IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය

ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය. කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති. නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනය කෙරෙහි බලපාන කන්නියාවේ උණුවතුර ළිං හත අද පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය. කලක් කොටි සංවිධානය යටතේ පාලනය වූ මෙතැන පසුව ප‍්‍රාදේශීය සභාව යටතේ පාලනය විය. එහෙත් දැන් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරගෙන යයි. උණුවතුර ළිං පුරාවිද්‍යාවට අයත්වන්නේ කෙසේදැයි ඔබට ප‍්‍රශ්නකාරී විය හැකිය. හේතුව මෙතැන භාතික තිස්ස රජු සමයේ ඉදිකෙරුණු රජමහා විහාරයක නටඹුන් තිබීමය. එකී රජමහා වෙහෙරේ චෛත්‍යයේ ගොඩැල්ල උණුවතුර ළිං පිහිටි තැනට කිට්ටුවෙන්ම තිබේ. රජමහා වෙහෙර ගැන කියන්නට කලින් අපි උණුවතුර ළිං බලන්නට යායුත්තෙමු. ප‍්‍රවේශපත‍්‍ර කවුළුව ආසන්නයේ ඇත්තේ අපූරු වෘක්ෂයකි. එය ගස් පහක එකතුවකින් සැදුණු අපූරු වෘක්ෂයකි. ඇහැටු, බෝ, නුග, සියඹලා සහ පලූ යන ගස් සියල්ලම එක ගුලියට හැදී වැඞී ඇත්තේ එක ගසක් පරිද්දෙනි. මෙම ගස පාමුල තබා ඇති බුදු පිළිමයට වඳින මිනිස්සු උණුවතුර ළිං කරා යති. චර්ම රෝග ඇතුළු විවිධ රෝගාබාධයනට ඖෂධයක් වන බව කියන මේ වතුර, උණු වන්නේ කෙසේදැයි අපට ප‍්‍රශ්නයක් විය. ළිං හතටම ගොස් එකින් එකෙහි වතුර ගෙන මුහුණු සෝදාගත් විට ඒ වතුර ළිං හතේ උණුසුමේ වෙනස අවබෝධ විය. ”මුළු ත‍්‍රිකුණාමලයටම විශාලම උල්පත් වතුර ළිං තියෙන්නෙ මෙතන. මේ උල්පත් වතුර හුණුගල් සහ ගෙන්දගම් අතරින් මතුවෙන නිසා තමයි උණුසුමට දැනෙන්නෙ. අපට පැහැදිලි කළේ පන්විල තැන්නේ ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේ භාතික තිස්ස රජමහා විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරති. භාතික තිස්ස රජමහා විහාරයට අද ඇත්තේ බුදු පිළිමයක් සහ කුඩාම කුඩා ආවාස ගෙයක් පමණකි. අපි උන්වහන්සේ සමග කතා බහකට එළඹුනෙමු. ”මේ ප‍්‍රදේශයේ ගල්කණු, සඳකඩ පහන්, ශිලා ලිපි ආදිය තිබිලා තියෙනවා. නමුත් ඒ සියල්ල කොටි පාලන කාලෙදි ඉවත් කරලා. දැනට ඉතිරි වෙලා තියෙන්නෙ මේ චෛත්‍යය තියෙන ගොඩැල්ල විතරයි. හැබැයි කැනීම් කළොත් තවත් හුඟාක් දේවල් මේ බිමෙන් හම්බවේවි. හාමුදුරුවෝ කියති. උණුදිය ළිංවලට ඔබ්බෙන් ඇත්තේ තරමක කඳු ගැටයකි. කන්තලේ ප‍්‍රදේශය තෙක්ම විහිදෙන මේ කඳුගැටය ආශ‍්‍රිත වනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ. එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී ඔවුන්ගේ කඳවුරු තනාගෙන සිටි මේ කන්ද මුදුනට මුළු මහත් ත‍්‍රිකුණාමලයම අපූරුවට පෙනෙයි. ”රාවන රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලම මේ උණුදිය උල්පත් තිබිල තියෙනව. ජනප‍්‍රවාදෙට කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ අම්මට හැදුණු අසනීපෙකට ප‍්‍රතිකාරයක් විදිහට රාවන රජ්ජුරුවො මේ ලිං මැවුවයි කියලයි. ඒවගේම වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ කාලෙදි එහි වැඩම කරන භික්ෂූන්ට පැන් පහසුව පිණිස මේ ළිං හැදුව කියලත් කතාවට කියැවෙනවා. ඉන්දරතන හාමුදුරුවෝ සඳහන් කරති. උණු දිය ළිං බලන්නට විශාල පිරිසක් කන්නියාවට එති. කොටි සහ එජාප රජය අතර සාමය පවතිද්දී මාද මෙම උණුවතුර ළිං බලන්නට පැමිණියෙමි. එකල උණුවතුර ළිඳකට ළංවීමටත් දිගු පෝලිමක් තිබිණි. ”දැනුත් සති අන්තෙට හොඳ සෙනගක් එනවා. පුරාවිද්‍යාව ටිකට් කඩන්න පටන්ගත්තට පස්සෙ සෑහෙන මුදලක් හොයාගන්න ඇති. ටිකට් පතේ මුද්‍රණය කරල තියෙන්නෙ ලැබෙන ආදායම මෙතන සංවර්ධනයට යොදවන බව. ඒත් තවම නම් කිසිම දෙයක් කරල නැහැ. වැසිකිළි පහසුකම් නෑ. ඇඳුම් මාරු කරන්න පහසුකම් නැහැ. මේ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ඉන්දරතන හිමියෝ අවධාරණය කරති. මේ උණුවතුර ළිං වල හැමතිස්සෙම වතුර තියෙන නිසා සෙවෙල බැඳෙනවා. සතියකට සැරයක් පොලොව සුද්ද කරන්නෙත් අපි. මෙතැන ආරක්ෂා කරන රණවිරුවො එහෙම සුද්ද නොකළොත් මෙතැනට එන අය ලිස්සලා වැටෙනවා. කි‍්‍ර.ව. 143 - 167 කාලය තුළ රජකළ භාතික තිස්ස රජු සමයේදී ඉදිකෙරුණු රජමහා විහාරය යළිදු අපට දැකගැනීම සඳහා කැණීම් කටයුතු ඇරඹේ නම් එය ලොකු වාසනාවකි. ඒ පැතුමත් ඇතිව අපි වෙල්ගම් රජමහා විහාරය බලායනු පිණිස පිටත්වූවෙමු.

