IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කොන්ස්තන්තීනු ද සාගේ පුතා ‘ඌවේ මහ සටන’ විස්තර කරයි

ලංකාවේ පෘතුගීසි සමයෙහි සිදුවූ මහ සටනක් වශයෙන් සැලැකෙන ඌවේ  සටනේදී මහා සා මරණයට පත්විය. අලගියවන්න මුකවෙටි කවියා විසින් ”කොන්ස්තන්තීනු සටන” නැමැති කාව්‍ය ලිවීමෙන් ඒ විදේශීය නායකයාගේ සටන්කමීත්වය සහ සිංහල සේනාවගේ වික‍්‍රමය යස රඟට සිත්තම් කර තිබේ. සටන් බිමේදී මරුමුවට පත් ඒ සෙන්පතියාගේ පුත‍්‍ර ජේ.ආර්. ද සා නැමැත්තා විසින් ”ලංකාවේ කැරැල්ල” නමින් ලියන ලද ලංකාවේ පෘතුගීසි සමය පිළිබඳ ඉතිහාසයෙන් තම  පියාගේ නායකත්වයෙන් සිදුවුණු ඌවේ සටන විස්තර කර තිබේ. ඒ පොත පළවී ඇත්තේ වර්ෂ 1681 දීය. රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව සඳහා එය කර්නල් සෙන්ට් ජෝර්ජ් මහතා විසින් මීට කලකට පෙර ඉංග‍්‍රීසියට නඟන ලදී. මෙහි දැක්වෙනුයේ එහි සඳහන් පරිදි ඌවේ මහ සටන පිළිබඳව ඉතා විසිතුරු විස්තරයක සිංහලානුවාදයයි. ‘‘කොතරම් බාධා ඇති වුවත් ඌව ආක‍්‍රමණය කිරීමට සෙන්පතියා තීරණය කළේය. දහතුන් දහසක් පමණ හේවායෝ ගමනට සැරසුනහ. ඔවුන් අතර මහලූ අය හා ළමයින්ද බොහෝ ගණනක් සිටි හෙයින් යුද්ධ කළහැකි හේවායෝ සිටියේ සිය ගණනකි. මැණික් කඩවර සිට සෙන්පතියා තම ගමන ආරම්භ කළේ 1630 අගෝස්තු 25 වෙනිදාය. ඌවේ රාජධානිය පිහිටා ඇත්තේ ලංකාවේ මධ්‍යම ප‍්‍රදේශයෙහිය. එය කන්ද උඩරට රාජධානියට යාබදවේ. එයද කන්ද උඩරට රජුට අයත්වේ. රජුගේ වැඩිමහල් පුත‍්‍රයාට ”ඌවේ කුමාරයා” යන ගරු නාමය ලැබී තිබේ. උස් කඳු හා ගිරි දුර්ගයන් අතර පිහිටි මේ ප‍්‍රදේශයට යාම ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ. එහි අගනුවර වන බදුල්ල කොළඹ සිට ලීග් 25 කට පමණ ඈතින් පිහිටා තිබේ. එහි යා යුත්තේ ඉතාම අසීරු මාර්ගයක් ඔස්සේය. ඉතා අමාරුවෙන් ළං විය යුතු උස් බිමක ඒ නගරය තනා තිබේ. කොන්ස්තන්තීනු සෙන්පතියා බදුල්ලට සැපත්වනතුරු අතරමගදී ගමන නතර නොකළේය. කිසිම බියකින් තොරව ඌවේ කුමාරයා එහි නතරවී සිටින බව තම ඔත්තුකාරයින්ගෙන් දැනගත් නිසා එය වැටලීම ඔහුගේ අදහස විය. එහෙත් තම වැඩ පිළිවෙල වෙනස් කළ කුමාරයා තම සේනාව කුඩා නිසා බියෙන් පැන යන බව බොරුවට අඟවා ඉතා අමාරුවෙන් ළංවිය යුතු ඈත කදුකර පෙදෙසකට පලා ගියේය. එයින් ඔහු අදහස් කළේ කොන්ස්තන්තීනු ද සා සහ ඔහුගේ සේනාව ඈත කඳුකරයට ගෙන්වා ගැනීමය. අපේ සේනාව අගනුවර ගිනිලා එය විනාස කළේය. ඊට පසු සෙන්පතියා නගරයේ වාඩිලා නැවතුනේය. බොහෝ සේ දුක් විඳ දීර්ග ගමනක යෙදී සිටි සෙබලෝ වෙහෙසවී සිටි