IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති - අගමැති එකඟතා බිඳවැටේ

ජනපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේ ඊළග අවධානය යොමුව තිබෙන්නේ රාජපක්ෂගේ නික්ම යෑමෙන් හිස්වන මන්ත්‍රී පුටුවට කවුරුන් පත්කරන්නේ ද? යන්න ගැනය.

බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා නම් දෙකක් යෝජනා කර ඇත. එකක් නම් ව්‍යාපාරිකයෙක්, කැසිනෝ ශාලා හිමිකරුවෙක් වන ධම්මික පෙරේරා මහතාය. මිල්කෝ සමාගමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අනෙක් තැනැත්තාය. රේණුක පෙරේරා යනු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙකි.

මේ දෙදෙනාගෙන් ජනපති ගෝඨාභය තෝරාගත්තේ ධම්මික පෙරේරාවය.

ධම්මික පෙරේරා, ගෙවුණු මාස කිහිපයේ දී, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් ඉහළ නංවා ගැනීමේ සමත් යෝජනා කිහිපයක්ම මාධ්‍ය හරහා ඉදිරිපත් කළ අතර කොටින්ම සිය සැළසුම් ක්‍රියාත්මක කිරීමට සහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. මේ අනුව දෝ, ධම්මික පෙරේරාව තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

මෙම අමාත්‍යධූරය යටතට එන විෂයන් දැනටමත් ගැසට් කර අවසන්ය. ආයෝජන මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (අයිසීටීඒ), පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (සර්ට්), කොළඹ වරාය නගර කොමිසම, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෙලුම් කුලුණ කළමණාකරන සමාගම, තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම, යාපනය සහ මන්නාරමේ තොරතුරු තාක්ෂණ උද්‍යාන, කර්මාන්ත තාක්ෂණ ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය සහ ජෛවතාක්ෂණය සම්බන්ධයෙන් වන තත්ත්ව ආයතනය, එම විෂයන්ය.


කැබිනෙට්ටුවට කාන්තාවක්
කාන්තා, ළමා කටයුතු සහ සමාජ බලගැන්වීමේ අමාත්‍යංශයක් ද ගැසට් කර ඇත.
මීට පෙර පැවති කැබිනට් මණ්ඩලයේ ප්‍රවාහන අමාත්‍යංශය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මෙම අමාත්‍යංශය භාරදීමට නියමිත බැව් දැනගන්නට තිබේ. වර්තමාන කැබිනෙට්ටුවේ අමාත්‍යවරියක් නොමැත.

ගෙවුණු බදාදා දින අමාත්‍යවරයෙක් ලෙස පත්වීම් ලැබීමට නියමිත ධම්මික පෙරේරා, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට ගොස් සාමාජික ගාස්තු ගෙවා එම පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුගේ පපත්වීම සිකුරාදා රාත්‍රියේම ගැසට් කැරිණ. පාර්ලිමේන්තුව කැඳවන ඊළග දිනයේම ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම්දීමට නියමිතය. පළමුවෙන්ම කළ යුතුව තිබෙන ඔහුගේ කාර්යයන් අතරින් එකක් වනුයේ අගමැති වික්‍රමසිංහ මහතා හමුවීමය. ඒ සඳහා ඔහු දැනටමත් වේලාවක් වෙන්කරගෙන ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේම සිතැඟි සහ නියමිත පරිදි පාර්ලිමේන්තුවේ සිටින එකම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයා වන රනිල් වික්‍රමසිංහව සිය අගමැතිවරයා ලෙස පත්කර ගැනීමට තීරණය කළේය. එසේ වුවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ධම්මික පෙරේරාව පාර්ලිමේන්තුවට ගෙන ඒමටත්, ඒ හරහා ඔහුව කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස පත්කිරීමටත් තමන් පියවර ගන්නේ යැයි සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා  කටයුතු කර නැත. කොටින්ම, එවැන්නක් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අදහස් විමසීමට පවා ජනපතිවරයා කටයුතු කර නැත.

