IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී බලය මාරුවෙන්නේ මෙහෙමයි

10_SLMA_P15_Back

 

ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අලූතින් පත්වන ජනාධිපතිවරයාට විවිධ ධූර හතරක් හිමිවෙයි. එතුමා ජනාධිපතිවරයා සේම රජයේ ප‍්‍රධානියාය. විධායකයේ ප‍්‍රධානියාය. ඡන්දයේ ප‍්‍රධානියාය. එමෙන්ම සන්නද්ධ සේවාවේ ද සේනාවිධායකයාය. ඊට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 43 - (2) අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වාගේම අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියාද වේ. මේවා පත්වන විධායක ජනපතිවරයාට හිමි පූර්ණ බලතලය.

 


ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තියේ (ආ) ජේදය අනුව අමාත්‍යවරු ඉවත් කිරීමටද, 49 - (1) වගන්තිය යටතේ අගමැතිවරයා ඉවත් කිරීමට හා මුළු කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරීමටද ඔහුට බලතල තිබේ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරු ඉවත් කිරීමේ හැකියාවද ජනාධිපතිවරයාට හිමි වේ. පාර්ලිමේන්තුවේ යම් කිසි මන්ත‍්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම අයුරින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කළේද, එවිට ජනාධිපතිවරයාට එම මන්ත‍්‍රීවරයා අගමැතිවරයා ලෙස පත්කළ හැකි වන්නේය. ඒ දැනට සිටින අගමැතිවරයා ඉවත් කිරීමෙන් අනතුරුවය. එය සිදුවන්නේ ජනාධිපතිවරයාගේද උපරිම විශ්වාසය ඇතුවය. කෙසේ වුවද එය මේ අයගේ සාධාරණ විශ්වාසය මත ඇතිවිය යුත්තන්ය. පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් ඉවත් කිරීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරු ඉවත් කෙරෙනුයේ ව්‍යවස්ථාවේ අංක 52 - (3) යටතේය.


වත්මන් ජනාධිපතිවරයා ලෙස පත්වන පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ කර ජයග‍්‍රහණය හිිමිකරගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්‍ෂය හා අනෙකුත් පක්‍ෂ සමග තිබු සම්මුතීන් ඔහු ජනාධිපතිධුරයේ දිවුරුම් දීමේදී අදාළ වන්නේ නැත. ඒවා ඔහු එම පක්‍ෂ සමග ගිවිසගත්තේ අපේක්‍ෂකයකු ලෙසය. මෙහිදී ජයග‍්‍රහණයෙන් අනතුරුව ජනාධිපතිධුරයේ  දිවුරුම් දෙන මෛත‍්‍රීපාල සිරිසේන මහතා අනුගමනය කළ යුත්තේ රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. ඔහු දිවුරුම් දෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ක‍්‍රියා කිරීමටය. ඊට පසු ක‍්‍රියාත්මක කරන ක‍්‍රියාදාමයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේම සිදුවිය යුතුය. ඔහු පත්වන ඉහත සඳහන් කළ ධුර පහේම ක‍්‍රියාපටිපාටීන් ක‍්‍රියාත්මක කිරීම ඔහුට පැවරේ.


ඔහු ජනපති පදවියේ දිවුරුම් දීමෙන් පසු තමන්ගේ කැබිනට් මණ්ඩලයට පත් කළ යුතු ප‍්‍රමාණය තීරණය වන්නේද ඔහු මැතිවරණයට පෙරාතුව එළිදැක්වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පදනම් කරගනිමින්ය. එය ඔහුට අභිමතය පරිදි සිදුකළ හැකිය. 19 වැනි සංශෝධනය යටතේ නම් කැබිනට් මණ්ඩලය 25 දෙනෙකුට සීමාවේ. ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා ඒවා ක‍්‍රියාත්මක කිරීම ඔහු සතු වගකීමකි.


