IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කතරගම දේව අඩවියේ ජනයාට හිරිහැර කර නිලයෙන් පහළට වැටෙයි

නිරිගදිග මෝසම් වැස්සේ අවසානයත් සමග එළැඹෙන අන්තර් මෝසම් කාලයට කතරගම සහ අවට වැසියන්ට ද වැසි ලැබෙයි. ඊසානදිග මෝසම් වැසි ආරම්භය ද සමග භවබෝග වගා කරන්නට කතරගම දේව අඩවියේ පැරණි වැසියෝ පුරුදුව සිටියහ. පසුගිය දිනවල දැඩි නියගය නිසා මෙවර ගොවිතැන් කටයුතු කළ නොහැකි වේයැයි ගොවීහු කම්පාවට පත්වූහ. එහෙත් දේව අඩවියේ වෙසෙන සෑම ගොවියෙක්ම පාහේ කතරගම දෙවියන් නැමැද වගා කටයුතු කරන්නට වැසි ලබාදෙන්නැයි ආයාචනා කළහ. මේ දිනවල ඇද හැළෙන වැසි සමග තම වගා කටයුතු ඉක්මනින් සිදු කරන්නට ගොවියෝ පෙළඹවී සිටිති. හේන් කපා කැලෑ ගිනි තබා වැසි බලාපොරොත්තුව සිටි ඔවුහු දැන් වැසි සමයත් සමගම බීජ සිටුවීමට පටන්ගෙන ඇත. මේ අතර වැඩිහිටියගේ උපදෙස් පරිදි පවත්වගෙන යන හේන් වල බුදුන්ට සහ කතරගම දෙවියන්ට පහන් දෙකක් දල්වනු ලැබේ. ඒ දෙවියන්ට පින් දී වගාබිමට දේවාශිර්වාදය ලබා ගැනීමටය. ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ වැසියන් බොහෝ දෙනෙකු හේන් පිණිස කොටන්නේ ආණ්ඩුවේ කැලෑය. කැලෑ කන්තෝරුවල මහත්තුරු ඇවිත් කැලෑව කපන්නට එපා යැයි කියති. නමුත් හේනක් කරන්නට බිම් කෑල්ලක් නැති නිසා කැලෑ මහත්තරුන්ට හොරෙන් අක්කරයක් දෙකක් කොටා ගැනීම සිරිතක්ව පැවතියේය. වනඅලි ඇතුලූ වන සතුන් ගැවසෙන මේ වනාන්තරයේ එසේ වගාකරන හේනකින් කරදරයකින් තොරව අස්වනු නෙළාගත හැක්කේ කතරගම දෙවියන්ගේ බැල්ම ඇති නිසා බවට ඇති ජන විශ්වාසය අදටත් පවතී. තිස්සමහාරාමයේ පිදිංචි ජී.පී. පියදාස මහතා දැන් හැත්තෑවිය ඉක්ම වු අයෙකි. දරුවන් පස්දෙනකු පෝෂණය කර මුණුබිරි මිනිබිරියන්ගේ ද ආදරය ලබමින් අදටත් ගොවිතැන්බත් කරති. ’‘මේ අඩවියේ ඉස්සර අපි හැම වැඩක්ම කරන්නේ දෙවියන් සිහි කරලා. හැබැයි එකක් තියනවා, අපි කතරගම දෙවියන් සිහිකරන්න ඉස්සරවෙලා බුදුන් වදිනවා. මල්පහන් පූජා කරනවා. ඊට පස්සේ දෙවියන්ට පින් අනුමෝදනා කරලා තමයි කතරගම දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නේ. ඒකත් හිතින් ප‍්‍රාර්ථනා කරනවා. අපේ බලපොරොත්තු ඉටුවුනොත් දෙවියන් වෙනුවෙන් යමක් කරන බවට ‘‘බාර’’ වෙනවා. ඒක තමයි එදා අපි කතරගම දේවියන්ගෙන් ආශිර්වාද ගත්ත ක‍්‍රමය. අද මහා ලොකු පූජාවට්ටි අරගෙන කතරගම මහ දේවලෙට යන සමහරු කිරිවෙහෙර වදින්නෙවත් අෂ්ඨඵල බෝධිය වදින්නෙවත් නෑ. ඒ වුනාට කතරගම දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් ඉස්සර වෙලාම උන්නාන්සෙට පින් අනුමෝදන් කළ යුතුයි. මේක අද බොහෝ දෙනෙක් දන්නේ නෑ.’’ පියදාස මහතා කීවේය. ’‘ඉස්සර හේන් කොටන කාලෙට අපි පිලී ජාති එක්ක කෑම ගෙනියන්නේ නෑ. ඒක සිරිතක්. සමහරු මේ චාරිත‍්‍ර පිළිගන්නේ නෑ. කාලයකට ඉස්සර අපි සිතුල්පව්වට යන පාර පැත්තේ හේන් කෙටුවා. විවිධ පැතිවලින් ඇවිත් හේන් කොටනවා. අපේ හේනට හේන් දෙකක විතර එහායින් ගන්දර පැත්තේ කියලා කට්ටියක් ඇවිත් හේනක් කෙටුවා. ඒ අයගේ හේන පැත්තෙන් නිතරම කරවල බැදුමක කුයිල එනවා. අපේ කටටත් කෙළ උනනවා. නමුත් අපි කැලේ හැසිරෙන ක‍්‍රමයක් තිබුණා. පිලීජාති උයනවා තියා පිලී කළවම් කරලා කෑම එකක්වත් අපි පැල හිටවනකම් හේනට ගේන්නේ නෑ.’’ ’‘කලින් කිව්ව හේනේ අය මේවා ගණන් ගත්තේ නෑ. ඒගොල්ල හිටියේ  දෙවියන් බුදුන් කියලා කෙනෙක් නැති විදයට. හේනෙ පැල ජාතිත් දැම්මා. පැල හොදින් හැදීගෙන එනකොට පැලපතට ලෙඩක් හැදුනා. කොළපාටට තිබුණ හේන කළුපාට වෙන්න ගත්තා. නොයෙක් දේවල් කළා.  