IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉල්ලුම – සැපයුම උඩුයටිකුරු කළ තෙල් අතිරික්තය


(ගාමිණී සරත් ගොඩකන්ද)

ලෝක ආර්ථිකයේ සිදුවිය නොහැකි දේ සිදුවෙමින් තිබේ. කොවිඩ් -19 වයිරසයේ වසංගත තත්ත්වය මතුපිටින් නිශ්චල නමුත් ඉතා ගැඹුරු කුණාටු නිර්මාණය කර ඇත.

ලෝක ඉතිහාසයේ පළමු වතාවට තෙල් බැරලයක මිල බින්දුවට වැටී තිබේ. එක්සත් ජනපදයේ බ්‍රෙන්ච්මාර්ක් මිල දක්වන පරිදි තෙල් බැරල් එකක් ඇණවුම් කරන රටකට තමන්ගේ අතින් ඇමරිකානු ඩොලර් තිහක් ගෙවන්නට සැපයුම්කරු සූදානම්ය.

මුදල් අතට දී තෙල් බැරල් එකක් ගෙන යන සේ ආයාචනා කරන තරමට බොරතෙල් වෙළඳ පොළ අසරණ වී තිබේ. ලෝක ආර්ථිකය ව්‍යාකූල වී ඇති අතර එය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විමතියට හේතු වී තිබේ.

බොරතෙල් මිල බින්දුවට වැටී ඇති මෙම වාතාවරණය ඉතා සුදුසු යැයි කල්පනා කරන්නට අයිතියක් ඇත. එහෙත් ඒ හා සමඟ අමතක කළ යුතු නැති වැදගත් කාරණයක් තිබේ. බලශක්ති ප්‍රභව සම්බන්ධයෙන් රටට තිබුණ බලවත් උගුලකින් ගැලවෙන්නට තිබුණ අවකාශය ඇවිරී යමින් තිබේ. ඉතා පරෙස්සමෙන් තීන්දු ගත යුතු හෝරාවකි.

තෙල් මිල අඩු කොතැනකින් හෝ ගෙන්වන ඉතාම අඩු පිරිවැයක් සහිත ඉන්ධන වලින් මෙරට පැවැත්ම හැදෙන පරණ පුරුදු ආකෘතියට ශ්‍රී ලංකාව ඇතුළු වනු ඇත. එය ඉතා අවදානමකි. අනාගතයේ දී නැවත අනිටු විපාක ඇති කරනු ඇත. ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩුවීම පැත්තකින් තබා විකල්ප බලශක්තිය විශේෂයෙන් සූර්ය බලය කෙරෙහි නැඹුරුවන තීරණය වෙනස් කළ යුතු නැත.

2020 වසර ආරම්භයේ දී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 60 කි. පසුගිය සිකුරාදා එනම් අප්‍රියෙල් 17 වැනිදා තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 20 කි. දින තුනක ඇවෑමෙන් බොරතෙල් බැරල් එකක් නොමිලේ දෙන අතර එය රැඟෙන යන මිල දී ගන්නා පාර්ශවයට ඇමරිකානු ඩොලර් 30 ක් ගෙවන තැනට පත් වූයේ කෙසේද?

එය ඉල්ලුම හා සැපයුම අතර ප්‍රශ්නයකි. ලෝකයේ රටවල් සියල්ලම පාහේ සියලු කර්මාන්ත සහ ප්‍රවාහන යනාදී වශයෙන් ඉන්ධන භාවිතා කරන අංශ අකර්මණ්‍ය වි තිබේ. නිපදවන තරමට තෙල් අලෙවි වෙන්නේ නැත. විශේෂයෙන් ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය බරපතළ තත්ත්වයකට මුහුණ දුන්නේය. ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන් හරි අඩක් ඇමරිකාවේ කරන අතර වැඩිම පරිභෝජනයක් ද කරන්නේ ඇමරිකාවයි. අඛණ්ඩ නිෂ්පාදනය කරන නමුත් ඇමරිකානු පරිභෝජනය ද අවම මට්ටමක පවතී. නිපදවන බොරතෙල් ප්‍රයෝජනයට නොගැනෙන පසුබිමක් තුළ අධි සැපයුමක් නිර්මාණය වී තිබේ.

