IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වටා එක් වීමට මුස්ලිම් ප‍්‍රජාව සූදානම්

බිස්මිල්ලාහ් හිර්රහ්මාන් නිර්රහීම් (පරම දයාබර වූද, කරුණාබර වූද, අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි.)
අද නූතන ශ්‍රී ලංකා ජන සමාජයේ ඉතා ප‍්‍රචලිතව ඇති ගැටලූව නම්, ”ඉස්ලාම් ආගමේ ශීඝ‍්‍ර වර්ධනයයි. මේ තුළින් අනාගත බෞද්ධ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අතිවිශාලය. එම නිසා වහාම මේ පිළිබඳ බෞද්ධ ජනයා දැනුවත් කළ යුතුයි. මෙයට පිළියම් කළ යුතුයි.” යන අදහස ඉතා වේගයෙන් පැතිර යමින් පවතියි. මේ සඳහා ඇතැම් බෞද්ධ ජන සංවිධාන විසින් භාවිත කරන කරුණු පිළිබඳ අප මධ්‍යස්ථව අවධානය කර බැලීම වටී යයි සිතමි.
සමහර බෞද්ධයින්ගේ චෝදනා පත‍්‍රයේ ඇති වැකි කිහිපයක් මෙසේය.


1. මැලේසියාව, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය වගේ වීමට ශ්‍රී ලංකාවට ඉඩ දිය නොහැකිය.
2. ඉස්ලාම් දහමට බෞද්ධයින් හරවා ගැනීම වහාම නැවැත්විය යුතුයි.
3. මුස්ලිම් ජනතාවගේ නොමනා හැසිරීම නිසා විශේෂයෙන් බෞද්ධයන්ට වන පීඩාව නතර කළ යුතුයි.
4. මුස්ලිම් පල්ලි (දේවස්ථාන) නමින් බංකර් ඉදිකිරීම.
5. හලාල් ලේබලයක් යටතේ බෞද්ධයන්ටත් හලාල් මාංශ කොටස් අනුබව කරවීමට උත්සාහ ගැනීම.
6. හලාල් ලේබලය ලබාදීම මගින් ලබාගන්නා අතිවිශාල මුදල් කන්දරාවක් ත‍්‍රස්තවාදීන්ට ලබාදීම.
7. උලමාවරු බැංකු මූල්‍යායතන වැනි පොලිය මත යැපෙන ආයතන වලට හලාල් සහතිකය ලබාදී විශාල වශයෙන් මුදල් ලබාදීම යනාදියයි.


මෙයින් අංක 1 ට ඇති බෞද්ධ රටවල් බලය යොදා ඉස්ලාම් රටවල් බවට හරවා ගැනීම යන චෝදනාව දෙසට අවධානය යොමු කරමු.
මෙම චෝදනාව අතිශයින් හද තිගැස්සෙන සුළුය. මෙම චෝදනාවෙන් ගම්‍ය වන අරුත ඉතා ගැඹුරුය. බරපතළය. මෙහි ඇති වචනාර්ථය දෙස බලන්න. ඇෆ්ගනිස්ථානය බුදුන් උපන් මහා භාරතය (පාකිස්ථානය, ඉන්දියාව, කාෂ්මීරය, බංග්ලාදේශය යන රටවල්)  මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල් සුළු පටු රටවල් නොවේ. මේවා ලොව පිහිටි බලගතු රාජ්‍යයන්ය. එම රාජ්‍යයන් වලටම මෙම කලදසාව අත්වී නම් ශ්‍රී ලංකාව ගැන කියනු කවරේද? යන ප‍්‍රශ්නය ඉබේම හදවත් තුළ නැගෙන්නේය. මේ නිසා ඇති වන බිය, ත‍්‍රාසය සාධාරණය. මේ තුළින් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ක්‍රෝධයක් සැකමුසු බවක් ඇති වීම ස්වභාවිකය.


අද ශ්‍රී ලංකාව මුස්ලිම් අරාබි ලෝකය හා ඇති සබැඳියාව ඉතාමත් වැඩිය. සෑම ගමක්ම සෑම පවුලක්ම මැදපෙරදිග හා සම්බන්ධව පවතී. මේ අනුසාරයෙන් මෙම ප‍්‍රශ්නයට හිත යොමු කරන අහිංසක ගැමි කාන්තාව ”බුදු අම්මෝ ! අච්චරට මෙච්චර නම්, මෙච්චරට කොච්චරක් වෙයිද? කියා හිස අත ගසා ගන්නවා ඇත.


මෙම චෝදනාව අද ඊයේ නොව ලලිත් ඇතුලත්මුදලි මහතා අමාත්‍ය ධුරය දරන කාලයේ (70 දශකයේ අග භාගයේ) සිට නැගෙන්නකි. එතුමා නිතර නගන ප‍්‍රශ්නයක් වූයේ ශ්‍රී ලංකාවටත්, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ වීමට ඉඩ දිය හැකිද? යන්නයි. මෙම චෝදනා එක එල්ලේ අප හට ප‍්‍රතික්ෂේප කළ නොහැක. එය අප පිළිගත යුතුය. ඔව් ! එය අපි පිළිගන්නෙමු.ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව කලක් දැඩිව බුද්ධ ධර්මය අදහන්නටත් ඉන් පසු එයින් මිදෙන්නටත් හේතු කාරක වූයේ කුමක්ද? යන්න අප හදාරා බැලිය යුතුය.


