IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


කුරිරු නවක වදය බිලිගත් තවත් සොඳුරු ජීවිතයක්

මගේ බැංකු පොතේ මුදල් වලින් අවසන් කටයුතු කරන්න. මට උරුමයක් වෙතොත් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට ලබාදෙන්න යැයි ලියා තැබූ අමාලි පසුගිය 16 වැනිදා සිය ජිවිතයෙන් සමුගත්තාය. ඇය පිළිකා රෝගයෙන් පෙලූණ කෙනෙක් යැයි ඇගේ ලිපිය කියවන විට  ඕනෑම කෙනෙකුට එක්වරම හැෙඟනු ඇත. එහෙත් ඇය පිළිකා රෝගයෙන් හෝ වෙනත් කිසිදු කායික රෝගයකින් පෙලෙන්නියක් නොවිණ.

  

2
ඇය සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යාවහාරික ගණිතය පීඨයේ සිසුවියකි.  ඇය මාඹුල්ගොඩ පන්නිපිටිය ලිපිනයේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා නමැති විසි තුන් හැවිරිදි තරුණියකි.


අමාලි එස්.එච්. ජිනදාසටත්, වසන්තා පද්මිණි ඇල්විටිගලටත් සිටි එකම දරුවාය. අමාලිට වයස අවුරුදු හය සම්පූර්ණ වෙද්දි එනම් ඇය යම්තම් අකුරෙන් අකුර අමුණන්නට පටන් ගත් අවදියේ ඇගේ මවත් පියාත් වෙන්වූහ. ඉන් පසු ඇයට සිටියේ මව පමණි. පියෙකුගේ සෙනෙහසේ අඩුව සපුරන්නට බැරි වුණත් ඇයට වෙනත් කිසිදු ආකාරයක අඩුවක් නොකර උගන්වා අනාගත මාර්ගය හෙළිපෙහෙළි කර දෙන්නට පෞද්ගලික රෝහලක හෙදියක වූ අමාලිගේ මව වසන්තා උත්්සාහ කළාය. එහි ප‍්‍රතිපලයක් ලෙස අමාලි සාමාන්‍ය පෙළ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් විශිෂ්ඨ සාමාර්ථ නවයක් සහිතව සමත් වූවාය. ඉන් පසු කොළඹ දේවි බාලිකාවට ඇතුළත් වීමට වරම් ලද ඇය උසස්පෙළ සමත්ව සබරගමුව විශ්ව විද්‍යලයට ඇතුළත් වූවාය. දැන් තම දුවගේ ජීවිතය නියම මගට වැටී ඇතැයිද, තමන්ගේ බලාපොරොත්තුව මුදුන් පත් වෙමින් පවතින්නේයැයිද කියා සතුටු වීමට අමාලිගේ මවට ඉඩක් ලැබුණේ නැත.


පසුගිය වසරේ මාර්තු මාසයේ විශ්ව විද්‍යාලයට ප‍්‍රවේශ වූ අමාලි මසකට පසු නිවසට ආවේ රෝගියෙකු ලෙසය. ඒ නවක වදය නිසා ඇතිවූ මානසික කම්පනය හේතුවෙනි. නිවසට පැමිණි ඇය මෙට්ටයට පොල්තෙල් වත් කරගෙන ගිනි තියා ගැනීමටද උත්සාහ කළාය. එයින්ද සුළු තුවාල ලබා සිටියදී බේරා ගැනීමට ඇගේ මවට හැකිවිය. පසුව කළුබෝවිල රෝහලේ මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ප‍්‍රතිකාර ලැබූ අමාලි සුව අතට හැරුණෙන් නැවත විශ්ව විද්‍යාලයට ගියාය. එහෙත් නැවතත් පැරණි තත්ත්වයටම මුහුණදීමට සිදුවීම නිසා ඇය අවස්ථා කිහිපයකදීම සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බව අමා

21-page-3-BB

අමාලි චතුරිකා

 