ජාත්‍යන්තර වාර්තා පෙන්වන පරිදි තෙල් ප්‍රවාහනය කරන නෞකා ඒවා බැහැර කරන්නට තැනක් නැතිව සිටී. කිසිම රටකින් වෙනදා තරම් තෙල් ඉල්ලන්නේ නැත. තෙල් නිපදවා ඒවා ගබඩා කර අංගන පිරී ඉතිරී ගොස් තිබේ. ලෝකයේ ප්‍රකට ඉන්ධන ගබඩා සංකීර්ණවල බොරතෙල් සම්පූර්ණයෙන් ගබඩාකර හමාර අතර දිනපතා කරන නිෂ්පාදන වලට කළ හැකි දෙයක් නැති තරමට ප්‍රශ්නය සංකීර්ණ වී ඇති බව මෙම දිනවල ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි. ගබඩා වලින් තෙල් ඉවත්කරගන්නා ඕනෑම අවස්ථාවක අතට මුදල් ගෙවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. බ්‍රිතාන්‍ය පුවත් සේවය දක්වන පරිදි එක බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් තිහක් ගෙවන තීරණයක් ගෙන තිබේ. ලබන ජුනි මාසයේ සැපයීමට නියමිත බොර තෙල් වලට නියම කර ඇති මිල ඩොලර් විසි දෙකකි.

ඇමරිකාව තනි කරන අභ්‍යන්තරයක

තෙල් මිල දරුණු ලෙස පහත වැටෙන ස්වභාවය තුළ ඇමරිකානු සැපයුම් ජාලය තනි කරන අදිසි උත්සාහයක් ද පවතින බව ජාත්‍යන්තර විශේෂඥයෝ දක්වති. මැද පෙරදිග ඇතුළු රටවල් ඉල්ලුම අඩුවීම හේතු කරගෙන නිෂ්පාදනය සීමා කළේය. පොළොවෙන් කනින බොරතෙල් ප්‍රමාණය දවසකට බැරල් මිලියන 9.7 කින් අඩු කරන ලද අතර එය ලෝක නිෂ්පාදනයෙන් 10% ක් බව දැක්වෙයි.

ජාත්‍යන්තර සම්බන්ධතා අනුව තනි ගමනක නිරත ට්‍රම්ප් පාලනය ගැන අමුතු අදහසක් තෙල් නිපදවන රටවලට ඇති බව නිරීක්ෂණය කළ හැකිය. තෙල් නිපැයුම තවත් වටයකින් කපා හැර මිල ස්ථාවරව පවත්වා ගැනීම අරමුණු නොකරන බව පෙනෙන්නට තිබේ. එය ලෝක තෙල් මිල පහත වැටීමේ අර්බුදය පිටුපස ඇති දේශපාලනයක් වශයෙන් දැක්විය හැකිය.

කෙසේ වෙතත් නිරීක්ෂකයන් දක්වන අන්දමට පවතින තත්ත්වය තාවකාලික එකකි. කොවිඩ්-19 වසංගතය දුරු කරනලද වහා ලෝක ප්‍රජාව අලුත් කුසගින්නකින් අවදිවනු ඇත. පළමු වටයේ දී ජාත්‍යන්තර වෙළඳාම සීමා සහිත නමුත් ඉක්මනින් එම ස්වභාවය වේගවත්වීමට ඉඩකඩ තිබේ. නිෂ්පාදන ධාරිතාව නංවනු සඳහා බලශක්තිය වැදගත් වන අතර එහි දී බොරතෙල් ඉල්ලුම පරණ සුපුරුදු තත්ත්වයට පත්වනු ඇතැයි සැලකේ. බොරතෙල් භාවිත කරන පරණ රාමුව නැවත ඇතිකරනු සඳහා ගත විය හැකි කාලය තවමත් ප්‍රශ්නාර්ථයක් වන අතර එම කාලසීමාව තෙක් නිෂ්පාදනය, තොග රැස්කිරීම හා ඒ වෙනුවෙන් හුවමාරු වන ධනය වෙනුවෙන් ගෙවන පොලිය ජගත් ප්‍රජාවට සංකීර්ණ ගැටලු මතු කරනු ඇති බව පැවසේ.

