IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුව රට අනාථ කළා

ජිනීවාහි දී ඇමෙරිකාව ගෙනා යෝජනාව ඔවුන් ජයගෙන ආණ්ඩුව හෝ රට පරාජයට පත්වීම හා ඊට බලපෑ පසුබිම ගැන එජාප ප‍්‍රබලයකු වන රවි කරුණානායක කරන විග‍්‍රහයයි මේ.

 

ප‍්‍රශ්නය:-රට ජාතික හා ජාත්‍යන්තර ලෙස විශාල ව්‍යාකූලතාවකට ලක්වෙලයි තියෙන්නේ. ජිනීවාවලදී ආණ්ඩුව දැවැන්ත පසුබෑමක් ලැබුවා. බඩු මිල දරාගන්න බැරි බඩගිනි ජනතාව පාරට බහිද්දී ජිනීවාවලට එරෙහිව ආණ්ඩුව තවත් පිරිසක් පාරට දැම්මා. ඇමෙරිකාව බි‍්‍රතාන්‍යය මෙන්ම ලංකාවේ ලොකු අයියා වූ ඉන්දියාවත් අපට එරෙහි වුණා. අද අප මුහුණ දී තිබෙන ගිනියම් බව ගැන ඔබ මොකද කියන්නේ. පිළිතුර:- මේ රටත්, ජනතාවත් ජාත්‍යන්තර ලෙස අනාථ කළේ ඇයි කියලා අපෙන් නෙවෙයි මේ බොරු උජාරු ආණ්ඩුවෙනුයි අහන්න  ඕනෑ. මේ තරම් ලස්සනට ජාත්‍යන්තරය අනාගත්ත ආණ්ඩුවක් ඉතිහාසයේම තිබිල නෑ. ගමේ කසිප්පු බීලා කෑ ගහන බොරු චණ්ඩින්ගෙ රඟපෑම ජාත්‍යන්තරයටත් ගෙනිච්චා. ලංකාව ඇතුළෙ ලෝකය තිබෙන බවයි ආණ්ඩුවේ සමහරු හිතුවේ. චණ්ඩිකම් වගේම මේ රටේ අහිංසකයෝ ඡුන්දවල දී අන්දනවා වගේ මෙයාලා ලෝකය අන්දන්නත් ගියා. අපට ඇඟිල්ල දිගු කළොත් උඹලා ඉවරයි කියලයි ආණ්ඩුව හැසිරුණේ. එහි ප‍්‍රතිඵල තමයි ජිනීවාවලදී ලැබුණු අන්ත පරාජයේ පදනම වෙන්නේ. එජාපය ලෙස අපි කිව්වේ නූගත් තාලෙට ක‍්‍රියා නොකර ලෝකයට ගරු කරමින්, යථාර්ථයට ඉඩදීලා ඔවුන් හා එකඟත්වයකට එන්න කියලයි. ඒක කාටවත් යටත්වීමක් නෙවෙයි. සූක්ෂමව කටයුතු කරන්නට තරම් උපක‍්‍රමශීලී වෙන්න  ඕනෑ. ඒත් ආණ්ඩුව දැන දැනම රටත් ජනතාවත් ලෝකය තුළ අනාථ කළා. මේ ආණ්ඩුව කොච්චර අඥාන ද බලන්න. ජිනීවා ප‍්‍රශ්නයට ලංකාවේ පෙළපාලි ගියා. ඒ කළේ මොන නාඩගමක් ද? ලංකාවේ පෙළපාලි ගියා කියලා වෙන රටවල් උද්ඝෝෂණ කළා කියලා ජිනීවාවලදී ලංකාවට ඡන්ද ලැබුණද? ඉන්ධන මිල හා අධික ජීවන බරට එරෙහිව ජනතාව ලංකාවේදී වීදි බැස්සා. ඒක වහගන්නයි ආණ්ඩුව ජිනීවා පෙන්නලා බඩගිනි ජනතාව පාරට දැම්මේ. ඒ පෙළපාලි ගිය අයගෙන් 99%ක් ජිනීවා ගැන දන්නෙත් නෑ. ෆොන්සේකා හා රණවිරුවන්ට පින්සිදුවන්නට යුද්ධය දිනුවා හැර මේ ආණ්ඩුව රටට කරපු එකක් කියන්න. යුද්ධය දිනන්න පුළුවන් වුණත් එජාපය කොටි දෙකඩ කරලා කරුණා කඩල ගත්ත නිසයි. ආණ්ඩුවට ජිනීවාවලදී දැඩි උත්තර ලැබුණේ ඔවුන් 2005 ඉඳලා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය, මාධ්‍ය නිදහස වැළලීම, සුදු වෑන්වලින් පැහැර ගැනීම ඝාතන හා මානව හිමිකම් ප‍්‍රශ්න නිසයි. ඒත් ඇමරිකාව ජිනීවාවලට ගෙනා යෝජනාවෙන් කියන්නේ මේ ආණ්ඩුව පත් කළ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසයි.   