IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා අනතුර හමුවේ වගකීම පැහැරහරින මුග්ධයෝ

කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් තබා තිබූ ඇතැම් පුරෝකථන එකින් එක බිඳ වැටෙමින් තිබේ. අප පුවත්පතට ප්‍රකාශයක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබුණේ ‘‘කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති තීන්දු තීරණ තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවය. එමෙන්ම රටේ සැබෑ තත්ත්වය එළැඹෙන 17 වැනිදායින් පසුව දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉකුත් සෙනසුරාදා පමණක්, ඇමෙරිකාවෙන් දිනකට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1497කි. එය මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාවෙන් මාසයකට ආසන්න කාලයක් පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව හයකි. එය වූ කලී කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහිව කඳවුරු බැඳ දිවා රෑ දෙකෙහි අඛණ්‍ඩව, අනවරතව මෙහෙයුමෙහි නියුතු සෑම පාර්ශ්වයකම කැපවීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණයකි. මෙම තත්ත්වය තවදුරටත් සවිමත්ව පවත්වා ගෙන යෑමෙන් රට මේ අඳුරු ප්‍රපාතයෙන් ගොඩගැනීම සම්බන්ධයෙන් ‘විශ්වාසය’ ජනිත කරවන්නකි.

කොරෝනා මාරාන්තික වයිරසය ආසාදනය වී තිබේදැයි පරීක්ෂා කිරීම ‘නිරෝධායනය’ ලෙස හැඳින්වේ. එය දින 14ක කාලයකට සීමා වී ඇති බවට මතයක් සමාජගතව තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානයක කාලසීමාව දින 14ක් වීම එයට හේතුවය. එහෙත් එම පුරෝකථනය දැන් බිඳ වැටී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කොරෝනා වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව දින 10ක් වැනි කාලයක් තුළ දී රෝග ලක්ෂණ මතුවන අතර ඇතැම් පුද්ගලයන්ට දින 20ක් ගිය පසුව ද රෝග ලක්ෂණ මතු විය හැකි බවය. ඒ අනුව සැක සහිත කොරෝනා රෝගියකු දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු අතර ඉන් නිදහස්ව ගිය පසුව තවත් දින 14ක් නිවෙසේ ස්වයං නිරෝධායනය වීම අනිවාර්ය බවය.

රට අබිමුව ඇති අනතුරේ තරම තේරුම් ගැනීමට තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. සෑම පුරවැසියකුගේම පැහැර හැරිය නොහැකි වගකීම වන්නේ මෙම අනතුරු එයට හිමි නිසි අර්ථයෙන් හඳුනා ගෙන එයට අවනතවීමය. එහෙත් ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී පැහැදිළි වන්නේ ඔවුන් මෙම අනතුර හඳුනාගෙන නැති බවය. සමාජානුයෝජනය නොවුණු ඔවුහු තකතීරු ලෙස ක්‍රියා කරති. එමඟින් තමන්ගේත් අනුන්ගේත් ජීවිත අනතුරට හෙළති. මුළු රටම කැරකොප්පුවක් බවට පත් කරති.

ඇඳිරි නීතිය පනවා තිබිය දී පුත්තලම දිස්ත්‍රික්කයේ දන්කොටුව, මෝරුක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක ඉකුත් 4 වැනිදා දහවල් දේව මෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට දන්කොටුව පොලිසිය ක්‍රියා කළ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. අත්අඩංගුවට ගත් පිරිස මෝරුක්කුලිය ප්‍රදේශය පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