 
ළබැඳියා ගැටුමකින් දෙපිළ බෙදීමක්
මෙවන් පසුබිමක, කැසිනෝ සබඳතා තිබෙන ව්‍යාපාරිකයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස පත්කිරීම නිසා ළබැඳියා ගැටුමක් ඇතිවීමට ඉඩ ඇතැයි ද, එනිසාම පෞද්ගලික අංශය මෙම පත්කිරීම පිළිගනු නැතැයි ද, ඇතැම් ජේ්‍යෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ අදහසයි. තවද, ධම්මික පෙරේරාගේ පත්කිරීම හමුවේ රාජපක්ෂ දෙසොහොයුරන්ගේ උත්සාහය වන්නේ වත්මන් මුදල් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන අගමැතිවරයාගේ තටු කැපීමටදැයි, ඔවුන් අතර මතයක් නිර්මාණයව ඇත.

මෙය දෙපාර්ශවය අතර ගැටුමකට මගපාදනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
කෙසේවුවත්, පක්ෂයේ සාමාජිකයන් මෙසේ අදහස් දක්වන්නේ සහ මත නිර්මාණ කරගෙන සිටින්නේ අගමැතිවරයා යටතේ ඇති විෂය පථයන් කිසිවක් මෙතෙක් ඔහුගෙන් ඉවත් කර නොමැති පසුබිමක බව කිව යුතුය.

“මෙහෙම කරන එකෙන් රජය ගන්නා උත්සාහයන් දෙවැනි තැනට වැටෙනවා වගේම, වර්තමාන අන්තර්වාර රජයේ ස්ථාවරත්වයක් නැති බව රටටත්, රටින් පිටතටත් වැරදි පණිවිඩයකුත් යනවා” යයි නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ජේ්‍යෂ්ඨයෙක් පැවසුවේය.

මෙම අදහස් හමුවේ 21 වෙනි සංශෝධනය බලාත්මක වනු දැකීමේ කැමැත්තෙන් සිටින කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඇතැමෙකුගේ අපේක්ෂා බොඳ වේ. රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රකරණය කිරීමට සහ මෙම නව රජයට කියන දෙය කළ හැකි බවට සහතිකයක් දීමට, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීම හොදම මාර්ගය යැයි ඔවුන්ගේ අදහසයි.

ස්ථාවර රජයක් අවශ්‍යම මේ අවස්ථාවේ, දැනට පවතින රජයේ සැකැස්ම ද ගැටළුකාරී තත්ත්වයක පවතී. කැබිනට්ටුව ගත්විට, එය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන් සාක්කි ඇතුවම ඔප්පු කරන ලද වංචනිකයෝ වෙති. ඔවුන් චෝදනා ලැබූවන්ය. අපරාධ සම්බන්ධයෙන් ඉතිහාසයක් හිමි පුද්ගලයින්ය.

සියල්ල මෙසේ සිදුවෙද්දී, හිටපු අමාත්‍යවරු වන තවත් අය, නම් වශයෙන් කිවතොත් එස්.එම්.චන්ද්‍රසේන, පී.බී.රත්නායක සහ එස්.බී.දිසානායක වැන්නවුන් මේ දිනවල බලා සිටින්නේ නව කැබිනට් මණ්ඩලයේ අහිමිවූ අමාත්‍යධූර වෙනුවට, රාජ්‍ය අමාත්‍යවරු ලෙස හෝ පත්වීම් ලබාගැනීමටය.


මහබැංකු අධිපතිධූරය
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතැම් ක්ෂේත්‍රයන්ට අදාළව මතගැටුම් පවතින බව රහසක් නෙවේ.

උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගමැතිවරයා දක්වා තිබෙන අදහස්ය. එහි නායකත්වය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව දැඩි අප්‍රසාදයකින් අදහස් දක්වා තිබෙන අගමැතිවරයා, මහ බැංකු අධිපතිධූරයට පත්කිරීමට සුදුසු යැයි ඔහු සිතන පුද්ගලයෙක් දැනටමත් තෝරාගෙන සිටින බවද, දැනගන්නට ඇත.

