IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුව යන්නේ මුගාබේ ගිය පාරේ

දෝෂාභියෝගයට අදාළ තේරීම් කාරක සභාවේ කටයුතු එජාප මහ සම්මේලනය, අයවැය ඇතුළු කාලීන දේශපාලනය ගැන එජාප ප‍්‍රබලයකු වන එජාප උප සභාපති ලක්‍ෂමන් කිරිඇල්ල දැක්වූ මතවාදයි මේ. * ප‍්‍රශ්නය - අග‍්‍රවිනිශ්චයකාරවරියට එරෙහි දෝෂාභියෝගය පිරික්සන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ එජාප නියෝජිතයන් දෙදෙනාගෙන් කෙනෙක් ඔබයි. අදාළ තේරීම් කාරක සභාව සාධාරණව ඉදිරියට යයිද අපක්‍ෂපාතී තීන්දුවක් ලබාදේද යන්න ගැන ජනතාවට ඇති ගැටලූවලට ඔබේ සීමාවේ සිට කරන පැහැදිලි කිරීම කුමක්ද? *පිළිතුර - මේ තේරීම් කාරක සභාවට ආණ්ඩුවෙන් 11 දෙනෙකු හා විපක්‍ෂයෙන් 04 ක් පත් කරන්නයි ආණ්ඩුව තීන්දු කළේ. එජාපය කිව්වේ තේරීම් කාරක සභාව අධිකරණයක් ලෙස ක‍්‍රියාකළ යුතු නිසා සාධාරණව 06 දෙනා බැගින් පත් කරන්න කියලයි. ආණ්ඩුව ඒක ප‍්‍රතික්ෂේප කළා. අපේ මූලික අරමුණ තමයි අග‍්‍රවිනිශ්චයකාරවරියට අදාළ චෝදනා ඇත්ත ඒවාද නැත්නම් ගොතපුවාද කියලා විමර්ශනය කරන එක. ආණ්ඩුවේ අය අන්තිමට මොන තීන්දුවක් ගත්තත් විපක්‍ෂයේ අපට එත්තු ගියොත් මේ චෝදනා අසත්‍යයි කියලා අපිට හිතට එකඟව වෙනමම තීන්දුවක් දීමේ හැකියාව තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි කැපවෙනවා.     * ප‍්‍රශ්නය - ඒත් ඇයට චෝදනා ඉදිරිපත් කළ ආණ්ඩුවේ අය පැමිණිලිකාරයාවී ඒ අයම නඩුවත් අහලා තීන්දුව දීමේදීත් පෙරමුණ ගැනීම බැලූ බැල්මට අසාධාරණ හා අසෝබන ක‍්‍රියාවක් බවට හා නීතියේ ස්වාධීන බවට පටහැනි බවට පවතින තර්ක ගැන ඔබ මොකද කියන්නේ.? *පිළිතුර - බැලූ බැල්මට එහෙම පේනවා තමයි. ඒත් ඉතිං මේ ව්‍යවස්ථාවේ හැටි එහෙමයි. ඒත් රටත් ජනතාවත් වෙනුවෙන් යුක්තිගරුක සාධාරණව මේ කටයුතු ඉදිරියට ගෙන යාමට එජාප සාමාජිකයන් ලෙස අපි කැපවෙනවා. ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායමෙන් ඉතා අවංක යුක්තිය සාධාරණය සාරධර්ම අගය කරන අය ඉන්නවා. ඔවුන් අතරින් බහුතරයක් වැරදි තීන්දුවක් දේවි කියල මම විශ්වාස කරන්නේ නෑ. මොකද පහත් දේශපාලන අරමුණුමතම මේ වගේ වගකිවයුතු තේරීම් කාරක සභාවක් සාමාන්‍යයෙන් ක‍්‍රියා කරන්නේ නෑ. මුළු රටත් ලෝකයත් මේ ගැන බලා ඉන්නවා. අනික තේරීම් කාරක සභාවේ වාර්තාව අපි හදලා කතානායකතුමාට බාර දෙනවා. එතුමාත් මේ චෝදනා ඔප්පු වීම ගැන සෑහීමකට පත් වුණොත් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. මේ කතානායකතුමා එහිදී ඉතා සාධාරණව ක‍්‍රියා කරාවි කියලා අපි හිතනවා. ලෝකයම ඒ ගැන බලාඉන්නවා. අපේ කතානායකතුමා පොදු රාජ්‍ය මණ්ඩල කතානායක සම්මේලනයේ සභාපතියි. එතුමා ලංකාවේ පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුත්, රටත් ජනතාවගේත් ගෞරවය රැකෙන ලෙස ක‍්‍රියා කරාවි කියලා මට දැඩි විශ්වාසයක් තිබෙනවා. රට අසීරුතාවට පත් නොකරන්න එතුමා වගකීමෙන් ක‍්‍රියා කරන බව මගේ දැඩි විශ්වාසයයි.     * ප‍්‍රශ්නය - අපි එජාපය දෙස හැරෙමු. 94 සිට මේ දක්වා ඡුන්ද 02 ක්, හැර අනිත්වා එජාපය පාරදයි. එජාප ඇතුළේ ආරවුල් ආවේ පරාජයන් තුළයි. මීට වසර 02 කට පෙර එජාප නව ව්‍යවස්ථාවක් පැමිණි අතර එය අනුව නායකයා, නියෝජ්‍ය නායක ජාතික සංවිධායක ඇතුළු ප‍්‍රධාන නිලතල වසරින් වසර පත්විය යුතු බවට එහි සඳහන් වුණා. ඒත් වසරින් වසර නොව වසර හයෙන් හයට නායකයා පත් කිරීමේ ක‍්‍රමයක් දෙසැම්බර් 01 දා පැවැත්වෙන එජාප සම්මේලනයේදී සම්මත කරගන්නට යන්නේ ඇයි? *පිළිතුර - පක්‍ෂයට මීට වසර 02 කට පෙර නව ව්‍යවස්ථාවක් ගෙනාවාම ඒ අනුව ප‍්‍රධාන තනතුරු වලට ඡුන්ද තිබ්බා. එහිදී රනිල් මැතිතුමා නායකතුමා ලෙසත් සජිත් මැතිතුමා නියෝජ්‍ය නායක ලෙසත් තවත් තනතුරු වලටත් ඡන්දයෙන් පත්වුණා. රනිල් සජිත් දෙදෙනාම දිනවලා පක්‍ෂය කිව්වේ මොකක්ද? දෙදෙනා එකට ඉදිරියට යායුතු බවයි. ජනතාව හිතන්නෙත් ඒකමයි. එකට වැඩ කළොත් එහි වාසිය පක්‍ෂයට ජනතාවට හා අන්තිමේ නායකයාට පහළින් ඉන්න අයට බව මම ඔය කාටත් තේරුම් කරලා දීලා තියෙනවා. පක්‍ෂයක නායකයා එක්ක  ඕනෑම කෙනෙක් යායුතු වෙනවා. නැත්නම් ඒක පක්‍ෂයටත් එසේ නොකරන අයටත් අවාසිවෙනවා. එජාපය සම්මත කළ නව ව්‍යවස්ථාව අනුව වසරින් වසර නායකයා හා සෙසු නිල වලට තෝරන්න ගියොත් ඒ පක්‍ෂයට වෙන වැඩක් නැති වේවි. මේ වසරේ පැරදුණාම අනිත් අවුරුද්දේ දිනන්න කුමන්ත‍්‍රණ කරනවා. එතකොට ආණ්ඩු පෙරළන එක පැත්තකින් තියලා හැමෝම පක්‍ෂයේ නිලතල අල්ලන්න කාලය වැය කරාවි. ඒ නිසා වසරින් වසර නිලතල තෝරන වැඬේ කොරන්න පුළුවන් වැඩක්ද? ලෝකයේ කොයි රටේ කොයි පක්‍ෂයේද විපක්‍ෂයේ ඉන්න කොට වසරින් වසර නිලතල තෝරන්නේ. මම ශ්‍රීලනිපයේ හිටපු කෙනෙක්. 