‘පණ්‍ඩිතයන් සිය දෙනෙකු සමග වාද කර ජයග්‍රහණය අත්පත් කර ගත හැකි වූවද එක මෝඩයකු සමග වාද කර ජයග්‍රහණය කළ නොහැකි බව’ අපේ ජන වහරේ කියමනකි. මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව අදහන්නවුන් මේ මොහොතේ ද එය ප්‍රදර්ශනය කරමින් සිටිති. කවර ජාතිකත්වයකට අයත් වූවද, කවර ආගමක් ඇදහුවද රටේ නිර්මාණය වී ඇති පොදු තත්ත්වය නොසලකා කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. යමකු එම පොදු නීතිය නොතකා කටයුතු කරන්නේ නම් ඔහුට උරුම කර දිය යුත්තේ මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බැලීමය. රටේ අනාගතය වෙනුවෙන් වෙනත් විකල්පයක් නැත.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේ දී පානීය ජලය බෙදාහරිමින් සිටී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට 15 හැවිරිදි අයකු පිහියෙන් ඇන තුවාල සිදුකර පලා ගොස් ඇති බවය. මෙම බලවයස්කරුගේ නිවෙසට පැමිණ වතුර දීමට යාමේ දී ඇති වූ බහින්බස්වීමක දී මෙම පිහි ඇනුම සිදු වී ඇතැයි ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මේ මොහොත වනවිට සමාජය ඉතාම පැහැදිළිවම කොටස් දෙකකට බෙදී ඇත. පළමු කොටස නම් කොරෝනා මාරාන්තික වයිරසයත් සමග සෘජුව ගැටෙමින් එය තුරන් කිරීම සඳහා තම දිවි පරදුවට තබා කටයුතු කරන පිරිස්ය. සෞඛ්‍ය අංශය හා ආරක්ෂක අංශය එහිදී ප්‍රධාන වෙති. දෙවැනි කොටස නම් පොදු මහ ජනතාවය. එම පොදු මහ ජනතාවගේ පරම වගකීම වන්නේ තම දිවි දෙවැනි කොට සිය වගකීම ඉටු කරමින් සිටින පිරිස් වෙත තම නිර්ලෝභී දායකත්වය ලබාදීමය. ඉහත දෙයංශය මේ මොහොතේදී අඩපණ වූවහොත්, කළකිරීම්වලට ලක් වූවහොත් කොරෝනා මර්දන මෙහෙයුම අයාලේ යනු ඇත.

සබුද්ධික ජනයාට මේවා තේරුම් ගැනීමේ හැකියාව තිබේ. එහෙත් මුග්ධයෝ තම සිතැඟි පරිදි කටයුතු කරති. ඔවුන් වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි යන්න නොපමාවම තීරණයකට ආ යුතු තරම්ය.



අදහස් (20)

කොරෝනා අනතුර හමුවේ වගකීම පැහැරහරින මුග්ධයෝ

ජයරත්න Wednesday, 08 April 2020 04:07 PM

මේ මොහොතේ මරණ බිය පැත්තක තබා රටේ ආර්ථිකය ගොඩ ගැනීමට සියලු දෙනා පෙරට ආ යුතුයි. සැබෑ නිර්භීතකම වන්නේ එයයි. අප්‍රිකානු රටක මට්ටමට වැටුනට පස්සේ කොරෝනා ඉවරයි කියා සතුටු විය නොහැක. අපේ අනාගත පරම්පරාවට කොන්ද කෙලින් තබා ගෙන ජිවත් වීම සඳහා අප යම් අවදානමක් ගැනීමේ වරදක් නැත. බයගුල්ලන් රටට උපදෙස් දීම නතර කල යුතුය.

:       3383       3085

PadmapriyaWednesday, 08 April 2020 05:58 PM

මෙ වෙලාව ජීවිත ආරක්ෂා කීරීමය. මරුන පුද්ගලයන්ට නැවත ජීවිත නොදිය හැක. එහෙත් ආර්ථිකය පහල ගියොත් එය නැවත ගොඩගත හැක. වෛරසය ලංකාවේ වර්ධනය වුණොත් ගොඩක් ජීවිත නැති වන්නේය... ඒ අයත් සමග ආර්ථිකය විනාස වනු ඇත. එවිට ආර්ථිකය නැවත ගොඩ ගනු හැකි නොවේ.