ගෙවුණු සතියේ වාර්තා කළ ආකාරයට මෙය මුල් කරගෙන වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට සහ මුදල් මණ්ඩලයේ තවත් සාමාජිකයකුට, දේශපාලන බලපෑම්වලින් තොරව ඔවුන් සිදුකරගෙන යන විශිෂ්ඨ සේවය එළෙසම සිදුකරගෙන යෑමට අවස්ථාව සළසා දෙන බවට නැවතත් සහතික කිරීමට ජනපතිවරයා කටයුතු කර ඇත.
මේ අතර එක්තරා පාර්ශවකරුවෙක්, මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කරන්නැයි නැගෙන පීඩනයකට මුහුණදෙමින් සිටින්නේදැයි ජනපතිවරයාගෙන් විමසීමක් කර ඇත. ජනපතිවරයා ඔහුට පිළිතුරු දී තිබෙන්නේ මෙසේය.

“මම එහෙම දෙයක් ගැන දන්නේ නැහැ.... ඔහුගේ සේවය දීර්ඝ කිරීමේ ලිපිය මගේ මේසයට ආවහම, මම ඒක අත්සන් කරනවා” යයි ජනාධිපතිවරයා පවසා තිබේ.

එහෙත් එම නැතැත්තා නැවතත් හඩ අවදි කරමින් කියා තිබෙන්නේ, එම නිර්දේශය පැමිණිය යුත්තේ අගමැතිවරයාගෙන් (මහ බැංකුව තිබෙන්නේ අගමැතිවරයා යටතේ බැවින්) බවය. දෙවැනි ප්‍රශ්නයේදී ඔහුට පිළිතුරු ලෙස ලැබී තිබෙන්නේ නිහැඬියාවකි.

දැන් රට පාලනය කරමින් සිටින්නේ අගමැතිවරයා යැයි ඔවුන්ම එළැඹ තිබෙන අවබෝධයකි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් පාර්ශවය මේ දිනවල සිටින්නේ අන්දුන්කුන්දුන්වය.

ඉතාම සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන සන්නිවේදන යාන්ත්‍රණයක් අගමැති වික්‍රමසිංහව කරළියට ගෙනවිත් තිබෙන අතර, එය දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද, ප්‍රතිඵල අත්කරගෙන ඇත. ඔහුද, එම අවස්ථාව මනාව ග්‍රහණය කරගෙන වත්මන් පරිපාලනයේ නොයෙක් අඩුපාඩුකම් සහ අඩුලුහුඩුකම් සැකෙවින් ගෙනහැර දක්වමින් සිටී.

මෙය, රටේ ප්‍රධාන විපක්ෂය වන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට පවා, මේ දක්වාම කාලයත් සමග යාවත්කාලීන වෙමින්, කඩිනමින් සහ කාර්යක්ෂමව කරගත නුහුණු දෙයකි.

පක්ෂයේ එම ස්වභාවය යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම සමගි ජනබලවේගය මුල් පෙළ සාමාජිකයෙක් වන පාඨළී චම්පික රණවක මහතාව, විපක්ෂ සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන තැනට පත්කර ඇත.

“පාර්ලිමේන්තුවේ සිටින අයත්, පිටත සිටින අයත් එකතු කරගෙන, ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික වශයෙන් කඩා වැටීමෙන් වළක්වාගැනීමේ ව්‍යාපාරයක් මම ආරම්භ කරනවා” යැයි ඔහු සන්ඩේ ටයිම්ස් සමග පැවසුවේය. එහිලා සිය ආධාරකරුවන් සියලුදෙනාට පොදුවේ එකඟවිය හැකි ‘පොදු අවම න්‍යාය පත්‍රයක්‘ සකස් කරමින් සිටින බව ද ඔහු කීවේය.


අගමැති උපරිම ඵල නෙළාගනී
අගමැතිවරයා, තමන්ට ලැබෙන ප්‍රසිද්ධියෙන් උපරිම ඵල නෙලාගනිමින් සිටී. එය එක්සත් ජාතික පක්ෂය නැවත නැගිටුවීමට ද, යොදා ගැනෙමින් තිබෙන බෝනස් එකකි.

