IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කියන දේ අහන්නේ නැත්නම් බලය යෙදීමේ වරදක් තිබේද?

 

“අවම බලය” යනු නීතියට අදාළව යෙදෙන්නෙකි. අවම බලයෙන් පසුව උපරිම බලය ආදේශ වෙයි. උපරිම බලය ආදේශ වන්නේ කළ හැකි අන් යමක් නොමැතිම වූ විටය.

කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තියට එරෙහිව මෙහෙයුම දැන් පැමිණ තිබෙන්නේ උපරිම බලය පාවිච්චි කළ යුතු තැනටය. එසේ නොවුණහොත් මේ රට නිමක් නැති අඝාත අඳුරේ ගිලීමට නියමිතය. නිවෙස් ආශ්‍රිතව රෝගීන් සමූහයක් සිටීමේ 3-ඒ අදියරේ සිට අප රට ගම හෝ නගරයේ හෝ කුඩා රෝගී කණ්ඩායම් වර්ධනය වීමේ 3- බී අදියර දක්වා ගමන් කරමින් සිටීම එයට හේතුවය.

කොරෝනා ආසාදිත වියපත් මිනිසකු නිසා කොළඹ මරදානේ එක් මහල් නිවාස සංකීර්ණයක්ම හුදකලා කිරීමට සිදු වී තිබේ. තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඔහු වගකීම් සහගතව ක්‍රියා කළේ නම් මෙම අවාසනාවන්ත තත්ත්වය මග හරවා ගත හැකිව තිබුණි යන්න සත්‍යයට වඩාත් සමීප වේ.

බණ්ඩාරගම අටුළුගම මෙන්ම නුවර අකුරණ ගම්මානද මුළුමනින්ම හුදෙකලා ගම්මාන බවට පත්කර තිබේ. බේරුවල පන්නිල ප්‍රදේශයේ ගමක්ම නිරෝධායනය පිණිස කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරෙණු බව අප පුවත්පත වාර්තා කර තිබිණි. කොරෝනා මාරාන්තික වයිරසය මර්දනය කිරීමේදී සමාජ දුරස්ථකරණය අතිශයින්ම වැදගත්ය. ඉහත කී ගම්මාන මුළුමනින්ම හුදකලා ගම්මාන බවට පත්කරනු ලැබුවේ ඒ අර්ථයෙනි. එහෙත් අප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබුණේ අටුළුගම ගම්මානය හුදකලා ගම්මානයක් බවට පත්කර තිබියදීත් ඇතැමුන් සංචලනය වන බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව ඔවුන් කටයුතු නොකරන බවක් ද වාර්තා වී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. රෝගය රැළි වශයෙන් පැතිර යාම වළක්වා ගැනීමට නම් සංචලනය 80% ක් වත් සීමාවී තිබිය යුතු යැයි ද ඒ මහතා අවධාරණය කර තිබිණි. මෙම පරිසරය තුළ අවම බලය පාවිච්චි කරමින් මෙම කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහිව මෙහෙයුම ජයගත හැකිද යන්න විමසිය යුතුය.

යුද හමුදාපති, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ රෝගී ස්පර්ශකයන් 27,000ක් පමණ නිරීක්ෂණය වී ඇති බවය. එය එසේනම් අප රට ඉතා භයානක අඩියකට ඇදවැටී ඇති බව ඉතා පැහැදිලිය. අවදානමට වඩා සූදානම ශ්‍රේෂ්ඨ යැයි අදහන ජාතියක වුවද එය එසේ නොවේ යැයි කටයුතු කරන පාපතරයෝ සුළු පිරිසක් සිටිති. ප්‍රශ්නය වන්නේ එම පාපී හා නීච පාපතරයන්ට මුළු රටම මිනී කනත්තක් බවට පත් කිරීමේ හැකියාව තිබීමය. එයට ඉඩදිය යුතුද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින්නේ අප රටේ සෞඛ්‍ය සේවාවේ ඇත්ත තත්ත්වයත් සමග සමීකරණය කිරීමේදීය.

