IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපතිගේ බාල සොහොයුරාට එල්ල කළ ප‍්‍රහාරය

ජනාධිපතිතුමාගේ බාල සොහොයුරුට පොරවකින් ගහලා හොඳටම අමාරුයිලූ. පොරවෙන් කොටලා තියෙන්නේ හොඳම යහළුවා කියා තමා කියන්නේ. වැව් බැඳි රාජ්‍යය පුරා මේ ආරංචිය පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.

 

28_page_3-M 
ලැව් ගින්නක් සේ පැතිර ගිය මේ ආරංචිය ලැබුණු පිරිස් ඇදී දියේ පොළොන්නරුව මහරෝහල වෙතය. ඒ වන විටත් ජනාධිපතිතුමාගේ බාල සොහොයුරා සිටියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින්ය.


දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ජනාධිපතිවරයාගේ බාල සොහොයුරා ගිලන් රථයකින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට ගෙනවිත් එතැන් සිට ගුවන් යානයකින් රැුගෙන ඇවිත් ඇතුළත් කරනු ලැබුවේ කොළඹ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකටය.


පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් යුත් ඔහු ප‍්‍රතිකාර ලබමින් පසුවේ.


ගජ මිතුරාගේ පොරෝ පහරකට ලක්වූයේ ප‍්‍රියන්ත සිරිසේන මහතාය. ඔහු ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ වැලි රාජු කියන නමින්ය. වැලි රාජු කියා ඔහුට නමක් පට බැඳී ඇත්තේ වැලි බිස්නස් කරන නිසාය.


වැලි රාජු කියා කිව්වොත් පොළොන්නරුව ප‍්‍රදේශයේ ඔහු ගැන නොදන්නා කෙනෙක් නැත.


දිනය පසුගිය 26 වැනිදාය.


වේලාව රාත‍්‍රී 7.30ට පමණ ඇත.


පොළොන්නරුව කඳුරුවෙල දිය බෙදුම හතර ඇළ ප‍්‍රදේශයේ පදිංචිව සිටින ලක්මාල් නැමැත්තා ප‍්‍රියන්ත සිරිසේන මහතාගේ ගජ මිතුරෙකි.


ප‍්‍රියන්ත මහතා ඔහුගේ මිතුරන් දෙතුන් දෙනෙක් සමග එදා ලක්මාල් සොයා ගෙන ගෙදරට ගියේ මිතුරු සම්බන්ධතා පැවැත්වීමට නම් නොවේ.
ටික දිනක සිට මේ ගජ මිතුරන් දෙදෙනා අතර පෞද්ගලික කරුණක් මුල්කරගෙන විරසකයක් හටගෙන තිබිණි.


මොවුන් දෙදෙනා අතර මිතුදම ඇති වී තිබුණේ වැලි කෙළියේ සිටය.


වැලිකෙළියේ පටන් තිබූ මිතුදම දෙදරා ගොස් තිබුණේ පසුගිය දිනවල ලක්මාල් සිිටියේ ප‍්‍රියන්ත මහතාගෙන් වසන්වය. ඒ තරමට ඒ විරසකය දුරදිග ගොස් තිබිණි.


මෙය එසේ මෙසේ විරසකයක් නොව ලොකු විරසකයකි.

SLD_20150329_A003
ප‍්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායම ලක්මාල් සොයා යන විට ගෙදර සිට නොමැති අතර ඔහු යාබදව පිහිටි ලොකු අම්මාගේ ගෙදරට වී සිට ඇත.


නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව පියා සහ ඔහුගේ දියණියන් තිදෙනා පමණක් බව ද දැන ගැනීමට ඇත.


මහ ගෙදර දෙසින් කෑ කෝ ගසන හඬක් ඇසුණු නිසා කිසියම් කලබලයක් සිදු වෙනවා යැයි සිතූ ලක්මාල් එහි පැමිණ තිබේ.


ප‍්‍රියන්ත සිරිසේන මහතා සමඟ ලක්මාල් අතර තිබුණ පෞද්ගලික කරුණක් මත ඇතිව තිබූ ආරවුලකින් ලක්මාල් කියන තැනැත්තා පොරෝ පහරක් එල්ල කර තිබෙනවා. මේ පොරෝ පහර වැදී තිබෙන්නේ ප‍්‍රියන්ත මහතාගේ හිසටයි. එයින් ඔහු බරපතළ තුවාල ලැබුවා. පොරෝ පහර දී පලා ගිය සැකකාර ලක්මාල් නැමැත්තා එදිනම රාත‍්‍රී බකමූණ පොලිසියට ගොස් බාර වී තිබුණි. පිටුපසින් පැමිණ තමා පොරෝ පහර එල්ල කර තිබෙන්නේ.


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මේ සිද්ධිය ගැන කීවේ එහෙම කතාවකි.