ලෝක වෙළඳ පොළේ දැනට පවතින සාමාන්‍ය මිල අනුව ඩීසල් හා පෙට්‍රල් දැන් පවතින මිල හා අඩකට අලෙවි කළ හැකි තැනක තිබේ. බොරතෙල් බැරලයක් මිල දී ගන්නා විට අතින් ඩොලර් තිහක් ලැබෙන ක්‍රමයට අනුව මිල දී ගත හැකිනම් මෙරට ආර්ථිකයට එය බලවත් අස්වැසිල්ලකි.

ආසියාවේ විශාලතම තෙල් ගබඩා සංකීර්ණය ත්‍රිකුණාමලයේ ඇති නමුත් ප්‍රයෝජනයට ගත හැකි ටැංකි ප්‍රමාණය සීමිතය. අනෙක සපුගස්කන්ද පිරිපහදුවේ ඉරාන තෙල් හැර අනෙක් රටක බොරතෙල් පිරිසිදු කරන්නට පුළුවන්කමක් නැත. ඉතාම පැරණි තාක්ෂණයක් සහිත එහි නොමිලේ ලැබෙන බොරතෙල් පිරිපහදු කළ නොහැකි බැවින් ලෝකයේ අද පවතින බොරතෙල් මිල රටට වාසියක් නොවේ. අනෙක මෙරට ඉන්ධන පරිහරණය පවා අඩු වී ඇත. ආනයනය කරන ඉන්ධනවලින් 60% ක් ප්‍රවාහන අවශ්‍යතාවලට බව වාර්තා දක්වයි. ප්‍රවාහන අඩාල වී ඇති රටකට තවත් ඉන්ධන ආනයනය පලක් නැති අතිරේක පිරිවැයකි.

ඛනිජ තෙල් සංස්ථාවේ දැන් පවතින අලාභය රු. බිලියන 12 ක් බව කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය. කෝප් වාර්තාවට අනුව 2017-18 මුල්‍ය වසර තුළ ලැබූ අලාභය රු. බිලියන 105.2 කි. තවමත් සකස් කරන අවසන් වාර්තාව නිකුත් වී නැති අතර 2019 මුල් කාර්තුවේ පමණක් අලාභය රු. බිලියන 21.4 ක් බව අනාවරණය වී තිබේ. මෙම මුදල් පියවන තෙක් කොතැනකින් නොමිලේ බොරතෙල් ලැබුණත් මෙරට වැසියන්ට ඉන්ධන මිල අඩු නොවන බව සැකයක් නැත.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල විශාල වශයෙන් පහතට වැටෙන විට රටට සෑහෙන වාසියකි. ආනයන වියදම අඩුවෙයි. විනිමය ප්‍රශ්නයක සිටින රටට හොඳ තත්ත්වයකි. හැමදාමත් මෙම මිල අඩු වාසිය අපේක්ෂා කළ නොහැක. බොරතෙල් පාවිච්චිය අඩු කර වෙනත් බලශක්තිය කෙරෙහි යොමුවන උත්සාහය ප්‍රමාදවීමක් වාර්තාවුවහොත් එය නරක තත්ත්වයකි.

පරිසරය ගැන හිතන දියුණු රටවල් බොරතෙල් භාවිතය අවම කරන පිළිවෙතකට ගමන් කරමින් සිටියේය. විශේෂයෙන් සූර්ය බලය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක නිරත විය. දිවා කාලයේ දී ලැබෙන හිරු එළිය රාත්‍රිය වෙනුවෙන් ගබඩා කරගැනීම ගැන පර්යේෂණ ඇරඹී තිබුණි. ලෝක බැංකුව ගණන් බලා ඇති අන්දමට ඉන්ධන වලින් ගැලවී වෙනත් බලශක්ති ප්‍රභව කරා යොමුවන සංග්‍රාමය පහසු නැත.

හරිත බලශක්තිය නිපදවා ගැනීම සඳහා අලුතින් විශාල ආයෝජනයක් කළ යුතුය. ආණ්ඩු වියදම් කරන ධනයට අමතරව වසර 2100 දක්වා සෑම වසරක් පාසා ඇමරිකානු ඩොලර් බිලියනයක හිඟයක් ලෝකයේ හරිත බලශක්ති භාවිතාව සාක්ෂාත් කරගනු සඳහා අවශ්‍ය වෙතැන් ගණන් බලා තිබේ. ශ්‍රී ලංකාව ද එම උගුලෙහි සිරවී සිටී.