ඇමෙරිකාව, එක්සත් රාජධානිය හා ඉතාලිය වැනි රටවල් සැලකෙන්නේ ලෝකයේ හොඳම සෞඛ්‍ය දර්ශක සහ ධාරිතා සහිත රාජ්‍ය ලෙසය. උදාහරණයක් ලෙස ඉතාලියේ ලක්ෂයකට දැඩි සත්කාර ඒකක ඇඳන් 12ක් තිබේ. අප රට හා සසඳා බලද්දී එය ඉතා ඉහළ තත්ත්වයකි. ඉතාලිය සමග සංසන්දනය කරන විට අපේ රටේ ලක්ෂයකට දැඩි සත්කාර ඒකක ඇඳන් තිබෙන්නේ ප්‍රතිශතයක් වශයෙන් 2-3කි. එනම් මුළු රටේම දැඩි සත්කාර ඇඳන් තිබෙන්නේ හය සියයක් පමණ ප්‍රමාණයකි.

කොරෝනා අසාධ්‍ය රෝගීන්ට මෙන්ම අනෙකුත් අසාධ්‍ය රෝගීන්ට තිබෙන්නේද එම ඇඳන් සංඛ්‍යාව පමණි. රෝගී ස්පර්ශකයන් 27,000ක් නිරීක්ෂණය වී ඇතැයි යුද හමුදාපතිවරයා පවසන විට දැඩි සත්කාර ඒකක ඇඳන් 300කින් පමණ මෙම වසංගතයට මුහුණ දිය හැකි වේද? පවතින අර්බුදයේ දිග පළල තේරුම් ගනිමින් ඉතා හදිසියේ තවත් දැඩි සත්කාර ඒකක ඇඳන් 200ක් පමණ නිෂ්පාදනය කළද සමස්ත සංඛ්‍යාව වන්නේ දැඩි සත්කාර ඒකක ඇඳන් 500කි.

ඇමෙරිකාව, ඉතාලිය හා එක්සත් රාජධානිය වැනි ලෝකයේ හොඳම සෞඛ්‍ය දර්ශක හා ධාරිතා සහිත රටවල් වුවද වර්තමානයේ එම රටවල් මුහුණ දී සිටින්නේ කොරෝනා අධි වසංගත තත්ත්වයටය. මෙහි ඇතැම් රටවල කොරෝනා මාරාන්තික වයිරසයෙන් දිනයකදී මිය යන සංඛ්‍යාව 900ක් ද ඉක්මවා යයි. කොරෝනා මාරාන්තික වයිරසයෙන් ඇමෙරිකාවේ පමණක් 240,000 ආසන්න පිරිසක් මියයනු ඇති බවට ගණන් බැලෙමින් තිබෙන්නේ එහෙයිනි.

අප රටෙන් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 186කි. මියගිය ගණන 6කි. මුළුමනින්ම සුවය ලබා පිටව ගිය පිරිස 41කි. මෙය ඉතා යහපත් තත්ත්වයකි. එමෙන්ම මෙය මෙම කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහිව දිවි පරදුවට තබමින් සටන් වදිමින් සිටින සෑම පාර්ශ්වයකම කැපවීමේ ප්‍රතිඵලයකි. මෙම තත්ත්වය ආපස්සට හැරවීමේ හැකියාවක් නීච හා පාපී සුළුතරයකට හාකියාව ඇත. ඔවුන්ට එරෙහිව උපරිම බලය යොදා හෝ මේ රට මේ ව්‍යසනයෙන් මුදාගත යුතුය.



අදහස් (13)

කියන දේ අහන්නේ නැත්නම් බලය යෙදීමේ වරදක් තිබේද?

de silva berlin Friday, 10 April 2020 10:20 AM

මේ රට දියුණු කරන්න නම් උසාවි පද්ධතිය කාර්යක්ෂම කළ යුතුය. උසාවි නවීකරණය කළ යුතුය. දැනට එක නගරයකට ඉන්නේ බොහෝවිට එක මහේස්ත්‍රාත්වරයෙකි. 1800 ගණන්වල සිටියේද එකෙනෙකි. දැන් සිටින ජනගහනය අනුව මෙය ප්‍රමාණවත් නොවේ. එමනිසා සමහර නඩු අහලා ඉවරවෙනකොට අවරුදු 20-30 ගතවේ. කරුණාකර බටහිර රටවල මෙන් නඩු කාරයන් ප්‍රමාණය වැඩි කර නඩු ඉක්මනට ඉවර කරන පිළිවෙලකට අපත් යන්න ඕනේ. කරුණාකර මේ කොරෝනා නීති කඩන මිනිස්සුන්ට ඉක්මනට නඩු අහල දඩුවම් දෙන්න. මේ නඩුත් අවරුදු 10 විතර ගත වුනොත් නඩු දැමීමෙනුත් පලක් නැත.

