IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹට වතුර නැති උනේ බෝට්ටු පදින්න පාලම උස්සපු නිසාද?

09-Page-3-M-07

1

පාර්ලිමේන්තු පරිශ‍්‍රයට යන මාර්ගයේ බත්තරමුල්ලේ දියත උද්‍යානය අසල පාලම වඩාත් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර කලක් ගතවී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම පාලම උස්කිරීම හා පළල් කිරීම සඳහා අතිවිශාල මුදලක් වැය කරන බව ද වාර්තා වේ. පාලම යටින් ගලායන දියවන්නා ඔයේ බෝට්ටු පැදීම සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට මෙම පාලම විශාල ප‍්‍රමාණයෙන් පුළුල් කරන බව ද කසුකුසුවකි.

අපි මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ උපදේශක (ඉඩම් සංවර්ධන, සැලසුම් හා මෙහෙයුම්) වීරසේන අධිකාරි මහතාගෙන් විමසුවෙමු.09-Page-3-M-08

ප‍්‍රශ්නය පාර්ලිමේන්තු වටරවුම අසල පිහිටි පාලම පුළුල් කරන්නෙ ඇයි? මේ පාලම බොහොම හොඳට තිබුණ එකක්නේ?


පිළිතුර මෙතැන මාර්ග තදබදයක් තිබෙන තැනක්. අනික මේ පාලම පළල් කිරීමට හා උස් කිරීමේ අවශ්‍යතාවක් තිබුණා.
 

ප‍්‍රශ්නය පාලම උස් කරන්න විශාල වියදමක් දරන්න වෙනවා.
පිළිතුර ඒකට යන වියදම ගැන දන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. පාලම උස්කරන්නෙ ජලය බැස යාමේ පහසුවට.

 

ප‍්‍රශ්නය කලිනුත් වතුර බැස ගියානේ.
පිළිතුර නමුත් වතුර බැස යාමට තිබූ කානුව ප‍්‍රමාණවත් නැහැ.

 

ප‍්‍රශ්නය ආරංචිය නම් තියෙන්නේ බෝට්ටු රේස් තරග තියන්න මේ තරම් විශාල මුදලක් වැය කරල පාලම උස්සනව කියලයි.
පිළිතුර මමත් ඔය ආරංචිය ඇහුවා. හැබැයි අපි නම් එහෙම එකක් දන්නේ නැහැ. ඇරත් බෝට්ටු යන එකේ වැරැද්දක් තියෙනවද?

 

ප‍්‍රශ්නය කිසිම වැරැද්දක් නම් නැහැ. නමුත් මේ තරම් විශාල මුදලක් වැය කරන එක තමයි ප‍්‍රශ්නය.
පිළිතුර  ඕනෑම සංවර්ධන වැඩක් කරනකොට මොකක් හරි විරෝධයක් දාන එක සිරිතක්. කණ්ඩලම හදනකොට කී දෙනෙක් විරුද්ධ වුණාද? දැන් ඔය විරුද්ධ වෙච්ච අයත් අගේට යන්නේ. හයිවේ එපා කිව්වා. එපා කියපු අයත් යනවනේ. ඒ වගේ තමයි දෙයක් කරන්න ගත්තම විවිධ කතා කියනවා. රටක් දියුණු වෙන්න නම් මේව කරන්න එපායෑ.

 

ප‍්‍රශ්නය පාලම උස්කරන්නෙ බෝට්ටු රේස් තියන්න අවශ්‍ය නිසා නොවෙයිද?
පිළිතුර මේ ආසන්නයෙ තවත් ගොඩනැගිලි එහෙම හැදේවි. ප‍්‍රදේශයේ ජලය බැස යාම විධිමත්ව සිදුවෙන්න  ඕනෑ. පොඩි වැස්සකටත් ජලය රොක්වීම සංවර්ධනයට බාධාවක්. ජලය බැසයාම විධිමත් කරන්න අවශ්‍යයි. නුගේගොඩට යනකම් පයින් යන්න පුළුවන් මාර්ගයක් හදන්න සැලසුම් කරලත් තියෙනවා.