77 දී ශ්‍රීලනිපය පැරදුණාම ශ්‍රීලනිපයේත් එජාපයේ වගේම ප‍්‍රශ්න තිබුණා. ඔවුනුත් මේ විදියටම වසරින් වසර නිලතල තෝරන ක‍්‍රමයක් ඇති කළා. නායකයාගේ ඉඳන් ගමේ ශාඛා සමිතිය දක්වා ඡුන්දයෙන් පත්කරන ක‍්‍රමයකුයි ශ්‍රීලනිපයේ ඇති වුණේ. වසර 3 ක් මේ ක‍්‍රමය ගෙනගියාම ශ‍්‍රිලනිපය තිබුණාටත් වඩා සීසීකඩ කැඩිල බෙදිල පොළොවටම සමතලා වෙන තත්ත්වයක් ඇති වුණා. පක්‍ෂයේ ඉහළ තැන් විතරක් නෙමෙයි ශාඛා සමිතියේ බලය අල්ලන්න ගිහිං ගමත් දෙකඩ වුණා. ඇත්තටම ශ්‍රී ලනිපය කළේ පක්‍ෂයට කොඩිවිනයක්වූ ඒ ව්‍යවස්ථාව ඉරලා විසිකරලා දැමීමයි. පක්‍ෂ නායකයාට බලතල දීලා තීන්දු ගැනීමේ අයිතිය දුන්නාට පස්සෙයි ශ්‍රීලනිපය නැගිටලා බලය අල්ලලා දැන් වසර 18 ක් දිගටම යන්නේ. සමහරු මේව දන්නෙ නෑ. කෝකියෝ 7-8 එකතු වුණාම හොද්දක්වත් හරියට හදන්න බෑ වගේ 7-8 දෙනෙකුට පක්‍ෂයක නායකකම් එකවර කරන්න බෑ. නායකයෙක් වුණාම ඔහුට හිතවත් ගැටෙන්නෙ නැති දක්‍ෂතා ඇති අය ලංකර ගැනීමත් අවශ්‍ය වෙනවා. අනික නායකයෙක් ගන්න හැම තීන්දුවක්ම නිවැරදි වෙන්නෙ නෑ. ඒක ලෝක ස්වභාවයයි. ඒ නිසයි වසරින් වසර නොව යම් සාධාරණ කාලයක් එජාපයේ මේ නායකයා හා අනාගතයේදී පත්වන  ඕනෑම නායකයෙකුට තිබිය යුතුය කියන සංශෝධනය මේ සම්මේලනයේදී ගේන්නේ.     * ප‍්‍රශ්නය - මේ සංශෝධනය මෙවර සම්මේලනයේදී සම්මත වුණොත් කාලය දිගුවන්නේ නායකයාගේ විතරද? *පිළිතුර - නැහැ. නායකයා, නියෝජ්‍ය නායක,ජාතික සංවිධායක ඇතුළු සියලූ තනතුරුවලට මේ සංශෝධනය අදාළ වෙනවා. ඒත් එජාපය වෙත පහර ගහන ඇතැම් ජනමාධ්‍ය අය කතා කරන්නේ නායකත්වයේ දිගුවීම ගැන විතරයි. තවත් දෙයක් මම කියනවා. එජාප නායකත්වය අනාගතයේදී අපේක්‍ෂා කරන අය දැනට ඉන්න නායකයා එක්ක දැන් එකට වැඩ කරන්න  ඕනෑ. රණ්ඩු වෙලා නායකත්වය ඩැහැගන්න ගියොත් වත්මන් නායකයා එක්ක දැන් ඉන්න අය අමනාප වෙනවා. සැක සංකා ඇති කරගෙන කකුලෙන් අදීවි. එතකොට ඔහුට නායකත්වය ලැබුණත් ප‍්‍රශ්න වලින් තොරව ඒක කරගෙන යන්න බැරිවේවි. ශ්‍රීලනිප ඉතිහාසය දිහා බැලූවාම මම මේ කියන කාරණය හොඳින් ඔප්පු වෙනවා. ශ්‍රීලනිපයේ නායකත්වය බලෙන් ගන්න සමහරු උත්සාහ කරන කොට පක්‍ෂය දෙකට බෙදුනා. ඒ නිසා කවුරු කොයි පක්‍ෂයේ නායකත්වය ගත්තත් සුහදව කා සමගත් අවබෝධයෙන් යුතුව ලබාගැනීමේ වැඩපිළිවෙළකට යායුතුයි. නැත්නම් පක්‍ෂයේ සමගිය තහවුරු වෙන්නෙ නෑ.     * ප‍්‍රශ්නය - ඇතැම් ජනමාධ්‍ය වලට අනුවනම් එජාපය තුළ තවමත් අරගල තිබුණත් දැන් ඒවා සම්පූර්ණයෙන්ම වාගේ සංසිඳි ඇති බවට පෙනී යනවා. එජාපය ඇතුළේ දැන් පවතින ඇත්ත පසුබිම කුමක්ද? *පිළිතුර - ඇත්තටම එජාපයේ ඇතුළේ ප‍්‍රශ්න දැන් නැහැ. පාර්ලිමේන්තුව තුළත් පිටතත් අපේ සියලූ ස්ථාවරවල මන්ත‍්‍රීවරු ඉතා සුහදව සහෝදරත්වයෙන් එකම අරමුණක දැන් යනවා. තම පෞද්ගලික අරමුණු ඉටුකරගන්න බැරිවූ අය හා ඇතැම් ජනමාධ්‍ය තමයි තවමත් ගැටුම් තිබෙන බව කියන්නේ. අනික එජාපයෙන් ඉවත්වූ හා ඉවත්කළ මෙන්ම විශ‍්‍රාමගිය අය හරහායි මේ ගැටුම් ඇති කරන්න හදන්නේ. ඉන් පිරිහෙන්නේ ඔවුන්මයි. ජනතාව දැන් සත්‍යය දන්නවා. ආණ්ඩුව මේ කණ්ඩායම් පිටුපස ඉන්නා බවට අපට පැහැදිලි සාක්‍ෂි තිබෙනවා.     * ප‍්‍රශ්නය - එජාප අභ්‍යන්තර ගැටලූ දැන් අවසන් නම් මෙවර සම්මේලනයට ආසන සංවිධායකයන්ට ගෙන ආ හැකි සාමාජික සංඛ්‍යාව සීමා කරන්න තීන්දු කළේ ඇයි? *පිළිතුර - මේ සම්මේලනයට සාමාජිකයන් ගෙන ඒමට ගත්ත ක‍්‍රමවේදය ඉතා නිවැරදියි. මීට කලින් සම්මේලන වලදී පක්‍ෂය වෙනුවෙන් වැඩ කළත් නැතත් කාටත් එක සමාන සාමාජිකයන් පිරිසක් සම්මේලනයට ගේන්න ඉඩ ලැබුණා. බල මණ්ඩල පිහිටුවා නැති ශාඛා සමිති ලක්වනිතා හා යොවුන් පෙරමුණ හදපු නැති පක්‍ෂය වෙනුවෙන් කැපවී නැති අයටයි ඒ සියල්ල කරලා පක්‍ෂය වෙනුවෙන් කැපවෙන අයටයි එකම සංඛ්‍යාවක් ගේන්න ඉඩ දිය යුතුද කියල ඔබම හිතල බලන්න. එජාපයට ද්‍රෝහීකම් කරන මාධ්‍ය හරහා පක්‍ෂය පතුරු ගහන ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් කරන අයට සම්මේලනයට ඇවිත් ඒක කඩාකප්පල් කරන්න ආණ්ඩුවට වාසි කරන්න ඉඩ දිය යුතුද? ඒත් එකම ශාඛාවක් වත් හදපු නැති සංවිධායකයන්ටත් සාමාජිකයන් 20 ක් ගේන්න ඉඩ දෙනවා. ලබන පාර නම් එක් සාමාජිකයෙක් වත් ගේන්න ඉඩ නොදෙන්නත් සංවිධායකට පවා එන්න ඉඩ නොදෙන්න පක්‍ෂය තීන්දු කරලයි තියෙන්නේ. හොඳට වැඩ කරන සංවිධායකයන්ට සාමාජිකයන් 60 ක් ගේන්න ඉඩ ලැබෙනවා. වැඩ නොකරන අය පක්‍ෂයට බැණ බැණ ඉන්නවා. එයාලටයි පක්‍ෂය දිනවන්න වැඩ කරන අයටයි එකම හැන්දෙන් බෙදන්න ඇති අවශ්‍යතාව මොකද්ද? මේ හැමෝම අයිතිවාසිකම් කතා කරනවා. පක්‍ෂයෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන කතා කරනවා. ඒත් තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් ගැන කතා කරන්නෙ නෑ. ඒ නිසා සම්මේලනයට සාමාජිකයන් ගෙන ඒමට ගත් ක‍්‍රියා මාර්ගය ඉතා නිවැරදියි.     * ප‍්‍රශ්නය - එජාප සම්මේලනයේදී එජාපය එළි දක්වා ක‍්‍රියාත්මක කරන බව කියන ”රැඩිකල් ප‍්‍රකාශනය” කුමක්ද? ඔවැනි දේවල් සාමාන්‍යයෙන් කරන්නේ විප්ලවීය වාමාංශික පක්‍ෂ නේද? *පිළිතුර - මේක හරිහැටි තේරුම් ගැනීම වැදගත්. මේ ආණ්ඩුව යටතේ බඩගින්නේ සිටින රැකියා නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, නීතියේ ස්වාධීන බව අහිමි, ජනතා මුදල් සුරාකන, බලය හිතුමතයට පාවිච්චි කරන පිරිසකගේ පවුල් බලකාමයේ ගොදුරු බවට පත්වූ ලෝකය තුළ තනිවූ ජනතාව ඉන් බේරා ගැනීම එජාප රැඩිකල් ප‍්‍රකාශනයේ හරයයි. මෙය මේ රටේ අසරණ ජනතාව බේරා ගැනීමට කරන ආයෝජනයක්. පරිසරය, සමාජ සුබ සාධනය යටිතල ව්‍යාපාර ලෝකය, අධ්‍යාපනය, කෘෂිකර්මය ඇතුළු සමස්ත ක්‍ෂේත‍්‍රම වෙනුවෙන් මේ හරහා අපි විශාල මැදිහත්වීමක් ආයෝජනයක් කරනවා. ජනතාවට තිත්ත වෙලා තියෙන මේ ආණ්ඩුව ජනතාවට සහන නොදී 01% ක් ලොව සුපිරිතම ජීවිත ගත කරන පසුබිමක් තුළ 99% ක් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් බේරාගැනීම එජාපයේ අරමුණයි. රැඩිකල් ප‍්‍රකාශය යනු හැම ක්‍ෂේත‍්‍රයක්ම පුලූල්ව විග‍්‍රහ කරලා එජාප ආණ්ඩුවක් යටතේ ජනතාවට හා ඒ ඒ ක්‍ෂේත‍්‍ර වලට ලබාදෙන සහන දිරිගැන්වීම් හා සහාය එලිදක්වන ලියවිල්ලක්. එජාපය බලය ගත්විට 01% ක ජනතාව නොවෙයි සමස්ත ජනතාව ගැනයි බලන්නේ. මේ ආණ්ඩුව ලැම්බෝගිනි කාර් පදින කෝටිපතියන්ට සහන දුන්නාට එජාප ආණ්ඩුවකින් සහන දෙන්නේ දුගී දුප්පතුන් ප‍්‍රමුඛව රටේ සියලූ දෙනාටයි. යුද්ධය නිමවූ බව ආණ්ඩුව කිව්වත් ජනතාවට ලැබුණු සැනසිල්ල මොකක්ද? සෞභාග්‍යය කෝ? කොටි ත‍්‍රස්තවාදය වෙනුවට රාජ්‍ය ත‍්‍රස්තවාදය ඇවිත්. පඩි වැඩි කළාද, රැකියා දුන්නද, බඩු මිල අඩුකළාද, සුදු වෑන් පැහැර ගැනීම නතර කළාද, මිනීමැරූම් අඩු වුණාද, මානව හිමිකම් කැඞීම නතර වුණාද, ආණ්ඩුවේ හොර මැරකම් අඩුවුණාද? ආණ්ඩුව කරන රැවටිල්ලේ නිමාවක් තිබේද? අද නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ දුප්පතාට විතරයි. අනිත් අයට වෙනමම නීතියක් ක‍්‍රියාත්මක වෙන්නේ. මේවාට තවත් ඉඩ දෙනවාද නැත්නම් සැනසිල්ල ලබා ගන්නවාද කියලයි රැඩිකල් ප‍්‍රකාශනය තුළින් එජාපය ජනතාවගෙන් අහන්නේ.     * ප‍්‍රශ්නය - ළඟදී එළිදුටු අයවැය තුළින් ජනතාවට රටට ලැබුණු දේවල් නැති බව එජාප විග‍්‍රහය වුවත් ඊට එරෙහිව තර්ක ආණ්ඩුව පැත්තෙන් එළිදකිනවා. ඊට අදාළවත් අද රට ජාතික හා ජාත්‍යන්තර ලෙස පත්ව ඇති සමාජ ආර්ථික දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සදාචාරාත්මක ගැටලූ පිළිබඳව ඔබගේ මතය කෙබඳුද? *පිළිතුර - මේ ආණ්ඩුව රටට කරපු දෙයක් නෑ. වීරෝදාර රණවිරුවන් ජීවිත