බැවින් වෙහෙස සංසිඳුවා ගැනීම සඳහා විවේක සුවය පැතූහ. මේ අතර කන්ද උඩ රාජධානියේ රජු සමග පණිවුඩ හුවමාරුකරගෙන මීළඟට කුමක් කළ යුතුදැයි තීරණය කර ගැනීමට හතුරාට ඉඩ සැලසුනේය. බදුලූ නගරය ඉදිරියෙහි වූ කඳු මුදුනක අපේ සේනාව කඳවුරුලා ගති. මේ අතර අවට මිටියාවතෙහි සතුරු සේනාව දක්නට විය. අපගේ සේනාව වටකර ගැනීම සඳහා එහි රැස්වූ මහා සේනාව අසූ දහසකට වැඩිවීයැයි ඇතැම්හු ප‍්‍රකාශ කළහ. අපේ සේනාවේ බොහෝ දෙනා සටන් බිමේ වැටී සිටියහ. ඉතිරිව සිටියවුන් ගෙන් වැඩි දෙනා තුවාල කාරයෝය. සෙන්පතියාට තම ඉතුරු සේනා ඛණ්ඩය රැකවලෙහි තබා ගැනීමට තැනක් නොවීය. එය විවෘත ප‍්‍රදේශයක් වීම නිසා සෑම පැත්තෙන්ම තමා වටකරගනු ලැබූ සේනාවෙන් පැන යෑමට හෝ ආපසු යෑමට තැනක් නොමැති විය. සෙන්පතියා හැම පැත්තෙන්ම වටලා ගත් සතුරු සේනාව ඔහුට පහර දෙන්නට පටන් ගත්තේ පිස්සු බලූනක් මෙනි. රාත‍්‍රී කාලය සැපත්වූ මුත් ඔව්හු භයානක ඝෝෂා පවත්වමින් එහි රැස් කකා සිටියහ. ඇතැම් විට ඈතට ගොස් හී වරුසා වැස්සවූහ. තෝමරයන් දමා ගැසූහ. එයින් වැඩි අනතුරක් නොවූ නමුත් එය මහත් කරදරයක් විය. මෙතරම් කණගාටුදායක තත්වයකට මුහුණ පා සිටිය නමුත් සෙන්පතියා මේ සියලූ කාලය තුළ ධෛර්යමත්ව සියුම් කල්පනාවෙන් තම සේනාව මෙහෙයවීය. එදා ඔහුගේ සේනාවේ සිටි හොඳම සෙබලූන්ගේ අවසානය වූයේ මුත් ඔහු පලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. ඔහුගේ ධෛර්යය යටපත් නොවී අන්තරාවේදී එය වේගයෙන් නැගී සිටින්නාක් මෙන් විය. අන්ධකාරය පැතිරෙද්දී හෙතෙම තුවාල ලැබූවන් සනසමින් හැම සෙබලා ළඟටම ගොස් ඔවුන්ට කථා කොට තිබෙන යමක් කා බී විවේක ගන්නා මෙන් ඉල්ලා සිටියේය.මෙවිට ඇති වූයේ මේඝ ගර්ජනා සහිත ධාරාණිපාත වැස්සකි. එයින් සෙන්පතියාගේ සියලූ වෙඩි බෙහෙත් සහ ආහාර වර්ග විනාශ වී ගියේය. පහන් වෙත්ම සෙන්පතියා කඳවුර අකුලාගෙන පෙර පරිදි ගමන ආරම්භ කළේය. සිංහල සේනාව ඔවුන් වටේ රැස්වූයේ දෙගුණ තෙගුණයෙන් වැඩිවූ භයානක ලීලාවකිනි. පළමුවෙන් අඩ කවයක ලීලාවෙන් අවට රැස්ව ක‍්‍රමයෙන් වැඩි කල් යන්නට මත්තෙන් කවයක්සේ වටේ රැස්වූහ. අපේ කුඩා පිරිස ඔවුන් මධ්‍යයෙහි තෙරපී කිසිවක් කරගත නොහැකිව අනාථව සිටියහ. අපේ පිරිස වෙඩි තැබීමට තැත් කළ මුත් වෙඩි බෙහෙත් තෙත් වී තිබුණ නිසා එයද කළ නොහැකි විය. එවිට සතුරු සේනාව ඊ ශර වර්ෂාවෙන් හා වෙඩි පහරින් අප පිරිසට පහර දුනි. ඔවුන්ගේ දක්‍ෂතාවය ගැන අප පිරිසේ උන් අය පුදුමයට පත් වූහ. එපමණක් නොව හතුරෝ කඩුවලින්ද පහර දෙන්නට වූහ. එයට ඔවුහු විශේෂයෙන් දක්‍ෂයෝ වූහ. එහෙත් ඔවුන් අපට