IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගොවීන් අන්දලා ඡන්ද දිනාගත්තා

නිමාවූ මැතිවරණ තුනේ ප‍්‍රතිඵල ගැන එජාප විග‍්‍රහය කෙබඳුද? 2014 දී රටේ බලය ඇල්ලීමට එජාපය සතු වැඩපිළිවෙල ගැනත් සිය මතවාද එළිදැක්වූ අනුරාධපුර දිස්ති‍්‍රක් එජාප මන්ත‍්‍රී පී. හැරිසන්ගේ හඬයි මේ. ප‍්‍රශ්නය- එජාපය 1994 සිට මේ දක්වා තිබූ ඡන්ද 02ක් එනම් 2001 මහ මැතිවරණය හා 2002 පළාත් පාලන මැතිවරණය හැර අන් සියල්ල පැරදුණා. ඒත් මෑතක දී පැවැති පළාත් සභා ඡන්දවලදී එජාපයේ ජයග‍්‍රහණයේ හැරවුම් ලක්‍ෂය සටහන් කරන්නට සිතා සිටියත් සිතූ තරම් ප‍්‍රගතියක් එජාපයට ලැබුණාද? පිළිතුර:- 94 ඉඳලා මේ දක්වා වසර 18 තුළ එජාපය මැතිවරණ 02ක් ජයගත්තා. 2005 ජනපතිවරණය අපි පැරදුණේ ඡන්ද එක්ලක්‍ෂ පනස් දාහකින්. සන්ධානය එල්ටීටීඊය එක්ක ගිවිසුම් ගහලා කෝටි සිය ගණනක් සල්ලි දීලා උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ලක්‍ෂ 07ක් නැවැත්තුවේ නැතිනම් 2005 ජනපතිවරණය එජාප නායකයා දිනන්නෙ උඩින්. ඒ නිසා කොටි ලේබල් අලවන්න  ඕනෑ මේ ආණ්ඩුවටයි. 94 ඉඳලා එජාපය ඡුන්ද 02ක් දිනුවා. 2005 ජනපතිවරණය දිනුවා නම් එතැන් සිට සියලූ ඡන්ද දිනන්නෙත් එජාපයයි. මේ ආණ්ඩුව කොටින්ට කප්පම් දීලා ඒ ජනපතිවරණයේ ප‍්‍රතිඵලය විකෘති කළා. ඒත් 77 ඉඳලා 94 තෙක් මේ ආණ්ඩුවේ ඉන්න අයට එක ඡන්දයක්වත් දිනන්න බැරි තරමට බංකොලොත් තැනකයි ඔවුන් හිටියේ. ඒ නිසා එජාපය අද ඒ කාලේ ශ්‍රීලනිපය හා වම වැටිලා හිටපු බංකොළොත්කමට වැටිලා නෑ. මේ ආණ්ඩුවේ පහත් ලෙස යොදවන රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, නොමඟ යැවීම්, රාජ්‍ය මාධ්‍යවල බොරු කීම් මැදත් එජාපයට ලක්‍ෂ ගණන් ඡන්ද දීමට ජනතාව ක‍්‍රියා කර තිබෙනවා. අනික මේ ජනපති තරම් පහත් ලෙස විපක්‍ෂය මර්දනය කරපු විපක්‍ෂයේ පක්‍ෂ කඩා දාපු කෙනෙක් ඉඳලා නෑ. මෙහෙම ක‍්‍රියා කරන්නේ හුඟක්ම බය හා බලයට ඒතරමටම කෑදර අයයි. අද දියත්ව තිබෙන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදයක්. නැගෙනහිර පළාත් සභාවේදී ආණ්ඩුවට ඡන්ද ලක්‍ෂ 02ක් ලැබෙන කොට විපක්‍ෂයට ඡන්ද ලක්‍ෂ 04ක් ලැබුණා. ඒත් බලය පාවිච්චි කරලා ඒකෙ බලය ආණ්ඩුව පිහිටෙව්වේ මුස්ලිම් කොංග‍්‍රසයට තර්ජන දාලයි. මේ රටේ අද ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෑ. එජාපයේ අය කඩල තනතුරු සල්ලි දීලයි තුනෙන් දෙකක් විකෘති අද පාර්ලිමේන්තුවේ හදලා මේ පිස්සු නටන්නේ. මේවායේ සීමාවක් තියෙනවා. ඒ ඇද වැටීම වැඩි ඈතක නැහැ.   