IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොන්ත්‍රාත්කරුගේ බොරලුවලින් ගම්වැසියෝ පාර හදති

සටහන සේයාරූ - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආණමඩුව 10 කනුව මහකුඹුක්කඩවල මාර්ගය කාපට් කිරීම සදහා ලබා දි ඇති  කොන්ත්‍රාත් සමාගම දිගින් දිගටම වැඩ ප්‍රමාද කිරීම නිසා  කුපිත වූ ගම්මාන 15 ක පමණ ජනතාව අද (4) දින කොන්ත්‍රාත්කරු කැඳවාගෙනවිත් ගොඩ ගසා තිබු බොරළු යොදා ගනිමින් තාවකාලිකව මාර්ගය සකස් කර ගැනිමට කටයුතු කළහ.

10 කණුව වඩත්ත මහ කුඹුක්කඩවල මාර්ගය වසර ගනනාවක සිට ගමන් කිරීමට නොහැකි විම නිසා එය කාපට් අසුරා අලුත් වැඩියා කිරිමට 2016 වසරේ පුද්ගලික සමාගමකට ලබා දි ඇත්තේ එය ජනතාව පත්ව ඇති අසිරුතාවය  හේතුවෙන් කඩිනමින් මාර්ගය සකස් කරදිමේ ගිවිසුම් මතය .

නමුත් 2016 වසරේ සිට මේ දක්වා මාර්ගයේ වැඩ කටයුතු ඉතා මන්දගාමි ලෙස සිදුවන බවත් දැනට කර ඇත්තේ බොරළු එක් රැස් කර ගැනිම පමණක් බව ජනතාව චෝදනා කරති.

 මේ පිළිබදව අදහස් දක්වමින් ඒ.එච්. රංබංඩා මහතා මෙසේ කීවේය.  

 “අද ගම්මාන 20 ක විතර ජනතාව එකතුවෙලා මේ ආකාරයට මේ පාර හදන්න උවමනා නැහැ. කොන්ත්‍රාත් කරු මේ පාර හදලා තිබුනානම් ඒ නිසා කොන්ත්‍රාත්කරු ගොඩ ගහලා තිබුණ බොරළු වලින් තමා මේ පාරේ තියෙන වලවල් වහන්න කටයුතු කළේ මේ පාර කිසිම දවසක සංවර්ධනය නොවීම නිසා 2016 වසරේ මාර්ගය ඉදි කරන්න කියලා සමාගමට දීලා තිබුණා. ඒ යන්ත්‍ර සුත්‍ර වැඩි ප්‍රමාණයක් නවතා තිබුනේ මගේ ඉඩමේ. නමුත් මුල ඉදලාම ඔය කොන්ත්‍රාත් සමාගම වැඩ කලේ උවමනාවකින් නොවේ. ඒ එක්කම පාරේ වැඩ කරපු අයට පඩි  දුන්නෙත් නැහැ. පස්සේ රණ්ඩු කරලා තමා පඩි ගත්තේ. සමහරුන්ට තවමත් පඩි දෙන්න තියනවාද මන්දා. ඒ තරමට මේ කොන්ත්‍රාත් කාරයා දුර්වලයි. දැන් පාරේ යන්න ම බැහැ“ යැයි ඔහු පැවසිය.

 තමන් මුහුණ දී ඇති තත්වය පිළිබදව අදහස් දැක්වු  ඩබ්ලියු .එම් . ස්වර්ණකාන්ති මහත්මිය පවසා සිටියේ.

“ අද උදේ සැතපුම් ගනනාවක් පයින් ඇවිත් තමා මේ වැඩ කරන්නේ . පාරේ යන්න කොටින්ම බැ . පාරේ බයිසිකලයක්වත් තල්ලු කරගෙන යන්න බැරි වෙලා . දරුවෝ පාසල් යවා ගන්න විදින දුක දන්නේ අපි විතරයි ඡන්දෙට කලින් පාර හදලා දුන්නේ නැත්නම් කිසිම පක්ෂයකට අපි මේ පාර කුඹුක්කඩවල ගම්මාන 20 කින් ජන්දය දෙන්නේ නෑ. ඒක අනිවාර්යෙන්ම කියන්න ඕනා“ යයි පැවසුවාය.  

ටී.එම්. ධම්මිකා මහත්මිය පවසා සිටියේ

“මම මේ වැඩ කරන්න අවේ කුඹුක්කඩවල ඉඳලා. එ කියන්නේ සැතැපුම් 11 දුරක් ඇවිත් පාරේ වැඩ කරන්නේ .සල්ලි වලට නොවේ දරුවන්ට පාසල් යන්න තියෙන බස් එක නවතනවා කියලා තියෙන නිසා බයට . මොකද දරුවන් පාසල් යවා ගන්න බැරිව ගියොත් අපි ලොකු අමාරුවක වැටෙන නිසයි . මේ වැඩ කරන්නේ කොන්ත්‍රාත් කාරයා පාරේ වැඩ කරන්නේ නැති නිසා කියලා අනිවාර්යෙන් ලියන්න ...