:       202       1437

vinivida Friday, 10 April 2020 12:59 AM

කොරෝනා අනතුර හමුවේ වගකීම පැහැරහරින මුග්ධයෝ එක කොටසකි. දෙවන කණ්ඩායම නම් කොරෝනා අනතුර හමුවේ වගකීම නිවැරදිව අවබෝධ කර ගනිමින් පිළියම් දීමට අපොහොසත්ව සියල්ල පටලවා ගෙන තිබෙන කොටස රජය වේ . පසුගිය දින 45 අදික කාලයක් රජය සහ දේශපාලකයන් කොවිඩ්-19 අනතුර දේශපාලනීකරණය කරමින් එය විසදීමට උත්සහ කර එය අසාර්ථක වූ පසු අදවනවිට වෛද්‍යවරුන්ගේ උපදෙස් පැතීම පටන් ගෙන තිබේ. ලංකාවේ රෝගීන් අඩු බව පෙන්වන ප්‍රදාන හේතුව ලංකාවේ රෝගීන් ටෙස්ට් කරන ප්‍රමාණය ඉතාම අඩු නිසාය. උපකරණ ඇතත් ඒවා ලබාගැනීමට මෙතෙක් රජයට නොහැකිවීම රටේ අවාසනාව විය යුතුය. මේ අතර දේශීය වෛද්‍යවරුන් සහ බටහිර වෛද්‍යවරුන් අතර වෙනිවැල්ගැට සහ කොත්තමල්ලි ගට්ටනයක් හට ගෙන තිබේ.

:       16       10

NuwanWednesday, 08 April 2020 07:24 PM

නම දැක්කම කියන්න පුළුවන් මේ වෙලාවේ මිනිසු වැඩට ගියොත් තමුන්ගේ ආර්ථිකේ නම් ගොඩ කියලා.

:       0       4

thusharaThursday, 09 April 2020 03:16 AM

ඔබෙ නම දුටු විටයි සිහි වුනේ මෙවැනි අදහසක් ඔබ ඉදිරිපත් කළේ ඇයි කියා.. මෙය ඔබගෙ පුද්ගලික වයාපාර දියුනුව අපේක්ෂා කළ යුතු අවඅවස්ථාවක් නොවෙයි. සාමුහිකව රෝගය පැතිරවීම වැලැක්විය යුතු අවස්ථාවකි.

:       0       317

Anton austria Wednesday, 08 April 2020 04:17 PM

මිනිස්සුනේ දැන්වත් තේරුම් ගන්න . එහෙම නැත්තන් අහලා පහළ මිනිසුන්ටත් අයිතියක් තියෙනවා යමෙක් කියන්දේ නොහා මෙහෙම හැසිරෙනවා නම් පහර දී කකුල් දෙක කඩා දමන්නවත් පෙළ ගැසෙන්න . මෝඩ මිනස්සුන්ට කියලා දෙන්න කාලේ ඇවිල්ලා.

:       387       441

වෙදහාමිනේ Wednesday, 08 April 2020 04:37 PM

සම්බුද්දික ජනතාව, මෙහි බැරෑරුම්කම හොඳින්ම තේරුම් අරගෙන තියෙන්නේ. මුග්ධ ජනයා කියන දෙයක් අසන්නේ නැතිනම් , ඉන්දියාවේ දුන්න වේවැල් කසායෙන් ඇති පදමට, බෙදා හදා දුන්නා නම්, කව්රුවත් කිසිම දෙයක් කියන එකක් නැහැ... මුග්ධයන් හැර..

:       297       458

කපිල Wednesday, 08 April 2020 05:38 PM

ලංකාවේ නීතිය දුර්වලයි. ක්‍රියාත්මක කිරීමේදී දෙන දඬුවම ඉතා ලිහිල්. තාම දඬුවම් දීපු තැනක් හොයන්න බෑ. ඇඳිරි නීති කඩකළ අය පොලිස් කුඩුවේ හිටියට තුන් වෙලා කාල ජොලියේ ඇති. බරපතල වැඩ ඇතිව හිරගෙට දාන්න. නිරෝදායනය මගහරින අය බන්ධනාගාර ගත කර එහිදී නිරෝධායන කරන්න. ඔවුන්ගේ දේපොළ රාජසන්තක කරන්න. ආණ්ඩුව මිනිසුන් හුරතල් කරලා මේක හදන්න බෑ.

