IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි 42ක ජනතාවක් නැරඹු "ගැන්ග්නම්" නර්තනය

‘‘ගැන්ග්නම් ’’ යනු දකුණු කොරියාවේ සෝල් නගරයේ කුඩා පරිපාලන දිස්ති‍්‍රක්කයකි. ඒ ගැන දැන සිටියේ එරට වැසියන් සහ ජාත්‍යන්තරයේ ඉතාමත් සුඑ පිරිසක් පමණි. පසුගිය ජූලි 15 දා ‘‘ ගැන්ග්නම් ’’ නගරය එක් රැයකින් ලෝක ප‍්‍රසිද්ධියට පත්වූයේය. එහෙත් එය කටවහරට පැමිණියේ ‘‘ ගැන්ග්නම් ’’ නමින් නොව ‘ ගැන්ගම් ’ යනුවෙනි. ඒ ශබ්ද කිරීමේ පහසුව හේතුවෙන් බැවින් අපි ද මෙම ලිපිය පුරාවටම ව්‍යවහාරික නම භාවිතා කරන්නෙමු. කොරියාවේ රැප් ගායකයකු වන ප්සායි සිය නවතම නර්තන වින්‍යාසයක් ඉදිරිපත් කරමින් ගැන්ගම් නමැති නැටුමක වීඩියෝ දර්ශන එළිදැක්වීමත් සමග මේ ප‍්‍රසිද්ධිය ලැබී තිබේ.  ඔහුගේ මේ නර්තන වින්‍යාසය දැන් ගැන්ගම් සම්ප‍්‍රදාය ලෙස ලෝකය පුරා ජනපි‍්‍රය වෙමින් තිබෙන්නේ ජාති ආගම් බේදයකින් තොරව සියඑ ජන කොට්ඨාස ඒ වෙත ආකර්ශනය කරගනිමිනි. සෝල් නගරයේ ගැන්ග්නම් නමැති වර්ග කිලෝ මීටර 39.5 ක් වූ පරිපාලන දිස්ති‍්‍රක්කයේ 527,641 ක් වන ජනතාවකගේ ජන ජීවිතයට යම් සමාන බවක් පෙන්වමින් කොරියාවේ නූතන ශබ්ද මෙම ගීතයට යොදාගෙන ඇත. අශ්වයකු පිට යන අශ්වාරෝහකයකු අනුකරණය කරමින් නර්තනය ඉදිරිපත් කරන ප්සායි එහි දර්ශන තල සඳහා යොදාගෙන ඇත්තේ ගැන්ගම් නගරයේ පසුතල පමණක් වීම විශේෂත්වයකි. අනපේක්ෂිත ලෙස එළිදැක්වූ මේ නර්තනය නරඹන  ඕනෑම අයකු ඒ කෙරෙහි ආකර්ශනය කැර ගැනීමට ප්සායි සමත්ව ඇත. 2012 ජූලි මස 15 වැනි දින ”යූ ටියුබ්” නමැති සමාජ වීඩියෝ ජාලයට එක්කරන ලද මේ නර්තනය මේ වනවිටත් ලොව පුරා කෝටි 42 ක් ඉක්මවූ ජනතාවක් විසින් නරඹා ඇති අතර අන්තර්ජාලය ඔස්සේ තමන් කැමතිම ගීතය මේ නර්තනය අඩංගු ගීතය බව ප‍්‍රකාශ කළ සංඛ්‍යාව ද ලක්ෂ 21 ක් ඉක්මවා තිබේ. එය යූ ටියුබ් ඉතිහාසයේ නව වාර්තාවකි. යූ ටියුබ් වීඩියෝ ජාලයට මේ නර්තනය එක් කිරීමත් සමගම එය සතියක් ඇතුළත වඩාත් ජනපි‍්‍රයත ම ගීත 100 අතරට පත්වූයේ බොහෝ දෙනකු විශ්මයට පත්කරමිනි. අන්තර්ජාල තොරතුරු අනුව පෙනී යන්නේ නර්තනය අන්තර්ජාලයට එකතුකිරීමෙන් පසු ගතවූ කාලයේදී සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ 15 ක් පමණ අ`ලූතෙන් මෙම ගීතය නරඹන බවයි. ඇතැම් දිනවලදී එය ලක්ෂ 90 ඉක්මවා ඇත්තේ විස්මිත අයුරිනි. ෆේස්බුක්, ට්විටර් යන සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නන් පමණක් සැළකූ විට ඇමෙරිකාවේ සියයට හතක්, කැනඩාවේ සියයට 6.8 ක්, කොරියාවේ සියයට හතරක් පසුගිය සැප්තැම්බර් 11 දිනත් 18 දිනත් අතර ගතවූ සතියේදී මෙම ගීතය තම යහඑ යෙහෙළියන් අතර හුවමාරු කැර තිබේ. යුරෝපයේ ජනපි‍්‍රයතම කලාකරුවන් වන ටී.පේන්, කැටී පෙරී, බි‍්‍රට්නි ස්පියර්ස්, ටොම් කෲෂ් නෙලී යන අය ද මේ නර්තනය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡා වලදී කතා කරන තරමටම එය ජනපි‍්‍රය වී තිබේ. ගැන්ගම් නර්තනයට ලැබුණු ජනපි‍්‍රයත්වය හේතුවෙන් ඇමෙරිකාවේ රජය ගැන්ගම් නර්තනය තම නාවල් ඇකඩමියේ ඉගැන්වීම සඳහා කොරියා රජය සමග සාකච්ඡා කරමින් සිටියි. ප්සායි හදිසියේම ලබාගත් මේ ජනපි‍්‍රයත්වය හේතුවෙන් ලොව පුරා පැවැත්වෙන ප‍්‍රසංග සඳහා ඔහුට ආරාධනා ගලා එමින් තිබේ. 2012 අවසානයේ ජර්මනියේ පැවැත්වීමට නියමිත යුරෝපීය ගීත සම්මානය සඳහා මේ නර්තනය යෝජනා වී තිබේ. කොරියා රජය පවසන්නේ ප්සායිගේ මේ නර්තනය හේතුවෙන් ගැන්ගම් නගරයේ කුඩා ළමුන්ගේ ජන ජීවිතය පවා දැන් වෙනස්ව ඇති බවයි. ඇමෙරිකාව පවසන්නේ දැන් ගැන්ගම් රැුල්ලක් නිර්මාණය වෙමින් පවතින බවයි. මෙතෙක් ලොව පුරා ජනපි‍්‍රය වී සිටි සියඑම රැප් ගායකයන් පරදමින් ”ප්සායි” ඉදිරියට එද්දී ගැන්ගම් නර්තනය කී‍්‍රඩා පිටිය ද ආක‍්‍රමණය කරමින් තිබෙන බව පසුගියදා නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය අවසානයේ දැක්වූ රංගනයෙන් පෙනී යයි. ඇමෙරිකාවේ කැලිෆෝනියාව, බෙවර්ලිහිල්ස් වැනි නගරවල ගැන්ග්නම් පුහුණු සැසි පැවැත්වීමට ද ප්සායි හට ආරාධනා ලැබී තිබේ. දීර්ඝ කාලයක් කොරියාවේ රැප් ගායකයකු ලෙස සංගීත ක්ෂේත‍්‍රයේ රැඳී සිටි ප්සායි පවසන්නේ කොරියානු ජන ජීවිතයේ හැඩතල සරලව නර්තනයක් ලෙස ඉදිරිපත් කිරීමට හැකිවූ බැවින් එය වඩාත් ඉක්මණින් ජනපි‍්‍රය වූ බවයි. එමෙන්ම ඔහු පවසන්නේ මෙය ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි නර්තන වින්‍යාසයක් වීම ද ජනපි‍්‍රයත්වයට හේතුවක් වනු ඇති බවයි. කොරියාවේ ප්සායි කෙටිම කාලයකින් සංගීත ක්ෂේත‍්‍රයේ වඩාත්ම ජනපි‍්‍රය වූ පුද්ගලයා බවට පත්ව සිටියි.