ඒ වුනාට වැඩක් වුණේ නෑ. අල්ලපු හේන්වල අපිත් බය වුණා. අපේ හේන් වලටත් ඒ ලෙඬේ බෝවෙයි කියලා. නමත් දෙවියන්ගේ නාමෙට ලෙඬේ තිබුණේ ඒ හේනට විතරයි. අන්තිමට ඒ හේන කරපු අය හේන අතහැරලා යන්න ගියා. හැබැයි ඒ අය හිතුවේ අනෙක් හේන්වල අය ‘‘හේන්පාළුවක්’’ කරන්න ඇති කියලා. ඇත්තටම ඉස්සර මේ දේව අඩවියේ නරක දේවල්වලට ඉඩක් තිබුණේ නෑ’’ පියදාස මහතා කීවේය. ‘‘අස්වනු නෙළලා කතරගම මහ දේවාලෙට මුරුතැන් පුජාවක් තියලා හේන් කපන්න පෙර වුණ භාරය ඔප්පු කරනවා. එතකොට තමයි හිතට සැහැල්ලූවක් දැනෙන්නේ. නැත්නම් හිතෙන්නේ කාගෙන් හරි ගත්ත ණයක් නොදී ඉන්නවා වාගේ හැගීමක්. අස්වනු නෙළලා අග‍්‍රකොටස බුදුන්ට සහ දෙවියන්ට වෙන් කරලා බුද්ධපුජා තියලා, දෙවියන්ට පුජා කිරීම සිරිතයි. මේවා කරන්න කියලා කොහේවත් නියමයක් නෑ. අපට අපේ තාත්තා ඇතුලූ වැඩිහිටියෝ කියලා දුන්නේ. සිරිතක් විදියට කරන්නේ. හොදක් මිසක් නරකක් නම් වෙලා නෑ.’’ පියදාස මහතාගේ පැහැදිලි කිරීම වත්මන් පරපුරට ආදර්ශයකි. කතරගම දෙවියන්ගේ අඩවියේ වෙසෙන මිනිසුන් තුළ දෙවියන් කෙරෙහි ඇත්තේ අපමණ විශ්වාසයකි. ඉක්මනින් පොහොසත් වෙන්ට යැයි සිතා වැරදි කර්මාන්තවල යෙදෙන්නෝ ද කතරගම නැත්තේ නොවේ. කලකට ඉහතදී සෙල්ලකතරගමට නුදුරු ප‍්‍රදේශයකට අම්බලන්තොට පැත්තෙන් ආ ගැටයෙක් අපූරු වෙළදාමක් පටන් ගත්තේය. ඒ මස් පිණිස හරක් විකිණිමයි. හරක් පට්ටිවලින් සහ ඉඩම්වල දිගේලි කර සිටින හරකුන් මෙන්ම නිදැල්ලේ ඉන්නට ඇර ඇති එළගවයන් සහ මී ගවයන් මස් පිණිස මැරීම සදහා හොරකම් කර විකිණීම ඔහුගේ පුරුද්ද විය. හරක් බලාගන්නා ගොපලූ කොල්ලෙක් විදියට ඔහු ලද අත්දැකීම මේ කටයුත්තට ඉමහත් පිටිවහලක් විය. කෙටි කලක් තුළ මෙය අතමිට සරුකරන ව්‍යාපාරයක් විය. හරක් බලාගත් කොල්ලා දැන් සල්ලි කාරයෙකි. වැඬේට උදව් කරන්නට ගෝලබාලයෝද ඇතිවිණි. හරකුන් හොරෙන් පැටවීම ජයටම කෙරෙයි. ‘‘කතරගම දෙවියන්ගේ අඩවියේ මේවගේ අපරාධකාරයන්ට දඩුවමක් නැති හැටි.  කතරගම දෙවියෝ ජීවමානයි කියන්නේ බොරු.’’ සමහරු මේ ආකාරයට කතරගම දෙවියන් ගැන පවා කතා කරන්නට වූයේ මේ අපරාධය ඒ තරමටම මහ පොළොව නුහුලන නිසාය. කෙටි කලක් තුළ ඔහු දැසි සම්පත් පිරිවරාගෙන වැජඹුනේ ධනවතෙකු ලෙසිනි. එහෙත් අධිකරණය හමුවේ ඔහුට නඩු ගණනාවක්ම විය. ඒවායින් වැඩිහරියක් හරක් හොරකම් සම්බන්‍ධයෙනි. මේ ව්‍යාරයට එරෙහි වු සමහරුන්ට අත්වුයේ මරණයයි. සමහරුන් අතුරුදන් විය. යුද්ධය මෙන්ම රටපුර පැවති භීෂණය ඔහුගේ ව්‍යාපාරයට ඉමහත් පිටිවහලක් විය. නමුත් වතුර රත්වන තුරු කකුළුවා දිය සැලියේ දිය කෙළින බවට වු කියමන සත්‍යය කරමින් දහස් ගණනක් හරකුන් මරණයට පත් කරන්නට මස් පිණිස විකුණූ මේ තරුණ අපරාධකාරයා වැඩිකලක් නොගොස් අම්බලන්තොට ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වු බව වසර පහළොවක විස්සක අතීත මතකය ඇති බොහෝ දෙනෙක් අදටත් දන්නා බව කතරගම ප‍්‍රදේශයේ ජනතාව කියති. ‘‘දෙවියන්ගේ අඩවියේ වැරදි වැඩ කළොත් වරදින්නේ කොයි වෙලාවෙද දන්නේ නෑ. කතරගම දෙවියෝ හැම වෙලාවෙම උන්නාන්සෙ විශ්වාස කරන ජනතාව රකිනවා. ඒ අයට හිරිහැර කරන  ඕනෑම තරාතිරමක කෙනෙකුට වරදින්න යන්නේ කෙටි වෙලාවයි.’’  