ඇස්කන් මස් ලේ අත්පා පුදලා ත‍්‍රස්තවාදය නැති කළාම ආණ්ඩුව ඒකෙන් තමයි හැමදාම ජීවත් වෙන්න හදන්නේ. ඒ බොරුව දැන් ජනතාවට තේරිලා. යුද්ධය දිනපු ගමන් ජනාධිපති හා ආණ්ඩුව කිව්වේ ත‍්‍රස්තවාදය නැති කළා වගේ රටේ ආර්ථිකයත් හදන්න ජනතාවට සහන සලසන්න අවස්ථාව දෙන්න කියලයි. ජනතාව ඒක අහලා ඔවුන්ට යළිත් බලය දුන්නා. දැන් යුද්ධය නැතුවත් ආර්ථිකය හදන්න ජනතාවට සහන දෙන්න මේ ආණ්ඩුව අසමත්වී තිබෙනවා. යුද්ධ කාලෙටත් වඩා අද බඩුමිල ඉහළ ගියේ ජනතාවට එදාටත් වඩා අද අමාරු ආණ්ඩුවේ බැරිකම හා නාස්තිය දුෂණය නිසයි. ඒත් රටේ ආර්ථිකය හදන්න ජනතාවගේ අතමිට සරුකරන්න රැකියා සුලබ කරන්න යෝධ සංවර්ධනය දියත් කළ හැකි එකම පක්‍ෂය එජාපය බව ඔප්පු කරලා තියෙනවා. යුද්ධය ඉවරවූ ගමන් මම ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වේ ආණ්ඩුවට දැන් අශෝක රජු ගිය පාරේ හෝ රොබට් මුගාබේ ගිය පාරේ යා හැකි බවයි. ආණ්ඩුව යන්නේ රටත් ජනතාවත් අද නන්නත්තාරවී ඉන්න සිම්බාබ්වේහි රොබට් මුගාබේ ගිය පාරෙයි. ඒක රටේ ජනතාවගේ කරුමයයි. ජන බලය මේ ආණ්ඩුව මුලින්ම පාවිච්චි කළේ ජනතාවට සහන දෙන්න නොවෙයි. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කප්පාදු කරන්න 17 වැනි සංශෝධනය අහෝසි කරලා ඒකාධිපති 18 ගෙන ඒමටයි. අධිකරණය, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළු ස්වාධීන ආයතන ඔක්කෝම ජනාධිපති යටතට පවරා ගත්තා. ඒ තැන් දැන් ජනතාව වෙනුවෙන් නෙවෙයි විධායකයේ අවශ්‍යතාව සපුරන රබර් සීල් බවට පත්වෙලා. ඊට පසු මර්දනය දියත් කළා. ඒ මර්දනය අද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිහින් බවට මම වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. මේ ආණ්ඩුවට ජනතාව සීමාව ඉක්මවූ බලයක් ලබාදීම මේවාට ප‍්‍රධාන හේතුවක්. ඒත් 2/3 ක බලයක් ජනතාව දුන්නෙ නෑ. සල්ලි, තනතුරු දීලයි එජාප මන්ත‍්‍රීවරු බිලිබාගෙන 2/3 හදාගෙන මේ පහත් වැඩ අද කරන්නේ. දැන් ලැප්ටොප් ජනමාධ්‍ය කලාවක් රටේ තියෙන්නේ. ජනතාව මේවා තේරුම් අරන් ඉන්නේ. මේ අයවැය ගැනත් කතා කරලා වැඩක් නෑ. මේ අයවැය දුප්පතාට බදුබර පටවලා කෝටිපති පුතුන්ට ලැම්බෝගිනි රේසිං කාර් පදින්න සහන දීපු අයවැයක්. රාජ්‍ය සේවකයාට දිනකට රු. 25 ක් දීලා ජනාධිපති දිනකට රු. ලක්‍ෂ 200 ක් වෙන්කර ගෙන තියෙනවා. හිතවතුන්ට ඥාතීන්ට සහන. ජනතාවට බර. ඒ නිසා මේ ආණ්ඩුව අන්තිම ලැප් එක මේ දුවන්නේ.

