IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

ආණ්ඩුව අද ජනතා සිහින කොල්ලකනවා

එළඹෙන සිංහල-:දෙමළ අලූත් අවුරුද්ද ජනතාවට කෙසේද? ජිනීවා අර්බුදයේ ප‍්‍රතිඵල කවරාකාරද? ඇතුලූ කාලීන දේශපාලනය ගැන අප හා සංවාදයකට එක්වූ එජාප ප‍්‍රබලයකුවූ ගයන්ත කරුණාතිලකගේ මතවාදයි මේ. ප‍්‍රශ්නය:- බලය පිටුපස හඹාගොස් එය ලබා ගැනීමත් ජනතාව තුළ ආණ්ඩු විරෝධය පතුරවා බලය ලබා ගැනීම විපක්ෂයක වගකීම වුවත් මේ විපක්ෂය ඇතුලේ මරා ගන්නවා මිසක වසර 17 කදී බලය ලබා ගන්නට කි‍්‍රයා නොකළේ ඇයි? පිළිතුර:- එජාපය වසර 17 ක් විපක්ෂයේ ඉඳලා නෑ. ජනාධිපති බලය නැතිව හෝ 2001 දී එජාපය ආණ්ඩු බලය ගත්තා. වසර 12 ට වරක් එජාපය බලය ලබා ගන්නවාමයි. ඒ චක‍්‍රය අනුව යළිත් එජාපයට බලය ලැබීම අත ළඟයි. හැමදාම එජාපය බලයට පත්වෙලා ආර්ථිකය හදලා රට සංවර්ධනයට යොමු කරලා ගියාම ශ්‍රීලනිප ප‍්‍රමුඛ අවස්ථාවාදීව බලය ලබා ගැනීමට අටවාගත් දැක්මක් නැති ජනතාව ඇන්දීම එකම උපාය කරගත් අය බලය ලබාගෙන රට විනාශ කරනවා. හාල් සේරු 02ක් හඳෙන් ගෙනත් දෙනවා කියලා බලය අරන් සතියකට දින 02ක් බත් කෑම පවා මොවුන් තහනම් කළා. පාන් 3.50ට දෙනවා කියලා බලය ගත්තා. අද පාන් මිල රු. 55 යි. විධායක ජනපතිකම අහෝසි කරන්න බලය ගත්තු අය මැරෙනතුරු ඒකෙ ඉන්න හිතන් ව්‍යවස්ථා වෙනස් කළා. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවර දෙනවා කියලා අද ඒකට යක්ෂ මුහුණක් හයි කරලා තියෙනවා. මේ අය නූපන් දරුවාට පවා බොරු කියලා ගැබිනි මව්වරුන්ට පෝෂණ මලූ දෙනවා කියලයි බලය ගත්තේ. එජාපය 2001 දී බලයට එනකොට කොටි රට වෙලාගෙන තිබුණා. ඍණ 1.6% ක ආර්ථික ප‍්‍රපාතයකට වැටිලා ආණ්ඩුවට පඩි ගෙවාගන්නත් බැරි තත්ත්වයක් තිබුණේ. ලෝකයෙන් සතයක ආධාර නැතිව නන්නත්තාර වෙලා හිටියේ. අපි අර පරිස්සමින් කි‍්‍රයා කරලා 07%ට ආර්ථිකය නැංවුවා. කොටි සංවිධානය සටන් විරාමයකට කොටු කරලා සුක්ෂමව කරුණා කඩලා සන්නද්ධ අංශය අපි විනාශ කළා. තවත් කොටි නායකයන් 09 ක් එක්ක එජාපය කතා කරමින් යුද්ධයෙන් තොරව කොටි විනාශ කිරීමේ කි‍්‍රයාවලියකයි හිටියේ. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර දැලකින් කොටු කළා. රනිල් කපටි නරියා බව ප‍්‍රභාකරන් කීවේ ඒකයි. අපි ඇමෙරිකාවෙන් යුද නැවකුත් ගත්තා. යුද්ධයට අවශ්‍ය පසුබිමත් ඊට අවශ්‍ය ශක්තිමත් ආර්ථිකයත් හදලා දුන්නේ එජාපයයි. යුද හමුදාවේ 50 සංවත්සර සමරු කලාපවල එජාපය කළ කී දේ සටහන් නොකර බැරි වුණෙත් ඒකයි. ඒත් බලයට කෑදර පිරිස් සන්ධාන ගහලා එජාප ආණ්ඩුව විසුරුවා හැරියා. බොරු පොරොන්දුවලට ජනතාව රැවටුණා. අද ඔවුන් භුක්ති විඳින්නේ ඒ රැවටීමේ ඵල විපාකයි.   