ප‍්‍රශ්නය:- ඒත් ආණ්ඩුව කියන්නේ ලංකාව ත‍්‍රස්තවාදය මර්දනය කළ නිසා ලංකාව ලෝකයට යට නොවූ නිසා ඇමෙරිකාව බි‍්‍රතාන්‍ය ඇතුළු ලෝකය අපට බලපෑම් කරන්නට මේ යෝජනාව ගෙනා බවයි. එජාප ප‍්‍රතිචාර.....? පිළිතුර:-  ඕව අමූලික බොරු. එහෙනම් ඉන්දියාව අපේ අල්ලපු රටත් විරුද්ධ වුණේ ඇයි. ආණ්ඩුවට ඒකට උත්තරයක් නෑ. ආණ්ඩුව කිව්වෙ මන්මෝහන් සිං මාත් ඒක අරවා කනවා මෙව්වා බොනවා කියලයි. ආසියාවේ, අප‍්‍රිකාවේ, මැදපෙරදිග ඔක්කොම යාළුවෝ සාක්කුවේ බවයි කිව්වේ. ලංකාවේ ත‍්‍රස්තවාදය මර්දනය කළ නිසා ජිනීවා යෝජනාව ආවෙ නෑ. ලෝකයේ සියලූ රටවල් ත‍්‍රස්තවාදය නැති කරන්න සහය දුන්නා. ඇමෙරිකාව බි‍්‍රතාන්‍යය හා බටහිර රටවල් කොටි සංවිධානය හා එහි බැංකු ගිණුම් තහනම් කළා. කොටි නැව් පුපුරවන්න අපට චන්ද්‍රිකා තාක්ෂණය හා බුද්ධි තොරතුරුත් ලබා දුන්නා. ඉන්දියාව කොච්චර උදව් කළා ද. ඒවා මේ ආණ්ඩුව අමතක කිරීම ඉතා පහත් දෙයක්.   ප‍්‍රශ්නය:- ලංකාවට හෝ මේ ආණ්ඩුවට එරෙහිව ආ ජිනීවා යෝජනාවේ පදනම කුමක්ද? ජනතාවට ඔබ එය පැහැදිලි කරන්න. පිළිතුර:- ඒක තමයි වැදගත්ම ප‍්‍රශ්නය වෙන්නේ. මේක රටට වඩා මේ ආණ්ඩුව 2005 ඉඳලා කළ කී දේවල්වලට එරෙහිවයි ආවේ. අනික ඒ යෝජනාවෙන් ඉල්ලන්නේ ආණ්ඩුව පත් කළ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ හරිහැටි ක‍්‍රියාත්මක කරන්න කියලයි. ඒකෙ ඉටු කළ නොහැකි දේ මොනවාද කියලයි අපි ආණ්ඩුවෙන් අහන්නේ. ආණ්ඩුවේ හොඳම හිතවතුන් දාල හදපු වාර්තාව ක‍්‍රියාත්මක කරන්න කියල විතරයි ඉල්ලන්නේ. මේ රටේ කවුරුවත් යුද අධිකරණයකට, විදුලි පුටුවකට ගෙනියන්න කියලා ඒ යෝජනාවෙ නෑ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ලංකාව ගැන වාර්තාවක් හැදුවා. ආණ්ඩුව ඒකට කිව්වේ දරුස්මාන් වාර්තාව කියලයි. ඒක ප‍්‍රතික්ෂේප කරපු ආණ්ඩුව කිව්වේ අපි පත්කළ උගත් පාඩම් එකේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවයි. මහින්ද සමරසිංහ, ජී.එල්. ජිනීවා හා ලෝකෙ වටේ කිව්වේ ඒක. ඒක ක‍්‍රියාත්මක කරන්න කියලයි ලෝකය ඉල්ලන්නේ. ලෝකය කියන්නේ ලංකාව කතාකරන හැසිරෙන හැටි අධ්‍යයනය කළ බවයි. ජනාධිපති එකක් කියනවා. ජී.එල්. මහින්ද සමරසිංහ හා ඇමැතිවරු තව එකක් කියනවා. වීරවංශ චම්පික රණවක එලොව මෙලොව දෙකටම නැති තව එකක් කියනවා. ඇත්තටම ගියවර ලංකාවට කල් දුන්නා. මහින්ද සමරසිංහ බොරු කියලා කල් ගත්තා. ඒත් ආණ්ඩුව කිසිම ප‍්‍රගතියක් පෙන්නුවේ නෑ. රටත් ජනතාවත් කල්ගත්ත ඇමැති මහින්දගෙත් රෙදි ගැලෙව්වේ ආණ්ඩුවයි. මොකද උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරන්නවත් ආණ්ඩුව ක‍්‍රියා කළේ නෑ. ඇමෙරිකාවට බි‍්‍රතාන්‍යය හා ලෝකයට ලංකාවට තර්ජන කරන්න  ඕනෑ නම් උගත් පාඩම් එක ගන්නෙ නෑ. කෙළින්ම මීට වඩා හිර කරන දෙයක් කරන්න තිබුණා. එහෙම නොවී