සංවාද මෙහෙවර අශෝක ජයතුංග

 

එජාප උප සභාපති ලක්‍ෂමන් කිරිඇල්ල



අදහස් (0)

ආණ්ඩුව යන්නේ මුගාබේ ගිය පාරේ

මුතු Thursday, 29 November 2012 07:06 PM

කුමාරි ඔයා කටද මෝඩයා කිවුවේ ? (ස)

:       0       0

අජිත් Friday, 30 November 2012 09:28 AM

ආ...........මේ ඕනම කෙනානේ (ස)

:       0       0

උපාලි Thursday, 29 November 2012 08:32 AM

ලබන පාර නන්නත්තාරයි (ස)

:       0       0

කුමාරි Thursday, 29 November 2012 09:31 AM

ඕන මෝඩයෙකුට මේ වගේ කතා කියන්න පුලුවන්ද ? (ස)

:       0       0

ප්‍රසන්න Friday, 30 November 2012 04:57 PM

මොකද්ද මේ වෙන්නේ අපිට (දී)

:       0       0

සදුනි Monday, 26 November 2012 08:30 PM

කොහොම උනත් හොදක් වෙනවානම් එපමණයි නේද (දී)

:       0       0

රසික Monday, 26 November 2012 08:34 PM

මට නම් තේරෙන්නේ නැහැ

:       0       0

කුමාර Monday, 26 November 2012 03:39 PM

ජනතාවට හොදයිනම් අපිට මොකද (දී)

:       0       0

අජිත් Saturday, 01 December 2012 09:37 AM

දේශපාලනය කියන්නේ මොඉකද්ද කියලා දන්නවාද

:       0       0

අචිනි Monday, 26 November 2012 05:01 PM

ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළ හැකි ශක්තිමත් විපක්ෂයක් අපේ රටේ තිබේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 52 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 58 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 169 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 330 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 368 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 105 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site