IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනාවෙන් රට හොල්මන්

චීනයේ ආරක්ෂක ඇමැති ජෙනරාල් වී ෆෙන්ගේ දෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ දිවයිනට පැමිණියේය. චීන ආරක්ෂක ඇමැතිවරයා සමග තිස් හය දෙනෙකුගෙන් සමන්විත විශේෂ දූත පිරිසක්ද ශ්‍රී ලංකාවට පැමිණියහ. කොරෝනා වසංගතය පැතිර යමින් තිබියදී හදිසියේම චීන ආරක්ෂක ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල දැඩි අවධානයක් යොමුව තිබුණේය.

‘‘චීන ආරක්ෂක ඇමැතිවරයා හදිසියේ ආපු සංචාරයක් නෙමෙයි. ඒක සැලසුම් කරපු එකක්. චීනයට අවශ්‍යයි ශ්‍රී  ලංකාව තව තවත් ළංකර ගන්න. බටහිර රටවල් උත්සාහ කරන්නේ චීන විරෝධී වැඩපිළිවෙළකට යන්න. ඒ නිසා චීනය සිය කලාපයේ රටවල් සමග තිබෙන මිත්‍රත්වය තහවුරු කර ගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා’’ යැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් කීවේය.

චීන ආරක්ෂක ඇමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංගලාදේශයට ගිය අතර ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයෙන් පසුව ඔහු වියට්නාමයේ සංචාරය කිරීමටද නියමිතය. චීන ආරක්ෂක ඇමැතිවරයා ඉකුත් බදාදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කළේය. විශේෂයෙන් දෙරට අතර පවතින මිත්‍රත්වය දැඩි කිරීමේ පියවරක් ලෙස මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන්ට චීනයේදී පුහුණුවක් ලබාදීමටත් චීන ඇමතිවරයා කැමැත්ත පළ කර තිබේ. මීට අමතරව කොරෝනා මර්දන එන්නත් තවත් තොගයක් පරිත්‍යාග කිරීමට ද චීන ඇමැතිවරයා අගමැතිවරයා හමුවේ කැමැත්ත ප්‍රකාශ කර ඇත. ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය දැක්වූ විශේෂ සහායටද ශ්‍රී ලංකාවේ නායකයෝ චීන ආරක්ෂක ඇමැතිවරයා හමුවේ ස්තුතිය පළකිරීමට ද අමතක නොකළහ.

කොරෝනා තදින් පැතිර යාම හේතුවෙන් දේශපාලන කරළියම මේ වන විට තුෂ්නිම්භූත තත්ත්වයකට පත්ව තිබේ. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඉකුත්දා පාර්ලිමේන්තුවට විශේෂ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පත නම්කර තිබුණේ හදිසි මහජන සෞඛ්‍ය පනත ලෙසය. සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් මතු වුවහොත් රට අනුගමනය කළ යුතු නීති හා වැඩපිළිවෙළ එම පනත් කෙටුම්පතේ සඳහන්ව තිබේ. ‘‘හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් හෝ ඊට ආසන්න තත්ත්වය සැලකිල්ලට ගෙන මහජන සෞඛ්‍ය අවශ්‍යතා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත උපදෙස් මත එය ඉටු කිරීම සුදුසු යැයි පාර්ලිමේන්තුව විසින් නිගමනය කරනු ලබන්නේ නම් එකී යෝජනාවට සමස්ත  සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් මතු වී තිබෙන බව ප්‍රකාශ කිරීම මෙම පනතේ අරමුණ බව ද එම පනත් කෙටුම්පතේ සඳහන් වී තිබේ.