ලංකා ආණ්ඩුව වගකියන උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසයි ඔවුන් කියන්නේ. එජාපය ඇතුළු විපක්‍ෂය ජනතාව ගැන හිතලා මේ ප‍්‍රශ්නයේ දී සහය දුන්නා. එජාප නියෝජිතයන්ට ආරාධනා තිබිලත් ජිනීවා ගියේ නෑ. ඒත් 87දී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනා ආ වෙලාවේ ඡායාරූප අරන් එහෙ ගියේ කවුද කියල අපි ජනාධිපතිතුමාගෙන් අහනවා. එජාපය රටට ජනතාවට ප‍්‍රශ්න ඇති කරලා පටු වාසි ගත්තෙ නැති නිසයි මෙවර ජිනීවා නොගියේ. ජිනීවා ගැන මාධ්‍යවල කතාකරන එක පවා අපි නැවැත්තුවා.   ප‍්‍රශ්නය:- ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය රට තුළ ඇතිවීම ඉතා හොඳයි. ඒත් ඒවාත් උගත් පාඩම් නිර්දේශත් ක‍්‍රියාත්මක කරන ලෙස ලංකාවට බල කරන්න ජාත්‍යන්තරයට තිබෙන රුදාව මොකක්ද? පිළිතුර:- ස්වාධීන රටක් වුණත් තමන්ට  ඕනෑ  ඕනෑ හැටියට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒකාධිපති ලෙස මර්දනකාරී ලෙස පාලනය කරන්න අයිතියක් නෑ. ලෝකයේ හැම රටක්ම එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් ලෙස එම නීති රීති සම්මුති ප‍්‍රඥප්ති අනුවයි පාලනය කළ යුත්තේ. එහෙම නැතුව ස්වාධීනයි කියල යම් රටකට  ඕනෑ  ඕනෑ විධියට ලෝකය තුළ හැසිරෙන්න අයිතියක් නෑ. එක්සත් ජාතීන් ඇතුළු බලවත් රටවල් මැදිහත් වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මේ ආණ්ඩුවේ සමහරුන්ට මේවා තේරෙන්නෙ නෑ. අපි ස්වාධීන රටක් අපට  ඕනෑ විධියට නටන්න පුළුවන්. එක්සත් ජාතීන්ටවත් අපට ඇඟිලි ගහන්න බෑ කියලයි ආණ්ඩුව හිතන්නේ. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ළඟ ඇමැතිවරුන් උපවාස කළෙත් ඒ ගැන අවබෝධයක් නැතිකමටයි. උගත් පාඩම් කොමිසම පත් කරලා එන නිර්දේශ අපි ක‍්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානියා ජෝන් හෝම්ස්ටත් පොරොන්දු වුණා. ඒත් ඡුන්දය දිනල ඒක මාරු කළා. දැන් මේ රටේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රය බලන්න. 35-40ක් ඝාතනය වුණා. අධි ආරක්ෂක කලාපවල තිබුණු පත්තර, ටීවී ආයතන ගිනි තිබ්බා. හැම දේම අල්ලන පොලිසියට ඒවා අල්ලන්න බැරි හේතුව මොකද්ද කියලයි ජනතාව අහන්නේ. උගත් පාඩම් එක කියන්නේත් මාධ්‍ය මර්දනය නැවැත්විය යුතු බවයි. 17 අහෝසි කරලා රටේ තිබූ ස්වාධීන කොමිෂන් මේ ආණ්ඩුව අහෝසි කරලා ඒකාධිපති 18 ගෙනාවා. 