:       5       81

BamunuarachchiSaturday, 11 April 2020 04:55 AM

මෙයා මේ විකාර කතා කරනවා. අපිට ඕනේ කොරෝනා මැඩ පැවැත්වීමට. කියන දේ අහන්නේ නැතිනම් ඉන්දියානු න්‍යාය අනුගමනය කරන්න. කොනක ඉඳන් නෙලන්න. ජෙප්පෝ කෑගහන්න පටන් ගත්තොත් ඔවුන්ට ඉස්සෙල්ලම නෙලලා පැතතකින් තියන්න.

:       263       270

RaveendraSaturday, 11 April 2020 07:05 AM

අප හොදාකාරවම දන්නවා කලුකුමාරයා ඇතුළු ගොන් නඩේ මේ අවස්ථාවේ බොරදියේ ලගිමින් අල්ලන්න උත්සහ කරත් එකෙක් දියව් දියව් කියමින් පාරට නොබසින බව... කෝ අර අන්තරේ ඉන්න නුගත් අන්දරේලා ටික...? ඔවුන්ගේ වලිගෙවත් සොයාගැනුමට අපහසුයි නොවේද?

:       41       1

lalFriday, 17 April 2020 12:30 AM

බිරිදට මාස්ක් එකක්දාග්න කිව්වම, මහරෑම පොලිසියට ගිහින් එයාට ගැහුවයි කියලා බොරු කියලා සැමියව රිමාන්ඩ් කරවපු සිද්ධියක් කොට්ටාව ප්‍රදේශයේ වෙලා තියෙනවා. පොලිස් නිලධාරින් මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. එක්කෙනෙක් කිව් පලියටම ක්ෂණයකින් පැමින එසේ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන රදවා තබාගත හැකිද යන්න ප්‍රශ්නයක්?

:       0       295

තුෂා Friday, 10 April 2020 10:51 AM

එම පාපී හා නීච පාපතරයන්ට මුළු රටම මිනී කනත්තක් බවට , පත් කරන්නට ඉඩ නොදී , අපගේ ලක් මාතාව මේ දරුණු උවදුරෙන් බේරා ගැනීමට බලය යෙදීමට අවශ්‍ය නම් ,එය යෙදීමට ඇති බාධාව කුමක්ද ? එය මුළු මහත් ලංකාවාසින්ටම කරන මහඟු උපකාරයක් වනවා නොඅනුමානය. පිට රටවල් වල ජීවත් වෙන, ලාංකික ප්‍රජාවගේ පැතුම වෙන්නෙත්, අපගේ මාතෘ භුමිය මේ උවදුරෙන් හැකිතාක් ඉක්මනටම නිදහස් වේවා යන්නය !

:       0       6

Raveendra Friday, 10 April 2020 11:07 AM

මෙම හරවත් ලිපිය සියලුම පුරවැසියනේ මෙන්ම රට ආගන්තුකයන් ලෙස හැසිරෙන "දේශපාලුවන්ද " කියවා බැලීම ඉතාමත්ම වැදගත්වේ... අප තරයේ විස්වාස කරන්නේ මෙම අවදානම් අවස්ථාවේ අවම බලය යොදා" උගත් නුගත් ගොන් බුරුවන්ව "පාලනය කිරීම ඉතා අපහසු බවය. එලෙස ගත කල කීපදෙනෙකුට හෝ හතර හන්දි කැඩෙන්න දුන්විට සියල්ලෝම මෙහි වැදගත් කම සහ එහි අවශ්‍යතාවය හොදින් පැහැදිලි වෙනු ඇත. එසේද අණ පිලිනොපදින්නේ නම් " ඒකා මොකා" උනත් වෙඩිතබා මරා දැමීම කල යුතු බව අප තරයේ විස්වාස කරන්නෙමු. මෙහි වඩාත්ම අසෝබන කාරණය වන්නේ මෙසේ අසීලාචාර ලෙස හැසිරෙන්නේ බලාංසේ ඉගෙනුම ලබන දරුවන් නොවන බවත් වැඩිහිටියන් වීමත්ය. වැඩිහිටියා මෙසේ නීතියට අවනත නොවෙනවා යනු එම ආදර්ශය දරුවන්ටද මහත් ලෙස බලපානවා නොවේද ? එබැවින් වැඩිදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් නීතියට අවනත නොවෙන්නේ කවුද?

