IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කලාවැවේ කුවේණි කෝවිල

ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප‍්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ වැව් බැම්ම දිගේ වාහන ඇදෙන විට වැව් දිය තෙමා ගත් සුළඟ වැදී ගත සිත නිවෙයි. සාගරයක් බඳු කලා වැවේ ජලය පිසගෙන එන සුළඟ සිරුරේ වෙහෙස උරා ගනියි. වැව් බැම්ම වටා උස්ව රූස්ස ලෙස වැඩුණු ගහකොළ යට ඇති හෙවණ ගිනි ගහන මද්දහන වෙලාවට අපමණ සුවයක් ලබාදෙයි. අපි කලා වැව බැම්මේ සිසිල් ගස් සෙවණක් යට ඉඳගෙන වැව දෙස බලා සිටියෙමු. ජයතිලක කතාවට මුලපුරයි. කලාවැව කිව්වට ඇත්තට මෙතැන වැව් දෙකක් තියෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ කරපු කලා වැවයි ඒ යාවම තියෙන බළලූ වැවයි. වැව් දෙකක් නැත්නම් කීපයක් එකට කරලා හදන එක ”බද්ධ වැව්” කියලා හඳුන්වනවා. වැව් දෙකක් එකතු කළාම ”ජෝඩු වැව්” කියනවා. පූජාවලිය කියන පොතේ මේ වැව හඳුන්වන්නේ කලා බළලූ වැව කියලා. වැව් දෙක වෙන්වෙන තැන පුංචි බිම් තීරුවක් දුපතක් වගේ තියෙනවා. පේනවද? අපි කලා වැව දෙස බැලූවෙමු. මුස්ලිම් ධීවර පිරිසක් මාළු අල්ලා ගත් ඔරු කීපයක් ගොඩට එති. ධාතුසේන රජ්ජුරුවෝ කරපු අන්තිම ඉල්ලීම තමා කලා වැවේ නාන්න ඉඩ දුන්නොත් තමා සඟවාගෙන ඉන්න වස්තුව පෙන්නනවා කියලා. නාන්න ඉස්සර ධතුසේන රජ්ජුරුවෝ විජිතපුර විහාරයට ගොස් තමන්ගේ නෑදෑවන හාමුදුරු නමකගෙන් බණ අහලා තමා කරපු කලා වැවට බැහැලා හොඳ හැටි දිය නාලා මා සතු එකම වස්තුව මෙපමණයි කියලා කලා වැවේ දිය දෝතක් අරන් කාශ්‍යපට පෙන්නුවාලූ. කාශ්‍යප කුමාරයා තදින් තරහ ගිහින් ධාතුසේන පිය රජ්ජුරුවෝ පණපිටින් බිත්තියකට තියලා මැටි ගහලා මරන්න නියම කළායි කියැවෙන්නේ. ඒකත් ධාතුසේන රජ්ජුරුවන්ට බලපාපු කර්ම විපාකයක් කියල කියනවා. කලාවැව බඳිද්දී එතැන භාවනායෝගීව හිටපු හිමි නමක් පස් කන්දට යට කරලා මැරෙව්වාලූ. ධාතුසේන රජ්ජුරුවන්ට පළදුන්නේ ඒකෙ විපාකෙලූ. මේ වැව බාරව හිටපු මුරකාරයා වැවට පැනලා මැරිලා යකෙක් වෙලා ඉපදිලා ඉන්න කතාවක් තියෙනවා නේද? මම විමසුවෙමි. ඔව් බිරිඳත් එක්ක අමනාප වෙච්ච මිනිහෙක් කාලයක් වනාන්තර ගතවෙලා සත්තුත් එක්ක ගැවසුණා. මේ පණිවිඩය වැද්දෙක් රජ්ජුරුවන්ට දැන්නුවා. ධාතුසේන රජ්ජුරුවෝ මේ මනුස්සයා කොටුකර අල්ලා ගත්තා. වනාන්තරයේ විස්තර අහලා. ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා. මේ ස්වභාවික ජලතලාව විශාල කර බැඳලා තමා කලාවැව හැදුවේ. රජ්ජුරුවෝ ඒ මනුස්සයාටම වැව බලාගන්න රාජකාරියත් පැවරුවා. විශේෂයෙන් ගංවතුර වෙලාවේ වැඩි වතුර පිටවෙන එක හෝදිසි කරන්න වැව් බැම්මේ උපකරණයක් හයිකරල තිබුණා. දවසක් අන්ධ හාමුදුරු නමක් වැව් බැම්ම දිගේ යනවිට හැරමිටිය වැදිලා වර්ෂා මාපක යන්ත‍්‍රය බිඳුණා. එදා රෑ වර්ෂාව වැඩිවෙලා වැව් බැම්ම කැඞී ගියා. තම වැරැද්දෙන් වැව් බැම්ම බිඳුණු බව දැනගෙන අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා. කලා වැවට අධිපති පනම්බණ්ඩාර කියලා දෙවි කෙනකුත් ඉන්නවා නේද? යි මම ඇසීමි. ඔව්... කලා වැවේ අඩවියේ පනම්බණ්ඩාර දෙවියෝ අදහනවා. රාත‍්‍රි කාලයේ පනම්බණ්ඩාර දෙවියෝ සුදු අශ්වයා පිට නැගලා කලා වැව දිගේ යනවා. මේ පැත්තේ අය අවුරුද්දකට සැරයක් පනම්බණ්ඩාර දෙවියන්ට දානයක් දෙනවා. දානය බෙදන්නේ නෙළුම් කොළවල. වතුර අඩුවුණාම කලාවැව බළලූ වැව හොඳට වෙන් වෙලා පේනවා. ඉස්සර මේ වැව් දෙක අතර බිම් තීරුවේ කුවේණිට කැපවුණු කෝවිලක් තිබිලා තියෙනවා. කුවේණි කෝවිලේ බලපෑම ගුප්තය. බලය තාම තියෙනවා. ඒ කීවේ? මම විමසුවෙමි අවුරුද්දකට සැරයක් නොවරද්දාම කුවේණි කෝවිලට බිල්ලක් ගන්නවා. සමහර වෙලාවට බිල්ලට ගත්තු අයගේ මිනිය හොයා ගන්නත් අමාරුයි. මේ ළඟදී සිද්ධ වුණු කතාවක් මම කියන්නම්. ඈත පළාතක ඉඳලා පෝසත් පවුලක් වන්දනාවේ ආවා. තරුණ සැමියයි බිරිඳයි පුංචි දරුවකුයි කාර් එක පාර අද්දර නවත්තලා කෑම බීම අරගෙන මේ බිම් තීරුවට ඒ අය ආවා. තද අව්ව වෙලාවේ ගස් යට ගොම්මනේ ඒ අය ඉටි රෙද්දක් එළාගෙන කෑම කෑවා. දරුවා මැද්දෙන් හාන්සි වුණා. තරුණ ජෝඩුවටත් සුළෙඟ් සනීපයට නින්ද ගියා. පැයක් පමණ නින්දේ හිටපු ගැහැණු කෙනා අවදි වෙලා බැලූවා. සැමියා නිදි දරුවා නෑ. වාහනයටත් ගිහින් බැලූවා. දරුවා වාහනයෙත් නෑ. වටපිට හොයලා දරුවා නැතිව ඒ අය විලාප දුන්නා. ළඟපාත අය ඇවිත් හෝදිසි කරන කොට දරුවගේ මළ සිරුර වැවේ වතුර යට. පැය ගණනක් මහන්සිවෙලයි ගොඩ ගත්තේ. කුවේණි කෝවිල ළඟ බිලිගන්න බව ඒ අය දැන සිටියේ නෑ. ජයතිලක කීවේය. ජයතිලකගේ කතාවෙන් මගේ හිත දැඩි ලෙස සසල විය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන



අදහස් (0)

කලාවැවේ කුවේණි කෝවිල

දයා සවුදි Thursday, 14 March 2013 03:27 PM

අපේ පාසල් දරුවන් අතරත් මේ කතා යන්නට සැලැස්සුවොත් රටේ ඉතිහාසය ගැන අවබෝධයක් ලැබෙනවා (අ)

:       0       0

ඔසඳ Wednesday, 06 March 2013 09:39 AM

ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්. ගොඩක් සුබ පතනවා මේ වගේ වටින දේවල් සමාජයට ලබා දෙනවට. (නි)

:       0       0

භක්ති Monday, 31 December 2012 02:16 PM

අතීතයේ අපේ රටේ ශ්‍රී විභූතිය කොහොමට තියෙන්න ඇද්ද? (නි)

:       0       0

චතු Tuesday, 30 April 2013 07:18 AM

අපේ ඉතිහාසය අපි රැකගන්න ඕනෑ (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 06 August 2013 05:35 PM

මල්ලිකා, කෝවිල තියෙන්නේ වතුර යටලු ඔයාට පීනන්න පුලුවන්ද වතුරේ යට? (නි)

:       0       0

සංජීව Tuesday, 02 July 2013 09:24 AM

ලිපිය වගේම අනිත් අයගේ අදහස් හා විස්තර අගය කරමි (නි)

:       0       0

ප්‍රසංග Sunday, 31 March 2013 08:22 AM

ගොඩක් වටිනා ලිපියක්! (නි)