ලිගේ ඥාතියෙකු අප සමග පැවසූවේය. වරෙක නිදි පෙති බොමින්ද තවත් අවස්ථාවක විශ්ව විද්‍යාලයේ ඉහළ මහලකින් බිමට පනින්නට උත්සාහ කරමින්ද ඇයට කුරිරු යැයි දැනුණ ලෝකයෙන් සමුගන්නට උත්සාහ කර ඇත. ඒ නිසා තවදුරටත් ඇය විශ්ව විද්‍යාලයේ තැබීම සුදුසු නැතැයි තීරණය කළ අමාලිගේ මව ඇයව නිවසට ගෙනවිත් ප‍්‍රතිකාර කළාය. එතැන් සිට නිවසට වී මාස ගණනාවක් සිටි අමාලිට නැවත විශ්ව විද්‍යාලයට පැමිණීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නියම කර තිබුණේ ලබන මාර්තුවේය. එහෙත් එහි යාම අමාලි දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළාය. ඥාතීහු ඇගේ හිත දිරිමත් කරන්නට උත්සාහ කළහ. එහෙත් එහි අවසානයක් දකින්නට කැමති වු අමාලි සියල්ලට අවසන් තිත තබා පසු ගිය දහසය වැනිදා සිය නිවසේ සාලයේ බාල්කයක රැන්දූ රෙදි පටකට තම ජීවිතය බාර කළාය.


සිද්ධිය වූ දිනයේ අලූයම පහයි තිහට පමණ රැුකියාවට යාම සඳහා නිවසින් පිටත්වන වසන්තාට ඇගේ දියණිය අමාලි චතුරිකා වැඳ සමුදුන්නාය. රැුකියාවට ගිය පසු නිතර දියණිය ගැන සොයා බලන වසන්තා තමන්ට ආයතනයේ රැුස්වීමක් දවල් එකොළහට පමණ ආරම්භ කිරීමට නියමිත නිසා ඊට පෙර දියණියට කතාකර අවශ්‍යතාවයක් වුණොත් ඊට පසු කතා කරන්නැයි කියන්නට උත්සාහ කළාය. ඒ සඳහා දියණියගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තද එයට දියණියගේ ප‍්‍රතිචාරය ලැබුණේ නැත. ඒ නිසා අමාලිගේ පෙම්වතා වන තරින්දට ඇමතූ මව ඒ බව දැන්වූ විට තමන්ගේ ඇමතුමටද අමාලි ප‍්‍රතිචාර නොදැක්වූ බව ඔහු ද කියා තිබේ. කලබලයට පත් අමාලිගේ මව තමන්ගේ නැණා වන ලලිතා කුමාරිට කතා කර දියණිය ගැන බලන්නැයි කීවාය. ඉන්පසු ඇයට ලැබුණේ උසුලා ගත නොහැකි පිළිතුරකි. දියණියට කරදරයක් අක්කා ඉක්මණට එන්න යැයි නෑනා පැවසුවාය. කරදරය කුමක්දැයි කලබලයෙන් ඇය නිවෙසට පැමිණෙන විට දියණිය සිටියේ සාලය මැද බාල්කයක එල්ලීගෙනය. උදේ තමන්ට වැඳ රැුකියාවට යාමට සමුදුන් දියණිය ආපසු එන විට බාල්කයක එල්ලී සිටිනු දැකීම තරම් මවකට වේදනා ගෙනදෙන අන් දසුනක් තිබිය හැකිද?


විශ්ව විද්‍යාලයට යවපු මගේ දුවට නවක වදය නිසා විශ්ව විද්‍යාලය එපා වුණා. විශ්ව විද්‍යාලයට යන්න කියන අපිවත් එපා වුණා. අන්තිමේදී එයා විශ්ව විද්‍යාලයත් එක්කම අපිවත් දාලා යන්න ගියා. උදේ මම වැඩට යද්දි වැඳලා සමු දුන්න මගේ දුව දවල් මම එද්දී අපි සේරගෙන්ම සමු අරන් ගිහිල්ලා..... දෙයියනේ - මට හිටියේ මෙච්චරයි. දැන් ඉතිං මං කවුරු ගැනද බලාපොරොත්තු තියාගන්නේ? අමාලිගේ මව වසන්තා පද්මිණි ඇල්විටිගල මහත්මිය හඬා වැටෙන්නීය. ඈ කෑ ගසා නොවැළපුණද හඬාගන්නට නොහැකිව ගසන ඇගේ ඉකිය කාගෙත් සිත් සසළ කරන්නකි.


අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු තමන්ගේ දරුවෙකුට උගන්වලා විශ්ව විද්‍යාලයකට යවන්නේ මොන තරම් දුක් විඳලා, මොන තරම් බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන ද කියලා මේ මගේ දුවට නවක වදය දීපු දරුවොත් කවදා හරි දෙමාපියන් වුණ දවසකට තේරේවි. එදාට ඒ අයට තමන් කරපු වරදේ බරපතලකම දැනේවි. අන්න එදාට එයාලාගේ හිත එයාලටම දුක් දේවි. ඒක තමයි එයාලට ලැබෙන නියම ද`ඬුවම.