හොඳින් සූර්යාලෝකය ලැබෙන රටක් නමුත් සූර්ය බලශක්තියට ඇති ආයෝජන දුර්වලය. ආණ්ඩුවේ වාර්තා දක්වන පරිදි මහා පරිමාන සුර්ය බල විදුලිය උත්පාදන යෝජනා දෙසිය ගණනක් අනුමැතියකින් තොරව තිබේ. ඒවා ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන ආනයනය හා අලෙවිය මත සකස්වී ඇති මෙරට ආර්ථිකය වෙනත් මඟකට යොමු වන අතර එය ගැටලු ගණනාවකට මුල් වනු ඇත. රජයේ ආදායම පහත වැටීම එයින් බරපතළ කාරණයකි.

ආසියානු සංවර්ධන බැංකුව රටට සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රයෝජන ගැනීමට ණය සපයා තිබේ. එය ප්‍රයෝජනයට ගැනීම ප්‍රමාද කරන ආණ්ඩුව බොර තෙල් මිල අඩුවීමේ තාවකාලික වාසියෙන් උද්දාමයට පත්වනු නිසැකය. එය බරපතළ අවදානමකි. තෙල් මිල අඩුවීම එසේ තිබිය දී අලුත් බලශක්ති උත්පාදන ව්‍යුහය ගැන පවතින ධෛර්යය දිගටම පවත්වා ගැනීම සුදුසුය.

 



අදහස් (12)

ඉල්ලුම – සැපයුම උඩුයටිකුරු කළ තෙල් අතිරික්තය

abc Wednesday, 22 April 2020 04:08 PM

මට මේ කතන්දරය තේරෙන්නේ නෑ. මිලදී ගන්නවට ආයේ ගානක් ගෙවන්නේ? නිෂ්පාදනය නතර කළානම් ප්‍රශ්න ඉවරනේ.

:       48       11

sujeeva Wednesday, 22 April 2020 05:58 PM

රජය මෙ වනවිට හැකිතරම් උත්සහ ගත යුත්තේ... බොර තෙල් හැකිතරම් උපරිම ප්‍රමාණයක් ගෙන එයත් සමග ලැබෙන විදේශ විනිමය වාසි සහගත ලෙස උපයා ගැනීමයි.

:       24       67

වී.ඩබ්. නානායක්කාර Wednesday, 22 April 2020 07:04 PM

බොර තෙල් බැරලයක මිල පහත බැස ඇති මේ මොහොතේ ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැන්කි පිලිසකර කර තෙල් සංචිතයක් පවත්වාගෙන යාමට නොහැකිද?

:       144       218

KoralageThursday, 23 April 2020 02:51 AM

මේ දේශපාලුවන්ට ඕනේ ඒ අයගේ මඩිය තර කරගන්න මිසක් තෙල් ටැන්කි පිලිසකර කර තෙල් සංචිතයක් පවත්වාගෙන යන්න නෙමෙයි. මොකද නිදහසසෙන් පස්සේ අපි ඔක්කොමව අන්ද අන්ද අපිව අරන් ගිහිල්ල තියෙන්නේ අපායට.

:       0       61

lalithm Thursday, 23 April 2020 03:16 AM

ඉරාන බොර තෙල් පමණක් පිරිසිදු කරන්න පුළුවන් ලෙස මේ පිරිපහදුව වෙනස් කලේ කාගේ වුවමනාවකටද? මේ පිරිපහදුව ඉරානයේ නිපැයුමක් නොවෙයිනේ. අවුරුදු කීපයකට පෙර කල අදුරදර්ශී ක්‍රියාවක ප්‍රතිඵල? බොර තෙල් වගේම පිරිපහදුකළ හොඳ ප්‍රමිතියේ ඉන්ධනත් මිල අඩු විය යුතුමයි. ඒවා ගෙන්වල ගබඩා කරන්න බැරිකමක් නැහැනේද?

