IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉඩම අයිති කුණ්ඩසාලෙටද? පාතදුම්බරටද?

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

(මෙහි පළමු කොටස මීට පෙර පළ විය. පාසලේ පිට්ටනිය  බස් පොළකට)

වසර 145ක් පැරණි තෙන්නකෝන් විමලානන්ද විද්‍යාලයයේ පිට්ටනියට අත්වන්නට යන ඉරණමට එරෙහිව විදුහල්පති ඇතුළු පිරිස නිරතුරුව අවදියෙන් සිටියේය. අවස්ථා දෙකකදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලැබුණු ලිපි දෙකක කලාප අධ්‍යක්ෂගේ මත දෙකක් තිබීමේ ගැටලූ සහගත භාවය ගැන පසුගිය ලිපියෙන් කරුණු අනාවරණය කළේය.  

2007 වසරේ ජුනි අට වැනි දා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට ලිපියක් එවමින් කියා ඇත්තේ මෙම භූමිය බස් නැවතුම්පොළක් ස`දහා යෝග්‍ය නොවන බව 2006 දෙසැම්බර 14 වැනි දා එවකට ජනාධිපතිවරයා විසින් එවනු ලැබූ ලිපියේ සඳහන් බවයි.

එසේ තිබිය දී 2009 නොවැම්බර 24 වැනි දාතමින් යුතුව සහකාර  ඉඩම් කොමසාරිස් එච් කේ ඩී ඩබ්ලිව් එම් එන් හපුහින්න මහතාගේ අත්සනින් යුත් ලිපියක් කරළියට පැමිණියේය. එම ලිපියේ සඳහන් වන්නේ ප්‍රශ්නගත ඉඩම් කොටස කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව වෙත පවරා දීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි. මුලින් අනුමැතිය නුදුන් ජනාධිපතිවරයා පසුව අනුමැතිය දුන්නාද? එසේ නැති නම් එය ව්‍යාජ ප්‍රකාශයක් ද යන්න ගැටලූ සහගතය. ජනාධිපතිවරයා අනුමැතිය දුන්නායැයි කියන ලිපිය මෙතෙක් සොයා ගෙන නැත. කිසිදු පාර්ශ්වයක් එම ලිපිය එළියට දමා නැත. ඊට හේතුව සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයා අනුමැතියක් දී නැති නිසා යන්න බොහෝ දෙනකුගේ අදහසයි.

පාසල් පිට්ටනියේ කොටසක බස් නැවතුම්පොළ සෑදීම වැළැක්වීම සඳහා විදුහලේ පිරිසක් මහනුවර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර ඒ අනුව එම ඉඩමට ඇතුළුවීම වළක්වාලමින් එවකට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපති අසේල ඒකනායක මහතාට වාරණ නියෝගයක් ලබා දුන්නේය. පසුව කාරණා කිහිපයක් සඳහන් කළ අධිකරණය 2009 මැයි 15 වැනි දා පැමි‚ලිකරුවන් විසින් ආයාචිත වාරණ නියෝගය විසුරුවා හැරි අතර තහනම් නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මෙම නඩුව වසර ගණනක් තිස්සේ විභාගයට ගැනුණු අතර  2017 මාර්තු පළමු වැනි දා වන විට නඩුවේ පළමු වැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටි අසේල ඒකනායක මහතා කුණ්ඩසාල ප්‍රාදේශීය සභාපති ධුරයේ සිටියේ නැත. එම හේතුව ඉදිරිපත් කරමින් පැමිණිල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලාල් විෙජ්නායක මහතා නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලු අතර ඒ ගැන විත්තිකරුවන්ගේ විරෝධතාවක් නැති හෙයින් පැමිණිල්ල නිශ්ප්‍රභා කැරිණි.

ඉඩම අයිති කුණ්ඩසාලෙටද? පාතදුම්බරටද?

මෙම ඉඩම රජයට  පවරා ගැනීම ප්‍රකාශයට පත් කළ 1960 අගෝස්තු 12 වැනි දා ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ ඉඩමේ පිහිටීම සඳහන් කර ඇත්තේ මෙසේය.

‘මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රාදේශීය ආදයම් කොට්ඨාසයේ උඩගම්පහ කෝරළේ ගුන්නෑපාන උඩගම්මැද්ද සහ අබසිංගම්මැද්ද යන ගම්වල පිහිටි‘

මෙහි සඳහන් වන අන්දමට මෙම ඉඩම ගම්මාන දෙකකට අයත්ය. උඩගම්මැද්ද හෙවත් උඩගම පිහිටා ඇත්තේ උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයටය. උඩුගුන්නෑව දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය අයත් වන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. අබසිංගම්මැද්ද හෙවත් අබසිංගම පිහිටා ඇත්තේ පාතරදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. ඉඩම පිහිටා තිබූ ප්‍රාදේශීය ආදායම් කොට්ඨාසයට අයත් පාතදුම්බරය. එනම් එය කුණ්ඩසාලේ ප්‍රාදේශීය ආදයම් කොට්ඨාසයට නොවේ.

සහකාර ඉඩම් කොමසාරිස් විසින් දෙනු ලැබූ බව කියන මීට පෙර සඳහන් කළ ප්‍රශ්න ගත ලියුමේ ඉඩම හඳුන්වා දී ඇත්තේ මෙසේය.