අප කවුරුත් දන්නා පරිදි බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 1000 කට පමණ පසුව මුහම්මද්තුමා උප්පතිය ලැබුවේ. එම කාලය වන විට මෙම ප‍්‍රදේශ චීන වෙළෙඳුන්ගේ ආදිපත්‍යයට යටත්ව ඔවුන්ගේ සූරාකෑම්වලට ජනතාව පත්වී සිටියහ. ගොවීන්ගේ නිෂ්පාදන වලට නියම මිලක් නොලැබිණි. හදිසි ආපදාවකදී වුවත් ජනතාවට ණයට බඩුවක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් විය. විකුණු බඩුවක් අනවශ්‍ය නම් එය ආපසු දී මුදල් ලබා ගත නොහැකි තත්ත්වයක් විය. ගිනි පොලිය මගින් පීඩිතයින්ගේ ශ‍්‍රමය සූරා කෑමකට ලක්වෙමින් තිබිණ. සිදු නොවිය යුතුවක් මෙන්ම රාජ්‍ය පාලනයද වෙළඳුන්ගේ පැත්ත ගෙන තිබුණි. සූරාකෑම් ඉහවහා ගොස් තිබුණි. බුද්ධ ධර්මය දියාරුව, නාම මාත‍්‍රිකව පමණක් පැවතියේය.


මේ කාලයේ මෙම ප‍්‍රදේශවල සැරිසරන අරාබි වෙළඳුන් අලූත් ඉස්ලාමීය නීතිය මත අලූත් විනයක් මත වෙළහෙළඳාම් කිරීමට පටන්ගෙන තිබුණි. ඔවුහු අසරණ ගොවීන්ගේ නිෂ්පාදනවලට නියම මිලක් ලබා දුන්නෝය. විකිණූ පසු අනවශ්‍ය බඩු නැවත කිසිදු අය කිරීමකින් තොරව භාරගත්හ. විකුණන භාණ්ඩවල යම් අඩුපාඩුවක් වී නම් එයද පෙන්වා දී ගනුදෙනු කළහ. මෙම අරාබි වෙළඳුන් පෙන්නුම් කළ වාණිජ නීති හා විනය එම රට වැසියන්ගේ සිත් තදින්ම ඇද ගැනුණි. ඔවුහු අරාබි වෙළඳුන් වටා ඒකරාශී වීමට පටන් ගත්තෝය. චීන ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර බලා සිිටිද්දීම කඩාවැටීමකට ලක්විය. චීන්නු කරුණු සොයා බැලූවහ. තම ව්‍යාපාර කඩාවැටීමට හේතුව සොයා ගත්හ. ඒ අරාබීන් අදහස අලූත් ආගමත් ඔවුන් අනුගමනය කරන පොලී රහිත ව්‍යාපාරික ක‍්‍රමයක් බව පසක්කර ගත්හ. ඔවුන් (චීන්නු) කුමන්ත‍්‍රණය කරන්නට වූහ. වහාම රටේ රජු හමුවී සිදුවෙමින් පවතින ව්‍යසනය විස්තර කර රජුද තම අදහසට නතුකර ගත්හ. කොයි රටේත්, කොයි කාලයේත් මහා ප‍්‍රමාණයේ ව්‍යාපාරිකයින් එම රටේ රාජ්‍ය පාලකයින් නතුකර ගැනීම ස්වභාවිකය. මේ අනුව රජු විසින් සියලූම අරාබි ජාතික වෙළඳුන් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.


අනවසරයෙන් වෙළඳාම් කිරීම, වංචා සහගත ගනුදෙනු කිරීම, රටේ ආරක්ෂාවට තර්ජනයක් වීම වැනි අසත්‍ය චෝදනා යටතේ නඩු පැවරුණි. නඩු විභාග කොට සියලූම අරාබි ජාතිකයන් හිසගසා මරා දැමීමට රජු විසින් නියෝග කරන ලදී.


මේ අසාධාරණ නියෝගය දැන ගත් රටවැසියන් රජුට හා චීන වෙළඳුන්ට එරෙහිව නැගී සිටියහ. මහජන නැගිටීම ඉදිරියේ රජු අසරණ විය. චීන වෙළන්දෝ පලා ගියහ. සියලූම අරාබි වෙළඳුන් නිදහස් වී පැමිණ මහජනයා සමග උරෙනුර ගැටී සහයෝගයෙන් ව්‍යාපාරවල නිරතවන්නට පටන් ගත්හ. නියම නායකත්වයක් නොමැතිව සිටි ඇෆ්ගනිස්ථාන්, මැලේසියන්, ඉන්දුනීසියන් ජනතාව ඉස්ලාම් ජීවිතයට ඇබ්බැහි වන්නට පටන් ගත්හ.


මෙම රටවල්වල ඉතිහාසය මෙසේ සටහන් වී ඇත. කිසිම අවස්ථාවක බෞද්ධ ජනතාවට විරුද්ධව කිසිම යුද්ධයක් මේ රටවල පැවැත්වී නැති බව එම රටවල ඉතිහාසය හදාරන්නන්ට බලාගත හැකිය.


මුස්ලිම්වරුන්හට රටේ බලය හිමි වුවද ඔවුන් කිසිවිටෙක එම රටවල්වල පැවති ආගමක් අතුගා දැමීමක් කෙරෙහි තම අවධානය යොමු කළේ නැත. එයට හොඳම සාක්ෂිය වශයෙන් අදටත් අරාබිකරයේ රටවල්වල, අප‍්‍රිකානු රටවල්වල සහ ආසියාතික රටවල ඉතිරිවී ඇති ඓතිහාසික සළකුණු වන යුදෙව් පල්ලි, කිතුණු දේවස්ථාන, බෞද්ධ දාගැබ් සඳහන් කළ හැකිය.