ප‍්‍රශ්නය:- ජනතාව අද ජීවන බරින් මිරිකී රට ආර්ථික ලෙසත් ජාත්‍යන්තරවත් නන්නත්තාරවී ඇති බව පොදු මතයයි. ඒත් ආණ්ඩුව ත‍්‍රස්තවාදය නැති කළා නේද? පිළිතුර:- යුද්ධයෙන් ජය ලැබීම රිලේ එකක් වගෙයි. සියලූ ආණ්ඩු ඒ සඳහා විවිධ දේ කළා. අන්තිම ලැප් එක දිව්වේ රාජපක්ෂ ආණ්ඩුවයි. ඒකේ ගෞරවය අපි රාජපක්ෂ ආණ්ඩුවට දෙනවා මෙන් අනිත් ආණ්ඩු වලටත් හිමි ගෞරවය ලබාදීම ඔවුන්ගේ වගකීමයි. ඒ වගේම ජීවිත අත්පා දෑස් පුදකළ ෆොන්සේකා ඇතුළු රණවිරුවන් නැත්නම් මේ සටන දේශපාලකයන්ට විතරක් දිනන්න පුළුවන්ද? මේ රටේ ජනතාව යුද්ධයට පටි තද කරගත්තා. අනික ඉන්දියාව, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුලූ ලෝක සහායත් යුද්ධයට ලැබුණා. යුද්ධය දිනුවේ මේ ආණ්ඩුව තනියම නෙවෙයි. සාකච්ඡාවලින් බැරිනම් ත‍්‍රස්තවාදයට යුද විසඳුමක් හා දෙමළ ජනතාවට විසඳුමක් දීම එජාප ස්ථාවරයයි. යුද්ධය නිම කළත් ජාතික ගැටලූව නිම නැත්තේ විසඳුමක් නැතිකම නිසයි. ආණ්ඩුවට ඒ ගැන මතයක් නැති නිසාත් ඔවුන් 2005 සිට කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුතුත් නිසා අද ලෝකයම ලංකාවට විරුද්ධයි. ඒ ආදීනව ජනතාව පිට පැටවීමයි ආණ්ඩුවේ බංකොළොත්කම වෙන්නේ.   ප‍්‍රශ්නය:- 2009 දී යුද්ධය නිමවූ විගස ලංකාවට එරෙහිව ජිනීවාහිදී යෝජනාවක් එන්න හදන විට ලංකාව ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තා. ඒත් 2012 දී ලංකාව ජිනීවාහිදී පරාජයවීම හා ඉන් රටට ජනතාවට අත්විය හැකි ප‍්‍රතිවිපාක මොනවාද? පිළිතුර:- 2009 දී ආණ්ඩුව ජිනීවාහිදී දුන් පොරොන්දු ඉටු නොකිරීම හා ඔවුන්වත් මෝඩයාට අන්දන්න හැදුවාද කියන විශ්වාසය පළුදුවීම තුළයි ආණ්ඩුව මෙවර පරාජය වුණේ. ජිනීවාවල ලංකාවට ලොකු ප‍්‍රශ්නයක් නෑ. මේ ආණ්ඩුව එළිදැක්වූ උගත් පාඩම් නිර්දේශ කි‍්‍රයාත්මක කරන්නයි කියන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍ය, ස්වාධීන කොමිෂන් ඇති කරලා සුදු වෑන් භීෂණය නවත්තලා නිදහස ඇති කිරීම ආණ්ඩුවේ වගකීමයි. එජාපය රටේ ස්වාධීන බවට පිටරට කාටවත් අභියෝග කරන්න ඉඩ නොදුන්නත් රට තුළ යහ පාලනය වෙනුවෙන් අපි  ඕනෑම කැපවීමක් කරනවා. මේ රටට නිදහස ලබාදීලා අධිරාජ්‍යවාදීන් පිටමං කළේ එජාපයයි. අද මේ රටට විදේශවලට අත පෙවීමට ඉඩ හදා දීල තියෙන්නේ මේ ආණ්ඩුවේ අදුර දර්ශීකමයි. මේවා රාජ්‍ය තාන්ති‍්‍රකව විසඳනවා මිසක් ගමේ බෝක්කු උඩ ඉඳන් කෑගහලා ජිනීවා ගැන නොදන්නා ජනතාව අන්දලා පාරට බස්සලා උත්තර සොයන්න බැරි බව අපි ආණ්ඩුවට කිව්වා. ඇමැතිවරුන්ගේ විකට රංගන හා විකට කතාවලින් මේවා විසඳන්න බෑ. ආණ්ඩුව ලෝකය විතරක් නෙවෙයි අල්ලපු ඉන්දියාවත් නැති කරගත්තා. ඒක මවුපියන් අහිමි කරගත් අවාසියක්. මොකද 77 දී ජේ.