවියක් හරහා ඇය තම ඇතුළුවීමේ (User name)  සහ මුරපදය (Password) යෙදුවද ඉන් ඔබ්බට ඇයට කිසිවක් තිරයට ආවේ නැත. දෙතුන් වතාවක් එලෙස උත්සාහ කළ පසු එය ක්‍රියාත්මක වන්නේ නැතැයි සිතූ ඇය එය අමතක කොට දැමුවාය.


සුපුරුදු පරිදි කාලය ගෙවී ගිය අතර පසුදා උදෑසන නින්දෙන් අවදි වී පාසල් යාමට ප්‍රථම තම ජංගම දුරකතනය හරහා මුහුණුපොතට ඇතුළු වීමට උත්සාහ කළ ද එයට යාමට නොහැකි බව ඇයට වැටහුණි. ඒ අතර ඇය විසින් භාවිත කරනු ලබන අනෙක් සමාජ ජාලය වන ඉන්ස්ටග්‍රෑම් (Instgram)  වෙත ඇයට නාදුනන පුද්ගලයකුගේ පණිවුඩයක් ලැබී තිබිණි. එම පණිවුඩය දුටු ඇයට ඉහෙන් කනෙන් දාඩිය දමන්නට වූවාය. සැබැවින්ම එය පණිවුඩයක් නොව තර්ජනයක් විය. පෙර දිනයේ ඇය මුරපදය බෙදා ගත් වෙබ් අඩවිය ව්‍යාජ එකක් බවත් එම හැකර්කරුවන් (Hackers)  විසින් ඇයගේ මුහුණුපොත අත්පත් කරගෙන ඇති බවත් එහි සඳහන් විය. එම පණිවුඩය දුටු ඇයට පණ නැති වූවාක් මෙන් දැනුණි. මන්දයත් ඇගේ විවිධ ශෛලීන්වල ඡායාරූප විශාල ප්‍රමාණයක් සහ මිතුරු මිතුරියන් සමග කතා බස් කළ (Chat)  සියල්ලක්ම හැකර්කරුවන් අතට පත් වී තිබීමයි. එම කතා අතර ඇය ඇගේ මිතුරියන් සමග ඉතා පුද්ගලික සහ රහසිගත ලෙස බෙදාගත් ඇගේ පුද්ගලිකත්වය පිළිබඳ ඡායාරූප තිබීම ඇගේ බය දෙගුණ තෙගුණ කරන ලදී.