එම පනතට අනුව හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කළ පසුව එම කාලසීමාව ඇතුළත මහජන රැස්වීම්, ආගමික කටයුතු, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, එළිමහනේ ප්‍රසිද්ධියේ අධ්‍යාපන කටයුතු, වාසස්ථානවලින් පිටතට ගමන් කිරීම තහනම් කෙරෙන නීති රෙගුලාසි ඊට අයත්ය.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැයි දින පෙළපාලි සහ රැස්වීම් නතර කිරීමට ආණ්ඩුව කල්තියා පියවර ගත්තේය. එහෙත් ආණ්ඩුවේ තීරණයට ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය සහ තවත් පක්ෂ කීපයක් විරුද්ධත්වය පළකර තිබුණේය. ආණ්ඩුව තහනම් කළද කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමට පෙළපාලි හා රැස්වීම් පවත්වන බව එම පක්ෂ කීවේය. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන තීන්දුවක් ගන්නා බව පසුව ප්‍රකාශයට පත් කළේය. කෙසේ වෙතත් පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව ඉකුත් වසරේදී මෙන්ම මෙවරද මැයි දින පෙළපාලි හා රැස්වීම් කිසිවක් නොපැවැත්වෙන බව පැහැදිලිය.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයා ඉකුත්දා ප්‍රකාශයක් කළේය. ‘‘පාස්කු ප්‍රහාරයට රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් කිසිදු සම්බන්ධයක් නැතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයාය. එතුමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු හතර දෙනෙක් පත්ව සිටිනවා. ඊට අමතරව පළාත් පාලන ආයතනවලට සභිකයන් 169 දෙනෙක් පත්ව සිටිනවා. සමස්ත මුස්ලිම් ජනතාව මේ ගතකරන්නේ ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය. මහ රාත්‍රියේ පැමිණ එතුමා අත්අඩංගුවට ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට කලින් කැඳවපු අවස්ථාවල මන්ත්‍රීවරයා එහි ගොස් ප්‍රකාශ ලබාදුන්නා. එතුමාට එන්න කිව්වා නම් එහි යනවා. මේක දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක්’’ යැයි ඔහුගේ නීතිඥයා  ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨයකු ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ 20 වැනි සංශෝධනයට පක්ෂව තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් ඡන්දය ලබා දුන්නේ කිසියම් අවබෝධයකට අනුව බවය.

‘‘ආණ්ඩුව සමග අපි එකඟතාවකට ගියා. විස්සට ඡන්දය ගන්නා ආණ්ඩුවේ ප්‍රබලයෝ අපිට අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වා. ලොකු පොරොන්දු දුන්නා. ඒත් දැන් ආණ්ඩුවට ඒ ගැන ගානක් නැහැ’’ යැයි ද රිෂාඩ්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කීවේය. මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කියන්නේ රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් බවය. ‘‘මේක දේශපාලන කුමන්ත්‍රණයක් ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන් සමගි ජනබලවේගයට සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවන්න ක්‍රියා කළා. ඒ විතරක් නෙමෙයි ඔහු පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් ආණ්ඩුව විවේචනය කරනවා. ආණ්ඩුව විවේචනය කරන විරුද්ධ දේශපාලනඥයන් මර්දනය කිරීමට  තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.’’ යැයිද එම මන්ත්‍රීවරු ප්‍රකාශ කරති.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද හරීන් වෙනුවෙන් මුළු පක්ෂයම සටන් කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් සජිත්ගේ ප්‍රකාශයෙන් පසුව හරීන් ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු වූයේය. ඔහු එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට පසුව වෙනත් පෞද්ගලික රෝහලකදී හදවත් සැත්කමකට ලක්ව සිටින්නේය. මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමට විපක්ෂයේ දේශපාලනඥයෝ දිනපතාම පාහේ රෝහලට යන්නට පටන් ගෙන සිටිති.