කිට්ටුවීමට බිය වූහ. ඉතා ළං වුවොත් කෙසේ හෝ අප සෙබලූන් විසින් ඔවුන් මරුට ගොදුරු කරන බව ඔවුහු දනිති. නිර්භීත මිනිසෙකු වශයෙන් හා පළපුරුදු සෙන්පතියෙකු වශයෙන් කළ හැකි සියල්ල ඉටු කළ සෙන්පතියා තමාගේ ඉතිරි පිරිස මහත් කළබලයෙන් සටන් කරන බව දුටුවේය. අන්තිම සටනේදී ඔහුට සහායවීමට ඉතිරිව සිටියේ සෙබලූන් දෙදෙනෙකි. සතුරන්ට උවමනා වූයේ සෙන්පතියා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමටය. එසේ අල්ලා දුන් කෙනෙකුට තුටු පඬුරු දෙන බවට සතුරන්ගේ කුමාරයා කලින් දන්වා තිබුණේය. නියම ජයග‍්‍රහණය ලබා ගැනීමට එය අසහාය මාර්ගය යැයි ඔහු සිතා සිටියේය. මළ කඳන් මැද්දේ සිට ගෙන සටන් කළ වීර සෙන්පතියාට කිට්ටුවීමට බියවූ ඔව්හු අත්මාරක්ෂාව ගැනද සලකමින් ඈතින් සිට පහර දුන්හ. අන්තිමේදී තම ආරක්‍ෂාව සඳහා දෙපසෙහි සිටි සෙබලූන් දෙදෙනාද මැරී වැටෙනු දුටු සෙන්පතියා තම කඩුව අමෝරාගෙන සිංහ ලීලාවෙන් සතුරන් මැදට පැන ඔවුන් සිය ගණනක් මරා දැමුවේය. තුවාල ලැබීමෙන් පසුවද වියරුව සටන් කරමින් කෙතරම් විනාශයක් සිදු කෙළ්දැයි සඳහන් කරන සතුරෝ ඔවුන්ගෙන් හැට දෙනෙකු සෙන්පතියා විසින් මරා දමන ලද බව ප‍්‍රකාශ කළහ. මහනුවර රජුගෙන් සෙන්පතියා මැරීමට අණ ලැබිණි. සතුරෝ හී වරුෂා හා වෙඩි වරුෂා වැස්වූහ. එක් හීයක් ඔහුගේ පපුව පසාරු කරගෙන ද තවෙකක් ඔහුගේ පිට පසාරු කරගෙනද පිටවෙත්ම සෙන්පතියා පූජකයෙකු කරේ එල්ලී දන නමාගෙන පාපොච්ඡාරනයෙන් පසු අන්තිම ශුද්ධ ජලය පානය කරත්ම වේගයෙන් ආ හීයක් දෙදෙනාගේම හිස් පසාරු කරගෙන බිම පතිත විය. බිම වැටුනු සෙන්පතියාගේ සිරුර කඩ කඩව කපන ලදී. ඔහුගේ හිස කන්ද උඩ රජු වෙත ගෙන යන ලදින් සත් කෝරලේ උස්ගසක සවි කර තැබීමට නියම කරන ලදී. එම සටනේදී මරුමුවට පත් පෘතුගීසි හේවායන්ගේ හිස් පිරිවරාගෙන සෙන්පතියාගේ හිස උස් ගසක මුදුනේ දක්නට ලැබිණි. නවුන්තුඩුවේ විමලසිරි ජයසුමන



අදහස් (0)

කොන්ස්තන්තීනු ද සාගේ පුතා ‘ඌවේ මහ සටන’ විස්තර කරයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 183 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 378 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 212 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 601 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 711 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2796 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1398 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site