”බර්මියන්” බුද්ධ ප‍්‍රතිමාවන්ද එයට සාක්ෂිය. ඉස්ලාම් දහම පහළ වූ ආසන්න වර්ෂ වලදීම ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීයකරණය විය. ඉන් පසු එම ඉස්ලාමීය රාජ්‍යයේ රජවරුන් වූයේ ”ඉබ්බ‍්‍රාහිම් අද්හම්” වැනි මුස්ලිම් සෘෂිවරුන්ය. ඔවුහු කිසිවිටෙක බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දැමීමට හෝ මුලින් අතුගා දැමීමට උත්සුක නොවූහ. ඔවුහු ඒවා ගරු කටයුතු ලෙස ආරක්ෂා කළෝය. ඉස්ලාම් ධර්මයද, ශුද්ධ වූ කුර්ආනයද, මොහම්මද් තුමාද දේශනා කළේ අන්‍යාගමිකයන්ට ගරු කරන ලෙසය. එම නිසාය මෑතක් වනතෙක්ම එම ප‍්‍රතිමා ආරක්ෂා වූයේය.


මෙහිදී අප සිහියට නංවාගත යුතු කරුණක් නම් මෙම ප‍්‍රතිමාවන් වසර 1000 ක් පමණ ආරක්ෂා කළේ මුස්ලිම්වරුන් විසින් බවය.


අවුරුදු එක්දහස් ගණනක් සෘෂිවරුන් වන් වූ ඉස්ලාමීය මුණිවරුන්ගේ පාලනය යටතේ තිබූ කාලයේත් ආරක්ෂා කරන ලද මෙම ප‍්‍රතිමා හිටි හැටියේම ඉස්ලාමයට විරුද්ධ දේවල් ලෙස සළකන්නට ”තෙලෙයිබාන්” වරුනට සිදුවූයේ ඇයිද යන්න පිළිබඳ අප සිතා බැලිය යුතුය. කරුණ ඉතා පැහැදිලිය. ඉස්ලාමයෙන් උද්ධාමයට පත්වූ මුස්ලිම් තරුණ සිත් නොමගට යවා, ඔවුන් ආගමික උන්මත්තකයන් බවට පත් කරවූයේ කවුරුන්ද? ඒ යම් කිසිවකු නොව යුරෝපීය අන්තවාදී වංචාකාරී අධිරාජ්‍යවාදීන් බව සක්සුදක් සේ පැහැදිලිය.


”මොරොක්කෝ” නම් අරාබි රාජ්‍යයේ සිදුවූ කැරැුල්ලක් හේතුවෙන් එහි එම කැරැුල්ලට නායකත්වය දුන් ”ෂෙයික් ජෙමාල්දීන්” (හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මැතිඳුන්ගේ මී මුත්තා” නම් රජ කුමරා හා ඔහුගේ පිරිස අල්ලා නැව් ගතකර එම රටින් පිටුවහල් කර හරින ලදී. ඔවුන්ගේ ගොඩබැසීමට තෝරා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාදීපයයි. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ රජවරු ඇතුළු රදළ ප‍්‍රභූ ජනතාව හා පැවති හොඳ හිත හා සම්බන්ධකම් පදනම් කරගෙනය. මෙරට ප‍්‍රභූ ජනතාව ඒ විදේශීය අමුත්තන් සාදරයෙන් පිළිගෙන මෙහි පදිංචි වීමටද සියලූ පහසුකම් සලසා දෙන ලදී. ඒ කොතෙක් දුරටද යත් ඔවුන් හට බින්නබැසීමට, කුලකාන්තාවන් පවා ලබාදෙමිනි. මේ කාලයේ ඉඩම් පිළිබඳ අයිතිය හිමි වූයේ රජුට සහ පන්සලටය. එම නිසා පන්සලෙන් සහ රජුගෙන් මේ විදේශීය අමුත්තන්ට නිර්ලෝභීව ඉඩම් පරිත්‍යාග කෙරුණි මේ නිසාම ”යෝනකයින්” නොහොත් මොරොක්කෝවේ සිට පැමිණි ”මරක්කලයින්” සෑම විටම තම රජයටත් පන්සලටත් පක්ෂපාතීව කටයුතු කළහ.


ඉස්ලාමය මේ කාලපරිච්ඡේදයේ ආසියාවේ මෙන්ම අප‍්‍රිකාවේද ඉතාමත් ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබුණේය. යුරෝපයේ තුර්කිය නම් රටේ සිට ආසියාවේ සෑම රටක්ම සහ අප‍්‍රිකානු මහද්වීපයේ සෑම රටකම වාගේ ඉස්ලාම් හඬ රැව්පිලි රැව් දෙන්නට විය.
නමුත් ශ්‍රී ලංකාව? ශ්‍රී ලංකාවේ බුදු දහම රඳාපැවතියේ ථෙරවාදී බුද්ධ ධර්මය මතය. එවකට වැඩ විසූ භික්ෂූන් වහන්සේලා ඉතාමත් කටුක දුෂ්කර ක‍්‍රියාවල නිරත වෙමින් බුදුදහම ආරක්ෂා කළෝය. (මෙහිදී මා විසින් දුෂ්කර ක‍්‍රියා ලෙස හඳුන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ කැපවීමය.) බුද්ධාගම ආරක්ෂා කිරීමේ පරම කාර්යය භාර වී තිබුණේ භික්ෂූන් හටය. සාමාන්‍ය ජනයා රාජකාරී ගොවිතැන්, වෙළහෙළඳාම් වැනි ගිහි කටයුතුවල නියලෙද්දී භික්ෂූන් තම සියලූම ආශාවන් මර්දනය කරමින් සියලූ සුඛෝපභෝගී ජීවිත ප‍්‍රතික්ෂේප කරමින් තම ළමා, තරුණ, වැඩිමහල්, මහලූ යන කාලයන් ධර්මය වෙනුවෙන්ම කැප කරමින් ධර්මය ආරක්ෂා කරන්නට වූහ.