අමාලිගේ අම්මා එලෙස කියමින් හිත හදා ගන්නට උත්සාහ කළාය. ඇය කී දේ කවුරුත් අනුමත කරන්නා සේ හිස වනා බලා සිටිති.


රැග් කිරීම යන්නට සිංහල පදයක් තිබේ දැයි නොදන්නෙමු. ඒ තිබුණද එහි අදහස නවකවදය නම් නොවන බව පමණක් දනිමු. මන්ද විශ්ව විද්‍යාලයට රැුග් සමයක් පැමිණියේ විවිධ අධ්‍යාපන මට්ටම් වලින් විවිධ සමාජ තරාතිරම් වලින් පැමිණෙන සියලූ දෙනා සමානයන් බවට පත් කරමින් සුහදතාවය ඇතිකර ගැනීමේ අරමුණ ඇතිවය. එහිදි සිදු වූයේ කිසියම් කවට කමක් උසුළු විසුලූවක් කිරීමය. සමහර විට ගීත ගායනා කිරීමට, නැටුමක් නැටීමට, රංගනයක් ඉදිරිපත් කිරීමට, කුඩා කළ මෙන් හාවුන් පැනීමට, පාවහන් නොමැතිව බොරළු පොළොවේ ඇවිදීමට නවකයින්ට සිදුවිය. මේ සියල්ලෙන් පසු සාදයක් පවත්වා නවකයින් තමන්ගේ ගොඩට එක්කර ගත්හ. එහෙත් වත්මන් විශ්ව විද්‍යාල භූමිය තුළ මේ අවබෝධය සහිතව රැග් කරන්නන් අතරේ සිටින තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් එය නවක වදයක් බවට පත්කර ගත්තවුන් සුළු පිරිසක් නිසා විශ්ව විද්‍යාලය සමාජය තුළ අපුලක් ඇති කරන්නක් බවට පත්වෙමින් තිබේ. ඒ නිසා මේ සිසුවියට විශ්ව විද්‍යාලය අපායක් බවට පත්කළ අයට ඇගේ මව කියන්නා සේ කවදා හෝ තමන්ගේ හෘද සාක්ෂිය දඬුවම් දෙනු ඇත.

sgh

අමාලි සිය පාසල් මිතුරියන් සමග


සමහරු අමාලි මානසික රෝගියෙකු ලෙස හඳුන්වාදීමට උත්සාහ කරන බව ඇගේ ඥාතීහු පවසන්නේ මහත්වූ සිත් වේදනාවෙනි. එහෙත් ඇය එවැන්නියක නොවන බව පවසන්නේ ඇගේම මිතුරියක වන නදීරා විතාරණය. අමාලි සමඟම අධ්‍යාපනය ලබා වයඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක වූ නදීරා, අමාලි ගැන කියන්නේ මෙහෙමයි.


අමාලි වගේම මමත් දේවි බාලිකාවට ආවේ උසස් පෙළ හදාරන්නයි. එයයි මායි එකම පන්තියේ හිටියේ. අමාලි ගොඩක් මහන්සිවෙලා ඉගෙන ගත්ත කෙනෙක් වුණත් කිසිම දවසක කිසිම දෙයක් පීඩනයක් විදිහට දැක්කේ නැති හැම වෙලාවට අපිවත් හිනස්සන්න විහිලූ කරපු විනෝදෙන් හිටිය කෙනෙක්. බොහොම සමාජශීලි, ඉස්කෝලේ තියෙන පොදු වැඩ වලදී උනන්දුවෙන් සහය දීපු කෙනෙක්. එහෙම හිටපු අමාලිට මෙහෙම දෙයක් වුණා කිව්වාම ඇත්තටම අදහා ගන්න බැරි වුණා.


සමාජශීලි, හැම විටම පීඩනය දරාගත් බව කියන අමාලිට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතුමය. මන්ද මෙවැනි සිසුවියන් ජීවිතයෙන් සමුගැනීම් තවත් ඉදිරියට නොවිය යුතු බැවින් මෙන්ම විශ්ව විද්‍යාලය වධකාගාරයක් ලෙස සමාජය තුළ පට්ටා ගැසීම වළක්වා ගත යුතු බැවිනි. අමාලිට මේ තත්ත්වය ඇති කළේ ඇය සමගම එකම පාසලේ ඉහළ පන්තිවල ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිය අයෙකු බවටද ඥතීන් පවසයි. කෙසේ වුවද ඇගේ මව පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වරදකරුවන්ට දඬුවම් නොවේ මෙවැනි දෙයක් තවත් දරුවෙකුට සිදු නොවන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. සිසුන් ලෙස මේ තත්ත්වයන් තේරුම් ගෙන නවකයන්ට හතුරෙක් නොවී මිතුරෙක් වන ලෙසය.


සිදුවීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බී. එච්. කේ. චින්තක උදය කුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේදී පසුගිය 17 වැනිදා දහවල් සිදු කරනු ලැබිණ. ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය සුධීර සිරිවර්ධන මහතා විසින් සිදුකරනු ලැබිණ.      


මියගිය අමාලි විසින් ලියන ලද ඇගේ අවසන් කැමැත්ත සඳහන් කර තිබූ ලිපියේ තව දුරටත් මෙසේ සඳහන් විය.


මගේ මිනිය පුච්චන්න. පුළුවන්නම් අවසන් කටයුතු බොරැුල්ලේදී කරන්න. මම දේවි බාලිකාවට ආදරය කරන නිසා ඒ ආසන්නයේම වැළලෙන්නට ආසයි. මගේ පොත් පත් සියල්ල මිනියත් සමඟම පුච්චන්න. සබරගමුව විශ්ව විද්‍යාලයේ කිසිවෙකුට මගේ අවමඟුලට සහභාගී වෙන්න ඉඩ දෙන්න එපා.    


මෙලෙස ලියා තැබූ අමාලි ඊයේ (18) මාඹුල්ගොඩ පොදු සුසාන භූමියේදී සිය දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් හා මිතුරු මිතුරියන්ගෙන් අවසන් වරට සමුගත්තාය.

m



අදහස් (0)

කුරිරු නවක වදය බිලිගත් තවත් සොඳුරු ජීවිතයක්

වසන්ත ගුණසේන Wednesday, 25 February 2015 07:51 AM

මම හිතන්නේ මෙය කරපු අයට දඩුවම් කරන්න (බ)

:       0       0

චන්දන Monday, 23 February 2015 01:07 PM

මේවාට කවුරුත් කතා කරන්නේ නැද්ද?(හේ)

:       0       0

නිම්මි Tuesday, 24 February 2015 03:48 PM

කාල තලා. අනුන්ගේ ජීවිත විනාශ කරනවා. මෝඩ ළමය. තවත් හොඳට ඉගන ගන්න තිබුණේ. (අ)

:       0       0

මැණික් Tuesday, 24 February 2015 04:33 PM

හොයලා බලන්න ඇත්ත. මේවා තිත්ත වුණත් සත්‍යයි (නි)

:       0       0

ක්‍රිස් Monday, 04 May 2015 11:38 AM

නිකන් ඉගෙනගන්න දෙන නිසා අධ්‍යාපනයේ අගයක් තේරෙන්නේ නැහැ. අපි වගේ වියදම් කරලා ඉගෙනගත්තා නම් ඔය වගේ දේවල් වලට කාලේ නාස්ති කරන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 07:13 AM

සරසවි වල මෛත්‍රීය යහපාලන වෙනස නැද්ද?(හේ)

:       0       0

ඇසල Tuesday, 24 February 2015 12:04 AM

නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙන බව රහසක් නොවේ. හේතුව නම් ඔවුන්ද මේ තිරිසන් ක්‍රමයේ නිෂ්පාදකයන් වීමය. ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක නොමැත​. (අ)

:       0       0

අශාන් Monday, 23 February 2015 10:05 AM

විදේශ රටක ඉන්න මට මෙතන තවත් වරදක් පේනවා. ඔවුන් ළමයට තමන් කැමති මගක යන්න නිදහස දෙනවා. මේ ළමයටත් විශ්ව විද්‍යාලයට යන්න කියලා බල නොකලා නම් මේ ජීවිතේ රැකෙන්න ඉඩ තිබුනා (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Tuesday, 24 February 2015 12:35 PM

මේ විකාර නවක වද දියුණු රට වල නැහැ. විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නේ සල්ලි ගෙවල. අපේ අයටත් සල්ලි ගෙවල ඉගෙන ගන්න තිබුන නම් අනුන්ට වද දෙන්න තමන්ගේ වටිනා කාලය වැය කරන එකක් නැහැ. . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 297 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 260 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2217 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 206 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 151 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 782 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 152 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1432 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site