මේ අපේ රටේ තවත් තීරණාත්මක මැතිවරණයක් කට මුල සිටින දවස්ය. ඒ නිසා මේ දිනවල අපට බඩ කට පුරා හැම වෙලේම ඡන්ද පොරොන්දු අඩුවක් නැතිව ලැබේ. ඡන්ද පොරොන්දුවලින් දැන් අපේ කන් ගොඩවෙලා වගේ දැනේ. විශේෂයෙන්ම හැමදාම සුපිරි ඡන්ද පොරොන්දු දෙන්නේ අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ උදවියයි. මෙවරද එහි අඩුවක් නැත.
මැතිවරණයත් සමග මැතිවරණ පොරොන්දු ජනතාව අතට පත්වෙන්නේ ආකර්ශණීය දවටනයන් සහිත ‘‘ප්‍රතිපත්ති ප්‍රකාශන’’ නමින්ය. මෙවරත් ප්‍රධාන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන හෙවත් ඡන්ද පොරොන්දු මාලාව ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙවර ‘‘මාස 60කින් අලූත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය’’ නමින්ද නිදහස් සන්ධානය ‘‘අනාගතයට සහතිකයක්’’ නමින්ද ඡන්දදායකයින් අතට පත්කර ඇත.
බැලූ බැල්මට මේ පොරොන්දු ඉටු වෙන්නේ නම් මේ රට කොයි තරම් සුරපුරයක් වනේන්දැයි සිතේ. නමුත් අතීත උදාහරණ අනුව මෙසේ පක්ෂ විසින් දුන් පොරොන්දුවලින් මේ දක්වා ඉටු වී ඇත්තේ කංහැන්දක් තරම් සොච්චමකි. හැමදාම ඡන්ද කාලෙට ලැබෙන මේ කැරට් අල රස බලා ඇති ඡන්දදායකයින්ද මේවා මේ සම්මජාතියේ ඉටු නොවන ඒවා බව දැන දැනම පක්ෂවලට ඡන්දය ද දෙති. ඊට පසු ඒ දුන් පොරොන්දු ඉටු කරන්නේ නැතැයි කියා ඊළඟ අවුරුදු කීපය නහයෙන් අඬ අඬා සිටිති. මේ ඡන්ද පොරොන්දු සෙක්කුවේ අපේ ඡන්දදායකයින් වටා කාලයක් තිස්සේ කැරකෙමින් සිටී.
මෙවරද හිනායන ජාතියේ ඡන්ද පොරොන්දු මල්ලක් දෙපැත්තෙන්ම අත පුරා ලැබී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේද එක්සත් ජාතික පක්ෂ වේදිකාවේද මේ ඡන්ද පොරොන්දු දෝරෙ ගලා යන හැටි අපට මේ දිනවල දැකගත හැකිය. මහින්ද රාජපක්ෂ රජයේ සේවකයින්ට රුපියල් විසි පන්දාහක් දෙනවායැයි කියන විට රනිල් වික්‍රමසිංහ රැකියා දස ලක්ෂයක් දෙනවා යැයි කියයි. හැමදාමත් වගේ රජයේ සේවකයින් මේ ඡන්ද පොරොන්දුවලින් අඩු නැතුවම බයිට්වේ. එළුවාගේ මොකක්දෝ වැටෙන තුරු පසුපස යන නරියාගේ තත්ත්වය මේ ඡන්ද පොරොන්දු නිසා රජයේ සේවකයින් වැටිලාය.
කසාඳ බඳින අයට ලක්ෂ දෙක ගානේ දෙනවා යැයි මහින්ද රාජපක්ෂ කියන විට කසාද බඳින ගාස්තුව රුපියල් පන්දහස දක්වා වැඩි කළේ මේ අප්පච්චිම නේදැයි අනෙක් පැත්තෙන් ප්‍රශ්න කෙරේ. රැකියා දස ලක්ෂය ගැන එක්සත් ජාතික පක්ෂය කියන විට යූඑන්පිය හැමදාම රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළා නොවේදැයි අනෙක් පැත්තෙන් අසයි.
මෙවර එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙළේ ‘‘මතින් තොර රටක්’’ ගැන කියා ඇත. පහුගිය ආණ්ඩුවෙ ‘‘මතට තිත’’ ජෝක් වී ගිය හැටි මතක් වෙන විට මේකටත් ඒ ඉරණම අත්විය හැකි බව විතරක් අනාවැකියක් ලෙස කිව හැක.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ද මේ ඡුන්ද පොරොන්දුවලින් හොඳ හැටි රැුවටී ඇති පිරිසකි. මෙවරද දෙපැත්තම වැඩි හිටියන්ට සලකන්න මග බලාගෙන සිටින බව කියති. සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි මර්මස්ථාන මේ ඡන්ද පොරොන්දු අතර කැපී පෙනේ. හැමදාම දුන් පොරොන්දුවලට අනුව මේ ක්ෂේත්‍ර වර්ධනය වුණා නම් මෙය ඇත්තටම ලෝකයේ සුපිරිම රටක් වී හමාරය. හරියට බේත් ටිකක් දී ගන්න බැරි සෞඛ්‍ය සේවකයකුත් පහේ ශිෂ්‍යත්ව විභාගය පවා නිසියාකාරව පවත්වා ගැනීමට නොහැකි අධ්‍යාපනයත් අද අපට උරුම වී ඇත්තේ මේවා ඡන්ද පොරොන්දු නිසාය.
බඩු මිළ අඩු කිරීම තවත් නොම්මර එකේ ඡන්ද පොරොන්දුවකි. මෙවරත් බඩු ලැයිස්තු දෙපැත්තම ඉදිරිපත් කර ඇත. රුපියල් 3.50කට පාන් ගෙඩිය ලබාදෙන ඡන්ද පොරොන්දුවක් රටක ආණ්ඩු වෙනස් කළ අතීතයත් අපට උරුමය. හඳෙන් හාල් ගෙනත් දෙනවා යැයි කියු දේශපාලන නායිකාවක් ඇට අටක් දෙනවා යැයි කියූ දේශපාලන නායකයින් තට්ටු මාරු ක්‍රමයට අපේ රට පාලනය කර ඇත.
මෙවර මැතිවරණ සමයේ කරළියට ආ මැතිවරණ පොරොන්දු මලූද ලබන 17 වෙනිදායින් පසු දොරමුල්ලට වැටෙනු ඇත. එතැන් පටන් දුන් පොරොන්දු ඉටු කරන්නේ නැතැයි අවලාද කීමට විපක්ෂයටත් ඒ අවලාද අසා ඒවාට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කර ඇඟ බේරා ගැනීමට ආණ්ඩුවටත් තවත් වසර 5ක් ලැබෙනු ඇත. තවත් සුමානයක් යනතුරු ඡන්දදායකයාට මේ සුරම්‍ය සිහිනයේ සිටිය හැක. තව වසර පහකින් ඊළඟ ඡන්ද පොරොන්දු නාටකය රඟදැක්වීමට දේශපාලකයින්ට මේ වසර පහ තුළ ලකලෑස්ති වීමට ඕනෑවටත් වඩා කාලය තිබේ. කෙසේ වෙතත් හැමදාමත් ඡන්දදායකයින් පොරොන්දු වූ උගුලේ හිරවීම අනිවාර්ය කාරණයකි.
ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය
දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග
ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද
සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කවදා ඉටුවෙයිද මේ ඡන්ද පොරොන්දු?
අජිත් Tuesday, 11 August 2015 01:12 PM
හොඳයි. සන්ධාන රජය නෙමෙයිද එතකොට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකළ ආණ්ඩුව? (නි)