අගමැතිවරයා පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඉතා වැදගත් වෙයි. එහිදී එක් එක් මන්ත‍්‍රීවරයාගෙන් ඒ ගැන විමසීමක් නොකෙරේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මෙන්ම අනෙකුත් කණ්ඩායම්වල නියෝජිතයන්ගෙන් ඒ ගැන කැමැත්ත විමසා අගමැති තනතුර පත් කිරීම සිදුකිරීම සාමාන්‍ය පිළිගත් සම්ප‍්‍රදායයි. එක් එක් මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශ ලබාගැනීම එම ක‍්‍රමවේදයට අදාළ නොවේ. ඊට අමතරව ස්වාධීනව කටයුතු කරන මන්ත‍්‍රීවරුන් වේනම් ඒ අයගෙන්ද මේ ගැන විමසීමක් සිදු කෙරෙයි. අග‍්‍රාමාතාවරයා පත්කිරීමෙන් අනතුරුව ඔහුගේ අදහස විමසීම අනිවාර්ය නොවේ.

අවශ්‍ය වුවහොත් ඔහුගේ අදහස විමසා අමාත්‍යවරුන් පත්කිරීමක් සිදුකළ හැකිය. අමාත්‍යවරුන් පත්කිරීම හෝ ඉවත් කිරීමේ පූර්ණ බලතල හිමිවන්නේ පත්වන ජනාධිපතිවරයාටය. නමුත් ‘‘පිවිතුරු හෙටක්’’ යටතේ අතුරලිය රතන හිමියන් ගෙන එන 19 සංශෝධනයේදී අමාත්‍යවරුන් පත්කිරීමේදී අග‍්‍රමාත්‍යවරයාගේ අදහස් විමසීම අනිවාර්ය බව සඳහන් කර තිබේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට ඔහුගේ අභිමතය පරිදි ඒවා ක‍්‍රියාවට නැගීමේ කටයුත්ත සිදු කළ හැකිය. නමුත් මෙහිදී වත්මන් ජනාධිපතිවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන බව පෙනෙන්නට තිබේ. ඔහු නියෝජනය කළේ පාර්ලිමේන්තුවේ එක් පක්‍ෂයකි. එතුමාට මේ මොහොතේ ජනාධිපතිවරයා ලෙස වෙනත් පක්‍ෂයකට බැඳීමේ හැකියාවද නොමැත. ඒ නිසා එතුමාට විශාල වගකීමක් පැවරේ. මීට පෙරාතුව අපේ රටේ ජේ.ආර්. ජයවර්ධන මහතාට, රණසිංහ පේ‍්‍රමදාස මහතාට, චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට හා මහින්ද රාජපක්‍ෂ මහතාට පවා මෙවන් තත්ත්වයකට මුහුණපෑමට සිදුවූයේ නැත. වර්තමානයේ මේ නිර්මාණය වූ තත්ත්වය අලූත්ම එකකි. ඒ නිසා පත්වන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉතාම සීරුවෙන් හා බුද්ධිමත්ව ප‍්‍රායෝගිකව ක‍්‍රියා කිරීමට සිදුවේ. නොයෙක් නොයෙක් පක්‍ෂවලින් සැදුම්ලත් පෙරමුණක් හරහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන නිසා යම් ආකාරයකින් ඒ කණ්ඩායම් අතර යම් යම් මතභේදාත්මක තත්ත්වයන් නිර්මාණය වුවහොත් ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පවා සිදුවිය හැකිය. එය ඉතාම අවදානම් තත්ත්වයකි. නමුත් මේ මොහොතේ මහින්ද රාජපක්ෂ හිිටපු ජනපතිවරයා තනතුර අතැරයාමට පෙරාතුව පාර්ලිමේන්තුව විසුරුවා නොතිබීම ගැනද අප සතුටු විය යුතුය. එය එතුමාගේ අප දකින ගුණාත්මක ලක්‍ෂණයකි. එසේ නොමැතිනම් ඔහුට මෙය කඩාකප්පල්කර යා හැකිව තිබුණි.