:       0       1

himal Thursday, 23 April 2020 04:54 AM

තෙල් මිලදී ගන්නේ සරලව කිව්වොත් ඉදිරි මිල ගිවිසුමකට. ඒකට එකඟ වුනාම අදාල දිනයට තෙල් ඒ එකඟ වෙච්ච මිලට ගන්න ඕන. දැන් වෙලා තියෙන්නේ කලින් එකඟ වෙච්ච මිල වැඩියි. එතකොට ඒ මිලට තෙල් ගත්තත් අරගෙන ගබඩා කර ගන්න තැනක් නෑ, මොකද තෙල් භාවිතය අඩු නිසා තෙල් ගබඩා වල තාම තෙල් තියෙනවා. ඒකයි සල්ලි එක්ක තෙල් දෙනවා කියන්නේ. මේක ක්ෂණික තත්ත්වයක්. එහෙම කෙටි කාලෙකදි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත්වැඩියා කරලා තෙල් අරන් ගබඩා කරගන්න අමාරුයි, මේ වගේ තත්ත්වයකදි. ඒත් පහුගිය කාලේ තෙල් ටැංකි ගබඩා සංකීර්ණය පුද්ගලිකරණය කරලා හරි ප්‍රයෝජනයට අරන් තිබ්බා නම් ඒකෙන් ඒ ආයෝජකයා හා රජයට සැලකිලිමත් වෙනවා නම් මහජනයාටත් සෙතක් වෙන්න තිබ්බා. ඒත් කොහොම තෙල් ගත්තත් ලංකාවට තියෙන්නේ සපුගස්කන්ද පිරිපහදුව විතරයි. එතනත් ගැටළුවක් තියෙනවා.

:       1       61

abcThursday, 23 April 2020 07:04 AM

ඔබතුමා පමණයි මෙතන අවබෝධයෙන් අදහස් දක්වලා තිබෙන්නේ. අනෙක් ඒවා නිකන් ගමෙ කඩමණ්ඩියක වටවෙලා දක්වන අදහස් වගේ...

:       0       1

abcThursday, 23 April 2020 07:09 AM

ඔබතුමා පමණයි මෙතන අවබෝධයෙන් අදහස් දක්වා තිබෙන්නේ... අනෙක් ඒවා නිකන් ගමෙ කඩමණ්ඩියේ කියන කතන්දර වගේ...!!!

:       1       25

kamalThursday, 23 April 2020 03:24 PM

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික පුද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරද්දී පුද්ගලික කාරණය කියලා ඇතැම් අය කිව්වා නේද? එහෙම කළා නම් අද අපිට විශාල ආර්ථික වාසියක් ලබාගන්න තිබුණා.

:       10       0

සමීර Thursday, 23 April 2020 07:04 AM

මේ මිල අඩුවීම කියන්නෙ සරලව ගන්න කෙනාටම සල්ලි දෙන කථාවක් නෙවෙයි. මෙතන මිල අඩු වුනේ ඇතැම් ඉදිරිමිල ගිවිසුම් බොරතෙල් දර්ශකවල. (ෆියුචර්ස් ට්‍රේඩින් වල) ඉදිරිමිල ගිවිසුම් ගැන තේරුමක් නැතිව මේ කතන්දරේ පැහැදිලි කරගන්න බැහැ.

:       0       0

vipula Thursday, 23 April 2020 07:31 AM

ලංකාවට පිරිපහදු කරන්න පුළුවන් ඉරාන බොර තෙල් විතරයි නම් ඒවායේ මිල කියද? ඩොලර් එක තියෙන තත්වේ අනුව තෙල් ගෙන්වන එක ලාබද? ත්‍රිකුණාමලේ තෙල් ටැංකි පුළුවන් ඒවා අලුත්වැඩියා කරලා ගබඩා කරන්න පුලුවන්ද?

:       0       0

banda Saturday, 25 April 2020 02:13 PM

මේ පුවත ජනතාව නොමග යවන පුවතක් ලෝකයේ කිසිම රටක් තෙල් දීල අතින් සල්ලිත් දෙන්නේ නෑ. මෙතන වෙලා තියෙන්නේ ලෝක වෙළද පොලේ බැරලයක තක්සේරු මිල 30 නම් සමහර රටවල් එය 29 ට දෙනවා. එවිට රින වටිනාකමකට තෙල් අලෙවි කල බව පැවසෙනවා . මේ පිලිබදව ලංකා ඉංජිනේරු සංගමය පල කරපු හොද ලිපියක් තියෙනවා. කරුණාකරලා එම ලිපිය සොයාගෙන මෙහි පල කරන්න. එවිට මේ පිලිබදව අදුරේ අතපත ගාන පාඨකයාට හොද අවබෝධයක් ලැබේවි...

:       0       68

ඔබේ අදහස් එවන්න

දියත

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 194 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 227 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 239 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 514 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 447 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1867 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site