ඔවුන්ගේ අවධානය රාජ්‍ය පාලනය කෙරෙහි යොමු නොවීය. වතු පිටි ඉඩ කඩම් ඉපයීම කෙරෙහි යොමු නොවීය. රාජ්‍ය පාලකයා කවරෙකු වුවත් (සමහර අවස්ථාවල හින්දු,  ඕලන්දයින්ද, පෘතුගීසීන්ද, ඉංග‍්‍රීසීන් ද රාජ්‍ය පාලකයෝ වූහ.) ධර්මය ආරක්ෂා කරන්නට ඇප කැප වී ක‍්‍රියා කළහ.
ඇතැම් අවස්ථාවල දී පරදේසක්කාර  ඕලන්ද, පෘතුගීසීන් රජුට පවා අල්ලස් දීමට ඉදිරිපත් වූවෝය.


එවකට වෙළඳාම් කටයුතු රජු විසින් මුස්ලිම් වෙළඳුන්ට පවරා දී තිබුණේය. මේ බව දුටු පෘතුගීසීන් රජු බැහැදැක ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු තමන් හට පවරා දෙන ලෙසත්, ලාභයෙන් කොටසක් රජුටද ලබාදිය හැකි බවත් පවසා රජුට ද අල්ලස් දීමට සූදානම් වූහ. එම අවස්ථාවන් වල රජුන් පවසා සිටියේ ”මා රටේ ප‍්‍රධාන රාජ්‍ය පාලකයා මිස වෙළෙන්දෙක් නොවන බවයි.”


රජුන්ට අල්ලස් දීමට ඉදිරිපත් වූ මොවුන් රජුන්ටත් ඉහළින් සිටි සංඝ නායකයන් වහන්සේලාට එවන් යෝජනාවක් නොකළායැයි සිතිය හැකිද? මුතු මැණික්, යාන වාහන ඇතුළු විදේශීය භාණ්ඩද ඔවුන් යෝජනා කරන්නට ඇති බව අප හට උපකල්පනය කරන්නට හැකිය. අද මෙන් නොව එදා සංඝයා වහන්සේලා ඒ සියල්ල අලූයම ලූ කෙළ පිඩක් මෙන් පිළිකුලෙන් ප‍්‍රතික්ෂේප කරන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය. ඔවුන් (සංඝයා* මුළු වෙරම යොදා ධර්මය ආරක්ෂා කර ගත්තෝය.


රජුන්ට අල්ලස් දීමට කළ උත්සාහයන් පරාජය වූ කල වෙළඳ යුද්ධයෙන් ජයගැනීම පිණිස පෘතුගීසීන් මුස්ලිම් ජාතිකයින් සමූල ඝාතනය කිරීමට උත්සාහ කළෝය.


වෙළඳාමට පමණක් හිත යොමු කරමින් සිටි මුස්ලිම්වරුන් පෘතුගීසීන්ගේ මේ හදිසි ප‍්‍රහාරය හමුවේ අසරණ වූවෝය. මුහුදුකරයේ වෙරළබඩ ජීවත් වූ මුස්ලිම්වරු රට තුළට පැන ගියෝය. පංසල්වල ආරක්ෂාව පතා සිටියහ. ඔවුන්ව ආදරයෙන් පිළිගත් සිංහල ජනතාව ප‍්‍රමුඛ ගමේ පන්සල ඔවුන් හට සියලූ ආරක්ෂාව සහිතව විසීමට අවස්ථාව ලබාදුන්හ. පෘතුගීසීන්ගෙන් මේ රටේ පාලන බලය ලබාගත් ඉංග‍්‍රීසීන් ඔවුන්ගේ පාලන උපක‍්‍රම යොදා ගනිමින් මෙම රට අවුරුදු 450 ක් පමණ පාලනය කළහ.


ඈත අතීතයේ පටන් ඉන්දියානු, යුරෝපීය වශයෙන් වූ සෑම විදේශීය ආක‍්‍රමණයකදීම මුස්ලිම් ප‍්‍රජාව සිංහලයන්ගේ පැත්තටම සිට තම යුතුකම මැනවින් ඉටු කළහ.


කොටින්ම කියතොත් උතුවන්කන්දේ සූර සරදියෙල් නම් වූ ඒ එඩිතර සිංහලයාගේ දකුණත වශයෙන් එඩිතරව තම ජීවිත පූජාවෙන් සටන් කළේද ”මොහොමඞ් ලෙබ්බේ මරික්කාර්” නොහොත් ”මම්මලේ මරික්කාර්” නම් වූ යෝනකයාය.


මෙම කාලයේදී ඉංග‍්‍රීසීන් ශ්‍රී ලාංකිකයින් කොටස් වශයෙන් බෙදා පාලනය කළහ. බෙදා වෙන් කර පාලනය කිරීම ඉංග‍්‍රීසීන්ගේ මූලික සිද්ධාන්තයකි. සිංහල බෞද්ධයින්ව උඩරට, පහත රට කියාද, ද්‍රවිඩ ජනතාව යාපනය, මඩකලපුව කියාද සිංහල, මුස්ලිම් දෙමළ යනුවෙන් ද කුල ගෝත‍්‍ර අනුව බෙදා වෙන් කළ තැබූහ. මේ වෙන් කිරීමට තවත් උප්පරවැට්ටියක් වශයෙන් දේශපාලන පක්ෂ ක‍්‍රමය හඳුන්වාදෙනු ලැබීය. මේ දේශපාලන පක්ෂ ක‍්‍රමය නිසා ගමේ සභ්‍යත්වය, සදාචාරය, සමගිය, සුන්නද්ධූලී බවට පත්විය.