කෙසේ වෙනත් හරීන්ගේ රෝහල්ගතවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළකරමින් තිබේ. ඇතැම් පිරිස් ප්‍රකාශ කරන්නේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා හරීන් ප්‍රනාන්දු රෝහල්ගතව සිටින බවකි. මේ අතර සමගි ජන බලවේගය පක්ෂය හරීන් ප්‍රනාන්දු බේරා ගැනීම සඳහා වැඩ සටහනක් ආරම්භ කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු මේ දිනවල කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් හමුවීමට ගොස් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. ‘‘අපි කතෝලික පියතුමන්ලාට සත්‍ය තත්ත්වය ප්‍රකාශ කරනවා. ඇත්තටම පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා ඊට සම්බන්ධ වූ අය නිදැල්ලේ ඉන්නවා. තාත්තාගේ ප්‍රකාශයක් අල්ලගෙන හරීන් පාස්කු ප්‍රහාරය දැන සිටි බවත් තොරතුරු වසන් කළ බවටත් චෝදනා කරනවා. ඒ ගැන අපි කතෝලික ජනතාවත් දැනුවත් කරනවා’’ යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී මනූෂ නානායක්කාර කීවේය.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් හරීන් බේරාගැනීමේ සටනටද උරදී සිටිති.

මේ අතර දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ සඳහන් කරන්නේ ‘‘මේ මොහොතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට පත්වෙමින් තිබෙනවා. ඉතාමත් ස්වාධීනව සිදුවන විමර්ශනයන් හරහා තරාතිරම හා පදවි තනතුරු ද නොසලකා මේ මිනිස් ඝාතනයට සම්බන්ධ පිරිස් නීතිය හමුවට ගේන්න ආරක්ෂක අංශ කටයුතු කරනවා. මේ පිළිබඳව සමගි ජන බලවේගයේ නායකයින් කලබලයට පත්වෙලා. බියට හා සංත්‍රාසයට පත්වෙලා. පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික ප්‍රජාව අතර වැරැදි මත පතුරවමින් විමර්ශන අඩාල කරන්න තමයි මේ අය කටයුතු කරන්නේ යැයිද සුගත් හේවාපතිරණ සඳහන් කරන්නේය.

දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ රටට හානිදායක වගන්ති පිළිබඳව රට දැනුවත් කිරීමේ වැඩසටහනක් එජාපයේ මෙහෙයවීමෙන් ඉකුත් ඉරිදා පැවැත්විණි. එම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන එය සංවිධානය කර තිබුණේය.

මහා සංඝරත්නය, නීතිඥවරු, එජාප සංවිධායකවරු, පළාත් පාලන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරීන් වරාය නගර ව්‍යාපෘතිය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුමක් ලැබීය. 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව සකස් කළ පනත් කෙටුම්පත්ද ඔවුන්ට ලබාදුන් අතර නව ආණ්ඩුව සකස් කළ පනත් කෙටුම්පත සමග එය සංසන්දනය කිරීමටද ඔවුන්ට අවස්ථාව හිමිවිය.
ඉරිදා  උදෙන්ම ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි වජිර විහාරාධිපති නාහිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව  දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළේය.

වජිර අබේවර්ධන විහාරාධිපති නාහිමියන් හමුවේ වරාය නගර ව්‍යාපෘතිය හා පනත් කෙටුම්පත පිළිබඳව විස්තර කළේය.

අපේ හාමුදුරුවනේ ආණ්ඩුව කඩිමුඩියේ වරාය නගර පනත් කෙටුම්පත  ගෙනාවා. මේක ඉතා භයානක එකක්. මේකෙ රටට හානිකර වගන්ති ගණනාවක් තියෙනවා යැයි ආදී වශයෙන් වජිර දීර්ඝ ලෙස කරුණු දැක්වීය. ඉන් අනතුරුව පිරිස ගාල්ල එජාප දිස්ත්‍රික් කාර්යාලයට පැමිණියහ. එහිදී පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණ. එජාප ආසන සංවිධායකවරු, පළාත් පාළන ආයතනවල මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියහ. ඉන් පසුව හික්කඩුව නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් වජිර අබේවර්ධන හමුවූහ. පනත් කෙටුම්පත පිළිබඳව එම පිරිස දැනුවත් කිරීමටද වජිර ඇතුළු පිරිස කටයුතු කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් බදාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යැව්වේය. ඉන්දියාව මේ වනවිට මුහුණපා සිටින කෙ​ාරෝනා අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා එම ලිපියෙන් දැඩි සංවේගය පළ කර තිබිණ. අතීතයේ සිටම මෙවන් වසංගත තත්ත්වයන් ජය ගැනීමට ගන්නා ලද මනුෂ්‍යත්වයේ සාමූහික ප්‍රයන්ත සාර්ථක වූ බවද එම ලිපිය මගින් ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණ. මනා කැපවීමක් සහිත විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගේ සහයෝගයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් ඉන්දියාව මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඉන්දීය ජනතාව වෙනුවෙන් රතනසූත්‍රය දේශනා කිරීමට සූදානම් වන බවද ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැතිවරයාට දන්වා තිබුණේය.