කෙසේ නමුත් අසනීප බවක් පෙන්වා ඇය පාසල් නොයාමට නිවාඩු ලබාගත් පසු කාමරයට වී කල්පනා කරන්නට වූවාය. පැය කිහිපයකට පසුව ඇයට නැවතත් පණිවුඩයක් ලැබිණි. එනම් ඇගේ ඉහත කී ඡායාරූප ආදිය නිරුවත් පින්තූර සමග සම්බන්ධ කොට තැනූ ව්‍යාජ අසභ්‍ය ඡායාරූප විය. ඒ අතර සමහර ඇගේ නියම ඡායාරූප පවා ප්‍රසිද්ධ කිරීමට තරම් සුදුසු ආකාරයක නොතිබීම ද හැකර්කරුවාගේ තර්ජනයේ සඳහන් විය. ඇය ඔවුන්ට පෙරලා කොතෙකුත් ආයාචනා යැව්වද ඉන් ඵලක් නොවුණි. සුළු මොහොතකට පසු හැකර්කරුවන්ගේ නියම ස්වරූපය එළියට එන ලදී. එනම් ඇගේ ගිණුම ඇයට පෙර පරිදිම අවශ්‍ය නම් රු. පනස්දහසක කප්පම් මුදලක් ලබා දෙන ලෙසය. ඇගේ තත්ත්වය හා වත්පොහොසත්කම පිළිබඳව කප්පම්කරුවන් හොඳින් දන්නා බැවින් එම මුදල ඉල්ලුවේ ඊට වඩා වැඩියෙන් ඉල්ලුවහොත් ඇය මේ පිළිබඳව මව්පියන්ට පවසා වැඩ වරදී යයි සිතා අපට සිතිය හැක. තවද ඇතැම් විට ඇයට තර්ජනය :ඊක්ජනප්සක* කිරීමට ඇති එකම සාක්ෂි මුහුණුපොත වැනි තාක්ෂණික ගිණුමක් පමණක් විය හැකි බව සිතිය හැක. කෙසේ නමුත් ඇය ඔවුන් පැවසූ පරිදි එම මුදල් ලබාදීමට පොරොන්දු වූයේ ඒ වන විටත් ඇයගේ පුද්ගලික ඉතුරුම් ගිණුමේ එපමණ මුදල් තිබූ නිසාවෙනි. කප්පම්කරුවන් ද එම මුදල් ලබා ගැනීමට කටයුතු කර තිබුණේ හරි අපූරු ප්‍රාථමික ගණයේ විදියකටය. එනම් තැපැල් ස්ථානය හරහා මුදල් ඇණවුමක් ලෙසය. එහිදී ඔවුන් කොළඹින් ඉතාමත් ඈත ගමක තැපැල් හලක් තෝරාගෙන තිබූ අතර ඒ පිළිබඳව ඇයට දැනුම් දෙනු ලැබූයේ ඇය ඇයගේ ප්‍රදේශයේ තැපැල්හලට ගියාට පසුවය. කප්පම්කරුවන් ඇයව කොතෙක් බියට පත් කර තිබුණාදැයි පැවසුවහොත් ඇය මේ ගැන කිසිවකුටවත් නොකීවේ ඇයගේ අනවශ්‍ය රහසිගත ඡායාරූප ගැන මාපියන් දැන ගතහොත් ඇයට විසුමක් නොමැති බව දැනගෙනය. කෙසේ හෝ අන්තර්ජාල කප්පම්කරුවන්ගේ ක්‍රියාකාරකම සාර්ථක විය. ඇයට ඇයගේ ගිණුමේ මුරපද නැවත ලැබුණු අතර ඇය සියලුම මුරපද හා යෙදවුම් නාම වෙනස් කරන ලදී.


කාවින්දිගේ කතාව එක් සිද්ධියක් පමණි. බොහෝ තරුණියන්ට තම මුහුණුපොත යනු රත්තරංවලට වඩා වටිනා දෙයකි. මන්ද එහි තම රහස්‍යභාවය හා ගරුත්වය නැතිවීමට හැකිතරම් අඩුම කුඩුම තැන්පත්ව ඇති බැවිනි. දුරකතන හරහා ඇමතුම් ලබාගෙන අනියම් සම්බන්ධ පැවැත් වූ යුගය දැන් හමාරය. දැන් අනියම් සම්බන්ධ පවා හුවමාරු වන්නේ මුහුණුපොත හරහාය. මන්ද මුහුණුපොත එතරම් රහසිගත මෙවලමක් බැවිනි. ඇතැම් විවාහක යුවළ පවා තම මුහුණුපොත මුරපද අනෙකා හට පවසා නොමැත. එය අද කාලේ පෞද්ගලිකත්වය ගැබ් වූ තියුණු ආයුධයක් වැනිය.