 


කොටි ත‍්‍රස්තවාදය
කොටි ප‍්‍රශ්නයේදී උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව සහමුලින්ම සිටියේ සිංහල ජනතාව සමගය. ඔවුන් හට සිංහල භාෂාව එක වචනයක් කතා කිරීමට නොහැකි වූවත් සිංහල හෝඩියේ එක් අකුරක් හඳුනා ගන්නට නොහැකි වුවත් ඔවුන් සිටියේ සිංහලයින් සමගය. ඒ ඔවුන් සිංහලයන්ගේ හද ගැස්ම හඳුනාගෙන තිබූ බැවින්ය. එම නිසාය තම ජීවිත පූජාවෙන් සිංහල රට ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ. ඔවුන් එදා කළ පරිත්‍යාගය සුළුපටු නොවේ. නැගෙනහිර සෑම හමුදා කඳවුරක්ම පිහිටා තිබුණේ මුස්ලිම් ජනයා ජීවත්වූ ගම්මාන වලය. ජීවිත දහස් ගණනින්ද වතුපිටි වස්තුව කෝටි ප‍්‍රකෝටි ගණනින්ද අහිමිකර ගනිමින් රට වෙනුවෙන් ඔවුහු පෙනී සිටියෝය. උතුරු නැගෙනහිර කිරි දරුවාගේ පටන් අන්ත මහල්ලා දක්වා ජීවිතයෙන් වන්දි ගෙවූහ. උතුරු නැගෙනහිර ඒ ජනතාව වෙඬරු පිඩක් මෙන් හඳුනාගෙන සිටි ඒ සිංහල හදවත් අද කළු ගල් බවට පරිවර්තනය කිරීමට සිංහල ප‍්‍රභූ ජනතාව ඉඩදී බලා සිටිනවාද යන ප‍්‍රශ්නය සිංහලයා ඉදිරියේ අද මතුවී ඇත.


ජිනීවා වලදී යුරෝපීයන් අමානුෂික අපට පහර දීමට සූදානම් වූ විට, අපගේ ලොකු අයියා වශයෙන් අප මහඟු ආදර භක්තියෙන් සළකන ඉන්දියාවද යුරෝපීයන් සමග එකට අත්වැල් බැඳ ගනිද්දී ඇමරිකාවේ සුරතලූන් වශයෙන් සිටි මුස්ලිම් අරාබි රටවල් ශ්‍රී ලංකාවේ පැත්ත ගැනීම ඇත්ත වශයෙන්ම හද පණගන්වන සුළුය. ඔවුන් කළ මේ උපකාරයේ වටිනාකම මෙතෙක් යැයි කියා නිම කළ නොහැක. නමුත්,


අවාසනාවන්ත ඛේදජනක සිද්ධිය වන්නේ රිසානා නෆීක් බේරා ගන්නට බැරි වූ අරාබිකාරයෝ අපව බේරාගන්නේ කෙසේද? කියා පිරිසක් ප‍්‍රශ්න කිරීමය. රට වෙනුවෙන් කෙනෙක් කරන ඉතා සුළු උපකාරයක් අගය කිරීම ඉතාමත්ම උසස් ගතිගුණයක් බව පැවසීමට කැමැත්තෙමු.


අද ලෝකයේ කිසි රටකට දෙවැනි නොවන පරිදි මෙරට මුසල්මානුවන්ට නිදහස හා අයිතිය ලැබී ඇති බව පවසන්නේ ඉතා ආඩම්බරයෙනි. එහි ප‍්‍රශංසාව මෙරට සිංහල ජනතාව ප‍්‍රධාන මහා සංඝයා වහන්සේලාට බව දැඩි භක්තියකින් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.


එවන් ඉතා යහපත් සම්බන්ධතාවක් අනාදිමත් කලක සිට පවත්වාගෙන ආ සහෝදරයින් දෙපිරිසක් අතර අනවශ්‍ය ආකාරයට චෝදනාවන් ගොනුකර, සිත් බේද බින්න කරවීම අතිශ්‍යයින්ම කනගාටුදායක ක‍්‍රියාවකි.


මේවා ශීලාචාර තැන්පත් මනසක් ඇති අය විසින් නොකරන දේවල්ය. මේවාට උඩගෙඩි දෙන්නන්ගේ උප්පත්තියද හලාල් දැයි? විමසිය යුතුව ඇත.
මෙම අකරතැබ්බයන්ගෙන් මුස්ලිම් සහෝදරයන් බේරා ගැනීමේ අයිතිය ඇත්තේ උගත් බුද්ධිමත් සිංහල සහෝදරයන්ටය. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේද ඔවුන්මය.


මේ අර්බුද සියල්ලටම මුල දේශපාලන පක්ෂ ක‍්‍රමයයි. මෙම ඊනියා දේශපාලන පක්ෂ ක‍්‍රමය බිහිවීමට පෙර ගමට නායකත්වය දුන්නේ ගමේ පන්සලයි. ගමේ පන්සල වටා සියලූම ආගමිකයන්, ජාතිකයන් එක්රොක් වී සිටියහ. එම නිසා ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් වශයෙන් අප කරන ආයාචනය නම් ”ගරුතර සංඝයා වහන්ස, ගම වෙනුවෙන්, රට වෙනුවෙන් පෙරමුණ ගන්න. ඔබ වටා එක් වීමට ඔබේ නායකත්වය පිළිගැනීමට මුස්ලිම් ප‍්‍රජාව සූදානම්”

 

මොහමඞ් මුනව්වර් අෆ්ලල් - අංක 19, ඉස්නාපුල පාර, දර්ගා නගරය.