ආර්. මැතිතුමා බටහිර දෙසට ගිය නිසා ඉන්දියාව ත‍්‍රස්තවාදය පෝෂණය කළා. ඒත් එදා අපට ඇමෙරිකාව හා බටහිර රටවල් සහායට හිටියා. අද ලංකාවට ඉන්දියාවයි ඇමරිකාවයි බටහිරයි කවුරුවත් නෑ. හිඟන කඳවුරේ රටවල් අපට ඉතිරි වෙලා ඉන්නේ. ලංකාවේ අපනයනවලින් 65%ක් යන්නේ ඇමෙරිකාව හා බටහිරට බව අපි මතක තියාගන්න  ඕනෑ. ලංකාවේ මිනිසුන්ට ජිනීවා පෙන්නලා අන්දලා බඩගිනි ප‍්‍රශ්න හා රටේ උග‍්‍ර ප‍්‍රශ්න යට ගහලා ව්‍යාජ දේශපේ‍්‍රමයෙන් නාවලා ගන්නවා වගේ ඉන්දියාව ඇමෙරිකාව අන්ඳන්න බෑ. ඉන්දියාවට 13+ විසඳුමක් දෙනවා කියලා පස්සෙ ඒක ප‍්‍රතික්ෂේප කළාම මේ වගේ ගැටලූ ඇති වෙනවා.   ප‍්‍රශ්නය:- ඔබ කියන අන්දමට මේ ආණ්ඩුවට දැන් ඉන්දියාවත් ඇමෙරිකාව යුරෝපා රටවල් නැති වුණත් එය දේශපාලනික හා ආර්ථික ලෙස අවාසි වුණත් ජිනීවා යෝජනාවට කලින් මෙන්ම එය පැරැදුණු පසුවත් මේ රටේ ජනතාව ආණ්ඩුව එක්ක ඉන්නවා. එය ප‍්‍රමාණවත් නැද්ද? පිළිතුර:- ජිනීවා යෝජනාවෙන් රටට ජනතාවට ආර්ථික ඇතුළු වෙනත් හානි සිදුවිය හැකි වුණත් ඒ යෝජනාව මේ ආණ්ඩුවට වෙස්වළාගත් ආශිර්වාදයක් බවට ආණ්ඩුව පත් කරගෙන තියෙන්නෙත් ජනතාව අන්දලායි. ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කළාම ජනතාව ආණ්ඩුවට එරෙහිව වීදි බැස්සාම ආණ්ඩුව බය වුණා. ජිනීවා ප‍්‍රශ්නය ආවාම ආණ්ඩුව කළේ ඒක පෙන්නලා ජනතාව මෝඩයා කරලා පාරට දැමීමයි. ජිනීවා කියන්නෙ මොකද්ද කියලවත් අන්දලා පාරට දාපු ජනතාවගෙන් 99%ක් දන්නෙ නෑ. ඒත් ජිනීවා යෝජනාව පැරදුණු පසුවත් ආණ්ඩුව ජනතාව පාරට දැම්මා. අපි මේ තරම් මෝඩවෙලා ආණ්ඩුවේ ලණු කන්නේ දැයි කියලා ජනතාව දැන් හිතනවා. ඒ නිසා දැන් බොහෝ අය පාරට බහින්නේ රටට ආදරේට මිසක් ආණ්ඩුවට අදරේ නිසා නෙවෙයි. ආණ්ඩුව වරද්දා ගන්නේ එතැනදීයි. මොකද රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් ප‍්‍රශ්න ආවොත් එජාපයත් ඊට විරුද්ධයි. ආණ්ඩුව ජිනීවා පෙන්නලා බොරු දේශපේ‍්‍රමයෙන් ජනතාව අන්දමින් ආණ්ඩුව ජනතාව ජීවන බරින් හා බදුවලින් ගසාකෑම ගැන ජනතාවට ආණ්ඩුව තිත්තවෙලා ඉන්නේ.   ප‍්‍රශ්නය:- යුද්ධය නිමවූ විගස ජනතාවට සහන දෙන බව කිව්වත් ආණ්ඩුව එය කළේ නැහැ. විශාල මුදලකින් ඉන්ධන මිල ඉහළ දමා ජනතාව කබලෙන් ලිපට දැමූ ආණ්ඩුව විදුලි, ජල බිල්, බස් හා පාසල් වෑන් ගාස්තු වැඩිකර එහි රස්නය යන්නටත් පෙර රුපියල බාල්දු කළා. ඒ නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත දුප්පත් මිනිසා පාවිච්චි කරන කුඩා කාර්, තී‍්‍රවීල්, මෝටර් සයිකල් මිල