සටහන සහ ඡායාරූප සැපයීම - සජීව විජේවීර
ගායක ‘ප්සායි’ ඇමෙරිකා සෙබළුන්ට දර්ශනයක් ඉදිරිපත් කරමින් නර්තනයේ විලාශය



අදහස් (0)

කෝටි 42ක ජනතාවක් නැරඹු "ගැන්ග්නම්" නර්තනය

සෑම් Tuesday, 23 October 2012 03:03 AM

මේ වගේ නව නිර්මාණයක් කරන්න කියන්නකෝ අපේ ඉන්න රැප් ගායකයන්ට.කරන්න පුලුවන්ද කියලා සැකයි. මේ තියෙන්නේ නව නිර්මාණ. මම නම් දොසක් දකින්නේ නැහැ මේ සින්දුවේ. ලංකාවේ මිනිස්සු රවට්ටන රැප් කාරයන්ට මේ කියන්නේ . (නි)

:       0       0

නිමල් Tuesday, 23 October 2012 03:10 AM

අයියෝ ඔයා ගල් යුගේද ඉන්නේ? ඒකේ කිසිම වැරැද්දක් නැහැ. ලස්සන ගෑණු ළමයි ටිකක්. (නි)

:       0       0

රොෂාන් Sunday, 21 October 2012 06:01 PM

ගැන්ග්නම් ‍නෙමෙයි මට නම් පෙනෙන්නේ 'කන්නම්' වගෙයි. (නි)

:       0       0

සමන් Saturday, 27 October 2012 06:30 PM

මම දැක්ක මේ සින්දුවේ ශ්‍රී ලංකන් වර්ශන් කියලා සින්දුවක් හදල ශ්‍රී ලංකන් ස්ටයිල් කියලා. එහෙම අලුතින් එන හැම දෙයක්ම කොපි නොකර මේ වගේ ජාත්‍යන්තරයට යන්න පුළුවන් විදියේ අලුත් නිර්මාණ කරන්න අපේ අයට බැරි ඇයි? (නි)

:       0       0

ජයන්ත Tuesday, 23 October 2012 08:40 PM

නියමයි. (නි)

:       0       0

ගයාන් Monday, 03 December 2012 05:15 PM

බලන්න වටිනා නර්තනයක් ඒ (දී)

:       0       0

අකිල Thursday, 25 October 2012 01:06 PM

අයියෝ ජයකොඩි (දී)

:       0       0

අබේසේකර Thursday, 25 October 2012 12:36 AM

මේ නැටුමේ අමාරුම කොටස තමයි වම් කකුලෙන් හිට ගෙන දකුණු කකුල පැත්තට පදවන එක. බඩ බහින්න කියාපු ව්‍යායාමේ! (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 24 October 2012 12:31 PM

ජයකොඩි අයියේ, ඔයා ඕක බලලා හිත කලබල කරගන්න එපා. ඉවසන්න. (නි)

:       0       0

ජයකොඩි Monday, 22 October 2012 09:09 AM

නැටුම හොඳ උනාට මියුසික් විඩියො එක අන්තිම සවුත්තුයි...හරිම අසභ්‍යයි..ඈත්තටම මෙ කොරියාවද?මෙහෙම අය එහෙ ඉන්නවනේ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 40 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 218 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 162 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 221 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 229 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 762 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site