:       0       0

මහේෂ් Wednesday, 26 March 2014 12:52 PM

එතකොට කුවේණි කෝවිල විද්‍යාවට සනාථ කරන්න බැරිද? (අ)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 07:58 PM

මම හිතන්නේ ලංකාවේ දියුණු මිනිසුන් පැවත එන්නේ විජයගෙන් පස්සේ කියල.කුවෙනිගේළමයි වැද්දෝ උනානම්,තවමත් ඒ වැද්දෝ නොදියුණු යුගයක නේද ඉන්නේ (අ)

:       0       0

මදූ Friday, 09 August 2013 03:13 AM

ළමයා නැති උනේ වැවට වැටුන නිසා. අම්මට නින්ද ගිය නිසා බේර ගන්න බැරි වුනා. එහෙම නැතුව යකෙක් නිසා නෙවෙයි.(නදී)

:       0       0

මොහිදීන් Thursday, 18 April 2013 02:47 PM

මේවා පරිස්සම් කරගන්න ඕනෑ (නි)

:       0       0

කණිෂ්ක Sunday, 20 January 2013 04:55 PM

මම මේ වගේ අතීත කතා වලට හරිම ආසයි. ඔබලාට ගොඩක් ස්තූතියි. (නි)

:       0       0

සුමිත් Monday, 18 February 2013 10:05 AM

අපේ ඉතිහාසය හරිම රසවත්. එය අලුත් පරපුර දන්නේ නැහැ.(නදී)

:       0       0

සන්ජීව Thursday, 10 January 2013 08:23 PM

ඉතිහාසය ගැන දැනුවත් කිරීමට මෙහි කරුණු මදි. අවසානයට ප්‍රශ්නයක් ඉතිරි කරලනේ (ස)

:       0       0

දීපිකා Monday, 31 December 2012 04:08 PM

මේ වැව බලාගත් මුරකරු ‍ගැන නම් මම අහලා තියනවා. තවත් තොරතුරු දැනගන්න ආසයි. (නි)

:       0       0

ප්‍රභාශ් Saturday, 02 February 2013 10:45 AM

මේ වගේ ඒවා අපිට කොච්චර වටිනවද , අපි අපේ ඉතිහාසය දැන්ගන්න ඕන. අපේ රටට අපි ආදරෙයි (ස)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 12:59 PM

මෙවැනි විශ්වාසයන්හි සත්‍යතාව කුමක්ද ?(ස)

:       0       0

අසු Friday, 21 March 2014 12:15 PM

නිව්ටන්ගේ නියම වලින් සියල්ල මනින්න එපා. මැක්ෂ්වෙල් එක තේරුම් ගත්ත නිසා තමයි ක්වොන්ටෝම් යන්ත්‍ර විද්‍යාව සොයා ගත්තේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 21 April 2013 02:25 PM

කුවේණි කියන්නේ අපේ ජාතියේ මුල් පුරුකක් විතරයි, මව නොවෙයි. අපේ ජාතිය පිළිබඳව ලියලා තියෙන්නේ කුවේනියගෙන් පස්සෙයි, එකියන්නේ විජයාවතරණයෙන් පස්සෙයි. හුගක් දෙනා කියන්නේ අපි විජයගේ පරම්පරාව කියලා. ඒක වැරදියි. විජයට දරුවෝ නැහැ. කුවේණිගේ දරුවෝ දෙන්නව විජය කැලයට පැන්නුවා.ඒ ගොල්ලන්ගෙන් තමයි වැදී පරපුර බිහිවෙන්නේ. විජය කුමාරයා ලංකාවට එනකොට යක්ස, නාග, රාක්ෂ,දේව කියලා ගෝත්‍රිකයෝ හිටියා. කුවේණිය යක්ෂ ගෝත්‍රයේ. විජය මැරුවේ කුවේනියගේ පරපුර විතරයි. අනිත් ගෝත්‍රිකයෝ ලංකාවේ අනෙත් පලාත්වල ජීවත් වුණා. කුවේනියගේ පිරිස හිටියේ පුත්තලම ආසන්නයේ තියෙන තම්බපන්නි කියන ප්‍රදේශයේ. සිංහල කියන්නේ සිංහයාගෙන් උපන් කියන අදහසින් කියලත් සමහරු අර්ථ දක්වනවා. ඒක වැරදියි. අපේ රටට එදා කිව්වේ සිවු හෙළ කියලා. ඔය ගෝත්‍රිකයෝ හතර වර්ගයේ රට නිසා. අපේ රටට හෙළබිම කියලත් කියනවනේ. ඔය සිවු හෙළය සිංහලයා කියලා හදාගෙන තියෙන්නේ පටලවාගෙන. . බුදුහාමුදුරුවෝ කැලනියට වඩිනකොට එහෙ හිටියේ නාග ගෝත්‍රිකයෝ. එතකොට විජය ලංකාවට පැමිනිලා නැහැ.එදා බුදුන්ගෙන් බන අහපු පිරිස විජයගේ පිරිස නොවෙයි නේද? (නි)

:       0       0

නාමල් Saturday, 26 January 2013 07:50 AM

වටිනා ලිපියක් (දී)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 02:11 AM

මේ වගේ ලිපි තව තවත් දමන්න (දී)

:       0       0

අකිල Wednesday, 19 December 2012 10:38 PM

එතකොට දැන් ඒ කුවේණි කෝවිල නැද්ද? (නි)

:       0       0

කුමාරි Tuesday, 04 June 2013 10:33 AM

ඉතිහාසයට වැදගත් පණිවිඩ සහ තොරතුරු රාශියක් තිබුනට බොහොම ස්තුතියි. අපේ ඉතිහාසය පාඩම් වලට ඉතාමත් වටිනා තොරතුරු තිබුනා ස්තුතියි.(නදී)

:       0       0

හේරත් Wednesday, 08 May 2013 07:31 AM

ඉතිහාසය රසවත්. නමුත් අපේ දරුවන්ට ඕව බලාගන්න සංරක්ෂණය කරන්න ඕනෑ (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 12 June 2013 02:16 PM

වැදගත් පණිවිඩ සහ තොරතුරු රාශියක් තිබුනට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

නස්රුදීන් Saturday, 15 February 2014 12:46 PM

අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 09 January 2013 10:30 PM

ඒ කෝවිල තියෙන්නේ වතුර යටද? (නි)

:       0       0

සේනක Sunday, 13 January 2013 09:43 AM

අපේ උරුමය තීරුව ඉතා වටිනවා (දී)

:       0       0

මධුෂාන් Thursday, 27 December 2012 11:20 AM

විද්‍යාවට සනාථ කරන්න බැරි හුගක් දේවල් මේ ලංකාද්වීපයේ තිබෙනවා. (නි)

:       0       0

සමන් Tuesday, 06 August 2013 03:19 PM

මෙම ලිපිය ඉතා වැදගත්. දැන් සමාජයට යටගියාව මතක් කරදීමක්. අගය කරනවා (නි)

:       0       0

ලහිරු Tuesday, 26 February 2013 07:46 PM

ඇත්තටම මේ ලිපිය හරිම වැදගත්. (නි)

:       0       0

සඳරුවන් Thursday, 14 February 2013 03:31 PM

කථා රසයෙන් ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා..නැවත මේ වගේ ඒවා ලියන්න... (ස)

:       0       0

අරුණ Friday, 01 February 2013 06:27 AM

මේවා ආරක්ෂා කිරීම අපගේ වගකීමක් (ස)

:       0       0

ගිහාන් Monday, 25 March 2013 08:36 AM

හොදයි. මට නම් මේ ගැන විශ්වාසයි. (නි)

:       0       0

සුමන Sunday, 04 May 2014 01:10 PM

අංගම් පොර කියන්නෙත් කුවේණිගේ සටන් කලාවනේ . (ස)

:       0       0

පන්ඩුක Friday, 21 December 2012 09:42 PM

මේක විද්‍යාත්මකව සනාථ කරන්න හැකිද? (නි)

:       0       0

මල්ලිකා Saturday, 26 January 2013 09:51 PM

කොහෙද ඒ කෝවිල තියෙන්නේ අපිට දකින්න පුළුවංද? හොද ලිපියක්..!(නු)

:       0       0

හරිත් Friday, 12 July 2013 03:13 PM

අජිත් කරුණාරත්න, ස්තුතියි ඔබගේ මතක් කිරීමට.. (දී)

:       0       0

හේමන්ත Friday, 15 March 2013 02:58 PM

පසුගිය කාලයේ මේ වැව් දෙකම හොඳටම හිඳිලා තිබුණා. අපි මේ වැව් දෙකේම ඈතට ඇති හැම ඉසව්වකටම සංචාරය කළා. අලි රංචු කිහිපයක් හමු වුණා. ඇත්තු හතරදෙනෙක් දුටුවා. වටිනා ජයාරූප කිහිපයක් ගත්තා. දැන් වැව් දෙකම යාවෙලා වතුර පිරිලා. අපි දුටු බොහෝ දේ කාලයක් යනතුරු නැවත දකින්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ඉෂාන් Thursday, 31 January 2013 02:36 AM

මේ වගේ දේවල් තවත් පළකරන්න. මම අපේ ඉතිහාසයට ආදරෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 135 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 181 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 38 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 285 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 204 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 254 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site