IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආවාසය තනාගන්න ගොවිතැන් කරන හාමුදුරුවෝ

විහාරාරාම සහ දේවාලවලට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් අතරින් වැඩි ඉඩම් ප‍්‍රමාණයක් බුක්ති විඳින්නේ සාමාන්‍ය ජනතාවය. එසේ බුක්ති විඳින්නෝ ඉඩම අයිති පංසලට හෝ දේවාලයට අස්වනු කොටස් පූජා කරති. එවන් පූජා ධාන්‍ය වශයෙන් පිළිගනිද්දී අනිකුත් අවශ්‍යතා සඳහා මුදල් සෙවීමේ ගැටලූවලට භික්ෂුන් වහන්සේලා මුහුණ පාති. විවෘත ආර්ථිකයත් සමග අධ්‍යාපනය ලබන ඇතැම් භික්ෂුන් වහන්සේලා මූල්‍යමය වශයෙන් ගැටළුවලට මුහුණපාන බවත් එවන් අවස්ථාවල දී විහාරස්ථාන භාර හාමුදුරුවන් වහන්සේලාට නොයෙකුත් කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බවත් දැන ගන්නට ලැබුණේ ලංකාදීපය රිදීගම ප‍්‍රදේශයේ විහාරස්ථානයකට ගිය අවස්ථාවෙහිදීය. රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹකොටේ ප‍්‍රදේශයේ අක්කර 50 කුඹල්ලංගාපිටිය පුරාණ විහාරය පිහිටා ඇත. භික්ෂුන් වහන්සේලා 18 නමක් පමණ වැඩවාසය කරන කුඹල්ලංගාපිටිය විහාරස්ථානය සාමණේර භික්ෂු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යයි. සාමණේර භික්ෂුන් වහන්සේලා වෙලේ බැහැගෙන ගොවිතැන් කටයුතු කරන බවට ලද තොරතුරක් අනුව අපි එම ස්ථානය කරා ගියෙමු. අක්කර 10ක් පමණ වූ විශාල කුඹුරක බැහැගෙන ගොවිතැන් කටයුතුවල නිරත සාමණේර හිමිවරුන්ගේ රුව නෙත ගැටෙන,  ඕනෑම අයකුගේ නෙත්, සිත් පැහැර ගැනීමට තරම් ඒ දසුන සමාජයට පණිවිඩ රැසක් දෙන බව නම් සැබෑය. ඒ නිසාම මේ පිළිබඳ විහාරාධිපති පොළොන්නරුවේ රතනජෝති හිමියන්ගෙන් විස්තර අසා දැන ගත්තෙමු. ”අපට  ඕනෑ වුණා මූලිකවම මේ ආවාසෙ වැඩ අවසන් කර ගන්ඩ. මේ පන්සලට අයිති ඉඩම ගොඩමඩ දෙකම අක්කර 10ක් 15කටත් වැඩිය තියෙනවා. ඒවයෙ ගොවිතැන් කටයුතු කළේ මේ ගමේ දුප්පත් මිනිස්සු. අපේ ආවාසෙ වැඩ කටයුතු කරන්ඩ කිසියම් ආයතනයක් භාරගෙන අපි මුලා කරලා දැම්මා. ඊට පස්සෙ මම හිතුවා ඉඩකඩම්වලට වටිනාකමක් දෙමින්, මේවායේ තිබෙන වටිනාකම සාමණේර භික්ෂුන් වහන්සේලාටත් කියාදෙන්ට. අපි වත්තේ හිටවලා තියෙනවා මිරිස්, බටු, මෑ, තක්කාලි, කරවිල වගේ එළවළු වර්ග. ගම්මිරිස්, කෙසෙල්, පොල් වගේ ආර්ථිකමය භෝගත් වවලා තියෙනවා. මේ ගමේ ගොඩක් අය පන්සලට ඇවිත් එළවළු අරගෙන යනවා. අපි අමුමිරිස් විතරක් මේ කන්නෙදි කිලෝ හැට, හැත්තෑවක් විකුණලා තියෙනවා. මේවයෙන් ලැබෙන ආදායම් සාමණේර භික්ෂුන්ගේ අවශ්‍යතාවලට යොදා ගන්නවා. මේ වගේ පුංචිවට වත්තේ එළවළු වගා කරගෙන ඉද්දි තමයි අපි හිතුවෙ මහා පරිමාණ වගාවක් කෙරුවොත් ආවාසයේ ඉතිරි වැඩ කටයුතු කරගන්ඩ පුළුවන් බව. මං මගේ ගෝල හාමුදුරුවන්ට මේ බව කිව්වා. ඒ අයත් කැමැති වුණා. ඊට පස්සෙ තමයි වෙලේ අක්කර දහය, දොළහ වවන්ඩ ගත්තෙ. මහ කන්නයේ වී ගොවිතැන් අස්වනු නෙළා ගැනීමෙන් පසුව අතුරු කන්නයක් විදිහට කෙටිකාලීන වගාවක් දැමීම තමයි අරමුණ වුණේ. ඒ නිසා ගර්කින් වගා කරන්න හිතුවා. මේ වනවිට පස සම්පූර්ණයෙන්ම සකස් කරලා පැළ සිටුවලයි තියෙන්නෙ. සාමණේර භික්ෂුන් පිරිවෙන් යන වෙලාව හැර අනිත් වෙලාවේ වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. ඒ නිසා ගමේ ගැහැණු පිරිමි කීප දෙනෙක් දවසේ පඩියට සේවයට අරගෙන ඉන්නවා. ඔවුන්ට අපි පඩි ගෙවනවා” යැයි විහාරාධිපති හිමියෝ පැවැසූහ. රිදීගම සැඟෑලෙන පරිවේනාධිපති වහන්සේ ලෙස කටයුතු කරන්නේ ද පොළොන්නරුවේ රතනජෝති හාමුදුරුවෝය. සැඟෑලෙන පිරිවෙනෙහි ඉගෙනුම ලබන දන්තුරේ ධම්මානන්ද පොඩි හාමුදුරුවෝ සමස්ත ලංකා (පිරිවෙන්) රචනා තරගයෙන් ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ශිෂ්‍ය හාමුදුරුනමකි. උන්වහන්සේද ගොවිතැන් කටයුතුවලට සහභාගි වී විඩා නිවාගන්නා අතර තුරදී අප සමග කතා බහ කළහ. ”අපේ ලොකු හාමුරුදුවන් වහන්සේ එක දවසක් කිව්වා පංසලට අයිති ඉඩම් වගා කරමු. හැමෝගෙම සහයෝගය ලැබුණොත් අපට අපේ ආවාසෙ වැඩ කටයුතු ඉවර කරගන්ඩ පුළුවන් කියලා. ඒ විදිහට තමයි අපි මේ කටයුතු පටන් ගත්තේ” යැයි උන්වහන්සේ පැවැසූහ. උන්වහන්සේ සමග සිටි කුඩා සාමණේර වහන්සේලා හැමෝම එක්කෙනකුට නොදෙවැනි ලෙස වැඩ කරමින් සිටි අයුරු අපට දැක ගන්නට ලැබුණි. පන්සල් ඉඩමේ එක් කෙළවරක සිට ඉඩමේ අවසාන කෙළවර දක්වාම මායිම්ව ඇත්තේ කොස්පොතු ඔයයි. මේ නිසා වගා කරන ඉඩමට වතුර සපයන්නේ කොස්පොතු ඔයෙනි. වතුර පොම්ප කරමින් වගාවට දායකත්වය සපයන තරුණ භික්ෂුන් වහන්සේලා දැක ගන්නට අපට හැකිවිය. හොඳ සිල්වත් රටට ආදර්ශවත් ආගමික නායකයන්ගෙන් සමාජය වෙනස් කරන්ඩ පුළුවන්. ඒ වගේ ආදර්ශයක් දෙන්ඩ පුළුවන් පිරිවෙනක් තමයි මේක. මෙතන මීට අවුරුදු කීපයකට පෙර ඉගෙන ගත්ත හාමුදුරුවරු අද හොඳ තැන්වල ඉන්නවා. ඉදිරියටත් ඒ දේ මේ ආයතනයෙන් සිද්ධ විය යුතුයි. එහෙම වුණොත් ඔය වගුරුවන දහඩිය රන් දහඩිය වේවි. විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා දවසේ වැඩ කටයුතු හමාරකොට කොස්පොතු ඔයෙන් අතපය සෝදාගත්හ. ලංකාදීපයෙන් ගිය අපි කොස්පොතු ඔයෙන් අතපය සෝදාගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයද ගෙන ආපසු පැමිණියෙමු.