ශාන්ත කුමාර විතාන / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය.
උණුවතුර ළිං චෛත්‍ය ගොඩැල්ල පන්විලතැන්නේ ඉන්දරතන හිමි



අදහස් (0)

උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය

නිලු Friday, 11 May 2012 06:26 PM

මේ ප‍්‍රදේශයේ තිබු ගල්කණු, සඳකඩ පහන්, ශිලා ලිපි ආදිය ඉවත් කරපු එක වැරදියි. මොකද ඒවා බෞද්ද උරුමයන්

:       0       0

මාලික Monday, 02 July 2012 01:01 PM

අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා.මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක්

:       0       0

තෙල් වෙදා Friday, 06 July 2012 07:21 AM

මෙන්න මේ වගේ එඩිතර ස්වාමීන් වහන්සේලා නිසා තමයි මේ පුංචි රටේ බුදු සසුන මෙච්චර කලක් රැකුණෙ. අන්න ඒක කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. මේ වගේ ඈත ගම් දනවු වල ඉඳගෙන සාසනය ආරක්ෂා කරන මෙවන් උදාර හාමුදුරු වරුන්ට උන් වහන්සේලාගෙ සේවය කරගෙන යන්ට වැඩි වැඩියෙන් ශක්තිය දහිරිය ලැබේවා!!!!

:       0       0

මිහිරි Friday, 22 June 2012 01:00 PM

අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා

:       0       0

කුමුදුමලී Monday, 02 July 2012 09:50 AM

ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

විශාකා Monday, 11 June 2012 04:13 PM

අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු .ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි.

:       0       0

වසන්ත Wednesday, 23 May 2012 11:30 AM

අපේ හාමුදුරුවොයි, හමුදාවේ කොල්ලො ටිකයි නැත්නම් උණු වතුර ළිදෙන් නාලත් ඉවරයි

:       0       0

කුමුදුමලී Monday, 11 June 2012 12:32 PM

අපේ හාමුදුරුවන්ටයි, හමුදාවේඅපේ කොල්ලො ටිකටයි පින්සිද්ද වෙන්න උණු වතුර ළිදෙන් නාන්න අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න..

:       0       0

චාමර Monday, 11 June 2012 12:38 PM

සැඟව ඇති මේ බෞද්ධ උරුමයන් අපේ අනන්‍යතාවයයි.. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් වගකීම.අපේ උරුම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂක හමුදාව‍ගේ සහයගන්න ඕනා. ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා . සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං

:       0       0

වාසල Tuesday, 24 April 2012 12:34 PM

අපේ උරුමය රැකගන්න

:       0       0

සමන් Monday, 11 June 2012 12:17 PM

ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා

:       0       0

අමල් Thursday, 14 June 2012 04:34 PM

ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..

:       0       0

කිසාගෝතමී Monday, 11 June 2012 12:50 PM

දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි

:       0       0

උපුල් Thursday, 28 June 2012 11:08 AM

ත්‍රිපිටකය, දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 19 November 2014 07:04 PM

මෙම අගනා ලිපියේ විස්තරකර ඇති පරිදි මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කම ගැන පොත් පිංචක් සකස්කර අළෙවි කළොත් මෙම ස්ථානයේ නඩත්තුවට දායක වේවි (නි)

:       0       0

සරා ගොයියා Sunday, 06 May 2012 11:24 PM

තුන් සිංහලයෙම මහා වස්තුවක් යැයි මට සිතේ...

:       0       0

සනා කෑගල්ල Thursday, 05 July 2012 04:31 PM

කමක් නෑ ,කමක් නෑ....කවුරු කවුරුත් හැදෙන්න එපැයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 152 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 129 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 204 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 423 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 395 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 134 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1459 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site