ප‍්‍රශ්නය:- නැගෙනහිර දී ආණ්ඩුව පරාදයි. ආණ්ඩුවට ලක්‍ෂ 02ක් හා විපක්‍ෂයට පක්‍ෂ 04ක ඡුන්ද ලැබුණත් උතුරු මැද හා සබරගමුවේදී එජාපය ඇතුළු විපක්‍ෂය පරාදයි. ඒ තුළ ආණ්ඩුවේ ඇද වැටීම අත ළඟ බවට ඔබ ප‍්‍රකාශ කරන්නේ කවර පදනමකින්ද? පිළිතුර:- ගිය පාර්ලිමේන්තු මැතිවරණයට වඩා මේ පළාත් සභා ඡන්දයේදී එජාපයේ විශාල ඡන්ද වර්ධනයක් තිබෙනවා. ඒත් මේ පළාත් තුන තුළ ආණ්ඩුවේ ඡන්ද 60,421ක් අඩු වී තිබෙනවා. මෙවර ඡන්දය පාවිච්චි කළේ 60%කට ආසන්න ජනතාවකුයි. 40%කට වඩා ඡන්දය පාවිච්චිය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මේ වගේ ආණ්ඩු වෙනස් නොවන ඡන්දයකදී ඡන්ද පොළට නොයන්නේ විපක්‍ෂයේ අයයි. ජනාධිපති අනුරාධපුරේ ඇවිත් කිව්වේ මොකද්ද? මේ පළාත් සභා කවුරු දිනුවත් ජනාධිපති මමයි. ආණ්ඩුව අපියි. පළාත් සභාවලට සල්ලි දෙන්නේ අපියි. රැකියා දෙන්නෙ අපියි. ගොවීන්ට වන්දි දෙන්නේ අපියි. ආදී ඉතා පහත් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොගැළැපෙන කතා කිව්වාම ජනතාව ටිකක් රිවස් යනවා. ඒත් එජාපයට අනුරාධපුරෙන් ඡන්ද ලක්‍ෂ 1 1/2ක් ලැබුණා. අනුරාධපුරේ ඡන්ද ලක්‍ෂ 06කට වඩා තිබුණත් මෙවර පාවිච්චි වුණේ ලක්‍ෂ 03 යි. රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා උදලූ, හට්ටි, වළං, වතුර මෝටර්, බොරු රැකියා හා වන්දි පෝරම බෙදලා තමයි  ජනතාව රවටලා ඡන්ද ගත්තේ. වැඩ කරලා තිබේ නම් උදලූ බෙදන්න  ඕන නැති බව කියමින් තමයි මේවා බෙදුවේ. ඒත් ඡන්දය දෙන්න ජනතාව ආවේ 50% යි. ඒ නිසා ඡන්ද පාවිච්චි නොකළ 40%න් 15% ක් තීරණාත්මක ඡන්දයේදී ඡන්ද පොළට ආවත් ආණ්ඩුව ඉවරයි. 2014 දී එන ජාතික මැතිවරණයේදී එජාපය ඒක කරනවා.   ප‍්‍රශ්නය:- ඡන්දයේ දි එජාපය ඇතුළු විපක්‍ෂය කිව්වේ රජරට ජල ප‍්‍රශ්නයට හේතුව නියඟය නොවන බවයි. සී ප්ලේන් බාන්න හා වැව් තාවුලූ වල ඇමැතිවරු ඉදිකළ හෝටල් යටවන නිසා වැව් ජලය මුදාහැරි බවයි. ඒත් හට්ටි වළං වලට රැවටිලා ජනතාව ආණ්ඩුව දිනවාවිද? ආණ්ඩුවේ මේ ජය පිටුපස තිබූ බලවේගය කුමක්ද? පිළිතුර:- ආණ්ඩුවේ එකම බලවේගය බොරුවෙන්, ඇන්දිල්ලෙන් නොමග යැවීමෙන් ජනතාව රැවටීම විතරයි.   ප‍්‍රශ්නය:- මේ ඡන්දය දුෂිත හා අකාර්යක්‍ෂම විකෘති ප‍්‍රතිඵල ගෙනා එකක් බවට ඔබ චෝදනා කරන්නේ නැද්ද? පිළිතුර:- මැතිවරණ  දුෂණ ගැන විශාල ලෙස සැක කළ හැකි තැන් තිබෙනවා. අනුරාධපුර දිසාවේ ආසන රැසක එජාප පෝලිම් ඒජන්තලාට නිලධාරීන් ඇතුළු වෙන්න ඉඩ දී නැහැ. ත‍්‍රිමලේ ඡන්ද පෙට්ටි ඇරලා ගණන් කිරීම පටන් අරන් තියෙන්නේ විපක්‍ෂයේ අය නැතුව. මේවාට අමතරව තව ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා වෙලාවට එළිවේවි. ඊට අමතරව වක‍්‍ර දුෂණ රැසක් මේ ඡන්දයේදී සිදුවුණා. තලාවේ විශාල ගොවි උද්ඝෝෂණයක් තිබුණා. පසුව රජරට ගොවි සමිති නායකයො අරලිය ගහමන්දිරේට ගෙන්නලා ජනතා මුදලින් කන්න දීලා ගමේ ගොවියා රවටා ගන්නා අයුරු උග්නලා රු. ලක්‍ෂයක චෙක් එකකුත් දීලා යැව්වා. මේවාත් ආණ්ඩුවට වාසි වුණා. ඒ චෙක්වලට තවම සතයක් දාලා නැහැ. මම වගකීමෙන් මේවා කියන්නේ. ගොවීන් අන්දලා ඡන්ද ගත්තෙ එහෙමයි. ඊළඟට ජනාධිපතිම කිව්වෙ කුඹුරු හානිවු ගොවීන්ටත් රු. ලක්‍ෂයක වන්දි දෙනවා කියලයි. ගොවි නායකයො එයාලට ලැබුණු චෙක් එක ගැනත් ගොවීන්ට කියන්න ඇති. අසරණ ගොවීන් තීන්දු කළේ එජාපයට ඡන්දය දෙනවට වඩා ආණ්ඩුවෙන් රු. ලක්‍ෂයක් ගැනීම හොඳ බවයි. වගා ළිං සුද්ධ කරන්න රු. 10,000 බැගින් දෙනවා කියලා දෙතුන් දෙනෙකුට බොරු චෙක් දීලා රූපවාහිනීවල පෙන්නුවා. වැව් වල රොන්මඩ ඉවත් කරනවා කියලා යන්ත‍්‍ර 2-3 ක් ගෙනිහින් වැව් 2-3 ඒක කරනවා පටිගත කරලා රූපවාහිනීවල පෙන්නුවා. ගොවීන්ට මවල පෙන්නපු සිහින ලෝකය තුළ ඔවුන් අනාථ වුණා. අද ඔවුන්ට හුළං. ග‍්‍රාමරක්‍ෂකයන් 41,000ක් රජරට ඉන්නවා. ජනාධිපතිම කිව්වේ ඔවුන් ස්ථිර කරලා විශ‍්‍රාම වැටුපක් දෙන බවයි. ඒ විතරද හැම ග‍්‍රාමරක්‍ෂකයකුටම මේක කියලා එස්.එම්.එස්. එකකුත් යැව්වා. පවුල්පිටින් රැවටිලා ගිහින් ඡන්දය දුන්නා. ඔවුන්ටත් අද හුළං. පොලිසියේ හමුදාවේ අයට තව වරප‍්‍රසාද දෙනවා කියලා රවටාගෙන ඒ ඡන්දත් ගත්තා. ආණ්ඩුව පැරදුණොත් පොහොර සහනය කපනවා වගේ ඉතා පහත් කතා පවා පතුරලා ගොවීන් බය කළා. පැරදුණොත් සමෘද්ධි කපනවා කියලත් කිව්වා. ඒ තුළ සමහරුන්ගේ ඡන්දය වැළැක්වූවා. තවත් අයගේ ඡන්ද බලෙන් ආණ්ඩුවට ලබා ගත්තා. ඡන්දයට දින 2-3කට පෙර සෞඛ්‍ය ඇමැති රජරට ජනතාවට කිව්වෙ දහස් ගණන් වන්දි දෙන බවත් ඡන්දයෙන් පසුව ගොවීන් බලාගන්නා බවයි. ඒ රැවටුණු ජනතාව බලාගන්න අද කවුරුවත් නැහැ. බැසිල් ඇමැතිවරයාත් රටේ නැති කතා කියලා රජරට ජනතව මෝඩයා කළා. මේ වගේ පසුබිමක ජනතාව එක්කෝ ඡන්දය නොදී ඉන්නවා නැතිනම් ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය දෙනවා. මෙවර ඒකයි වුණේ. මේ ප‍්‍රතිඵලය දුෂිත හා විකෘති එකක් බව අපි කියන්නේ ඒ තුළයි. අනික බොරු රැකියා ඉල්ලූම් පත‍්‍ර ලක්‍ෂ ගණනක්, බොරුවන්දි පෝරම ලක්‍ෂ ගණනක් බෙදුවා. හට්ටි - වළං, උදලූ තල, බයිසිකල්, වතුර මෝටර්, මදුරු දැල් ආදී  සියල්ල බෙදුවා. මේවා එයාල ගෙදරින් ගෙනාවේ නෑ. ජනතා මුදල්වලින් මේවා බෙදුවේ. ඒවා වලක්වන්න මැතිවරණ කොමසාරිස්ට උපරිම ලෙස බැරි වුණා. 