මේ අතර කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබුණේ මහා සංඝරත්නයේ සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාරුණිකභාවය තුළින් පිළිබිඹු වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පවතින සමීප සබඳතාවයේ ගැඹුර හා ශක්තිමත්භාවය පිළිබඳවය. කොරෝනා වසංගතය විසින් මතුකර ඇති අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සිටීම ඉන්දීය නායකත්වය සහ ජනතාව ඉතා අගයකොට සලකන බවද
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේය.

ඉකුත් අඟහරුවාදා යුරෝපා සංගමයේ තානාපතිවරයා ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් විපක්ෂනායකවරයා හමුවූහ. යුරෝපා සංගමයේ තානාපති, ප්‍රංශ තානාපති, ඉතාලි තානාපති, ජර්මන් තානාපති, රොමේනියානු තානාපති යන රාජ්‍ය නිලධාරීන් හා විපක්ෂනායකවරයා අතර එම හමුව පැවතියේ අඟහරුවාදා පෙරවරුවේ කොළඹ  විපක්ෂනායක කාර්යාලයේදීය.

කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන අභියෝගය පිළිබඳව එම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුකර තිබූ බව වාර්තා විය. එම සාකච්ඡාවේදී විපක්ෂනායකවරයා ශ්‍රී ලංකා ආණ්ඩුව මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බවද තානාපතිවරුන් හමුවේ කියා සිටියේය. විපක්ෂනායකවරයා හා තානාපතිවරුන් අතර පැවැති සාකච්ඡාවට හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

(*** කස්තුරි)



අදහස් (1)

කොරෝනාවෙන් රට හොල්මන්

nm Saturday, 01 May 2021 12:02 AM

covid -19 තදින් පැතිර යාම හේතුවෙන් දේශපාලන කරළියම මේ වනවිට තුෂ්නිම්භූත තත්ත්වයකට පත්ව ඇත. ඇස්ට්‍රා සෙනෙකා මහපරිමාණයෙන් නිපදවන අසල්වැසි ඉන්දියාවද මේවන විට covid -19 නිසා අර්බුද රැසකට මුහුණ දී තිබේ. ලෝකයේ ධනවත්, බලවත් රටවල් සියල්ලක්ම වගේ මේ වනවිට ඉන්දියාවේ සහායට පැමිණ ඇත. covid -19 ලංකාවේ මේ වනවිට සීග්‍රයෙන් පැතිර යමින් තිබේ. අසල්වැසි ඉන්දියවෙන් ලැබුණු එන්නත් පවා මේවනවිට නොලැබී යන තත්වය උද්ගතව ඇත. චීනය සහ රුසියාව හැර ලෝකයේ යමක් කළහැකි ප්‍රජාතන්ත්‍රවාදී බලවත් රටවල් සමග ලංකාවේ රජය සම්බන්ධතා නැත... රට තුළ සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍ය කණ්ඩායම් මාධ්‍ය වෙත පැමිණ රජයට සහ ඔවුනොවුන් විවේචනය කර ගනිමින් සිටියි. මේ සියල්ල නරඹමින් රට වැසියන් වූ අපද තුෂ්නිම්භූත තත්ත්වයකට පත්ව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 40 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 82 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 317 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 31 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 464 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 264 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site