 

 



අදහස් (0)

ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වටා එක් වීමට මුස්ලිම් ප‍්‍රජාව සූදානම්

සංජිව Monday, 18 March 2013 04:28 PM

කවරු කව්රුත් එකතු උනොත් තමයි හොද (දී)

:       0       0

සදුනි Tuesday, 19 March 2013 03:19 PM

ඇත්තටමද (දී)

:       0       0

අජිත් Thursday, 21 March 2013 10:56 AM

හොද තීරණයක් (දී)

:       0       0

දහම් Thursday, 21 March 2013 05:50 PM

මාලදිවයිනත් මීට අවු700 පමණ පෙර බෞද්ධ රටක්. තාමත් එහෙන් බෞද්ධ නටඹුන් මතු වෙනවා. ඒත් අපරාදේ කියන්න බැහැ, හමුවෙන හැම දෙයක්ම විනාශ කරල දානවා. මම ඒක හොදින්ම දන්නේ මම කාලයක් මාලදිවයිනේ හිටපු නිසා. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 23 March 2013 08:35 PM

සුගත් ඔබ මාව අරාබියට යවන්නද හදන්නේ, හොදයි, හොදයි ඔබ ඒජන්සියක වැඩකරනවාද?මට ඒ විස්තර ඒවන්න.(නදී)

:       0       0

තරංග Wednesday, 20 March 2013 09:44 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

මර්වින් Monday, 18 March 2013 10:09 PM

අපි කවුරුත් මිනිස්සු (දී)

:       0       0

මාලි Wednesday, 20 March 2013 04:00 PM

ඉතා හොද පුවතක් (දී)

:       0       0

මොහොමඩ් Wednesday, 20 March 2013 03:59 PM

ජාතික සමගිය වටිනවා (දී)

:       0       0

පාලිත Wednesday, 20 March 2013 10:21 PM

මට පුදුමයි ඇත්තමයි (දී)

:       0       0

සඳලි Monday, 18 March 2013 04:49 PM

අනේ මන්දා (දී)

:       0       0

නුවන් Wednesday, 20 March 2013 10:22 PM

ඔය කියුවට මමනම් හිතන්නේ නැහැ (දී)

:       0       0

චන්දි Thursday, 21 March 2013 11:46 AM

ෂෙරීෆ්, මොනවද ඔයා දන්නේ බුද්ධාගම ගැන? (නි)

:       0       0

කරුණා Wednesday, 20 March 2013 10:22 PM

100% ඇත්තද මේ කතාව (දී)

:       0       0

චන්න Wednesday, 20 March 2013 10:22 PM

ඔය කියුවට (දී)

:       0       0

තාරක Wednesday, 20 March 2013 10:22 PM

මටනම් විස්වාස නැහැ (දී)

:       0       0

මහේෂ් Tuesday, 19 March 2013 11:17 PM

මේ මුතුකුඩලා වගේ තව කිහිප දෙනෙක් හිටියා නම් අද අපිට බෞද්ධාගමකුත් නැහැ. (නි)

:       0       0

ජීවා Thursday, 21 March 2013 11:54 AM

කවුද එතකොට අක්කරෙයිපත්තුවේ විනාශ වෙන බෞද්ධ උරුම වලට වගකියන්න ඕනෑ? (නි)

:       0       0

තුසිත Wednesday, 20 March 2013 04:08 PM

දෙපාරක් හිතන්න (දී)

:       0       0

සුරංග Monday, 18 March 2013 04:59 PM

ඇති විශිෂ්ටයි (දී)

:       0       0

ජීවන්ත Tuesday, 19 March 2013 11:35 PM

සෑම ජාතියක්ම එකා වගේ ඉන්න ඕනේ (දී)

:       0       0

විමල් Tuesday, 19 March 2013 11:43 PM

ජාති අතර ප්‍රශ්න තියා ගන්න එපා (දී)

:       0       0

ජීවන්ත Wednesday, 20 March 2013 12:10 AM

මම මේ හීනයක්ද දකින්නේ

:       0       0

නිශාන්ත Thursday, 21 March 2013 12:12 PM

විශ්වාස කල නොහැකිය (දී)

:       0       0

සංජිව Sunday, 24 March 2013 02:22 PM

මට හීනයක් වගේ (දී)

:       0       0

කසුන් Thursday, 21 March 2013 12:34 PM

මොකද්ද ඒ කතාවේ තේරුම (දී)

:       0       0

සතිෂ් Thursday, 21 March 2013 12:29 AM

මෙය යථාර්තය නොවේ. (නි)

:       0       0

සේනක Wednesday, 20 March 2013 04:59 PM

මට විස්වාස කරන්නත් බැහැ (දී)

:       0       0

ලංකා Sunday, 17 March 2013 03:29 PM

මටනම් බයයි අනේ (දී)

:       0       0

ෂාෆික් Monday, 18 March 2013 02:09 PM

ඉතා හොද ලිපියක්. (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 20 March 2013 02:08 AM

ප්‍රථමයෙන් ලංකාදීප පුවත්පතට ස්තුතිය පුදමි. බුදුන් වහන්සේ දෙසු දහම අප රටේ බහුතර බෞද්ධ ජනයා අනුගමනය නොකරති. වෙනත් ආගම්වලට දොස් පැවරීමෙන් පලක් නැත, ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය පතමි. (නි)

:       0       0

රනිදු Wednesday, 20 March 2013 05:13 PM

අනේ මන්දා (දී)

:       0       0

චාමර Wednesday, 20 March 2013 11:15 AM

ඇත්තටම ලස්සනයි. කතාව ඇහුවම දුක හිතුනා.හරිම කාරුණික ජාතියක්. (නි)