 

ප‍්‍රශ්නය කෝට්ටෙ නගරයේ බොහොම වෙනස්කම් කරනව වගෙයි.
පිළිතුර රටක සංවර්ධනයට, පරිසරයත් අදාළයි. පරිසරය පියකරු වෙන්න  ඕනෑ. නාගරික සංවර්ධන අධිකාරියෙන් ජනතාවට ප‍්‍රසන්න නගරයක් ඇති කරනවා.

 

 


22

කෝට්ටේ හා මහරගම නගර සභා බල ප‍්‍රදේශවල පසුගිය සෙනසුරාදා (2) සිට පැය 72 ක කාලයක් ජලය කපා හරින බවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදන කර තිබුණත් පැය 96 ක් ගතවන තුරුත් ජලය සැපයීමට මණ්ඩලය අපොහොසත් විය. මෙම නගර සභා දෙකේ වෙසෙන ලක්ෂ ගණනක් වූ ජනතාවගෙන් සියයට 95 ක පමණ පිරිසක් පාවිච්චි කරනු ලබන්නේ නළ ජලයයි. දින 4 ක කාලයක් නළ ජලය නොලැබීමෙන් මෙම ජනතාව අතිශයින් අසීරුතාවකට පත්වී සිටියහ.

මේ පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. පේ‍්‍රමසිරි මහතාගෙන් විමසුවෙමි.

09-Page-3-M-09

ප‍්‍රශ්නය පැය 72 න් ජලය සපයනවා කිව්වට බැරිවුණා නේද?
පිළිතුර ඔව්. හිතුවට වඩා පොඩි කාලයක් ගියා.

 

ප‍්‍රශ්නය දියත උද්‍යානය අසල පාලම උස් කිරීමේදී මේ ජල නළයට හානිවෙලා කියල ආරංචියි.
පිළිතුර නෑ.... නෑ.... එහෙම එකක් නැහැ. පාලම ඇතුළෙත් නළ එලන්න තියෙන්නෙ. විශේෂයෙන් ඒ පාලම අබලන් තත්ත්වයක තිබිල තියෙන්නේ. ලොකු ජල ගැල්මකදී ජලය බැසයාමේ අපහසුවකුත් තිබිල තියෙනවා.

 

ප‍්‍රශ්නය පාලම ඇතුළෙන් නළ එලන්නේ ඇයි? කලින් තිබුණේ පාලම යටින් නේද?
පිළිතුර ජලය ගලා යනවිට කුණු රොඩු රැඳිලා ක‍්‍රමවත්ව ජලය බැස ගියේ නැහැ. ඒ නිසා පාලම ඇතුළතින් නළ එලීමට තීරණය කළේ ජලය බැසයාම විධිමත්ව සිදුවිය යුතු නිසා.

 

ප‍්‍රශ්නය නළ එලීම මෙතරම් ප‍්‍රමාද වුණේ?
පිළිතුර මේ නළ එලීම බොහොම ව්‍යාකූල එකක්. සරල නැහැ. හේතුව මෙතැන එක දිගට නළ එලීමක් තිබුණේ නැහැ. නළ එලීම වංගු සහගත එකක්. ඒ නිසා බලාපොරොත්තු වුණාට වඩා වැඩි කාලයක් ගතවුණා.

 

ප‍්‍රශ්නය මේ පාලම උස් කළේ දියවන්නා ඔයේ බෝට්ටු රේස් යන්නද?
පිළිතුර මම නම් එහෙම එකක් දැනගෙන හිටියෙ නැහැ. එහෙම එකක් දන්නෙත් නැහැ.

 

ප‍්‍රශ්නය දින තුන හතරක් ජලය නැතිවුණාම මිනිස්සු විශාල අසීරුවකට පත්වෙනවා.
පිළිතුර ඔව්. බලාපොරොත්තු නැති විදියට අලූත්වැඩියා කටයුතු කල් ගියා.

 

ප‍්‍රශ්නය කඩිනමින් අලූත්වැඩියා කරල කල්වේලා ඇතිව ජලය ලබාදීම මණ්ඩලයේ වගකීම.
පිළිතුර අපිත් බලාපොරොත්තු වුණේ එහෙම තමයි. ඒත් ඉතින් අහඹු දේවල් සිදුවෙනවා.

 

23



අදහස් (9)

කොළඹට වතුර නැති උනේ බෝට්ටු පදින්න පාලම උස්සපු නිසාද?