චාන්දනී දිසානායක - මාවතගම
විහාරාධිපති පොළොන්නරුවේ රත්නජෝති හිමි



අදහස් (0)

ආවාසය තනාගන්න ගොවිතැන් කරන හාමුදුරුවෝ

ජයන්ත Sunday, 08 April 2012 03:41 PM

සුබ්බා දුක්ක නිස්සාරනං නිබ්බාන සච්ච කරනත්ථයා ඒතං කාසවන් දත්වා පුබ්බාජේත මා බුන්තේ.

:       0       0

ශ්‍රී ලාල් Saturday, 14 April 2012 04:17 AM

මේ වගේ ස්වාමීන්වහන්සේලා තව තවත් ලංකාවට බිහිවෙන්න ඕනේ. මේ ගරුතර ස්වාමීන්වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. මේවා ප්‍රචාරය කළොත් මෙවැනි අයට ධෛර්යයක් වේවි.

:       0       0

රංග Saturday, 14 April 2012 04:33 AM

මේවා ඇත්තනම් ලියන කියන ස්වාමීන් වහන්සේව අමතන විදියක් ලියන එක තමයි හොද. මුදල් ත්‍යාග එවන්න කැමති ඕනත තරම් අය ඇති. දුරකථන අංකය සහ ලගම ඇති බැංකුව ගැන ලියන්න පුළුවන්නම් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 43 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 51 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 143 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 388 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 480 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 88 0

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site