කොන්ත්‍රාත් භාරව සිටින වී.වී . කරුණාරත්න සමාගමේ වැඩබිම් ඉංජිනේරු යැයි පවසන සංජය ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමේදී මෙසේ කීවේය.

“ අපිට තවමත් කොන්ත්‍රාත්තුව අවසන් වෙන්න කාලය තියෙනවා මොකද 2016 පටන් ගත්තේ 2018 අගොස්තු වෙනකම් ගිවිසුම් අවසන් විමට කාලය තියෙනවා . අපිට තවත් මාර්ග කිපයක කිලෝ මිටර් 74 ක්  හදන්න තියෙන නිසා අපි ක්‍රමානුකුලව වැඩ කරගෙන යනවා . තව කාලය තියෙන නිසා තවම අපිට චෝදනා එල්ල කරන්න බැහැ යැයි  පැවසිය.

 මෙහිදි අදහස් දැක්වු වඩත්ත ඒ.එච්.එම්. වීරසිංහ මහතා.

“ ඔය පාර හදන්න ආපු කොන්ත්‍රාත් සමාගම හිගන එකක් මොකද පාර දෙපැත්තට බොරළු දාල වතුර දැම්මේ මල් බාල්දියෙන්. අපි කවදාවත් දැකලා නැහැ  පාර වල් හදද්දි  මල් බාල්දියෙන් වතුර දාන කොන්ත්‍රාත් කරුවන්. ඒ විතරක් නොවේ. මෙයාලාගේ වැඩ ගැන කිසිම ආකාරයකින් අපිට සතුටු වෙන්න බැහැ. යැයි ඔහු පැවසීය.

මේ පිළිබඳව ආණමඩුව සංවිධායක හා වාරි මාර්ග හා ජල කළමාණාකරණ රාජ්‍ය  ඇමති පාලිත රංගේ බංඩාර මහතාගෙන් මෙම කොන්ත්‍රාත් සමාගමේ ප්‍රමාදය පිළිබදව  විමසිමේදී ඔහු මෙසේ කීවේය.

“ ඔය සමාගම මුල ඉඳලාම මන්ද ගාමි ලෙසයි පාරවල් ඉදි කිරීම් පටන් ගත්තේ. මේ පිළිබඳව මම දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විම් වල සේම ප්‍රදේශීය සම්බන්ධිකරණ රුස්විම් වලදි අවස්ථා ගනනාවක කථා කරලා තියෙනවා. මේ මාර්ගය ඉදි විම ප්‍රමාදයි කියන්නේ ජනතාව බරපතල ලෙස අසරණව සිටිනවා මේ ප්‍රශ්ණයේදි මමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ මොකද .කොන්ත්‍රාත් කරුවන්ට කාලය තියනවා කියන එක නොවෙයි උත්තරය. මේ කොන්ත්‍රාත් කරුවන් නුසුදුසුයි කියලයි මමත් කියන්නේ.“ යැයි ඇමතිවරයා පැවසිය.  



අදහස් (4)

කොන්ත්‍රාත්කරුගේ බොරලුවලින් ගම්වැසියෝ පාර හදති

sena Saturday, 04 November 2017 11:58 AM

දැන් ඉතින් කව්ද ප්‍රශ්නේ විසඳන්නේ?

:       0       7

dinesha Saturday, 04 November 2017 06:48 PM

කොන්ත්‍රාත්කරු පොලිසි ගියොත් අහිංසක ගම්වැසියන් රිමාන්ඩ් කරනවා සිකුරුයි

:       0       2

anula Sunday, 05 November 2017 03:54 AM

කොන්ද පන නැති ඇමතියෙක් මොකද එයට බැරිද මුන්ට කියන්න කරන්න බැරිනම් වෙන කෙනෙකුට දෙන්න බොරු සෝබන එයටත් ගානක් තියාගෙන ඕව කරන්නේ එයාලගෙම කොන්ත්‍රාත් කරුවෝ මිනිස්සු රැවටෙයි ඕවට

:       35       18

himal Sunday, 05 November 2017 12:59 PM

කොන්ත්‍රාත්තුවක් ආරම්භ කරන කොට ඒකට නියමිත කාලයක් නියම කරනවා. ඒ කාලයට අනුව අදාළ ඉංජිනේරුවරයාට වැඩසටහනක් ඉල්ලන්න පුළුවන්. ගාන්ට් සටහන කියන්නේ ඒ එක විදිහක්. ඒ සටහන බැලුවා නම් ප්‍රමාදද නැද්ද හොයන්න පුළුවන්. ඒත් තවත් කාලය තියෙද්දි ප්‍රමාදයි කියන එකේ නම් ගැටළුවක් තියෙනවා. යම් හෙයකින් කොන්ත්‍රාත්කරු නීතිය හමුවට ගියොත් මේ ගම්වැසියො ලොකු අමාරුවක. ඒ වගේම දැන් මේ කරපු වැඩේ හින්දා පාරේ ගුණාත්මකබවට හානි වුනා කියලත් සමාගම තර්ක කරන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 98 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 250 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 180 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 232 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 236 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 794 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site