17 යළි ඇති කරලා රටේ නීතිය පොලිසිය රාජ්‍ය සේවය මැතිවරණ ස්වාධීන කරන්න කියලයි උගත් පාඩම් එක කියන්නේ. අවි දරන අය, සුදු වෑන් සංස්කෘතිය නවත්තන්න කියලා වැරදි කළ අයට දඬුවම් දෙන්න කියලාත් නිර්දේශ කර තිබෙනවා. එජාප නායකයා 2002දී රෝම ප‍්‍රඥප්තියට අත්සන් නොකර රණවිරුවන් ඇතුළු හැමෝම බේරා ගත්තා. ඒත් උගත් පාඩම් නිර්දේශ කියන්නේ වැරදි කළ හමුදාවේ අය ගැන. ඒ අයගේ නීති රීති අනුව ක‍්‍රියා කළ යුතු බවයි. මේ අණ්ඩුවේ ලොක්කො තමන් බේරෙන්න හමුදාව පාවා දුන්නේ ඇයි කියලයි අපි අහන්නේ. දළඳා මාලිගාවට ගහපු, අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කළ ශ්‍රී මහා බෝධියට ගහපු කරුණලා, පිල්ලෙයාන්ලා හා ඊට ශක්තිය දුන් කේ.පී.ලා රකින ආණ්ඩුවට රණවිරුවන් පාවා දෙන්න අපි කියන්නේ නෑ. එජාපය මේ ආණ්ඩුවට කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය මාධ්‍ය නිදහස, ස්වාධීන නීතිය, පොලිසිය, මැතිවරණ හා රාජ්‍ය සේවය ඇති කරලා උතුරට විසඳුමක් දීලා සමස්ත ජනතාවට සහන දෙන්න කියලයි. එජාපය සහාය දෙන්නම් කතා කරමු කීවාම උපහාසයෙන් බැහැර කළා. අද රට අනාථ වුණාලූ නේද? ජී.එස්.පී. ප්ලස් ගැන ආණ්ඩුවයි එජාපයයි එකම ස්ථාවරයක ඉඳලා ක‍්‍රියා කරමු කීවාම එදා ඒකත් ප‍්‍රතික්ෂේප කළා. අන්තිමේ රු. කෝටි දහස් ගණනක සහනයක් මේ ආණ්ඩුව රටට අහිමි කළා. අන්තිමේ ජිනීවා බිල්ල පෙන්නලා ජනතාව පාරට දැම්මා. මේ සිංහල හින්දු අවුරුද්දට ජනතාවට සහන දෙන්න බැරි වුණාම කියාවි ජිනීවා ප‍්‍රශ්නයට මෙච්චර කෝටි ගණන් වැය වුණා කියලා. හිසරදය පිළිකාවක් කරලා පෙන්නලා ජනතාව අන්දන එකයි ආණ්ඩුව මේ කරන්නේ.   ප‍්‍රශ්නය:- ලංකාවේ මවුපියන් හා ලොකු අයියා වැනි ඉංදියාවේ ස්ථාවරය අපට එරෙහි වීම ගැන ඔබ මොකද කියන්නේ? පිළිතුර:- මේ ආණ්ඩුව රටට කියන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන ප‍්‍රශ්නයක් නිසා ඔවුන් ලංකාවට විරුද්ධ වූ බවයි. ඒත් ඇත්ත ඒකද? ලංකාවට ඉන්දියානු සාධකය හරිහැටි මෙහෙයවා ගන්න බැරි වුණා කියන්නෙ අපි ඉවරයි කියන එකයි. භූගෝලීය හා බලවත්කම අතින් මෙන්ම ලොව බලවතෙකු වූ ඉන්දියාවේ සරමෙන් ඇදලා, ටොකු ඇනලා, කිති කවලා ගොනාට අන්දන්න ගිහිල්ලයි මේ විනාශය කර ගත්තේ. ඉන්දියාව හෑල්ලූවට හාස්‍යයට ලක් කරලා මෝඩයාට අන්දලා වැඩ කරන්න ගිහින් මේ ආණ්ඩුව ලංකාව අනාථ කළා. එදා ජේ.ආර්. මැතිතුමා කරගත්ත විනාශයටත් වඩා මේ තත්ත්වය අපට භයංකරයි. රනිල් යුගයේ ඉන්දියානු හා බටහිර සාධක කොච්චර හොඳට පාලනය කළාද?   ප‍්‍රශ්නය:- ජිනීවා සටන ආණ්ඩුව පරාදයි. අපට ඉන්පසුව වෙන්නේ මොකක්ද? පිළිතුර:- ආණ්ඩුව ගෙනාපු උගත් පාඩම් එකේ නිර්දේශ ක‍්‍රියාත්මක කළොත් ලංකාවට මුකුත් වෙන්නෙ නෑ. ඇමැති මහින්ද සමරසිංහ ජිනීවාවල පළමු කතාවේදී කිව්වේ ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කරනවා කියලයි. ඒත් ආණ්ඩුව දැන් කියන්නෙ වෙනත් කතාවක්. පීලි මාරු කරල තවත් ලෝකය අන්දන්න ගියොත් මේ ආණ්ඩුව රටට ජනතාවට ලොකු ව්‍යසනයක් ගෙනේවි. අපි ලෝකය තුළ තනිවේවි. ආර්ථික සම්බාධක පවා ඒවි. දිනකට කෝටි ගණන් හම්බ කරන ආණ්ඩුවේ අයට ගැටලූවක් නැතත්, ජනතාව තවත් නන්නත්තාර වේවි. ඇමෙරිකාව ගෙනා යෝජනාවෙන් කිව්වේ උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසයි. ආණ්ඩුව ඊට එරෙහිව ක‍්‍රියා කිරීමෙන් ඇඟවෙන්නේ ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට සූදානම් නැති බවයි. නිර්දේශ ක‍්‍රියාත්මක කරනවා කියල ස්ථිර කළා නම් මේ යෝජනාව නොඑන්නත් තිබුණා. දැන් මේ ආණ්ඩුව රටයි ජනතාවයි ලෝකය තුළ අනාථ කරල තියෙන්නේ.   ප‍්‍රශ්නය:- ආණ්ඩුවේ ඇතැම් කටයුතු හා ජනතාවට සහන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමිවීමේ පසුබිම තුළ ඔවුන් එජාපය වටා රොක්වීම පෙන්නුම් කළත් තාම එජාපය තුළ මරා ගැනිලි ඉවර නැහැ නේද? එජාපයට එරෙහි ‘ස’ සංසද බිහිවී විකල්ප එජාපයේ නායකයන් ලෙස සමහරු කරළියට ඒම ගැටලූකාරී නැද්ද? පිළිතුර:- මේ ආණ්ඩුවේ බඹරය වැල්ලේ ගැහුවත් කරකැවෙන කාලය දැන් ඉවරයි. මේ ආණ්ඩුවට ඇති එකම  විකල්පය එජාපය බලයට ගැනීම බව ජනතාව දන්නවා. ”ස” සංසද ගැහුවට විකල්ප එජාප කතා කිව්වට ජනතාව  ඕවා පසුපස ගිහින් නන්නත්තාර වෙන්න සූදානම් නෑ. පක්‍ෂයට එරෙහි මෙවැනි කුමන්ත‍්‍රණ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් මත කරන සියලූ දෙනාම පක්‍ෂයෙන් එළවිය යුතුයි. එහෙම නොවී මේ රටත්, ජනතාවත් වසර 17ක් දුක් විඳින එජා පාක්ෂිකයනුත් ගොඩගන්න ලැබෙන්නේ නෑ. එදා රුක්මන් සේනානායක පක්‍ෂයට විරුද්ධව මේ විධියටම ක‍්‍රියා කළා. ජේ.ආර්. රුක්මන් එළවලා 77දී 5/6ක ජයක් ලැබුවා. මම රනිල් නායකතුමාට දොස් කියන එකම තැන වෙන්නේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්කාරයන් එළවලා එජාපය තුළ විනය ඇති කරලා රටත් ජනතාවත් බේරා ගත හැකි ලෙස එජාපය ශක්තිමත් නොකිරීම ගැනයි. මොකද දැන් ජනතාවගේ රතු කට්ට පැනලා. තුන් හතර දෙනෙකුගේ අවශ්‍යතාවට එජාපය රට හා ජනතාවත් පාක්ෂිකයාත් පාවා දෙන්න ඉඩ තියන්න බෑ. රට දේශපාලනය සහ ආර්ථික වශයෙන් හැමදාම නන්නන්තාර කළේ ශ්‍රීලනිපය ප‍්‍රමුඛ ආණ්ඩුවයි. 1977 දීත්, 2001 දීත් එම ආණ්ඩු ඇති කළ ඒ පසුබෑමෙන් රටත් ජනතාවත් මුදාගත්තේ එජාප ආණ්ඩු ඇවිල්ලයි. හාල් පොලූ, පෝලිම් යුග, භූමිතෙල් ගඳ ගහන රෙදිපිළි, බත් කෑම තහනම් කිරීම ඇතුලූ ආර්ථික ව්‍යසනයෙන් රට බේරාගෙන 77 දී ජනතාවට නිදහසේ භාණ්ඩ ගැනීමටත් අතමිට සරු කිරීමටත් රැුකියා සුලබ කර රට සංවර්ධනය කිරීමට එජාපය කටයුතු කළා. 2001 වනවිට යළි ලෝකය තුළ අනාථව තිබුණු රට යළි ගොඩගත්තේත් අපියි. අද රට තුළ උත්සන්න වෙලා තියෙන්නේත් එවැනිම තත්ත්වයක්. රටත්, ආර්ථිකයත්, ජනතාවත් දිනාගැනීමට හැකි එකම පක්‍ෂය එජාපය බව අද ජනතාව තේරුම් ගෙන තියෙනවා.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

ආණ්ඩුව රට අනාථ කළා

ශාන් Monday, 26 March 2012 09:38 PM

මේ මහත්තයා හැමදාම කතා කරන්නේ කටින් නෙවෙයි.

:       0       0

නීල් කොස්තා Tuesday, 27 March 2012 03:04 AM

මේ අමු හොරෙක්නේ, සතපහකට විශ්වාස කරන්න එපා. මෙයාට සිංහල ඉගෙනගෙන එන්න කියන්න ඉස්සෙල්ලම.

:       0       0

බන්දු Wednesday, 28 March 2012 07:46 AM

සහතික ඇත්ත.

:       0       0

වර්නි Wednesday, 28 March 2012 09:58 AM

මේක තමයි සත්‍යය. නමුත් බහුතරයක් දෙනා මේ ගැන දන්නේ නැහැ. සියළුම පුවත්පත් රජයට පක්ෂග්‍රාහී වෙලා. මිනිස්සු තවමත් යුද්ධයේ ජයග්‍රහණය ගැන ජනාධිපතිට ගරු කරනවා. නමුත් යුද ජයග්‍රහණයේ හැමදේම කළේ හමුදාපති සරත් ෆොන්සේකා. ඔහු පාබළ, ගුවන් සහ නාවික හමුදා සියල්ල මෙහෙයවූවා. ජනාධිපති නායකත්වය විතරයි දුන්නේ. මිනිසුන්ට සත්‍ය ප්‍රකාශ කරන්න මාධ්‍යයට සෑහෙන දෙයක් කරන්න පුළුවන් වුනත් එය කරන්නේ නැහැ. මිනිසුන් හරිම අවාසනාවන්තයි. මේ චෝදනාව ආගමික නායකයන්ටත් එල්ල කළ යුතුයි. විශේෂයෙන්ම බෞද්ධ ආගමික නායකයන්ට දහම් පාසල් තුලින් බුදු හාමුදුරුවන් ප්‍රකාශ කළ සත්‍යය වටහා දෙන්න පුළුවන්. ඒත් මට විශ්වාස නැහැ ලංකාදීපය ‍මගේ අදහස් ප්‍රකාශයට පත්කරාවි කියලා.

:       0       0

ඩී.එම්.උඩුකුඹුර Tuesday, 27 March 2012 01:07 PM

නිර්භීත රවී, ඔබට මගේ ආශිර්වාදය.

:       0       0

සෙනරත් Wednesday, 28 March 2012 12:45 PM

අම්මෝ මෙයත් නියම කයිවාරු තමයි..... මර්වින්ගෙ මල්ලි.

:       0       0

අනුරශාන්ත Thursday, 29 March 2012 09:17 AM

නියම වෘත්කයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 49 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 105 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 324 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 40 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 465 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 268 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site