:       0       0

ගයාන් Monday, 18 March 2013 11:36 PM

"මෙම රටවල්වල ඉතිහාසය මෙසේ සටහන් වී ඇත. කිසිම අවස්ථාවක බෞද්ධ ජනතාවට විරුද්ධව කිසිම යුද්ධයක් මේ රටවල පැවැත්වී නැති බව එම රටවල ඉතිහාසය හදාරන්නන්ට බලාගත හැකිය." ලෙස ඔබ ලියා තිබේ. මෙය අමූලික බොරුවකි. ඉන්දියාවේ බුදු දහම අතුගා දැමුවේ මුස්ලිම් ආක්‍රම්ණිකයන්ය. නාලන්දා විහාර සංකීර්ණයට ඇතුලු වූ ඔවුහු එහි කුරානය තිබේදැයි ඇසූහ. නැත යයි නායක හිමියෝ පිළිතුරු දුන් පසු ඔවුහු සියලු බෞද්ධ භික්ෂූන් පෙළට තබා මරා දැමූහ. නාලන්දාව ගිනිබත් කළහ.(අ) eg. http://en.wikipedia.org/wiki/Muslim_conquest_in_the_Indian_subcontinent

:       0       0

රෝහණ Wednesday, 20 March 2013 11:24 AM

අපි සියලු දෙනා මිනිසුන් බවත් සියලු දෙනා මියයන බවත් මතක තබා ගත යුතුයි (දී)

:       0       0

සම්පත් Wednesday, 20 March 2013 11:38 AM

ජාති ආගම් භේධයකින් තොරව රටට ආදරය කරන අය අඩුයි (දී)

:       0       0

චමින්ද Wednesday, 20 March 2013 11:44 AM

ජාතික සමගියට ඉතාවැදගත් වැඩක් (දී)

:       0       0

පිටිගල Tuesday, 19 March 2013 05:05 PM

උලමාවරුනුත් ඔහොම හිතුවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

චාමර Wednesday, 20 March 2013 11:45 AM

ඇඟ හිරි වැටෙන කතාවක්නේ (දී)

:       0       0

රොහාන් Sunday, 17 March 2013 11:29 PM

සාමය පැතිරු විටෙක ලෝකේ හෙට දවස ලස්සන වෙයි (දී)

:       0       0

මිහිරංග Sunday, 17 March 2013 11:24 PM

ඇත්තටමද කියන්න

:       0       0

දම්මි Thursday, 21 March 2013 01:26 PM

රට යන්නේ මොන පැත්තටද කියල හිතා ගන්න බැහැ (දී)

:       0       0

නිමල් Friday, 22 March 2013 04:05 PM

මට අහුන්නේ නැහැ (දී)

:       0       0

නන්දිත Tuesday, 19 March 2013 12:27 PM

ජාතින් එක්වී කටයුතු කරමු (දී)

:       0       0

අනිල් Thursday, 21 March 2013 02:46 AM

මුස්ලිම්වරුන්ගේ අදහස මුලු ලොවම මුස්ලිම් කිරීම නම් එය තුන්වන ලෝක යුද්ධයකට අත වැනීමක් වනු ඇත. (නි)

:       0       0

පුබුදු Wednesday, 20 March 2013 04:41 AM

මේක තමයි විය යුත්ත (දී)

:       0       0

චතු Wednesday, 20 March 2013 04:51 AM

වටිනා ලිපියක් (දී)

:       0       0

මංජු Thursday, 21 March 2013 01:39 PM

හොද වැඩක් (දී)

:       0       0

අරුෂියා Monday, 18 March 2013 05:48 PM

මුතුකුඩ ඔයාගේ අදහස් හරි වටිනවා. ඔයා වගේ අය ලංකාවේ හිටියොත් කිසිම ජාති බේදයක් ඇතිවෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලියනගේ Wednesday, 20 March 2013 05:35 AM

වෛර සිතින් නොබලන්න. එය බුදු දහමට පටහැනිය. (නි)

:       0       0

නිමාලි Wednesday, 20 March 2013 06:47 AM

ආගම් භේද මොකටද, සන්තෝසයි (දී)

:       0       0

සුගත් Saturday, 23 March 2013 02:52 PM

මුතුකුඩ වැඩකරන්නේ අරාබියේ. ඒකයි ඔය කත් අදින්නේ.(නදී)

:       0       0

අනීස් Saturday, 23 March 2013 02:52 PM

ඔව්.(නදී)

:       0       0

සංජුලා Wednesday, 20 March 2013 06:09 PM

මම හීනයක්ද දැක්කේ (දී)

:       0       0

පුබුදු Tuesday, 19 March 2013 03:46 AM

මුස්ලිම් සිංහල කියලා බේධ මොකටද (දී)

:       0       0

සුජාන් Tuesday, 19 March 2013 06:26 PM

මටනම් හිතා ගන්නවත් බැහැ, අත්තමයි (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 18 March 2013 01:26 AM

ඉතා වටිනවා (දී)

:       0       0

රොෂාන් Tuesday, 19 March 2013 06:38 PM

ජාතිවාදය ලෝකෙන්ම තුරන් කරමු (දී)

:       0       0

මනිෂා Thursday, 21 March 2013 10:10 PM

හාමුදුරුවනේ මේ මොකද්ද මේ වෙන්න යන්නේ (දී)

:       0       0

නිස්සංක Wednesday, 20 March 2013 01:49 PM

එහෙම උනොත් හොප්දයි (දී)

:       0       0

සමන් Tuesday, 19 March 2013 07:16 PM

ඉතා වැදගත් තීරණයක් (දී)

:       0       0

දිලීප් Wednesday, 20 March 2013 01:59 PM

මේක හොද වැඩක් (දී)

:       0       0

සදුනි Wednesday, 20 March 2013 02:07 PM

මේ කතාව ඇත්තනම් හුගක් හොදයි (දී)

:       0       0

ටුආන් Friday, 22 March 2013 12:22 AM

ස්තූතියි! (නි)

:       0       0

රංග Wednesday, 20 March 2013 07:23 PM

ලොක ඉතිහාසයේ මෙවන් දෙයක් වී තියෙනවාද (දී)