ඒ නිසා ඔහුගේ මෙම පරාජයත් සමග ඔහුගේ මුල්කාලීන දේශපාලන පරිණත බුද්ධිමත්භාවය පිළිබිඹු කර ඇති බව පෙනේ. ඔහු අවසන් යුගයේ විධායක ජනපති බලතල සමග අන්තනෝමතිකව ක‍්‍රියාකිරීමට පෙළඹුණද ඔහුගේ දේශපාලනයේ මූලාරම්භයේ ඔහුු පරිණත බුද්ධිමත් දේශපාලනඥයකු බව අප සැබවින්ම පිළිගත යුතුය. වෙනත් රටවල නායකයින් මීට පෙරාතුව සිය බලය අතැර යන අවස්ථාවලදී මේ ආකාරයෙන් බුද්ධිමත්ව ක‍්‍රියාකළ අවස්ථා අපට දක්නට නොලැබේ. එනයින් සලකා බලන කළ මහින්ද රාජපක්ෂ මහතාගේ තනතුරින් නික්මයාම දේශපාලන ලෝකයට ඉතා වැදගත් පූර්වාදර්ශයක් වනු නොඅනුමානය.

 

m



අදහස් (0)

ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී බලය මාරුවෙන්නේ මෙහෙමයි

කේ. සිරි Monday, 12 January 2015 03:29 PM

මහතාණෙනි, සටහනට බොහොම ස්තුතියි. අන්තිම මොහොතේ කළ කුමන්ත්‍රණයක් ගැන කියවෙනවා. මට නම් විශ්වාස කරන්නත් බැහැ. ඒ ගැන ඇත්ත දැනගන්නේ කොහොමද කියලා තමයි මම බලගෙනන ඉන්නේ. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 13 January 2015 08:25 PM

මැතිවරණයට කලින්නේ ඕක කියන්න තිබුනේ (නදී)

:       0       0

කුමාර Tuesday, 13 January 2015 09:31 PM

ලොකු දෙයක් එ්ක තේරුම් ගත්තා නම්. මහින්ද රාජපක්ෂ දෙවි කෙනෙක් (නදී)

:       0       0

චන්දා Tuesday, 13 January 2015 10:03 PM

අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවන අතර තුර ප්‍රකාශ කරන .....'' ...මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්රි සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද... " යන වැකිය තුලින් මට නම් වැටහෙන්නේ දිවුරුම් දුන් මැති ඇමතිවරුන් , ''මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන්'' යයි කරන ප්‍රකාශය තුලින් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකාන්තයෙන් ආරක්ෂා කොට අනුගමනය බව නම් නොවන බව ගම්‍ය වන සට කපට යෙදුමක් වන සැටියකි. සිංහල බෂා හා නීති විශාරදයන් මේ ගැන මොකද කියන්නේ ? (නදී)

:       0       0

මනුවීර Tuesday, 13 January 2015 10:13 PM

එතුමා පැරදුනහම දුකක් දැනුනා තමා. ඒත් ඇයි එහෙම වුණේ? ඇයි එතුමාගේ ජනප්‍රියතාව අඩුවුණේ? ඇයි මිනිසුන්ට වෙනසක් ඕනෑ වුණේ? (නි)

:       0       0

සුජිත් Tuesday, 13 January 2015 12:34 PM

ගයාන් එතුමාට බැනපු ගොඩාක් කට්ටිය දවස් දෙකක් යන්න කලින් දුක් උනා. මොකද මුල මතක් උනේ පස්සේ. ඒ වගේ තමා සරත් මහතාටත් දැනිලා තියෙන්නේ. (නදී)

:       0       0

ධම්ම Wednesday, 14 January 2015 07:58 AM

චන්දා, මේ ව්‍යවස්ථාව ඉංග්‍රීසියෙන් හිතලා ලියපු එකක්. ඉතින් සිංහලෙන් හිතනකොට එහෙම අදහසක් හිතට එනවා. එය ස්වාභාවිකයි. (අ)

