IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීනයෙන් හමුවූ වසර 1500ක් පැරණි බුදු පිළිම

වසර 1500ක් පැරණියැයි විශ්වාස කරන බුදු පිළිම 3000 ක් සොයාගත් බව චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් පවසති. උතුරු චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ හන්දාන් නමැති ප‍්‍රදේශයේදී මේවා සොයාගෙන ඇත. පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කැරුණු කැණීමකින් මේවා හමුවී ඇත. 1949දී චීන සමාජවාදී ජනරජය පිහිටවීමෙන් පසු එරටින් සොයාගත් විශාලතම පුරාවිද්‍යා භාණ්ඩ ප‍්‍රමාණය බව පර්යේෂකයන්ගේ අදහසයි. සමාජ විද්‍යාව පිළිබඳව චීන ඇකඩමියේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායම වාර්තා කරන්නේ මෙම බෞද්ධ පිළිම නැගෙනහිර වෙයි හා දකුණු කුයි රාජධානි පැවති කාලයටත් වඩා අතීතයකට අයත් බවයි. කි‍්‍රස්තු වර්ෂ 534-577 කාලයේ සාදන ලද බද්ධ පර්යංක ධ්‍යාන මුද්‍රාව සහිත බොහෝ පිළිම චීනයේ සුලබ බව නැෂනල් ජියෝග‍්‍රැෆි නව මුද්‍රණයේ දක්වා තිබේ.  මද සිනහවක් සහිත බුදුහාමුදුරුවන්ගේ මුහුණුවර ඇති පූර්ණ දිගින් යුතු කැඩුණු පිළිම පෙන්වන්නේ භික්ෂූන් අඳින සිවුරකින් සමන්විත අධ්‍යාත්මික ගුරුවරයාය. කි‍්‍රස්තු වර්ෂ පස්වැනි සියවසේදී දක්ෂිණ කුයි අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමගම පුද පූජා විධි ක‍්‍රමයක් ලෙස පිළිම එකතුකර වළලන්නට ඇති බව වද්‍යාර්ථීන්ගේ මතයයි. චිකාගෝ සරසවියේ නැගෙනහිර ආසියානු කලා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා කැතරින් ටී සියෑං දිනපතා නැෂනල් ජියෝග‍්‍රෆි සගරාවට පවසන්නේ අතීත නටබුන් සහ කැඩුණු පිළිම පන්සල්වලින් එකතු කරගෙන ආවාටයක වළලන්නට ඇති බවයි. මේ පිළිම එක්තරා පිළිවෙළකට ගෞරවාන්විතව වළදමා ඇති බව පෙනෙතැයි ටී සියෑං පවසයි. උවදුරු අවස්ථාවලදී  බෞද්ධාගමිකයන් මෙයට සමාන කාර්යයන් සිදුකරයි. හමුවී ඇති පිළිම අගල් අටක් දිග සහ අඩි කිහිපයක් උස පරාසයක පවතී. බොහොමයක් පිළිම සාදා ඇත්තේ කිරි ගරු`ඩ හා හුණුගල් වලිනි. අලංකාර මෝස්තර වලින් සරසා ඉතා වටිනා ආකාරයෙන් පෙනෙන ලෙස නිමවා එක් පිළිමයක් බෝධිසත්ව අවධියේ හෝ බුද්ධත්වයට පත්වූ අවස්ථාව පෙන්නුම් කරයි. බුද්ධාගම ඉන්දියාවේ ආරම්භවීමෙන් පසු චීනයට සම්ප‍්‍රාප්තවූයේ හැන්ග් අධිරාජ්‍ය සමයේදීය. මේ සොයාගත් නටබුන් ඊට සියවස් ගණනාවක් පැරණි බව පර්යේෂකයෝ විශ්වාස කරති. නැෂනල් ජියෝග‍්‍රෆි වාර්තා කරන අන්දමට මෙම සොයාගැනීම විශිෂ්ට වූවත්, එය නොඇසූ දෙයක් නොවේ. මින් පෙර 1950දී චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ ඩින්ග්සියෑං හි පන්සලක 2000ට වැඩි මානව කෘති හමුවී ඇති බව ටී සියෑං මහත්මිය පවසයි. මෙවර හමුවූ බුදු පිළිම සියල්ල කලින් හමුවූ ඒවාට සමාන බව ද ඇය කියා සිටිය ද මෙය මෙතෙක් චීනයේ කරන ලද විශාලතම මානව කෘති සොයා ගැනීමයි.

සජීව විජේවීර
බුදු පිළිම හමුවූ ස්ථානය හමුවූ බුදු පිළිමයක් බෝධිසත්ව රූපයක් ලෙස සැලකෙන පිළිමයක්



අදහස් (0)

චීනයෙන් හමුවූ වසර 1500ක් පැරණි බුදු පිළිම

චාමර Friday, 11 May 2012 11:08 AM

සත්‍ය තොරතුරු හෙළී කළාට ස්තූතියි

:       0       0

මාධව Thursday, 10 May 2012 06:52 PM

ගොඩක් සන්තෝෂයි මේ සොයා ගැනීම පිලිබදව.බුදු ගුණ අනන්තයි

:       0       0

මදුරංග Thursday, 10 May 2012 08:46 PM

පුදුම හිතෙනවා.තව මොනවා මහ පොලොව යට නිදන්වෙලා ඇත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 26 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 45 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 310 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 21 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 445 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 260 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site