:       1       2

චමින්ද Friday, 10 April 2020 11:35 AM

ජනාධිපතිතුමනි, මෙම වසංගත තත්වය මව්බිමෙන් තුරන්වෙනතුරු වත් රට හමුදා පාලනයකට නතුකරගන්න. නොඑසේනම් රටේ අවසානය ඉතා ඉක්මනින්ම ලගාවෙනු ඇත. අවුරුදු 30 ක් පැවති කුරිරු යුද්ධයෙන් ජය ගත් අපේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය ඔබතුමාට ලැබෙනු ඇත. තවද මෙම වසංගතය උවමනාවෙන් බෝකිරීමේ අයට සහ එයට අනුබල දෙන අයට මරණ දණ්ඩනය නියම කිරීම සදහා ක්‍රියාත්මක වෙන්න. තුණුරුවන් සරණයි .

:       1       2

සේන Friday, 10 April 2020 12:00 PM

රට කනත්තක් කිරීමට දත කන අමන, හිස් මිනිසුන් කොටසක් සිටින වග ඉතා පැහැදිලියි. ලොවටම විපතක් වූ මේ ගොත්‍රිකයන් තද නීති මගින් පාලනය කළ යුතුය. කිමද තිරිසනාට හොඳින් කියා යමක් අවබෝධ කරදිය නොහැක. ඔවුන්ගේ යම් ම්ලේච්ඡ යටි අරමුණක් තිබේදැයි සොයා බැලීමද වටී...?

:       0       1

Champa Friday, 10 April 2020 01:16 PM

මෙහෙන් ඇඳිරි නීතිය කඩපු මිනිස්සුන්ට විරුද්ධව බලය යොදන ගමන් හෙවත් නඩු දාන ගමන් අරහෙන් මත්ද්‍රවය වැරදිකාරයො හිරෙන් එලියට දානවා කොරෝනා පිටින් දාල. ඊළඟට වෙන්නේ වහලා තියෙන කඩ සාප්පු මංකොල්ල කෑම් ගෙවල් බිඳීම් වැඩි වෙලා මිනිස්සුන්ට තවත් කරදරයකට මුහුණ දෙන්න වෙන එක. ඇයි ඉතින් හිරේ ඉන්දෙත්දී මේ එලියට දාන හිරකාරයෝ හොඳට කාල බීල හිටිය. එලියට ආවහම රස්සා කරන්නද කන්න අඳින්න? එක පැත්තකින් හිර ගෙවල් වල තදබදය අඩු කරන්න කියල හිරකාරයෝ එලියට දාන අතරේ තව පැත්තකින් ඇඳිරි නීතිය කැඩුව කියල එලියට දාන පිරිස වගේ 10 ගුණයක් හිරේ දානවා. මට නම් තේරෙන්නේ නැහැ මේ විකාරේ.

:       127       161

Rehan de CostaSaturday, 11 April 2020 06:22 AM

අන්තර්ජාල පහසුකම් තිබුණ පළියට නොදන්න දේවල් ගැන කටමැත දෙඩවීම ඔබේ අඥානකම ප්‍රදර්ශනය කිරීමකි...

:       44       45

Disanayaka Friday, 10 April 2020 03:17 PM

සතුන් මෙන් හැසිරෙන මෙම මෝඩයින්ව පාලනය කිරීමට හිර ගෙදර තරම් හොද තැනක් නැත.

:       6       77

S. Jaye Sunday, 12 April 2020 01:38 AM

හදිසි නීතිය පවතින කාලය තුල අල්ලාගත් සියල්ලන්ම සිරකරුවන් ලෙස අත්‍යාවශ්‍ය සේවාවන් සදහා යොදන්න. අල්ලාගත් සියලු වාහන තාවකාලිකව අත්‍යාවශ්‍ය සේවාවන් සදහා හමුදාවට හෝ පොලීසියට බාරදෙන්න. නවත්වන්න නම් මේක කරන්නම ඕන....

:       0       12

Sisil Sunday, 12 April 2020 07:16 AM

මහමූදෙන් වටවූ මගේ රට වීදේශ රෝග ආවෙ නැත... අද වගේ නීතීය තිබ්බා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3723 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10962 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1860 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site