කාවින්දිගේ සිද්ධිය බැලූ කල නිගමනය කළ හැකි හිඩැස් කිහිපයක් අපට පැන නැගෙයි. ඒවා පිළිබඳව කාවින්දි සේම කප්පම්කරුවන්ට හසුවුණු ඇතැම් තරුණ තරුණියන් දැනුම්වත් වී නොමැත. මෙවැනි තර්ජනවලදී තම ගිණුමේ ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කර තිබීම වැදගත්ය. විශේෂයෙන් තම මුරපදය අමතක වුවහොත් එය නැවත ප්‍රතිස්ථාපනය කර ගත හැකි ලෙස තම විද්‍යුත් තැපෑලේ හෝ රහසිගත ප්‍රශ්න හා පිළිතුරු හෝ දුරකතනයට පණිවුඩ යැවිය හැකි විසඳුම් සකසා තිබීම වැදගත්ය. අනෙක් කරුණ නම් කිසිම විටක කිසිදු වෙබ් අඩවියකින් තම මුරපද ඉල්ලූ විට නොදිය යුතුය. මන්ද මුහුණුපොතේ මෙලෙස තිබෙන විනෝද යෙදවුම් නීතිමය වශයෙන් මුහුණුපොත පාලනාධිකාරියෙන් අවසර ලබාගත් ඒවාය. එමනිසා ඒවාට තම මුරපද ලබාදීමට අවශ්‍ය නැත. තවද ඒවා හරහා යාමේදී තම මුල් පිටුවේ යමක් පළ කිරීමට පමණක් අවසරය ලැබෙන බැවින් කිසිම විටෙක මුරපද ලබාදීමට අවශ්‍ය වන්නේ නැත. එලෙසම ව්‍යාජ වෙබ් අඩවි පිළිබඳ වෙබ් අඩවි නාමයෙන්ම (Web Address)  දැනගත හැකිය. හදිසියේ හෝ ඔබ නොදැනුවත්ව එලෙස මුරපද ලබාදී ඊළඟ තිරයේ ඔබට කිසිවක් දර්ශනය නොවුණේ නම් හෝ එහි වැරදි බව (Error Page)  දැන්වුවහොත් වහාම ඔබේ ගිණුමේ මුරපදය වෙනස් කරන්න.


මුහුණුපොතේ හුදු ප්‍රසිද්ධියට වහල් වී සිටින බොහෝ තරුණ තරුණියන්ගෙන් ගිලිහී යන්නේ “තැනට සුදුසු නුවණ” බව අමතක නොකරන්න. ඔබ යොමු වී සිටින සමාජ ජාලයේ ගැඹුරටම ගොස් ආරක්ෂක ක්‍රම ස්ථාපනය කරන්න. වැල්ලවත්තේ දර්ශිකා යුවතියක් මෙලෙස කප්පම්කරුවනට හසු වුණු අතර ඇය පෞද්ගලික සමාගමක පිළිගැනීමේ නිලධාරිණියක් ලෙස සේවය කරන අවිවාහක යුවතියක් වූවාය.


ඇය ද කාවින්දි පරිදිම කප්පම්කරුවන්ට හසු වී තිබුණු අතර ඔවුන් ඇයගෙන් ඉල්ලු රු. විසිදහසක මුදල ලබාගත්තේ හරි අපූරු ක්‍රමයකට විය. එනම් ඔවුන් ඇය සමග මාර්ගගතව(Online Chat) සංවාදයෙ යෙදුණේ කොළඹ සිට රඹුක්කන බලා යන දුම්රියේදීය. ඇය ගම්පහට යා යුතු බැවින් කප්පම්කරුවන් ඇයට පවසා තිබුණේ දුම්රියේ කවුළුව අසල ඔවුන් කියන පැත්තේ සිටින ලෙසත් ඔවුන් සල්ලි විසි කරන්න කියා කියූ සැණින් එය අදාළ දුම්රිය මගට විසි කරන ලෙසත්ය. ඇයද එලෙසම සිදු කළ අතර එය ඇය සිතූ පරිදි ඉසව්වක් නොව රාගමට පෙර ඉසව්වක් විය. එබැවින් ඇයට ඔවුන් කවුරුදැයි බැලීමටවත් නොහැකි විය.


බොහෝ විට මෙවැනි කප්පම් ඉල්ලන්නේ ඉතාමත් අඩු වයසේ තරුණයන්ය. මන්ද එම බාල වයස්කාර තරුණයින් මෙවැනි සුළු මුදලක් පවා ඉල්ලන්නේ විටෙක පොලිසියට හසුවුවහොත් යැයි බිය නිසාය. එලෙසම ඔවුන් පරිගණක මෘදුකාංග  (Software) හා නිර්මාණ පිළිබඳ කෙළ පැමිණියවුන් වීමය. එබැවින් ජීවිත හානි හෝ වැඩි වියදමක් හෝ නොමැතිව අන්තර්ජාලය හරහා මෙවැනි කප්පම් ජාවාරම් කිරීම හා මුදල් ලබාගන්නා ක්‍රම එකිනෙකට වෙනස්ය.