කතරගමට නුදුරු බෙරලිහෙළ ගම්මානයේ වැඩිදෙනෙකු එසේ කියති. ‘‘පහුගිය දවස්වල මේ පැත්තේ මිනිස්සුන්ට ලොකු ආර්ථික අපහසුකමක් ඇති වුණා. ගොවිතැන් කටයුතු වලිනුත් පාඩුවුණා. කතරගම පූජා කඩවලට පළතුරු ගෙනියන ප‍්‍රදේශයක් තමයි මේ බෙරලිහෙළ ගම්මානය. නිකම් නෙවෙයි, පළතුරු ගිහිං කඩවලට විකුණනවා. එහෙම ජීවනෝපාය කරගත් පිරිසකුක් ඉන්නවා. ඔය අතරවාරෙ තමයි කතරගමට යන පාරෙන් මැණික් ඉල්ලමක් හමුවුනේ. ගම්මු හිතුවා ඒක කතරගම දෙවියන් විසින් ගමේ අයට දීපු දෙයක් කියලා.’’ ‘‘ මේ මැණික් ඉල්ලම් තමන්ට අයිතිකරගන්න නොයෙක් තරාතිරමේ අය පියවර ගත්තා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ මාර්ගය ප‍්‍රසිද්ධියේ වෙන්දේසි කළා. ගම හරහා ගිය පාර වැහුනා. හේන්වලට ගිය මිනිස්සුන්ට පවා ආරක්‍ෂවට සිටි හමුදාවේ සමහර නිලධාරීන් පහරදුන්නා. බඩගාගෙන යන්න කිව්වා. පොලූවලින් පහරදුන්නා. ඒ වුණාට ධනවතුන්ට බලවතුන්ට කිසිම තහනමක් නෑ. අන්තිමට මොකද වුණේ, හම්බවෙච්ච මැණිකකුත් නෑ. මිනිස්සුන්ට හිරිහර කළ හමුදා නිලධාරින්ගේ ප‍්‍රධානියෙකුට කතරගමින් යන්න වුනේ හිටපු නිලයෙනුත් පහළට වැටිලා. මේව කතරගම දෙවියන් දෙන දඩුවම් කියලා හිතනවා නම් වැරදියි. කතරගම දෙවියෝ දඩුවම් කරන කෙනෙක් නෙවෙයි. මතු බුදුබව පතන දෙවිකෙනෙක් කියලයි විශ්වාසය. නමුත් මේ සිදුවීම් වලින් කියන්නේ වැරදි කරන්න එපා කියලයි.’’ බෙරලිහෙළ වැසියෝ අදටත් කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස කරමින් කියති. කතරගම පුදබිම නිවාඩු දවසට එකම හිස් ගොඩකි. කිරිවෙහෙර චෛත්‍ය මලූව දිවා රාත‍්‍රී දෙකේම බැතිමතුන්ගෙන් පිරී ගොසිනි. එහෙත් කෙතරම් සෙනගක් එහි ආ ගියද කිරිවෙහෙර චෛත්‍ය මලූව හා අෂ්ඨඵල බෝ මලූව වන්දනා කරන බැතිමතුන්ට ඉඩකඩෙන් ගැටලූවක් නැත. ‘‘ධාර්මිකව ජීවත්වෙන අය දෙවියෝ රකින බව බුදු දහමේ කියලා දෙනවා. පස්පව් දස අකුසල් වලින් ඈත්වෙලා ධාර්මිකව ජිවත්වුනොත් දෙවියන්ගේ පිහිට අපිට තියනවා. ඒ දෙවිවරු අතර සිටින කතරගම දෙවියනුත් අපිට පිහිටවෙනවා. උන් වහන්සේ මහානුභාව සම්පත් ඇති දෙවි කෙනෙක්. අපි යහපත් ක‍්‍රියාවක් අවසානයේදී කතරගම දෙවියනුත් සිහිකර පින් දුන්නොත් අපට පිහිටක් ලැබෙනවා. දෙවියන්ගෙන් යමක් ඉල්ලන්න ඒ දෙවියන්ට පින් දීලා. එහෙම වුනොත් වරදින්නේ නෑ.’’ කතරගම දෙවියන්ගේ පිහිට ලැබූවෝ එසේ කියති.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 25 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 26 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 27 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 28 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 29 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 30 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 31 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 32 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 33 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 34 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 36 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 37 එළගිතෙල් පහන් දල්වමින් සෙල්ල කතරගම මහසෙන් විහාර බිමේ කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද පතා කතරගම මහා දේවාල බිම රාත‍්‍රියද බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යයි කිරිවෙහෙර රාත‍්‍රීයේදී  දිස්වන අයුරු