:       0       0

මොහිදීන් Wednesday, 20 March 2013 07:41 PM

විශිෂ්ට ලිපියක්. ස්තූතියි. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 20 March 2013 02:31 PM

මහේෂ්ලා වැනි නාමිකව බෞද්ධයන්ය කියාගන්නා වු අබෞද්ධික අදහස් ඇති ධාර්මික ඥානයක් නොමැති අඥානයන්ට බෞද්ධ දර්ශනය තුල පවත්නාවු සැබෑ යථාර්තය නිහතමානිව තේරුම් ගැනීමට නොහැකි වීම බෞද්ධ දර්ශන‍යේ දියුනුවට බාධාවක් මෙන්ම එය ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

නිමල් Monday, 18 March 2013 06:34 AM

ඉතා සන්තෝස ජනක කතාවක් (දී)

:       0       0

සමන් Wednesday, 20 March 2013 07:59 PM

ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රදිප් Sunday, 24 March 2013 11:28 AM

අනේ මන්දා මට නම් මොකුත් තේරෙන්නේ නැහැ. මොකද මාත් දර්ගා නගරයේ නිසා වෙන්න ඇති.(නදී)

:       0       0

අනුරාධා Wednesday, 20 March 2013 09:31 AM

සමගිය බලය වේ (දී)

:       0       0

සංජීව Monday, 18 March 2013 04:10 PM

තමා තමාට නායකවීම සෑහේ, රෝමයේ සිටින විට රෝම විදියට ඉන්න කියලා ඉංග්‍රීසි කියමනකුත් තිබෙන බව මතක තබා ගැනීම වැදගත්, හොද ලිපියක් අගෙයි.(දී)

:       0       0

වජිර Monday, 18 March 2013 07:22 AM

ජාතික නිදහස ඉතා වැදගත් (දී)

:       0       0

සමන් ලංකාතිලක Monday, 18 March 2013 12:36 PM

මුස්ලිම් මිනිස්සු සිංහලයන්ට පුළුවන් තරම් කෙනෙහිලිකම් කරලා, යටිකුට්ටු වැඩ කරලා, ඉතාමත් සුක්ෂමව කපටි කමෙන් සිංහලයන්ගේ ආර්ථික ශක්තිය දුර්වල කරනවා. දැන් වැඩ වරදීගෙන එද්දී මෙහෙම අදෝනා කිව්වට 'කුරගල' අල්ලාගෙන එකේ මොස්ජිත අටෝල ඒගොල්ලන්ගේ පැරණි සෘෂි වරයෙක් හිටිය තැනක් කියල, එහි තිබුණ ඓතිහාසික සෙල් ලිපි වලට ඇසිඩ් දාල විනාශ කරලා, ඒගොල්ලන්ගේ උරුමට සනාත කරන්න අරාබි බාශාවෙන් ලියපු බොරු සෙල්ලිපි හයිකෙරුවේ නැද්ද? පුලුවන්ද මේ කතා බොරුයි කියන්ඩ? (ස)

:       0       0

සෙව්වන්දි Tuesday, 19 March 2013 09:15 AM

මම කැමැති ජාතින් ඔක්කොම එකතු වෙලා ඉන්නවා බලන්න (දී)

:       0       0

මාර්සුක් Friday, 22 March 2013 03:56 AM

මුතුකුඩ සහෝදරයා ඔබට බොහොම ස්තුතියි. බෞද්ධ නැති අයගේ බුද්ධිය වර්ණනා කළාට.(නදී)

:       0       0

වින්ද්‍යා Sunday, 17 March 2013 07:55 PM

මට ඇහුනේ නැහැ

:       0       0

දනුෂ්ක Friday, 22 March 2013 05:45 AM

කාලය හැම දෙයක්ම වෙනස් කළා. එදා වගේ නෙමෙයි අද හැම දෙයක්ම වානිජකරණට වෙලා. කවදාවත් ගුනගරුක සමාජයක් නැතිවෙයි.(නදී)

:       0       0

මුතුකුඩ Sunday, 17 March 2013 08:02 PM

මුස්ලිම් ජනතාව කවදත් ගරුතර ස්වාමින් වහන්සේලා වටා හිටියා. ගරුතර ස්වාමින් වහන්සේලාද මුස්ලිම් ජනතාව වටාද එසේම එක්රොක් වී සිටිය බව අප කවුරුත් දනිමු. දැනුදු එසේමය. එහි කිසිදු වෙනසක් නොමැත. (නි)

:       0       0

පාලිත බංඩාර Monday, 18 March 2013 12:45 PM

ඔය තොප්පිය අපේ මිනිස්සු දාගත්තා හැමදාම.(නදී)

:       0       0

අර්ශාඩ් Thursday, 21 March 2013 05:11 PM

ජිවිතයට ප්‍රධාන වන්නේ සාමයයි (දී)

:       0       0

පස්රාල් Saturday, 23 March 2013 07:27 PM

මුතුකුඩ, ඔබ නියම ධර්මිෂ්ඨ බෞද්ධයෙක්. ඒ නිසා තමයි ඔය අනිත් ආගම් වලට හැම විටම ගරු කරන්නේ. පන්සිල් පද පහ රකින්න ක්‍රමයක් හැදුවොත් බෞද්ධාගම රැකගන්න පුලුවන්.(නදී)

:       0       0

නිශා Monday, 18 March 2013 12:52 PM

මට මොකුත් මතක නැහැ (දී)

:       0       0

මනෝජ් Wednesday, 20 March 2013 09:56 AM

සහයෝගය වැදගත් (දී)

:       0       0

මහින්ද Wednesday, 20 March 2013 10:09 AM

ජාතික සමගියයි වැදගත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 67 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 71 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 208 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 461 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 530 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 91 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site