පොරෝ පහර කා බිම වැටුණු ප‍්‍රියන්ත මහතා පොළොන්නරුව රෝහලට ගෙන ගොස් ඇත්තේ ඔහුත් සමඟ පැමිණි මිතුරන් තිදෙනා බව ද සහකාර පොලිස් අධිකාරි ගුණසේකර මහතා පැවසීය.


උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ නියෝගයක් අනුව ක‍්‍රියාත්මක වූ පොළොන්නරුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතා අවට පොලිස් ස්ථාන ද දැනුවත් කර ප‍්‍රදේශය පුරා මාර්ග බාධක යෙදවූයේ පලා යන සැකකරු අත්අඩංගුවට ගැනීමටය.


ඩබල් කැබ් රථයක නැගී සැකකරු පලා ගිය බවට ඒ වන විටත් තොරතුරු ලැබී තිබූ නිසා පොලිස් මාර්ග බාධක යොදා සැක කටයුතු වාහනත් පරීක්ෂා කිරීමේ නිරතව සිටියේය.


ජනාධිපතිතුමාගේ බාල මල්ලිට පොරොවෙන් කෙටුවාට හොයන්නේ මාව තමයි, මම ආවේ පොලිසියට බාර වෙන්නයි.


බකමූණ පොලිසියට පැමිණි පුද්ගලයෙක් ඒ අවස්ථාවේදී රාජකාරියේ නිරතව  සිටි පොලිස් නිලධාරීන් එක්ක කියා ඇත. ඒ වන විට වේලාව ? 9.30ට ආසන්න වී තිබිණි.


දිග කලිසමක් හා ටීෂර්ට් එකක් හැඳ සිටි මොහු කිසියම් තැතිගැන්මකින් පසුවන බව ද පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇතැයි කියති.


ඔහු පොලිසියට පැමිණ තිබුණේ ඩබල් කැබ් රථයකිනි.


හබරණ කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරි අභය රාජ ගම්ලත් මහතාට ද සිද්ධිය දැනුම් දුන් හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත ඉලන්සේකර මහතා සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සැකකරුගෙන් ප‍්‍රශ්න කරනු ලැබිණි.


සැකකරු පොලිසියට පැමිණ බාරවී තිබෙන බව පොලිස් ස්ථානාධිපතිවරයා පොලොන්නරුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. ජරූල් මහතාට දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන්නේ එම පොලිස් ස්ථානය මගින් නිසාය.


විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ සැකකරු පොළොන්නරුව පොලිසිය වෙත පසුගිය සිකුරාදා (27) රැගෙන ගියේ වැඩිදුර මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමටය.


අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයට පත් කෙරිණි.


මෙසේ රිමාන්ඞ් බාරයට පත් කර තිබුණේ හපුතන්ත‍්‍රිගේ දොන් ඉෂාන් ලක්මාල් හපුතන්ත‍්‍රි නමැත්තෙකි.


තිස් හතර හැවිරිදි සැකකරුගේ බිරිඳ මැදපෙරදිග රටක රැුකියාවක නිරතව සිටින්නීය.


මොහු ගරාජයක හිමිකරුවෙකි.


දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රියන්ත සිරිසේන මහතා ශල්‍යකර්මයකට ද ලක්කර තිබෙන බව රෝහල් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.


ප‍්‍රියන්ත මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.


පහර දුන් පොරොව ද සොයාගෙන ඇත.


උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතගේ ද උපදෙස්  මත පොළොන්නරුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ මෙහෙයවීම යටතේ පොළොන්නරුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ආර්. ජරූල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.

m



අදහස් (0)

ජනපතිගේ බාල සොහොයුරාට එල්ල කළ ප‍්‍රහාරය

රූපවතී Saturday, 04 April 2015 04:18 PM

මුළු රටම ඇස් ඇරගෙන බලාගෙන ඉන්නේ මොකක්ද මේ පොරෝ පහරට හේතුව කියලා දැනගන්න. (නි)

:       0       0

ශානක Sunday, 05 April 2015 01:03 AM

තාමත් තොරතුරු පනත සම්මත වෙලා නැහැ නේද ? එ්කනේ මේකට හේතුව අදටත් සදහන් කර නැත්තේ. (නදී)

:       0       0

ධම්ම Tuesday, 07 April 2015 12:30 PM

නියම පච්චයකුත් තියෙනවා අතේ. (දී)

:       0       0

මුදියන්සේ Sunday, 05 April 2015 02:49 PM

අනේ රූපවතියේ, මගේ නංගියේ ඔය පොරෝපහරකට බයේ මම අවුරුද්දක් විතර නිහඩ උනා. සතුටුයි මගේ නංගියේ කවියක් කියන්නම තමා හිත (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 04 April 2015 09:46 AM

රාජපක්ෂ පරම්පරාවේ කාට හරි කළා නම් අද පොලොන්නරුවම අමු සොහොනක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 258 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 60 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site