මෙම මුහුණුපොත හරහා මුරපද බෙදාගත් ක්‍රමයෙන් බැහැර වූ ක්‍රමයකට හසුවුණේ වාද්දුවේ පදිංචි වත්සලාය. ඇයගේ විද්‍යුත් තැපෑලට මුහුණුපොතින් යැයි ආ ලිපියකට ඇය රැවටුණාය. එහිදී සඳහන්ව තිබුණේ ඇගේ මුහුණුපොතට කවුරුන් හෝ අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කරන බැවින් මෙම දිගුව හරහා (Link)  ඇගේ ගිණුමට ඇතුළු වී අදාළ ආරක්ෂිත ක්‍රම සකස් කරන ලෙසය. නිල මුහුණුපොතේ ගිණුමෙන් පැමිණෙන ඊමේල් පණිවුඩයක් ලෙසටම එය තිබුණු නිසා හා ඈ විසින් කළ යුතු දෑ ඉතා නිල මට්ටමෙන් සඳහන් කර ඇති නිසාත් ඇයට කිසිදු සැකයක් නොවීය. නමුත් ඇයද කප්පම්කරුවන්ට හසුවුණේ ව්‍යාජ ක්‍රමයක් (Phishing)  හරහාය. මෙම ක්‍රමය ජනප්‍රිය ක්‍රමයක් වන අතර මෙහිදී ඔබ සෑම විටම වෙබ් අඩවියේ ලිපිනය දෙස හොඳින් බැලුවහොත් එහි අසත්‍ය බව වටහා ගත හැකිය.


මෙම මුහුණුපොත හරහා සිදුවන කප්පම් ජාවාරම මීට ටික දිනකට පෙර පටන්ගත් රැල්ලක් වන බැවින් බොහෝ තරුණියන් පමණක් නොව තරුණයින් ද රැවටුණු අතර කප්පම්කරුවන් මෙම සෙල්ලම තවමත් නිදැල්ලේ කරගෙන යයි. මෙවැනි සිද්ධීන්වලදී වහා ළඟම ඇති පොලිසියට දැනුම් දී ඔවුන්ව අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස ඔබට මතක් කරන්නේ මෙම කප්පම්කරුවන් මුදල් ලබා ගන්නා ක්‍රම සරල හා පහසු වැටලීම් මඟින් හසුකර ගත හැකි බැවිනි.

m



අදහස් (0)

ජයටම කෙරෙන ‘ෆේස් බුක්’ කප්පම් ජාවාරම

බංඩාර Thursday, 23 June 2016 12:29 PM

ලිපිය හොදයි. නමුත් මෙවැනි අකරතැබ්බයකට ලක්වුවන්ට ගතයුතු නීතිමය ක්‍රියා මාර්ග සහ යා යුතු ස්ථාන පිලිබදව පුවත්පත මගින් අදාල වගකිව යුතු නිලධාරින්ද ගෙන්වා පාඨකයන් දැනුවත් කරන්න. (බ)

:       0       0

කේෂලා Wednesday, 15 June 2016 09:51 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 14 June 2016 02:54 AM

ඉතා වැදගත් ලිපියක්. ස්තුතියි! (නි)

:       0       0

නන්දසේන Monday, 20 June 2016 02:31 AM

ලංකාදීපයට පින්! (නි)

:       0       0

වෙල්ගම Tuesday, 14 June 2016 05:19 AM

ඉතාමත් කාලෝචිත ලිපියක් (නි)

:       0       0

විමන්ත Friday, 17 June 2016 02:56 PM

ඇත්තටම ඉතාමත් හොඳ ලිපියක්. (ර)

:       0       0

සුදේශ් සමීර Tuesday, 14 June 2016 03:04 PM

ස්තුතියි ලංකාදීප මෙවැනි වැදගත්,කාලෝචිත ලිපියක් පළ කිරීම සම්බන්ධයෙන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 117 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 220 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 340 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 68 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 521 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 285 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site