:       539       579

vidya Wednesday, 08 April 2020 06:07 PM

මේ දිනවල ඉන්දියාවේ පොලිසිය ඇඳිරි නීතිය නොතකන අයට පොලු වලින් පහරදෙන ආකාරය මම දුටිමි. මහත්මා ගාන්දිගේ අවිහිංසා ව්‍යාපාරය පටන්ගත්තේ ඉන්දියාවය. කිසිම ක්‍රමවේදයක් නැතිව අන්දුරුනීතිය පනවා මිනිසුන් ඉතාම අසීරු තත්වයකට පත්කොට මිනිසුන්ට පොලු පහරවල් දීම හරිද කියන දෙය මම ඉන්දියානු මිතුරෙකුගෙන් විමසියෙමි... ඔහු කීව ඉන්දියාවේ මිනිසුන් සමග සාකච්චා කොට කිසිම දෙයක් තේරුම් කරන්නට ගියොත් ඔවුන් හැම වෙලාවේම ඔවුන් ප්‍රති විරෝද අදහස් දක්ව දක්වා ප්‍රශ්නයේ මිදීමට කටයතු කරනවා මිස අවශ්‍ය සහයෝගය නොදෙන බවය. එම නිසා අන්තිමෙදී කෙලවර වන්නේ මිනිසුනට පහරදී තත්වය පාලනය කිරීමය. එමනිසා කාලය ඉතිරි කරගෙන ප්‍රශ්නය විසඳීමට පහර දීම ප්‍රථමයෙන්ම කරන බවය. අප රටෙහි ජනාධීපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයන් හරියාකාරව ක්‍රමවේද සකසා, පුදුමාකාර පහසුකම් ගොඩක් සලසාදී , දිවා රාත්‍රී නොබලා , ජීවිතය පරදුවට තබා කරන සේවය අගය කරන්නේ නැති අන්ධ භක්තිකයන්ට ඉන්දියාවේ පොලිසිය ගත තීරණය ගත යුතුද?

:       553       446

Raveendra Wednesday, 08 April 2020 06:07 PM

"සෑම පුරවැසියකුගේම පැහැර හැරිය නොහැකි වගකීම වන්නේ මෙම අනතුරු එයට හිමි නිසි අර්ථයෙන් හඳුනා ගෙන එයට අවනතවීමය." මෙම වැදගත් කාලෝචිත ලිපියෙහි සදහන් ඉහත වාක්‍ය තේරුම් ගැනුමට අප කිසිවෙකුට හසල බුද්ධියක් අවශ්‍ය නැත. දැන්වත් අප අවංක පුරවැසියන් හැටියට අදාළ අංශවල තීන්දු තීරණ සදහා අවනතවීම ඉතාමත්ම වැදගත් මෙන්ම එය අපගේ පරම යුතුකමකි. යම් යම් අඩුපාඩු විය හැක නමුත් අප මෙම අවදානම් අවස්ථාවෙන් ගොඩ ඒමට නම් සාමුහිකව නීතියට අවනතවීම හැර වෙන විකල්පයක් නොමැත. අප සියල්ලෝටම "තීරණ දෙකක් " පමණක් ඉතිරිව ඇත. පළමු වැන්න රටේ පනවා ඇති සියලු නීතිරීතිවලට අවනත වී මෙම අගාදයෙන් ගොඩ එනවාද නැතහොත් නුගත් මෝඩ පණ්ඩිතයන්සේ රගමින් මියයනවාද යන්න පමණි. තීරණය ඔබ, අප තුල පමණක් ඇත. අප යෝජනා කරනවා ආරක්ෂක අංශවලට වැඩි දෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් නීතියට අවනත නොවෙන අයට වෙඩිතබා මරා දමන ලෙස....

:       739       1092

Chandrasiri Wednesday, 08 April 2020 06:17 PM

ජනතාවගේ මුද්ධ බවට වඩා, අන්තවාදය හා බැඳි, දේශපාලන කුමන්ත්‍රණයක් (ලංකාවේ පමණක් නොවේ) සිදුවෙන බවට ඉඟි පළවෙනවා. එයට එරෙහිව, හැකි ඉක්මනින් වැට නොබැන්දොත්, මිනී කඳු ගොඩ ගැහෙන විට, කුමන්ත්‍රණයේ තුච්ඡතම කොටස ක්‍රියාවට නැඟේවි....

:       0       14

Chandrasiri Wednesday, 08 April 2020 08:11 PM

ඔබ පවසන දෙයට මා එකඟ වන අතර, ජනතාවගේ මුග්ධ බවට වඩා, අන්තවාදය හා බැඳි, දේශපාලන කුමන්ත්‍රණයක් (ලංකාවේ පමණක් නොවේ) සිදුවෙන බවට ඉඟි පළවෙන බව මගේ හැඟීමයි. එයට එරෙහිව, හැකි ඉක්මනින් වැට නොබැන්දොත්, මිනී කඳු ගොඩ ගැහෙන විට, කුමන්ත්‍රණයේ තුච්ඡතම කොටස ක්‍රියාවට නැඟේවි.