ජල සම්පාදන සේවක පිරිස Friday, 15 August 2014 08:57 AM

අපි හැමෝම නම් දන්නවා ඇත්තටම වතුර නැති වුනේ බෝට්ටු පදින්න පාලම උස් කරපු නිසා කියලා (නදී)_

:       0       0

ලෙස්ලි Wednesday, 13 August 2014 01:10 AM

එයාලට බෝට්ටු පදින්න ලැබෙනවා නම් අපිට මාසයක් වුණත් වතුර නැතුව ඉන්න පුළුවන්. (නි)

:       0       0

මංජු ශ්‍රී Friday, 15 August 2014 12:01 PM

පාලම ඉස්සුවට කමකුත් නැහැ, බෝට්ටු රේස් ගියාට කමකුත් නැහැ වතුර හදන්න ගිය කාලය වැඩියි. කළමනාකාරිත්වයක් නැතිනිසා පරක්කු උනේ පැය 8 ඇතුලත දෙන්න පුළුවන් (නදී)

:       0       0

සදුනි Wednesday, 13 August 2014 04:28 PM

ධම්මි හරි.සංවේදී කටයුතු වලදී මනා සැලසුමක් තිබිය යුතුමයි.ජලය කේන්ද්‍ර කරගෙන සංචාරක කටයුතු ප්‍රවර්ධනය කාලෝචිත ක්‍රියාවක්. (නි)

:       0       0

චාමික Wednesday, 20 August 2014 08:02 AM

වතුර බහින කාණුව ප්‍රමාණවත් නැති නිසා පාලම් ඉස්සුවේ මොන රටේද ? ඇමරිකාවේ, ඇමරිකාවේ!(අ)

:       0       0

අජිත් Wednesday, 13 August 2014 03:57 AM

දින 3ක් වතුර නැතුව ඉන්න බැහැ. ඒ ගැන චෝදනා කළාට කමක්නැහැ. නමුත් රටේ යහපතට අලුත් දෙයක් වෙනවා නම්, ඒ බවත් හදවතට අනුව හිතන්න. (නි)

:       0       0

ධම්ම Wednesday, 13 August 2014 11:39 AM

බෝට්ටු යන්න බට ඉස්සුවාට ඇති වැරැද්දක් නැහැ. වැරැද්ද මිනිසුන්ට නොදැරිය හැකි කාලයක් වතුර වසා සිටීමයි. මෙවැනි සංවේදී දේට අත ගහනකොට එය මනා සැලසුමකින් කළයුතුයි. (නි)

:       0       0

කවීෂ Saturday, 16 August 2014 05:46 AM

පැය 8 ඇතුලත හදන්න පුළුවන්නම් මංජු ශ්‍රී ඔයා ඇවිල්ලා හදලා දෙන්න එපැයි. එතන තිබුන තත්ත්වය දන්නේ එතන වැඩ කරපු මිනිස්සුයි. කට්ටිය හිතන් ඉන්නේ වතුර බටයක් එලන එක හරිම ලේසි දෙයක් කියලා. ඒකට තාක්ෂනයක් තියෙනවා, ඒ තාක්ෂණය උපයෝගි කරගෙන ඒ වැඩේ කරන්න ඕන. නැතිනම් ඉක්මනටම ආයෙත් පාලමත් එක්කම හදන්න වෙයි ඒක පිපිරුවොත්. කරන වැඩේ හරියට කරන්න නෙවෙයි ද ඕන.(අ)

:       0       0

Dulanga Saturday, 08 January 2022 11:54 AM

තාමත් වතුර නෑ. අනික ඔය කියනවා වගේ ට්‍රැෆික් එකක් ඔතන ගුවන් පාලමේ ඇති වෙන්නේ නෑ. ට්‍රැෆික් එක තියෙනනේ රාජගිරිය හරියෙයි, බත්තරමුල්ලෙයි. තව ඔතන වතුර හිරවීමක් හො ගොඩවීමක් හෝ නිසි ලෙස ගලා නොයෑමක්... පාලම හැදූ පසු මං දන්නා තරමින් නම් වෙලා නෑ. මෙතන අනිවාර්යයෙන් වෙන හේතුවක් ඇති. එනැතත් මෙවා කලින් හදද්දී හොයලා බලන්නේ නැතුවද හදන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 174 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 126 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 206 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 214 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 705 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 962 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site