අදහස් (0)

කතරගම දේව අඩවියේ ජනයාට හිරිහැර කර නිලයෙන් පහළට වැටෙයි

බින්දු Wednesday, 21 November 2012 06:10 PM

අයියෝ සල්ලි

:       0       0

ගයාන් Monday, 19 November 2012 12:23 AM

සැමදෙනාටම කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

අචිනි Tuesday, 06 November 2012 02:14 PM

කතරගම දෙවිදුන්ට පින් සිදුවේවා! (නි)

:       0       0

ප්‍රගීත් Friday, 23 November 2012 08:47 PM

මේවා මිත්‍යා විශ්වාස . (ස)

:       0       0

ප්‍රියලත් Thursday, 08 November 2012 11:44 AM

කතරගම දෙවියන්ට බුදුබව ලැබේවා! (නි)

:       0       0

සරත් Wednesday, 21 November 2012 09:13 AM

දේව ආශිර්වාදය ලැබේවා (දී)

:       0       0

චතුරංග Monday, 19 November 2012 09:12 PM

ලක්සසුනත්, ලක්දිවත් රැකදේවා! (නි)

:       0       0

තරංග Saturday, 10 November 2012 11:56 AM

පින් සිදුවේවා කතරගම දෙවියන්ට (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 284 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 429 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 248 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 660 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 790 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2905 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site