:       0       61

SamanThursday, 09 April 2020 12:20 PM

ගැඹුරින් සිතා බැලිය යුතු කතාවකි.

:       0       1

jayath Thursday, 09 April 2020 01:50 AM

වත්මන් තත්වය ගැන අපූරු විග්‍රහයක් . ඔබට ස්තුතියි නමුත් ඇත්තටම මේකෙදි ඕනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය නරකයි . එහෙම උනොත් ලංකාවෙන් භාගයක් වලපල්ලේ මේ අමන මිනිස්සු හින්ද ඒ හින්ද දැන් වත් කල යුතු දේ කල යුතුයි...

:       0       11

rana Thursday, 09 April 2020 02:35 AM

මෙය ලියන සත්බව නුවණ ඇත්තනි, දැනට සියයට කීයද ඔය නීති අත්‍යාවශ්‍ය වශයෙන්ම කඩා තියෙන්නේ? දේශපාලකයන්ගේ පුත්තු ගෙදර සාද , මන්ත්‍රීවරු බෙදීමේ සාද , මාළු හෝ එළවලු විකුණන ලොරියට තහංචි. මෙහෙම රටක නැවත නොඉපදෙවි පතමි.

:       410       326

Anton austria Thursday, 09 April 2020 05:28 AM

රණ කියන කෙනා කියනවා මෙහෙම රටක නැවත නොපිදේව කියලා . මේවගේ මිනිසුන් ඉන්නකම් රටක් මළගෙයක් ම තමා තව කට්ටිය කියනවා ආර්ථීකය ගොඩගන්නලු... කොරෝනා පැත්තක දාලා මුන් මිනිසුන් නොවන තිරිසන්නු. මැරුණට පස්සේ ලෙඩ්ඩු අදැන් වල ඉන්නකොට රෝහල් පිරෙනකොට ආර්ථිකය නංවාගත හැකිද?

:       38       23

SsmanThursday, 09 April 2020 12:18 PM

මොවුන් තිරිසන්නු නොවෙයි. නිරිසත්තු... එනම් එනම් අපායට යා යුතු එවුන්ය...

:       0       2

isurandi Thursday, 09 April 2020 07:35 AM

කොහොමද ආර්ථිකය , සංවර්ධනය , දේශපාලනය , යනාදී වශයෙන් නෙමෙයි මේ අවස්ථාවේදී සිතා කටයුතු කල යුත්තේ. සාමුහික හැගීමෙන් රටක් වශයෙන් අපි හැමෝම මේ උවදුරෙන් කොහොමද ගොඩ එන්නේ කියලා උනන්දු විය යුතුය. මොනා කරන්නත් ජිවත් වෙලා ඉන්න එපැයි.

:       0       2

harimaga Thursday, 09 April 2020 09:07 AM

ඉහත අදහස් දැක්වූ රණා වෙත. මාළු එළවළු ලොරියට තහංචි දමන කතාවක් මේ ලිපියේ තිබුණද? රටේ වගකීම් දරන මිනිස්සු මෙච්චර විශාල මෙහෙයක් කරද්දී අපෙන් දිය යුතු එකම සහයෝගය ගැනයි මෙතන සිහිපත් කරලා තියෙන්නේ. ඒකවත් තේරුම් ගන්නේ නැතුව පරහට අදහස් දක්වන ඔබ වැනි අය ගැන අපිටත් තියෙන්නේ ඔබේ පැතුමමයි. ඔබ වැන්නන් නැවත මේ රට නොඉපදේවා!

:       68       43

Painted Thursday, 09 April 2020 06:18 PM

@Rana, ඔබ මේ රටේ නොව ඇමරිකාවේ හෝ ඉතාලියේ නැතහොත් ස්පාඤ්ඤය වගේ රටකම ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න. එතකොට ඔබට ඇස් ඇරිලා මොලේ පෑදෙයි...

:       19       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 87 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 160 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 335 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 53 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 514 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 274 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site