විශාල ලෙස ඉහළ දමා ගෑස්, කිරිපිටි, පාන්පිටි දුම්රිය ගාස්තු මෙන්ම යළිත් ඉන්ධන මිල ඉහළ දැමීම හා සිංහල අලූත් අවුරුද්ද ගැන ඔබ මොකද කියන්නේ. පිළිතුර:- මේ ආණ්ඩුව තරම් පුංචි මිනිසා තලන සූරාකන ගොනාට අන්දන පුංචි මිනිහාගේ සිහින විනාශ කරන ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිල නෑ. මේ සිංහල දෙමළ අලූත් අවුරුද්ද ධනවතුන්ට හා ආණ්ඩුවේ වරප‍්‍රසාද ලබන 10%ක සුළුතරයට අවුරුදු කාලා අනිත් අය හාමතේ මැරෙන්න නැත්නම් පස් කන්න කියලයි ආණ්ඩුව කියන්නේ. රටයි ජනතාවයි උගස් කරලා මූල්‍ය අරමුදලෙන් ණය ගන්න ආණ්ඩුව දිගටම මේ රටේ පුංචි මිනිහා දඬු කඳේ ගහනවා. නැත්නම් උත්සව සමය අත ළඟ තිබියදී මේ තරම් ජීවන බරින් මිරිකෙන ජනතාව තලාවිද?  ඕනෑම දුප්පත් ගෙදරක අවුරුද්ද සමරනවා. ඒකත් නවත්තන්නයි ආණ්ඩුව හදන්නේ. ඒ මදිවාට රු. 2500 කින් එනම් දිනකට රු. 83කින් තුන්වේලක් කාලා ඉන්න පුළුවන් බව ආණ්ඩුවේ ඇමැතිවරු කියන්නේ මේ රටේ ජනතාව බත් නෙවෙයි තණකොළ කන අය බව හිතලයි. ඒ මුදලින් පුන්නක්කුවත් කන්න බෑ. ජනතාව ඒ තරමටම මෝඩයා කරලා අනාථ කරන පසුබිමක සියලූ ජනමාධ්‍යවලට විශාල ජාතික වගකීමක් තිබෙනවා. මාධ්‍ය දැන් ආණ්ඩුවට කඬේ ගියා ඇති. අනාගත පරපුරේ නාමයෙන් ජනතාව හා රටේ අනාගතය ගැන හිතලා ලංකාව තිබෙන ගිනි කන්දේ ඇත්ත තත්ත්වය ජනතාවට කියන්න. විපක්ෂය එළි කරන දේවල්වලින් 75%ක් ජනතාවට යන්නෙ නෑ. ආණ්ඩුව මේ තරම් ජනතාව තලා පෙළන්නේ ඒකයි. රටේ ප‍්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුම් නැති බව පැහැදිලි නිසා මාධ්‍ය කෙළින් ඉඳලා සිය ජාතික මෙහෙවර ඉටුකරන්න කියලයි අපි කියන්නේ. මොකද රු. 04 තිබූ ගිනි පෙට්ටියක් දැන් රු. 09යි. මේ ආණ්ඩුව රුපියල විතරක් නෙවෙයි රටයි ජනතාවයි ඔක්කොම බාල්දුකළා. දැයට කිරුළට නිරපරාදේ රු. දශ ලක්ෂ 21,000ක් වෙන්කළ ආණ්ඩුව ශ්‍රී ලංකන් දශ ලක්ෂ 22,000ක්, මිහින් එයාර් දශ ලක්ෂ 13,000ක් පාඩු ලබන ආණ්ඩුව අහිංසක මිනිස්සු අමාරුවෙන් හම්බ කරගත් දේ බදු ගහලා කොල්ල කාලා ඒක පෙන්නලා මූල්‍ය අරමුදලෙන් ණය ගන්නවා. එජාපය රට භාරදෙන කොට ඒක පුද්ගල ණය බර රු. 80,000යි. අද ඒක දෙලක්ෂ පනස් දාහට නැගලා. 8%ක වර්ධනයක් හා ඒක පුද්ගල ආදායම ඩොලර් 2700ට නැගලලූ. ඒවා ජනතාවට නොදැනෙන්නෙ ඇයි? කුඩා කාර්, මෝටර් සයිකල් මිල වැඩි කළේ ඉන්දියාවට දන්නන්නලූ. ඒත් ඒක දැනුණේ මේ ආණ්ඩුවට ඡන්දය දුන් පුංචි මිනිහාටයි. ඒ මිනිස්සුන්ගේ සිහිනයි ආණ්ඩුව මේ කොල්ල කන්නේ. ශ්‍රීලනිප ප‍්‍රමුඛ ආණ්ඩු රටත් ජනතාවත් ආර්ථික ලෙස හා දේශපාලන වශයෙන් මෙන්ම ලෝකය තුළ නන්නත්තාරවූ හැම විටම බේරා ගත්තේ එජාපයයි. හැකි ඉක්මනින් මෙවරත් අපි ඒක කරනවා. ජනතා සහාය අපි අපේක්ෂා කරනවා. ඔබ ඔබට හා දරුවන්ගේ අනාගතයට ආදරේ නම් දැන් රැවටුණා ඇති බව හිතට ගන්න. ජිනීවා පෙන්නලා ජනතාව ඇන්දු ආණ්ඩුව වාහන, මෝටර් සයිකල් බදු වැඩි කරලා පාරවල්වල ඉඩ මදි නිසා ඒක කළ බව කියනවා. ජනතාවගේ බුද්ධිය ඒ තරමට ඔවුන් හෑල්ලූ කරනවා. උගත් පාඩම් එක කි‍්‍රයාත්මක කරලා රටේ යහ පාලනය ඇති කරන්න කීවාම විදුලි පුටුව, යුද අධිකරණ වැනි අදාළ නැති ලෝක බොරු මේ ආණ්ඩුව කියන්නේ. ජනතාව බොරුවෙන් අන්දපු කාලය දැන් ඉවරයි. ආණ්ඩුවේ බමරය වැල්ලේත් කරකැවුණු කාලය දැන් ඉවරයි.   ප‍්‍රශ්නය:- ජනතාවට ජීවන බර විරැකියාව ආදී පැත්තෙන් සහන නැත්නම් රට ආර්ථික හා ජාත්‍යන්තරවත් අනාථවී ඇත්නම් ජනතාව සොයන විකල්පය වන්නට එජාපය සූදානම්ද? රටේ බලය ලබා ගැනීමට වඩා පක්ෂයේ බලය වෙනුවෙනුයි එජාපය ඇතුළේ මරාගන්නේ. ආණ්ඩු බලය ලබා ගැනීමට වඩා පක්ෂයේ නායකයන් රට ඉදිරියේ ”මයික්” එක ලබා ගැනීමටයි අරගල කරන්නේ. විකල්ප එජාපයක් නැතත් ”ස” සංසද පිහිටවීමට ඇතමුන් උත්සාහ කිරීම ගැනත් ඔබ මොකද කියන්නේ. පිළිතුර:- එජාපයේ සුළු මතභේද හා මත ගැටුම් පහුගිය කාලේ නොතිබුණා නෙවෙයි. ස්වාධීන නිලවරණයකින් නායකයෙක්, නියෝජ්‍ය නායකයෙක් ඇතුළු තනතුරු අපි ඇති කරගත්තා. දැන් මතභේදවලට ඉඩක් නෑ. නායකයා, නියෝජ්‍ය නායකයා ඇතුළේ සියලූ දෙනා ඉක්මණින් එක මතයට ඇවිත් ආණ්ඩුව දිනවීමයි අවශ්‍ය වන්නේ. දෙතුන් දෙනෙක් යම් සුළු කරුණු නිසා එජාපයේ අර්බුද තිබෙන බව රටට පෙන්වන්න හැදුවත් ඉක්මනින් ඒ සියල්ල අවසන් කරලා ජයග‍්‍රාහී පක්ෂයක් බවටත් විකල්ප ආණ්ඩු බලය හිමි පක්ෂය ලෙසටත් ඉතා ඉක්මණින් පරිවර්තනය වෙන්න අපට පුළුවන් වේවි. මොකද මේ ආණ්ඩුව ජනතාවට ඒ තරමට තිත්ත වෙලා තියෙන්නේ.

එජාප මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග

අදහස් (0)

ආණ්ඩුව අද ජනතා සිහින කොල්ලකනවා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 63 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 229 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු

ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 173 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 223 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස

සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 231 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර

නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 772 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site