42,000ක් උපාධිධාරීන් මේ ඡන්දයට කඬේ යැව්වා. ස්ථිර කරනවා කියලා ආපහු ඇන්දුවා. මේ ඡන්ද දිනුමක් නෙවෙයි. මහ දවල් දැස් - වහල කොල්ලකෑමක්. සන්ධානයේ අය මේ දිනුම ගැන ලැජ්ජා වෙන්න  ඕනෑ. ජනතා මුදලින් දැයට කිරුළට ගෙනා උදලූ තල දස දහස් ගණනක් බෙදලයි සමහරු අද මහ ඇමැතිකම් අරන් තියෙන්නේ. රජයේ වාහන පාවිච්චි කරන බවට හිටපු මහ ඇමැති උසාවි ගෙනාවා. නඩුකාරතුමා කීවේ මේ නඩු අහන්න මට බලයක් නැතත් ජනතා දේපොළ ඡන්දවලට පාවිච්චි කරන අයට ගල් ගහන්න  ඕනෑ වගේ අදහසකුයි එතුමා ප‍්‍රකාශ කරල තිබුණේ. ඒ නිසා මේ ඡන්දය දිනුවේ ජනතාව රවටලා, රාජ්‍ය බලය දේපොළ යොදලා, රාජ්‍ය අල්ලස් පවා දීලයි, ඒ නිසා යළිත් කියන්නේ මේ ඡන්දය ඉතා දුෂිත එකක් බවයි.   ප‍්‍රශ්නය:- ගාමිණී දිසානායක 94 ජනපතිවරණයේදී පරදවන්න වත්මන් එජාප නායකයන් කි‍්‍රයා කළ බවට ඇමැති මෛත‍්‍රීපාල ගෙනා තර්කය මේ ඡන්දයට බලපෑවා යයි ඔබ හිතනවාද? පිළිතුර:- ඒ වගේ මඩ ගහන පහත් තත්ත්වයකටම ආණ්ඩුව වැටුණේ තමන් ජනතාවට කළ කී දෙයක් නැති බව ආණ්ඩුව දන්නා නිසයි. මේ මඩවලට රැවටුණු අයත් ඇති. අපි කනගාටුවන්නේ ඒ අසරණ ජනතාව ගැන නෙවෙයි. මඩ ගහන්න හවුල්වෙලා ගාමිණී දිසානායක මැතිතුමාටත් අපහාස කළ ඇමැති නවීන් දිසානායක ගැනයි. නිසි ලෙස ජල කළමනාකරණය කරගන්න බැරිව ජලය නැති වූ තැන වසර 18ක් පරණ බොරු කතාවක් ඇදල ගැනීම ගැන ආණ්ඩුව ලැජ්ජා වෙන්න  ඕනෑ.   ප‍්‍රශ්නය:- ආණ්ඩුව ඍජු ලෙස ජනතාව අන්දවා නොමග යවා ඡන්ද කොල්ලයක් කළ බවත් එය දුෂිත මැතිවරණයක් බවත් චෝදනා කරනවා. ඒත් එජාප අභ්‍යන්තර අරගලය මේ මැතිවරණවල පසුබෑමට තවත් හේතුවක් වූ බව ඔබ පිළිගන්නේ නැද්ද? පිළිතුර:- විපක්‍ෂයේ ඉන්න කොට සුළු ප‍්‍රශ්න මතුවෙනවා. ඒත් ඒ සුළු ප‍්‍රශ්න අල්ලාගෙන එක් නාලිකාවක් ඡන්දය මැද එජාපයට ප‍්‍රහාර එල්ල කිරීම සදාචාරාත්මක නැති බවයි ජනතාව කියන්නේ. මෙවර එජාප නායකතුමා, නි. නායකතුමා, මහලේකම්, සභාපති ඇතුළු සියලූ දෙනා එකට රැස්වීම් වලට ගියේ. වෙනදට වඩා අති විශාල සෙනඟක් රැලිවලට ආවා. එජාපය ඊළඟ ඡන්දය දිනන වෙලාවේ අදටත් වඩා සමගියක් අවශ්‍යයි. මේ රටට උපරිම සේවය කරපු එජාපය වටා සියලූ ආණ්ඩු විරෝධී බලවේග එකතු කරගැනීම සිදු කළ යුතු වෙනවා.   ප‍්‍රශ්නය:- එජාපය හා විපක්‍ෂය ආණ්ඩුවට එරෙහිව කළ දැවැන්ත චෝදනා ජනතාව නොතකා මෙවර පළාත් සභා ඡන්දයේදී බැලූ බැල්මට විපක්‍ෂයට ආසන අඩුවීමට හේතු මොනවාද? පිළිතුර:- එජාපයට ඇත්තටම ආසන අඩුවෙලා නැහැ. ඇතැම් නාලිකා ඉතා පටු ලෙස වැරදි මැතිවරණ විග‍්‍රහ ලබා දීම තුළ ජනතාව නොමග යැවීම ගැන අපි කනගාටු වෙනවා. නැගෙනහිර දී ගියවර එජාපය යටතේ මුස්ලිම් කොංග‍්‍රසයත් තරග කළා. දෙමළ සන්ධානය ගියවර තරග කළේ නැහැ. එජාපයට එදා ආසන 15ක් ලැබුණේ ඒ තුළයි. ඒත් මෙවර එජාපය මුස්ලිම් හා දෙමළ පක්‍ෂ වෙනමයි ඉල්ලූවේ. ඒත් එදා ආසන 15ක් ලැබුණු එජාපය මෙවර ආසන 04ට  බැහැලා යයි ඉතා පහත් හා වැරදි විග‍්‍රහයි ඇතැම් නාලිකා කළේ. අනික ගියවර අනුරාධපුරේ දී එජාපයට ආසන 08ක් ලැබුණේ මුස්ලිම් කොංග‍්‍රසයක් එක්ක ගිහිනුයි. මෙවර ඔවුන් වෙනමම ආවේ. ඒත් එජාපයට ආසන 07ක් ලැබුණා. පොළොන්නරුවේ ගියවර මෙන්ම මෙවරත් අපට මන්තී‍්‍රධුර 04ක් ලැබුණා. සබරගමුවේත් තත්ත්වය එවැනිම බව විග‍්‍රහ කළ හැකියි. එජාප ඡන්ද වැඩිවෙලා, ආණ්ඩුවේ ඡන්ද අඩුවෙලා. ඇත්ත ඒකයි. ඒ නිසා මේ ඡන්දයේදී එජාප ජයමාවතට ශක්තිමත් පදනම වැටී හමාරයි. ඡන්දය පාවිච්චි නොකළ 40% එළියට බැහැලා තීරණාත්මක මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කළාම මේ ආණ්ඩුවට දුවන්න පාරවල් මදිවේවි. මොකද සහන නොදී මේ තරම් ජනතාව පෙළන මේ ආණ්ඩුව ජනතාව අන්දලා ඡන්දය අරන් දැන් සැමන්, අල, ලූනු ආදී සියලූ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කළා. ජල ගාස්තුව ඉතිහාසයේ පෙර නොවූ ලෙසත් වැඩි කළා. දුප්පත් සමෘද්ධි අය පාවිච්චි කරන ජල ඒකක 15 ට මෙතෙක් ගෙවූ රු. 68 දැන් රු. 204 දක්වා 300% කින් වැඩි කරලා. සාමාන්‍ය අයගේ ජල ඒකක 15 ට මෙතෙක් ගෙවූ රු. 218 ට රු. 339 දක්වාත් ඉහළ දමා තිබෙනවා. ඡන්ද ප‍්‍රතිඵල එන්නේ දැනුයි. තව හුඟක් ප‍්‍රතිඵල ළඟදීම ඒවි. මේවාට ජනතාවටත් වගකියන්න වෙනවා. ඊළඟ ඡන්දයේදී ඡන්ද පොළට යාමට ජනතාව තීන්දු කළ යුත්තේ ඒකයි.   ප‍්‍රශ්නය:- ආණ්ඩු විරෝධී සියලූ බලවේග ඒකරාශි කරගැනීමට එජාපය උත්සාහ කොට වඩාත් සංවිධානාත්මක වී හා එජාපයේ ඇතුළු අවුල් සංසිඳවා ගෙන ඉදිරියට යාමට එජාපයට හැකියාව තිබේද? පිළිතුර:- පැහැදිලිවම ඔව්. බොරුකාර වංචාකාරී දුක් විඳින ජනතාව පෙළන බල කෑදර ජනතා මුදල් ගසාකන හැම තැනම පවුල් ගස් හිටවා ඇති මේ ආණ්ඩුව පළවා හරින්නට තීරණාත්මක ඡන්දයකදී ජනතාව දිවි හිමියෙන් පෙරට ඒවි. ඒ තරමට ජනතාවට ආණ්ඩුව තිත්ත වෙලා තියෙන්නේ. එජාප අභ්‍යන්තර අවුල් දැන් ඉවරයි. තවත් සුළු මත ගැටුම් තිබේ නම් ඒවාත් ඉවර කරගන්න පක්‍ෂය ක‍්‍රියා කරනවා. ඉතිහාසයේ දැවැන්තම බලවේගය අපි හදලා 2014 දී ජනතාව බේරා ගන්නවා. ඒත් ඡන්දෙන් පස්සේ මහ ඇමැතිකම් බෙදාගන්න බැරිව ආණ්ඩු පක්‍ෂය ඇතුළේම කට්ටිය කුළල් කා ගන්නවා. මෙයින් උතුරුමැද පළාත විශේෂයි. එක හැළියේ බත් කාපු නඬේ දැන් දෙපැත්තට බෙදිල මහ පුටුවට පොර කනවා.  ඕනෑකමයි නෑකමයි විරසක වෙලා. මේ කට්ටිය මේ තරමටම බලයට කෑදර වෙලා දඟලන්නේ ඔවුන්ගේම පැවැත්මටද? නැත්නම් ජනතාවට තියෙන ආදරේටද කියලා ජනතාව සිතට ගන්න  ඕනෑ.

