ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී. එකිනෙක යාව පිහිටි පෙති පහකි. නිල් පෙති මැද සුදු පැහය සහ සුදු පරාග මලට අලංකාරයක් ගෙන එයි. පත්‍රයේ උඩු හා යටි පැත්තේ සිහින් බූව ඇත. වරකට මල් පහක් දක්වා දැකිය හැකියි.. පත්‍ර ඉලිප්සාකාරය. මිලි මීටර අටේ සිට විසි හය දක්වා දිගකින් යුතුය. දෙමළ බසින් විෂ්ණු කිරින්දි යනුවෙන් හැඳින්වේ. සංස්කෘතයේ විෂ්ණු කරන්ටා ලෙස සඳහන්වේ. උද්භිද විද්‍යාත්මකව එවොල්වුලූස් ඇල්සිනොයිඩස් ලෙස නම් කර ඇත. ඉන්දියාව, පිලිපීනය හා ශී‍්‍ර ලංකාව වැනි රටවල බහුලව දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ වියළි දේශගුණය සහිත ප්‍රදේශවල බහුලව හමුවන විෂ්ණු ක්‍රාන්ති අතරමැදි හා පහත් තෙත් බිම් වල ද සරුවට වැවේ. විෂ්ණු ක්‍රාන්ති මුල් වල සාරය පාචනය හා මානසික රෝග සුව කිරීම සහා යොදා ගනී. ශාකයෙන් සිඳ ගන්නා තෙල් හිස කෙස් වර්ධනය කරන ඖෂධයක් ලෙස ප්රකටය.ඇඩචාලම් කට්ටුමල්ලිගයි හා සිරුමල්ලිගයි යනුවෙන් දෙමළ භාෂාවෙන් හඳුන්වන වල් පිච්ච මල ද උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයකි.
වින්සන්ට් සුබසිංහයන්ගේ 118 වැනි ජන්ම දිනය අද 29 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. “සමුපකාර ව්‍යාපාරයේ පියා” ලෙස විරුදාවලීලත් මෙරට සමුපකාර ඉතිහාසයේ එක
ලොව පුරා වෙසෙන කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරන ජේසුස් වහන්සේගේ කුරුස පත්වීම හෙවත් මහ සිකුරාදා අදට (29) යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.
“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොව
ප්රවෘත්ති සම්බන්ධ එක් නිර්වචනයක් වනුයේ ‘‘ඇස් උඩ යන දේ ප්රවෘත්ති’’ යන්න ය. එබඳු ඇස් උඩයන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. එම ප්‍රවෘත්ත
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක්‍රාන්ති
ලකීත Thursday, 19 November 2015 05:23 AM
මිට කලින් දැකලම නැ. හරි ලස්සනයි. ඒ වගේම ඖෂදයක්.(ම)