:       0       0

ඉසුරු Sunday, 18 January 2015 07:16 AM

මහින්ද රාජපක්ෂ පරාජයට මුලික හේතුව බැසිල් රාජපක්ෂ. මෙයා මුළු කැබිනට් එකම පාලනය කලා. ගම්පහ මිනිස්සුවත් මෙයාට කැමති නැහැ. ප්‍රබාකරන්ට බය නැති මහින්ද බැසිල්ට බයවුනාද? (නදී)

:       0       0

සුමිත් Wednesday, 14 January 2015 03:14 PM

මැතිවරණයට කලින්නේ ඕක කියන්න තිබුනේ, සරත් ඔයත් අවස්තා වාදියෙක්,නී තිය දන්නේ ඔයා විතරද , රටේ වෙන උගත් අය බුදි ද ?? පත් තු කරලා දැන් නිවා ගන්න යනවා .(අ)

:       0       0

ගයාන් Tuesday, 13 January 2015 08:31 AM

දැන්වත් කඩේ යන එක නවත්වන්න සරත් මහත්මයෝ. ඔය හෙල්පින් හම්බන්තොට නඩුවට දුන්න තීන්දුව වැරදියි කීව නේද පස්සේ? දැන් ගුණ වර්නනා කරන්න ඕන නැහැ. (ස)

:       0       0

නිලන්ත Wednesday, 14 January 2015 09:40 AM

අප ජනාධිපතිවරයකු පත් කරන්නෙ රටට සේවය කිරිමට මිස ලව් කිරිමට නොවෙ. ඔහුගෙන් එම කාර්යය සිදු නොවන්නෙ නම් ඉවත් කිරිම ද සිදුකල යුතුය.රටක් ගැන ජනතව සිතන්නෙ මෙහෙම නම් රටට දෙයියන්ගෙ පිහිටය.ගැබුරු දෙශපාලන දැනුමක් නැති හැගිම්බර අයගෙන් රටට වුණ හානිය හොදටම ඇතිය.(අ)

:       0       0

ශාන් Friday, 16 January 2015 06:48 AM

මතක තියාගන්න මහින්ද කුමන්ත්‍රණය කලේ කොහොම හරි ජනපති කම රැකගන්න. බැරි උන තැන මහින්දටම හිතුන අාපහු පාර්ලිම්නේතු ගිහින් යන ගමන ගොඩක් දුරයි කියලා. මහින්ද ආදරේ කලේ තමන්ට පමණි. එයාට ජනතාව තියා නිදහස් පක්ෂේ දේවල්වත් වැඩක් උනේ නැහැ. අසීමිත බල තණ්හාවෙන් ජනපති පුටුව අල්ලන් ඉන්න හැදුවේ. බැහැ කියල හිතුනම යන්න යනවා. කව්ද කැමැති අපහු මුල ඉදන් පටන් ගන්න. පොඩ්ඩක් හිතන්න. (නදී)

:       0       0

රොෂාන්ත Saturday, 17 January 2015 07:06 AM

කුමන්ත්‍රණයේ ඇත්ත දැන ගන්න ඕන අයට,, දැනගන්න ලැබේවි නඩු දැම්මම ,, ළඟදීම,, බලයට කෑදර කමින්..තමන්ට රටේ තිබුන පිළිගැනීම නැතිකරගත් ,,මෝඩ පාලකයෙක්,,, යුධ ජයග්‍රහණයට දායක නොවන්නට ඉතාම අදූරද්ර්ශි ව රට කල ඔහුගේ රාජ්‍ය කාලයේ සිදුවූ,, විශාල වංචා දුෂණ සියල්ල දැන් හෙළිවේ ,,, (අ)

:       0       0

අමා Monday, 12 January 2015 02:22 PM

බුද්ධිමත් සටහනක්. (නි)

:       0       0

දයාරත්න Sunday, 18 January 2015 04:39 PM

කට්ටිය රට කයිද? (නදී)

:       0       0

නලින් Saturday, 17 January 2015 07:51 AM

මහින්ද පැරදුනාම රනිල් හිතුව දිනුම් කියලා. පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 135 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 117 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 199 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 413 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 390 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 128 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site