අනුරාධපුර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී පී. හැරිසන්

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

ගොවීන් අන්දලා ඡන්ද දිනාගත්තා

රාළ Thursday, 27 September 2012 08:00 AM

මොකක් අන්දලා හරි එයාලා වැඩේ කරගත්තනේ..(ස)

:       0       0

ද සිල්වා Thursday, 27 September 2012 01:28 PM

ලබන සැරෙත් රනිල්වම ඉස්සරහට දාගත්තනම් වැඩේ හරි..!(නු)

:       0       0

උදිත මදුමාල් පෙරේරා Monday, 24 September 2012 01:53 PM

මොනවා කියුවත් දැන් වැඩක් නැහැ (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 September 2012 01:54 PM

අන්දන එක ඇදගන්න එක දේශපාලනයේ ස්වාභාවය.. ඔබලාට අන්දන්න බැරි උනාට මොනවා කරන්නද?(නු)

:       0       0

රන්දික රත්නායක Monday, 24 September 2012 02:28 PM

ලබන සැරේ අපි දෙමුකො බැටේ..!(නු)

:       0       0

රංග අනුරාධපුර Saturday, 29 September 2012 04:41 PM

ඔයත් ගොවියෙක් නේ .. දැං කතා කරලා වැඩක් නැහැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 69 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 58 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 173 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 174 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 568 4

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 809 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site