‘මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ මහ/කු/2007/10 දරණ අනුරේඛයේ කැබලි අංක ඒ යන කොටසේ‘

එම ප්‍රශ්නගත ලිපියට අනුව ඉඩම පිහිටියේ උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරී වසමේය.  පෙර සඳහන් කළ පරිදි උඩගුන්නෑපාන දකුණ අයත් වන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය.   මෙම ලිපිය ප්‍රශ්නකාරී වන්නේ ජනපති අනුමැතිය දුන් ලිපිය ඇමුණුමක් ලෙස ඉදිරිපත් නොකිරීම මතම පමණක් නොවේ.

බස්නැවතුම්පොළ සඳහා එම ඉඩමෙන් කොටසක් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට  ‘රජයේ ඉඩම් ආඥා පනතේ 27 වන වගන්තිය යටතේ පැවරුම් නියෝග‘    2010 දෙැම්බර් 24 වැනි දා අත්සන් තැබූ බවට ලේඛනයක් ඉදිරිපත් වී තිබේ. එම ලේඛනයේ අත්සන් තබා ඇත්තේ එවකට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපතිව සිටි අසේල ඒකනායක මහතා සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරයාය. එහි පළමු උප ලේඛනයේ ඉඩම හඳුන්වා ඇත්තේ මෙසේය.

‘මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අබසිංගම්මැද්ද ගමගෙහි පිහිටියා වූ මු.පි.මහ. 6081 දරණ පිඹුරෙහි කැබලි අංක 01 දරන‘

එහි සඳහන් වන්නේ මෙම ඉඩම් කොටස අබසිංගම්මැද්ද හෙවත් අබසිංහගම පිහිටා ඇති බවයි. අබසිංගම්මැද්ද හෙවත් අබසිංහගම අයත් වන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නොවේ. එය අයත් වන්නේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. එසේ නම් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්ට අත්සන් තැබීමේ හැකියාවක් නැත.  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක වෙන් වන්නේ මේ ඉඩමෙනි.

ඉඩම අයිති කුමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටදැයි තහවුරු කර ගැනීම සඳහා උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරීට අපි දුරකතන ඇමතුමක් ගෙන කරුණු විමසීමු.

ප්‍රශ්නය - උඩගම්මැද්ද අයිති කොහේටද?

පිළිතුර - අපේ ග්‍රාමසේවා වසමටයි අයිති.

ප්‍රශ්නය එතකොට අබසිංගම්මැද්ද අයිති ඔබතුමාට ද?

පිළිතුර -නෑ. අබසිංගම්මැද්ද අයිති අපිට නෙමෙයි.

ප්‍රශ්නය - අබසිංගම්මැද්ද අයිති කොහෙටද?

පිළිතුර - ඒක අයිති පාතදුම්බරටනේ.

ප්‍රශ්නය අර බස් නැවතු්ම්පොළක් දැමීම සම්බන්ධයෙන් ගැටලූවක් තියෙන පිට්ටනිය අයිති කාටද?

පිළිතුර - ඒක අයිති අපේ ග්‍රාමසේවා වසමට.

ප්‍රශ්නය - ඉඩම පවරා ගැනීමේ ගැසට්ටුවේ ඉඩම ගැන හ`දුන්වා තිඛෙන්නේ උඩගම්මැද්ද සහ අබසිංගම්මැද්ද යන ගම්වල පිහිටි කියලයි.

පිළිතුර - මේ කියන ඉඩමෙන් තමයි කුණ්ඩසාලේ සහ පාතදුම්බර වෙන් වෙන්නේ. කොහොම වුණත් ඔය කියන ඉඩම් කොටස අයිති අපේ ග්‍රාම නිලධාරී වසමටයි.

ග්‍රාම නිලධාරීගේ ප්‍රකාශයෙන්් එක් කරුණක් තහවුරු වෙයි. එනම් අබසිංගම්මැද්ද අයත් වන්නේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. තවදුරටත් කියතොත් අබසිංගම්මැද්ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නොවේ. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා සභාපති 2010 දී අත්සන් කළ ඉඩම් පැවරුම් නියෝගයේ  සඳහන් වන්නේ ‘අබසිංගම්මැද්ද ගමෙහි පිහිටියා වූ‘ යනුවෙනි. ග්‍රාමනිලධාරීට අනුව ද අබසිංගම්මැද්ද අයත් වන්නේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ය. එසේ නම් ඉඩම් පවරා ගැනීමේ නියෝගයට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරයා අත්සන් කරන්නේ කෙසේද? ඉඩමයේ අයිති ප්‍රදේශය ගැන විවිධ ලේඛනවල දැක්වෙන්නේ එකිනෙකට වෙනස් කරුණුය. එසේ නම් එය තහවුරු කර ගැනීමකින් තොරව එවැනි පවරාගැනීමක් කිරීම වැරදි බව නීති විශාරදයෝ කියති.

මතුසම්බන්ධයි...

(පාසලට ප්‍රමාණවත් පිට්ටනියක් අවශ්‍ය බවට අධ්‍යාපන අධ්‍යක්ෂ යෙදූ සටහන)



අදහස් (1)

ඉඩම අයිති කුණ්ඩසාලෙටද? පාතදුම්බරටද?

sena Friday, 14 July 2017 10:19 AM

ඉඩම අයිති ළමයින්ටයි. ඔවුන්ට එය ලැබිය යුතුයි.

:       0       74

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 176 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 129 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 208 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 217 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 708 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 962 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site