කෙසේවුවත්, තමන් යටතේ පවා සිටින වංචනිකයන්ට සහ දූෂිතයන්ට නැවත පාලන තන්ත්‍රයට ඇතුල්වීමට ඉඩ නොදී, දූෂිත ක්‍රියාකාරකම් හරහා පිසාචයින් මෙන් ජනතාවගේ දුක උරාබීමට ඉඩ නොතැබීමට අගමැතිවරයා තරයේම කටයුතු කළ යුතුව ඇත. එවැනි අවදානමක් පවතින බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාම, අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හරහා අගමැතිවරයාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ගෙවුණු සතියේ වාර්තා කළ ආකාරයට ජනපතිවරයා එවැනි අවදානමක් මතු කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්ව නමින්ම නම් කරද, ඇත. නමුත්, මෙම කාරණය ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පසුබිමේ සිට ද, අවධානයට ගත යුත්තකි.

ජනාධිපති මන්දිරයේ හුදකලාව කාලය ගතකරන ඔහු, පිටත ලෝකය සමග සම්බන්ධවන්නේ ඉතාම අල්ප වශයෙන්ය. ඔහු හමුවීමට පැමිණෙන අමුත්තන් අතලොස්සකි. ඔවුන් අතරින් වැඩි පිරිස ද, රාජ්‍ය තාන්ත්‍රිකයන් වේ. බලයට පත්වීමට තමන්ට ඉඩ සළසා දුන් ලක්ෂ 69ක ජනතාවගෙන් ද ඔහු දුරස්ව ඇත.


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (5)

ජනපති - අගමැති එකඟතා බිඳවැටේ

Jayath Friday, 17 June 2022 09:41 AM

ඊළඟ ඡන්දයෙන් තීරණය වෙනකල් ජනබලය තියෙන්නේ පොහොට්ටුවට. UNP එකට ජනබලයක් නැහැ පිනට අගමැති වුණාට...

:       18       9

vinivida Friday, 17 June 2022 09:39 PM

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 74කි. ආසියාවේ නොදියුණුම රට බවට කිසිඳු සැකයක් නොමැත. ජනතව දේශපාලනයන්ට චෝදනා කරමින් සිටි. දේශපාලකය එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කරන ලද්දේ රටේ ජනතව බවකි. මේ වනවිට ශ්‍රී ලංකාව සියලු දෙනාගේම එක්ව ඔවුන්ගේ දායකත්වයෙන් අන්ත අසරණ තත්වයට පත් කර තිබේ. රට මේ තත්වයෙන් හෝ පවතිනුයේ සොබාදහමේ පිහිටෙනි. පිරිසිදු ජලය, සදාහරිත පරිසරය සහ වෙනස් කාලගුණ තත්වයන් පිහිටා තිබීම නිසාවෙනි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 74ක් කලයක් පුරාවටම ව්‍යවස්ථා, දේශපාලන, ආර්ථික, වාර්ගික අර්බුදයන්ට මැදිව ගමන් කරමින් තිබේ. ශ්‍රී ලංකාව දුපතකි. තනිව නැගිටීමක් තනිව ගමනක් කොහෙත්ම නැත. ලෝකය සමග ඉදිරියට යායුතුව තිබේ.

:       1       11

Ashok Sunday, 19 June 2022 06:43 AM

ජනතා විරෝධය මැද රට පාවාදී කළ මෙය ජනාධිපතිතුමා සමග ඇතිකරගත් එකඟතා රකීවිද? කරුණාකර මෙය ඉවත්කර සුදුසු කෙනෙක් පත්කරන්න. නැතිනම් රට කාටවත් ගොඩගන්න බැරි තරමට විනාශ කරයි.

:       4       6

ganegoda Monday, 20 June 2022 12:45 PM

නයට ලැබෙන මුදල් පවුලේ අයට බෙදෙන හැටි තමයි නන්දසේනට තියෙන ප්‍රශ්නේ...!

:       0       5

fairoos Tuesday, 21 June 2022 02:09 PM

නන්දසේන හිටපු අයටම ආපහු ඇමැතිකම් දීලා රට තවත් වලපල්ලට දාන්නයි යන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 260 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 216 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 60 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site